සාමඤ්ඤකානිත්ථෙරගාථාවණ්ණනා අට්ඨකථා
සාමඤ්ඤකානිත්ථෙරගාථාවණ්ණනා
සාමඤ්ඤකානි ස්ථවිරගාථා වර්ණනාව
සුඛං සුඛත්ථොති ආයස්මතො සාමඤ්ඤකානිත්ථෙරස්ස ගාථා. කා උප්පත්ති? සො කිර පුරිමබුද්ධෙසු කතාධිකාරො හුත්වා තත්ථ තත්ථ භවෙ කුසලං උපචිනන්තො ඉතො එකනවුතෙ කප්පෙ විපස්සිස්ස භගවතො කාලෙ මනුස්සයොනියං නිබ්බත්තො විපස්සිං භගවන්තං දිස්වා පසන්නමානසො එකං මඤ්චං අදාසි. සො තෙන පුඤ්ඤකම්මෙන දෙවමනුස්සෙසු සංසරන්තො ඉමස්මිං බුද්ධුප්පාදෙ අඤ්ඤතරස්ස පරිබ්බාජකස්ස පුත්තො හුත්වා නිබ්බත්ති. සාමඤ්ඤකානීතිස්ස නාමං අහොසි. සො විඤ්ඤුතං පත්තො සත්ථු යමකපාටිහාරියං දිස්වා පසන්නමානසො සාසනෙ පබ්බජිත්වා චරියානුකූලං කම්මට්ඨානං ගහෙත්වා ඣානං නිබ්බත්තෙත්වා ඣානං පාදකං කත්වා විපස්සනං වඩ්ඪෙත්වා අරහත්තං පාපුණි. තෙන වුත්තං අපදානෙ (අප· ථෙර 1.36.30-33) –
“සුඛං සුඛත්ථො” යනු ආයුෂ්මත් සාමඤ්ඤකානි තෙරුන්ගේ ගාථාවකි. එහි උපත කෙසේද? උන්වහන්සේද පෙර බුදුවරුන් සමීපයේදී කළ ප්‍රාර්ථනා ඇතිව ඒ ඒ භවයන්හි ඉපිද කුසල දහම් රැස් කරනුයේ මෙයින් කල්ප අනූ එකකට පෙර පහළ වූ විපස්සි භාග්‍යවතුන් වහන්සේගේ කාලයේදී මනුෂ්‍යයෙක්ව උපන්හ. හෙතෙම විපස්සි බුදුරජාණන් වහන්සේ දැක පැහැදුණු සිතින් එක් ඇඳක් පූජා කළේය. ඔහු ඒ පින්කමේ විපාක වශයෙන් දෙව් මිනිසුන් අතර සැරිසරමින් අවුත් අපගේ බුදුරජාණන් වහන්සේ ලොව පහළ වූ සමයේ එක්තරා පරිව්‍රාජක පුත්රයෙක්ව උපන්නේ ය. “සාමඤ්ඤකානි” නමින් ප්‍රකට වූ ඔහු, වැඩිවියට පැමිණ ශාස්තෲන් වහන්සේගේ යමක මහා ප්රාතිහාර්යය දැක සසුනේ පැවිදි විය. චරිතයට යෝග්‍ය කමටහන් ගෙන ධ්‍යාන උපදවාගත් උන්වහන්සේ, එම ධ්‍යානයම පාදක කරගෙන විදසුන් වඩා රහත් වූහ. උන්වහන්සේ තම චරිතා පදානය මෙසේ දැක්වූහ. (අපදාන පාළි II, මඤ්චදායක ත්‍ථෙරාපදානං)
“විපස්සිනො භගවතො, ලොකජෙට්ඨස්ස තාදිනො; එකං මඤ්චං මයා දින්නං, පසන්නෙන සපාණිනා.
“ලෝක ජ්‍යෙෂ්ඨ වූ තාදී ගුණ ඇති විපස්සී බුදුරජාණන් වහන්සේට මම පැහැදුණු සිතින් යුක්තවූයෙම් සියතින්ම එක් ඇඳක් පූජා කළෙමි.
“හත්ථියානං අස්සයානං, දිබ්බයානං සමජ්ඣගං; තෙන මඤ්චක දානෙන, පත්තොම්හි ආසවක්ඛයං.
එසේ ඇඳක් පිදීමේ පිනින් මම ඇත්, අස්, දිව්‍ය ආදී යාන ලැබුවෙමි. දැන් ආශ්රවක්ෂය කළෙමි.
“එකනවුතිතො කප්පෙ, යං මඤ්චමදදිං තදා; දුග්ගතිං නාභිජානාමි, මඤ්චදානස්සිදං ඵලං.
මෙයින් කල්ප අනූ එකකට පෙර යම් ඇඳක් පූජා කළෙම් ද එහි විපාක වශයෙන් මේ දක්වා දුගතියක නූපන්නෙමි. ඇඳ පූජා කිරීමේ විපාක මෙබඳුය.
“කිලෙසා ඣාපිතා මය්හං…පෙ… කතං බුද්ධස්ස සාසන”න්ති.
මවිසින් සියලු කෙලෙස් දවන ලදි. සියලු භව නසන ලදි. ඇත්රජෙකු මෙන් බැඳුම් සිඳ දමා වෙසෙමි. -පෙ- මවිසින් බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව ඉටුකළෙමි.”
ථෙරස්ස පන ගිහිසහායකො කාතියානො නාම පරිබ්බාජකො බුද්ධුප්පාදතො පට්ඨාය තිත්ථියානං හතලාභසක්කාරතාය ඝාසච්ඡාදනමත්තම්පි අලභන්තො ආජීවකාපකතො ථෙරං උපසඞ්කමිත්වා “තුම්හෙ සාකියපුත්තියා නාම මහාලාභග්ගයසග්ගප්පත්තා සුඛෙන ජීවථ, මයං පන දුක්ඛිතා කිච්ඡජීවිකා, කථං නු ඛො පටිපජ්ජමානස්ස දිට්ඨධම්මිකඤ්චෙව සම්පරායිකඤ්ච සුඛං සම්පජ්ජතී”ති පුච්ඡි. අථස්ස ථෙරො “නිප්පරියායතො සුඛං නාම ලොකුත්තරසුඛමෙව, තඤ්ච තදනුරූපං පටිපත්තිං පටිපජ්ජන්තස්සෙවා”ති අත්තනා තස්ස අධිගතභාවං පරියායෙන විභාවෙන්තො “සුඛං සුඛත්ථො ලභතෙ තදාචර”න්ති ගාථං අභාසි.
එම තෙරුන්ගේ ගිහිකළ යහළුවෙකු වූ “කාතියාන” නම් පිරිවැජියා; බුදුරජාණන් වහන්සේගේ පහළවීමේ සිට අන්‍ය තීර්ථකයන්ගේ ලාභ සත්කාරාදිය නැසුණු බැවින්, කෑම් බීම් ආදී පමණක්වත් නොලැබ ආජීවක බව පිළිබඳව කළකිරී තෙරුන් වහන්සේ වෙත එළඹ මෙසේ ඇසීය. “නුඹ වහන්සේලා ශාක්‍යපුත්‍රයෝ නම් වෙති. මහත් වූ ලාභ සත්කාර කීර්ති ආදියෙන් අග්‍රප්‍රාප්තව සුවසේ ජීවත් වන්නෝය. අපි වනාහි දුක්ඛිතව දුෂ්කරව ජීවත්වෙමු. කෙසේ පිළිපදින්නහුට මෙලොවත් පරලොවත් සැප ලැබේද?”යි ප්‍රශ්න කළ කල්හි තෙරණුවෝ “නොවෙනස්වන සැපයක් ඇත්නම් ඒ ලෝකෝත්තර සැපයම වේ. එය ලැබෙනුයේ ඊට අනුකූල වූ පිළිවෙත් සම්පූර්ණ කිරීමෙනි”යි වදාරා; තමන් වහන්සේ එම සැපයට පැමිණි බව ප්‍රකට කරන සේක්, “සුඛං සුඛත්ථො ලභතෙ තදාචරං” යන ගාථාව වදාළ සේක.
තත්ථ සුඛන්ති නිරාමිසං සුඛං ඉධාධිප්පෙතං. තඤ්ච ඵලසමාපත්ති චෙව නිබ්බානඤ්ච. තථා හි “අයං සමාධි පච්චුප්පන්නසුඛො චෙව ආයතිඤ්ච සුඛවිපාකො” (දී· නි· 3.355; අ· නි· 5.27; විභ· 804) “නිබ්බානං පරමං සුඛ”න්ති (ධ· ප· 203-204) ච වුත්තං. සුඛත්ථොති සුඛප්පයොජනො, යථාවුත්තෙන සුඛෙන අත්ථිකො. ලභතෙති පාපුණාති, අත්ථිකස්සෙවෙදං සුඛං, න ඉතරස්ස. කො පන අත්ථිකොති ආහ “තදාචර”න්ති තදත්ථං ආචරන්තො, යාය පටිපත්තියා තං පටිපත්තිං පටිපජ්ජන්තොති අත්ථො. න කෙවලං තදාචරං සුඛමෙව ලභතෙ, අථ ඛො කිත්තිඤ්ච පප්පොති “ඉතිපි සීලවා සුපරිසුද්ධකායවචීකම්මන්තො සුපරිසුද්ධාජීවො ඣායී ඣානයුත්තො”තිආදිනා කිත්තිං පරම්මුඛා පත්ථටයසතං පාපුණාති. යසස්ස වඩ්ඪතීති සම්මුඛෙ ගුණාභිත්ථවසඞ්ඛාතො පරිවාරසම්පදාසඞ්ඛාතො ච යසො අස්ස පරිබ්රූහති. ඉදානි “තදාචර”න්ති සාමඤ්ඤතො වුත්තමත්ථං සරූපතො දස්සෙන්තො – “යො අරියමට්ඨඞ්ගිකමඤ්ජසං උජුං, භාවෙති මග්ගං අමතස්ස පත්තියා”ති ආහ. තස්සත්ථො යො පුග්ගලො කිලෙසෙහි ආරකත්තා පරිසුද්ධට්ඨෙන පටිපජ්ජන්තානං අරියභාවකරණට්ඨෙන අරියං, සම්මාදිට්ඨිආදිඅට්ඨඞ්ගසමුදායතාය අට්ඨඞ්ගිකං, අන්තද්වයරහිතමජ්ඣිමපටිපත්තිභාවතො අකුටිලට්ඨෙන අඤ්ජසං, කායවඞ්කාදිප්පහානතො උජුං, නිබ්බානත්ථිකෙහි මග්ගනියට්ඨෙන කිලෙසෙ මාරෙන්තො ගමනට්ඨෙන ච “මග්ග”න්ති ලද්ධනාමං දුක්ඛනිරොධගාමිනිපටිපදං අමතස්ස අසඞ්ඛතාය ධාතුයා පත්තියා අධිගමාය භාවෙති අත්තනො සන්තානෙ උප්පාදෙති වඩ්ඪෙති ච, සො නිප්පරියායෙන “සුඛත්ථො තදාචර”න්ති වුච්චති, තස්මා යථාවුත්තං සුඛං ලභති. තං සුත්වා පරිබ්බාජකො පසන්නමානසො පබ්බජිත්වා සම්මා පටිපජ්ජන්තො නචිරස්සෙව විපස්සනං වඩ්ඪෙත්වා අරහත්තං පාපුණි. ඉදමෙව ථෙරස්ස අඤ්ඤාබ්යාකරණං අහොසි.
එහි “සුඛං” යනු සැපයි. නිරාමිස සුවය මෙහිදී අදහස් වේ. ඵලසමාපත්තිය හා නිර්වාණය මෙහිදී අදහස් කරයි. එය එසේමැයි. මේ සමාධි නම් ශික්ෂාව වර්තමානයේම සැප ගෙන දෙයි. අනාගතයේ සැප විපාක ලබාදෙයි. ‘නිවන උතුම්ම වූ සැපය’ යැයි කියන ලදි. “සුඛත්ථො” යනු සැපය කැමැත්තා, ඉහත විස්තර කළ සැපයෙන් ප්‍රයෝජනයක් ඇත්තා. “ලභතෙ” යනු පැමිණෙයි. සැප වේදනාව කැමැත්තාටම ලැබේ. අන්‍යයන්ට නොලැබේ. සැප කැමැත්තා කවරෙක්දැ”යි පැවසීමට “තදාචරං” ආදිය දැක්විණි. එම සැපය නම් වූ අර්ථය පිණිස හැසිරෙන්නේ. යම් පිළිවෙතකින් යුක්ත වූ. සැප ලබන පිළිවෙත් පුරන්නේ යන අර්ථයයි. හුදෙක් එම පිළිවෙත් පිරීමෙන් අපේක්ෂිත වූ සැපය පමණක් නොව කීර්තිය ද ලැබේ. “මොහු සිල්වතෙකි. ඉතා පිරිසිදු කාය වාග් හැසිරීම් ඇත්තෙකි. ධ්‍යාන වඩන්නෙකි. ධ්‍යානාංගයන්ගෙන් පිරිපුන් වූවෙකි.” ආදී වශයෙන් කීර්තිය අනභිමුඛයෙහි ද (තමා නැති තැන ද) හොඳ නම පැතිරීම් වශයෙන් ලැබේ. “යසස්ස වඩ්ඪති” යනු ඉදිරියේදී ගුණ පැවසීම්, ස්තූති කිරීම් ආදියෙන්ද පිරිවර සම්පත් ආදි වශයෙන් ද ඔහුගේ යසස වැඩේ. දැන් “තදාචරං” යනුවෙන් නාමිකව දැක්වූ අර්ථයෙහි පිළිපැදිය යුතු පිළිවෙතෙහි ස්වභාවය දක්වමින්, “යො අරියමඩ්ඨඞ්ගික මඤ්ජසං උජුං භාවෙති මග්ගං අමතස්ස පත්තියා” යනුවෙන් වදාළහ. එහි අර්ථය මෙසේය. “යම් පුද්ගලයෙක් කෙලෙස්වලින් දුරු වී පිරිසිදුවීම සඳහා පිළිපදිනු ලබන ප්‍රතිපත්තිය, ආර්යභාවය ගෙන දෙන බැවින් “අරියං” නම් වේ. සම්මා දිට්ඨිය ආදි වශයෙන් අංග අටකින් සමන්විත බැවින් “අට්ඨංගික” නම් වේ. අන්ත දෙකින් බැහැර වූ මැදුම් පිළිවෙත වැඩීම් වශයෙන්, ඇද රහිත වූ බැවින් “අඤ්ජසං” (මාර්ගය) නම් වූ. කයින් වන වැරදි ආදියෙන් දුරු වූ බැවින් “උජුං” (සෘජු) නම් වූ නිවණ කැමැත්තවුන් විසින් මාර්ගයෙහි යෙදීමෙන්, කෙලෙසුන් වනසා දමමින් ගමන් කිරීමෙන් “මග්ගං” යනු මාර්ගය වශයෙන් ලැබූ නම් ඇති. දුක් නැති කරන පිළිවෙත; නිවණට, අසංඛත ධාතුවට පැමිණීම සඳහා හෝ අවබෝධ කර ගැනීම සඳහා හෝ අවබෝධ කරගැනීම සඳහා වඩයි; තමාගේ සන්තානයෙහි උපදවයි, වඩයි. එසේ වඩන පුද්ගලයා නොවෙනස්වන සැපය “තදාචරං” ලැබීමට කැමැත්තා එහි හැසිරෙයි. එනිසා ඔහු ඉහත විස්තර කළ සැප ලබයි. මෙම දේශනාව ඇසූ පිරිවැජියා පැහැදුණු සිතින් යුක්තව සසුනේ පැවිදි විය. යහපත් වූ ආර්‍ය්‍ය මාර්ගයෙහි ගමන් කළ හෙතෙම නොබෝ කලකින් ම විදසුන් වඩා රහත් බව ලබාගත්තේය. මෙම ගාථාවම සාමඤ්ඤානි තෙරුන්ගේ රහත් බව ප්‍රකාශ විය.
සාමඤ්ඤකානිත්ථෙරගාථාවණ්ණනා නිට්ඨිතා.
සාමඤ්ඤකානි ථේරගාථා අර්ථ වර්ණනාව නිමියේය.