දබ්බත්ථෙරගාථාවණ්ණනා අට්ඨකථා
දබ්බත්ථෙරගාථාවණ්ණනා
දබ්බ ස්ථවිරගාථා වර්ණනාව
යො දුද්දමියොති ආයස්මතො දබ්බත්ථෙරස්ස ගාථා. කා උප්පත්ති? අයම්පි පදුමුත්තරබුද්ධකාලෙ හංසවතීනගරෙ කුලගෙහෙ නිබ්බත්තිත්වා වයප්පත්තො හෙට්ඨා වුත්තනයෙනෙව ධම්මදෙසනං සුණන්තො සත්ථාරං එකං භික්ඛුං සෙනාසනපඤ්ඤාපකානං අග්ගට්ඨානෙ ඨපෙන්තං දිස්වා අධිකාරකම්මං කත්වා තං ඨානන්තරං පත්ථෙත්වා සත්ථාරා බ්යාකතො යාවජීවං කුසලං කත්වා දෙවමනුස්සෙසු සංසරිත්වා කස්සපදසබලස්ස සාසනොසක්කනකාලෙ පබ්බජි. තදා තෙන සද්ධිං අපරෙ ඡ ජනාති සත්ත භික්ඛූ එකචිත්තා හුත්වා අඤ්ඤෙ සාසනෙ අගාරවං කරොන්තෙ දිස්වා – “ඉධ කිං කරොම එකමන්තෙ සමණධම්මං කත්වා දුක්ඛස්සන්තං කරිස්සාමා”ති නිස්සෙණිං බන්ධිත්වා උච්චං පබ්බතසිඛරං ආරුහිත්වා, “අත්තනො චිත්තබලං ජානන්තා නිස්සෙණිං නිපාතෙන්තු, ජීවිතෙ සාලයා ඔතරන්තු, මා පච්ඡානුතප්පිනො අහුවත්ථා”ති වත්වා සබ්බෙ එකචිත්තා හුත්වා නිස්සෙණිං පාතෙත්වා – “අප්පමත්තා හොථ, ආවුසො”ති අඤ්ඤමඤ්ඤං ඔවදිත්වා චිත්තරුචිකෙසු ඨානෙසු නිසීදිත්වා සමණධම්මං කාතුං ආරභිංසු.
“යො දුද්දමයො” යනු ආයුෂ්මත් දබ්බතෙරුන්ගේ ගාථාවකි. එහි උපත කෙසේද? මොහු ද පදුමුත්තර බුදුන් දවස හංසවතී නුවර එක් කුලවත් ගෙදරක ඉපිද වැඩිවිය පැමිණි සිටු පුත්‍රයෙක් විය. පෙර කී පරිදිම මහජනයා සමග ගොස් බණ අසන විට දිනක්, ශාස්තෲන් වහන්සේ එක් භික්ෂුවක් සෙනසුන් පනවන්නවුන් අතුරින් අග තනතුරෙහි තබනු දැක, ඒ සඳහා මහා පින්කම් කරමින් එම තනතුර ම ප්‍රාර්ථනා කළේය. ශාස්තෲන් වහන්සේ වෙතින් ඊට නියත විවරණ ලබා දිවි ඇති තාක් කුසල් දහම් සිදුකොට, ඉන් චුතව දෙව් මිනිස් දෙගතියෙහි සැරිසරා, කාශ්‍යප සම්බුදුන්ගේ සසුන පිරිහී ගෙන යන කාලයෙහි පැවිදි විය. එකල්හි ඔහු සමග තවත් සයදෙනෙක් එකම සිතින් පැවිදි වූහ. එම සත් භික්ෂූහු සෙසු පැවිද්දන් විසින් බුදු සසුනට කරන අගෞරව දැක, “මෙහි වාසය කරන්නේ කුමකටද? ඒකාන්තයෙන්ම මහණ දම් කොට දුක් කෙළවර කරන්නෙමු”යි කතිකා කරගෙන, හිණිමඟක් බඳවා, ඉතා උස් වූ පර්වතයක් මුදුනට නැංගහ. තමාගේ චිත්තබලයන් දන්නා වූ උන්වහන්සේලා “හිණිමඟ බිමදමත්වා, ජීවත්වීමට ආශා ඇත්තෝ බසිත්වා පසුව පසු නොතැවී අප්රමාදී වන්නෝ සිටිත්වා”යි යනුවෙන් සියල්ලෝම එකම සිතක් ඇත්තෝ වූවාහු හිණිමඟ බිමට දැමූහ. “ඇවැත්නි!, අප්රමාදීවවු” යි ඔවුනොවුන්ට අවවාද දී තම තමන්ට, කැමති කැමති තැන්වල හිඳ මහණ දම් පිරීමට පටන් ගත්හ.
තත්රෙකො ථෙරො පඤ්චමෙ දිවසෙ අරහත්තං පත්වා, “මම කිච්චං නිප්ඵන්නං, අහං ඉමස්මිං ඨානෙ කිං කරිස්සාමි”ති ඉද්ධියා උත්තරකුරුතො පිණ්ඩපාතං ආහරිත්වා, “ආවුසො, ඉමං පිණ්ඩපාතං පරිභුඤ්ජථ, භික්ඛාචාරකිච්චං මමායත්තං හොතු, තුම්හෙ අත්තනො කම්මං කරොථා”ති ආහ. “කිං නු ඛො මයං, ආවුසො, නිස්සෙණිං පාතෙන්තා එවං අවොචුම්හ – ‘යො පඨමං ධම්මං සච්ඡිකරොති, සො භික්ඛං ආහරතු, තෙනාභතං සෙසා පරිභුඤ්ජිත්වා සමණධම්මං කරිස්සන්තී’”ති. “නත්ථි, ආවුසො”ති. තුම්හෙ අත්තනො පුබ්බහෙතුනා ලභිත්ථ, මයම්පි සක්කොන්තා වට්ටස්සන්තං කරිස්සාම, ගච්ඡථ තුම්හෙති. ථෙරො තෙ සඤ්ඤාපෙතුං අසක්කොන්තො ඵාසුකට්ඨානෙ පිණ්ඩපාතං පරිභුඤ්ජිත්වා ගතො . අපරො ථෙරො සත්තමෙ දිවසෙ අනාගාමිඵලං පත්වා තතො චුතො සුද්ධාවාසබ්රහ්මලොකෙ නිබ්බත්තො. ඉතරෙ ථෙරා තතො චුතා එකං බුද්ධන්තරං දෙවමනුස්සෙසු සංසරිත්වා තෙසු තෙසු කුලෙසු නිබ්බත්තා. එකො ගන්ධාරරට්ඨෙ තක්කසිලානගරෙ රාජගෙහෙ නිබ්බත්තො, එකො මජ්ඣන්තිකරට්ඨෙ පරිබ්බාජිකාය කුච්ඡිම්හි නිබ්බත්තො, එකො බාහියරට්ඨෙ කුටුම්බියගෙහෙ නිබ්බත්තො, එකො භික්ඛුනුපස්සයෙ ජාතො.
ඔවුන්ගෙන් එක් භික්ෂුවක් භාවනාව අරඹා දින පහකින් රහත් විය. “මාගේ කටයුතු නිමාවිය. මම මෙතැන හිඳ කුමක් කරන්නෙම්ද?” යි සෘද්ධියෙන් උතුරුකුරු දිවයිනට ගොස් පිණ්ඩපාතය කරගෙන වුත්, “ඇවැත්නි මේ පිණ්ඩපාතය වළඳවු. පිඬුසිඟා යෑම මා හට ම වේවා, නුඹලා මහණ දම් පුරව”යි උන්වහන්සේ සෙසු භික්ෂූන්ට පැවසූහ. එවිට අන්‍ය භික්ෂූහු, “ඇවැත්නි, අපි හිණිමඟ පහත දමන විට මෙසේ කථා කර ගත්තෙමුද? “යමෙක් පළමුව ධර්මය සාක්ෂාත් කරගනියි ද ඔහු ආහාර (භික්ෂාව) ගෙනේවා! ඔහු ගෙනා දෙය සෙසු අය අනුභව කොට මහණදම් කරන්නෝය” යනුවෙන් සාකච්ඡාවක් කරන ලද ද?” යි රහතන් වහන්සේගෙන් ඇසූහ. එවිට උන්වහන්සේ “ඇවැත්නි, එබඳු සම්මුතියක් නොවීය” යි වදාළහ. එවිට එම භික්ෂූහු “නුඹ වහන්සේ පෙර පින් බලයෙන් (හේතු සම්පත් අනුව) රහත් වූහ. අපි ද කෙසේ හෝ උත්සාහ කර දුක් කෙළවර කරන්නෙමු. නුඹ දැන් පිටත්ව යන්න”යි පැවසූහ. රහතන් වහන්සේ ඔවුන්ට ආහාර දීමට නොහැකි වූ බැවින්, පහසු තැනක හිඳ පිණ්ඩපාතය වළඳා පිටත වැඩියහ. ඉතිරි භික්ෂූන් සදෙනාගෙන් එක් භික්ෂුවක් සත්වන දිනයේදී අනාගාමී ඵලයට පත්ව, ඉන් චුත වී සුද්ධාවාස බඹලොව උපන්නේය. ඉතිරි තෙරවරු ඉන් චුතවූවාහු එක් බුද්ධාන්තරයක් දෙව් මිනිසුන් අතර සැරිසරා, ඒ ඒ කුලවල උපන්හ. එම පස්දෙනාගෙන් අයෙක් ගන්ධාර රටෙහි තක්සිලා නුවර රජගෙයි උපන්නාහ. තව කෙනෙක් බාහිය රටෙහි කෙළෙඹි පුත්‍රයකුගේ පවුලෙහි උපන්හ. තව කෙනෙක් රජගහ නුවර සිටු පවුලක උපන්නේය. සිවුවැන්නා මජ්ඣන්තික රටෙහි පරිබ්‍රාජිකාවකගේ කුසෙහි උපන්නේය.
අයං පන දබ්බත්ථෙරො මල්ලරට්ඨෙ අනුපියනගරෙ එකස්ස මල්ලරඤ්ඤො ගෙහෙ පටිසන්ධිං ගණ්හි. තස්ස මාතා උපවිජඤ්ඤා කාලමකාසි, මතසරීරං සුසානං නෙත්වා දාරුචිතකං ආරොපෙත්වා අග්ගිං අදංසු. තස්සා අග්ගිවෙගසන්තත්තං උදරපටලං ද්වෙධා අහොසි. දාරකො අත්තනො පුඤ්ඤබලෙන උප්පතිත්වා එකස්මිං දබ්බත්ථම්භෙ නිපති. තං දාරකං ගහෙත්වා අය්යිකාය අදංසු. සා තස්ස නාමං ගණ්හන්තී දබ්බත්ථම්භෙ පතිත්වා ලද්ධජීවිතත්තා “දබ්බො”තිස්ස නාමං අකාසි. තස්ස ච සත්තවස්සිකකාලෙ සත්ථා භික්ඛුසඞ්ඝපරිවාරො මල්ලරට්ඨෙ චාරිකං චරමානො අනුපියම්බවනෙ විහරති. දබ්බකුමාරො සත්ථාරං දිස්වා දස්සනෙනෙව පසීදිත්වා පබ්බජිතුකාමො හුත්වා “අහං දසබලස්ස සන්තිකෙ පබ්බජිස්සාමී”ති අය්යිකං ආපුච්ඡි. සා “සාධු, තාතා”ති දබ්බකුමාරං ආදාය සත්ථු සන්තිකං ගන්ත්වා, “භන්තෙ, ඉමං කුමාරං පබ්බාජෙථා”ති ආහ. සත්ථා අඤ්ඤතරස්ස භික්ඛුනො සඤ්ඤං අදාසි – “භික්ඛු ඉමං දාරකං පබ්බාජෙහී”ති. සො ථෙරො සත්ථු වචනං සුත්වා දබ්බකුමාරං පබ්බාජෙන්තො තචපඤ්චකකම්මට්ඨානං ආචික්ඛි. පුබ්බහෙතුසම්පන්නො කතාභිනීහාරො සත්තො පඨමකෙසවට්ටියා වොරොපනක්ඛණෙ සොතාපත්තිඵලෙ පතිට්ඨහි, දුතියාය කෙසවට්ටියා ඔරොපියමානාය සකදාගාමිඵලෙ, තතියාය අනාගාමිඵලෙ, සබ්බකෙසානං පන ඔරොපනඤ්ච අරහත්තඵලසච්ඡිකිරියා ච අපච්ඡා අපුරෙ අහොසි. සත්ථා මල්ලරට්ඨෙ යථාභිරන්තං විහරිත්වා රාජගහං ගන්ත්වා වෙළුවනෙ වාසං කප්පෙසි.
පස්වැනි මේ දබ්බ තෙරණුවෝ මල්ල රට, අනුපිය නම් නුවර එක් මල්ල රජකෙනෙකුගේ ගෙදර පිළිසිඳ ගත්හ. උන්වහන්සේගේ මව, ළංවූ ප්‍රසූති ඇත්තී කළුරිය කළාය. මළ සිරුර සොහොනට ගෙන ගොස් දරසෑයට නංවා ගිනි තැබූහ. ඇගේ උදර පටලය ගින්නෙන් ඉතා රත් වී දෙකට පැලුණි. දරුවා ඔහුගේම පුණ්‍ය බලය නිසා උඩ පැන, එක් තෘණ පඳුරක් මත වැටුණේය. සොහොන් ගිනි ලන්නෝ එය දැක එම දරුවා ගෙන සිටු මවුට (ආත්තම්මාට) දුන්හ. ඇය ඔහුට නම් තබන්නී, තණ පඳුරේ වැටී දිවිලද බැවින් “දබ්බ” යන නම තැබුවාය. ඒ දබ්බ කුමරුට සත් අවුරුදු කාලයේදී අපගේ ශාස්තෲන් වහන්සේ බික් සඟන පිරිවරාගෙන මල්ල රටෙහි චාරිකාවේ හැසිරෙමින් වැඩමවා අනුපිය අඹ වනයේ විසූ සේක. දබ්බ කුමරු ශාස්තෲන් වහන්සේ දුටු පමණින්ම පැහැදී පැවිදි වනු කැමතිව, “මම දසබලයන් වහන්සේගේ සමීපයේ පැවිදි වන්නෙමි”යි ආත්තම්මාට කියා ඇයගෙන් “දරුව, යහපත”යි අවසර ලැබුවේය. ඇය කුමරා ගෙන ශාස්තෲන් වහන්සේ ළඟට ගොස්, “ස්වාමීනි, මේ කුමරා පැවිදි කළ මැනව”යි කීවාය. ශාස්තෲන් වහන්සේ එක්තරා භික්ෂුවකට “මහණ, මේ දරුවා පැවිදි කරව”යි පැවරූ සේක. ඒ තෙරුන් වහන්සේ ශාස්තෲන් වහන්සේගේ වචනය පිළිගෙන දබ්බ කුමරු පැවිදි කරවමින් තච පංචක කමටහන ලබා දුන්නේය. පෙර හේතු සම්පත් ඇති කරන ලද ප්‍රාර්ථනා ඇති එකුමරු පළමු කෙස් වැටිය කපද්දීම සෝවාන් ඵලයෙහි පිහිටියේය. දෙවැනි කෙස් වැටිය කපන විට සකෘදාගාමී ඵලයෙහි ද තෙවෙනි කෙස් වැටිය කපන විට අනාගාමී ඵලයෙහි ද පිහිටි එකුමරුට, සියලු කෙස් ගා දැමීමත්, රහත් බවට පත්වීමත් පෙර පසු නොවී එක් විටම සිදුවිය. ශාස්තෲන් වහන්සේ මල්ල රටෙහි කැමති තාක් කල් වැස, නැවත රජගහ නුවරට වැඩමවා වේළුවනාරාමයෙහි වාසය කළ සේක.
තත්රායස්මා දබ්බො මල්ලපුත්තො රහොගතො අත්තනො කිච්චනිප්ඵත්තිං ඔලොකෙත්වා සඞ්ඝස්ස වෙය්යාවච්චකරණෙ කායං යොජෙතුකාමො චින්තෙසි – “යංනූනාහං සඞ්ඝස්ස සෙනාසනඤ්ච පඤ්ඤාපෙය්යං භත්තානි ච උද්දිසෙය්ය”න්ති. සො සත්ථු සන්තිකං ගන්ත්වා අත්තනො පරිවිතක්කං ආරොචෙසි. සත්ථා තස්ස සාධුකාරං දත්වා සෙනාසනපඤ්ඤාපකත්තඤ්ච භත්තුද්දෙසකත්තඤ්ච සම්පටිච්ඡි. අථ නං “අයං දබ්බො දහරොව සමානො මහන්තෙ ඨානෙ ඨිතො”ති සත්තවස්සිකකාලෙයෙව උපසම්පාදෙසි. ථෙරො උපසම්පන්නකාලතො පට්ඨාය රාජගහං උපනිස්සාය විහරන්තානං සබ්බභික්ඛූනං සෙනාසනානි ච පඤ්ඤාපෙති, භික්ඛඤ්ච උද්දිසති. තස්ස සෙනාසනපඤ්ඤාපකභාවො සබ්බදිසාසු පාකටො අහොසි – “දබ්බො කිර මල්ලපුත්තො සභාගසභාගානං භික්ඛූනං එකට්ඨානෙ සෙනාසනානි පඤ්ඤාපෙති, ආසන්නෙපි දූරෙපි සෙනාසනං පඤ්ඤාපෙති, ගන්තුං අසක්කොන්තෙ ඉද්ධියා නෙතී”ති.
එකල්හි ආයුෂ්මත් දබ්බ මල්ලපුත්‍ර තෙරණුවෝ හුදෙකලාව වූ විටක තමා විසින් කළ යුතු කටයුතු නිම වූ බව දැක, සංඝයාට වතාවත් කිරීමෙහි සිය කය යොදවනු කැමතිව මෙසේ සිතූ සේක. “මම සංඝයාට සෙනසුන් පැනවීමෙහි ද සඟ බත් නියම කිරීමෙහි ද යෙදෙන්නේ නම් මැනවි” යි යනුවෙනි. උන්වහන්සේ ශාස්තෲන් සමීපයට ගොස් තමන්ගේ සිතුවිල්ල දැන් වූ සේක. ශාස්තෲන් වහන්සේ ඔහුට සාධුකාර දී සෙනසුන් පැනවීමෙහි ද සඟබත් නියම කිරීමෙහිද යෙදීමට පවරාදුන් සේක. ඉක්බිති “මේ දබ්බ ඉතා ළදරුවෙකු වුවත් මහත් වූ ස්ථානයක හිඳියි” යනුවෙන් පැවසූ තථාගතයන් වහන්සේ, දබ්බ තෙරුන් සත් හැවිරිදි වියේදීම උපසම්පදා කළ සේක. දබ්බ තෙරණුවෝ උපසම්පදා කළ දිනයේ සිටම රජගහ නුවර වසන සියලු භික්ෂූන්ට සේනාසන පනවන සේක. සඟබත් ද නියම කරන සේක. උන්වහන්සේ සෙනසුන් පනවන බව සෑම දිසාවෙහි ම ප්‍රකට විය. දබ්බ මල්ලපුත්ත තෙරණුවෝ සමාන අදහස් ඇති භික්ෂූන්ට එක තැන අසුන් පනවති. සමීපව ද දුරින් ද සෙනසුන් පනවති. යෑමට අසමත් භික්ෂූහු සෘද්ධියෙන් රැගෙන යති.
අථ නං භික්ඛූ කාලෙපි විකාලෙපි – “අම්හාකං, ආවුසො, ජීවකම්බවනෙ සෙනාසනං පඤ්ඤාපෙහි, අම්හාකං මද්දකුච්ඡිස්මිං මිගදායෙ”ති එවං සෙනාසනං උද්දිසාපෙත්වා තස්ස ඉද්ධිං පස්සන්තා ගච්ඡන්ති. සොපි ඉද්ධියා මනොමයෙ කායෙ අභිසඞ්ඛරිත්වා එකෙකස්ස ථෙරස්ස එකෙකං අත්තනා සදිසං භික්ඛුං දත්වා අඞ්ගුලියා ජලමානාය පුරතො ගන්ත්වා “අයං මඤ්චො ඉදං පීඨ”න්තිආදීනි වත්වා සෙනාසනං පඤ්ඤාපෙත්වා පුන අත්තනො වසනට්ඨානමෙව ආගච්ඡති . අයමෙත්ථ සඞ්ඛෙපො, විත්ථාරතො පනිදං වත්ථු පාළියං ආගතමෙව. සත්ථා ඉදමෙව කාරණං අට්ඨුප්පත්තිං කත්වා අපරභාගෙ අරියගණමජ්ඣෙ නිසින්නො ථෙරං සෙනාසනපඤ්ඤාපකානං අග්ගට්ඨානෙ ඨපෙසි – “එතදග්ගං, භික්ඛවෙ, මම සාවකානං භික්ඛූනං සෙනාසනපඤ්ඤාපකානං යදිදං දබ්බො මල්ලපුත්තො”ති (අ· නි· 1.209; 214). වුත්තම්පි චෙතං අපදානෙ (අප· ථෙර 2.54, 108-149) –
ඉක්බිති උන්වහන්සේට භික්ෂූහු කල්හිත් නොකල්හිත් “ඇවැත්නි අපට ජීවක අඹ වනයෙහි අසුන් පනවන්න. අපට මද්දකුච්ඡි නම් වූ මිගදායෙහි අසුන් පනවන්න” ආදී වශයෙන් සෙනසුන් නියම කරවාගෙන, උන්වහන්සේගේ සෘද්ධිය දකිමින් යති. උන්වහන්සේ ද සෘද්ධියෙන් මනෝමය කායයන් මවා එක් එක් තෙරුන්ට තමා සමාන වූ ම භික්ෂුව බැගින් දී ඇඟිල්ල දැල්වෙන එළියෙන් ඔවුනට පෙරටුව ගොස් “මේ ඇඳකි. මේ පුටුවකි”යි ආදී වශයෙන් පවසා සෙනසුන් පනවාදී, නැවත තමන් වහන්සේ වසන තැනටම පැමිණෙති. මේ දැක්වූයේ සංක්ෂිප්ත වශයෙනි. විස්තර වශයෙන් මේ කථා පුවත ත්‍රිපිටකයේ දැක්වේ. ශාස්තෲන් වහන්සේ මෙම කාරණයම අර්ථෝත්පත්ති කර, ඊට පසු කාලයේ ආර්යයන් සමූහය මැද සිටි දබ්බමල්ල තෙරුන් සෙනසුන් පනවන භික්ෂූන් අතර අගතනතුරෙහි තැබූ සේක. “මහණෙනි, මගේ ශ්‍රාවක වූ සෙනසුන් පනවන භික්ෂූන් අතුරින් මේ දබ්බමල්ල පුත්‍ර තෙරණුවෝ ම අග්‍රවෙති” යි යනුවෙනි. මෙය අපදාන පාළියේ ගාථා වලින් ද විස්තර වශයෙන් දැක්වේ. එහි සිංහලාර්ථය මෙසේය. (අපදාන පාළි II දබ්බත්ථෙරාපදානය)
“පදුමුත්තරො නාම ජිනො, සබ්බලොකවිදූ මුනි; ඉතො සතසහස්සම්හි, කප්පෙ උප්පජ්ජි චක්ඛුමා.
“මීට කල්ප ලක්ෂයකට පෙර පසැස් ඇත්තා වූ සියලු ලොව දත්, පස්මරුන් දිනූ පදුමුත්තර නම් බුදුරජාණන් වහන්සේ ලොව පහළ වූ සේක.
“ඔවාදකො විඤ්ඤාපකො, තාරකො සබ්බපාණිනං; දෙසනාකුසලො බුද්ධො, තාරෙසි ජනතං බහුං.
සියලු සතුනට අවවාද දෙන, ඔවුන්ට දහම් අවබෝධ කරවා සසරින් එතෙර කරවීමෙහි සමත් වූ ධර්ම දේශනාවෙහි දක්ෂ වූ බුදුරජාණන් වහන්සේ බොහෝ ජන සමූහයා සසරින් එතෙර කරවූ සේක.
“අනුකම්පකො කාරුණිකො, හිතෙසී සබ්බපාණිනං; සම්පත්තෙ තිත්ථියෙ සබ්බෙ, පඤ්චසීලෙ පතිට්ඨපි.
සියලු සතුනට අනුකම්පා කරන, කාරුණික වූ හිත කැමති වන බුදුරජාණන් වහන්සේ වෙත එළඹුණු සියලු තීර්ථකයෝ, පන්සිල් සමාදන් වූහ.
“එවං නිරාකුලං ආසි, සුඤ්ඤතං තිත්ථියෙහි ච; විචිත්තං අරහන්තෙහි, වසීභූතෙහි තාදිභි.
එසමයේ මේ පෘථිවිය තීර්ථකයන්ගෙන් හිස්ව, නිරවුල්ව තාදී ගුණ ඇති වශීභූත වූ මහරහතුන්ගෙන් පිරී පැවතුණි. විසිතුරු විය.
“රතනානට්ඨපඤ්ඤාසං, උග්ගතො සො මහාමුනි; කඤ්චනග්ඝියසඞ්කාසො, බාත්තිංසවරලක්ඛණො.
ඒ බුදුරජාණන් වහන්සේගේ උස රියන් පනස් අටකි. රන් ඇගෑයක් මෙන් එතුමෝ බැබලුණහ. දෙතිස් මහ පුරිස් ලකුණින් හෙබි සේක.
“වස්සසතසහස්සානි, ආයු විජ්ජති තාවදෙ; තාවතා තිට්ඨමානො සො, තාරෙසි ජනතං බහුං.
එම කාලයේ සත්ත්වයන්ගේ පරමායුෂ වර්ෂ ලක්ෂයකි. ඒ තාක් කල් වැඩහුන් බුදුපියාණන් වහන්සේ බොහෝ ජනයා සසරින් එතෙර කළසේක. (5769-5774)
“තදාහං හංසවතියං, සෙට්ඨිපුත්තො මහායසො; උපෙත්වා ලොකපජ්ජොතං, අස්සොසිං ධම්මදෙසනං.
“එසමයේ මම හංසවතී නුවර මහත් යශ (කීර්තිමත්) සිටු පුත්‍රයෙක් වූයෙම් ලොව බබුළුවන බුදුරජාණන් වහන්සේ වෙත එළඹ, උන්වහන්සේගේ ධර්ම දේශනාව ඇසුවෙමි.
“සෙනාසනානි භික්ඛූනං, පඤ්ඤාපෙන්තං සසාවකං; කිත්තයන්තස්ස වචනං, සුණිත්වා මුදිතො අහං.
භික්ෂූන්ට සෙනසුන් පනවන සිය ශ්‍රාවකයෙකු අග තැන්හි තබා පැසසූ උන්වහන්සේගේ වචන ඇසූ මම අතිශය සතුටු වූයෙමි.
“අධිකාරං සසඞ්ඝස්ස, කත්වා තස්ස මහෙසිනො; නිපච්ච සිරසා පාදෙ, තං ඨානමභිපත්ථයිං.
සංඝයා සහිත ඒ බුදුරජාණන් වහන්සේට දානාදී පින්කම් කර, උන්වහන්සේගේ පාමුල වැටී එම අගතනතුරට පැතුවෙමි.
“තදාහ ස මහාවීරො, මම කම්මං පකිත්තයං; යො සසඞ්ඝමභොජෙසි, සත්තාහං ලොකනායකං.
එකල්හි මහාවීර වූ බුදුපියාණන් වහන්සේ මගේ පින්කම පසසමින්, “යමෙක් සංඝයා සහිත බුදුරදුන්ට සතියක් වැළඳවූයේ ද සියුම් පත් බඳු ඇස් ඇති, සිංහයෙකුට බඳු පිරුණු උරහිස් ඇති, රන්වන් සිරුරක් ඇති මේ සිටුපුතා උතුම් තනතුරක් පතමින් මගේ පාමුල වැටුණේය.
“සොයං කමලපත්තක්ඛො, සීහංසො කනකත්තචො; මම පාදමූලෙ නිපති, පත්ථයං ඨානමුත්තමං.
“සතසහස්සිතො කප්පෙ, ඔක්කාකකුලසම්භවො; ගොතමො නාම ගොත්තෙන, සත්ථා ලොකෙ භවිස්සති.
මෙයින් කල්ප ලක්ෂයකට පසුව, ඔක්කාක වංශයේ උපදින “ගෞතම” නම් වූ බුදුරජාණන් වහන්සේ ලොව පහළවෙති.
“සාවකො තස්ස බුද්ධස්ස, දබ්බො නාමෙන විස්සුතො; සෙනාසනපඤ්ඤාපකො, අග්ගො හෙස්සතියං තදා.
එකල්හි මොහු දබ්බ නමින් උන්වහන්සේගේ ශ්රාවකයෙක්ව සෙනසුන් පනවන්නන් අතර අගතනතුරට ලබන්නේය.” යනුවෙන් විවරණ දුන් සේක. (5775-5781)
“තෙන කම්මෙන සුකතෙන, චෙතනාපණිධීහි ච; ජහිත්වා මානුසං දෙහං, තාවතිංසමගච්ඡහං.
“මැනවින් කරන ලද එම පින්කමෙන් ද චිත්ත ප්‍රණිධියෙන් ද යුතු වූ මම මිනිස් සිරුර හැර දමා තව්තිසාවට ගියෙමි.
“සතානං තීණික්ඛත්තුඤ්ච, දෙවරජ්ජමකාරයිං; සතානං පඤ්චක්ඛත්තුඤ්ච, චක්කවත්තී අහොසහං.
එහි තුන්සිය වරක් දෙව් රජය කරවූ මම, පන්සිය වාරයක් සක්විති රජව ඉපදුනෙමි.
“පදෙසරජ්ජං විපුලං, ගණනාතො අසඞ්ඛියං; සබ්බත්ථ සුඛිතො ආසිං, තස්ස කම්මස්ස වාහසා.
මා ලැබූ ප්‍රදේශ රාජ්‍ය සම්පත් අප්‍රමාණය. එම කර්මයේ බලයෙන් හැම තැන්හිම සැප වින්දෙමි.” (5782-5784)
“එකනවුතිතො කප්පෙ, විපස්සී නාම නායකො; උප්පජ්ජි චාරුදස්සනො, සබ්බධම්මවිපස්සකො.
“මෙයින් කල්ප අනූ එකකට පසුව, මනා වූ ඇස් ඇති සියලු ධර්ම මනාව දක්නා වූ විපස්සී නම් බුදුරජාණන් වහන්සේ ලොව පහළ වූ සේක.
“දුට්ඨචිත්තො උපවදිං, සාවකං තස්ස තාදිනො; සබ්බාසවපරික්ඛීණං, සුද්ධොති ච විජානිය.
තාදී ගුණ ඇති ඒ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක වූ රහතන් වහන්සේ කෙනෙකුන්ට “ශුද්රයකි” යි දැන දැනම දුෂ්ට සිතින් නින්දා කළෙමි.
“තස්සෙව නරවීරස්ස, සාවකානං මහෙසිනං; සලාකඤ්ච ගහෙත්වාන, ඛීරොදනමදාසහං.
පසුව මා නරවීර වූ එම බුදුරදුන්ගේ ශ්‍රාවක රහතන් වහන්සේලාට සලාකයක් ගෙන කිරිබත් පිරිනැමුවෙමි.
“ඉමම්හි භද්දකෙ කප්පෙ, බ්රහ්මබන්ධු මහායසො; කස්සපො නාම ගොත්තෙන, උප්පජ්ජි වදතං වරො.
පසුව මේ මහා භද්‍ර කල්පයෙහි බ්‍රාහ්මණ කුලයේ උපන්, මහත් කීර්තිමත් වූ වාද කරන්නවුන් අතර ශ්‍රේෂ්ඨ වූ කාශ්‍යප බුදුරජාණන් වහන්සේ ලොව පහළ වූ සේක.
“සාසනං ජොතයිත්වාන, අභිභුය්ය කුතිත්ථියෙ; විනෙය්යෙ විනයිත්වාව, නිබ්බුතො සො සසාවකො.
ශ්‍රාවකයන් පිරිවරා වැඩ සිටි උන්වහන්සේ, මිසදිටු තීර්ථකයන් මැඩ පවත්වා සසුන බබුලුවමින්, හික්මවිය යුතු ජනයා හික්මවමින් සිට පිරිනිවන් පෑ සේක.
“සසිස්සෙ නිබ්බුතෙ නාථෙ, අත්ථමෙන්තම්හි සාසනෙ; දෙවා කන්දිංසු සංවිග්ගා, මුත්තකෙසා රුදම්මුඛා.
බුදුපියාණන් වහන්සේ ද ශිෂ්‍යයන් ද පිරිනිවි කල්හි සසුන පිරිහී යනු දුටු දෙවියෝ ශෝකයට පත්ව මුදා ලූ කෙස් ඇතිව, හඬන මුහුණින් යුතුව හඬා වැලපුනහ.” (5785-5791)
“නිබ්බායිස්සති ධම්මක්ඛො, න පස්සිසාම සුබ්බතෙ; න සුණිස්සාම සද්ධම්මං, අහො නො අප්පපුඤ්ඤතා.
“දහම් ඇස නිවුණි. මනා පිළිවෙත් සහිත ශ්‍රාවකයෝ නොමැත. සදහම් නො අසමු. අහෝ! අප කළ පින් මද බව පෙනේ.” යනුවෙන් දෙවියෝ වැළපුනහ.
“තදායං පථවී සබ්බා, අචලා සා චලාචලා; සාගරො ච සසොකොව, විනදී කරුණං ගිරං.
එකල්හි මේ නිශ්චල පෘථිවිය චංචල වී කම්පා විය. සාගරය ද සොවින් තැවුනෙකු මෙන් දුක් හඬින් හැඬීය.
“චතුද්දිසා දුන්දුභියො, නාදයිංසු අමානුසා; සමන්තතො අසනියො, ඵලිංසු ච භයාවහා.
සිවු දිශාවෙහි වූ දිව්‍ය බෙර නාද දුන්නේය. හාත්පස බියජනක වූ හෙණ පිපිරුණේය.
“උක්කා පතිංසු නභසා, ධූමකෙතු ච දිස්සති; සධූමා ජාලවට්ටා ච, රවිංසු කරුණං මිගා.
අහසින් උල්කා පතිත විය. ධූම කේතූන් ද දර්ශනය විය. ගොඩ ඉපදුණු සියලු සත්ත්වයෝ ද මෘගයෝ ද බැගෑ හඬ නැගූහ.
“උප්පාදෙ දාරුණෙ දිස්වා, සාසනත්ථඞ්ගසූචකෙ; සංවිග්ගා භික්ඛවො සත්ත, චින්තයිම්හ මයං තදා.
සසුන පිරිහෙන බව හඟවන දරුණු භූත විකාරයන් දැක සංවේගයට පත් වූ භික්ෂූහු සත් නමක් වූ අපි මෙසේ සිතුවෙමු.
“සාසනෙන විනාම්හාකං, ජීවිතෙන අලං මයං; පවිසිත්වා මහාරඤ්ඤං, යුඤ්ජාම ජිනසාසනෙ.
“සසුනින් තොර වූ අපගේ ජීවිතයෙන් කවර ප්‍රයෝජනයක්ද? අපි මහ වනයට පිවිස බුදු සසුනෙහි යෙදෙන්නෙමු.” යනුවෙන් සිතූ අපි වනයට පිවිසියෙමු.
“අද්දසම්හ තදාරඤ්ඤෙ, උබ්බිද්ධං සෙලමුත්තමං; නිස්සෙණියා තමාරුය්හ, නිස්සෙණිං පාතයිම්හසෙ.
වනයේ උස් වූ පර්වතයක් දුටු අපි හිණිමගකින් ඊට නැගී, පසුව ඒ හිණිමඟ බිම දැමුවෙමු.
“තදා ඔවදි නො ථෙරො, බුද්ධුප්පාදො සුදුල්ලභො; සද්ධාතිදුල්ලභා ලද්ධා, ථොකං සෙසඤ්ච සාසනං.
එවිට සංඝස්ථවිරයෝ, “බුද්ධෝත්පාදය අතිශය දුර්ලභය. දුර්ලභ වූ ශ්‍රද්ධාව ලබන ලද අපට බුදු සස්න ද මඳ වශයෙන් හෝ ඉතිරිව පවතී.
“නිපතන්ති ඛණාතීතා, අනන්තෙ දුක්ඛසාගරෙ; තස්මා පයොගො කත්තබ්බො, යාව ඨාති මුනෙ මතං.
මේ උතුම් මොහොත ඉක්මවා ගියහොත් අනන්ත වූ දුක් සයුරෙහි ගිලීමට සිදුවේ. එනිසා බුදු සසුන පවතින මොහොතෙහි ඉන් ප්‍රයෝජන ගත යුතුය”යි අපට අවවාද දුන්හ.
“අරහා ආසි සො ථෙරො, අනාගාමී තදානුගො; සුසීලා ඉතරෙ යුත්තා, දෙවලොකං අගම්හසෙ.
ඒ සංඝස්ථවිරයෝ නොපමවා රහත් වූහ. ඒ අනුව ගිය දෙවැනියා අනාගාමී වූ අතර ඔවුන් හා එක්ව සිටි සිල්වත් වූ අපි දෙව්ලොව ඉපදුනෙමු.
“නිබ්බුතො තිණ්ණසංසාරො, සුද්ධාවාසෙ ච එකකො; අහඤ්ච පක්කුසාති ච, සභියො බාහියො තථා.
අනාගාමි වූ තෙරුන් ශ්රද්ධාවාසයේ දීම හුදෙකලාව පිරිනිවියේ ය. මම ද පුක්කුසාති ද සභිය ද බාහිය ද කුමාර කස්සප ද යන අපි පස් දෙන ඒ ඒ තැන ඉපදුනාහු ගෞතම බුදුරජාණන් වහන්සේගේ අනුකම්පාව ලබා සසර බැඳුමෙන් මිදුනෙමු. (5791-5802)
“කුමාරකස්සපො, චෙව, තත්ථ තත්ථූපගා මයං; සංසාරබන්ධනා මුත්තා, ගොතමෙනානුකම්පිතා.
“මල්ලෙසු කුසිනාරායං, ගබ්භෙ ජාතස්ස මෙ සතො; මාතා මතා චිතාරුළ්හා, තතො නිප්පතිතො අහං.
“මම මල්ල රට කුසිනාරා නුවර උපන්නෙමි. මා ගැබින් බිහිවන සමයෙහි මවු මළාය. ඈ චිතකයට නංවන ලද්දීය. එයින් ගිලිහී මම වැටුනෙමි.
“පතිතො දබ්බපුඤ්ජම්හි, තතො දබ්බොති විස්සුතො; බ්රහ්මචාරීබලෙනාහං, විමුත්තො සත්තවස්සිකො.
කුසතණ පඳුරක් මත වැටුණු බැවින් “දබ්බ” යැයි ප්‍රකට වීමි. බ්‍රහ්මචාරී විසූ හෙයින් (පෙර භවයේ) මම සත් වියේදීම රහත් වුනෙමි.
“ඛීරොදනබලෙනාහං , පඤ්චහඞ්ගෙහුපාගතො; ඛීණාසවොපවාදෙන, පාපෙහි බහු චොදිතො.
මම කිරිබත් දුන් පිනෙහි විපාක වශයෙන් ආයුවර්ණාදී පංච බලයෙන් ආඪ්‍ය වූයෙමි. රහතන් වහන්සේ කෙනෙකුට නින්දා කළ පාපයේ විපාක ලෙස බොහෝ පාපීහු මට චෝදනා කළහ.
“උභො පුඤ්ඤඤ්ච පාපඤ්ච, වීතිවත්තොම්හි දානිහං; පත්වාන පරමං සන්තිං, විහරාමි අනාසවො.
දැන් මා පින් ද පාපයන් ද ඉක්ම වූයෙමි. ආශ්‍රව රහිත වූයෙම් පරම ශාන්තිය වූ නිවනට පැමිණ වසන්නෙමි.
“සෙනාසනං පඤ්ඤාපයිං, හාසයිත්වාන සුබ්බතෙ; ජිනො තස්මිං ගුණෙ තුට්ඨො, එතදග්ගෙ ඨපෙසි මං.
යහපත් පැවතුම් ඇති තෙරවරු සතුටු කරමින් සෙනසුන් පැනවීමි. ඒ ගුණයෙහි පැහැදුණු බුදුරජාණෝ මා සෙනසුන් පනවන භික්ෂූන් අතුරින් අග්‍රස්ථානයෙහි තැබූ සේක.
“කිලෙසා ඣාපිතා මය්හං, භවා සබ්බෙ සමූහතා; නාගොව බන්ධනං ඡෙත්වා, විහරාමි අනාසවො.
මවිසින් සියලු කෙලෙස් දවන ලදි. සියලු භවයන් සිඳ දැමුවෙමි. බැඳුම් සිඳ දැමූ ඇත් රජෙකු මෙන් ආශ්‍රව රහිතව වාසය කරමි.
“ස්වාගතං වත මෙ ආසි, බුද්ධසෙට්ඨස්ස සන්තිකෙ; තිස්සො විජ්ජා අනුප්පත්තා, කතං බුද්ධස්ස සාසනං.
බුදුරජාණන් වහන්සේ වෙත මාගේ පැමිණීම ඒකාන්තයෙන්ම යහපත් විය. ත්‍රිවිද්‍යාවන්ට පත් වූයෙමි. බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව ඉටු කළෙමි.
“පටිසම්භිදා චතස්සො…පෙ…කතං බුද්ධස්ස සාසන”න්ති.
සිවුපිළිසිඹියාවෝ ද අෂ්ට විමෝක්ෂයෝ ද ෂඩ් අභිඤ්ඤාවෝ ද සාක්ෂාත් කළෙමි. බුදුන් ගේ අනුශාසනය ඉටු කළෙමි. (5803-5810)
එවංභූතං පන තං යෙන පුබ්බෙ එකස්ස ඛීණාසවත්ථෙරස්ස අනුද්ධංසනවසෙන කතෙන පාපකම්මෙන බහූනි වස්සසතසහස්සානි නිරයෙ පච්චි, තාය එව කම්මපිලොතිකාය චොදියමානා මෙත්තියභූමජකා භික්ඛූ “ඉමිනා මයං කල්යාණභත්තිකස්ස ගහපතිනො අන්තරෙ පරිභෙදිතා”ති දුග්ගහිතගාහිනො අමූලකෙන පාරාජිකෙන ධම්මෙන අනුද්ධංසෙසුං. තස්මිඤ්ච අධිකරණෙ සඞ්ඝෙන සතිවිනයෙන වූපසමිතෙ අයං ථෙරො ලොකානුකම්පාය අත්තනො ගුණෙ විභාවෙන්තො “යො දුද්දමියො”ති ඉමං ගාථං අභාසි.
මෙසේ උන්වහන්සේ වදාළ පරිදිම, පෙර එක් රහතන් වහන්සේ නමට අවමන් කිරීම් වශයෙන් ඇති වූ පාප කර්මය නිසා බොහෝ වර්ෂ ලක්ෂ ගණනක් නිරයේ පැසුණහ. ඒ පාප කර්මයේ කිලිටි බවින් චෝදනා කරන මෙත්තිය - භුම්මජක භික්ෂූහු “මොහු විසින් අපි කල්‍යාණ භක්තික ගැහැවියා කෙරෙහි බිඳුවන ලද්දෙමු”යි වැරදි ලෙස ගෙන අමූලික වූ සීල විපත්ති පාරාජිකාවෙන් චෝදනා කළහ. එම අධිකරණය සංඝයා විසින් සති විනයෙන් සංසිඳවූ කල්හි මේ තෙරුන් වහන්සේ ලොවට අනුකම්පා පිණිස තමන් වහන්සේගේ ගුණ ප්‍රකට කරමින් “යො දුද්දමියො” යන ගාථාව වදාළ සේක.
“යො දුද්දමියො දමෙන දන්තො දබ්බො සන්තුසිතො විතිණ්ණ කඞ්ඛො විජිතාවී අපෙතභෙරවො හි දබ්බො සො පරිනිබ්බුතො ඨිතන්තො”ති.
“දමනය කිරීමට දුෂ්කර වූ යමෙක් ආර්ය මාර්ගයෙන් හෝ පුරුෂ දම්ය සාරථීන් වහන්සේ විසින් දමනය කරන ලද සේක් ද, සුදුසු වූ සතුටින් යුක්ත වූ, දුරු කළ සැක ඇති, දිනූ කෙලෙස් ඇති, පහවූ බිය ඇති, අචල ස්වභාවයට පැමිණි ඒ දබ්බ පැවිදි තෙම කෙලෙස් පරිනිර්වාණයෙන් පිරිනිවියේය.”
තත්ථ යොති අනියමිතනිද්දෙසො, තස්ස “සො”ති ඉමිනා නියමත්තං දට්ඨබ්බං. උභයෙනපි අඤ්ඤං විය කත්වා අත්තානමෙව වදති. දුද්දමියොති දුද්දමො, දමෙතුං අසක්කුණෙය්යො. ඉදඤ්ච අත්තනො පුථුජ්ජනකාලෙ දිට්ඨිගතානං විසූකායිකානං කිලෙසානං මදාලෙපචිත්තස්ස විප්ඵන්දිතං ඉන්ද්රියානං අවූපසමනඤ්ච චින්තෙත්වා වදති. දමෙනාති උත්තමෙන අග්ගමග්ගදමෙන, තෙන හි දන්තො පුන දමෙතබ්බතාභාවතො “දන්තො”ති වත්තබ්බතං අරහති, න අඤ්ඤෙන. අථ වා දමෙනාති දමකෙන පුරිසදම්මසාරථිනා දමිතො . දබ්බොති ද්රබ්යො, භබ්බොති අත්ථො. තෙනාහ භගවා ඉමමෙව ථෙරං සන්ධාය – “න ඛො, දබ්බ, දබ්බා එවං නිබ්බෙඨෙන්තී”ති (පාරා· 384; චූළව· 193) . සන්තුසිතොති යථාලද්ධපච්චයසන්තොසෙන ඣානසමාපත්තිසන්තොසෙන මග්ගඵලසන්තොසෙන ච සන්තුට්ඨො. විතිණ්ණකඞ්ඛොති සොළසවත්ථුකාය අට්ඨවත්ථුකාය ච කඞ්ඛාය පඨමමග්ගෙනෙව සමුග්ඝාටිතත්තා විගතකඞ්ඛො. විජිතාවීති පුරිසාජානීයෙන විජෙතබ්බස්ස සබ්බස්සපි සංකිලෙසපක්ඛස්ස විජිතත්තා විධමිතත්තා විජිතාවී. අපෙතභෙරවොති පඤ්චවීසතියා භයානං සබ්බසො අපෙතත්තා අපගතභෙරවො අභයූපරතො. පුන දබ්බොති නාමකිත්තනං. පරිනිබ්බුතොති ද්වෙ පරිනිබ්බානානි කිලෙසපරිනිබ්බානඤ්ච, යා සඋපාදිසෙසනිබ්බානධාතු, ඛන්ධපරිනිබ්බානඤ්ච, යා අනුපාදිසෙසනිබ්බානධාතු. තෙසු ඉධ කිලෙසපරිනිබ්බානං අධිප්පෙතං, තස්මා පහාතබ්බධම්මානං මග්ගෙන සබ්බසො පහීනත්තා කිලෙසපරිනිබ්බානෙන පරිනිබ්බුතොති අත්ථො. ඨිතත්තොති ඨිතසභාවො අචලො ඉට්ඨාදීසු තාදිභාවප්පත්තියා ලොකධම්මෙහි අකම්පනීයො. හීති ච හෙතුඅත්ථෙ නිපාතො, තෙන යො පුබ්බෙ දුද්දමො හුත්වා ඨිතො යස්මා දබ්බත්තා සත්ථාරා උත්තමෙන දමෙන දමිතො සන්තුසිතො විතිණ්ණකඞ්ඛො විජිතාවී අපෙතභෙරවො, තස්මා සො දබ්බො පරිනිබ්බුතො තතොයෙව ච ඨිතත්තො, එවංභූතෙ ච තස්මිං චිත්තපසාදොව කාතබ්බො, න පසාදඤ්ඤථත්තන්ති පරනෙය්යබුද්ධිකෙ සත්තෙ අනුකම්පන්තො ථෙරො අඤ්ඤං බ්යාකාසි.
මෙහි “යො” යනු නියමක් නොමැති දැක්වීමකි. එයට “සො” යනුවෙන් නියමිත අර්ථය දැක්විය යුතුයි. මේ පද දෙකින්ම අනිකකු මෙන් දක්වා, තමාට ම පවසා ගනියි. “දුද්දමියො” යනු දමනය කිරීමට අපහසු, දමනයට අසමත් වූ, මෙය ද තමාගේ පුහුදුන් කාලයෙහි මිසදිටුගත්, කලබලකාරී කය ඇති, කෙලෙස්වලින් පිරුණු සිතේ, දැඟලීමක් ඉන්ද්රියයන්ගේ නොසන්සිඳීමත් ගැන සිතා මෙය පවසයි. “දමෙන” යනු උත්තමවූ අග්‍ර මාර්ග දමනයෙන්, ඔහු විසින් ද දමනය කළයුතු බැවින්, මොහු විසින් දමනය කරන ලදැයි කීම සුදුසුය. අනිකකු විසින් නොවේ. නැතහොත් “දමෙන” යනු දමනයෙන්, පුරුෂ දමනයෙහි දක්ෂ වූ තථාගතයන් විසින් දමනය කරන ලද “දබ්බො” යනු නුවණැති වූ, භව්‍ය වූ සුදුසු වූ (භබ්බ) යන අර්ථයයි. මේ තෙරුන් අරමුණු කරගෙන ම භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක. “දබ්බය, පණ්ඩිතයෝ (දබ්බයෝ) මෙසේ අනුන්ගේ පිහිටෙන් ප්‍රශ්න නිරාකරණය නොකරති.” (චුල්ලවග්ග-2සමථක්ඛන්ධක) “සන්තුසිතො” යනු යම් සේ ලබන ලද ප්‍රත්‍ය සන්තෝෂයෙන් ද ධ්‍යාන සමාපත්ති සන්තෝෂයෙන් ද මාර්ග ඵල සන්තෝෂයෙන් ද යනු දාසය වස්තුවක් වූ ද අට වස්තුවක් වූ ද සැකය (විචිකිච්ඡාව), පළමු මාර්ග ඥානයෙන්ම උදුරා දමන ලද බැවින් දුරු කළ සැක ඇතිව “විජිතාවී” ශ්‍රේෂ්ඨ පුරුෂයා විසින් දිණිය යුතු වූ සියලුම කෙලෙස් (කිලිටි) දහම් දිනන ලද බැවින්, විනාශ කළ බැවින්, “දිනන ලද පුද්ගලයා” නම් වේ. “අපෙතභෙරවො” යනු විසි පහක් වූ භයවීම් වලින් සියලුම අයුරින් දුරු වූ හෙයින් “අපෙත (පහ වූ) භෙරවො” (භයවීම් ඇතිව) නිර්භයතාවයෙහි ඇලුණේ නැවත “දබ්බො” යනු නාමය දැක්වීමයි. “පරිනිබ්බුතො” යන පිරිණිවීම් දෙකකි. “සොපාදිසේස නිර්වාණ ධාතුවෙන් පිරිනිවීම කෙලෙස් පරිනිර්වාණයයි. අනුපාදිසේස නිර්වාණ ධාතුවෙන් පිරිනිවීම ස්කන්ධ පරිනිර්වාණයයි”. මෙම පිරිනිවීම් දෙකින් මෙහිදී කෙලෙස් පිරිනිවීම අදහස් කරන ලදි. එනිසා “දුරුකළ යුතු දහම් මාර්ග ඥානයෙන්, සර්ව ප්‍රකාරයෙන්ම ප්‍රහීණ කරන ලද බැවින් කෙලෙස් පිරිනිවීමෙන් පිරිනිවන ලදි” යන අර්ථයයි. “ඨිතත්තො” යනු සිටි ස්වභාවයයි. ස්ථිරව සිටීමයි. රුචි අරුචි වස්තු පිළිබඳ තාදී ගුණයට එළඹීමයි. ලෝක ධර්මයන්හි කම්පා නොවී ස්ථිරව සිටීමයි. “හී” යනු හේතු (කාරණය දක්වන) අර්ථයේ නිපාතයකි. පෙර යමක් දමනය කළ නොහැකි වූවෙක්ම සිටියේ ද ඔහු, පුද්ගල දමනයේ දක්ෂ ශාස්තෲන් වහන්සේ විසින් උතුම් - ආර්‍ය්‍ය දමනයෙන් දමනය කළ සේක් ද, සන්තෝෂයෙන් යුක්ත වූ, දුරු වූ සැක ඇත්තේ ද, දිනූ ඉඳුරන් ඇත්තේ ද, පහවූ භයවීම් ඇත්තේ ද මේ ගුණාංගවලින් පිරුණු ඒ දබ්බ තෙරුන් පිරිනිවියේය. එම නිවණෙහි ස්ථිරව පිහිටි මෙබඳු වූ තෙරුන් කෙෙරහි “සිත් පැහැදවීම” කළ යුතුයි. “සිත අප්‍රසාද කර ගැනීමෙන් ඊට වෙනස් බවකට නොපැමිණෙන්නේය” යනුවෙන් බුද්ධිමත් සත්ත්වයන්ට අනුකම්පා කරන සේක් දබ්බ තෙරණුවෝ සිය රහත් බව ප්‍රකාශ කළහ.
දබ්බත්ථෙරගාථාවණ්ණනා නිට්ඨිතා.
දබ්බ ථේරගාථා අර්ථ වර්ණනාව නිමියේය.