භල්ලියත්ථෙරගාථාවණ්ණනා අට්ඨකථා
භල්ලියත්ථෙරගාථාවණ්ණනා
භල්ලිය ස්ථවිරගාථා වර්ණනාව
යොපානුදීති ආයස්මතො භල්ලියත්ථෙරස්ස ගාථා. කා උප්පත්ති? අයං කිර ඉතො එකතිංසෙ කප්පෙ අනුප්පන්නෙ බුද්ධෙ සුමනස්ස නාම පච්චෙකබුද්ධස්ස පසන්නචිත්තො ඵලාඵලං දත්වා සුගතීසු එව සංසරන්තො සිඛිස්ස සම්මාසම්බුද්ධස්ස කාලෙ අරුණවතීනගරෙ බ්රාහ්මණකුලෙ නිබ්බත්තො “සිඛිස්ස භගවතො පඨමාභිසම්බුද්ධස්ස උජිත, ඔජිතා නාම ද්වෙ සත්ථවාහපුත්තා පඨමාහාරං අදංසූ”ති සුත්වා අත්තනො සහායකෙන සද්ධිං භගවන්තං උපසඞ්කමිත්වා වන්දිත්වා ස්වාතනාය නිමන්තෙත්වා මහාදානං පවත්තෙත්වා පත්ථනං අකංසු – “උභොපි මයං, භන්තෙ, අනාගතෙ තුම්හාදිසස්ස බුද්ධස්ස පඨමාහාරදායකා භවෙය්යාමා”ති. තෙ තත්ථ තත්ථ භවෙ පුඤ්ඤකම්මං කත්වා දෙවමනුස්සෙසු සංසරන්තා කස්සපස්ස භගවතො කාලෙ ගොපාලකසෙට්ඨිස්ස පුත්තා භාතරො හුත්වා නිබ්බත්තා. බහූනි වස්සානි භික්ඛුසඞ්ඝං ඛීරභොජනෙන උපට්ඨහිංසු. අම්හාකං පන භගවතො කාලෙ පොක්ඛරවතීනගරෙ සත්ථවාහස්ස පුත්තා භාතරො හුත්වා නිබ්බත්තා. තෙසු ජෙට්ඨො තඵුස්සො නාම, කනිට්ඨො භල්ලියො නාම, තෙ පඤ්චමත්තානි සකටසතානි භණ්ඩස්ස පූරෙත්වා වාණිජ්ජාය ගච්ඡන්තා භගවති පඨමාභිසම්බුද්ධෙ සත්තසත්තාහං විමුත්තිසුඛධම්මපච්චවෙක්ඛණාහි වීතිනාමෙත්වා අට්ඨමෙ සත්තාහෙ රාජායතනමූලෙ විහරන්තෙ රාජායතනස්ස අවිදූරෙ මහාමග්ගෙන අතික්කමන්ති, තෙසං තස්මිං සමයෙ සමෙපි භූමිභාගෙ අකද්දමොදකෙ සකටානි නප්පවත්තිංසු, “කිං නු, ඛො, කාරණ”න්ති ච චින්තෙන්තානං පොරාණසාලොහිතා දෙවතා රුක්ඛවිටපන්තරෙ අත්තානං දස්සෙන්තී ආහ – “මාදිසා, අයං භගවා අචිරාභිසම්බුද්ධො සත්තසත්තාහං අනාහාරො විමුත්තිසුඛාපටිසංවෙදී ඉදානි රාජායතනමූලෙ නිසින්නො, තං ආහාරෙන පටිමානෙථ, යදස්ස තුම්හාකං දීඝරත්තං හිතාය සුඛායා”ති. තං සුත්වා තෙ උළාරං පීතිසොමනස්සං පටිසංවෙදෙන්තා, “ආහාරසම්පාදනං පපඤ්ච”න්ති මඤ්ඤමානා මන්ථඤ්ච මධුපිණ්ඩිකඤ්ච භගවතො දත්වා ද්වෙවාචිකසරණං ගන්ත්වා කෙසධාතුයො ලභිත්වා අගමංසු. තෙ හි පඨමං උපාසකා අහෙසුං. අථ භගවති බාරාණසිං ගන්ත්වා ධම්මචක්කං පවත්තෙත්වා අනුපුබ්බෙන රාජගහෙ විහරන්තෙ තඵුස්සභල්ලියා රාජගහං උපගතා භගවන්තං උපසඞ්කමිත්වා වන්දිත්වා එකමන්තං නිසීදිංසු. තෙසං භගවා ධම්මං දෙසෙසි. තෙසු තඵුස්සො සොතාපත්තිඵලෙ පතිට්ඨාය උපාසකොව අහොසි. භල්ලියො පන පබ්බජිත්වා ඡළභිඤ්ඤො අහොසි. තෙන වුත්තං අපදානෙ (අප· ථෙර 2.48.66-70) –
“යො පානුදී” යනු ආයුෂ්මත් භල්ලිය තෙරුන්ගේ ගාථාවයි. එහි උත්පත්තිය කෙසේද? මේ භල්ලිය තෙරුන් මීට කල්ප තිස් එකකට පෙර බුදුවරු පහළවීමට පෙර කාලයේ දී සුමන නම් එක් පසේ බුදුවරයෙකුට පැහැදුණු සිතින් පලවැල ආදිය පිරිනමා, සුගතීන්හිම සැරි සැරුවේය. සිඛි නම් සම්මා සම්බුදුන් පහළ වූ මුල් කාලයේම අරුණවතී නුවර බමුණු පවුලක උපන්නේය. “උජිත හා ඕජිත” නම් සත්තුවාහක පුත්‍රයෝ දෙදෙන උන්වහන්සේට ප්රථමාහාර දානය පිදූහ.”යි අසා, තම යහලුවකු සමග භාග්‍යවතුන් වහන්සේ සමීපයට ගිය මේ බමුණු පුත්‍රයා, උන්වහන්සේට වැඳ හෙට දිනය සඳහා දානයට ආරාධනා කොට, මහදන් පවත්වා ප්‍රාර්ථනාවක් ද කළහ. “ස්වාමීනි, අප දෙදෙනාම අනාගතයේදී නුඹ වහන්සේ වැනිම වූ බුදුවරයෙකුට පළමු ආහාරය දෙන්නෙමු”යි ඒ දෙදෙනම පැතූහ. ඒ දෙදෙන ඒ ඒ භවයන්හි පින්කම් කරමින් දෙව් මිනිසුන් අතර සැරිසරනුයේ, කාශ්‍යප භාග්‍යවතුන්ගේ සමයෙහි ගොපලු සිටු පුතෙකුගේ පුතුන් ලෙස ඉපිද බොහෝ කාලයක් භික්ෂු සංඝයාට කිරි ආහාරවලින් උපස්ථාන කළහ. අපගේ භාග්‍යවත් සම්මා සම්බුදුරජාණෝ පහළ වූ කල්හි පොක්ඛරවතී නම් නුවර සාත්තුවාහකයකුගේ ගෙදර දෙසොහොයුරන්ව ඉපදුනහ. ඔවුන්ගෙන් වැඩිමලා “තපස්සු” නම් විය. බාලය “භල්ලිය” නම් විය. ඔවුහු පන්සීයක් පමණ ගැල්වල බඩු පුරවාගෙන වෙළඳාම් පිණිස (මධ්‍ය ඉන්දියාවට) පැමිණියහ. අප භාග්‍යවතුන් වහන්සේ බුද්ධත්වයට පත් අලුතම, සත් සතියක් විමුක්ති සුවය ප්රත්යවේක්ෂා කරමින් කල්යැවූ සේක් අටවන සතියෙහි රාජායතන ගස මුල වැඩ විසූ සේක. රාජායතන වෘක්ෂයට සමීපයෙහි මහා මාර්ගයක් (වෙළඳුන් යන එන) පවතියි. ඒ වෙළඳ දෙබෑයෝ මේ මාර්ගයේ පැමිණියාහු. රාජායතන ගස සමීපයේදී මඩවතුර නොමැති මඟෙහි කරත්ත ඉබේම නැවතුණහ. “කවර කරුණකින් මෙසේ වීද?” යි සිතන්නාවූ ඒ සොයුරන්ගේ පැරණි සහ ලේ නෑයෙකු වූ දේවතාවෙක්, ගස් අතු අතර පෙනී සිටිමින්, “නිදුකාණෙනි, මේ භාග්‍යවතුන් වහන්සේ සම්බුද්ධත්වයට පත් නොබෝ කල් ඇති සේක්, සති හතක් නිරාහාරව විමුක්ති සුව විඳිමින් දැන් රාජායතන වෘක්ෂ මූලයෙහි හුන් සේක. උන්වහන්සේට ආහාර පිළිගන්වන්න. එය නුඹලාට බොහෝ කාලයක් හිතසුව පිණිස පවතින්නේමය.” යනුවෙන් පැවසීය. එය ඇසූ දෙසොහොයුරෝ මහත් වූ ප්‍රීතියට පැමිණියාහු, “ආහාර සම්පාදනය කිරීමට යාමෙන් පමාවේ.” යැයි සිතා, අත්සුණු (බැඳපු පිටි) ද මී පිඬු ද භාග්‍යවතුන් වහන්සේට පිළිගැන්වූහ. බුද්ධ, ධම්ම යන සරණ දෙකෙහි පිහිටා ඔවුහු, කේශ ධාතූන් ලබාගෙන සිය රටට ගියහ. ඒ දෙදෙන ගෞතම බුදු සසුනෙහි පළමු උපාසකයෝ වූහ. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ බරණැසට වැඩමවා, දම්සක් සුතුර පවත්වා අනුපිළිවෙලින් රජගහ නුවරට පැමිණ වාසය කළ සේක. එම කාලයේ තපස්සු භල්ලික දෙදෙන රජගහ නුවරට පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණ වැඳ එකත් පසෙක සිටියහ. භාග්‍යවතුන් වහන්සේ ඔවුන්ට ධර්ම දේශනා කළ සේක. එය ඇසූ තපස්සු සෝවාන් ඵලයෙහි පිහිටා උපාසකයෙක් විය. භල්ලිය වනාහී පැවිදි ව ෂඩ් අභිඥා ලබා ගත්තේය. එනිසා අපදාන පාළියෙහි එය පාලි ගාථාවලින් මෙසේ දැක්වේ. එම ගාථාවන්හි සිංහලාර්ථය මෙසේය. (අපදාන පාළි II වල්ලිකාරඵලදායකත්ථෙරාපදානං)
“සුමනො නාම සම්බුද්ධො, තක්කරායං වසී තදා; වල්ලිකාරඵලං ගය්හ, සයම්භුස්ස අදාසහං.
“එකල්හි ‘සුමන’ නම් වූ බුදුරජාණන් වහන්සේ තක්කරා රාජධානියෙහි වැඩවිසූ සේක. මෙයින් තිස් එකක් වූ එම කල්පයෙහි යම් පළතුරු දානයක් දුන්නෙම් ද එහි විපාක වශයෙන් මට දුගතියක් නම් නොවීය. පළතුරු දානයේ විපාක මෙබඳුය.
“එකතිංසෙ ඉතො කප්පෙ, යං ඵලං අදදිං තදා; දුග්ගතිං නාභිජානාමි, ඵලදානස්සිදං ඵලං.
“කිලෙසා ඣාපිතා මය්හං…පෙ… කතං බුද්ධස්ස සාසන”න්ති.
මවිසින් කෙලෙස් දවන ලදි. සියලු භවයන් නසන ලදි. ඇත් රජෙකු මෙන් බැඳුම් සිඳ ආශ්‍රව රහිතව වාසය කරමි. බුදුරජාණන් වහන්සේ වෙත පැමිණීම මට යහපතක් ම සැලසුවේය. ත්‍රිවිද්‍යාවෝ අවබෝධ කළෙමි. බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව ඉටු කළෙමි. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ට විමෝක්ෂයෝ ද ෂඩ් අභිඥාවෝ ද මවිසින් සාක්ෂාත් කරන ලදහ. බුදුරදුන්ගේ අනුශාසනය ඉටු කළෙමි.” (5001-5005)
අථෙකදිවසං මාරො භල්ලියත්ථෙරස්ස භිංසාපනත්ථං භයානකං රූපං දස්සෙසි. සො අත්තනො සබ්බභයාතික්කමං පකාසෙන්තො “යොපානුදී”ති ගාථමභාසි.
එක් දිනක් මාරයා භල්ලික තෙරුන්ට හිංසා පිණිස අවුත් මහත් භයානක රූපයක් දැක්වීය. ඔහුට තමන් වහන්සේ සියලු භය දුරු කළ බව පෙන්වා දෙමින් භල්ලික රහතන් වහන්සේ “යො පානුදී” යන ගාථාව වදාළ සේක.
“යො පානුදී මච්චුරාජස්ස සෙනං නළ සෙතුං ව සුදුබ්බලං මහොඝො, විජිතාවී අපෙතභෙරවො හිදන්තො සො පිරිනිබ්බුතො ඨිතත්තො”
“මහත් වූ ඕඝය, ඉතා දුර්වල වූ බට ඒ දණ්ඩක් සුණු විසුණු කරන්නාක් මෙන් යමෙක් කාමාදී මාරසේනාව දුරු කරන ලද්දේ ද. කෙලෙසුන් දිනූ, පහවූ භය ඇති, දැමුණු ඒ කෙලෙස් පරිනිර්වාණයට පත් කළ රහතන් වහන්සේ අකම්පිත වූ සිතැතිව සිටිති.”
තත්ථ යොපානුදීති යො අපානුදි ඛිපි පජහි විද්ධංසෙසි. මච්චුරාජස්සාති මච්චු නාම මරණං ඛන්ධානං භෙදො, සො එව ච සත්තානං අත්තනො වසෙ අනුවත්තාපනතො ඉස්සරට්ඨෙන රාජාති මච්චුරාජා, තස්ස. සෙනන්ති ජරාරොගාදිං, සා හිස්ස වසවත්තනෙ අඞ්ගභාවතො සෙනා නාම, තෙන හෙස මහතා නානාවිධෙන විපුලෙන “මහාසෙනො”ති වුච්චති. යථාහ – “න හි නො සඞ්ගරං තෙන, මහාසෙනෙන මච්චුනා”ති (ම· නි· 1.272; ජා· 2.22.121; නෙත්ති· 103). අථ වා ගුණමාරණට්ඨෙන “මච්චූ”ති ඉධ දෙවපුත්තමාරො අධිප්පෙතො, තස්ස ච සහායභාවූපගමනතො කාමාදයො සෙනා. තථා චාහ –
එහි “යො පානුදී” යනු පහ කළ, ඉවත දැමූ, දුරු කළ, සුණු විසුණු කළ “මච්චු රාජස්ස” යනු “මච්චු” නම් මරණයයි. ස්කන්ධයන්ගේ බිඳී යෑමයි. ඒ මරණය තමාම, තමාගේ විෂයෙහි අනුව ජීවත්වන බැවින්, ‘ප්‍රධානියා’ යන අරුතින් “රාජා” යැයි ගෙන “මච්චු රාජ” නම් වේ. ඔහුගේ “සෙනං” සේනාව, මාර සේනාවයි. දිරා යෑම ආදී රෝගයෙන් මරණ වසඟයට හේතුවන බැවින් “සේනාව” නම් වේ. ඔහුගේ සේනාව ඉතා මහත්ය. නානා ප්‍රකාරව විශාල වේ. එනිසා “මහා සේනාව” යැයි කියැවේ. ඒ බව මෙසේ වදාළහ. “අපට යුද්ධයට එන්නා වූ මාරයාගේ මහ සේනාව සමග යුද්ධයක් නැත.” නැතිනම් මරණයේ ගුණ වශයෙන් “මච්චු” නම් වේ. මෙතැනදී දේවපුත්ත මාරයාම අදහස් කරන ලදි. ඔහුගේ ද උපකාරී බවට ගියාවූ කාමාදී මහා සේනාවක් ඇත. එය මෙසේ දැක්වේ.
“කාමා තෙ පඨමා සෙනා, දුතියා අරති වුච්චති; තතියා ඛුප්පිපාසා තෙ, චතුත්ථී තණ්හා පවුච්චති.
“නුඹගේ (මාරයාගේ) පළමු සේනාව කාමයයි. දෙවැනි සේනාව නොඇලීමයි. තෙවැනි සේනාව සාපිපාසා දෙකයි. නුඹේ සිවුවන සේනාව තණ්හාව යැයි කියයි.
“පඤ්චමී ථිනමිද්ධං තෙ, ඡට්ඨා භීරූ පවුච්චති; සත්තමී විචිකිච්ඡා තෙ, මානො මක්ඛො ච අට්ඨමී”ති. (සු· නි· 438-439; මහානි· 28;චූළනි· නන්දමාණවපුච්ඡානිද්දෙස 47);
කය සිත මැලි බව (ථීන මිද්ධ) පස්වන සෙනඟයි. සයවන සේනාව භය වීමයි. නුඹේ සත්වන සේනාව සැකයයි. මානය හා ගුණමකු බව අටවන සේනාවයි.
(සුත්ත නිපාතය - පධාන සූත්‍රය)
නළසෙතුංව සුදුබ්බලං මහොඝොති සාරවිරහිතතො නළසෙතුසදිසං අතිවිය අබලභාවතො සුට්ඨු දුබ්බලං සංකිලෙසසෙනං නවලොකුත්තරධම්මානං මහාබලවභාවතො මහොඝසදිසෙන අග්ගමග්ගෙන යො අපානුදි විජිතාවී අපෙතභෙරවො දන්තො, සො පරිනිබ්බුතො ඨිතත්තොති යොජනා. තං සුත්වා මාරො “ජානාති මං සමණො”ති තත්ථෙවන්තරධායීති.
“නළ සෙතුංව දුබ්බලං මහොඝො” යනු සාරයෙන් තොර වූ බට ඒ දණ්ඩක් මෙන් වූ; අතිශයින් සැලෙන බැවින් වහා දුර්වල වන කෙලෙස් සේනාව; “නව ලෝකෝත්තර ශ්‍රී සද්ධර්මය මහත් වූ බල ඇති බැවින් මහෝඝයක් හා සමානය. ආර්ය වූ මාර්ගයෙන් යමෙක් මේ කෙලෙස් සේනාව (මාර සේනාව) පහ කළ සේක් ද ඒ දිනූ සතුරන් ඇති, පහවූ භය බිරම් ඇති, දමනය කළ ඉඳුරන් ඇති ඒ රහතන් වහන්සේ කෙලෙස් පිරිනිවීමෙන් ස්ථිරව සිටිසේක” යනු පදපිළිවෙලයි. එය ඇසූ මාරයා, “මේ මහා ශ්‍රමණයා මම මාරයා බව දැනගත්තේයැ”යි ලැජ්ජාවෙන් එහිදී ම අතුරුදහන් විය.
භල්ලියත්ථෙරගාථාවණ්ණනා නිට්ඨිතා.
භල්ලිය ථේරගාථා අර්ථ වර්ණනාව නිමියේය.