ගබ්භරතීරියත්ථෙරගාථාවණ්ණනා අට්ඨකථා
ගබ්භරතීරියත්ථෙරගාථාවණ්ණනා
ගබ්භරතිරිය ස්ථවිරගාථා වර්ණනාව
ඵුට්ඨො ඩංසෙහීති ආයස්මතො ගහ්වරතීරියත්ථෙරස්ස ගාථා. කා උප්පත්ති? සො කිර පුරිමබුද්ධෙසු කතාධිකාරො ඉතො එකතිංසෙ කප්පෙ සිඛිස්ස භගවතො කාලෙ මිගලුද්දො හුත්වා අරඤ්ඤෙ විචරන්තො අද්දස සිඛිං භගවන්තං අඤ්ඤතරස්මිං රුක්ඛමූලෙ දෙවනාගයක්ඛානං ධම්මං දෙසෙන්තං, දිස්වා පන පසන්නමානසො “ධම්මො එස වුච්චතී”ති සරෙ නිමිත්තං අග්ගහෙසි. සො තෙන චිත්තප්පසාදෙන දෙවලොකෙ උප්පන්නො පුන අපරාපරං සුගතීසුයෙව සංසරන්තො ඉමස්මිං බුද්ධුප්පාදෙ සාවත්ථියං බ්රාහ්මණකුලෙ නිබ්බත්තිත්වා “අග්ගිදත්තො”ති ලද්ධනාමො වයප්පත්තො භගවතො යමකපාටිහාරියං දිස්වා සඤ්ජාතප්පසාදො සාසනෙ පබ්බජිත්වා කම්මට්ඨානං ගහෙත්වා ගහ්වරතීරෙ නාම අරඤ්ඤට්ඨානෙ වසති. තෙනස්ස ගහ්වරතීරයොති සමඤ්ඤා අහොසි. සො විපස්සනං වඩ්ඪෙත්වා නචිරස්සෙව අරහත්තං පාපුණි. තෙන වුත්තං අපදානෙ (අප· ථෙර 2.52.44-50) –
“ඵුට්ඨො ඩංසෙහි” යනු ආයුෂ්මත් ගව්හරතීරිය තෙරුන් වහන්සේගේ ගාථාවයි. එහි උපත කෙසේද? උන්වහන්සේ පෙර බුදුවරුන් වෙත කළ ප්‍රාර්ථනා ඇතිව සසර සැරි සරා, මෙයට කල්ප තිස් එකකට පෙර සිඛි බුදුරජාණන් වහන්සේගේ කාලයේදී මුව වැද්දෙක්ව උපන්හ. එම වැද්දා දිනක් වනයේ හැසිරෙන විට එක්තරා රුක් මුලක වැඩ හිඳ දේව, නාග, යක්ෂාදීන්ට ධර්ම දේශනා කරන සිඛි භාග්‍යවතුන් වහන්සේ දුටුවේය. දැක පැහැදුණු සිතැතිව “මේ උත්තමයන් වහන්සේ ධර්ම දේශනා කරන්නේ යැ”යි ස්වරයෙහි සිත පිහිටුවීය. එම වැදි එසේ කරගත් චිත්ත ප්‍රසාදයෙන්ම දෙව්ලොව ඉපදුනේය. නැවත ඉන් චුතව ඒ ඒ කාම සුගති භවයන්හිම සැරිසරා අවුත්, අපගේ බුදුරජාණන් වහන්සේ ලොව පහළ වූ කල්හි සැවැත් නුවර බමුණු කුලයක ඉපිද විය පත් බ්‍රාහ්මණයෙක් වූයේය. අග්ගිදත්ත නමින් ප්‍රකට වූ ඔහු භාග්‍යවතුන් වහන්සේගේ යමක මහා ප්රාතිහාර්යය දැක හටගත් පැහැදීම් ඇතිව, සසුනේ පැවිදිව කමටහන් ගෙන ගව්හරතීරයේ තැනක වාසය කරයි. එනිසා උන්වහන්සේ, ගව්හරතීර තෙරුන් වහන්සේ” ලෙස ප්‍රකට වූහ. එසේ වාසය කරමින් විදර්ශනා වැඩූ උන්වහන්සේ නොබෝ කලකින් ම රහත් බව ලබාගත් සේක. මෙම විස්තර අපදාන පාළියේ මෙලෙස සඳහන් වේ. (අපදාන පාළි II - සොසසඤ්ඤක ත්‍ථෙරාපදානං)
“මිගලුද්දො පුරෙ ආසි, අරඤ්ඤෙ විපිනෙ අහං; අද්දසං විරජං බුද්ධං, දෙවසඞ්ඝපුරක්ඛතං.
“පෙර මම මහා වනයේ හැසිරෙන මුව වැද්දෙක් වීමි. කෙලෙස් දූවිලි රහිත වූ, දිව්‍ය සමූහයා විසින් පිරිවරා ගත්, චතුරාර්ය සත්‍ය ප්‍රකාශ කරන්නා වූ, අමා නිවන ගෙන දෙන්නා වූ බුදුරජාණන් වහන්සේ දුටුවෙමි. ලෝකයාට බන්ධු වූ එම සිඛි බුදුරජාණන් වහන්සේ දෙසූ මිහිරි දහම් පද ඇසුවෙමි.
“චතුසච්චං පකාසෙන්තං, දෙසෙන්තං, අමතං පදං; අස්සොසිං මධුරං ධම්මං, සිඛිනො ලොකබන්ධුනො.
“ඝොසෙ චිත්තං පසාදෙසිං, අසමප්පටිපුග්ගලෙ; තත්ථ චිත්තං පසාදෙත්වා, උත්තරිං දුත්තරං භවං.
අසම වූ අප්‍රති පුද්ගල වූ බුදුපියාණන් වහන්සේ කෙරෙහිද එම මිහිරි ස්වරයෙහි ද සිත පැහැදවීමි. එසේ සිත පැහැදවීමෙන් අතිදුෂ්කර වූ භවය තරණය කළෙමි.
“එකතිංසෙ ඉතො කප්පෙ, යං සඤ්ඤමලභිං තදා; දුග්ගතිං නාභිජානාමි, ඝොසසඤ්ඤායිදං ඵලං.
මෙයින් කල්ප තිස් එකකට පෙර එසේ සිත පහදවා ලැබූ සංඥාවේ විපාක වශයෙන් දුගතියක නූපන්නෙමි. ධර්ම සංඥාවෙහි විපාකය මෙසේය.
“කිලෙසා ඣාපිතා මය්හං…පෙ… කතං බුද්ධස්ස සාසන”න්ති.
මවිසින් සියලු කෙලෙස් දවන ලදි. -පෙ- බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව ඉටුකළෙමි.”
අරහත්තං පන පත්වා භගවන්තං වන්දිත්වා සාවත්ථියං අගමාසි. තස්ස ආගතභාවං සුත්වා ඤාතකා උපගන්ත්වා මහාදානං පවත්තෙසුං. සො කතිපයදිවසෙ වසිත්වා අරඤ්ඤමෙව ගන්තුකාමො අහොසි. තං ඤාතකා, “භන්තෙ, අරඤ්ඤං නාම ඩංසමකසාදිවසෙන බහුපරිස්සයං, ඉධෙව වසථා”ති ආහංසු. තං සුත්වා ථෙරො “අරඤ්ඤවාසොයෙව මය්හං රුච්චතී”ති විවෙකාභිරතිකිත්තනමුඛෙන අඤ්ඤං බ්යාකරොන්තො “ඵුට්ඨො ඩංසෙහී”ති ගාථං අභාසි.
රහත් ඵලය ලබාගත් උන්වහන්සේ, භාග්‍යවතුන් වහන්සේට වැඳ අවසර ගෙන සැවැත්නුවරට වැඩි සේක. උන්වහන්සේ වැඩම වූ පුවත ඇසූ නෑ සමූහයා පැමිණ මහාදානයක් පැවැත්වූහ. තෙරුන් වහන්සේ දින කිහිපයක් එහි වැස, නැවත ආරණ්‍යයට ම යනු කැමති වූහ. එවිට ඤාතීහු, “ස්වාමීනි! ආරණ්‍යය නම් මැසි මදුරු ආදි බොහෝ උවදුරු ඇති තැනකි. මෙහිම වසනු මැනවි”යි ආරාධනා කළහ. එය ඇසූ තෙරුන් වහන්සේ “මාහට රුචි වනුයේ ආරණ්‍ය වාසය පමණක්මය”යි විවේකයේ ඇලීම ප්‍රකට කිරීම් වශයෙන් ද තබා ලැබූ රහත්ඵලය ප්‍රකාශ කිරීම් වශයෙන් ද “ඵුට්ඨො ඩංසෙහි” යන ගාථාව වදාළ සේක.
තත්ථ ඵුට්ඨො ඩංසෙහි මකසෙහීති ඩංසනසීලතාය “ඩංසා”ති ලද්ධනාමාහි අන්ධකමක්ඛිකාහි, මකසනඤ්ඤිතෙහි ච සූචිමුඛපාණෙහි ඵුස්සිතො දට්ඨොති අත්ථො. අරඤ්ඤස්මින්ති “පඤ්චධනුසතිකං පච්ඡිම”න්ති (පාරා· 654) වුත්තඅරඤ්ඤලක්ඛණයොගතො අරඤ්ඤෙ. බ්රහාවනෙති මහාරුක්ඛගච්ඡගහනතාය මහාවනෙ අරඤ්ඤානියං. නාගො සඞ්ගාමසීසෙවාති සඞ්ගාමාවචරො හත්ථිනාගො විය සඞ්ගාමමුද්ධනි පරසෙනාසම්පහාරං. “අරඤ්ඤවාසො නාම බුද්ධාදීහි වණ්ණිතො ථොමිතො”ති උස්සාහජාතො සතො සතිමා හුත්වා තත්ර තස්මිං අරඤ්ඤෙ, තස්මිං වා ඩංසාදිසම්ඵස්සෙ උපට්ඨිතෙ අධිවාසයෙ අධිවාසෙය්ය සහෙය්ය, “ඩංසාදයො මං ආබාධෙන්තී”ති අරඤ්ඤවාසං න ජහෙය්යාති අත්ථො.
එහි “ඵුට්ඨො ඩංසෙහි” යනු “ඩැහැ ලේ බොන බැවින් “ඩංස” යන නම් ලද අන්ධක ආදී මැසිවර්ග විසින්, මදුරු ආදී තියුණු තුඩ ඇති ප්‍රාණීන් විසින් ස්පර්ශ කරන ලද, දෂ්ඨ කරන ලද” යන අර්ථයයි. අරඤ්ඤස්මිං යනු ගමින් දුනු පන්සියයක් ඈත ප්‍රත්‍යන්ත නම් ලද ආරණ්‍යය, වනය නම් වනයෙහි. “බ්රහාවනෙ” යනු මහගස්, රුක්ගොමු ආදියෙන් ගහන වූ මහාවනයෙහි, මහ කැළයෙහි. “නාගො සඞ්ගාම සීසෙවා” යනු යුද බිමකට වන් මහ ඇත් රජකු සේ. සංග්රාම මධ්‍යයේ සතුරු සෙනඟ සුනුවිසුණු කරන ඇතකු මෙන්; “ආරණ්‍යයෙහි විසීම නම් බුද්ධාදීන් විසින් වර්ණිත වූ පසසන ලද දෙයකි” ආදී වශයෙන් ඊට උත්සාහ වත්ව, සිහි ඇතිව එම වනයේ වෙසෙමි. එහිදී ඇතිවන මැසි මදුරු උපද්‍රව ඉවසන්නෙමි. ඉන් නො කලකිරෙන්නෙමි.” මැසිමදුරු ආදීහු මා හට දෂ්ඨ කළත් යුද බිමට වන් ඇතෙකු මෙන් සිහි ඇතිව ඒවා ඉවසන්නෙමි” යනුවෙන් ආරණ්‍යය අත් නොහරින බව මෙම ගාථාවේ අදහසයි.
ගහ්වරතීරියත්ථෙරගාථාවණ්ණනා නිට්ඨිතා.
ගව්හරතීරිය ථේරගාථා අර්ථ වර්ණනාව නිමියේය.