යෙදුමෙන් කියවන්න

ඛදිරවනියරෙවතත්‍ථෙරගාථාවණ‍්ණනා අට‍්ඨකථා

ඛදිරවනියරෙවතත්‍ථෙරගාථාවණ‍්ණනා

ඛදිරවනියරේවත ස්ථවිරගාථා වර්ණනාව

චාලෙ උපචාලෙති ආයස‍්මතො ඛදිරවනියරෙවතත්‍ථෙරස‍්ස ගාථා. කා උප‍්පති? අයං කිර පදුමුත‍්තරස‍්ස භගවතො කාලෙ හංසවතීනගරෙ තිත්‍ථනාවිකකුලෙ නිබ‍්බත‍්තිත්‍වා මහාගඞ‍්ගාය පයාගතිත්‍ථෙ තිත්‍ථනාවාකම‍්මං කරොන‍්තො එකදිවසං සසාවකසඞ‍්ඝං භගවන‍්තං ගඞ‍්ගාතීරං උපගතං දිස‍්වා පසන‍්නමානසො නාවාසඞ‍්ඝාටං යොජෙත්‍වා මහන‍්තෙන පූජාසක‍්කාරෙන පරතීරං පාපෙත්‍වා අඤ‍්ඤතරං භික‍්ඛුං සත්‍ථාරා ආරඤ‍්ඤකානං අග‍්ගට‍්ඨානෙ ඨපියමානං දිස‍්වා තදත්‍ථං පත්‍ථනං පට‍්ඨපෙත්‍වා භගවතො භික‍්ඛුසඞ‍්ඝස‍්ස ච මහාදානං පවත‍්තෙසි. භගවා ච තස‍්ස පත්‍ථනාය අවජ‍්ඣභාවං බ්‍යාකාසි. සො තතො පට‍්ඨාය තත්‍ථ තත්‍ථ විවට‍්ටූපනිස‍්සයං කුසලං කත්‍වා දෙවමනුස‍්සෙසු සංසරන‍්තො ඉමස‍්මිං බුද‍්ධුප‍්පාදෙ මගධරට‍්ඨෙ නාලකගාමෙ රූපසාරියා බ්‍රාහ‍්මණියා කුච‍්ඡිස‍්මිං නිබ‍්බත‍්ති. තං වයප‍්පත‍්තං මාතාපිතරො ඝරබන්‍ධනෙන බන්‍ධිතුකාමා ජාතා. සො සාරිපුත‍්තත්‍ථෙරස‍්ස පබ‍්බජිතභාවං සුත්‍වා “මය‍්හං ජෙට‍්ඨභාතා අය්‍යො උපතිස‍්සො ඉමං විභවං ඡඩ‍්ඩෙත්‍වා පබ‍්බජිතො, තෙන වන‍්තං ඛෙළපිණ‍්ඩං කථාහං පච‍්ඡා ගිලිස‍්සාමී”ති ජාතසංවෙගො පාසං අනුපගච‍්ඡනකමිගො විය ඤාතකෙ වඤ‍්චෙත්‍වා හෙතුසම‍්පත‍්තියා චොදියමානො භික‍්ඛූනං සන‍්තිකං ගන‍්ත්‍වා ධම‍්මසෙනාපතිනො කනිට‍්ඨභාවං නිවෙදෙත්‍වා අත‍්තනො පබ‍්බජ‍්ජාය ඡන්‍දං ආරොචෙසි. භික‍්ඛූ තං පබ‍්බාජෙත්‍වා පරිපුණ‍්ණවීසතිවස‍්සං උපසම‍්පාදෙත්‍වා කම‍්මට‍්ඨානෙ නියොජෙසුං. සො කම‍්මට‍්ඨානං ගහෙත්‍වා ඛදිරවනං පවිසිත්‍වා, “අරහත‍්තං පත්‍වා භගවන‍්තං ධම‍්මසෙනාපතිඤ‍්ච පස‍්සිස‍්සාමී”ති ඝටෙන‍්තො වායමන‍්තො ඤාණස‍්ස පරිපාකගතත‍්තා නචිරස‍්සෙව ඡළභිඤ‍්ඤො අහොසි. තෙන වුත‍්තං අපදානෙ (අප· ථෙර 1.1.628-643) –

“චාලෙ උපචාලෙ” යනු ආයුෂ්මත් ඛදිරවනිය රේවත තෙරුන් වහන්සේගේ ගාථාවයි. එහි උපත කෙසේද? උන්වහන්සේ ද පෙර පදුමුත්තර භාග්‍යවතුන් වහන්සේ පහළ වූ සමයෙහි හංසවතී නුවර තීර්ත නාවික පවුලක ඉපිද මහා ගංගාවෙහි මහතොටක සිට නාවික කාර්යයෙහි නිරත වූහ. එක් දිනක් ශ්‍රාවක සංඝයා සහිත භාග්‍යවතුන් වහන්සේ ගඟ තෙරට පැමිණි බව දුටු ඔහු; පැහැදුණු සිතින් නැව් සමූහයක් යොදවා මහත් වූ පූජා සත්කාර කරමින් උන්වහන්සේලා ගඟින් එතෙර කරවීය. පසුව ශාස්තෲන් වහන්සේ එක් භික්‍ෂුවක් ආරණ්‍යවාසී භික්‍ෂූන් වහන්සේලා අතරින් අගතනතුරට පත් කරනු දැක, එම තනතුරම ප්‍රාර්ථනා කරගෙන භාග්‍යවතුන් වහන්සේට ද භික්‍ෂු මහා සංඝරත්නයට ද මහදන් පැවැත්වීය. භාග්‍යවතුන් වහන්සේ ද ඔහුගේ එම ප්‍රාර්ථනාව ඉටුවන බව පැවසූ සේක. ඔහු එතැන් පටන් ඒ ඒ උපනුපන් භවයන්හිදී සසරින් මිදීම සඳහා කුසල් දහම් රැස්කරමින් දෙව්මිනිස් දෙගතියෙහි සැරිසරා, අපගේ බුදුරජාණන් වහන්සේ ලොව පහළ වූ සමයෙහි මගධ රට නාළක නම් ගමේ රූපසාරී බැමිණියගේ කුසෙහි පිළිසිඳ ගත්තේය. වැඩිවියට පත්වූ මේ බමුණු තරුණයාට විවාහයක් කරදෙනු කැමති දෙමාපියෝ ඔහුට ඒ බව දැනුම් දුන්හ. ඔහු සැරියුත් තෙරුන්ගේ පැවිදිවීම අසා, “මගේ වැඩිමහල් සොයුරු වූ උපතිස්ස මේ සියලු සම්පත් හැර දමා පැවිදි විය. ඔහු විසින් වැමෑරූ කෙළ පිඬ මම කෙසේ නම් දැන් ගිලින්නෙම්ද” යි විමසමින් උපන් සංවේග ඇතිව, උගුලට හසුනොවී දිවයන මුවෙකු මෙන් ඥාතීන් රවටා පූර්ව වාසනා මහිමයෙන් මෙහෙයවනු ලබන්නේ භික්‍ෂූන් සමීපයට ගියේය. ගොස් තමා ධර්‍මසේනාපතීන් වහන්සේගේ බාල සොහොයුරා බව දැනුම් දී පැවිදිවීමට ඇති කැමැත්ත ද පැවසීය. භික්‍ෂූහු ඔහු පැවිදි කළහ. පිරිපුන් විසිවයස් ඇති රේවත හිමියන් උපසම්පදා කොට, කමටහන් වැඩීමෙහි නියුක්ත කළහ. උන්වහන්සේ කමටහන් රැගෙන කිහිරි වනයට (ඛදිරවනං) ගොස්; “රහත්බවට පත්වීමෙන් පසුව භාග්‍යවතුන් වහන්සේ ද ධර්‍මසේනාපතීන් වහන්සේ ද දකින්නෙමි.”යි උත්සාහ කරනුයේ, වෑයම් කරනුයේ; ඤාණය මුහුකුරා ගොස් නොබෝ කලකින්ම ෂඩ් අභිඥා උපදවා ගෙන අර්හත්‍වය සාක්‍ෂාත් කරගත්හ. එසේ කටයුතු නිමකළ උන්වහන්සේ තම චරිතය මෙසේ දැක්වූහ.

“ගඞ‍්ගා භාගීරථී නාම, හිමවන‍්තා පභාවිතා; කුතිත්‍ථෙ නාවිකො ආසිං, ඔරිමෙ ච තරිං අහං.

“හිමවතින් හටගෙන ගලාඑන භගීරථී නම් ගඟක් විය. මම ඒ ගඟෙහි සැඩ රළ වේගයෙන් යුතු විෂම තීර්ථයක රැකියාව කරන නැවියෙක් වූයෙමි.

“පදුමුත‍්තරො නායකො, සම‍්බුද‍්ධො ද‍්විපදුත‍්තමො; වසීසතසහස‍්සෙහි, ගඞ‍්ගාතීරමුපාගතො.

පදුමුත්තර බුදුරජාණන් වහන්සේ රහතන් වහන්සේලා දහසක් සමග ගඟෙහි සැඩ පහර තරණය කිරීමට වැඩම වූ පුවත මම ඇසුවෙමි.

“බහූ නාවා සමානෙත්‍වා, වඩ‍්ඪකීහි සුසඞ‍්ඛතං; නාවාය ඡදනං කත්‍වා, පටිමානිං නරාසභං.

බොහෝ නැව් එක්කර තැනූ මහා නැවෙහි, වඩුවන් ලවා මනාව සෙවිලි කරවා බුදුරජාණන් වහන්සේට පූජා කළෙමි.

“ආගන‍්ත්‍වාන ච සම‍්බුද‍්ධො, ආරූහි තඤ‍්ච නාවකං; වාරිමජ‍්ඣෙ ඨිතො සත්‍ථා, ඉමා ගාථා අභාසථ.

බුදුපියාණෝ එම උතුම් නැවට නැගිසේක්; ගඟ මැද දී මෙලෙසින් වදාළ සේක.”

“යො සො තාරෙසි සම‍්බුද‍්ධං, සඞ‍්ඝඤ‍්චාපි අනාසවං; තෙන චිත‍්තප‍්පසාදෙන, දෙවලොකෙ රමිස‍්සති.

“යමෙක් මෙසේ රහතන් වහන්සේලා සහිත බුදුරජාණන් වහන්සේ ගඟින් එතෙර කරවයිද, ඔහු එම සිත් පැහැදීම නිසා දෙව්ලොව උපදින්නේය.

“නිබ‍්බත‍්තිස‍්සති තෙ බ්‍යම‍්හං, සුකතං නාවසණ‍්ඨිතං; ආකාසෙ පුප‍්ඵඡදනං, ධාරයිස‍්සති සබ‍්බදා.

ඔබට මේ මනාව අලංකාර කළ මහා නැව බඳු දෙව් විමනක් පහළවේ. හැමකල අහසේ මල් වියනක් ඇතිවේ.

“අට‍්ඨපඤ‍්ඤාසකප‍්පම‍්හි, තාරකො නාම ඛත‍්තියො; චාතුරන‍්තො විජිතාවී, චක‍්කවත‍්තී භවිස‍්සති.

මෙයින් කල්ප පනස් අටකට පසුව නුඹ සිවුමහා දිවයින්ට ම ප්‍රධාන වූ ජයගන්නා වූ තාරක නම් සක්විති රජවන්නෙහිය.

“සත‍්තපඤ‍්ඤාසකප‍්පම‍්හි , චම‍්මකො නාම ඛත‍්තියො; උග‍්ගච‍්ඡන‍්තොව සූරියො, ජොතිස‍්සති මහබ‍්බලො.

මෙයින් කල්ප පනස් හතකට පසුව මහබල ඇති චම්පක නම් ක්‍ෂත්‍රිය රජව උදාවන හිරු මෙන් බබලන්නේය.

“කප‍්පසතසහස‍්සම‍්හි, ඔක‍්කාකකුලසම‍්භවො; ගොතමො නාම ගොත‍්තෙන, සත්‍ථා ලොකෙ භවිස‍්සති.

මෙයින් කල්ප ලක්‍ෂයකට පසුව පහළවන ඔක්කාක කුලයේ ඉපිද ගෝතම නාමයෙන් හැඳින්වෙන ශාස්තෲන් වහන්සේගේ කාලයේදී නුඹ දෙව්ලොවින් චුතව රේවත නම් බ්‍රාහ්මණයෙක් වන්නෙහිය.

“තිදසා සො චවිත්‍වාන, මනුස‍්සත‍්තං ගමිස‍්සති; රෙවතො නාම නාමෙන, බ්‍රහ‍්මබන්‍ධු භවිස‍්සති.

“අගාරා නික‍්ඛමිත්‍වාන, සුක‍්කමූලෙන චොදිතො; ගොතමස‍්ස භගවතො, සාසනෙ පබ‍්බජිස‍්සති.

කුශල මූලයන් විසින් මෙහෙයවනු ලබන නුඹ, ගෞතම බුදුසසුනෙහි ශ්‍රද්ධාවෙන් පැවිදි වන්නෙහිය.

“සො පච‍්ඡා පබ‍්බජිත්‍වාන, යුත‍්තයොගො විපස‍්සකො; සබ‍්බාසවෙ පරිඤ‍්ඤාය, නිබ‍්බායිස‍්සතිනාසවො.

පැවිදිව භාවනායෝගීව විදසුන් වඩා සියලු ආශ්‍රව ප්‍රහීන කරන නුඹ නිකෙලෙස්ව පිරිනිවන් පාන්නෙහිය.”

“වීරියං මෙ ධුරධොරය‍්හං, යොගක‍්ඛෙමාධිවාහනං; ධාරෙමි අන‍්තිමං දෙහං, සම‍්මාසම‍්බුද‍්ධසාසනෙ.

නිර්වාණය නම් යෝග ක්‍ෂේම භූමියට මා ගෙනයන ගැල්බර උසුලන ගවයා නම් මාගේ වීර්යයි. දැන් මම බුදුසසුනෙහි අවසන් සිරුර දරමි.

“සතසහස‍්සෙ කතං කම‍්මං, ඵලං දස‍්සෙසි මෙ ඉධ; සුමුත‍්තො සරවෙගොව, කිලෙසෙ ඣාපයී මම.

මීට කල්ප ලක්‍ෂයකට පෙර කරන ලද කුසල කර්‍මය මෙම අත්බැව්හිදී විපාක දුන්නේය. දුනුදියෙන් මනාව මිදුණු හීයේ වේගය මෙන් ඒ කුසලයෙන් මාගේ කෙලෙස් දැවිණි.

“තතො මං වනනිරතං, දිස‍්වා ලොකන‍්තගූ මුනි; වනවාසිභික‍්ඛූනග‍්ගං, පඤ‍්ඤපෙසි මහාමති.

ඉක්බිති ලෝකයේ කෙළවරට ගිය මහ නුවණැති බුදුරජාණන් වහන්සේ වන සෙනසුනෙහි ඇලුණු මා දැක, වනවැසිව දැහැන් වඩන භික්‍ෂූන් අතරින් අගතනතුරෙහි තැබූ සේක.

“කිලෙසා ඣාපිතා මය‍්හං…පෙ… කතං බුද‍්ධස‍්ස සාසන”න‍්ති.

මවිසින් සියලු කෙලෙස් දවන ලදි. -පෙ- බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව ඉටුකළෙමි.”

ඡළභිඤ‍්ඤො පන හුත්‍වා ථෙරො සත්‍ථාරං ධම‍්මසෙනාපතිඤ‍්ච වන්‍දිතුං සෙනාසනං සංසාමෙත්‍වා පත‍්තචීවරමාදාය අනුපුබ‍්බෙන සාවත්‍ථිං පත්‍වා ජෙතවනං පවිසිත්‍වා සත්‍ථාරං ධම‍්මසෙනාපතිඤ‍්ච වන්‍දිත්‍වා කතිපාහං ජෙතවනෙ විහාසි . අථ නං සත්‍ථා අරියගණමජ‍්ඣෙ නිසින‍්නො ආරඤ‍්ඤකානං භික‍්ඛූනං අග‍්ගට‍්ඨානෙ ඨපෙසි – “එතදග‍්ගං, භික‍්ඛවෙ, මම සාවකානං භික‍්ඛූනං ආරඤ‍්ඤකානං යදිදං රෙවතො ඛදිරවනියො”ති (අ· නි· 1.198, 203). සො අපරභාගෙ අත‍්තනො ජාතගාමං ගන‍්ත්‍වා “චාලා, උපචාලා, සීසූපචාලා”ති තිස‍්සන‍්නං භගිනීනං පුත‍්තෙ “චාලා, උපචාලා, සීසූපචාලා”ති තයො භාගිනෙය්‍යෙ ආනෙත්‍වා පබ‍්බාජෙත්‍වා කම‍්මට‍්ඨානෙ නියොජෙසි. තෙ කම‍්මට‍්ඨානං අනුයුත‍්තා විහරන‍්ති. තස‍්මිඤ‍්ච සමයෙ ථෙරස‍්ස කොචිදෙව ආබාධො උප‍්පන‍්නො. තං සුත්‍වා සාරිපුත‍්තත්‍ථෙරො රෙවතං “ගිලානපුච‍්ඡනං අධිගමපුච‍්ඡනඤ‍්ච කරිස‍්සාමී”ති උපගච‍්ඡි. රෙවතත්‍ථෙරො ධම‍්මසෙනාපතිං දූරතොව ආගච‍්ඡන‍්තං දිස‍්වා තෙසං සාමණෙරානං සතුප‍්පාදනවසෙන ඔවදන‍්තො “චාලෙ උපචාලෙ”ති ගාථං අභාසි.

ෂඩ් අභිඥා ලබාගත් රේවත තෙරණුවෝ ශාස්තෲන් වහන්සේ ද ධර්‍මසේනාපතීන් වහන්සේද වැඳගනු කැමතිව, සෙනසුන් හකුළුවා තබා පාසිවුරු ගෙන අනුපිළිවෙලින් සැවැත්නුවර ජේතවනාරාමයට වැඩියහ. වැඩමවා ශාස්තෲන් වහන්සේට ද ධර්‍මසේනාපතීන් වහන්සේටද වන්දනා මාන කොට දින කිහිපයක් එහිම විසූ රේවත තෙරණුවන්; ශාස්තෲන් වහන්සේ විසින් ආර්යයන් වහන්සේලා මැද වැඩ හිඳිසේක් ආරඤ්ඤක භික්‍ෂූන් අතරින් අග්‍රස්ථානයෙහි තැබූසේක. “මහණෙනි! මගේ ශ්‍රාවක භික්‍ෂූන් වහන්සේලා අතුරින් ආරණ්‍යයෙහි වසන්නවුන් ගෙන් මේ ඛදිරවනීය රේවත තෙරණුවෝම අග්‍රවෙති”යි වදාළහ. පසුකලෙක උන්වහන්සේ තම උපන් ගමට වැඩ සිය සොහොයුරියන් වූ චාලා, උපචාලා හා සිසුපචාලා යන තිදෙනාගේ පුතුන් වූ චාලා, උපචාලා හා සිසුපචාලා යන තම බෑනාවරු තිදෙන කැඳවාගෙන වුත් පැවිදි කොට කමටහන් වැඩීමෙහි නියුක්ත කළසේක. ඔවුහු ද කමටහනෙහිම නියුක්ත වෙමින් වාසය කළහ. මෙසමයේ රේවත තෙරුන්ට කිසියම් ආබාධයක් ඇතිවිය. එය ආරංචි වූ සැරියුත් මහරහතන් වහන්සේ, “රේවත තෙරුන්ගෙන් රෝගය පිළිබඳව ද අධිගමයන් පිළිබඳව ද විමසන්නෙමි”යි එතැනට එළඹිසේක. රේවත තෙරණුවෝ, දුරදීම තමා වෙත වැඩමවන සැරියුත් තෙරුන් දුටුවහ. දැක ඒ සාමණේරවරුන්ට සිහිය ඉපදවීම සඳහා අවවාද දෙමින්, “චාලෙ උපචාලෙ” යනාදී ගාථාව වදාළහ.

තත්‍ථ චාලෙ උපචාලෙ සීසූපචාලෙති තෙසං ආලපනං. “චාලා, උපචාලා, සීසූපචාලා”ති හි ඉත්‍ථිලිඞ‍්ගවසෙන ලද‍්ධනාමා තෙ තයො දාරකා පබ‍්බජිතාපි තථා වොහරීයන‍්ති. “‘චාලී, උපචාලී, සීසූපචාලී’ති තෙසං නාම”න‍්ති ච වදන‍්ති. යදත්‍ථං “චාලා”තිආදිනා ආමන‍්තනං කතං, තං දස‍්සෙන‍්තො “පතිස‍්සතා නු ඛො විහරථා”ති වත්‍වා තත්‍ථ කාරණමාහ “ආගතො වො වාලං විය වෙධී”ති. පතිස‍්සතාති පතිස‍්සතිකා. ඛොති අවධාරණෙ. ආගතොති ආගච‍්ඡි. වොති තුම‍්හාකං. වාලං විය වෙධීති වාලවෙධී විය, අයඤ‍්හෙත්‍ථ සඞ‍්ඛෙපත්‍ථො – තික‍්ඛජවනනිබ‍්බෙධිකපඤ‍්ඤතාය වාලවෙධිරූපො සත්‍ථුකප‍්පො තුම‍්හාකං මාතුලත්‍ථෙරො ආගතො, තස‍්මා සමණසඤ‍්ඤං උපට‍්ඨපෙත්‍වා සතිසම‍්පජඤ‍්ඤයුත‍්තා එව හුත්‍වා විහරථ, “යථාධිගතෙ විහාරෙ අප‍්පමත‍්තා භවථා”ති. තං සුත්‍වා තෙ සාමණෙරා ධම‍්මසෙනාපතිස‍්ස පච‍්චුග‍්ගමනාදිවත‍්තං කත්‍වා උභින‍්නං මාතුලත්‍ථෙරානං පටිසන්‍ථාරවෙලායං නාතිදූරෙ සමාධිං සමාපජ‍්ජිත්‍වා නිසීදිංසු.

එහි “චාලෙ උපචාලෙ සිසුපචාලෙ” යනු සාමණේරවරුන්ට ඇමතීමයි. ඔවුන්ට චාලා, උපචාලා හා සිසුපචාලා යන ස්ත්‍රීලිංගික නාම ගිහිකාලයේ භාවිතා වූ බැවින් පැවිදි වූ පසුවත් එසේම ව්‍යවහාර කරන ලදි. ඇතැම් හු මොවුන් ගේ නම් චාලී, උපචාලී හා සිසුපචාලී නම් වූ බවද කියති. යම් කරුණක් සඳහා මෙසේ අමතනු ලැබුවේද ඒ කරුණ දක්වන සේක්; “පතිස්සකා නුඛො විහරථ” යන්න දේශනා කළහ. අනතුරුව එසේ සිටීමට හේතුව “ආගතො වො වාලං විය වෙධී” යනුවෙන් දැක්වූහ. මෙහි “පතිස්සකා” යනු සිහි ඇතිව ද? සිහි නොමැතිව ද? යි අවධාරණය කරයි. “ආගතො” යනු පැමිණියේය. “වො” යනු නුඹලාගේ “වාලං විය වෙධී” යනු හිස කෙස්ගස පවා දෙපලු කිරීමට සමත් දුනුවායකු මෙන් මෙම ගාථාවෙහි අරුත මෙසේය. “තියුණු ඉතා වේගවත් අවබෝධවීම් හා ප්‍රඥා ඇති බැවින් වාලවෙධි දුණුවායෙක් වැනි වූ ශාස්තෲන් වහන්සේ බඳු නුඹලාගේ මාමා වන සැරියුත් මහ රහතන් වහන්සේ වැඩම කළහ. එනිසා හෙරණුනි! තමා ශ්‍රමණයෝය යන හැඟීම උපදවාගෙන, සිහි කල්පනාවෙහි නියුක්තව වෙසෙවු. අවබෝධ නොකළ අධිගමයන් හි අප්‍රමාද වන්න” මෙම ප්‍රකාශය ඇසූ සාමණේරවරු සැරියුත් තෙරුන්ට පෙරගමන් කිරීම් ආදී නිසිවත් දක්වා මාමාවන තෙරවරු දෙදෙනාම පිළිසඳර කථාවට පිවිසි කල්හි, මඳක් ඈත් වී සමාධියට සමවැද වැඩහුන්හ.

ධම‍්මසෙනාපති රෙවතත්‍ථෙරෙන සද‍්ධිං පටිසන්‍ථාරං කත්‍වා උට‍්ඨායාසනා තෙ සාමණෙරෙ උපසඞ‍්කමි, තෙ තථාකාලපරිච‍්ඡෙදස‍්ස කතත‍්තා ථෙරෙ උපසඞ‍්කමන‍්තෙ එව උට‍්ඨහිත්‍වා වන්‍දිත්‍වා අට‍්ඨංසු. ථෙරො “කතරකතරවිහාරෙන විහරථා”ති පුච‍්ඡිත්‍වා තෙහි “ඉමාය ඉමායා”ති වුත‍්තෙ “දාරකෙපි නාම එවං විනෙන‍්තො මය‍්හං භාතිකො පච‍්චපාදි වත ධම‍්මස‍්ස අනුධම‍්ම”න‍්ති ථෙරං පසංසන‍්තො පක‍්කාමි.

ධර්‍මසේනාපතීන් වහන්සේ, රේවත තෙරුන් සමඟ වූ පිළිසඳර කථාව නිමවා අසුනින් නැගිට ඒ සාමණේරවරු වෙත වැඩම කළහ. ඔවුහු එම අධිෂ්ඨානයෙන් කාලය පිරිසිඳීම කළ බැවින්, තෙරුන් වහන්සේ සමීපවන විටම ධ්‍යානයෙන් නැගිට වැඳ එකත් පසෙක සිටියහ. “නුඹලා දැන් කවර කවර විහරණයන්ගෙන් යුක්තව වාසය කරවුද?”යි සැරියුත් තෙරණුවෝ ඇසූ කල්හි එම සාමණේරවරු, “ස්වාමීනි! මේ මේ විහරණවලින් පසුවෙමි”යි පැවසූහ. එය ඇසූ සැරියුත් තෙරුන්,” දරුවන් පවා මෙසේ හික්මවන්නා වූ මාගේ සොහොයුරා ඒකාන්තයෙන් ම සත්‍ය වූ වදන් ඇත්තෙකි. ධර්‍මය අනුව පවතින්නෙකි”යි රේවත තෙරුන්ට ප්‍රශංසා කරමින් වැඩිසේක.

ඛදිරවනියත්‍ථෙරගාථාවණ‍්ණනා නිට‍්ඨිතා.

ඛදිරවනීය රේවත ථේරගාථා අර්ථ වර්ණනාව නිමියේය.