ගවම්පතිත්ථෙරගාථා
1. 4. 8.
1. 4. 8.
38. යො ඉද්ධියා සරභුං අට්ඨපෙසි සො ගවම්පති අසිතො අනෙජො තං සබ්බසඞ්ගාතිගතං මහාමුනිං දෙවා නමස්සන්ති භවස්ස පාරගු’න්ති.
38. යමෙක් ඍද්ධිබලයෙන් ‘සරභූ’ නම් ගඟ නැවැත්වී ද, ඒ ගවම්පති තෙම (තෘෂ්ණාදෘෂ්ටි) නිශ්‍රය රහිත වූයේ (එහෙයින් මැ) නික්ලේශී වෙයි, සියලු (රාගාදික්ලේශ) සඞ්ගයන් ඉක්ම ගිය භවපාරයට පැමිණි ඒ මහමුනිහු දෙවියෝ නමදිත් යයි.
ඉත්ථං සුදං ආයස්මා ගවම්පතිත්ථෙරො ගාථං අභාසිත්ථා’ති.
මෙසේ ... ගවම්පති ස්ථවිරයන් වහන්සේ ...