යෙදුමෙන් කියවන්න

දාසකත්‍ථෙරගාථා

1. 2. 7.

1. 2. 7.

17. මිද‍්ධි යදා හොති මහග‍්ඝසො ච නිද‍්දායිතා සම‍්පරිවත‍්තසායී මහාවරාහො’ව නිවාපපුට‍්ඨො පුනප‍්පුනං ගබ‍්භමුපෙති මන්‍දො’ති.

17. යම් කලෙකැ මඳ නුවණැත්තේ ථීනමිද්ධයෙන් මඩනා ලදුයේ බොහෝ කොට අහර බුදින්නේත් වේ ද, නිදනසුලු වූයේ පෙරැළි පෙරැළී නිදන්නේත් වේ ද හෙතෙම හූරු බතින් පුස්නාලද මහහූරකු සෙයින් පුනපුනා ගැබට වදී. (සසර උපදී යි සේ යි)

ඉත්‍ථං සුදං ආයස‍්මා දාසකො ථෙරො ගාථං අභාසිත්‍ථා’ති.

මෙසේ ... දාසක ස්ථවිරයන් වහන්සේ ...

දාසකත්‍ථෙරගාථා.

දාසක ස්ථවිරගාථා යි.