යෙදුමෙන් කියවන්න

වඩ‍්ඪමානත්‍ථෙරගාථාවණ‍්ණනා අට‍්ඨකථා

වඩ‍්ඪමානත්‍ථෙරගාථාවණ‍්ණනා

වර්ධමාන ස්ථවිරගාථා වර්ණනාව

සත‍්තියා විය ඔමට‍්ඨොති ආයස‍්මතො වඩ‍්ඪමානත්‍ථෙරස‍්ස ගාථා. කා උප‍්පත‍්ති? අයම‍්පි කිර පුරිමබුද‍්ධෙසු කතාධිකාරො ඉතො ද‍්වෙනවුතෙ කප‍්පෙ තිස‍්සස‍්ස භගවතො කාලෙ කුලගෙහෙ නිබ‍්බත‍්තිත්‍වා විඤ‍්ඤුතං පත‍්තො තිස‍්සං භගවන‍්තං පිණ‍්ඩාය චරන‍්තං දිස‍්වා පසන‍්නමානසො සුපරිපක‍්කානි වණ‍්ටතො මුත‍්තානි අම‍්බඵලානි අදාසි. සො තෙන පුඤ‍්ඤකම‍්මෙන දෙවලොකෙ නිබ‍්බත‍්තො අපරාපරං පුඤ‍්ඤකම‍්මානි උපචිනන‍්තො ඉමස‍්මිං බුද‍්ධුප‍්පාදෙ වෙසාලියං ලිච‍්ඡවිරාජකුලෙ නිබ‍්බත‍්ති, වඩ‍්ඪමානොතිස‍්ස නාමං අහොසි. සො වයප‍්පත‍්තො සද‍්ධො පසන‍්නො දායකො දානරතො කාරකො සඞ‍්ඝුපට‍්ඨාකො හුත්‍වා තථාරූපෙ අපරාධෙ සත්‍ථාරා පත‍්තනික‍්කුජ‍්ජනකම‍්මෙ කාරාපිතෙ අග‍්ගිං අක‍්කන‍්තො විය සඞ‍්ඝං ඛමාපෙත්‍වා කම‍්මං පටිප‍්පස‍්සම‍්භෙත්‍වා සඤ‍්ජාතසංවෙගො පබ‍්බජි, පබ‍්බජිත්‍වා පන ථිනමිද‍්ධාභිභූතො විහාසි. තං සත්‍ථා සංවෙජෙන‍්තො “සත‍්තියා විය ඔමට‍්ඨො”ති ගාථං අභාසි.

“සතතියා විය ඔමට්ඨො” යනු ආයුෂ්මත් වඩ්ඪමාන තෙරුන්ගේ ගාථාවයි. එහි උපත කෙසේ ද? මොහු ද පෙර බුදුවරු හමුවෙහි කරන ලද ප්‍රාර්ථනා ඇත්තෙකි. මෙයින් කල්ප අනූ හතරකට පෙර තිස්ස නම් භාග්‍යවතුන් වහන්සේ පහළ වූ සමයෙහි සිටුගෙයක ඉපිද වියට පැමිණියේ, තිස්ස භාග්‍යවතුන් වහන්සේ පිඬු පිණිස හැසිරෙනු දැක පැහැදුණු සිතින්, මනාව පැසුණු නටුයෙන් ගිලිහුණු අඹගෙඩි පූජාකළේය. ඔහු ඒ පින්කමේ විපාක වශයෙන් දෙව් ලොව උපන්නේය. ඒ ඒ භවයන් හි දී තව තවත් පින්දහම් රැස් කරගත් හෙතෙම, මේ අපගේ සම්බුදුරජාණන් වහන්සේ ලොව පහළ වූ සමයෙහි වූ වේශාලියේ (විශාලා මහනුවර) ලිච්ඡවි රජ පවුලක ඉපිද වඩ්ඪමාන නමින් ප්‍රකට විය. වියටපත් ඒ රජ කුමරු ශ්‍රද්ධාවන්ත, තුණුරුවන් හි පැහැදුණු, දීමෙහි ම ඇලුණු දායකයෙක්ව නිති සංඝයාට උපස්ථාන කළේය. ඔහු කරන ලද යම් අපරාධයක් නිසා, ශාස්තෲන් වහන්සේ ඔහුට පත්ත නික්කුජ්ජන කර්මය පැනවූ කල්හි, එය සංසිඳුවා ගෙන උපන් සංවේගය නිසා පැවිදි විය. පැවිදි වූ නමුත් කය සිත මැලි බැවින් යුක්තව (ථීනමිද්ධ නීවරණයේ වෙලී) වාසය කළ වඩ්ඪමාන තෙරුන් වෙත වැඩම කළ ශාස්තෲන් වහන්සේ, එහිමියන් තුළ සංවේග ඇතිකරවමින් “සත්තියා විය ඔමට්ඨො” යන ගාථාව වදාළ සේක.

තත්‍ථ භවරාගප‍්පහානායාති භවරාගස‍්ස රූපරාගස‍්ස අරූපරාගස‍්ස ච පජහනත්‍ථාය. යදිපි අජ‍්ඣත‍්තසංයොජනානි අප‍්පහාය බහිද‍්ධසංයොජනානං පහානං නාම නත්‍ථි, නානන‍්තරිකභාවතො පන උද‍්ධම‍්භාගියසංයොජනප‍්පහානවචනෙන ඔරම‍්භාගියසංයොජනප‍්පහානම‍්පි වුත‍්තමෙව හොති. යස‍්මා වා සමුච‍්ඡින‍්නොරම‍්භාගියසංයොජනානම‍්පි කෙසඤ‍්චි අරියානං උද‍්ධම‍්භාගියසංයොජනානි දුප‍්පහෙය්‍යානි හොන‍්ති, තස‍්මා සුප‍්පහෙය්‍යතො දුප‍්පහෙය්‍යමෙව දස‍්සෙන‍්තො භගවා භවරාගප‍්පහානසීසෙන සබ‍්බස‍්සාපි උද‍්ධම‍්භාගියසංයොජනස‍්ස පහානමාහ. ථෙරස‍්ස එව වා අජ‍්ඣාසයවසෙනෙවං වුත‍්තං. සෙසං වුත‍්තනයමෙව.

එහි “භවරාගප්පහාණාය” යනු භව රාගය ද රූප රාගය ද අරූප රාගය ද දුරු කිරීම පිණිස, ඉදින් ආධ්‍යාත්මික සංයෝජනයන් දුරු නොකර, ප්‍රහීන නොකර බාහිර සංයෝජනයන් ගේ ප්‍රහාණයක්, දුරුවීමක් නම් සිදු නොවේ. මේ දෙක අතර මැද ප්‍රහීනවීමක් නොමැත. උද්ධම්භාගිය සංයෝජනයන් ප්‍රහීණ නොවූ කල්හි ඕරම්භාගිය සංයෝජන මුළුමනින්ම ප්‍රහීණ වුවත් උද්ධම්භාගිය සංයෝජන දුරුකිරීම අපහසු වෙති. එනිසා පහසුවෙන් ප්‍රහීණය කළහැකි දෙයින් අපහසු ප්‍රහීණ කිරීම උද්ධම්භාගිය සංයෝජන ප්‍රහීණ කිරීම අදහස් කළ සේක. නැතහොත් තෙරුන් වහන්සේගේ අදහස් අනුව ම එසේ දේශනා කළ සේක. සෙසු අර්ථ විභාග මුලින් දැක්වූ තිස්ස තෙරුන්ගේ වස්තුවෙහි පැමිණි ලෙස දතයුතුයි.

වඩ‍්ඪමානත්‍ථෙරගාථාවණ‍්ණනා නිට‍්ඨිතා.

වඩ්ඪමාන ථේරගාථා අර්ථ වර්ණනාව නිමියේය.

චතුත්‍ථවග‍්ගවණ‍්ණනා නිට‍්ඨිතා.

සතර වන වර්ගයේ අර්ථවර්ණනාව සමාප්තයි.