යෙදුමෙන් කියවන්න

පුණ‍්ණමාසත්‍ථෙරගාථා

1. 1. 10.

1. 1. 10.

10. විහරි අපෙක‍්ඛං ඉධ වා හුරං වා යො වෙදගූ සමිතො යතත‍්තො සබ‍්බෙසු ධම‍්මෙසු අනූපලිත‍්තො ලොකස‍්ස ධඤ‍්ඤා උදයබ‍්බයඤ‍්ඤා’ති.

10. යමෙක් මෙ අත්බැව්හි හෝ පරඅත්බැව්හි නොහොත් ආධ්‍යාත්මික බාහිර ආයතනයන්හි තෘෂ්ණාව වෙසෙසින් දුරු කෙළේ ද මඟනුවණින් (නිවනට) ගිය සන්හුන් වූ (මාර්‍ගසංවරයෙන්) සංයත වූ සිතැති හෙතෙම (උපාදානස්කන්‍ධ) ලෝකයා ගේ උදය ව්‍යය ද දැන සියලු ආලම්බනධර්‍මයන්හි නො ඇලුණේ වේ.

ඉත්‍ථං සුදං ආයස‍්මා පුණ‍්ණමාසො ථෙරො ගාථං අභාසිත්‍ථා’ති.

මෙසේ ... පුණ්ණමාස ස්ථවිරයන් වහන්සේ ...

පුණ‍්ණමාසත්‍ථෙරගාථා.

පුණ්ණමාස ස්ථවිරගාථා යි.

පඨමො වග‍්ගො.

ප්‍රථම වර්‍ගය යි.

තස‍්සුද‍්දානං:

උද්දානය:

සුභූති කොට‍්ඨිතො ථෙරො කඞ‍්ඛාරෙවතසම‍්මතො මන‍්තාණිපුත‍්තො දබ‍්බො ච සීතවනියො ච භල‍්ලියො වීරො පිළින්‍දවච‍්ඡො ච පුණ‍්ණමාසො තමොනුදො’ති.

සුභූති ස්ථවිර ද කොට්ඨිත ස්ථවිර ද කඞ්ඛාරේවත ස්ථවිර ද මන්තානිපුත්‍ර (පුණ්ණ) ස්ථවිර ද දබ්බ ස්ථවිර ද සීතවන වැසි (සම්භූත) ස්ථවිර ද භල්ලිය ස්ථවිර ද වීර ස්ථවිර ද පිළින්‍දවච්ඡ ස්ථවිර ද අවිදු අඳුර දුරු කරන පුණ්ණමාස ස්ථවිර දැ යි (ප්‍රථමවර්‍ගයෙහි තෙරවරු දස දෙනෙකි.)