තිස්සත්ථෙරගාථාවණ්ණනා අට්ඨකථා
තිස්සත්ථෙරගාථාවණ්ණනා
තිස්ස ස්ථවිරගාථා වර්ණනාව
සත්තියා විය ඔමට්ඨොති ආයස්මතො තිස්සත්ථෙරස්ස ගාථා. කා උප්පති? අයම්පි කිර පුරිමබුද්ධෙසු කතාධිකාරො තත්ථ තත්ථ භවෙ විවට්ටූපනිස්සයං පුඤ්ඤං උපචිනන්තො තිස්සස්ස භගවතො බොධියා මූලෙ පුරාණපණ්ණානි නීහරිත්වා සොධෙසි. සො තෙන පුඤ්ඤකම්මෙන දෙවමනුස්සෙසු සංසරන්තො ඉමස්මිං බුද්ධුප්පාදෙ කපිලවත්ථුනගරෙ භගවතො පිතුච්ඡාපුත්තො හුත්වා නිබ්බත්ති තිස්සො නාම නාමෙන. සො භගවන්තං අනුපබ්බජිත්වා උපසම්පන්නො හුත්වා අරඤ්ඤායතනෙ විහරන්තො ජාතිං පටිච්ච මානං කරොන්තො කොධූපායාසබහුලො ච උජ්ඣානබහුලො ච හුත්වා විචරති, සමණධම්මෙ උස්සුක්කං න කරොති. අථ නං සත්ථා එකදිවසං දිවාට්ඨානෙ විවටමුඛං නිද්දායන්තං දිබ්බචක්ඛුනා ඔලොකෙන්තො සාවත්ථිතො ආකාසෙන ගන්ත්වා තස්ස උපරි ආකාසෙයෙව ඨත්වා ඔභාසං ඵරිත්වා තෙනොභාසෙන පටිබුද්ධස්ස සතිං උප්පාදෙත්වා ඔවාදං දෙන්තො “සත්තියා විය ඔමට්ඨො”ති ගාථං අභාසි.
“සත්තියා විය ඔමට්ඨො” යනු ආයුෂ්මත් තිස්ස තෙරුන්ගේ ගාථාවයි. එහි උපත කෙසේද? මෙතෙමේ ද පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද ප්‍රාර්ථනා ඇතිව, ඒ ඒ භවයන්හි දී නිර්වාණය ප්‍රාර්ථනා කරමින් නොයෙක් පින්දහම් රැස්කළේය. තිස්ස නම් භාග්‍යවතුන් වහන්සේගේ බෝධිමූලයෙහි වූ වියළි කොළ ආදී කසල, බැහැර කර පිරිසිදු කළේය. ඒ පින්කමේ විපාක වශයෙන් දෙව් මිනිසුන් අතර සැරිසරා, මේ බුද්ධෝත්පාද කාලයෙහි කපිලවස්තුවේ භාග්‍යවතුන් වහන්සේ අනුව පැවිදිව උපසපන් වී අරණ්‍යයක වෙසෙන තිස්ස හිමියො, ජාතිය නිසා මන් උපදවාගෙන, ක්‍රෝධ - බලවත් සිත් තැලීම් ආදියෙන් ද අනුන්ට දොස් කීමෙන් ද යුක්තව හැසිරෙති. මහණකම සඳහා කිසිදු උත්සාහයක් නො කරති. ඉක්බිති එක් දිනක් ශාස්තෲන් වහන්සේ දිවැසින් බලන සේක්, විවර වූ මුව ඇතිව දවල් වසනතැන නිදාසිටින්නා වූ තිස්ස හිමි දුටුසේක. දැක සැවතින් අහසට පැන නැගී එතැනට වැඩමවා අහසෙහිම වැඩ සිටිමින් මහත් වූ ආලෝකයක් පතුරුවා, එම ආලෝකය නිසා අවදි වූ උන්වහන්සේට සිහිය උපදවා අවවාද දෙන සේක්, “සත්තියා විය ඔමට්ඨො” යන ගාථාව වදාළසේක.
තත්ථ සත්තියාති දෙසනාසීසමෙතං, එකතොධාරාදිනා සත්ථෙනාති අත්ථො. ඔමට්ඨොති පහතො. චත්තාරො හි පහාරා ඔමට්ඨො උම්මට්ඨො මට්ඨො විමට්ඨොති. තත්ථ උපරි ඨත්වා අධොමුඛං දින්නපහාරො ඔමට්ඨො නාම, හෙට්ඨා ඨත්වා උද්ධම්මුඛං දින්නපහාරො උම්මට්ඨො නාම, අග්ගළසූචි විය විනිවිජ්ඣිත්වා ගතො මට්ඨො නාම, සෙසො සබ්බොපි විමට්ඨො නාම. ඉමස්මිං පන ඨානෙ ඔමට්ඨො ගහිතො. සො හි සබ්බදාරුණො දුරුද්ධරණසල්ලො දුත්තිකිච්ඡො අන්තොදොසො අන්තොපුබ්බලොහිතොව හොති, පුබ්බලොහිතං අනික්ඛමිත්වා වණමුඛං පරියොනන්ධිත්වා තිට්ඨති. පුබ්බලොහිතං නීහරිතුකාමෙහි මඤ්චෙන සද්ධිං බන්ධිත්වා අධොසිරො කාතබ්බො හොති, මරණං වා මරණමත්තං වා දුක්ඛං පාපුණන්ති. ඩය්හමානෙති අග්ගිනා ඣායමානෙ. මත්ථකෙති සීසෙ. ඉදං වුත්තං හොති – යථා සත්තියා ඔමට්ඨො පුරිසො සල්ලුබ්බාහනවණතිකිච්ඡනානං අත්ථාය වීරියං ආරභති තාදිසං පයොගං කරොති පරක්කමති, යථා ච ඩය්හමානෙ මත්ථකෙ ආදිත්තසීසො පුරිසො තස්ස නිබ්බාපනත්ථං වීරියං ආරභති තාදිසං පයොගං කරොති, එවමෙවං, භික්ඛු, කාමරාගප්පහානාය සතො අප්පමත්තො අතිවිය උස්සාහජාතො හුත්වා විහරෙය්යාති. එවං භගවා තස්ස ථෙරස්ස කොධූපායාසවූපසමාය ඔවාදං දෙන්තො තදෙකට්ඨතාය කාමරාගප්පහානසීසෙන දෙසනං නිට්ඨාපෙසි.
එහි “සත්තියා විය” යනු මේ දේශනා ශීර්ෂයයි. එක් පැත්තක මුවහත ඇති සැනකින් යන අර්ථයයි. “ඔමට්ඨො” යනු පහරදෙන ලද, පහරදීම් සතරකි. ඔමට්ඨ, උම්මට්ඨ. මට්ඨ හා විමට්ඨ යනුවෙනි. එහි උඩ හිඳ යටට ගැසූ පහර ඕමට්ඨ නම් වේ. යට සිට උඩට ගැසූ පහර උම්මට්ඨ නම් වේ. අගුල්, යකඩ කූරු මෙන් සිරුර විනිවිද ගිය පහර මට්ඨ නම් වේ. සෙසු සියලුම ආකාරයේ පහර දීම් විමට්ඨ නම් වේ. මෙතැනදී ඕමට්ඨ නම් පහර දීම අදහස් වේ. එය වනාහි දරුණුම පහරදීමයි. එසවීම අපහසුවූ සැතකි. පිළියම් කිරීම අසීරු වූවකි. ශරීරය තුළ ම පවතින දෝෂයක් වේ. ශරීරය තුළම සැරව හා ලේ වැගිරෙයි. සැරව හා ලේ ශරීරයෙන් පිට නොවී තුවාලයේ හාත්පස වෙලාගෙන සිටියි. කුණු ලේ ඉවත් කරනු කැමැත්තන් විසින් තුවාල කරු අඳක බැඳ යටිකුරු කළ යුතු (හිස යටට සිටින සේ) වේ. මෙයින් මරණයට හෝ පැමිණෙයි. නැතිනම් මරණය හා සමාන දුකකට පත්වේ. “ඩය්හමානෙ” යනු ගින්නෙන් දැවෙන කල්හි (ගින්නෙන් දැවෙමින්) “මත්ථකෙ” යනු හිසයි. මෙහි අදහස මෙසේය. – “යම්සේ හිස ගිනි ගත්තෙකු වහා එම ගින්න නිවාගැනීමට වීර්ය කරන්නේ ද එබඳුම ප්‍රයෝග - උත්සාහ කරන්නේ ද? ඒ ආකාරයෙන් ම භික්ෂුව ද කාමරාගය දුරුකිරීම සඳහා සිහි ඇතිව, අප්රමාදී ව උත්සාහ වඩමින් වාසය කරන්නේ ය” (එසේ කළ යුත්තේය). මෙලෙස භාග්‍යවතුන් වහන්සේ ඒ තිස්ස තෙරුන්ගේ ක්‍රෝධ, චිත්ත පීඩාවන් සංසිඳවීම සඳහා අවවාද දෙන සේක්, මුඛ්යවශයෙන් කාමරාගය ප්රහාණය කිරීම මාතෘකා කරගෙන දේශනාව නිමාකළ සේක.
ථෙරො ඉමං ගාථං සුත්වා සංවිග්ගහදයො විපස්සනාය යුත්තප්පයුත්තො විහාසි. තස්ස අජ්ඣාසයං ඤත්වා සත්ථා සංයුත්තකෙ තිස්සත්ථෙරසුත්තං (සං· නි· 3.84) දෙසෙසි. සො දෙසනාපරියොසානෙ අරහත්තෙ පතිට්ඨාසි. තෙන වුත්තං අපදානෙ (අප· ථෙර 2.53.66-73) –
තෙරුන් වහන්සේ එම ගාථාව අසා, සංවේගයට පත් සිතින් විදසුන් වැඩීමෙහි උත්සාහවත් ව වාසය කළහ. එම අදහස දැනගත් ශාස්තෲන් වහන්සේ සංයුක්ත නිකායේ කියැවෙන තිස්සත්ථෙරසූත්රය දේශනා කළ සේක. එම දේශනාව අවසානයේ දී තිස්ස තෙරුන් රහත්ඵලයෙහි පිහිටියේ ය. උන්වහන්සේ තම චරිත කථාව අපදාන පාළියේ මෙසේ විස්තර කර දක්වති.
“දෙවලොකෙ මනුස්සෙ චෙ, අනුභොත්වා උභො යසෙ; අවසානෙ ච නිබ්බානං, සිවං පත්තො අනුත්තරං.
“දෙව්ලොව, මිනිස්ලොව යන දෙලොවම යශස් අනුභව කර, අවසන අනුත්තර ශාන්තිය ගෙනදෙන නිවණට පැමිණියෙමි.
“සම්බුද්ධං උද්දිසිත්වාන, බොධිං වා තස්ස සත්ථුනො; යො පුඤ්ඤං පසවී පොසො, තස්ස කිං නාම දුල්ලභං.
යම් පුරුෂයෙක් සම්බුදුරජාණන් වහන්සේ සඳහා හෝ උන්වහන්සේගේ බෝධිය උදෙසා හෝ පින් රැස් කරන්නේ නම් ඔහුට කුමක් දුර්ලභ වේද?
“මග්ගෙ ඵලෙ ආගමෙ ච, ඣානාභිඤ්ඤාගුණෙසු ච; අඤ්ඤෙසං අධිකො හුත්වා, නිබ්බායාමි අනාසවො.
මාර්ග - ඵල පිළිබඳව ද දීඝනිකායාදිය හා ධ්‍යානාභිඥා ගුණයන් හි ද අන් අයට වඩා අධික ඥාන ලාභියෙක් ව ආශ්‍රම රහිතව පිරිනිවන් පාන්නෙමි.
“පුරෙහං බොධියා පත්තං, ඡඩ්ඩෙත්වා හට්ඨමානසො; ඉමෙහි වීසතඞ්ගෙහි, සමඞ්ගී හොමි සබ්බථා.
පෙර මම සතුටු සිතින් බෝ මළුවෙහි වැටුණු වියළිපත් බැහැරලා, මේ විසිඅංගයන්ගෙන් හැමකල්හිම යුක්ත වීමි.
“කිලෙසා ඣාපිතා මය්හං…පෙ… කතං බුද්ධස්ස සාසන”න්ති.
මවිසින් කෙලෙස් දවන ලදි. -පෙ- බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව ඉටුකළෙමි.”
අරහත්තං පන පත්වා ථෙරො අඤ්ඤං බ්යාකරොන්තො සත්ථාරං පූජෙතුං තමෙව ගාථං අභාසි.
රහත් බවට පත් වූ එම තෙරුන් වහන්සේ තම රහත්ඵලය ප්‍රකාශ කරන සේක්, ශාස්තෲන් වහන්සේට පූජා කරනු කැමති ව එම ගාථාව ම නැවත වදාළ සේක.
තිස්සත්ථෙරගාථාවණ්ණනා නිට්ඨිතා.
තිස්ස ථේරගාථා අර්ථ වර්ණනාව නිමියේය.