ගවම්පතිත්ථෙරගාථාවණ්ණනා අට්ඨකථා
ගවම්පතිත්ථෙරගාථාවණ්ණනා
ගවම්පති ස්ථවිරගාථා වර්ණනාව
යො ඉද්ධියා සරභුන්ති ආයස්මතො ගවම්පතිත්ථෙරස්ස ගාථා. කා උප්පත්ති? සො කිර පුරිමබුද්ධෙසු කතාධිකාරො ඉතො එකතිංසෙ කප්පෙ සිඛිං භගවන්තං පස්සිත්වා පසන්නමානසො පුප්ඵෙහි පූජං අකාසි. සො තෙන පුඤ්ඤකම්මෙන දෙවලොකෙ උප්පන්නො අපරාපරං පුඤ්ඤානි කරොන්තො කොණාගමනස්ස භගවතො චෙතියෙ ඡත්තඤ්ච වෙදිකඤ්ච කාරෙසි. කස්සපස්ස පන භගවතො කාලෙ අඤ්ඤතරස්මිං කුලගෙහෙ නිබ්බත්තො. තස්මිඤ්ච කුලෙ බහුං ගොමණ්ඩලං අහොසි. තං ගොපාලකා රක්ඛන්ති. අයං තත්ථ අන්තරන්තරා යුත්තප්පයුත්තං විචාරෙන්තො විචරති. සො එකං ඛීණාසවත්ථෙරං ගාමෙ පිණ්ඩාය චරිත්වා බහිගාමෙ දෙවසිකං එකස්මිං පදෙසෙ භත්තකිච්චං කරොන්තං දිස්වා “අය්යො සූරියාතපෙන කිලමිස්සතී”ති චින්තෙත්වා චත්තාරො සිරීසදණ්ඩෙ උස්සාපෙත්වා තෙසං උපරි සිරීසසාඛායො ඨපෙත්වා සාඛාමණ්ඩපං කත්වා අදාසි. “මණ්ඩපස්ස සමීපෙ සිරීසරුක්ඛං රොපෙසී”ති ච වදන්ති. තස්ස අනුකම්පාය දෙවසිකං ථෙරො තත්ථ නිසීදි. සො තෙන පුඤ්ඤකම්මෙන තතො චවිත්වා චාතුමහාරාජිකෙසු නිබ්බත්ති. තස්ස පුරිමකම්මසංසූචකං විමානද්වාරෙ මහන්තං සිරීසවනං නිබ්බත්ති වණ්ණගන්ධසම්පන්නෙහි අඤ්ඤෙහි පුප්ඵෙහි සබ්බකාලෙ උපසොභයමානං, තෙන තං විමානං “සෙරීසක”න්ති පඤ්ඤායිත්ථ. සො දෙවපුත්තො එකං බුද්ධන්තරං දෙවෙසු ච මනුස්සෙසු ච සංසරිත්වා ඉමස්මිං බුද්ධුප්පාදෙ යසත්ථෙරස්ස චතූසු ගිහිසහායෙසු ගවම්පති නාම හුත්වා ආයස්මතො යසස්ස පබ්බජිතභාවං සුත්වා අත්තනො සහායෙහි සද්ධිං භගවතො සන්තිකං අගමාසි . සත්ථා තස්ස ධම්මං දෙසෙසි. සො දෙසනාවසානෙ සහායෙහි සද්ධිං අරහත්තෙ පතිට්ඨාසි. තෙන වුත්තං අපදානෙ (අප· ථෙර 2.53.42-47) –
“යො ඉද්ධියා සරභුං” යන මේ ගාථාව ආයුෂ්මත් ගවම්පති තෙරුන්ගේ ගාථාවකි. එහි උපත කෙසේද? මෙම තෙරුන් ද පෙර බුදුවරු හමුවෙහි කළ ප්‍රාර්ථනා හා පින්දහම් ඇත්තෙකි. මීට කල්ප තිස් එකකට පෙර ලොව පහළ වූ සිඛි භාග්‍යවතුන් වහන්සේ, දැක පැහැදුණු සිතින් මල් පූජා කළ පිනින් දෙව්ලොව ඉපදුණු උන්වහන්සේ ඒ ඒ භවයෙහි දී තව තවත් පින් දහම් කරගත්හ. කෝණාගමන භාග්‍යවතුන් වහන්සේගේ සෑයට ඡත්රයක් ද වේදිකාවක් ඔහු විසින් ඉදි කළේය. කස්සප බුදුන් දවස එක්තරා ධනවත් සිටුගෙයක උපන්නේය. එම ගෙදර බොහෝ ගව සම්පතක් විය. ගොපල්ලෝ එම ගව සම්පත සුරකියි. මෙතෙමේ එහි අතරින් පතර යුතු අයුතු දේ විමසමින් හැසිරේ. ඔහු එක් දිනක් රහතන් වහන්සේ නමක් ගමෙහි පිඬුපිණිස හැසිර, ගමින් පිටත සිට දිනපතා ම දානය වළඳන බව දුටුවේය. “ආර්යයන් වහන්සේ සූර්ය තාපයෙන් වෙහෙසට පත්වන්නේය” යි සිතූ ඔහු මහරි දඬු සතරක් ඔසවා, ඒ මත්තෙහි මහරි අතු දමා ගස් අතු මණ්ඩපයක් කරවා පූජා කළේය. එම මණ්ඩප සමීපයේ මහරි ගසක් රෝපණය කළ බව ද කියති. ඔහු කෙරෙහි අනුකම්පාවෙන් රහතන් වහන්සේ දිනපතාම එහි හිඳ බත් කිස කළසේක. ඔහු ඒ පින්කම හේතුවෙන් ඔහුගේ විමන් දොර මහත් මහරී වනයක් පහළ විය. එහි වර්ණගන්ධ සම්පන්න වූ පුෂ්පයෝ සැම කල්හි ම පවතිති. එනිසා එම උයන “සේරිස්සක” නාමයෙන් ප්‍රකට විය. ඒ දෙව් පුතු ද එක් බුද්ධාන්තරයක් දෙව් මිනිසුන් අතරෙහි සැරි සරා, මේ බුද්ධෝත්පාද කාලයෙහි යස තෙරුන්ගේ යහළුවන් සතර දෙනා අතුරින් ගවම්පතී නම් යහලුවා ලෙස උපන්නේ ය. යස කුමරුගේ පැවිදි වීම ඇසූ ගවම්පතී කුමරු ද තම යහලුවන් සමග භාග්‍යවතුන් වහන්සේ සමීපයට පැමිණියේ ය. ශාස්තෲන් වහන්සේ ගේ ධර්ම දේශනාව ඇසූ ඔවුහු සතර දෙනම රහත් ඵලයෙහි පිහිටියහ.
අපදාන පාළියේ දී උන්වහන්සේ මෙසේ පවසා ඇත.
“මිගලුද්දො පුරෙ ආසිං, විපිනෙ විචරං අහං; අද්දසං විරජං බුද්ධං, සබ්බධම්මාන පාරගුං.
“ඒ මම පෙර මුව වැද්දෙක් ව වනයෙහි ඔබිනොබ හැසිරුනෙමි. සියළු දහම් හි පරතෙරට පැමිණියා වූ කෙලෙස් දුරලූ බුදුරජාණන් වහන්සේ දුටුවෙමි.
“තස්මිං මහාකාරුණිකෙ, සබ්බසත්තහිතෙ රතෙ; පසන්නචිත්තො සුමනො, නෙලපුප්ඵං අපූජයිං.
පැහැදුණු සිතැති මම සතුටින්, ඒ මහා කාරුණික වූ, සියලු සත්ත්වයන් කෙරෙහිම හිත වැඩ සලසන්නා වූ උන්වහන්සේ ට නොයෙක් මලින් පූජා පැවැත්වීමි.
“එකතිංසෙ ඉතො කප්පෙ, යං පුප්ඵමභිපූජයිං; දුග්ගතිං නාභිජානාමි, බුද්ධපූජායිදං ඵලං.
මෙයින් කල්ප තිස් එකකට පෙර මම යම් බඳු මල් පූජාවක් කළෙම් ද, එතැන් පටන් මම දුගතියක නූපන්නෙමි. මල් පූජාවෙහි මේ විපාකය යි.
“කිලෙසා ඣාපිතා මය්හං…පෙ… කතං බුද්ධස්ස සාසන”න්ති.
මවිසින් සියලු කෙලෙස් දවන ලදි. -පෙ- බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව ඉටුකළෙමි.”
අරහත්තං පන පත්වා ථෙරො විමුත්තිසුඛං පටිසංවෙදෙන්තො සාකෙතෙ විහරති අඤ්ජනවනෙ. තෙන ච සමයෙන භගවා මහතා භික්ඛුසඞ්ඝෙන සද්ධිං සාකෙතං ගන්ත්වා අඤ්ජනවනෙ විහාසි. සෙනාසනං නප්පහොසි. සම්බහුලා භික්ඛූ විහාරසාමන්තා සරභුයා නදියා වාලිකාපුළිනෙ සයිංසු. අථ අඩ්ඪරත්තසමයෙ නදියා උදකොඝෙ ආගච්ඡන්තෙ සාමණෙරාදයො උච්චාසද්දමහාසද්දා අහෙසුං. භගවා තං ඤත්වා ආයස්මන්තං ගවම්පතිං ආණාපෙසි – “ගච්ඡ, ගවම්පති, ජලොඝං වික්ඛම්භෙත්වා භික්ඛූනං ඵාසුවිහාරං කරොහී”ති. ථෙරො “සාධු, භන්තෙ”ති ඉද්ධිබලෙන නදීසොතං වික්ඛම්භි, තං දූරතොව පබ්බතකූටං විය අට්ඨාසි. තතො පට්ඨාය ථෙරස්ස ආනුභාවො ලොකෙ පාකටො අහොසි. අථෙකදිවසං සත්ථා මහතියා දෙවපරිසාය මජ්ඣෙ නිසීදිත්වා ධම්මං දෙසෙන්තං ථෙරං දිස්වා ලොකානුකම්පාය තස්ස ගුණානං විභාවනත්ථං තං පසංසන්තො “යො ඉද්ධියා සරභු”න්ති ගාථං අභාසි.
රහත්බවට පත්වූ ඒ හි භික්ෂු පැවිදි උපසම්පදාව ලැබූ ගවම්පතී තෙරුන්, විමුක්ති සුවය විඳිමින් සාකේත නුවර අඳුන් වනයෙහි වාසය කළේය. එසමයෙහි මහත් වූ භික්ෂුසංඝයා පිරිවරාගත් භාග්‍යවතුන් වහන්සේ සාකේත නුවරට වැඩම වා අඳුන් වනයට පිවිසිසේක. එහි සෙනසුන් ප්‍රමාණවත් නොවූ බැවින් මධ්‍යම රාත්‍රියෙහි නදියේ ජලය වැඩි වූ බැවින් සාමණේරා දී හු මහත් ශබ්ද කළහ. භාග්‍යවතුන් වහන්සේ එම මහා ශබ්දය අසා ගවම්පතී තෙරුන්ට මෙසේ අණකළ සේක “ගවම්පතිය! යන්න, ජල සැඬපහර මැඩ පවත්වා භික්ෂූන් වහන්සේ සඳහා සුවපහසු වාසයක් ඇතිකරන්න.” ගවම්පතී තෙරණුවෝ ද එය අසා, “ස්වාමීනි, යහපති” යි පවසා, එතැනට වැඩ සෘද්ධිබලයෙන් නදියේ ජල පහර මැඩ පැවැත්වූහ. එසේ මැඩපැවැත් වූ ජල පහර ඉතා දුරින් පර්වත කූටයක් මෙන් සිටියේ ය. එතැන් පටන් ගවම්පතී තෙරුන්ගේ ආනුභාවය (බලමහිමය) ප්‍රකට විය. එක්දිනක් භාග්‍යවතුන් වහන්සේ මහත් වූ දෙව් පිරිස් පිරිවරා දහම් දෙසන එම තෙරුන් දැක, ලොවට අනුකම්පා පිණිස එම තෙරුන්ගේ මහත් ව ගුණයන් ප්‍රකට කරන සේක්, එම ගුණයන්ට ප්‍රශංසා කරමින් “යො ඉද්ධියා සරභුං” යන ගාථාව වදාළ සේක.
තත්ථ ඉද්ධියාති අධිට්ඨානිද්ධියා. සරභුන්ති එවංනාමිකං නදිං, යං ලොකෙ “සරභු”න්ති වදන්ති. අට්ඨපෙසීති සන්දිතුං අදෙන්තො සොතං නිවත්තෙත්වා පබ්බතකූටං විය මහන්තං ජලරාසිං කත්වා ඨපෙසි. අසිතොති නසිතො, තණ්හාදිට්ඨිනිස්සයරහිතො, බන්ධනසඞ්ඛාතානං වා සබ්බසංයොජනානං සමුච්ඡින්නත්තා කෙනචිපි බන්ධනෙන අබද්ධො, තතො එව එජානං කිලෙසානං අභාවතො අනෙජො සො, ගවම්පති, තං සබ්බසඞ්ගාතිගතං තාදිසං සබ්බෙපි රාගදොසමොහමානදිට්ඨිසඞ්ගෙ අතික්කමිත්වා ඨිතත්තා සබ්බසඞ්ගාතිගතං, අසෙක්ඛමුනිභාවතො මහාමුනිං, තතො එව කාමකම්මභවාදිභෙදස්ස සකලස්සපි භවස්ස පාරං නිබ්බානං ගතත්තා භවස්ස පාරගුං. දෙවා නමස්සන්තීති දෙවාපි ඉමස්සන්ති, පගෙව ඉතරා පජාති.
එහි “ඉද්ධියා” යනු අධිෂ්ඨාන සෘද්ධියෙන් “සරභුං” යන එනමින් හැඳින්වෙන නදියයි. “අට්ඨපෙසි”, දිය පහර ගලාගෙන යෑමට නොදී පර්වත කූටයක් මෙන් මහත් සැඩපහර නැවැත්වීද, මහත් වූ ජල රැසක් කොට නැවැත්වී ද, “අසිතො” යනු “න සාතො” තණ්හා දෘෂ්ටි ආදී නිශ්‍රය රහිත වූ, “බන්ධන” නම් වූ සියලු සංයෝජන මුළුමනින් ම සිඳ දැමූ බැවින්, කිසිදු බන්ධනයකින් නොබැඳුණු එසේම “එජා” නම් වූ තෘෂ්ණා දී කෙලෙසුන්ගේ නොපවත්නා බැවින් (න + එජා) “අනේජ” නම් වූ “අනෙජො” ඒ ගවම්පති තෙරණුවෝ උන්වහන්සේ සියළු ඇලීම් ඉක්මවූහ. සියළුම රාග, ද්වේෂ, මෝහ, මාන, දෘෂ්ටි ආදී සංගයන් හෙවත් ඇලීම් ඉක්මවා සිටි බැවින් “සබ්බසඞ්ගාතිගතං” නම් වේ. අසේඛ ප්‍රතිපදාවට පිළිපන් මුනිවරයෙකු බැවින් “මහාමුනිං” නම් වේ. එසේ ම කාම, කර්ම ආදී භව සංඛ්‍යාත ප්රභේදයන් හි, සියලුම භවයන් හි පරතෙරට හෙවත් නිවණට පැමිණි බැවින් බැවින් “භවස්ස පාරගුං” භව පරතෙරට පැමිණි. “දෙවා නමස්සන්ති” යනු උන්වහන්සේට දෙවියෝ ද වඳිති. සෙසු ජනයා පිළිබඳව කියනු කිම? මෙම ගාථාව අවසානයේ දී බොහෝ දෙනාට ධර්මාවබෝධ විය.
ගාථාපරියොසානෙ මහතො ජනකායස්ස ධම්මාභිසමයො අහොසි. ථෙරො අඤ්ඤං බ්යාකරොන්තො “සත්ථාරං පූජෙස්සාමී”ති ඉමමෙව ගාථං අභාසීති.
තෙරුන් වහන්සේ සිය රහත්බව ප්‍රකාශ කරන සේක්, “ශාස්තෲන් වහන්සේ පුදන්නෙමි” යි එම ගාථාව ම වදාළ සේක.
ගවම්පතිත්ථෙරගාථාවණ්ණනා නිට්ඨිතා.
ගවම්පති ථේරගාථා අර්ථ වර්ණනාව නිමියේය.