සොපාකත්ථෙරගාථාවණ්ණනා අට්ඨකථා
සොපාකත්ථෙරගාථාවණ්ණනා
සෝපාක ස්ථවිරගාථා වර්ණනාව
යථාපි එකපුත්තස්මින්ති ආයස්මතො සොපාකත්ථෙරස්ස ගාථා. කා උප්පත්ති? සො කිර පුරිමබුද්ධෙසු කතාධිකාරො හුත්වා තත්ථ තත්ථ විවට්ටූපනිස්සයං කුසලං උපචිනන්තො කකුසන්ධස්ස භගවතො කාලෙ අඤ්ඤතරස්ස කුටුම්බිකස්ස පුත්තො හුත්වා නිබ්බත්තො එකදිවසං සත්ථාරං දිස්වා පසන්නචිත්තො බීජපූරඵලානි සත්ථු උපනෙසි. පටිග්ගහෙසි භගවා අනුකම්පං උපාදාය . සො භික්ඛුසඞ්ඝෙ ච අභිප්පසන්නො සලාකභත්තං පට්ඨපෙත්වා සඞ්ඝුද්දෙසවසෙන තිණ්ණං භික්ඛූනං යාවතායුකං ඛීරභත්තං අදාසි. සො තෙහි පුඤ්ඤකම්මෙහි අපරාපරං දෙවමනුස්සෙසු සම්පත්තිං අනුභවන්තො එකදා මනුස්සයොනියං නිබ්බත්තො එකස්ස පච්චෙකබුද්ධස්ස ඛීරභත්තං අදාසි. එවං තත්ථ තත්ථ පුඤ්ඤානි කත්වා සුගතීසු එව පරිබ්භමන්තො ඉමස්මිං බුද්ධුප්පාදෙ පුරිමකම්මනිස්සන්දෙන සාවත්ථියං අඤ්ඤතරාය දුග්ගතිත්ථියා කුච්ඡිම්හි පටිසන්ධිං ගණ්හි. තස්ස මාතා දස මාසෙ කුච්ඡිනා පරිහරිත්වා පරිපක්කෙ ගබ්භෙ විජායනකාලෙ විජායිතුං අසක්කොන්තී මුච්ඡං ආපජ්ජිත්වා බහුවෙලං මතා විය නිපජ්ජි. තං ඤාතකා “මතා”ති සඤ්ඤාය සුසානං නෙත්වා චිතකං ආරොපෙත්වා දෙවතානුභාවෙන වාතවුට්ඨියා උට්ඨිතාය අග්ගිං අදත්වා පක්කමිංසු. දාරකො පච්ඡිමභාවිකත්තා දෙවතානුභාවෙන මාතුකුච්ඡිතො අරොගො නික්ඛමි. මාතා පන කාලමකාසි. දෙවතා තං ගහෙත්වා මනුස්සරූපෙන සුසානගොපකස්ස ගෙහෙ ඨපෙත්වා කතිපයකාලං පතිරූපෙන ආහාරෙන පොසෙසි. තතො පරං සුසානගොපකො ච නං අත්තනො පුත්තං කත්වා වඩ්ඪෙති. සො තථා වඩ්ඪෙන්තො තස්ස පුත්තෙන සුපියෙන නාම දාරකෙන සද්ධිං කීළන්තො විචරති. තස්ස සුසානෙ ජාතසංවඩ්ඪභාවතො සොපාකොති සමඤ්ඤා අහොසි.
“යථාපි එකපුත්තස්මිං” යනු ආයුෂ්මත් සෝපාක තෙරුන්ගේ ගාථාවකි. එහි උපත කෙසේ සිදුවීද? ඔහු පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද ප්‍රාර්ථනා ඇතිව, ඒ ඒ භවයන්හි ඉපිද නිවන් සැප පතාගෙන බොහෝ කුසල් රැස් කළේය. කකුසඳ නම් බුදුරජාණන් වහන්සේ ලොව පහළ වූ සමයෙහි එක් සිටුගෙදරක උපන් ඔහු, දිනක් ශාස්තෲන් වහන්සේ දැක පැහැදුණු සිතින් බුළු ඇට මද පිළිගැන්වූයේය. මා කෙරෙහි අනුකම්පාවෙන් භාග්‍යවතුන් වහන්සේ ඒවා පිළිගත් සේක. එම සිටුතුමා භික්ෂු සංඝයා කෙරෙහිද අතිශය ප්‍රසන්නව සලාක බත් පිහිටුවා, සංඝයා උදෙසා දෙන බත් වශයෙන් භික්ෂූන් වහන්සේලා තිදෙනෙකුට මරණයට පත්වන තෙක්ම කිරිබත් පූජා කළේය. හෙතෙම මේ පින්කම්වල බලයෙන් දෙව් මිනිස් දෙගතියෙහි සැප සම්පත් අනුභව කරමින්, සැරිසරන කල්හි, එක් මනුෂ්‍යාත්මභාවයක ඉපිද එක්තරා පසේ බුදුවරයෙකුට කිරිබත් පූජා කළේය. මෙලෙස ඒ ඒ භවයන්හිදී නොයෙක් පින්දහම් කරමින් කාම සුගතීන්හිම සැරිසැරූ මොහු මේ බුද්ධෝත්පාද කාලයෙහි පෙර කරන ලද අකුසල කර්මයක් නිසාවෙන් සැවැත් නුවර එක්තරා දුප්පත් ස්ත්‍රියකගේ කුසෙහි පිළිසිඳ ගත්තේය. ඔහුගේ මව දසමසක් කුසින් ගැබ දරාගෙන සිට, මුහුකුරා ගොස් වදන කල්හි, දරුගැබ හරස්වීමෙන් සිහි මූර්ඡාවී මැරුණාක් මෙන් සිටියාය. මෙසේ බොහෝ වේලාවක් සිටි බැවින් “ඇය මළේයැ”යි සිතූ නෑයෝ, ඇය සොහොනට ගෙන ගොස් චිතකයකට නංවා, දේවතානුභාවය නිසා හටගත් අවුවැසි සුළං නිසා ගිනි දැල්විය නොහැකිව නැවත හැරී ආහ. (පැමිණියහ) පශ්චිම භාවියකු වූ දරුවා දේවතානුභාවයෙන් මවුකුසින් සුවසේ බිහිවිය. මවු කළුරිය කළාය. දෙවියෝ ඔහු රැගෙන මනුෂ්‍ය රූපයෙන් සොහොන් පල්ලාගේ ගෙයි තබාගෙනම කිහිපදිනක් සුදුසු ආහාරවලින් දරුවා පෝෂණය කළහ. ඉන්පසු කාලයක එම සොහොන් පල්ලා, මෙම දරුවා තම පුතෙකු මෙන් ඇති දැඩි කළේය. ඒ දරුවා මෙලෙස වැඩෙමින්, ඒ සොහොන් පල්ලාගේ පුතු වූ සුප්පිය සමග කෙළිසෙල්ලම් කරමින් සිටියේය. ඔහු සොහොනේම ඉපිද, එහිම වැඩෙමින් සිටි බැවින් “සෝපාක” නමින් ප්‍රකට විය.
අථෙකදිවසං සත්තවස්සිකං තං භගවා පච්චූසවෙලාය ඤාණජාලං පත්ථරිත්වා වෙනෙය්යබන්ධවෙ ඔලොකෙත්වා ඤාණජලන්තොගධං දිස්වා සුසානට්ඨානං අගමාසි. දාරකො පුබ්බහෙතුනා චොදියමානො පසන්නමානසො සත්ථාරං උපසඞ්කමිත්වා වන්දිත්වා අට්ඨාසි. සත්ථා තස්ස ධම්මං කථෙසි. සො ධම්මං සුත්වා පබ්බජ්ජං යාචිත්වා “පිතරා අනුඤ්ඤාතොසී”ති වුත්තො පිතරං සත්ථු සන්තිකං නෙසි. තස්ස පිතා සත්ථාරං උපසඞ්කමිත්වා වන්දිත්වා “භන්තෙ, ඉමං දාරකං පබ්බාජෙථා”ති අනුජානි. සත්ථා තං පබ්බාජෙත්වා මෙත්තාභාවනාය නියොජෙසි. සො මෙත්තාකම්මට්ඨානං ගහෙත්වා සුසානෙ විහරන්තො ච චිරස්සෙව මෙත්තාඣානං නිබ්බත්තෙත්වා ඣානං පාදකං කත්වා විපස්සනං වඩ්ඪෙත්වා අරහත්තං සච්ඡාකාසි. තෙන වුත්තං අපදානෙ (අප· ථෙර 2.45.1-7) –
එක් දිනක් අප භාග්‍යවතුන් වහන්සේ ඉතා අලුයම් කාලයෙහි සිය නුවණ දැල විසිරුවා හික්මවිය හැකි සත්ත්වයන් දෙස බලන සේක් මේ සත් හැවිරිදි සෝපාක දරුවා දුටු සේක. දැක එම සොහොනට වැඩම කළ ශාස්තෲන් වහන්සේ වෙත, පෙර කරන ලද කුසල කර්ම නිසා මෙහෙයවුණු සෝපාක පැමිණ වැඳ පසෙකින් හිඳ ගත්තේය. ශාස්තෲන් වහන්සේ ඔහුට දහම් දෙසූ සේක. බණ ඇසූ ඔහු පැවිද්ද ඉල්ලීය. “පියාගෙන් අවසර ලැබුණේද?” යි ඇසූ කල්හි සෝපාක පියා වෙත ගොස් පැවිදිවීමට අවසර ඉල්ලීය. ඔහුගේ පියා ශාස්තෲන් වහන්සේ වෙත පැමිණ, වැඳ “ස්වාමීනි! මේ දරුවා පැවිදි කරන සේක්වා”යි ඉල්වීය. ශාස්තෲන් වහන්සේ සෝපාක කුමරු පැවිදි කරවා මෛත්‍රී භාවනා කමටහනෙහි නියුක්ත කළ සේක. මෛත්‍රී කමටහන වඩමින් සොහොනේ වාසය කළ සෝපාක තෙරුන් නොබෝ දිනකින්ම මෛත්‍රී ධ්‍යානය උපදවාගෙන, එම ධ්‍යානයම පාදක කරගත් සේක; විදසුන් වඩා රහත් ඵලය සාක්ෂාත් කරගත් සේක. අපදාන පාළියේ එම තෙරුන් මෙසේ ප්‍රකාශ කරයි. (අපදාන පාළි II, විභීටක මිඤ්ජිය ත්‍ථෙරාපදානං)
“කකුසන්ධො මහාවීරො, සබ්බධම්මාන පාරගූ; ගණම්හා වූපකට්ඨො සො, අගමාසි වනන්තරං.
“සියලු ධර්මයන්ගේ පරතෙරට පැමිණි ඒ කකුසඳ බුදුරජාණන් වහන්සේ සමූහයා කෙරෙන් වෙන්ව හුදකලාව වනයට වැඩි සේක.
“බීජමිඤ්ජං ගහෙත්වාන, ලතාය ආවුණිං අහං; භගවා තම්හි සමයෙ, ඣායතෙ පබ්බතන්තරෙ.
මම බුළු ඇට මද ගෙන වැලක ඇමිණුවෙමි. එකල්හි භාග්‍යවතුන් වහන්සේ කඳු අතරේ හිඳ ධ්‍යාන වැඩූහ.
“දිස්වානහං දෙවදෙවං, විප්පසන්නෙන චෙතසා; දක්ඛිණෙය්යස්ස වීරස්ස, බීජමිඤ්ජමදාසහං.
ඒ බුදුරදුන් දුටු මම පැහැදුණු සිතින් දක්ෂිණාර්භ වූ වීරයන් වහන්සේට බුළු ඇට මද පිළිගැන්වීමි.
“ඉමස්මිංයෙව කප්පම්හි, යං මිඤ්ජමදදිං තදා; දුග්ගතිං නාභිජානාමි, බීජමිඤ්ජස්සිදං ඵලං.
එදා මම යම් බුළු ඇට දානයක් පිළිගැන්වූයෙම් ද එහි විපාක වශයෙන් මේ දක්වාම දුගතියක නූපන්නෙමි.
“කිලෙසා ඣාපිතා මය්හං…පෙ… කතං බුද්ධස්ස සාසන”න්ති.
මවිසින් කෙලෙස් දවන ලදි. සියලු භව නසන ලදි. ඇත්රජෙකු මෙන් බැඳුම් සිඳ දමා ආශ්‍රව රහිතව වෙසෙමි. -පෙ- බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව ඉටුකළෙමි.”
අරහා හුත්වා පන අඤ්ඤෙසං සොසානිකභික්ඛූනං මෙත්තාභාවනාවිධිං දස්සෙන්තො “යථාපි එකපුත්තස්මි”න්ති ගාථං අභාසි.
මෙසේ රහත් බවට පත්වූ උන්වහන්සේ සෙසු සොහොනේ වසන භික්ෂූන්ට මෛත්‍රී භාවනා කමටහනේ අගය පෙන්වමින් “යථාපි එකපුත්තස්මිං” යන ගාථාව වදාළ සේක.
තත්ථ යථාති ඔපම්මත්ථෙ නිපාතො. එකපුත්තස්මින්ති පුනාති ච කුලවංසං තායති චාති පුත්තො, අත්රජාදිභෙදො පුත්තො. එකො පුත්තො එකපුත්තො, තස්මිං එකපුත්තස්මිං. විසයෙ චෙතං භුම්මවචනං. පියස්මින්ති පියායිතබ්බතාය චෙව එකපුත්තතාය ච රූපසීලාචාරාදීහි ච පෙමකරණට්ඨානභූතෙ. කුසලීති කුසලං වුච්චති ඛෙමං සොත්ථිභාවො, තං ලභිතබ්බං එතස්ස අත්ථීති කුසලී, සත්තානං හිතෙසී මෙත්තජ්ඣාසයො. සබ්බෙසු පාණෙසූති සබ්බෙසු සත්තෙසු. සබ්බත්ථාති සබ්බාසු දිසාසු සබ්බෙසු වා භවාදීසු, සබ්බාසු වා අවත්ථාසු. ඉදං වුත්තං හොති – යථා එකපුත්තකෙ පියෙ මනාපෙ මාතාපිතා කුසලී එකන්තහිතෙසී භවෙය්ය, එවං පුරත්ථිමාදිභෙදාසු සබ්බාසු දිසාසු, කාමභවාදිභෙදෙසු සබ්බෙසු භවෙසු දහරාදිභෙදාසු සබ්බාසු අවත්ථාසු ච ඨිතෙසු සබ්බෙසු සත්තෙසු එකන්තහිතෙසිතාය කුසලී භවෙය්ය, “මිත්තො උදාසීනො පඤ්චත්ථිකො”ති සීමං අකත්වා සීමාසම්භෙදවසෙන සබ්බත්ථ එකරසං මෙත්තං භාවෙය්යාති. ඉමං පන ගාථං වත්වා “සචෙ තුම්හෙ ආයස්මන්තො එවං මෙත්තාභාවනං අනුයුඤ්ජෙය්යාථ, යෙ තෙ භගවතා ‘සුඛං සුපතී’තිආදිනා (අ· නි· 11.15) එකාදස මෙත්තානිසංසා වුත්තා, එකංසෙන තෙසං භාගිනො භවථා”ති ඔවාදමදාසි.
එහි “යථා” යනු උපමා අර්ථයේ නිපාතයකි. “එක පුත්තස්මිං” යනු කුල පරපුර පිරිසිදු කරයි, ආරක්ෂා කරයි යන අරුතින් “පුතා” නම් වේ. අනුජ ආදී භේද ඇති පුතා. දරුවා. එක පුතා. ඔහු කෙරෙහි, තම එකම පුතු කෙරෙහි. පුතු විෂයෙහි. මෙය සත්තමී විභක්ති වචනයකි. “පියස්මිං” යනු ප්‍රිය වන බැවින්, එකම පුතු බැවින් රූපය, හැසිරීම්, ආදියෙහි ප්‍රේම කරන බැවින්. “කුසලී” කුසල යනු ක්ෂේම වූ සුවපත් භාවයයි. “එය ලබාගැනීම මොහුට ඇත”යි ‘කුසලී’ නම් වේ. සත්ත්වයන් කෙරෙහි පතුරුවන හිතෛෂී මෙත් සහගත භාවයයි. “සබ්බෙසු පාණෙසු” යනු සියලු සතුන් කෙරෙහි. “සබ්බත්ථ” සෑම දිශාවකම. නැතිනම් සෑම භවාදියකම සිටින, නැතහොත් සෑම අවස්ථාවකම සිටින සත්ත්වයන් කෙරෙහි. එම ගාථාවේ අදහස මෙසේය. “යම් සේ ප්‍රිය වූ මනාප වූ එකම පුතු කෙරෙහි මාපියෝ මිත්‍රත්වයෙන් ඒකාන්ත හිතෛෂීභාවය පතුරුවන්නේ ද එමෙන්; පෙරදිග ආදී භේද ඇති සියලු දිශාවෙහිම, කාමාදී සියලු භවයන්හිම, ළදරු ආදි සෑම අවස්ථාවකම සිටින සියලු සතුන් කෙරෙහි ඒකාන්ත හිතෛෂීභාවය පතුරන්නේ නම්, “මොහු අපගේ මිතුරෙකි, මොහු සතුරෙකි” ආදී ලෙස සීමා නොකොට සීමා වෙන්කිරීම් බිඳ දමා සැම දෙනාටම එකම මෙත් සිත පතුරුවන්නේ නම් මැනවි. මේ ගාථාව වදාළ සෝපාක තෙරණුවෝ “ආයුෂ්මතුනි! ඉදින් නුඹ වහන්සේලා ද මේ මෛත්‍රී භාවනාව අනුව හික්මෙවු. මෛත්‍රී භාවනාව වඩවු. භාග්‍යවතුන් වහන්සේ විසින් “සැපසේ නිදයි” ආදී වශයෙන් මෛත්‍රී භාවනාවේ ආනිසංස එකොළොසක් දක්වන ලදහ. ඒකාන්තයෙන්ම නුඹලා එම ආනිසංස ලබන්නෝ වෙත්වා!”යි අවවාද දුන්හ.
සොපාකත්ථෙරගාථාවණ්ණනා නිට්ඨිතා.
සෝපාක ථේරගාථා අර්ථ වර්ණනාව නිමියේය.