උත්තියත්ථෙරගාථාවණ්ණනා අට්ඨකථා
උත්තියත්ථෙරගාථාවණ්ණනා
උත්තිය ස්ථවිරගාථා වර්ණනාව
ආබාධෙ මෙ සමුප්පන්නෙති ආයස්මතො උත්තියත්ථෙරස්ස ගාථා. කා උප්පත්ති? සො කිර පුරිමබුද්ධෙසු කතාධිකාරො තත්ථ තත්ථ විවට්ටූපනිස්සයං පුඤ්ඤං උපචිනන්තො ඉතො චතුනවුතෙ කප්පෙ සිද්ධත්ථස්ස භගවතො කාලෙ චන්දභාගාය නදියා මහාරූපො සුසුමාරො හුත්වා නිබ්බත්තො. සො පාරං ගන්තුං නදියා තීරං උපගතං භගවන්තං දිස්වා පසන්නචිත්තො පාරං නෙතුකාමො තීරසමීපෙ නිපජ්ජි. භගවා තස්ස අනුකම්පාය පිට්ඨියං පාදෙ ඨපෙසි. සො හට්ඨො උදග්ගො පීතිවෙගෙන දිගුණුස්සාහො හුත්වා සොතං ඡින්දන්තො සීඝෙන ජවෙන භගවන්තං පරතීරං නෙසි. භගවා තස්ස චිත්තප්පසාදං ඔලොකෙත්වා “අයං ඉතො චුතො දෙවලොකෙ නිබ්බත්තිත්වා තතො පට්ඨාය සුගතීසුයෙව සංසරන්තො ඉතො චතුනවුතෙ කප්පෙ අමතං පාපුණිස්සතී”ති බ්යාකරිත්වා පක්කාමි.
“ආබාධෙ මෙ සමුප්පන්නෙ” යනු ආයුෂ්මත් උත්තිය තෙරුන් වහන්සේ පැවසූ ගාථාවයි. එහි උපත කෙසේ සිදුවීද? උන්වහන්සේ ද පෙර බුදුවරුන් හමුවේ කළ ප්‍රාර්ථනා ඇතිව, නිවන් සුවය පතාගෙන බොහෝ පින්දහම් සිදුකරමින් සසර සැරිසරන කල්හි, මීට කල්ප අනූ හතරකට පෙර සිද්ධත්ථ භාග්‍යවතුන් වහන්සේ ලොව පහළ වූ සමයේ චන්දභාග නම් නදියෙහි වූ මහත් වූ ගැඹුරු තැනක කිඹුලෙක් වී උපන්හ. එම කිඹුලා දිනක් පරතෙරට යනු කැමතිව නදී තෙරට වැඩම කළ බුදුරජාණන් වහන්සේ දැක, උන්වහන්සේ එතෙර කරනු කැමතිව ඉවුරට පැමිණියේය. භාග්‍යවතුන් වහන්සේ ඔහුට අනුකම්පා පිණිස පිටෙහි පා තැබූ සේක. එකෙණෙහිම සතුටු සිතැති කිඹුලා, ඔද වැඩී ගිය ප්‍රීති වේගයෙන් උත්සාහය දෙගුණ කරගෙන සැඩපහර සිඳිමින් වහාම භාග්‍යවතුන් වහන්සේ පරතෙරට පැමිණවීය. භාග්‍යවතුන් වහන්සේ කිඹුලාගේ සිත පැහැදුණු බව දුටුසේක් “මෙතෙම මේ අත්බවින් චුතව දෙව්ලොව උපදින්නේ ය. එතැන් පටන් කාම සුගතීන්හිම උපදින්නේ ය. මෙයින් කල්ප අනූ හතරකට පසුව නිර්වාණාවබෝධය ලබන්නේ ය” යනුවෙන් වදාරා වැඩි සේක.
සො තථා සුගතීසුයෙව පරිබ්භමන්තො ඉමස්මිං බුද්ධුප්පාදෙ සාවත්ථියං අඤ්ඤතරස්ස බ්රාහ්මණස්ස පුත්තො හුත්වා නිබ්බත්ති උත්තියො නාම නාමෙන. සො වයප්පත්තො “අමතං පරියෙසිස්සාමී”ති පරිබ්බාජකො හුත්වා විචරන්තො එකදිවසං භගවන්තං උපසඞ්කමිත්වා ධම්මං සුත්වා සාසනෙ පබ්බජිත්වාපි සීලාදීනං අවිසොධිතත්තා විසෙසං නිබ්බත්තෙතුං අසක්කොන්තො අඤ්ඤෙ භික්ඛූ විසෙසං නිබ්බත්තෙත්වා අඤ්ඤං බ්යාකරොන්තෙ දිස්වා සත්ථාරං උපසඞ්කමිත්වා සඞ්ඛෙපෙනෙව ඔවාදං යාචි. සත්ථාපි තස්ස “තස්මාතිහ ත්වං, උත්තිය, ආදිමෙව විසොධෙහී”තිආදිනා (සං· නි· 5.369) සඞ්ඛෙපෙනෙව ඔවාදං අදාසි. සො තස්ස ඔවාදෙ ඨත්වා විපස්සනං ආරභි. තස්ස ආරද්ධවිපස්සනස්ස ආබාධො උප්පජ්ජි. උප්පන්නෙ පන ආබාධෙ සඤ්ජාතසංවෙගො වීරියාරම්භවත්ථුං කත්වා විපස්සනාය කම්මං කරොන්තො විපස්සනං උස්සුක්කාපෙත්වා අරහත්තං පාපුණි. තෙන වුත්තං අපදානෙ (අප· ථෙර 1.3.169-179) –
එකී ලෙසම ඒ කිඹුලා කාම සුගතීන්හි ම සැරිසරා, අපගේ ශාස්තෲන් වහන්සේ ලොව පහළ වූ කල්හි, සැවැත් නුවර එක්තරා බ්‍රාහ්මණයෙකුගේ පුත්‍රව “උත්තිය” නමින් ඉපදුණි. එම බමුණා වැඩිවියට පැමිණ “නිවණ සොයන්නෙමි”යි පිරිවැජියෙක්ව එහෙ මෙහෙ සැරිසරන විට භාග්‍යවතුන් වහන්සේ දුටුවේය. දැක ළඟට පැමිණ ධර්ම ශ්‍රවණය කොට, ලබන ලද ශ්‍රද්ධා ඇතිව සසුනෙහි පැවිදි විය. පැවිදි වුවත් ශීලාධියෙන් අපිරිසිදු වූ නිසා ආර්ය ගුණ විශේෂයක් උපදවා ගත නොහැකි විය. වෙනත් භික්ෂුවක් ආර්ය ගුණ විශේෂ උපදවාගෙන රහත්බව ප්‍රකට කරනු දුටු උත්තිය තෙරුන් වහන්සේ, ශාස්තෲන් වහන්සේ වෙත එළඹ ඉතා සංක්ෂිප්ත මාර්ගයේ මුල් පියවර වූ සීලයම පිරිසිදු කරව”යි යනාදී ලෙස සංක්ෂිප්තව අවවාද කළ සේක. ඒ අනුව විදසුන් වැඩීම ඇරඹූ උත්තිය හිමියන්ගේ ශරීරයේ ආබාධයක් ඇති විය. එම ආබාධය උපන් කල්හි වඩාත් කළකිරුණු සිත් ඇතිව වඩ වඩාත් වෙර වඩා විදර්ශනා භාවනාවට සිත් යොමුකළ උන්වහන්සේ රහත් ඵලය සාක්ෂාත් කරගත්හ. මෙය අපදාන පාළියේ මෙ ලෙසින් විස්තර වේ. (අපදාන පාළි I, උත්තරිය ථෙරාපදානං)
“චන්දභාගානදීතීරෙ, සුසුමාරො අහං තදා; සගොචරපසුතොහං, නදිතිත්ථං අගච්ඡහං.
“එකල මම චන්ද්රභාගා නදී තීරයේ කිඹුලෙක්ව උපන්නෙමි. ගොදුරු සෙවීමෙහි යෙදුණු මම නදී තොටට පැමිණියෙමි.
“සිද්ධත්ථො තම්හි සමයෙ, සයම්භූ අග්ගපුග්ගලො; නදිං තරිතුකාමො සො, නදිතිත්ථං උපාගමි.
එවිට තමන් වහන්සේම ලොව සියල්ල අවබෝධ කරගත්, අග්‍ර පුද්ගල වූ ඒ සිද්ධත්ථ බුදුරජාණන් වහන්සේ, ගඟ තරණය කරනු කැමතිව නදී තොටට පැමිණි සේක.
“උපගතෙ ච සම්බුද්ධෙ, අහම්පි තත්ථුපාගමිං; උපගන්ත්වාන සම්බුද්ධං, ඉමං වාචං උදීරයිං.
එකල්හි මම ද එතැනට ගියෙමි. ගොස් උන්වහන්සේට මෙසේ සැලකළෙමි.
“අභිරූහ මහාවීර, තාරෙස්සාමි අහං තුවං; පෙත්තිකං විසයං මය්හං, අනුකම්ප මහාමුනි.
“මහාවීරයන් වහන්ස! මාගේ පිටට නගිනු මැනවි. මම ඔබවහන්සේ ගඟින් එතෙර කරන්නෙමි. පිය පරපුරින් මේ නදිය මාහට හිමිවිය. මුනීන්ද්රයනි! අනුකම්පා කළ මැනවි.”
“මම උග්ගජ්ජනං සුත්වා, අභිරූහි මහාමුනි; හට්ඨො හට්ඨෙන චිත්තෙන, තාරෙසිං ලොකනායකං.
එසේ කරන ලද මාගේ ඇරයුම පිළිගත් බුදුරජාණන් වහන්සේ මා පිටට නැගුණු සේක. සතුටු සිතින් පිනාගිය මම ලෝකනාථයන් වහන්සේ ගඟන් එතෙර කළෙමි.
“නදියා පාරිමෙ තීරෙ, සිද්ධත්ථො ලොකනායකො; අස්සාසෙසි මමං තත්ථ, අමතං පාපුණිස්සති.
“ගඟෙහි එතෙරට වැඩි සිද්ධත්ථ බුදුපියාණෝ “නුඹ නිවණට පැමිණෙන්නෙහිය”යි වදාරා මා සැනසූ සේක.
“තම්හා කායා චවිත්වාන, දෙවලොකං අගච්ඡහං; දිබ්බසුඛං අනුභවිං, අච්ඡරාහි පුරක්ඛතො.
ඉන් චුත වූ මම දෙව්ලොව ඉපදුනෙමි. දිව්‍යාංගනාවන් පිරිවරාගෙන දිව සැප වින්දෙමි.
“සත්තක්ඛත්තුඤ්ච දෙවින්දො, දෙවරජ්ජමකාසහං; තීණික්ඛත්තුං චක්කවත්තී, මහියා ඉස්සරො අහුං.
ශක්‍ර දේවේන්ද්රව සත් වරක් උපන් මම දේව්රජය කරවීමි. තෙවරක්ම පෘථිවියට ම ප්‍රධාන වූ සක්විති රජ වූයෙමි.
“විවෙකමනුයුත්තොහං , නිපකො ච සුසංවුතො; ධාරෙමි අන්තිමං දෙහං, සම්මාසම්බුද්ධසාසනෙ.
දැන් මම විවේකයෙහි ඇලී, ප්‍රඥා ඇතිව, මනාව සංවර කරගත් ඉඳුරන් ඇතිව සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ පැවිදිව අන්තිම සිරුර දරමි.
“චතුන්නවුතිතො කප්පෙ, තාරෙසිං යං නරාසභං; දුග්ගතිං නාභිජානාමි, තරණාය ඉදං ඵලං.
මෙයින් කල්ප අනූහතරකට පෙර නරශ්‍රේෂ්ඨ වූ තථාගතයන් වහන්සේ ගඟින් එතෙර කිරීමේ කුශලයේ බලයෙන් මම මේ දක්වාම දුගතියක නූපන්නෙමි. ගඟින් එතෙර කිරීමේ පුණ්‍ය මහිමය එවැනිය.
“කිලෙසා ඣාපිතා මය්හං…පෙ… කතං බුද්ධස්ස සාසන”න්ති.
මවිසින් සියලු කෙලෙස් දවන ලදි. -පෙ- බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව ඉටුකළෙමි.”
අරහත්තං පන පත්වා අත්තනො සම්මා පටිපත්තියා පරිපුණ්ණාකාරවිභාවනමුඛෙන අඤ්ඤං බ්යාකරොන්තො “ආබාධෙ මෙ සමුප්පන්නෙ”ති ගාථං අභාසි.
රහත් බවට පත්වූ උත්තිය තෙරුන් වහන්සේ තමාගේ ශ්‍රමණ පිළිවෙත් සම්පූර්ණ කිරීම අවසන් කළ බව ප්‍රකට කිරීම් වශයෙන් සිය අර්හත්වය පවසන සේක්, “ආබාධෙ මෙ සමුප්පන්නෙ” යන ගාථාව වදාළ සේක.
තත්ථ ආබාධෙ මෙ සමුප්පන්නෙති සරීරස්ස ආබාධනතො “ආබාධො”ති ලද්ධනාමෙ විසභාගධාතුක්ඛොභහෙතුකෙ රොගෙ මය්හං සඤ්ජාතෙ. සති මෙ උදපජ්ජථාති “උප්පන්නො ඛො මෙ ආබාධො, ඨානං ඛො පනෙතං විජ්ජති, යදිදං ආබාධො වඩ්ඪෙය්ය. යාව පනායං ආබාධො න වඩ්ඪති, හන්දාහං වීරියං ආරභාමි ‘අප්පත්තස්ස පත්තියා අනධිගතස්ස අධිගමාය අසච්ඡිකතස්ස සච්ඡිකිරියායා’”ති වීරියාරම්භවත්ථුභූතා සති තස්සෙව ආබාධස්ස වසෙන දුක්ඛාය වෙදනාය පීළියමානස්ස මය්හං උදපාදි. තෙනාහ “ආබොධො මෙ සමුප්පන්නො, කාලො මෙ නප්පමජ්ජිතු”න්ති. එවං උප්පන්නඤ්හි සතිං අඞ්කුසං කත්වා අයං ථෙරො අරහත්තං පත්තොති.
එහි “ආබාධෙ මෙ සමුප්පන්නෙ” යනු පුද්ගල ශරීරය ආබාධිත, රෝගීබවට පත් කරන හෙයින් “ආබාධ” නම් වූ ධාතු ප්රකෝපවීමෙන් හටගත් රෝගයක් මා තුළ හටගත් කල්හි ද “සති මෙ උපපජ්ජථ” මට ඒ පිළිබඳ සිහිය උපදියි. “මට ආබාධයක්, වේදනාවක් උපන්නේය. එයට ඉඩ හසර ලබාදුනහොත් එම ආබාධය තව තවත් වැඩෙන්නේය. යම් සේ මේ ආබාධය නොවැඩේද එලෙසින් වීර්යාරම්භ කරමි. නොපැමිණි ඵලයන්ට පැමිණීම සඳහාත්, අවබෝධ නොකල සත්‍යයන් අවබෝධ කර ගැනීම සඳහාත්, සාක්ෂාත් කරගත නොහැකි වූ දෙය සාක්ෂාත් කරගැනීමටත් වීර්යාරම්භ කරමි. එම වීර්යාරම්භයට පාදක වූ සිහිය නිසා දුක් වේදනාවලින් පෙළනු ලැබූවත් මා හට සිහියෙන් යුතුව සිටීමට හැකි විය. මා කෙරෙහි වීර්ය පහළ විය. එනිසා කියන ලදි. “මා කෙරෙහි ආබාධය උපන් කල්හි. එය අප්‍රමාදීවීමට මට කාලයයි” යනුවෙන් සිතා ආබාධය පැවතියත් සිහිය අංකුසයක් (හෙණ්ඩුවක්) කරගෙන මේ උත්තය තෙරුන් වහන්සේ රහත් බවට පත්වූ සේක.
උත්තියත්ථෙරගාථාවණ්ණනා නිට්ඨිතා.
උත්තිය ථේරගාථා අර්ථ වර්ණනාව නිමියේය.
තතියවග්ගවණ්ණනා නිට්ඨිතා.
තෙවැනි වර්ගයේ අර්ථ වර්ණනාව සමාප්තයි.