කුමාපුත්තසහායකත්ථෙරගාථාවණ්ණනා අට්ඨකථා
කුමාපුත්තසහායකත්ථෙරගාථාවණ්ණනා
කුමාපුත්ත ස්ථවිර සහායකත්‍ථේරගාථා වර්ණනාව
නානාජනපදං යන්තීති ආයස්මතො කුමාපුත්තසහායත්ථෙරස්ස ගාථා. කා උප්පත්ති? සො කිර පුරිමබුද්ධෙසු කතාධිකාරො තත්ථ තත්ථ විවට්ටූපනිස්සයං කුසලං උපචිනන්තො ඉතො චතුනවුතෙ කප්පෙ සිද්ධත්ථස්ස භගවතො කාලෙ කුලගෙහෙ නිබ්බත්තිත්වා විඤ්ඤුතං පත්තො අරඤ්ඤං පවිසිත්වා බහුං රුක්ඛදණ්ඩං ඡින්දිත්වා කත්තරයට්ඨිං කත්වා සඞ්ඝස්ස අදාසි. අඤ්ඤඤ්ච යථාවිභවං පුඤ්ඤං කත්වා දෙවෙසු නිබ්බත්තිත්වා තතො පට්ඨාය සුගතීසුයෙව පරිවත්තෙන්තො ඉමස්මිං බුද්ධුප්පාදෙ වෙළුකණ්ටකනගරෙ ඉද්ධෙ කුලෙ නිබ්බත්ති. සුදන්තොතිස්ස නාමං අහොසි. “වාසුලො”ති කෙචි වදන්ති. සො කුමාපුත්තස්ස පියසහායො හුත්වා විචරන්තො “කුමාපුත්තො පබ්බජිතො”ති සුත්වා “න හි නූන සො ඔරකො ධම්මවිනයො, යත්ථ කුමාපුත්තො පබ්බජිතො”ති තදනුබන්ධෙන සයම්පි පබ්බජිතුකාමො හුත්වා සත්ථු සන්තිකං උපසඞ්කමි. තස්ස සත්ථා ධම්මං දෙසෙසි. සො භිය්යොසොමත්තාය පබ්බජ්ජාය සඤ්ජාතඡන්දො පබ්බජිත්වා කුමාපුත්තෙනෙව සද්ධිං පරියන්තපබ්බතෙ භාවනානුයුත්තො විහරති. තෙන ච සමයෙන සම්බහුලා භික්ඛූ නානාජනපදෙසු ජනපදචාරිකං චරන්තාපි ගච්ඡන්තාපි ආගච්ඡන්තාපි තං ඨානං උපගච්ඡන්ති. තෙන තත්ථ කොලාහලං හොති. තං දිස්වා සුදන්තත්ථෙරො “ඉමෙ භික්ඛූ නිය්යානිකසාසනෙ පබ්බජිත්වා ජනපදවිතක්කං අනුවත්තෙන්තා චිත්තසමාධිං විරාධෙන්තී”ති සංවෙගජාතො තමෙව සංවෙගං අත්තනො චිත්තදමනස්ස අඞ්කුසං කරොන්තො “නානාජනපදං යන්තී”ති ගාථං අභාසි.
“නානාජනපදං යන්තී” යනු ආයුෂ්මත් කුමාපුත්ත සහාය තෙරුන් වහන්සේගේ ගාථාවයි. එහි උපත කෙසේද? උන්වහන්සේ ද පෙර බුදුවරුන් හමුවේදී කළ ප්‍රාර්ථනා ඇතිව ඒ ඒ භවයන්හි දී නිවන් පතාගෙන කුසල් රැස්කළහ. මෙයින් කල්ප අනූ හතරකට පෙර සිද්ධත්ථ නම් භාග්‍යවතුන් වහන්සේ ලොව පහළවූ සමයෙහි එක් ධනවත් පවුලක උපන් හෙතෙම, වැඩිවියට පැමිණ කැළයට ගොස් බොහෝ ගස් දඬු කඩාගෙන සැරයටි සාදා සංඝ රත්නයට පූජා කළේය. එබඳුම වෙනත් පිංකම්ද ශක්ති පමණින් සිදුකර, දිව්‍යලෝකයන්හි ඉපිද දෙව්සැප විඳිමින් ම කල්යවා, අප බුදුරජාණන් වහන්සේ ලොව පහළ වූ සමයෙහි වේලුකණ්ටක නුවර සමෘද්ධිමත් පවුලක උපන්නේය. ඔහුගේ නම සුදත්ත නම් විය. ඇතැම්හු වාසුල නම් වූ බව ද කියති. ඔහු කුමාපුත්තගේ ප්‍රිය යාලුවෙක්ව සිටියේය. “කුමාපුත්ත පැවිදිවීය” යන පුවත ඇසූ හෙතෙම, කුමාපුත්ත පැවිදි වූ ශාසනය නම් ඒකාන්තයෙන්ම පහත් වූවක් නො වන්නේය.” යැයි සිතා ඔහු අනුවම පැවිදිවනු කැමැත්තේ ශාස්තෲන් වහන්සේ සමීපයට පැමිණියේය. ශාස්තෲන් වහන්සේ ඔහුට දහම් දෙසූ සේක. ඔහු ඉතා වැඩියෙන් පැවිද්දෙහි ඇලුණේ, පැවිදි වී කුමාපුත්ත සමගම ප්‍රත්‍යන්ත පර්වතයක භාවනාවෙහි නියැලී වාසය කළේය. එසමයේ බොහෝ භික්ෂූහු නොයෙක් ජනපදයන්හි ජනපද චාරිකාවේ හැසිරෙමින් එම ස්ථානයට ම පැමිණෙති. එනිසා එම ස්ථානයෙහි කලබල ඇතිවිය. මෙය දුටු සුදත්ත තෙරණුවෝ, මේ භික්ෂූහු නෛර්‍ය්‍යාණික සසුනේ පැවිදි වුවත්, ජනපද පිළිබඳව සිතමින් සිටිනුයේ චිත්ත සමාධියට බාධා කරති.” යි සිතා උපන් සංවේගයෙන්; එම සංවේගයම තම සිත දමනය කර ගන්නා හෙණ්ඩුවක් කරගෙන “නානාජනපදං යන්තී” යන ගාථාව වදාළහ.
තත්ථ නානාජනපදන්ති විසුං විසුං නානාවිධං ජනපදං, කාසිකොසලාදිඅනෙකරට්ඨන්ති අත්ථො. යන්තීති ගච්ඡන්ති. විචරන්තාති “අසුකො ජනපදො සුභික්ඛො සුලභපිණ්ඩො, අසුකො ඛෙමො අරොගො”තිආදිවිතක්කවසෙන ජනපදචාරිකං චරන්තා. අසඤ්ඤතාති තස්සෙව ජනපදවිතක්කස්ස අප්පහීනතාය චිත්තෙන අසංයතා. සමාධිඤ්ච විරාධෙන්තීති සබ්බස්සපි උත්තරිමනුස්සධම්මස්ස මූලභූතං උපචාරප්පනාභෙදං සමාධිඤ්ච නාම විරාධෙන්ති . ච-සද්දො සම්භාවනෙ. දෙසන්තරචරණෙන ඣායිතුං ඔකාසාභාවෙන අනධිගතං සමාධිං නාධිගච්ඡන්තා, අධිගතඤ්ච වසීභාවානාපාදනෙන ජීරන්තා වීරාධෙන්ති නාම. කිංසු රට්ඨචරියා කරිස්සතීති සූති නිපාතමත්තං. “එවංභූතානං රට්ඨචරියා ජනපදචාරිකා කිං කරිස්සති, කිං නාම අත්ථං සාධෙස්සති, නිරත්ථකාවා”ති ගරහන්තො වදති. තස්මාති යස්මා ඊදිසී දෙසන්තරචරියා භික්ඛුස්ස න අත්ථාවහා, අපි ච ඛො අනත්ථාවහා සම්පත්තීනං විරාධනතො, තස්මා. විනෙය්ය සාරම්භන්ති වසනපදෙසෙ අරතිවසෙන උප්පන්නං සාරම්භං චිත්තසංකිලෙසං තදනුරූපෙන පටිසඞ්ඛානෙන විනෙත්වා වූපසමෙත්වා. ඣායෙය්යාති ආරම්මණූපනිජ්ඣානෙන ලක්ඛණූපනිජ්ඣානෙන චාති දුවිධෙනපි ඣානෙන ඣායෙය්ය. අපුරක්ඛතොති මිච්ඡාවිතක්කෙහි තණ්හාදීහි වා න පුරක්ඛතොති තෙසං වසං අනුපගච්ඡන්තො කම්මට්ඨානමෙව මනසි කරෙය්යාති අත්ථො. එවං පන වත්වා ථෙරො තමෙව සංවෙගං අඞ්කුසං කත්වා විපස්සනං වඩ්ඪෙත්වා අරහත්තං පාපුණි. තෙන වුත්තං අපදානෙ (අප· ථෙර 2.53.36-41) –
එහි “නානා ජනපදං” යනු “වෙන වෙනම වූ නානාවිධ ජනපදයන්හි කාසි - කෝසල ආදී ප්‍රභේද ඇති නොයෙක් රටවල, පෙදෙස්වල” යන අර්ථයයි. “යන්තී” යනු යති. සංචාරය කරති. “විචරන්තා” යනු අසුවල් ජනපදය සුලභ ආහාරපාන ඇත්තකි. ආහාර ලැබීම පහසුය. අසුවල් ජනපදය බියරහිතය, රෝගාබාධ රහිතය” ආදී වශයෙන් කල්පනා කරමින් ජනපද චාරිකාවේ හැසිරෙන්නෝ “අසඤ්ඤතා” යනු එම ජනපදයන් පිළිබඳවම කල්පනා කිරීමෙන් තොර නොවූ සිත් ඇති බැවින් අසංයනව, අසංවරව, “සමාධිඤ්ච විරාසෙන්තී” යනු සැමදෙනාට ම උතුරු මිනිස් දම් වර්ධනයේ මුලාධාර වූ උපචාර අර්පණාදී භේද සහිත සමාධිය ද වරද්දා ගනිති. “ච” ශබ්දය සම්භාවනාර්ථයේ යෙදී ඇත. දේශදේශාන්තරවල හැසිරීමෙන් ධ්‍යාන සිතට අවසරයක් නොලැබේ. එනිසා නොපැමිණියාවූ සමාධීන්ට සිත නොඑළඹෙයි. පැමිණියාවූ චිත්ත සමාධි ආදී වශීභාවයන් නැවත නැවත නොවැඩීමෙන් දිරාගොස් විරුද්ධව සිටියි. වරද්දා ගනියි. “කිංසු රට්ඨංචරියා කරිස්සති” යන්නෙහි “සු” යනු නිපාතයකි. මෙසේ ජනපද චාරිකාවේ හැසිරෙන්නෝ කුමක් කරන්නෝද? “කිං” යනු කවරනම් අර්ථයක් ඉටුකර ගනියිද? නිරර්ථක වූ ම දෙයක් කරයි” යනුවෙන් ගැරහීමට මෙය පවසන ලදි. “තස්මා” යනු යම්හෙයකින් මෙබඳු වූ දේශාන්තරවල හැසිරීමෙන් භික්ෂුවගේ සමාපත්තීන්ට අනර්ථයක් වේ. භික්ෂු ආකල්ප වරද්දා ගනියි. එබැවින් “විනෙය්ය සාරම්භං” යනුවෙන් වෙසෙන ප්‍රදේශයේ නොඇලීම් වශයෙන් උපන් එකට එක කිරීම නම් වූ සිත කෙලෙසන දහම්, ඊට අනුරූප වූ ප්රතිසංස්කරණයන්ගෙන් දුරුකර, සංසිඳුවාගෙන “ඣායෙය්ය” යනු අරමුණු පිළිබඳව හෝ ලක්ෂණ පිළිබඳව හෝ නැවත නැවත සිතීම් - කල්පනාකිරීම් - මෙනෙහිකිරීම් යන දෙයාකාර ධ්‍යානයන් වඩවන්නේය. “අපුරක්ඛතො” යනු මිථ්‍යා දෘෂ්ටි කල්පනාවන්ගෙන් හා තණ්හාදියෙන් පෙරටු නොවූයේ එම අකුසල් සිත් හි වසඟයට නොපැමිණි කමටහන් ම මෙනෙහි කරන්නේය යන අර්ථයයි. මෙසේ එම භික්ෂූන්ට අවවාද වශයෙන් ගාථාව දේශනා කළ තෙරණුවෝ එයම හෙණ්ඩුවක් කරගෙන තම සිත සංවර කරගත් සේක්, විදසුන් වඩා රහත් ඵලය ලබාගත්හ.
“කානනං වනමොග්ගය්හ, වෙළුං ඡෙත්වානහං තදා; ආලම්බනං කරිත්වාන, සඞ්ඝස්ස අදදිං බහුං.
“එකල් හි මම මහවනයට පිවිස හුණ ගසක් කපා සැරයටියක් සාදා සංඝයාට පිදුවෙමි.
“තෙන චිත්තප්පසාදෙන, සුබ්බතෙ අභිවාදිය; ආලම්බදණ්ඩං දත්වාන, පක්කාමිං උත්තරාමුඛො.
එම චිත්ත ප්‍රසාදය නිසා මනා ව වුත ඇති සංඝරත්නයට වැඳ, එල්බෙන දණ්ඩක් (සැරයටියක්) පූජාකර උතුරුදෙසට ගියමි.
“චතුන්නවුතිතො කප්පෙ, යං දණ්ඩමදදිං තදා; දුග්ගතිං නාභිජානාමි, දණ්ඩදානස්සිදං ඵලං.
එදා මීට කල්ප අනූහතරකට පෙර සැරයටියක් පිදීමේ පිණින්, මේ දක්වාම දුගතියක් නුදුටුවෙමි. සැරයටි දානයේ විපාක මෙබඳුය.
“කිලෙසා ඣාපිතා මය්හං…පෙ… කතං බුද්ධස්ස සාසන”න්ති.
මවිසින් සියළු කෙලෙස් දවන ලදි. -පෙ- බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව ඉටු කළෙමි.”
යං පනත්ථං අඞ්කුසං කත්වා අයං ථෙරො අරහත්තං පත්තො, තමෙවත්ථං හදයෙ ඨපෙත්වා අරහත්තං පත්තොපි “නානාජනපදං යන්ති”ති ඉදමෙව ගාථං අභාසි. තස්මා තදෙවස්ස අඤ්ඤාබ්යාකරණං අහොසීති.
යම් අර්ථයක් අංකුසයක් කරගත් මේ තෙරුන් වහන්සේ රහත් බව ලබාගත්තේ ද එම අර්ථයම හදවතෙහි තබාගෙන, රහත් බවට පත් වූ පසුව ද “නානාජනපදංයන්තී” යන මේ ගාථාව ම දේශනා කළහ. එනිසා එයම උන්වහන්සේගේ රහත් බව ප්‍රකාශ කිරීම නම් විය.
කුමාපුත්තසහායත්ථෙරගාථාවණ්ණනා නිට්ඨිතා.
කුමාපුත්ත සහාය ථේරගාථා අර්ථ වර්ණනාව නිමියේය.