යෙදුමෙන් කියවන්න

සිරිවඩ‍්ඪත්‍ථෙරගාථාවණ‍්ණනා අට‍්ඨකථා

සිරිවඩ‍්ඪත්‍ථෙරගාථාවණ‍්ණනා

සිරිවඩ්ඪ ස්ථවිරගාථා වර්ණනාව

විවරමනුපතන‍්ති විජ‍්ජුතාති ආයස‍්මතො සිරිවඩ‍්ඪත්‍ථෙරස‍්ස ගාථා. කා උප‍්පත‍්ති? සොපි පුරිමබුද‍්ධෙසු කතාධිකාරො තත්‍ථ තත්‍ථ විවට‍්ටූපනිස‍්සයං කුසලං උපචිනන‍්තො ඉතො එකනවුතෙ කප‍්පෙ විපස‍්සිස‍්ස භගවතො කාලෙ කුලගෙහෙ නිබ‍්බත‍්තිත්‍වා විඤ‍්ඤුතං පත‍්තො විපස‍්සිං භගවන‍්තං පස‍්සිත්‍වා කිඞ‍්කණිපුප‍්ඵෙහි පූජං කත්‍වා තෙන පුඤ‍්ඤකම‍්මෙන දෙවලොකෙ නිබ‍්බත‍්තො අපරාපරං පුඤ‍්ඤානි කත්‍වා සුගතීසුයෙව සංසරන‍්තො ඉමස‍්මිං බුද‍්ධුප‍්පාදෙ රාජගහෙ විභවසම‍්පන‍්නස‍්ස බ්‍රාහ‍්මණස‍්ස ගෙහෙ නිබ‍්බත‍්ති, සිරිවඩ‍්ඪොතිස‍්ස නාමං අහොසි. සො වයප‍්පත‍්තො බිම‍්බිසාරසමාගමෙ සත්‍ථරි සද‍්ධම‍්මෙ ච උප‍්පන‍්නප‍්පසාදො හෙතුසම‍්පන‍්නතාය පබ‍්බජි. පබ‍්බජිත්‍වා ච කතපුබ‍්බකිච‍්චො වෙභාරපණ‍්ඩවපබ‍්බතානං අවිදූරෙ අඤ‍්ඤතරස‍්මිං අරඤ‍්ඤායතනෙ පබ‍්බතගුහායං කම‍්මට‍්ඨානමනුයුත‍්තො විහරති. තස‍්මිඤ‍්ච සමයෙ මහා අකාලමෙඝො උට‍්ඨහි. විජ‍්ජුල‍්ලතා පබ‍්බතවිවරං පවිසන‍්තියො විය විචරන‍්ති. ථෙරස‍්ස ඝම‍්මපරිළාහාභිභූතස‍්ස සාරගබ‍්භෙහි මෙඝවාතෙහි ඝම‍්මපරිළාහො වූපසමි. උතුසප‍්පායලාභෙන චිත‍්තං එකග‍්ගං අහොසි. සමාහිතචිත‍්තො විපස‍්සනං උස‍්සුක‍්කාපෙත්‍වා අරහත‍්තං පාපුණි. තෙන වුත‍්තං අපදානෙ (අප· ථෙර 1.21.10-14) –

“විවරමනුපතන්ති විජ්ජුතා” යනු ආයුෂ්මත් සිරිවඩ්ඪ තෙරුන්ගේ ගාථාවයි. එහි උපත කෙසේද? උන්වහන්සේ ද පෙර බුදුවරු හමුවෙහි කරන ලද ප්‍රාර්ථනා ඇතිව ඒ ඒ භවයේදී නිර්වාණය ප්‍රාර්ථනා කරගෙන බොහෝ පින්කම් රැස්කර ගත්හ. මෙයින් කල්ප අනූ එකකට පෙර පහළ වූ විපස්සි භාග්‍යවතුන් වහන්සේගේ සමයෙහි සිටුකුලයක ඉපිද වැඩිවියට පත්වූ හෙතෙම, විපස්සි භාග්‍යවතුන් වහන්සේ දැක - පැහැදී උන්වහන්සේට කිංකිණි මලින් පූජා කළේය. ඒ පින්කමෙන් දෙව්ලොව උපන් ඔහු; තව තවත් පින්දහම් රැස් කරමින් සුගතීන්හිම සැරිසරා මේ බුද්ධෝත්පාද කාලයේදී රජගහ නුවර මහත් ධනය ඇති බ්‍රාහ්මණ ගෙදරක උපන්නේ ය. සිරිවඩ්ඪ නාමයෙන් ප්‍රකටව වැඩිවියට පත්වූ ඔහු, බිම්බිසාර රජු හමුවේදී (බුදු වූ අලුතම) ශාස්තෲන් වහන්සේ දෙසූ සද්ධර්‍මයෙහි උපන් ප්‍රසාදය නිසාත් සංසාරික පුරුදුතාවය නිසාත් පැවිදි විය. පැවිදිව කරන ලද පූර්ව කටයුතු ඇති සිරිවඩ්ඪන තෙරණුවෝ, වේහාර පාණ්ඩව පර්වත දෙකට නුදුරු තැනක වූ අරණ්‍යායතන පර්‍වත ගුහාවක කමටහන් වැඩීමෙහි ම යෙදී වාසය කළහ. එම වේලාවෙහි මහත් වූ අකල් මේඝයක් (මහවරුසාවක්) පහළ විය. විදුලිය පර්වත විවරයට වැටෙමින් හෙන මෙන් හැසිරෙයි. (පුපුරයි). තෙරුන් වහන්සේගේ ග්‍රීෂ්මයෙන් තැවුණු ශරීරය තෙත් වූ වැසි සුළඟින් ස්පර්ශ කරන ලද්දේ ග්‍රීෂ්ම තාපනයෙන් සංසිඳුණි. යෝග්‍ය වූ සෘතු ලැබීම නිසා සිත එකඟ කරගත හැකි විය. තෙරණුවෝ එකඟ වූ සිතින් විදසුන් වඩා රහත් බවට පත්වූ සේක. උන්වහන්සේ මෙසේ අපදාන පාළියේදී සිය චරිත විස්තරය දැක්වූ සේක.

“කඤ‍්චනග‍්ඝියසඞ‍්කාසො, සබ‍්බඤ‍්ඤූ ලොකනායකො; ඔදකං දහමොග‍්ගය‍්හ, සිනායි අග‍්ගපුග‍්ගලො.

“රන්තොරණක් මෙන් බබළන සර්වඥ වූ ලෝකනායක බුදුරජාණන් වහන්සේගේ, සිසිල් දිය ඇති විලකට බැස ජලස්නානය කළසේක.

“පග‍්ගය‍්හ කිඞ‍්කණිං පුප‍්ඵං, විපස‍්සිස‍්සාභිරොපයිං; උදග‍්ගචිත‍්තො සුමනො, ද‍්විපදින්‍දස‍්ස තාදිනො.

මම කිංකිණි මල් රැසක් ගෙන ඔදවැඩී ගිය සිතැතිය, සතුටින් ද්විපදෝත්තම (දෙඇත්තන් අතරින් උතුම් වූ) තාදී ගුණ ඇති විපස්සි බුදුරජාණන් වහන්සේට පිදුවෙමි.”

“එකනවුතිතො කප‍්පෙ, යං පුප‍්ඵමභිරොපයිං; දුග‍්ගතිං නාභිජානාමි, බුද‍්ධපූජායිදං ඵලං.

“මෙයින් කල්ප අනූ එකකට පෙර යම් පුෂ්ප පූජාවක් කළෙම් ද එහි විපාක වශයෙන් මේ දක්වා දුගතියක් නුදුටුවෙමි. බුද්ධ පූජාවෙහි විපාකය එබඳුය.

“සත‍්තවීසතිකප‍්පම‍්හි, රාජා භීමරථො අහු; සත‍්තරතනසම‍්පන‍්නො, චක‍්කවත‍්තී මහබ‍්බලො.

ඒ මම මෙයින් කල්ප විසි හතකට පෙර සත්රුවනින් හෙබි මහත් බලැති භීමරථ නම් සක්විති රජ වූයෙමි.

“කිලෙසා ඣාපිතා මය‍්හං…පෙ… කතං බුද‍්ධස‍්ස සාසන”න‍්ති.

මවිසින් සියලු කෙලෙස් දවන ලදි. -පෙ- බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව ඉටුකළෙමි.”

අරහත‍්තං පන පත්‍වා අඤ‍්ඤාපදෙසෙන අත‍්තසන‍්නිස‍්සයං උදානං උදානෙන‍්තො “විවරමනුපතන‍්ති විජ‍්ජුතා”ති ගාථං අභාසි.

රහත්බවට පත්වූ උන්වහන්සේ සිය නික්ලේශී භාවය ප්‍රකාශ කරන සේක්; තමන් වහන්සේට වූ ලාභයම අර්ථෝත්පත්ති කරගෙන ප්‍රීතිය පහළ කරමින් “විවරමනපතන්ති විජ්ජුතා” යන ගාථාව වදාළ සේක.

තත්‍ථ විවරන‍්ති අන‍්තරා වෙමජ‍්ඣං. අනුපතන‍්තීති අනුලක‍්ඛණෙ පතන‍්ති පවත‍්තන‍්ති, විජ‍්ජොතන‍්තීති අත්‍ථො. විජ‍්ජොතනමෙව හි විජ‍්ජුල‍්ලතානං පවත‍්ති නාම. අනු-සද‍්දයොගෙන චෙත්‍ථ උපයොගවචනං, යථා “රුක‍්ඛමනුවිජ‍්ජොතන‍්තී”ති. විජ‍්ජුතාති සතෙරතා. වෙභාරස‍්ස ච පණ‍්ඩවස‍්ස චාති වෙභාරපබ‍්බතස‍්ස ච පණ‍්ඩවපබ‍්බතස‍්ස ච විවරමනුපතන‍්තීති යොජනා. නගවිවරගතොති නගවිවරං පබ‍්බතගුහං උපගතො. ඣායතීති ආරම‍්මණූපනිජ‍්ඣානෙන ලක‍්ඛණූපනිජ‍්ඣානෙන ච ඣායති, සමථවිපස‍්සනං උස‍්සුක‍්කාපෙන‍්තො භාවෙති. පුත‍්තො අප‍්පටිමස‍්ස තාදිනොති සීලක‍්ඛන්‍ධාදිධම‍්මකායසම‍්පත‍්තියා රූපකායසම‍්පත‍්තියා ච අනුපමස‍්ස උපමාරහිතස‍්ස ඉට‍්ඨානිට‍්ඨාදීසු තාදිලක‍්ඛණසම‍්පත‍්තියා තාදිනො බුද‍්ධස‍්ස භගවතො ඔරසපුත‍්තො. පුත‍්තවචනෙනෙව චෙත්‍ථ ථෙරෙන සත්‍ථු අනුජාතභාවදීපනෙන අඤ‍්ඤා බ්‍යාකතාති වෙදිතබ‍්බං.

එහි “විවරං” යනු විවරයෙහි. අතර මැද “අනුපතන්ති” යනු කියූ ලක්‍ෂණයෙහි වැටෙති. පතතිති. බැබලෙති යන අර්ථයයි. බැබලීමට විදුලියෙහි පැවතීම වේ. “අනු” යන්න මෙහිදී දුතියා විභක්තියෙහි යෙදී ඇත. “ගසක් පාසා බබලයි” “රුක්ඛමනු විජ්ජොතන්ති” යන්න මෙනි. “විජ්ජුතා” යනු වාතයෙන් කම්පිත වූ (විදුලිය). “වෙභාරස්සච පණ්ඩවස්සච” යනු “වේභාර පර්වතයට ද පණ්ඩව පර්වතයට ද යන අතරෙහි වූ විවරයෙහි වැටෙයි” යන අර්ථයයි. “නගවිවරගතො” යනු පර්‍වත (නග) විවරයට, පර්වත ගුහාවට පැමිණි (එහි වැඩ සිටි) “ඣායති” යනු ආරම්මණයන් හෝ ලක්‍ෂණයන් පිළිබඳව නැවත නැවත සිතමින් දැහැන් (ධ්‍යාන) වඩයි. සමථ හා විදර්ශනා භාවනාවන් පෙරටුකරගෙන වඩයි. ධ්‍යාන කරයි. “පුත්තො අප්පටිමස්ස තාදිනො” යනු ශීලස්කන්‍ධ ආදී ධර්‍මකාය සම්පත්තියෙන් ද රූප කාය සම්පත්තියෙන් ද අනුපම වූ, උපමාරහිත වූ, ඉෂ්ටානිෂ්ටාදී කාරණයන් හි තාදී ලක්‍ෂණය සහිත, අකම්පිත බුදුරජාණන් වහන්සේගේ ඖරස පුත්‍රයා; මෙහි යෙදුණු “පුත්ත” යන වචනයෙන් ම තෙරුන්වහන්සේ; තමා රහත්බවට පත්වීම් වශයෙන් ශාස්තෲන් වහන්සේගේ අනුජාත පුතෙකු බව ප්‍රකාශ කළ සේක.

සිරිවඩ‍්ඪත්‍ථෙරගාථාවණ‍්ණනා නිට‍්ඨිතා.

සිරිවඩ්ඪ ථේරගාථා අර්ථ වර්ණනාව නිමියේය.