පොසියත්ථෙරගාථාවණ්ණනා අට්ඨකථා
පොසියත්ථෙරගාථාවණ්ණනා
පෝසිය ස්ථවිරගාථා වර්ණනාව
අනාසන්නවරාති ආයස්මතො පොසියත්ථෙරස්ස ගාථා. කා උප්පත්ති? සො කිර පුරිමබුද්ධෙසු කතාධිකාරො තත්ථ තත්ථ විවට්ටූපනිස්සයං බහුං කුසලං උපචිනිත්වා සුගතීසු එව සංසරන්තො ඉතො ද්වෙනවුතෙ කප්පෙ තිස්සස්ස භගවතො කාලෙ මිගලුද්දො හුත්වා අරඤ්ඤෙ විචරති. අථ භගවා තස්ස අනුග්ගහං කාතුං අරඤ්ඤං ගන්ත්වා තස්ස චක්ඛුපථෙ අත්තානං දස්සෙසි. සො භගවන්තං දිස්වා පසන්නචිත්තො ආවුධං නික්ඛිපිත්වා උපසඞ්කමිත්වා අඤ්ජලිං පග්ගය්හ අට්ඨාසි. භගවා නිසීදිතුකාමතං දස්සෙසි. සො තාවදෙව තිණමුට්ඨියො ගහෙත්වා සමෙ භූමිභාගෙ සක්කච්චං සන්ථරිත්වා අදාසි. නිසීදි තත්ථ භගවා අනුකම්පං උපාදාය. නිසින්නෙ පන භගවති අනප්පකං පීතිසොමනස්සං පටිසංවෙදෙන්තො භගවන්තං වන්දිත්වා සයම්පි එකමන්තං නිසීදි. අථ භගවා “එත්තකං වට්ටති ඉමස්ස කුසලබීජ”න්ති උට්ඨායාසනා පක්කාමි. අචිරපක්කන්තෙ භගවති තං සීහො මිගරාජා ඝාතෙසි. සො කාලඞ්කතො දෙවලොකෙ නිබ්බත්ති. “සො කිර භගවති අනුපගච්ඡන්තෙ සීහෙන ඝාතිතො නිරයෙ නිබ්බත්තිස්සතී”ති තං දිස්වා භගවා සුගතියං නිබ්බත්තනත්ථං කුසලබීජරොපනත්ථඤ්ච උපසඞ්කමි.
“අනාසන්නවරා” යනු ආයුෂ්මත් පෝසිය තෙරුන් වහන්සේගේ ගාථාවකි. එහි උපත කෙසේද? උන්වහන්සේද පෙර බුදුවරුන් හමුවෙහි කළ ප්‍රාර්ථනා ඇති සේක. ඒ ඒ භවයන්හි ඉපිද නිවන් පතාගෙන බොහෝ කුසල දහම් රැස් කරගෙන කාම සුගතීන්හිම සැරිසරා මීට කල්ප අනූ හතරකට පෙර තිස්ස නම් භාග්‍යවතුන් වහන්සේ ලොව පහළ වූ සමයෙහි මුව වැද්දෙක් ව ඉපිද කැළයේ හැසිරුණේය. භාග්‍යවතුන් වහන්සේ ඔහුට අනුග්‍රහ කිරීම පිණිස කැළයට වැඩමවා ඔහුගේ ඇසට පෙනෙන සේ වැඩ සිටි සේක. උන්වහන්සේ දුටු පහන් සිත් ඇති වැදි තෙම දුනු හී පසෙක දමා ඇඳිලි බැඳගෙන සිටියේය. භාග්‍යවතුන් වහන්සේ හිඳගනු කැමති බවක් දැක්වූ සේක. ඔහු එකෙණෙහිම තණ මිටි ගෙන සමබිමක මැනවින් තණ අතුරා අසුන පිළිගැන්වීය. අනුකම්පා ඉපිද වූ භාග්‍යවතුන් වහන්සේ එම අසුනෙහි වැඩහුන් සේක. එසේ භාග්‍යවතුන් වහන්සේ වැඩහිඳි කල්හි අනල්ප වූ ප්‍රීති සොම්නස්භාවයට පත්ව, උන්වහන්සේ වැඳ නමස්කාර කළ වැදි තෙමේ තුටු වූ සිතින් එකත් පසෙක සිටියේය. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ “මොහුගේ කුසල බීජය සඳහා මෙපමණක්ම සෑහේ” යැයි දැන අසුනින් නැගිට වෙහෙරට වැඩි සේක. උන්වහන්සේ වැඩම කළ නොබෝ වේලාවකින් සිංහයකු විසින් එම වැද්දා මරන ලදි. කළුරිය කළ වැදිතෙම දෙව්ලොව උපන්නේ ය. එම වැදිතෙම භාග්‍යවතුන් වහන්සේ නොපැමිණි කල්හි සිංහයා විසින් මරන ලද්දේ නම් නිරයේ උපදින්නේය. මේ බව දුටු භාග්‍යවතුන් වහන්සේ ඔහු සුගතිගාමී කරවීමටත්, ඔහු තුළ කුසල් බීජ රෝපණයටත් කැළයට වැඩම කළ සේක.
සො තත්ථ යාවතායුකං ඨත්වා තතො දෙවලොකතො චවිත්වා සුගතීසුයෙව පරිවත්තෙන්තො ඉමස්මිං බුද්ධුප්පාදෙ සාවත්ථියං අඤ්ඤතරස්ස මහාවිභවස්ස සෙට්ඨිනො පුත්තො සඞ්ගාමජිතත්ථෙරස්ස කනිට්ඨභාතා හුත්වා නිබ්බත්ති. පොසියොතිස්ස නාමං අහොසි. සො වයප්පත්තො දාරපරිග්ගහං කත්වා එකං පුත්තං ලභිත්වා අන්තිමභවිකතාය ධම්මතාය චොදියමානො ජාතිආදිං පටිච්ච උප්පන්නසංවෙගො පබ්බජිත්වා අරඤ්ඤං පවිසිත්වා වූපකට්ඨො හුත්වා චතුසච්චකම්මට්ඨානභාවනං අනුයුඤ්ජන්තො නචිරස්සෙව විපස්සනං උස්සුක්කාපෙත්වා අරහත්තං පාපුණි. තෙන වුත්තං අපදානෙ (අප· ථෙර 2.53.1-12) –
එසේ ලැබූ දිව්‍යාත්ම භාවයේ පරමායුෂ වින්දනය කළ හෙතෙම ඉන් චුත වී කාම සුගතීන්හිම සැරිසැරුවේය. අප තථාගතයන් වහන්සේ ලොව පහළ වූ සමයෙහි සැවැත් නුවර එක්තරා මහත් සම්පත් ඇති සිටුගෙදරක සංග්රාමජිත් තෙරුන්ගේ බාල සොහොයුරාව උපන්නේය. “පෝසිය” නමින් ප්‍රකට වූ එකුමරු වැඩිවියට පත්ව, විවාහ වී එක් දරුවෙකු ලැබීය. එය ඔහුගේ අවසන් භාවය බැවිනුත් පෙර කළ කුසල දහම්වලින් මෙහෙයවනු ලැබූ නිසාත් ජාති ජරා මරණාදිය පිළිබඳ හටගත් සංවේග ඇති බැවින්, පැවිදි වී ආරණ්‍යගත හුදකලා දිවියක් ගෙවමින් තචපංචක කර්මස්ථානය වැඩුවේය. උන්වහන්සේ නොබෝ දිනකින් ම විදර්ශනාව වඩා රහත් බවට පත්වූ සේක. එනිසා එම තෙරුන් තම චරිතාපදානය මෙලෙස අපදාන පාළියේ දක්වා ඇත. (අපදාන පාළි II, තිණමට්ඨිදායක ත්‍ථෙරාපදානං)
“හිමවන්තස්සාවිදූරෙ, ලම්බකො නාම පබ්බතො; තත්ථෙව තිස්සො සම්බුද්ධො, අබ්භොකාසම්හි චඞ්කමි.
“හිමවතට නුදුරෙහි ලම්බක නම් පර්වතයක් විය. එහි එළිමහනෙහි තිස්ස නම් සම්බුදුරජාණන් වහන්සේ සක්මන් කළ සේක.
“මිගලුද්දො තදා ආසිං, අරඤ්ඤෙ කානනෙ අහං; දිස්වාන තං දෙවදෙවං, තිණමුට්ඨිමදාසහං.
එකල මම මහවනයේ ඇවිදින මුව වැද්දෙක් වීමි. උන්වහන්සේට මම තණමිටක් පූජා කළෙමි.
“නිසීදනත්ථං බුද්ධස්ස, දත්වා චිත්තං පසාදයිං; සම්බුද්ධං අභිවාදෙත්වා, පක්කාමිං උත්තරාමුඛො.
එය දේවාතිදේව වූ බුදුරජාණන් වහන්සේට හිඳීම සඳහා දී සිත පහදවා ගත්තෙමි. ශාස්තෲන් වහන්සේ වැඳ පුදා ගත් මම උතුරු දෙසට හැරී ගියෙමි.
“අචිරං ගතමත්තස්ස, මිගරාජා අපොථයි; සොහෙන පොථිතො, සන්තො තත්ථ කාලඞ්කතො අහං.
එසේ ගිය නොබෝ වේලාවකින්ම සිංහයෙක් මා මැරීය. සිංහයා පැන මරා දැමූ මම එහිදීම මියගොස්, මරණාසන්න අවස්ථාවෙහි ආශ්‍රව රහිත බුද්ධ ශ්‍රේෂ්ඨයන් විෂයෙහි කරන ලද ඒ උතුම් පින්කමේ විපාක වශයෙන් දුන්නෙන් මිදුණු හීයක් මෙන් දෙව්ලොව උපන්නෙමි.
“ආසන්නෙ මෙ කතං කම්මං, බුද්ධසෙට්ඨෙ අනාසවෙ; සුමුත්තො සරවෙගොව, දෙවලොකමගච්ඡහං.
“යූපො තත්ථ සුභො ආසි, පුඤ්ඤකම්මාභිනිම්මිතො; සහස්සකණ්ඩො සතභෙණ්ඩු, ධජාලු හරිතාමයො.
ඒ පින්කමේ ඵල වශයෙන් මට පහළ වූ විමානය ඉතා යහපත් එකකි. එහි බෙදුම් දාහකි. ගෝලාකාර මුදුන් සීයකි. ධජයන්ගෙන් පිරිපුන්ය.
“පභා නිද්ධාවතෙ තස්ස, සතරංසීව උග්ගතො; ආකිණ්ණො දෙවකඤ්ඤාහි, ආමොදිං කාමකාමිහං.
කොළ පැහැයෙන් යුතු විය. උදා වූ හිරු මෙන් බබළන ඒ ප්‍රාසාදයේ දිව්‍යාංගනාවන් විසින් පිරිවරාගත් මම අධික කම් සුව වින්දෙමි.”
“දෙවලොකා චවිත්වාන, සුක්කමූලෙන චොදිතො; ආගන්ත්වාන මනුස්සත්තං, පත්තොම්හි ආසවක්ඛයං.
“එම කුශල මූලයේ විපාක වශයෙන් දෙව් සැප උපරිමව විඳ, මිනිසත් බවට පැමිණ ආශ්‍රවයන් ක්ෂය කළෙමි.
“චතුන්නවුතිතො කප්පෙ, නිසීදනමදාසහං; දුග්ගතිං නාභිජානාමි, තිණමුට්ඨෙ ඉදං ඵලං.
මෙයින් කල්ප අනූ හතරකට පෙර තණ ඇතිරියක් පූජා කිරීමේ සිට මේ දක්වා දුගතියක් නොලැබූවෙමි. තණමිටි පූජාවේ ආනිසංස එබඳුය.
“කිලෙසා ඣාපිතා මය්හං…පෙ… කතං බුද්ධස්ස සාසන”න්ති.
මවිසින් සියලු කෙලෙස් දවන ලදි. -පෙ- බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව මැනවින් ඉටුකළෙමි.”
අරහත්තං පන පත්වා භගවන්තං වන්දිතුං සාවත්ථිං ආගතො ඤාතිං අනුකම්පාය ඤාතිගෙහං අගමාසි. තත්ථ නං පුරාණදුතියිකා වන්දිත්වා ආසනදානාදිනා පඨමං උපාසිකා විය වත්තං දස්සෙත්වා ථෙරස්ස අජ්ඣාසයං අජානන්තී පච්ඡා ඉත්ථිකුත්තාදීහි පලොභෙතුකාමා අහොසි . ථෙරො “අහො අන්ධබාලා මාදිසෙපි නාම එවං පටිපජ්ජතී”ති චින්තෙත්වා කිඤ්චි අවත්වා උට්ඨායාසනා අරඤ්ඤමෙව ගතො. තං ආරඤ්ඤකා භික්ඛූ “කිං, ආවුසො, අතිලහුං, නිවත්තොසි, ඤාතකෙහි න දිට්ඨොසී”ති පුච්ඡිංසු. ථෙරො තත්ථ පවත්තිං ආචික්ඛන්තො “අනාසන්නවරා එතා”ති ගාථං අභාසි.
රහත් බවට පත් වූ පෝසිය තෙරණුවෝ බුදුරදුන්ට වැඳීම පිණිස සැවැත් නුවර පැමිණ, ඥාතීන් කෙරේ හටගත් කරුණාවෙන් නෑගෙවලට වැඩියහ. එවිට උන්වහන්සේගේ ගිහි කාලයේ බිරිඳ, වැඳ අසුන් පනවා පළමුව සැදැහැති උපාසිකාවක් මෙන් වත් පිළිවෙත් ඉටුකළාය. තෙරුන් වහන්සේගේ අදහස් නොදන්වා ඈ පසුව ස්ත්‍රී මායම් ආදියෙන් උන්වහන්සේ පොළඹවා ගැනීමට වෙහෙස වූවාය. තෙරණුවෝ “අනේ මේ අඳ බාල තැනැත්තිය, මා වැන්නන්ටද මෙසේ හැසිරෙන්නීය”යි සිතා කිසිවක්ම නොපවසා අසුනින් නැගිට වනයටම ගියහ. උන්වහන්සේ එනු දුටු ආරඤ්ඤික භික්ෂූහු “ඇවැත්නි! කිම වහාම පැමිණියේ ඇයි? ඤාතීහු දක්නට නොලැබේ ද?”යි විමසූහ. තෙරුන් වහන්සේ තමන් වහන්සේට සිදුවූ සිදුවීම ප්‍රකාශ කරන සේක්, “අනාසන්නචරා එතා” යන ගාථාව වදාළ සේක.
තත්ථ අනාසන්නවරාති එතා ඉත්ථියො න ආසන්නා අනුපගතා, දූරෙ එව වා ඨිතා හුත්වා වරා පුරිසස්ස සෙට්ඨා හිතාවහා, තඤ්ච ඛො නිච්චමෙව සබ්බකාලමෙව, න රත්තිමෙව, න දිවාපි, න රහොවෙලායපි. විජානතාති විජානන්තෙන. “අනාසන්නපරා”තිපි පාළි, සො එවත්ථො. අයඤ්හෙත්ථ අධිප්පායො – චණ්ඩහත්ථිඅස්සමහිංසසීහබ්යග්ඝයක්ඛරක්ඛසපිසාචාපි මනුස්සානං අනුපසඞ්කමන්තො වරා සෙට්ඨා, න අනත්ථාවහා, තෙ පන උපසඞ්කමන්තා දිට්ඨධම්මිකංයෙව අනත්ථං කරෙය්යුං. ඉත්ථියො පන උපසඞ්කමිත්වා දිට්ඨධම්මිකං සම්පරායිකං විමොක්ඛනිස්සිතම්පි අත්ථං විනාසෙත්වා මහන්තං අනත්ථං ආපාදෙන්ති, තස්මා අනාසන්නවරා එතා නිච්චමෙව විජානතාති. ඉදානි තමත්ථං අත්තූපනායිකං කත්වා දස්සෙන්තො “ගාමා”තිආදිමාහ. තත්ථ ගාමාති ගාමං. උපයොගත්ථෙ හි එතං නිස්සක්කවචනං. අරඤ්ඤමාගම්මාති අරඤ්ඤතො ආගන්ත්වා. ම-කාරො පදසන්ධිකරො, නිස්සක්කෙ චෙතං උපයොගවචනං. තතොති මඤ්චකතො. අනාමන්තෙත්වාති අනාලපිත්වා පුරාණදුතියිකං “අප්පමත්තා හොහී”ති එත්තකම්පි අවත්වා. පොසියොති අත්තානමෙව පරං විය වදති. යෙ පන “පක්කාමි”න්ති පඨන්ති, තෙසං අහං පොසියො පක්කාමින්ති යොජනා. යෙ පන “සා ඉත්ථී ථෙරං ඝරං උපගතං භොජෙත්වා පලොභෙතුකාමා ජාතා, තං දිස්වා ථෙරො තාවදෙව ගෙහතො නික්ඛමිත්වා විහාරං ගන්ත්වා අත්තනො වසනට්ඨානෙ මඤ්චකෙ නිසීදි. සාපි ඛො ඉත්ථී පච්ඡාභත්තං අලඞ්කතපටියත්තා විහාරෙ ථෙරස්ස වසනට්ඨානං උපසඞ්කමි. තං දිස්වා ථෙරො කිඤ්චි අවත්වා උට්ඨාය දිවාට්ඨානමෙව ගතො”ති වදන්ති, තෙසං “ගාමා අරඤ්ඤමාගම්මා”ති ගාථාපදස්ස අත්ථො යථාරුතවසෙනෙව නිය්යති. විහාරො හි ඉධ “අරඤ්ඤ”න්ති අධිප්පෙතො.
එහි “අනාසන්නචරා” යනු මේ ස්ත්‍රීහු නම් ළං නොවිය යුත්තෝය. සමීපයට නො ගිය යුත්තෝය. දුරින්ම හිඳගෙන කටයුතු කරන පුරුෂයාට හිත වැඩ සලසන්නෝය. එසේ ස්ත්රීන්ට ළංනොවීම නිතරම කළ යුතුයි. සැම කල්හිම කළ යුතුයි. දවල් ද රෑ ද රහසිගත වේලාවන්හි ද ළංනොවිය යුතුයි. “විජානතා” යනු කරුණු කාරණා දන්නහු විසින්. “අනාසන්නපරා” යන පාඨය ද සුදුසුය. එම අරුතම ගෙන දෙයි. මේ පාඨයේ අදහස මෙසේ දත යුතුයි. “චණ්ඩ වූ ඇත්, අස්, මී, ගව, සිංහ, ව්යාඝ්ර, යක්ෂ, රාක්ෂ, පිසාචාදීහු මනුෂ්‍යයන් සමීපයට නොඑත් නම් එය ශ්‍රේෂ්ඨය. අනර්ථය පිණිස හේතු නොවේ. ඒ සැඩ අමනුෂ්යාදීහු සමීප වීමෙන් මෙලොවදී පමණක්ම අනර්ථයක් සිදු කරති. ස්ත්‍රීහු වනාහි පුරුෂයන්ට ළංවී මෙලොවත් පරලොවත් යහපත නසති. සසරින් මිදීමට ඇති හැකියාව ද වනසා දමා මහත් වූ අනර්ථයකට පුරුෂයා ඇද දමති. එනිසා “මේ ස්ත්‍රීහු නම් කරුණු කාරණා දන්නහු විසින් නිතරම සමීපයට නොඑළඹිය යුත්තෝ වෙති.” දැන් එම කාරණය තමා මුල් කරගෙන දක්වන සේක් “ගාමා” යනාදී පදය වදාළහ. එහි “ගාමා” යනු ගම්මානයයි. මෙය දුතියා අර්ථයේ යෙදුණු පඤ්චමී විභක්තී වචනයකි. “අරඤ්ඤමාගම්ම” යනු අරණ්‍යයෙන් අවුත්. “ම” යන්න පද දෙක සන්ධි කරන්නකි. “අරඤ්ඤං” යන්න පංචමී අර්ථයේ යෙදුණු දුතියා විභක්ති පදයකි. “තතො” යනු ඒ කුඩා ඇඳෙන්. “අනාමන්තෙත්වා” යනු කථාබහ නොකර, පැරණි බිරිඳට “අප්‍රමාදීවන්න” යනාදී වචනයක්වත් නොපවසා. “පොසියො” යනු තමාම අනිකකු මෙන් දක්වා කියයි. ඇතැම්හු මෙම වචනය “පක්කමිං” වියයුතු බව පවසති. ඔවුන්ට “පෝසිය නම් වූ මම පිටත්ව ගියෙමි” යනු පද පිළිවෙලයි. ඇතැම්හු ඒ ස්ත්‍රිය තම ගෙදරට පැමිණි තෙරුන් පොළඹවානු කැමති වූවාය. එය දුටු තෙරණුවෝ වහාම නැගිට, ගෙදරින් නික්ම විහාරයට ගොස් තමන්ගේ කුටියෙහි ඇඳෙහි හුන්හ. ඒ ස්ත්‍රියද පසුබත් කාලයේ අලංකාරව සැරසී විහාරයට අවුත් තෙරුන්ගේ කුටියට ම පිවිසියාය. එය දුටු තෙරුන් කිසිවක් නොපවසා ඇඳෙන් නැගිට වහාම දවල් වසන තැනට වැඩියේය”යි පවසති. ඔවුන්ට “ගාමා අරඤ්ඤමාගම්ම” යන පදයේ අර්ථය ඉහත පැවසූ ලෙසම ගත හැකිය. මෙහිදී “විහාර” යනුවෙන් ආරණ්යයම අදහස් කරන ලදි.
පොසියත්ථෙරගාථාවණ්ණනා නිට්ඨිතා.
පෝසිය ථේරගාථා අර්ථ වර්ණනාව නිමියේය.