වීරත්ථෙරගාථාවණ්ණනා අට්ඨකථා
වීරත්ථෙරගාථාවණ්ණනා
වීර ස්ථවිරගාථා වර්ණනාව
යො දුද්දමියොති ආයස්මතො වීරත්ථෙරස්ස ගාථා. කා උප්පත්ති? අයං කිර ඉතො එකනවුතෙ කප්පෙ විපස්සිස්ස භගවතො වසනආවාසං පටිජග්ගි. එකදිවසඤ්ච සින්ධුවාරපුප්ඵසදිසානි නිග්ගුණ්ඨිපුප්ඵානි ගහෙත්වා භගවන්තං පූජෙසි. සො තෙන පුඤ්ඤකම්මෙන දෙවමනුස්සෙසු සංසරන්තො ඉතො පඤ්චතිංසෙ කප්පෙ ඛත්තියකුලෙ නිබ්බත්තිත්වා මහාපතාපො නාම රාජා අහොසි චක්කවත්තී. සො ධම්මෙන සමෙන රජ්ජං කාරෙන්තො සත්තෙ සග්ගමග්ගෙ පතිට්ඨාපෙසි. පුන ඉමස්මිං කප්පෙ කස්සපස්ස භගවතො කාලෙ මහාවිභවො සෙට්ඨි හුත්වා කපණද්ධිකාදීනං දානං දෙන්තො සඞ්ඝස්ස ඛීරභත්තං අදාසි. එවං තත්ථ තත්ථ දානමයං පුඤ්ඤසම්භාරං කරොන්තො ඉතරඤ්ච නිබ්බානත්ථං සම්භරන්තො දෙවමනුස්සෙසු සංසරිත්වා ඉමස්මිං බුද්ධුප්පාදෙ සාවත්ථිනගරෙ රඤ්ඤො පසෙනදිස්ස අමච්චකුලෙ නිබ්බත්ති, “වීරො”තිස්ස නාමං අකංසු. සො වයප්පත්තො නාමානුගතෙහි පත්තබලජවාදිගුණෙහි සමන්නාගතො සඞ්ගාමසූරො හුත්වා මාතාපිතූහි නිබන්ධවසෙන කාරිතෙ දාරපරිග්ගහෙ එකංයෙව පුත්තං ලභිත්වා පුබ්බහෙතුනා චොදියමානො කාමෙසු සංසාරෙ ච ආදීනවං දිස්වා සංවෙගජාතො පබ්බජිත්වා ඝටෙන්තො වායමන්තො නචිරස්සෙව ඡළභිඤ්ඤො අහොසි. තෙන වුත්තං අපදානෙ (අප· ථෙර 1.21.21-24) –
“යො දුද්දමියො” යනු ආයුෂ්මත් වීර තෙරුන්ගේ ගාථාවයි. එහි උපත කෙසේද? මීට අනූ එක් කල්පයකට පෙර විපස්සි බුදුරජාණන් වහන්සේට ආවාසයක් සාදා මොහු විසින් පුදන ලදි. තවත් දිනෙක ඉඳුවර මල් වැනි වූ නික ගසේ මල් ගෙන බුදුන්ට පිදුවේය. ඔහු ඒ පින්කමේ විපාක වශයෙන් දෙව් මිනිස් දෙගතියෙහි සැරිසරා, මෙයින් තිස්පස්වන කල්පයෙහි ක්ෂත්රිය රජ කුලයේ ඉපිද මහා ප්‍රතාප නම් සක්විති රජු විය. ඔහු දැහැමින් සෙමින් රජ කරමින් සත්ත්වයන් දෙව් ලෝ යන මාවතෙහි පිහිටුවීය. නැවත මේ මහා භද්‍ර කල්පයෙහි කාශ්‍යප භාග්‍යවතුන් වහන්සේ පහළ වූ සමයෙහි මහත් සම්පත් ඇති සිටුවරයෙක්ව, දුගී මගී යාචකාදීන්ට දන් දුන්නේය. සංඝයාට ද කිරිබත් පූජා කළේය. මෙසේ ඒ ඒ භවයන්හි දානාදී පුණ්‍ය සම්භාර ධර්ම රැස් කරමින් සෙස්සන් ද නිර්වාණ මඟට යොමු කරමින්, දෙව් මිනිසුන් අතර සැරිසරා, අපගේ බුදුරජාණන් වහන්සේ පහළ වූ කල්හි සැවැත්නුවර පසේනදි කොසොල් රජුගේ ඇමති පවුලක උපන්නේය. “වීර” යැයි ඔහුට නම් තැබීය. ඔහු වැඩිවියට පත්ව නමට අනුවම බලයෙන්, ජවයෙන් යුක්ත වූයේ සංග්රාමයෙහි ශූරයෙක් විය. ඔහුගේ මවුපියන්ගේ බලවත් පෙරැත්ත කිරීම නිසා විවාහ වූ ඔහු එක් පුතෙකු ලැබ, පෙර කරන ලද පුරුදුතාවය නිසා කාමයන්හි ආදීනව දැක, සංවේග උපදවා පැවිදි විය. උත්සාහ කරනුයේ වෑයම් කරනුයේ නොබෝ දිනකින්ම ඔහු, ෂඩ් අභිඥා උපදවා ගත්තේය. ඒ බව අපදාන පාළියේ ගාථාවලින් විස්තරව දැක්වේ. එහි සිංහලාර්ථ මෙසේය. (අපදාන පාළි I - නිග්ගුණ්ඩි ප්රප්ඵියත්ථෙරාපදානං)
“විපස්සිස්ස භගවතො, ආසිමාරාමිකො අහං; නිග්ගුණ්ඨිපුප්ඵං පග්ගය්හ, බුද්ධස්ස අභිරොපයිං.
“මම විපස්සි බුදුරජාණන් වහන්සේගේ ආරාමිකයෙක් වීමි. ඒ මම නික මල්ගෙන බුදුරජාණන් වහන්සේට පිදීමි.
“එකනවුතිතො කප්පෙ, යං පුප්ඵමභිපූජයිං; දුග්ගතිං නාභිජානාමි, බුද්ධපූජායිදං ඵලං.
මෙයින් අනූ එක්වන කල්පයේ මම යම් මල් පූජාවක් කළෙම් ද එහි විපාක වශයෙන් දුගතියක් නොදුටුවෙමි. බුදු පුදෙහි මේ මා ලැබූ විපාකයයි.
“පඤ්චවීසෙ ඉතො කප්පෙ, එකො ආසිං ජනාධිපො; මහාපතාපනාමෙන, චක්කවත්තී මහබ්බලො.
ඉන්පසුව මීට කල්ප තිස් පහකට පෙර මහත් බල ඇති ජනයන්ට අධිපති වූ මහා ප්‍රතාප නම් සක්විති රජ වූයෙමි.
“කිලෙසා ඣාපිතා මය්හං…පෙ… කතං බුද්ධස්ස සාසන”න්ති.
සිවුපිළිසිඹියා, අෂ්ට විමෝක්ෂ හා ෂඩ් අභිඥා සාක්ෂාත් කරගත් මම බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව ඉටු කළෙමි” (2290-2293)
එවං පන අරහත්තං පත්වා ඵලසමාපත්තිසුඛෙන වීතිනාමෙන්තං ථෙරං පුරාණදුතියිකා උප්පබ්බාජෙතුකාමා අන්තරන්තරා නානානයෙහි පලොභෙතුං පරක්කමන්තී එකදිවසං දිවාවිහාරට්ඨානං ගන්ත්වා ඉත්ථිකුත්තාදීනි දස්සෙතුං ආරභි. අථායස්මා වීරො “මං පලොභෙතුකාමා සිනෙරුං මකසපක්ඛවාතෙන චාලෙතුකාමා විය යාව බාලා වතායං ඉත්ථී”ති තස්සා කිරියාය නිරත්ථකභාවං දීපෙන්තො “යො දුද්දමියො”ති ගාථං අභාසි.
මෙසේ රහත් බවට පැමිණ ඵලසමවත් සුවයෙන් කල් යවන උන්වහන්සේගේ ගිහි කල භාර්යාව, තෙරණුවන් ගිහිබවට පත් කර ගැනීමේ අදහසින් නිතර නිතර නොයෙක් ක්‍රම වලින් පොළඹවා ගැනීමට පැමිණෙන්නීය. එක් දිනක් තෙරුන් දවල් වසන තැනට ගිය ඇය, ස්ත්‍රී ලීලා දැක්වීමට පටන් ගත්තීය. එවිට ආයුෂ්මත් වීර තෙරුන් වහන්සේට “මා පොළඹවා ගනු කැමති වන බාල තැනැත්තිය! නුඹගේ උත්සාහය මහාමේරුව මදුරු පියාපත් සුළඟකින් සෙලවීමට කැමති වන්නාක් මෙනි” යැයි ඇගේ ක්රියාවේ නිරර්ථක භාවය පෙන්වමින්, “යො දුද්දමියො” යන ගාථාව වදාළහ.
“යො දුද්දමියො දමෙන දන්තො වීරො සන්තුසිතො විතිණ්ණකඞ්ඛො, විජිතා වී අපෙත ලොමහංසො වීරො සො පරිනිබ්බුතො ඨිතත්තො”
“දුකසේ දමනය කළ යුතු යමෙක්, ආර්ය මාර්ගයෙන් හෝ පුරුෂ දම්ය සාරථීන් වහන්සේ විසින් හෝ දමනය කරන ලද්දේ ද; වීර වූ සන්තුෂ්ට වූ දුරු කළ සැක ඇති. කෙලෙසුන් දිනූ පහවූ ලොමුදහ ගැනීම් ඇති ඒ වීර මහණ, පිරිනිවි බැවින් ස්ථිරව පිහිටියේ වේ.”
තත්ථ යො දුද්දමියොතිආදීනං පදානං අත්ථො හෙට්ඨා වුත්තොයෙව. ඉදං පනෙත්ථ යොජනාමත්තං යො පුබ්බෙ අදන්ත කිලෙසතාය පච්චත්ථිකෙහි වා සඞ්ගමසීසෙ දමෙතුං ජෙතුං අසක්කුණෙය්යතායදුද්දමියො, ඉදානි පන උත්තමෙන දමෙන දන්තො චතුබ්බිධසම්මප්පමධානවීරියසම්පත්තියා වීරො, වුත්තනයෙනෙව සන්තුසිතො විතිණ්ණකඞ්ඛො විජිතාවී අපෙතලොමහංසො වීරො වීරනාමකො අනවසෙසතො කිලෙසපරිනිබ්බානෙන පරිනිබ්බුතො, තතො එව ඨිතසභාවො, න තාදිසානං සතෙනපි සහස්සෙනපි චාලනීයොති. තං සුත්වා සා ඉත්ථී – “මය්හං සාමිකෙ එවං පටිපන්නෙ කො මය්හං ඝරාවාසෙන අත්ථො”ති සංවෙගජාතා භික්ඛුනීසු පබ්බජිත්වා නචිරස්සෙව තෙවිජ්ජා අහොසීති.
එහි “යො දුද්දමියෝ” යන පදයන්ගේ අර්ථය පෙර කියන ලද පරිදිම දත යුතුයි. මේ එහි පදයන්ගේ අර්ථයයි. “යමෙක් පෙර දමනය නොකළ සතුරු කෙලෙස් ඇති බැවින් හෝ සංග්‍රාමයේ දී දමනය කිරීමට, ජය ගැනීමට අසමත් බැවින් දුකසේ දමනය කළ යුතු වූවෙක් වේද ඔහු; දැන් උත්තම වූ දමනයෙන් සංවර කරන ලදි. චතුර්විධ සම්‍යක් ප්‍රධාන වීර්යය සම්පත්තියෙන් යුතු බැවින් වීර වූ පෙර පැවසූ ලෙසට සන්තෝෂයෙන් යුතුව, දුරු කළ සැක ඇත්තේ, කෙලෙසුන් දිනූ, දුරු කළ ලොමුදැහැගැනීම් ඇති වීර නම් වූ තෙරුන් වහන්සේ; වීර නම් තෙරණුවෝ ඉතිරි නොකර කෙලෙස් පිරිනිවනින් පිරිනිව හෙයින් ස්ථිර ස්වභාවයෙන් යුක්ත වූයේමය. ගිහිකල භාර්යාව වැනි ස්ත්‍රීන් සියක්, දහසක් පැමිණියත් උන්වහන්සේ සෙලවිය නොහැකිමය.” මෙය ඇසූ එම ස්ත්‍රිය, මගේ සැමියා මෙසේ කටයුතු කරන කල්හි “මට ගිහිගෙයින් කවර ප්‍රයෝජනයක්ද?” යි හටගත් සංවේග ඇත්තී භික්ෂුණීන් අතර පැවිදි වී, නොබෝ දිනකින් ම ත්‍රිවිද්‍යාලාභී භික්ෂුණියක් වූවාය.
වීරත්ථෙරගාථාවණ්ණනා නිට්ඨිතා.
වීර ථේරගාථා අර්ථ වර්ණනාව නිමියේය.