කුමාරපුත්තත්ථෙරගාථාවණ්ණනා අට්ඨකථා
කුමාරපුත්තත්ථෙරගාථාවණ්ණනා
කුමාපුත්ත ස්ථවිරගාථා වර්ණනාව
සාධු සුතන්ති ආයස්මතො කුමාපුත්තත්ථෙරස්ස ගාථා. කා උප්පති? සො කිර පුරිමබුද්ධෙසු කතාධිකාරො ඉතො එකනවුතෙ කප්පෙ අජිනචම්මවසනො තාපසො හුත්වා බන්ධුමතීනගරෙ රාජුය්යානෙ වසන්තො විපස්සිං භගවන්තං පස්සිත්වා පසන්නමානසො පාදබ්භඤ්ජනතෙලං අදාසි. සො තෙන පුඤ්ඤකම්මෙන දෙවලොකෙ නිබ්බත්තො. තතො පට්ඨාය සුගතීසුයෙව සංසරන්තො ඉමස්මිං බුද්ධුප්පාදෙ අවන්තිරට්ඨෙ වෙළුකණ්ටකනගරෙ ගහපතිකුලෙ නිබ්බත්තො. “නන්දො”තිස්ස නාමං අකංසු. මාතා පනස්ස කුමා නාම, තෙන කුමාපුත්තොති පඤ්ඤායිත්ථ. සො ආයස්මතො සාරිපුත්තස්ස සන්තිකෙ ධම්මං සුත්වා ලද්ධප්පසාදො පබ්බජිත්වා කතපුබ්බකිච්චො පරියන්තපබ්බතපස්සෙ සමණධම්මං කරොන්තො විසෙසං නිබ්බත්තෙතුං අසක්කොන්තො භගවන්තං උපසඞ්කමිත්වා ධම්මං සුත්වා කම්මට්ඨානං සොධෙත්වා සප්පායට්ඨානෙ වසන්තො විපස්සනං වඩ්ඪෙත්වා අරහත්තං සච්ඡාකාසි. තෙන වුත්තං අපදානෙ (අප· ථෙර 2.53.24-30) –
“සාධු සුතං” යනු ආයුෂ්මත් කුමා පුත්ත තෙරුන් වහන්සේගේ ගාථාවයි. එහි උපත කෙසේද? මේ තෙරුන් වහන්සේ ද පෙර බුදුවරු හමුවෙහි කරන ලද ප්‍රාර්ථනා ඇතිව, මෙයින් කල්ප අනූ එකකට පෙර අඳුන් දිවිසම් පොරවාගත් තාපසයෙක් වී බන්ධුමතී නුවර රාජෝද්‍යානයේ වාසය කළහ. ඒ තවුසා විපස්සි භාග්‍යවතුන් වහන්සේ දැක පැහැදුණු සිතින්, පයේ ගල්වන තෙල් පිළිගැන්වීය. ඔහු ඒ පින්කමේ විපාක වශයෙන් දෙව්ලොව ඉපිද, එතැන් පටන් සුගතීන්හිම සැරිසරමින් අවුත් අප තථාගතයන් වහන්සේ ලොව පහළ වූ සමයේදී අවන්ති රට වෙලුකණ්ටක නම් නුවර ගහපති කුලයක උපන්නේය. නන්ද නමින් ප්‍රකට වූ ඔහුගේ මව “කුමා” නම් වූවාය. එනිසා “කුමාපුත්ත” යනුවෙන් ද ජනයා මොහු හැඳින්වූහ. ඔහු වැඩිවිය පත්ව සාරිපුත්ත මහරහතන් වහන්සේ සමීපයේදී බණ අසා ලැබූ ශ්‍රද්ධා ඇතිව පැවිදි විය. පසුව උපසම්පදාව ද ලැබූ උන්වහන්සේ කරන ලද පූර්ව කටයුතු ඇති සේක්, පිටිසර පර්වත පෙදෙසක වෙසෙමින් මහණදම් පුරන නමුත් ගුණ විශේෂයක් උපදවා ගැනීමට අපොහොසත් විය. එනිසා භාග්‍යවතුන් වහන්සේ කරා පැමිණි කුමාපුත්ත තෙරණුවෝ ධර්මශ්රවණය කොට, නැවත කමටහන් ලබාගෙන සුදුසු සෙනසුනක වාසයට ගොස් විදසුන් වඩා රහත් ඵලයෙහි පිහිටියහ. එනිසා අපදාන පාළියේදී උන්වහන්සේ මෙසේ ප්‍රකාශ කර ඇත. (අපදාන පාළි II - අබ්භඤ්ජනදායක ත්‍ථෙරාපදානං)
“නගරෙ බන්ධුමතියා, රාජුය්යානෙ වසාමහං; චම්මවාසී තදා ආසිං, කමණ්ඩලුධරො අහං.
“මම බන්ධුමතී නුවර රජ උයනෙහි වාසය කළෙමි එසමයෙහි මම සම්, කඩමාලු හඳින තවුසෙක් වීමි.
“අද්දසං විමලං බුද්ධං, සයම්භුං අපරාජිතං; පධානං පහිතත්තං තං, ඣායිං ඣානරතං වසිං.
සියලු දෙය තමන් වහන්සේ ම දැනගත්තා වූ, අපරාජිත වූ, ප්‍රධන් වීර්යයෙහි මෙහෙයු සිත් ඇති, ධ්‍යාන වඩන්නා වූ, ධ්‍යානයෙහි ඇලුනා වූ, පස් වැදෑරුම් වශී ධර්මයන්ගෙන් පිරිපුන් නිර්මල වූ බුදුරජාණන් වහන්සේ දුටුවෙමි.
“සබ්බකාමසමිද්ධඤ්ච, ඔඝතිණ්ණමනාසවං; දිස්වා පසන්නසුමනො, අබ්භඤ්ජනමදාසහං.
සියලු අභිමතාර්ථයන් සමෘද්ධිමත් කරගත්, චතුරෝඝයන් තරණය කළ, ආශ්‍රව රහිත බුදුරජාණන් වහන්සේ දැක, පහන් වූ සිත් ඇති මම සතුටු සිතින් අඟ ගල්වන තෙල් පූජා කළෙමි.”
“එකනවුතිතො කප්පෙ, අබ්භඤ්ජනමදාසහං; දුග්ගතිං නාභිජානාමි, අබ්භඤ්ජනස්සිදං ඵලං.
“එසමයේ මීට කල්ප අනූඑකකට පෙර යම් තෙලක් පූජා කළෙම් ද එතැන් සිට මම දුගතියකට නොගියෙමි. ඇඟ ගල්වන තෙල් පිදීමේ විපාකය මෙබඳු වේ.
“කිලෙසා ඣාපිතා මය්හං…පෙ… කතං බුද්ධස්ස සාසන”න්ති.
මවිසින් දැන් සියලු කෙලෙස් දවන ලදි. සියලු භවයන් නසන ලදි. ඇත්රජෙකු මෙන් බැඳුම් සිඳදමා ආශ්‍රව රහිත වෙසෙමි. -පෙ- බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව ඉටුකළෙමි.”
අරහත්තං පන පත්වා අරඤ්ඤෙ කායදළ්හිබහුලෙ භික්ඛූ, දිස්වා තෙ ඔවදන්තො සාසනස්ස නිය්යානිකභාවං පකාසෙන්තො “සාධු සුතං සාධු චරිතක”න්ති ගාථං අභාසි.
රහත් බවට පත් වූ එම තෙරණුවෝ අරණ්‍යයෙහි වසන කල්හි දැඩිවූ පැවතුම් ඇති භික්ෂූන් දැක ඔවුන්ට අවවාද දෙමින්, සසුනේ නෛර්යාණික බව ප්‍රකාශ කිරීම් වශයෙන් “සාධු සුතං සාධු චරිතකං” යන ගාථාව වදාළහ.
තත්ථ සාධූති සුන්දරං. සුතන්ති සවනං. තඤ්ච ඛො විවට්ටූපනිස්සිතං විසෙසතො අප්පිච්ඡතාදිපටිසංයුත්තං දසකථාවත්ථුසවනං ඉධාධිප්පෙතං. සාධු චරිතකන්ති තදෙව අප්පිච්ඡතාදිචරිතං චිණ්ණං, සාධුචරිතමෙව හි “චරිතක”න්ති වුත්තං. පදද්වයෙනාපි බාහුසච්චං තදනුරූපං පටිපත්තිඤ්ච “සුන්දර”න්ති දස්සෙති. සදාති සබ්බකාලෙ නවකමජ්ඣිමථෙරකාලෙ, සබ්බෙසු වා ඉරියාපථක්ඛණෙසු. අනිකෙතවිහාරොති කිලෙසානං නිවාසනට්ඨානට්ඨෙන පඤ්චකාමගුණා නිකෙතා නාම, ලොකියා වා ඡළාරම්මණධම්මා. යථාහ – “රූපනිමිත්තනිකෙතවිසාරවිනිබන්ධා ඛො, ගහපති, ‘නිකෙතසාරී’ති වුච්චතී”තිආදි (සං· නි· 3.3). තෙසං නිකෙතානං පහානත්ථාය පටිපදා අනිකෙතවිහාරො. අත්ථපුච්ඡනන්ති තං ආජානිතුකාමස්ස කල්යාණමිත්තං උපසඞ්කමිත්වා දිට්ඨධම්මිකසම්පරායිකපරමත්ථපභෙදස්ස පුච්ඡනං, කුසලාදිභෙදස්ස වා අත්ථස්ස සභාවධම්මස්ස “කිං, භන්තෙ, කුසලං, කිං අකුසලං, කිං සාවජ්ජං, කිං අනවජ්ජ”න්තිආදිනා (ම· නි· 3.296) පුච්ඡනං අත්ථපුච්ඡනං. පදක්ඛිණකම්මන්ති තං පන පුච්ඡිත්වා පදක්ඛිණග්ගාහිභාවෙන තස්ස ඔවාදෙ අධිට්ඨානං සම්මාපටිපත්ති. ඉධාපි “සාධූ”ති පදං ආනෙත්වා යොජෙතබ්බං. එතං සාමඤ්ඤන්ති “සාධු සුත”න්තිආදිනා වුත්තං යං සුතං, යඤ්ච චරිතං, යො ච අනිකෙතවිහාරො , යඤ්ච අත්ථපුච්ඡනං, යඤ්ච පදක්ඛිණකම්මං, එතං සාමඤ්ඤං එසො සමණභාවො. යස්මා ඉමාය එව පටිපදාය සමණභාවො, න අඤ්ඤථා, තස්මා “සාමඤ්ඤ”න්ති නිප්පරියායතො මග්ගඵලස්ස අධිවචනං. තස්ස වා පන අයං අපණ්ණකපටිපදා, තං පනෙතං සාමඤ්ඤං යාදිසස්ස සම්භවාති, තං දස්සෙතුං “අකිඤ්චනස්සා”ති වුත්තං. අපරිග්ගාහකස්ස, ඛෙත්තවත්ථුහිරඤ්ඤසුවණ්ණදාසිදාසාදිපරිග්ගහපටිග්ගහණරහිතස්සාති අත්ථො.
“සාධු” යනු යහපති. මැනවි “සුතං” යනු ඇසීමයි. එහිදී සසරින් මිදීම ආශ්රිත වූ විශේෂයෙන් ම අල්පේච්ඡා දී ගුණයන්ගෙන් යුක්ත වූ දසකථාවස්තූන් ශ්‍රාවණය කිරීම මෙම වචනයෙන් අදහස් කරන ලදි. “සාධු චරිතකං” යනු එම අල්පේච්ඡාදී චරිත, බොහෝ කලක් එම යහපත් චරිතයන්හි ම හැසිරුණු චරිත, එසේ හැසිරීම, මේ පදවලින් බහුශ්‍රැත බවද ඊට අනුරූපී ප්‍රතිපත්තිය ද මැනවැයි (සුන්දරයයි) දක්වයි. “සදා” යනු සෑම කල්හි. නවක, තරුණ, මහළු යන සෑම අවස්ථාවකදී ම සෑම ඉරියවුවකදීම, “අනිකෙත විහාරො” යනු කෙලෙසුන්ට නිවාසයක් වූ පංචකාම ගුණයන් ට හෝ ලෞකික ෂඩාරම්මණ ධර්මයන්ට හෝ වාසස්ථානවූයේ “නිකේත” නම් වේ. මෙසේ කියන ලදි. “ගහපතිය, රූප නිමිත්තෙ ඇලී වාසය කිරීම “නිකේතසාරී” යැයි කියනු ලැබේ” ආදී වශයෙනි. ඒ වාසස්ථානයන්ගේ, නිකේතයන්ගේ ප්රහාණය සඳහා පිළිපැදීම අනිකේත විහාර නම් වේ. “අත්ථ පුච්ඡනං” යනු මෙකරුණු නොදන්නාගේ කලණ මිතුරකු හමුවට ගොස් මෙලෝ, පරලෝ හා පරමාර්ථ ප්‍රභේදාදිය පිළිබඳ ප්‍රශ්න කිරීමයි, අර්ථ විමසීමයි. කුශලාකුශලාදි ස්වභාව ධර්මයන් ගේ අර්ථය, “ස්වාමීනි, කුසලය කුමක්ද? අකුසලය කුමක්ද? සාවද්‍ය දෙය කුමක්ද? නිරවද්‍ය දෙය කුමක් ද?” ආදී වශයෙන් විමසීමයි. අර්ථ විමසුමයි. “පදක්ඛිණකම්මං” යනු එසේ විමසා ලැබුණු පිළිතුරු, උපදෙස්, අවවාද මනාව ගෞරවයෙන් පිළිගෙන, ඒවායෙහි පිහිටා යහපත් ව හැසිරීමයි. මෙතැනටද “සාධු” “මැනවි” යන පදය යෙදිය යුතුයි. “එතං සාමඤ්ඤං” යනු යහපත්ව ඇසීම් ආදී වශයෙන් කියූ ලෙස යමක් අසන ලද ද, යමක් අනුව හැසිරෙන ලද ද, යමක් අනුව හැසිරෙන ලද ද, පඤ්චකාමයන්ගෙන් වෙන් කියු ලෙස යමක් අසන ලද ද, යමක් අනුව හැසිරෙන ලද ද, පඤ්චකාමයන්ගෙන් වෙන් ව විසීම ද, සත්පුරුෂයන් වෙතින් අරුත් විමසීම ද, ඒවා ගෞරවයෙන් පිළිගෙන හැසිරීමද යන මේවා ශ්‍රමණ ධර්ම වේ. මෙයම ශ්‍රමණභාවයයි. මෙම ප්‍රතිපදාවෙන්ම, පිළිවෙතින්ම ශ්‍රමණභාවය වේ. වෙනත් පිළිවෙතකින් නොවේ. එනිසා ම “සාමඤ්ඤං” යන්න නොවෙනස්වන මාර්ගඵලයන්ට (ආර්‍ය්‍ය මාර්ග ඵලයන්ට) භාවිතවන තවත් සමාන වචනයකි. මෙය අපණ්ණක ප්‍රතිපදාවයි. මේ ශ්‍රමණභාවය යමකින් ලැබේද එය දැක්වීමට “අකිඤ්චනස්ස” “පළිබෝධ රහිත” යැයි කියන ලදි. අල්වාගැනීම් නැත්තාට කෙත්වතු, රන්රිදී, දැසි දස් යනාදී දෙය පිළිබඳ අයිතිවාසිකම්, අල්ලාගැනීම් රහිත පුද්ගලයාට යන අර්ථයයි.
කුමාපුත්තත්ථෙරගාථාවණ්ණනා නිට්ඨිතා.
කුමාපුත්ත ථේරගාථා අර්ථ වර්ණනාව නිමියේය.