යෙදුමෙන් කියවන්න

සීතවනියත්‍ථෙරගාථාවණ‍්ණනා අට‍්ඨකථා

සීතවනියත්‍ථෙරගාථාවණ‍්ණනා

සම්භූත ස්ථවිරගාථා වර්ණනාව

යො සීතවනන‍්ති ආයස‍්මතො සම‍්භූතත්‍ථෙරස‍්ස ගාථා. කා උප‍්පත‍්ති? ඉතො කිර අට‍්ඨාරසාධිකස‍්ස කප‍්පසතස‍්ස මත්‍ථකෙ අත්‍ථදස‍්සී නාම සම‍්බුද‍්ධො ලොකෙ උප‍්පජ‍්ජිත්‍වා සදෙවකං ලොකං සංසාරමහොඝතො තාරෙන‍්තො එකදිවසං මහතා භික‍්ඛුසඞ‍්ඝෙන සද‍්ධිං ගඞ‍්ගාතීරං උපගච‍්ඡි. තස‍්මිං කාලෙ අයං ගහපතිකුලෙ නිබ‍්බත‍්තො තත්‍ථ භගවන‍්තං පස‍්සිත්‍වා පසන‍්නමානසො උපසඞ‍්කමිත්‍වා වන්‍දිත්‍වා “කිං, භන‍්තෙ, පාරං ගන‍්තුකාමත්‍ථා”ති පුච‍්ඡි. භගවා “ගමිස‍්සාමා”ති අවොච. සො තාවදෙව නාවාසඞ‍්ඝාටං යොජෙත්‍වා උපනෙසි. සත්‍ථා තං අනුකම‍්පන‍්තො සහ භික‍්ඛුසඞ‍්ඝෙන නාවං අභිරුහි. සො සයම‍්පි අභිරුය‍්හ සුඛෙනෙව පරතීරං සම‍්පාපෙත්‍වා භගවන‍්තං භික‍්ඛුසඞ‍්ඝඤ‍්ච දුතියදිවසෙ මහාදානං පවත‍්තෙත්‍වා අනුගන‍්ත්‍වා පසන‍්නචිත‍්තො වන්‍දිත්‍වා නිවත‍්ති. සො තෙන පුඤ‍්ඤකම‍්මෙන දෙවමනුස‍්සෙසු සංසරිත්‍වා ඉතො තෙරසාධිකකප‍්පසතස‍්ස මත්‍ථකෙ ඛත‍්තියකුලෙ නිබ‍්බත‍්තිත්‍වා රාජා අහොසි චක‍්කවත‍්තී ධම‍්මිකො ධම‍්මරාජා. සො සත‍්තෙ සුගතිමග‍්ගෙ පතිට‍්ඨාපෙත්‍වා තතො චුතො එකනවුතිකප‍්පෙ විපස‍්සිස‍්ස භගවතො සාසනෙ පබ‍්බජිත්‍වා ධුතධම‍්මෙ සමාදාය සුසානෙ වසන‍්තො සමණධම‍්මං අකාසි. පුන කස‍්සපස‍්ස භගවතො කාලෙපි තස‍්ස සාසනෙ තීහි සහායෙහි සද‍්ධිං පබ‍්බජිත්‍වා වීසතිවස‍්සසහස‍්සානි සමණධම‍්මං කත්‍වා එකං බුද‍්ධන‍්තරං දෙවමනුස‍්සෙසු සංසරිත්‍වා ඉමස‍්මිං බුද‍්ධුප‍්පාදෙ රාජගහෙ බ්‍රාහ‍්මණමහාසාලස‍්ස පුත‍්තො හුත්‍වා නිබ‍්බත‍්ති. තස‍්ස “සම‍්භූතො”ති නාමං අකංසු. සො වයප‍්පත‍්තො බ්‍රාහ‍්මණසිප‍්පෙසු නිප‍්ඵත‍්තිං ගතො. භූමිජො ජෙය්‍යසෙනො අභිරාධනොති තීහි සහායෙහි සද‍්ධිං භගවතො සන‍්තිකං ගතො ධම‍්මදෙසනං සුත්‍වා පටිලද‍්ධසද‍්ධො පබ‍්බජි. යෙ සන්‍ධාය වුත‍්තං –

“යො සීතවනං” යනු ආයුෂ්මත් සම්භූත තෙරුන්ගේ ගාථාවයි. එහි උපත කෙසේද? මෙයින් කල්ප එක් දහස් අටසීයකට පෙර අත්‍ථදස්සී නම් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලොව ඉපිද, දෙවියන් සහිත ලෝකයා සසර නම් මහ සැඩ පහරින් එතෙර කරවමින්, එක් දිනක් මහත් වූ භික්‍ෂූ සංඝයා සමග ගංගා තීරයට පැමිණි සේක. එසමයෙහි මේ සම්භූත තෙරුන් ගෘහපති කුලයෙහි ඉපිද, එසේ වැඩමවූ බුදුපියාණන් දැක පැහැදී සිත් ඇතිව, සමීපයට පැමිණ වැඳ, “ස්වාමීනි! කිම එතෙරට යනු කැමති සේක්ද?”යි විමසීය. භාග්‍යවතුන් වහන්සේ ද “එසේය, යන්නෙමු”යි වදාළහ. ඔහු එකෙණෙහිම එක්කොට බැඳි නැවක් යෙදවීය. ඔහුට අනුකම්පා කළ ශාස්තෲන් වහන්සේ භික්‍ෂු සංඝයා සමග නැවට නැඟුණු සේක. ඔහුත් එම නැවට නැඟ සුවසේ භාග්‍යවතුන් වහන්සේ ද භික්‍ෂු සංඝයා ද එතෙරට වැඩමවා, දෙවැනි දින මහා දානයක් පවත්වා, පසුගමන් කරමින් පැහැදුණු සිතැතිව වැඳගෙනම නැවතුණේය. ඔහු ඒ පින් කමෙන් දෙව් මිනිස් දෙගතියෙහි සැරිසරා, මෙයින් කල්ප එක් දහස් තුන්සීයකට පෙර ක්‍ෂත්‍රීය කුලයෙහි ඉපිද, ධාර්මික වූ සක්විති රජකෙනෙකු විය. ඔහු සත්ත්‍වයන් සුගති මගෙහි පිහිටුවා ඉන් චුතව මින් කල්ප අනූ එකකට පෙර පහළ වූ විපස්සි භාග්‍යවතුන් වහන්සේ සසුනෙහි පැවිදිව ධූතාංග ධර්මයන් සමාදන්ව සොහොනෙහි වසමින් මහණදම් පිරුවේය. නැවත කාශ්‍යප භාග්‍යවතුන් වහන්සේගේ සසුනෙහි ද යහලුවන් තිදෙනෙකු සමග පැවිදිව වසර විසි දාහක් මහණදම් පිරුවේය. එක් බුද්ධාන්තරයක් දෙව් - මිනිස් සැප විඳ අපගේ බුදුරජාණන් වහන්සේ පහළ වූ සමයෙහි රජගහ නුවර බමුණු මහසල් පවුලක බමුණු පුතෙක් ලෙස උපන්නේය. ඔහුට “සම්භූත” යන නම තබන ලදි. ඔහු වැඩිවියට පත්වෙත්ම බමුණු සිත් සතරෙහි පරතෙරට ගියේය. භූමිජ, ජෙය්‍යසේන සහ අභිරාධන යන යහලුවන් තිදෙනා සමග භාග්‍යවතුන් වහන්සේ සමීපයට ගොස් ධර්මදේශනාවක් අසා පැහැදී ලබන ලද ශ්‍රද්ධාව ඇතිව පැවිදි විය. ඒ සඳහා මෙය කියන ලදි.

“භූමිජො ජෙය්‍යසෙනො ච, සම‍්භූතො අභිරාධනො; එතෙ ධම‍්මං අභිඤ‍්ඤාසුං, සාසනෙ වරතාදිනො”ති.

“භූමිජො ජෙය්‍යසෙනො ච සම්භූතො අභිරාධනො, එතෙ ධම්මං අභිඤ්ඤාසුං සාසනෙ වරතාදිනො”

“භූමිජ, ජෙය්‍යසේන, සම්භූත සහ අභිරාධන යන මොවුහු සසුනෙහි පැවිදි වූ උතුම් තාදී ගුණයන්ට පැමිණ ධර්මයන් අවබෝධ කර ගත්හ.”

අථ සම‍්භූතො භගවතො සන‍්තිකෙ කායගතාසතිකම‍්මට‍්ඨානං ගහෙත්‍වා නිබද‍්ධං සීතවනෙ වසති. තෙනෙවායස‍්මා “සීතවනියො”ති පඤ‍්ඤායිත්‍ථ. තෙන ච සමයෙන වෙස‍්සවණො මහාරාජා කෙනචිදෙව කරණීයෙන ජම‍්බුදීපෙ දක‍්ඛිණදිසාභාගං උද‍්දිස‍්ස ආකාසෙන ගච‍්ඡන‍්තො ථෙරං අබ‍්භොකාසෙ නිසීදිත්‍වා කම‍්මට‍්ඨානං මනසිකරොන‍්තං දිස‍්වා විමානතො ඔරුය‍්හ ථෙරං වන්‍දිත්‍වා, “යදා ථෙරො සමාධිතො වුට‍්ඨහිස‍්සති, තදා මම ආගමනං ආරොචෙථ, ආරක‍්ඛඤ‍්චස‍්ස කරොථා”ති ද‍්වෙ යක‍්ඛෙ ආණාපෙත්‍වා පක‍්කාමි. තෙ ථෙරස‍්ස සමීපෙ ඨත්‍වා මනසිකාරං පටිසංහරිත්‍වා නිසින‍්නකාලෙ ආරොචෙසුං. තං සුත්‍වා ථෙරො “තුම‍්හෙ මම වචනෙන වෙස‍්සවණමහාරාජස‍්ස කථෙථ, භගවතා අත‍්තනො සාසනෙ ඨිතානං සතිආරක‍්ඛා නාම ඨපිතා අත්‍ථි, සායෙව මාදිසෙ රක‍්ඛති, ත්‍වං තත්‍ථ අප‍්පොස‍්සුක‍්කො හොහි, භගවතො ඔවාදෙ ඨිතානං එදිසාය ආරක‍්ඛාය කරණීයං නත්‍ථී”ති තෙ විස‍්සජ‍්ජෙත්‍වා තාවදෙව විපස‍්සනං වඩ‍්ඪෙත්‍වා විජ‍්ජාත‍්තයං සච‍්ඡාකාසි. තතො වෙස‍්සවණො නිවත‍්තමානො ථෙරස‍්ස සමීපං පත්‍වා මුඛාකාරසල‍්ලක‍්ඛණෙනෙවස‍්ස කතකිච‍්චභාවං ඤත්‍වා සාවත්‍ථිං ගන‍්ත්‍වා භගවතො ආරොචෙත්‍වා සත්‍ථු සම‍්මුඛා ථෙරං අභිත්‍ථවන‍්තො –

ඉක්බිති සම්භූත තෙරුන්, භාග්‍යවතුන් වහන්සේ සමීපයේ දී කායගතා සති භාවනා කමටහන ගෙන, නිතර සීතවනයේ වාසය කරයි. එනිසාම මෙ ආයුෂ්මතුන් “සීතාවනිය” යැයි ප්‍රකට විය. එසමයේ දිනක් වෙසවුණු මහරජතුමා කිසියම් කරුණකින් දඹදිව දකුණු දිශාවට යෑම සඳහා අහසින් යන්නේ, තෙරුන් එළිමහනෙහි හිඳිමින්ම කමටහන් සිහිපත් කරනු දැක විමානයෙන් බැස තෙරුන්ට වැඳ, “මේ තෙරුන් වහන්සේ සමාධියෙන් නැගී සිටින අවස්ථාවෙහිදී මාගේ මෙහි පැමිණීම දන්වවු. ඒ දක්වා උන්වහන්සේට ආරක්‍ෂාව ද සපයවු.”යි යක්‍ෂයන් දෙදෙනෙකුට අණකොට ගියේය. එම යක්‍ෂයෝ තෙරුන් වහන්සේ සමීපයේ හිඳිමින්, කමටහනින් නැගිට සිටි කල්හි ඒ බව දැනුම් දුන්හ. එය ඇසූ තෙරණුවෝ, “නුඹලා මගේ වචනයෙන් වෙසවුණු මහරජුට මෙසේ කියවු. භාග්‍යවතුන් වහන්සේගේ සසුනෙහි සිටියවුන්ට “සති ආරක්‍ෂාව” (සති ආරක්ඛා) පවතින්නේ ම ය. එම ආරක්ෂාව මා කෙරෙහි ද පවතියි. එනිසා දරුව, නුඹ අල්පෝත්සාහී වෙත්වා. භාග්‍යවතුන් වහන්සේගේ අනුශාසනාවෙහි පිහිටි අයට මෙබඳු ආරක්ෂා විධිවිධාන යෙදීමක් අවශ්‍ය නොවේ.” යනුවෙන් පවසා එම යක්‍ෂයන් දෙදෙනා යවා, එකෙණෙහිම විදසුන් වඩා ත්‍රිවිද්‍යාවන් ප්‍රත්‍යක්‍ෂ කරගත්හ. ඉන්පසු වෙසවුණු මහරජු, නැවත හැරී එනුයේ, තෙරුන් සමීපයට ගොස්, මුවෙහි ආකාරය දැකීමෙන් ම උන්වහන්සේ “නිමවා කටයුතු ඇත්තෙකැ”යි (රහත්වූවෙකැයි) දැන, සැවැත් නුවරට ගොස් භාග්‍යවතුන් වහන්සේට ඒ බව දැනුම් දුන්නේය. ඔහු භාග්‍යවතුන් ඉදිරියේ තෙරුන් වර්ණනා කරමින් මෙසේ පැවසීය.

“සතිආරක‍්ඛසම‍්පන‍්නො, ධිතිමා වීරියසමාහිතො; අනුජාතො සත්‍ථු සම‍්භූතො, තෙවිජ‍්ජො මච‍්චුපාරගූ”ති. –

“සති ආරක්ඛා සම්පන්නො ධිතිමා විරිය සමාහිතො, අනුජාතො සත්‍ථු සම්භූතො තෙවිජ්ජො මච්චු පාරගූ”

ඉමාය ගාථාය ථෙරස‍්ස ගුණෙ වණ‍්ණෙසි. තෙන වුත‍්තං අපදානෙ (අප· ථෙර 1.21.15-20) –

“සති ආරක්ෂාවෙන් යුක්ත වූ ධෛර්යවන්ත වූ වීර්යයෙන් යුක්ත වූ ශාස්තෲන් වහන්සේගේ අනුජාත පුත්‍ර වූ සම්භූත තෙරුන්, ත්‍රිවිද්‍යාලාභී ව මාර විෂය ඉක්මවා පරතෙරට ගියේය.”

යන ගාථාවෙන් තෙරුන්ගේ ගුණ වර්ණනා කළේය.

මෙම තොරතුරුම අපදාන පාළියේ මෙසේ දැක්වේ. පාලි ගාථාවලින් දැක්වෙන එම අපදාන සිංහලාර්ථය මෙසේ දැක්වේ. පාලි ගාථාවලින් දැක්වෙන එම අපදානයේ සිංහලාර්ථය මෙසේය. (අපදාන පාළි I කරණීය ත්‍ථෙරාපදානං)

“අත්‍ථදස‍්සී තු භගවා, ද‍්විපදින්‍දො නරාසභො; පුරක‍්ඛතො සාවකෙහි, ගඞ‍්ගාතීරමුපාගමි.

“දෙපා ඇත්තන්ට උත්තම වූ නර ශ්‍රේෂ්ඨ වූ භාග්‍යවත් අත්‍ථ දස්සී බුදුරජාණන් වහන්සේ ශ්‍රාවකයන් විසින් පිරිවරන ලදුව ගංතෙරට එළඹි සේක.

“සමතිත‍්ති කාකපෙය්‍යා, ගඞ‍්ගා ආසි දුරුත‍්තරා; උත‍්තාරයිං භික‍්ඛුසඞ‍්ඝං, බුද‍්ධඤ‍්ච ද‍්විපදුත‍්තමං.

මුවවිට දක්වා සමව පිරුණු, කපුටන්ට, පවා ඉවුරෙහි සිට පැන් පානය කළ හැකි සේ දියෙන් පිරී ගිය තරණය කිරීම දුෂ්කර වූ ඒ ගංගාවෙන් මම බුදුරජාණන් වහන්සේ ද භික්‍ෂු සංඝයා ද එතෙර කරවීමි.

“අට‍්ඨාරසෙ කප‍්පසතෙ, යං කම‍්මමකරිං තදා; දුග‍්ගතිං නාභිජානාමි, තරණාය ඉදං ඵලං.

ඒ මීට එක් දහස් අටසිය කපකට කලින් කරන ලද කුසල කර්මයේ බලයෙන් මේ දක්වා දුගතියක නූපදුනෙමි. ගඟින් එතෙර කරවීමේ පිනෙහි විපාකය එසේය.

“තෙරසෙතො කප‍්පසතෙ, පඤ‍්ච සබ‍්බොභවා අහුං; සත‍්තරතනසම‍්පන‍්නා, චක‍්කවත‍්තී මහබ‍්බලා.

මීට කල්ප එක්දහස් තුන්සීයකට පෙර සත්රුවනින් හෙබි, මහබලැති සම්භෝගවා නම් පස් සක්විති රජ කෙනෙකු වීම්.

“පච‍්ඡිමෙ ච භවෙ අස‍්මිං, ජාතොහං බ්‍රාහ‍්මණෙ කුලෙ; සද‍්ධිං තීහි සහායෙහි, පබ‍්බජිං සත්‍ථු සාසනෙ.

මම මේ අවසන් භවයේදී බමුණු කුලයෙහි ඉපදුනෙමි. යහළුවන් තිදෙනෙකු සමගින් බුදු සසුනෙහි පැවිදිවීමි.

“කිලෙසා ඣාපිතා මය‍්හං…පෙ… කතං බුද‍්ධස‍්ස සාසන”න‍්ති.

මවිසින් සිවුපිළිසිඹියාවෝ ද අෂ්ට විමෝක්‍ෂයෝ ද ෂඩ් අභිඥාවෝ ද සාක්‍ෂාත් කරන ලදහ. බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව ඉටු කළෙමි.” (2285-2289)

අථායස‍්මා සම‍්භූතො භගවන‍්තං දස‍්සනාය ගච‍්ඡන‍්තෙ භික‍්ඛූ දිස‍්වා “ආවුසො, මම වචනෙන භගවතො පාදෙ සිරසා වන්‍දථ, එවඤ‍්ච වදෙථා”ති වත්‍වා ධම‍්මාධිකරණං අත‍්තනො සත්‍ථු අවිහෙඨිතභාවං පකාසෙන‍්තො “යො සීතවන”න‍්ති ගාථමාහ.

අනතුරුව ආයුෂ්මත් සම්භූත තෙරුන් වහන්සේ, භාග්‍යවතුන් වහන්සේ දැකීමට යන භික්‍ෂූන් දැක, “ඇවැත්නි, මගේ වචනයෙන් ද භාග්‍යවතුන් වහන්සේගේ පාදයන් හිසින් වඳිවු. මෙසේ ද කියවු.”යි පවසා, ධර්මාධිකරණයෙහි තමා විසින් ශාස්තෲන් වහන්සේ නොවෙහෙසුනු ලද බව පවසමින් (දක්වමින්) “යො සීතවනං” යනාදී ගාථා වදාළහ.

“යො සීතවනං උපාග භික්ඛු එකො සන්තුසිතො සමාහිතත්තො, විජිතා වී අපෙත ලොමහංසො රක්ඛං කායගතාසතිං ධිතීමා”

“යම් මහණෙක් විවේකය සොයා සීතා වනයට වැඩි සේක් ද ධෛර්යවන්ත වූ ඒ මහණ, හුදකලාව, සතුට වූයේ, එකඟසිත් ඇතිව කායගතාසතිය වඩන්නේ, දිනන ලද කෙලෙස් ඇතිව පහවූ ලොමුදහ ගැනීම් ඇතිව වෙසෙයි.

තෙ භික‍්ඛූ භගවන‍්තං උපසඞ‍්කමිත්‍වා වන්‍දිත්‍වා සම‍්භූතත්‍ථෙරස‍්ස සාසනං සම‍්පවෙදෙන‍්තා, “ආයස‍්මා, භන‍්තෙ, සම‍්භූතො භගවතො පාදෙ සිරසා වන්‍දති, එවඤ‍්ච වදතී”ති වත්‍වා තං ගාථං ආරොචෙසුං, තං සුත්‍වා භගවා “පණ‍්ඩිතො, භික‍්ඛවෙ, සම‍්භූතො භික‍්ඛු පච‍්චපාදි ධම‍්මස‍්සානුධම‍්මං, න ච මං ධම‍්මාධිකරණං විහෙඨෙති. වෙස‍්සවණෙන තස‍්සත්‍ථො මය‍්හං ආරොචිතා”ති ආහ.

ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණ වැඳ සම්භූත තෙරුන්ගේ පණිවුඩය දැනුම් දෙමින් “ස්වාමීනි, ආයුෂ්මත් සම්භූත තෙරුන් භාග්‍යවතුන් වහන්සේගේ පා හිසින් වඳියි. මෙසේ ද කියයි.” යනුවෙන් වදාරා ඒ ගාථාව පැවසූහ. ඒ ඇසූ භාග්‍යවතුන් වහන්සේ, “මහණෙනි, ආයුෂ්මත් සම්භූත තෙරුන් ප්‍රත්‍ය ධර්මය පිළිබඳ සූක්‍ෂම ධර්ම කරුණු විවරණයට පැමිණ මා ධර්ම විනිශ්චයෙහි නොවෙහෙසීය. වෛශ්‍රවණ විසින් ඔහුගේ උත්සාහය පිළිබඳව මා හට දැනුම් දුන්නේය” යැයි වදාළහ.

යං පන තෙ භික‍්ඛූ සම‍්භූතත්‍ථෙරෙන වුත‍්තං “යො සීතවන”න‍්ති ගාථං සත්‍ථු නිවෙදෙසුං. තත්‍ථ සීතවනන‍්ති එවංනාමකං රාජගහසමීපෙ මහන‍්තං භෙරවසුසානවනං. උපගාති නිවාසනවසෙන උපගච‍්ඡි. එතෙන භගවතා අනුඤ‍්ඤාතං පබ‍්බජිතානුරූපං නිවාසනට‍්ඨානං දස‍්සෙති. භික‍්ඛූති සංසාරභයස‍්ස ඉක‍්ඛනතො භින‍්නකිලෙසතාය ච භික‍්ඛු. එකොති අදුතියො, එතෙන කායවිවෙකං දස‍්සෙති. සන‍්තුසිතොති සන‍්තුට‍්ඨො. එතෙන චතුපච‍්චයසන‍්තොසලක‍්ඛණං අරියවංසං දස‍්සෙති. සමාහිතත‍්තොති උපචාරප‍්පනාභෙදෙන සමාධිනා සමාහිතචිත‍්තො, එතෙන චිත‍්තවිවෙකභාවනාමුඛෙන භාවනාරාමං අරියවංසං දස‍්සෙති. විජිතාවීති සාසනෙ සම‍්මාපටිපජ‍්ජන‍්තෙන විජෙතබ‍්බං කිලෙසගණං විජිත්‍වා ඨිතො, එතෙන උපධිවිවෙකං දස‍්සෙති. භයහෙතූනං කිලෙසානං අපගතත‍්තා අපෙතලොමහංසො, එතෙන සම‍්මාපටිපත‍්තියා ඵලං දස‍්සෙති. රක‍්ඛන‍්ති රක‍්ඛන‍්තො. කායගතාසතින‍්ති කායාරම‍්මණං සතිං, කායගතාසතිකම‍්මට‍්ඨානං පරිබ්‍රූහනවසෙන අවිස‍්සජ‍්ජෙන‍්තො. ධිතිමාති ධීරො, සමාහිතත‍්තං විජිතාවිභාවතං වා උපාදාය පටිපත‍්තිදස‍්සනමෙතං. අයඤ‍්හෙත්‍ථ සඞ‍්ඛෙපත්‍ථො – සො භික‍්ඛු විවෙකසුඛානුපෙක‍්ඛාය එකො සීතවනං උපාගමි, උපාගතො ච ලොලභාවාභාවතො සන‍්තුට‍්ඨො ධිතිමා කායගතාසතිකම‍්මට‍්ඨානං භාවෙන‍්තො තථාධිගතං ඣානං පාදකං කත්‍වා ආරද‍්ධවිපස‍්සනං උස‍්සුක‍්කාපෙත්‍වා අධිගතෙන අග‍්ගමග‍්ගෙන සමාහිතො විජිතාවී ච හුත්‍වා කතකිච‍්චතාය භයහෙතූනං සබ‍්බසො අපගතත‍්තා අපෙතලොමහංසො ජාතොති.

ඒ භික්‍ෂූහු ඒ ඒ තැනදී සම්භූත තෙරුන් විසින් කියන ලද “යො සීතවනං” යන ගාථාව ශාස්තෲන් වහන්සේට පැවසූහ. එහි “සීතවනං” යනු රජගහ නුවර සමීපයේ ඇති මහත්වූ භයානක සොහොනකි. “උපගා” යනු වාසය කිරීම් වශයෙන් එළඹියේය. මේ වදනින් භාග්‍යවතුන් වහන්සේ විසින් අනුදත් පැවිද්දන්ට සුදුසු වූ වාසය කරන තැන් දක්වයි. “භික්ඛු” යනු සසර භය බැලීම් වශයෙන් ද කෙලෙස් බිඳලූ බැවින් ද “භික්ඛු” නම් වන භික්‍ෂුවයි. “එකො” යනු දෙවැනියෙක් නොමැතිව හුදෙකලාව මෙයින් කාය විවේකය දක්වයි. “සන්තුසිතො” යනු සතුටු වූ මෙයින් සිවුපසයෙන් සතුටුවන “ලක්‍ෂණ සහිත ආර්ය වංශය දක්වයි. “සමාහිතත්තො” යනු උපචාර හා අර්පණා භේද ඇති සමාධියෙන් සංසිඳුණු සිත් ඇති මේ “චිත්ත භාවනා” අභිමුඛ වූයේ, “භාවනාවේ ඇලුණු ආර්ය වංශය” දක්වයි. “විජිතාවී” යනු සසුනෙහි මනාව පිළිපැදීමෙන් දිනිය යුතු කෙලෙස් සමූහය පරවා, තමා ජයගෙන සිටියේ, කෙලෙස් දිනූවහු. මෙයින් උපධි විවේකය දක්වයි. භයට හේතු වූ සියලුම කෙලෙස් දුරුකළ - පහ කළ බැවින් “අපෙත ලොමහංසො” නම් වේ. මෙයින් සම්‍යක් (යහපත්) ප්‍රතිපත්තියෙහි (පිළිවෙතේ) විපාක දක්වයි. “රක්ඛං” යනු ආරක්ෂා කරමින් “කායගතාසතිං” යනු කය අරමුණු කරගෙන පවත්වන සිහිය, කායගතාසති කමටහන වැඩීම් වශයෙන් අත් නොහැර, “ධිතිමා” යනු ධෛර්යවන්තයා, එකඟ වූ සිත් ඇති බැවින්, දිනූ ඉඳුරන් ඇති වූ - නුවණැත්තා නැතිනම් උපාය පිළිවෙත් දැක්වීමකි. මේ මෙහි සංක්‍ෂිප්තාර්ථයයි. “ඒ භික්‍ෂුව විවේක සැප කැමතිව හුදකලාව ම සීතවනයට ගියේය. පැමිණ ආහාර ලොල් බව ආදිය දුරුකළ බැවින් සතුටින් යුක්තව ධෛර්යයවන්තව කායගතාසති කමටහන වඩමින්, එසේ ලැබූ ධ්‍යානයම පාදක කරගෙන අරඹන ලද විදර්ශනා ඇතිව, අවබෝධ කළ අග්‍රමාර්ගයෙන් සන්සුන් සිත් [මෙහි කොටසක් අඩුය]

සීතවනියත්‍ථෙරගාථාවණ‍්ණනා නිට‍්ඨිතා.

සීතවනිය ථේරගාථා අර්ථ වර්ණනාව නිමියේය.