යෙදුමෙන් කියවන්න

සුප‍්පියත්‍ථෙරගාථාවණ‍්ණනා අට‍්ඨකථා

සුප‍්පියත්‍ථෙරගාථාවණ‍්ණනා

සුප්පිය ස්ථවිරගාථා වර්ණනාව

අජරං ජීරමානෙනාති ආයස‍්මතො සුප‍්පියත්‍ථෙරස‍්ස ගාථා. කා උප‍්පත‍්ති? සො කිර පදුමුත‍්තරස‍්ස භගවතො කාලෙ කුලගෙහෙ නිබ‍්බත‍්තිත්‍වා තාපසපබ‍්බජ‍්ජං පබ‍්බජිත්‍වා අරඤ‍්ඤායතනෙ වසන‍්තො තත්‍ථ භගවන‍්තං දිස‍්වා පසන‍්නමානසො ඵලාඵලං අදාසි, තථා භික‍්ඛුසඞ‍්ඝස‍්ස. සො තෙන පුඤ‍්ඤකම‍්මෙන දෙවමනුස‍්සෙසු සංසරන‍්තො කස‍්සපස‍්ස සම‍්මාසම‍්බුද‍්ධස‍්ස කාලෙ ඛත‍්තියකුලෙ නිබ‍්බත‍්තිත්‍වා අනුක‍්කමෙන විඤ‍්ඤුතං පත‍්තො කල්‍යාණමිත‍්තසන‍්නිස‍්සයෙන ලද‍්ධසංවෙගො සාසනෙ පබ‍්බජිත්‍වා බහුස‍්සුතො අහොසි. ජාතිමදෙන සුතමදෙන ච අත‍්තානං උක‍්කංසෙන‍්තො පරෙ ච වම‍්භෙන‍්තො විහාසි. සො ඉමස‍්මිං බුද‍්ධුප‍්පාදෙ තස‍්ස කම‍්මස‍්ස නිස‍්සන්‍දෙන සාවත්‍ථියං පරිභූතරූපෙ සුසානගොපකකුලෙ නිබ‍්බත‍්ති. සුප‍්පියොතිස‍්ස නාමං අහොසි. අථ විඤ‍්ඤුතං පත‍්තො අත‍්තනො සහායභූතං සොපාකත්‍ථෙරං උපසඞ‍්කමිත්‍වා තස‍්ස සන‍්තිකෙ ධම‍්මං සුත්‍වා පටිලද‍්ධසංවෙගො පබ‍්බජිත්‍වා සම‍්මාපටිපත‍්තිං පූරෙත්‍වා “අජරං ජීරමානෙනා”ති ගාථං අභාසි.

“අජරං ජීරමාන්නො” යනාදී ගාථාව ආයුෂ්මත් සුප්පිය තෙරුන් විසින් පැවසූවකි. එහි උපත කෙසේද? පෙර පදුමුත්තර බුදුරජාණන් වහන්සේ ලොව පහළ වූ සමයෙහි කුලගෙයක උපන් සුප්පිය තෙරණුවෝ, වැඩිවියට පත්ව ගිහිගේ කළකිරී තවුස් පැවිද්දෙන් පැවිදිව කැළයෙහි වාසය කළහ. එහිදී භාග්‍යවතුන් වහන්සේ දැක පැහැදී ඵලවැල පූජා කළේය. පසුව මහා සංඝරත්නයට ද ඵලවැල පූජා කළේය. ඒ පුණ්‍ය කර්මයේ විපාක වශයෙන් දෙව්-මිනිසුන් අතර සැරි සරා කාශ්‍යප බුදුරජාණන් වහන්සේ ලොව පහළ වූ සමයෙහි ක්‍ෂත්‍රිය කුලයෙහි උපන් හෙතෙම ගිහිගේ කළකිරී සසුනේ පැවිදි වී මහත් බහුශ්‍රැතයෙක් විය. ජාති මදයෙන් හා උගත්කමේ මදයෙන් මත් වූ එම තෙරුන් තමා උසස්කර සිතා, සෙසු භික්‍ෂූහු පහත් කර සළකමින් වාසය කළේය. අපගේ බුදුරජාණන් වහන්සේ ලොව පහළ වූ කල්හි, එම තෙරුන් තමාගේ කර්මයන්ට අනුරූප ලෙසම සැවැත් නුවර සොහොන් පල්ලෙකුගේ ගෙදර ඉතා අවලස්සන දරුවෙකුව උපන්නේය. ඔහුගේ නම සුප්පිය නම් විය. තරුණවියට පත් වූ සුප්පිය, තම යහළුවෙකු වූ සෝපාක තෙරුන් සමීපයට පැමිණ, ධර්‍මය ශ්‍රවණය කිරීමෙන් ලැබූ ශ්‍රද්ධාව ඇතිව සසුනේ පැවිදි විය. යහපත්ව පිළිවෙත් මැනවින් සම්පූර්ණ කළ සුප්පිය තෙරුන් වහන්සේ “අජරං ජීරමානෙන” යන ගාථාව දේශනා කළහ.

තත්‍ථ අජරන‍්ති ජරාරහිතං, නිබ‍්බානං සන්‍ධායාහ. තඤ‍්හි අජාතත‍්තා නත්‍ථි එත්‍ථ ජරා, එතස‍්මිං වා අධිගතෙ පුග‍්ගලස‍්ස සා නත්‍ථීති ජරාභාවහෙතුතොපි අජරං නාම. ජීරමානෙනාති ජීරන‍්තෙන, ඛණෙ ඛණෙ ජරං පාපුණන‍්තෙන. තප‍්පමානෙනාති සන‍්තප‍්පමානෙන, රාගාදීහි එකාදසහි අග‍්ගීහි දය‍්හමානෙන. නිබ‍්බුතින‍්ති යථාවුත‍්තසන‍්තාපාභාවතො නිබ‍්බුතසභාවං නිබ‍්බානං. නිමියන‍්ති පරිවත‍්තෙය්‍යං චෙතාපෙය්‍යං. පරමං සන‍්තින‍්ති අනවසෙසකිලෙසාභිසඞ‍්ඛාරපරිළාහවූපසමධම‍්මතාය උත‍්තමං සන‍්තිං. චතූහි යොගෙහි අනනුබන්‍ධත‍්තා යොගක‍්ඛෙමං. අත‍්තනො උත‍්තරිතරස‍්ස කස‍්සචි අභාවතො අනුත‍්තරං. අයඤ‍්හෙත්‍ථ සඞ‍්ඛෙපත්‍ථො – ඛණෙ ඛණෙ ජරාය අභිභුය්‍යමානත‍්තා ජීරමානෙන, තථා රාගග‍්ගිආදීහි සන‍්තප‍්පමානෙන ගතො එවං අනිච‍්චෙන දුක‍්ඛෙන අසාරෙන සබ‍්බථාපි අනුපසන‍්තසභාවෙන සඋපද‍්දවෙන, තප‍්පටිපක‍්ඛභාවතො අජරං පරමුපසමභූතං කෙනචි අනුපද‍්දුතං අනුත‍්තරං නිබ‍්බානං නිමියං පරිවත‍්තෙය්‍යං “මහා වත මෙ ලාභො මහා උදයො හත්‍ථගතො”ති. යථා හි මනුස‍්සා යං කිඤ‍්චි භණ‍්ඩං පරිවත‍්තෙන‍්තා නිරපෙක‍්ඛා ගය‍්හමානෙන සම‍්බහුමානා හොන‍්ති, එවමයං ථෙරො පහිතත‍්තො විහරන‍්තො අත‍්තනො කායෙ ච ජීවිතෙ ච නිරපෙක‍්ඛතං, නිබ‍්බානං පටිපෙසිතත‍්තඤ‍්ච පකාසෙන‍්තො “නිමියං පරමං සන‍්තිං, යොගක‍්ඛෙමං අනුත‍්තර”න‍්ති වත්‍වා තමෙව පටිපත‍්තිං පරිබ්‍රූහයන‍්තො විපස‍්සනං උස‍්සුක‍්කාපෙත්‍වා අරහත‍්තං පාපුණි. තෙන වුත‍්තං අපදානෙ (අප· ථෙර 2.52.51-77) –

එහි “අජරං” යනු ජරාවට පත්වීමක් නොමැති නිවණයි. නිවණ නූපදින බැවින් “එහි ජරාවක් නැත. නිවණ අවබෝධ කළ පුද්ගලයන්ට ද නැවත උපතක් නැත.” යන ලෙසින් ජරාවට පත්වන හේතූන් නැතිකළ බැවින් නිවණ “අජර” නම් වේ. “ජීරමානෙන” ජරාවට පත්වේය යනු ක්‍ෂණයක් ක්‍ෂණයක් (මොහොතක්) පාසා ජරාවට පත්වෙමින් පවතින “තප්පමානෙන” යනු සන්තාපයට යනු සන්තාපයට පත්වන රාගාදී එකොළොස් ගින්නෙන් දැවෙන, “නිබ්බුතිං” යම් සේ සන්තාපයට පත්වන හේතු නිවාදැමූ බැවින් නිවීම, නිවණ නම් වූ. “නිම්මිස්සං” යනු පෙරලා ගනියි. හුවමාරු කරයි. “පරමං සන්තිං” යනු කෙලෙස් ඉතිරි නොකර, පිරිතැවීම් සංසිඳවීම් වශයෙන් උතුම් ශාන්තියයි. සතර යෝගයන්ගෙන් ලුහුබැඳීම් වශයෙන් නොපැමිණෙන බැවින් “යොගක්ඛෙමං” යෝගක්‍ෂෙම වූ. නිවණට වඩා උතුම් වූ දෙයක් නොමැති බැවින් “අනුත්තරං” අනුත්තර වූ. මෙහි සංක්‍ෂිප්ත අර්ථය මෙසේය. ක්‍ෂණයක් ක්‍ෂණයක් පාසා ජරාවෙන් මැඩගත් බැවින් දිරායන්නා වූත්, එසේ රාගාදී ගිනිවලින් නිතර සන්තාපයට පත්වූත්, එසේම අනිත්‍ය දුක් සහගත, අසාර යන සර්ව ප්‍රකාරයෙන්ම නොසන්සිඳෙන ස්වභාව ඇති, උපද්‍රවයන්ගෙන් යුක්ත වූත් යන ස්වභාවයන්ට ප්‍රතිවිරුද්ධ වූ බැවින් ජරාවක් නැති, අතිශයින් සන්සුන් වූ, කිසි උපද්‍රවයක් නොමැති, අනුත්තර වූ නිවණ ලැබීමෙන් දැනට ඇති ශෝකී බව දුරු වී, “අනේ මට මෙය ඒකාන්ත ලාභයකි. මට මහත් වූ අභිවෘද්ධියක් අතට පැමිණියේය” යනුවෙන් සැපයට පරිවර්තනය වන්නේය. මිනිස්සු යම්කිසි බඩු බාහිරාදියක් හුවමාරු කර ගැනීමේදී අපේක්‍ෂාවක් නොමැතිව ගැනීමෙන් අතිශය ගෞරවත්‍වයක් ඇතිවන්නාක් මෙන් තෙරුන් වහන්සේ ද ආත්ම සංකල්පනා දුරුකර වාසය කරන සේක්, තම ශරීරයෙහි ද ජීවිතයෙහි ද අපේක්‍ෂාවක් නොමැතිව උතුම් නිවණ අවබෝධ කරගත් බව, ඇසුරු කරගත් බව පවසන සේක්, “නිම්මිස්සං පරමං සන්තිං යොගක්ඛෙමං අනුත්තරං” යනුවෙන් තමන් වහන්සේ කී පිළිවෙතම වඩමින් විදර්ශනාවට සිත උත්සාහවත් කර, රහත් බවට පත්වූ සේක. අපදාන පාළියේ එම තොරතුරු මෙසේ දැක්වේ. (අපදාන පාළි II, සබ්බඵල දායක ත්‍ථෙරාපදානං)

“වරුණො නාම නාමෙන, බ්‍රාහ‍්මණො මන‍්තපාරගූ; ඡඩ‍්ඩෙත්‍වා දස පුත‍්තානි, වනමජ‍්ඣොගහිං තදා.

“එකල මම මන්ත්‍රයන් හි කෙළවරට පත් බමුණෙක් ව වරුණ නමින් ප්‍රකටව සිටියෙමි. පසුව පුතුන් දසදෙනෙකු හැර දමා වනයට පිවිසියෙමි.

“අස‍්සමං සුකතං කත්‍වා, සුවිභත‍්තං මනොරමං; පණ‍්ණසාලං කරිත්‍වාන, වසාමි විපිනෙ අහං.

එහි මනාව බෙදූ අසපුවක් සෑදවූ මම, පන්සලක් කරවාගෙන වාසය කළෙමි.

“පදුමුත‍්තරො ලොකවිදූ, ආහුතීනං පටිග‍්ගහො; මමුද‍්ධරිතුකාමො සො, ආගච‍්ඡි මම අස‍්සමං.

ලෝකයේ ප්‍රජාවන්ට යෝග්‍ය වූ ඒ පදුමුත්තර බුදුපියාණන් වහන්සේ මා සසරින් ගොඩ කරනු කැමතිව ඒ මගේ අසපුවට වැඩි සේක.

“යාවතා වනසණ‍්ඩම‍්හි, ඔභාසො විපුලො අහු; බුද‍්ධස‍්ස ආනුභාවෙන, පජ‍්ජලී විපිනං තදා.

බුදුරජාණන් වහන්සේගේ ආනුභාවයෙන් වනයම ඒකාලෝක වූයේය. ගිනිගත් වනයක් මෙන් පෙනෙන්නට විය.

“දිස‍්වාන තං පාටිහීරං, බුද‍්ධසෙට‍්ඨස‍්ස තාදිනො; පත‍්තපුටං ගහෙත්‍වාන, ඵලෙන පූජයිං අහං.

එවැනි වූ තාදී ගුණ ඇති බුද්ධ ශ්‍රේෂ්ඨයන්ගේ පෙළහර දැක සතුටු වූ මම කොළගොටුවක් ගෙන පලවැලයෙන් එය පිරවූයෙමි.

“උපගන‍්ත්‍වාන සම‍්බුද‍්ධං, සහඛාරිමදාසහං; අනුකම‍්පාය මෙ බුද‍්ධො, ඉදං වචනමබ්‍රවි.

අනතුරුව බුදුරජාණන් වහන්සේ වෙත ගොස්, එම ඵලවැල ගොටුව පූජා කළෙමි. එය පිළිගත් උන්වහන්සේ මාහට මෙසේ වදාළහ.

“ඛාරිභාරං ගහෙත්‍වාන, පච‍්ඡතො එහි මෙ තුවං; පරිභුත‍්තෙ ච සඞ‍්ඝම‍්හි, පුඤ‍්ඤං තව භවිස‍්සති.

“නුඹ මේ ඵලාගොටුව ගෙන මා පසුපස එව. සංඝයා එය වැළඳූ කල්හි නුඹට පින් සිදුවන්නේය.

“පුටකං තං ගහෙත්‍වාන, භික‍්ඛුසඞ‍්ඝස‍්සදාසහං; තත්‍ථ චිත‍්තං පසාදෙත්‍වා, තුසිතං උපපජ‍්ජහං.

“ඒ වචන පිළිගත් මම ඵලවැල ගොටුව සංඝයාට පූජා කළෙමි. එහි සිත පැහැද වූ මම තුසිත දෙව්ලොව උපන්නෙමි.

“තත්‍ථ දිබ‍්බෙහි නච‍්චෙහි, ගීතෙහි වාදිතෙහි ච; පුඤ‍්ඤකම‍්මෙන සංයුත‍්තං, අනුභොමි සදා සුඛං.

එම දෙව්ලොව - දිව්‍යමය නැටුමින්, ගැයුමින්, වැයුමින් යුතුව කුසල කර්මයෙන් ජනිත සැප වින්දෙමි.

“යං යං යොනුපපජ‍්ජාමි, දෙවත‍්තං අථ මානුසං; භොගෙ මෙ ඌනතා නත්‍ථි, ඵලදානස‍්සිදං ඵලං.

දිව්‍ය මනුෂ්‍ය ආත්ම භාවයන්හි උපන් මම, අනූන වූ භෝග සම්පත් වින්දෙමි. ඵල දානයේ විපාකය එබඳුය.

“යාවතා චතුරො දීපා, සසමුද‍්දා සපබ‍්බතා; ඵලං බුද‍්ධස‍්ස දත්‍වාන, ඉස‍්සරං කාරයාමහං.

බුදුපියාණන් වහන්සේට ඵල දානයක් දුන් මම, මුහුදින් වට වූ පර්‍වත සහිත සිවුමහා දිවයින්හිම ආධිපත්‍ය පතුරුවා වාසය කළෙමි.

“යාවතා යෙ පක‍්ඛිගණා, ආකාසෙ උප‍්පතන‍්ති චෙ; තෙපි මෙ වසමන්‍වෙන‍්ති, ඵලදානස‍්සිදං ඵලං.

මේ පක්‍ෂි සමූහයා ඉහළට නැගෙනතාක් දුර අහසෙහි මාගේ බලය පැතිරුණි. ඵල දානයේ විපාකය එබඳුය.

“යාවතා වනසණ‍්ඩම‍්හි, යක‍්ඛා භූතා ච රක‍්ඛසා; කුම‍්භණ‍්ඩා ගරුළා චාපි, පාරිචරියං උපෙන‍්ති මෙ.

වනයෙහි සිටිනතාක් යක්‍ෂ, භූත, රාක්‍ෂස, කුම්භාණ්ඩ, ගුරුළු ආදීහු මාගේ මෙහෙවරට පැමිණෙති.

“කුම‍්මා සොණා මධුකාරා, ඩංසා ච මකසා උභො; තෙපි මං වසමන්‍වෙන‍්ති, ඵලදානස‍්සිදං ඵලං.

ඉදිබුවෝද බල්ලෝ ද මී මැස්සෝ ද ඩැහැ ලේ බොන මැසි මදුරුවෝ ද මාගේ අණසකට පත්වූහ. ඵලදානයේ විපාකය මෙබඳුය.

“සුපණ‍්ණා නාම සකුණා, පක‍්ඛිජාතා මහබ‍්බලා; තෙපි මං සරණං යන‍්ති, ඵලදානස‍්සිදං ඵලං.

කුරුළු යෝනියේ උපන් මහ බල ඇති සුපර්ණ නම් වූ ගුරුළු රාජ පක්‍ෂීහු පවා මාගේ සරණයෙහි පිහිටියහ. ඵලදානයේ විපාක එබඳුය.

“යෙපි දීඝායුකා නාගා, ඉද‍්ධිමන‍්තො මහායසා; තෙපි මං වසමන්‍වෙන‍්ති, ඵලදානස‍්සිදං ඵලං.

දීර්ඝායුෂ විඳින, සෘද්ධිමත් මහත් යසස් ඇති නාගයෝ ද මට කීකරු වූවෝ වූහ. ඵලදානයේ විපාක මෙබඳුය.

“සීහා බ්‍යග‍්ඝා ච දීපී ච, අච‍්ඡකොකතරච‍්ඡකා; තෙපි මං වසමන්‍වෙන‍්ති, ඵලදානස‍්සිදං ඵලං.

සිංහ, ව්‍යාඝ්‍ර, දිවි, වලස්, වෘක හා කරබානා වලස් යන මොවුහු පවා මාගේ වසඟයට පත්වූහ. බෙහෙත්, තණපත්, වෘක්‍ෂාදියේ හා අහසෙහි වෙසෙන සියලුම දෙවියෝ ද මාගේ පිහිට (සරණ) පැතූහ. ඵල දානයේ විපාක මෙබඳුය”

“ඔසධී තිණවාසී ච, යෙ ච ආකාසවාසිනො; සබ‍්බෙ මං සරණං යන‍්ති, ඵලදානස‍්සිදං ඵලං.

“සුදුද‍්දසං සුනිපුණං, ගම‍්භීරං සුප‍්පකාසිතං; ඵස‍්සයිත්‍වා විහරාමි, ඵලදානස‍්සිදං ඵලං.

“එසේ සැප විඳි මම දැන් දැකීමට අතිශයින් අපහසු වූ, ඉතා සියුම් වූ, ගැඹුරු වූ මනාව දේශිත නිවණ ප්‍රත්‍යක්‍ෂ කරගෙන වෙසෙමි. ඵල දානයේ විපාකය මෙබඳුය.

“විමොක‍්ඛෙ අට‍්ඨ ඵුසිත්‍වා, විහරාමි අනාසවො; ආතාපී නිපකො චාහං, ඵලදානස‍්සිදං ඵලං.

අඡට විමෝක්‍ෂ ලැබූ මම ආශ්‍රව රහිතව, ප්‍රඥාවන්තව වෙසෙමි. මහත් යස ඇති, ක්‍ෂය කළ දොස් ඇති ඵලයන්ට (මාර්‍ග) පත්වූ බුදුපුතුන්ගෙන් කෙනෙකු වූයෙමි. කුශල මූලයෙන් මෙහෙයන ලදුව, අභිඥාවන්හි කෙළවරට පත් මම; සියලු ආශ්‍රව මනාව දැන, අනාශ්‍රවයෙක්ව වෙසෙමි. (ආශ්‍රව දුරු කර වෙසෙමි) ත්‍රිවිද්‍යා ලාභී, සෘද්ධි ලාභ සහිත, මහත් යසස් ඇති, දිවකන් ලද බුදුපුතුන් අතුරින් කෙනෙකු වූ මම සියලු කෙලෙස් දැවූයෙමි.

“යෙ ඵලට‍්ඨා බුද‍්ධපුත‍්තා, ඛීණදොසා මහායසා; අහමඤ‍්ඤතරො තෙසං, ඵලදානස‍්සිදං ඵලං.

“අභිඤ‍්ඤාපාරමිං ගන‍්ත්‍වා, සුක‍්කමූලෙන චොදිතො; සබ‍්බාසවෙ පරිඤ‍්ඤාය, විහරාමි අනාසවො.

“තෙවිජ‍්ජා ඉද‍්ධිපත‍්තා ච, බුද‍්ධපුත‍්තා මහායසා; දිබ‍්බසොතං සමාපන‍්නා, තෙසං අඤ‍්ඤතරො අහං.

“සතසහස‍්සිතො කප‍්පෙ, යං ඵලං අදදිං තදා; දුග‍්ගතිං නාභිජානාමි, ඵලදානස‍්සිදං ඵලං.

මෙයින් කල්ප ලක්‍ෂයකට පෙර කරන ලද ඵලදානයේ විපාක වශයෙන් මම දුගතියක නූපන්නෙමි. ඵලදානයේ විපාකය මෙබඳුය.

“කිලෙසා ඣාපිතා මය‍්හං…පෙ… කතං බුද‍්ධස‍්ස සාසන”න‍්ති.

සියලු භව සිඳ දැමූ මම බැඳුම් සිඳ දැමූ ඇත්රජෙකු මෙන් ආශ්‍රව රහිතව වෙසෙමි. බුදුරජාණන් වහන්සේ වෙත මාගේ පැමිණීම ඒකාන්තයෙන් යහපත් විය. ත්‍රිවිද්‍යාලාභී වූ මම බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව ඉටුකළෙමි. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ට විමෝක්‍ෂයෝ ද ෂඩ් අභිඥාවෝ ද සාක්‍ෂාත් කරගත් මම බුදුරදුන්ගේ අනුශාසනාව ඉටුකළෙමි.”

අරහත‍්තං පන පත්‍වාපි තමෙව ගාථං අඤ‍්ඤාබ්‍යාකරණවසෙන අභාසි.

සුප්පිය තෙරුන් රහත් බවට පත්වීමෙන් පසුව ද සිය රහත්බව පෙන්වීම සඳහා (ප්‍රකාශ කිරීමට) එම ගාථාව ම දේශනා කළේය.

සුප‍්පියත්‍ථෙරගාථාවණ‍්ණනා නිට‍්ඨිතා.

සුප්පිය ථේරගාථා අර්ථ වර්ණනාව නිමියේය.