යෙදුමෙන් කියවන්න

පුණ‍්ණත්‍ථෙරගාථාවණ‍්ණනා අට‍්ඨකථා

පුණ‍්ණත්‍ථෙරගාථාවණ‍්ණනා

පුණ්ණ ස්ථවිරගාථා වර්ණනාව

සබ‍්භිරෙව සමාසෙථාති ආයස‍්මතො පුණ‍්ණත්‍ථෙරස‍්ස ගාථා. කා උප‍්පත‍්ති? අයං කිර පදුමුත‍්තරස‍්ස දසබලස‍්ස උප‍්පත‍්තිතො පුරෙතරමෙව හංසවතීනගරෙ බ්‍රාහ‍්මණමහාසාලකුලෙ නිබ‍්බත‍්තො අනුක‍්කමෙන විඤ‍්ඤුතං පත‍්තො සත්‍ථරි ලොකෙ උප‍්පජ‍්ජන‍්තෙ එකදිවසං බුද‍්ධානං ධම‍්මදෙසනාකාලෙ හෙට‍්ඨා වුත‍්තනයෙන මහාජනෙන සද‍්ධිං විහාරං ගන‍්ත්‍වා පරිසපරියන‍්තෙ නිසීදිත්‍වා ධම‍්මං සුණන‍්තො සත්‍ථාරං එකං භික‍්ඛුං ධම‍්මකථිකානං අග‍්ගට‍්ඨානෙ ඨපෙන‍්තං දිස‍්වා “මයාපි අනාගතෙ එවරූපෙන භවිතුං වට‍්ටතී”ති චින‍්තෙත්‍වා දෙසනාවසානෙ වුට‍්ඨිතාය පරිසාය සත්‍ථාරං උපසඞ‍්කමිත්‍වා නිමන‍්තෙත්‍වා හෙට‍්ඨා වුත‍්තනයෙනෙව මහාසක‍්කාරං කත්‍වා භගවන‍්තං එවමාහ – “භන‍්තෙ, අහං ඉමිනා අධිකාරකම‍්මෙන නාඤ‍්ඤං සම‍්පත‍්තිං පත්‍ථෙමි. යථා පන සො භික‍්ඛු ඉතො සත‍්තමදිවසමත්‍ථකෙ ධම‍්මකථිකානං අග‍්ගට‍්ඨානෙ ඨපිතො, එවං අහම‍්පි අනාගතෙ එකස‍්ස බුද‍්ධස‍්ස සාසනෙ ධම‍්මකථිකානං භික‍්ඛූනං අග‍්ගො භවෙය්‍ය”න‍්ති පත්‍ථනං අකාසි. සත්‍ථා අනාගතං ඔලොකෙත්‍වා තස‍්ස පත්‍ථනාය සමිජ‍්ඣනභාවං දිස‍්වා “අනාගතෙ කප‍්පසතසහස‍්සමත්‍ථකෙ ගොතමො නාම බුද‍්ධො උප‍්පජ‍්ජිස‍්සති, තස‍්ස සාසනෙ ත්‍වං පබ‍්බජිත්‍වා ධම‍්මකථිකානං අග‍්ගො භවිස‍්සසී”ති බ්‍යාකාසි.

“සබ්භිරෙව සමාසෙථා” යනාදී ආයුෂ්මත් පුණ්ණ තෙරුන්ගේ ගාථාවෙහි උත්පත්තිය කෙසේද? උන්වහන්සේ ද පෙර පදුමුත්තර බුදුරජාණන් වහන්සේ පහළවීමට පෙරදීම හංසවතී නුවර බමුණු මහසල් කුලයක ඉපිද, අනුක්‍රමයෙන් වැඩිවියට පැමිණියේය. ශාස්තෲන් වහන්සේ ලොව පහළ වූ පසුව, එක් දිනක් බුදුරජාණන් වහන්සේ ධර්මදේශනා පවත්වන සමයේ පෙර කී පරිද්දෙන්ම මහජනයා සමග විහාරයට ගොස්, පිරිස් කෙළවර හිඳ බණ අසමින් සිටියේය. ශාස්තෲන් වහන්සේ එක් භික්‍ෂුවක් ධර්ම කථික භික්‍ෂූන් අතුරින් අග්‍රස්ථානයෙහි තබනු දුටු එම බමුණා “අනාගතයේ මවිසින් ද මෙසේ වූ අගතනතුරක් ලැබීම සුදුසුයැ” යි සිතා, දේශනාව අවසානයේ පිරිස නැගී සිටි කල්හි ශාස්තෲන් වහන්සේ වෙත එළඹියේය. පැමිණ ඉහත කියන ලද පරිදිම සත්දිනක් දානය සඳහා ආරාධනා කර, බුද්ධ ප්‍රමුඛ මහා සංඝයාට මහදන් පවත්වා අනතුරුව භාග්‍යවතුන් වහන්සේට මෙසේ පැවසීය. “ස්වාමීනි මම මේ මහා පුණ්‍ය කර්මයෙන් වෙනත් සැපතක් නොපතමි. මින් සත් දිනකට පෙර ධර්ම කථිකයන් අතුරින් අගතැන්පත් භික්‍ෂුව මෙන් මම ද අනාගතයේ එක් බුදු සසුනක ධර්ම කථික භික්‍ෂූන් අතුරින් අග්‍ර වන්නේ නම් මැනවි” යි යනුවෙනි. මෙසේ පතන ලද ඔහුගේ අනාගතය බැලූ ශාස්තෲන් වහන්සේ එම පැතුම ඉටුවන බව දුටු සේක. “අනාගතයේදී මින් කල්ප ලක්‍ෂයකට පසුව ගෞතම නම් බුදුරජාණන් වහන්සේ ලොව පහළ වන සේක. නුඹ උන්වහන්සේගේ සසුනෙහි පැවිදි භාවය ලබා ධර්මකථික භික්‍ෂූන් අතුරින් අග තනතුර ලබන්නෙහිය” යනුවෙන් පදුමුත්තර බුදුරජාණෝ නියත විවරණ ලබාදුන් සේක.

සො තත්‍ථ යාවජීවං කල්‍යාණධම‍්මං කත්‍වා තතො චුතො කප‍්පසතසහස‍්සං පුඤ‍්ඤඤාණසම‍්භාරං සම‍්භරන‍්තො දෙවමනුස‍්සෙසු සංසරිත්‍වා අම‍්හාකං භගවතො කාලෙ කපිලවත්‍ථුනගරස‍්ස අවිදූරෙ දොණවත්‍ථුනාමකෙ බ්‍රාහ‍්මණගාමෙ බ්‍රාහ‍්මණමහාසාලකුලෙ අඤ‍්ඤාසිකොණ‍්ඩඤ‍්ඤත්‍ථෙරස‍්ස භාගිනෙය්‍යො හුත්‍වා නිබ‍්බත‍්ති. තස‍්ස නාමග‍්ගහණදිවසෙ “පුණ‍්ණො”ති නාමං අකංසු. සො සත්‍ථරි අභිසම‍්බොධිං පත්‍වා පවත‍්තවරධම‍්මචක‍්කෙ අනුපුබ‍්බෙන රාජගහං ගන‍්ත්‍වා තං උපනිස‍්සාය විහරන‍්තෙ අඤ‍්ඤාසිකොණ‍්ඩඤ‍්ඤත්‍ථෙරස‍්ස සන‍්තිකෙ පබ‍්බජිත්‍වා ලද‍්ධූපසම‍්පදො සබ‍්බං පුබ‍්බකිච‍්චං කත්‍වා පධානමනුයුඤ‍්ජන‍්තො පබ‍්බජිතකිච‍්චං මත්‍ථකං පාපෙත්‍වාව “දසබලස‍්ස සන‍්තිකං ගමිස‍්සාමී”ති මාතුලත්‍ථෙරෙන සද‍්ධිං සත්‍ථු සන‍්තිකං අගන‍්ත්‍වා කපිලවත්‍ථුසාමන‍්තායෙව ඔහීයිත්‍වා යොනිසොමනසිකාරෙ කම‍්මං කරොන‍්තො නචිරස‍්සෙව විපස‍්සනං උස‍්සුක‍්කාපෙත්‍වා අරහත‍්තං පාපුණි. වුත‍්තම‍්පි චෙතං අපදානෙ (අප· ථෙර 1.1.434-440) –

එම බමුණා දිවි ඇතිතාක් යහපත් කටයුතු කරමින් සිට, ඉන් චුතව කල්ප ලක්‍ෂයක් මුළුල්ලෙහි පුණ්‍ය සම්භාර ධර්මයන් රැස් කරමින් දෙව් මිනිස් දෙගතියෙහි හැසිර අපගේ භාග්‍යවතුන් වහන්සේ පහළ වූ කාලයෙහි, කපිලවත්‍ථු නගරය සමීපයේ ‘ද්‍රෝණ වත්‍ථු’ නම් එක් බමුණු ගමක බමුණු මහසල් කුලයක අඤ්ඤා කොණ්ඩඤ්ඤ තෙරුන්ගේ බෑණා වී උපන්නේය. ඔහුට නම් තබන දිනයේ “පුණ්ණ” යැයි නම් කළහ. ඔහු පසුව අප ශාස්තෲන් වහන්සේ සම්බුද්ධත්‍වයට පැමිණ පවත්වන ලද උතුම් දම්සක් දෙසුම් ඇතිව, අනුපිළිවෙලින් රජගහ නුවරට වැඩමවා එහි වාසය කරන කාලයෙහි දී අඤ්ඤා කොණ්ඩඤ්ඤ තෙරුන්ගේ සමීපයේ පැවිදිව උපසපන් බව ලබා ගත්තේය. ප්‍රධාන වීර්යයෙහි යෙදුණු උන්වහන්සේ සියලු කටයුතු නිමවා පැවිදිබවේ කටයුතු මස්තක ප්‍රාප්ත කරගත් සේක් “දස බලයෙන් වහන්සේගේ සමීපයට යන්නෙමි යි මාමා වූ තෙරුන් සමග ශාස්තෲ වහන්සේ සමීපයට නො ගොස්, කපිලවත්‍ථු නුවර (හාත්පස) සමීපයේ නැවතී නුවණැස මෙහෙයවා කටයුතු කරන සේක් නොබෝ දිනයකින්ම විදර්ශනාව වඩා රහත්බවට පත්වූ සේක. මෙය අපාදන පාළියෙහි මෙලෙසින් ගාථාවලින් කියන ලද්දේය. එහි සිංහලාර්ථ පහත දැක්වේ. (අපදාන පාළි I පුණ්ණත්‍ථෙරාපදාන)

“අජ‍්ඣායකො මන‍්තධරො, තිණ‍්ණං වෙදාන පාරගූ; පුරක‍්ඛතොම‍්හි සිස‍්සෙහි, උපගච‍්ඡිං නරුත‍්තමං.

“වේද උගන්වන, මන්ත්‍රධර වූ වේදත්‍රයෙහි පරතෙරට ගියා වූ මම, ශිෂ්‍යයන් විසින් පිරිවරාගෙන මනුෂ්‍යයන්ට උතුම් වූ බුදුරජාණන් වහන්සේ වෙතට ගියෙමි.

“පදුමුත‍්තරො ලොකවිදූ, ආහුතීනං පටිග‍්ගහො; මම කම‍්මං පකිත‍්තෙසි, සංඛිත‍්තෙන මහාමුනි.

පුදසත්කාර පිළිගැනීමට සුදුසු වූ තුන් ලොව මැනවින් දත් මහා මුනි වූ පදුමුත්තර බුදුරජාණන් වහන්සේ ඉතා සංක්‍ෂිප්තව මාගේ ධර්මය වදාළ සේක.

“තාහං ධම‍්මං සුණිත්‍වාන, අභිවාදෙත්‍වාන සත්‍ථුනො; අඤ‍්ජලිං පග‍්ගහෙත්‍වාන, පක‍්කමිං දක‍්ඛිණාමුඛො.

මම ඒ ධර්මය අසා බුදුරජාණන් වහන්සේට ඇඳිලි බැඳ, දකුණු දිගට මුහුණ ලා පැදකුණු කර ගියෙමි.

“සංඛිත‍්තෙන සුණිත්‍වාන, විත්‍ථාරෙන අභාසයිං; සබ‍්බෙ සිස‍්සා අත‍්තමනා, සුත්‍වාන මම භාසතො.

සංක්‍ෂිප්තව ඇසූ ධර්මය විස්තර කර ප්‍රකාශ කළෙමි. එම මාගේ වචන ඇසූ සියලු ශිෂ්‍යයෝ සතුටු වූහ.

“සකං දිට‍්ඨිං විනොදෙත්‍වා, බුද‍්ධෙ චිත‍්තං පසාදයුං; සංඛිත‍්තෙනපි දෙසෙමි, විත්‍ථාරෙන තථෙවහං.

ඔවුහු තම දෘෂ්ටීන් අත්හැර බුදුන් කෙරෙහි සිත පහදවා ගත්හ. මම සංක්‍ෂිප්තව ද විස්තර වශයෙන් ද ධර්මය දෙසුවෙමි.

“අභිධම‍්මනයඤ‍්ඤූහං, කථාවත්‍ථුවිසුද‍්ධියා; සබ‍්බෙසං විඤ‍්ඤාපෙත්‍වාන, විහරාමි අනාසවො.

අභිධර්ම ක්‍රම දන්නා වූ මම දශ කථා වස්තුවෙන් විශුද්ධීන් පිළිබඳව සියල්ලන්ටම අවබෝධ කරවා ආශ්‍රව රහිතව වෙසෙමි.

“ඉතො පඤ‍්චසතෙ කප‍්පෙ, චතුරො සුප‍්පකාසකා; සත‍්තරතනසම‍්පන‍්නා, චතුදීපම‍්හි ඉස‍්සරා.

මම මීට කල්ප පන්සීයකට පෙර සිවු මහා දිවයින්හි ම අධිපති වූ, සත් රුවනින් හෙබියා වූ “සුප්පකාසක” නම් සක්විති රජවරු සිවු දෙනෙක්ව ඉපදුණෙමි.

“පටිසම‍්භිදා චතස‍්සො…පෙ… කතං බුද‍්ධස‍්ස සාසන”න‍්ති.

සිව්පිළිසිඹියාවෝ ද අෂ්ට විමෝක්‍ෂයෝ ද ෂඩ් අභිඥාවෝ ද මවිසින් සාක්‍ෂාත් කරන ලද්දෙමි. බුදුරජාණන් වහන්සේගේ අනුශාසනය ඉටු කළෙමි.” (438-445)

තස‍්ස පන පුණ‍්ණත්‍ථෙරස‍්ස සන‍්තිකෙ පබ‍්බජිතා කුලපුත‍්තා පඤ‍්චසතා අහෙසුං. ථෙරො සයං දසකථාවත්‍ථුලාභිතාය තෙපි දසහි කථාවත්‍ථූහි ඔවදි. තෙ තස‍්ස ඔවාදෙ ඨත්‍වා සබ‍්බෙව අරහත‍්තං පත‍්තා. තෙ අත‍්තනො පබ‍්බජිතකිච‍්චං මත්‍ථකප‍්පත‍්තං ඤත්‍වා උපජ‍්ඣායං උපසඞ‍්කමිත්‍වා ආහංසු – “භන‍්තෙ, අම‍්හාකං කිච‍්චං මත්‍ථකප‍්පත‍්තං, දසන‍්නඤ‍්චම‍්හ කථාවත්‍ථූනං ලාභිනො, සමයො, දානි නො දසබලං පස‍්සිතු”න‍්ති. ථෙරො තෙසං වචනං සුත්‍වා චින‍්තෙසි – “මම දසකථාවත්‍ථුලාභිතං සත්‍ථා ජානාති අහං ධම‍්මං දෙසෙන‍්තො දස කථාවත්‍ථූනි අමුඤ‍්චිත්‍වාව දෙසෙමි, මයි ගච‍්ඡන‍්තෙ සබ‍්බෙපිමෙ භික‍්ඛූ මං පරිවාරෙත්‍වා ගච‍්ඡිස‍්සන‍්ති, එවං ගණසඞ‍්ගණිකාය ගන‍්ත්‍වා පන අයුත‍්තං මය‍්හං දසබලං පස‍්සිතුං, ඉමෙ තාව ගන‍්ත්‍වා පස‍්සන‍්තූ”ති තෙ භික‍්ඛූ ආහ – “ආවුසො, තුම‍්හෙ පුරතො ගන‍්ත්‍වා තථාගතං පස‍්සථ, මම වචනෙන චස‍්ස පාදෙ වන්‍දථ, අහම‍්පි තුම‍්හාකං ගතමග‍්ගෙනාගමිස‍්සාමී”ති. තෙ ථෙරා සබ‍්බෙපි දසබලස‍්ස ජාතිභූමිරට‍්ඨවාසිනො සබ‍්බෙ ඛීණාසවා සබ‍්බෙ දසකථාවත්‍ථුලාභිනො අත‍්තනො උපජ‍්ඣායස‍්ස ඔවාදං සම‍්පටිච‍්ඡිත්‍වා ථෙරං වන්‍දිත්‍වා අනුපුබ‍්බෙන චාරිකං චරන‍්තා සට‍්ඨියොජනමග‍්ගං අතික‍්කම‍්ම රාජගහෙ වෙළුවනමහාවිහාරං ගන‍්ත්‍වා දසබලස‍්ස පාදෙ වන්‍දිත්‍වා එකමන‍්තං නිසීදිංසු.

ඒ පුණ්ණ තෙරුන් සමීපයේ පැවිදි වූ කුල පුත්‍රයෝ පන්සීයක් වූහ. තෙරුන්වහන්සේ තමා ම දස කථා වස්තූන් ලබන ලද බැවින් ඔවුන්ට ද දශ විධ කථා වස්තුවෙන් අවවාද දුන්හ. ඔවුහු එම අවවාදයෙහි පිහිටා ක්‍රියා කළාහු සියල්ලෝ ම රහත් බවට පත්වූහ. ඔවුහු තමාගේ පැවිදි කිස මස්තක ප්‍රාප්ත වූ බව දැන උපාධ්‍යායන් වහන්සේ වෙත පැමිණ “ස්වාමීනි, අපගේ කටයුතු මස්තක ප්‍රාප්ත විය. දශවිධ කථා වස්තුව ද ලබන ලදහ. අපට දැන් දශ බලයන් වහන්සේ බැලීමට යෑමට සුදුසු කාලයයි.” යනුවෙන් පැවසූහ. තෙරුන් වහන්සේ ඔවුන්ගේ වචන අසා සිතූ සේක. “මගේ දශවිධ කථා වස්තු ලාභීත්‍වය ශාස්තෲන් වහන්සේ ද දන්නා සේක. මම දහම් දෙසන විට දශවිධ කථා වස්තුවෙන් බැහැර නොවීම ධර්මය දේශනා කරමි. ඉදින් මා බුදුන් වෙත යන්නේ නම් එකල්හි සියලු භික්‍ෂූහු මා පසුපස එති. මෙසේ සමූහ පිරිවරක් ගෙන මගේ දශබලයන් වහන්සේ දැකීමට යෑම නුසුදුසුය. මෙම භික්‍ෂූන් පළමුව ගොස් බුදුහු දකිත්වා”යි යනුවෙනි. මෙසේ සිතා එම භික්‍ෂූන්ට මෙසේ වදාළහ. “ඇවැත්නි, නුඹ වහන්සේලා පළමුව ගොස් තථාගතයන් වහන්සේ බැහැදකිවු. මගේ වචනයෙන් ද උන්වහන්සේගේ ශ්‍රී පාදය වඳිවු. මම ද නුඹලා ගිය මගින්ම පසුව එන්නෙමි” යනුවෙනි. දස බලයන් වහන්සේ උපන් රට වැසියෝ වූ ඒ සියලුම තෙරවරු, සැමදෙනම රහත්වූවාහු, දශකථා වස්තුලාභී වූවාහු තම උපාධ්‍යායන් වහන්සේගේ අවවාදය පිළිගෙන තෙරුන්ට වැඳ රජගහනුවර බලා පිටත් වූහ. එම තෙරවරු අනුපිළිවෙලින් චාරිකාවෙහි හැසිරෙමින් සැට යොදුන් මඟ ගෙවා රජගහනුවර වේළුවනාරාම මහා විහාරයට පැමිණ, දස බලයන් වහන්සේගේ පා වැඳ එකත් පසෙක සිටියහ.

ආචිණ‍්ණං ඛො පනෙතං බුද‍්ධානං භගවන‍්තානං ආගන‍්තුකෙහි භික‍්ඛූහි සද‍්ධිං පටිසම‍්මොදිතුන‍්ති භගවා තෙහි සද‍්ධිං – “කච‍්චි, භික‍්ඛවෙ, ඛමනීය”න‍්තිආදිනා නයෙන මධුරපටිසන්‍ථාරං කත්‍වා “කුතො ච තුම‍්හෙ, භික‍්ඛවෙ, ආගච‍්ඡථා”ති පුච‍්ඡි . අථ තෙහි “ජාතිභූමිතො”ති වුත‍්තෙ “කො නු ඛො, භික‍්ඛවෙ, ජාතිභූමියං ජාතිභූමකානං භික‍්ඛූනං සබ්‍රහ‍්මචාරීනං එවං සම‍්භාවිතො ‘අත‍්තනා ච අප‍්පිච‍්ඡො අප‍්පිච‍්ඡකථඤ‍්ච භික‍්ඛූනං කත‍්තා’”ති (ම· නි· 1.252) දසකථාවත්‍ථුලාභිං භික‍්ඛුං පුච‍්ඡි. තෙපි “පුණ‍්ණො නාම, භන‍්තෙ, ආයස‍්මා මන‍්තාණිපුත‍්තො”ති ආරොචයිංසු. තං කථං සුත්‍වා ආයස‍්මා සාරිපුත‍්තො ථෙරස‍්ස දස‍්සනකාමො අහොසි. අථ සත්‍ථා රාජගහතො සාවත්‍ථිං අගමාසි . පුණ‍්ණත්‍ථෙරොපි දසබලස‍්ස තත්‍ථ ආගතභාවං සුත්‍වා – “සත්‍ථාරං පස‍්සිස‍්සාමී”ති ගන‍්ත්‍වා අන‍්තොගන්‍ධකුටියංයෙව තථාගතං සම‍්පාපුණි. සත්‍ථා තස‍්ස ධම‍්මං දෙසෙසි. ථෙරො ධම‍්මං සුත්‍වා දසබලං වන්‍දිත්‍වා පටිසල‍්ලානත්‍ථාය අන්‍ධවනං ගන‍්ත්‍වා අඤ‍්ඤතරම‍්හි රුක‍්ඛමූලෙ දිවාවිහාරං නිසීදි.

“භාග්‍යවත් වූ බුදුවරයන් වහන්සේලාගේ බොහෝ කලක පටන් පුරුදු කළ සිරිතක් නම් ආගන්තුකව එන භික්‍ෂූන් වහන්සේලා සමඟ පිළිසඳර කථා පැවැත්වීමයි” යන පරිදි භාග්‍යවතුන් වහන්සේ ඒ භික්‍ෂූන් සමඟ “මහණෙනි! නුඹලාට ඉවසිය හැකිද? යැපිය හැකිද?” ආදී වශයෙන් ප්‍රිය වූ අයුරින් පිළිසඳර කථාව කළ සේක. “මහණෙනි! නුඹලා කොහි සිට පැමිණියාහුද? යි විචාළ සේක. උන්වහන්සේලා “ස්වාමීනි, ජාතිභූමියෙහි සිට” යැයි පැවසූහ. එවිට බුදුපියාණන් වහන්සේ, “මහණෙනි! ජාති භූමියෙහි ජාති භූමක වූ සබ්‍රහ්මචාරී භික්‍ෂූන්ගෙන් කවරෙක් නම් තමාද අල්පේච්ඡ වූයේ භික්‍ෂූන්ට ද අල්පේච්ඡබවෙහි ගුණ කියන්නේ වේද? එබඳු කවර භික්‍ෂුවක් නුඹලා විසින් මැනවින් ඇසුරු කරන ලද්දේ ද?” විමසූ සේක. (ම.නි.I රථ විනීත සූත්‍රය) මෙසේ දශවිධ කථාවස්තු ලාභී භික්‍ෂුවක් පිළිබඳ විමසූ විට, ඒ තෙරවරු, “ස්වාමීනි! මන්තානි බැමිණිපුත්‍ර පුණ්ණ ආයුෂ්මතුන් වහන්සේ මෙවැනි හැකියාවලින් පිරිපුන් වූ සේක. අප විසින් උන්වහන්සේ මැනවින් ඇසුරු කරන ලදහ”යි දැනුම් දුන්හ. මෙම කථාව අසා සිටි ආයුෂ්මත් සැරියුත් මහ තෙරණුවෝ පුණ්ණ හිමියන් දකිනු කැමති වූහ. ඉක්බිති ශාස්තෲන් වහන්සේ රජගහ නුවරින් සැවැත් නුවරට වැඩියහ. පුණ්ණ හිමියෝ ද “තථාගතයෝ සැවැත්නුවර වසති” යි අසා දස බලයන් වහන්සේ දකිනු කැමති ව අවුත්, තථාගතයන් වසන ගඳකිළිය තුළට ම පිවිසියහ. ශාස්තෲන් වහන්සේ ද එ හිමියන්ට දහම් දෙසූ සේක. තෙරුන් වහන්සේ ධර්මය අසා, දස බලයන් වහන්සේට වැඳ, විවේකී වාසය සඳහා අන්‍ධවනයට ගොස් එක්තරා රුක් මුලක දිවා විහරණයෙන් හුන්සේක.

සාරිපුත‍්තත්‍ථෙරොපි තස‍්සාගමනං සුත්‍වා සීසානුලොකිකො ගන‍්ත්‍වා ඔකාසං සල‍්ලක‍්ඛෙත්‍වා තං රුක‍්ඛමූලෙ නිසින‍්නං උපසඞ‍්කමිත්‍වා ථෙරෙන සද‍්ධිං සම‍්මොදිත්‍වා, තං සත‍්තවිසුද‍්ධික‍්කමං පුච‍්ඡි. ථෙරොපිස‍්ස පුච‍්ඡිතපුච‍්ඡිතං බ්‍යාකරොන‍්තො රථවිනීතූපමාය චිත‍්තං ආරාධෙසි, තෙ අඤ‍්ඤමඤ‍්ඤස‍්ස සුභාසිතං සමනුමොදිංසු. අථ සත්‍ථා අපරභාගෙ භික‍්ඛුසඞ‍්ඝමජ‍්ඣෙ නිසින‍්නො ථෙරං “එතදග‍්ගං, භික‍්ඛවෙ, මම සාවකානං භික‍්ඛූනං ධම‍්මකථිකානං යදිදං පුණ‍්ණො”ති (අ· නි· 1.188, 196) ධම‍්මකථිකානං අග‍්ගට‍්ඨානෙ ඨපෙසි. සො එකදිවසං අත‍්තනො විමුත‍්තිසම‍්පත‍්තිං පච‍්චවෙක‍්ඛිත්‍වා “සත්‍ථාරං නිස‍්සාය අහඤ‍්චෙව අඤ‍්ඤෙ ච බහූ සත‍්තා සංසාරදුක‍්ඛතො විප‍්පමුත‍්තා, බහූපකාරා වත සප‍්පුරිසසංසෙවා”ති පීතිසොමනස‍්සජාතො උදානවසෙන පීතිවෙගවිස‍්සට‍්ඨං “සබ‍්භිරෙව සමාසෙථා”ති ගාථං අභාසි.

සැරියුත් තෙරණුවෝ ද උන්වහන්සේ පැමිණි බව අසා, මුහුණ දැක බලා ගැනීමේ රිසියෙන් (හිස්කෙළිය බලන සුලුව), අවසර ඇති වේලාවක් සලකා ඒ රුක්මුල වැඩ සිටි පුණ්ණ තෙරුන් වෙත වැඩියහ. පුණ්ණ තෙරුන් සමග පිළිසඳර කථා කොට නිම වූ සැරියුත් තෙරණුවෝ, “සප්ත විශුද්ධි කර්ම” පිළිබඳව පුණ්ණ තෙරුන්ගෙන් විමසූහ. පුණ්ණ තෙරණුවෝ ද ඇසු ඇසූ ප්‍රශ්න විසඳා අවසන, රථ විනීත උපමාවෙන් සැරියුත් තෙරණුවන්ගේ සිත සතුටු කළහ. ඒ රහතන් වහන්සේලා දෙනම ඔවුනොවුන්ගේ යහපත් වචන මැනවින් පිළිගත්හ. සතුටුවූහ. ඉක්බිති ශාස්තෲන් වහන්සේ ඉන්පසු කලෙකදී භික්‍ෂු සංඝයා මැද වැඩ සිටි තෙරුන් දැක “මහණෙනි! මාගේ ශ්‍රාවක වූ ධර්ම කථික භික්‍ෂූන් වහන්සේලා අතරින් මේ පුණ්ණ මන්තානිපුත්‍ර තෙරණුවෝ ම අග්‍රවෙති”යි ධර්ම කථිකයන්ට අග තනතුරෙහි පිහිට වූ සේක. උන්වහන්සේ එක් දිනක් තමාගේ විමුක්ති සුවය සිහිපත් කර බලා, “ශාස්තෲන් වහන්සේ නිසා මම ද අනෙක් බොහෝ සත්ත්‍වයෝ ද සසර දුකින් මිදුණෝය. මේ උතුම් සත්පුරුෂ ආශ්‍රය බොහෝ දෙනාට උපකාරීමය” යනුවෙන් හටගත් ප්‍රීති සොම්නස් ඇති සේක්, තම ප්‍රීති වේගය පළකිරීම් වශයෙන් ප්‍රීති වාක්‍යයක් ලෙස “සබ්භිරෙව සමාසෙථ” යනාදී ගාථාව වදාළහ.

“සබ්භිරෙව සමාසෙථ පණ්ඩිතෙ හත්‍ථ දස්සිහි, අත්‍ථං මහන්තං ගම්භීරං දුද්දසං නිපුණං අණුං, ධීරා සමධිගච්ඡන්තී අප්පමත්තා විචක්ඛණා”

“ඉත්‍ථං සුදං ආයස්මා පුණ්ණො මහන්තාණිපුත්තො ථෙරො ගාථං අභාසිත්‍ථා”ති. “ප්‍රාඥ වූ යථාර්ථ ධර්මයන් දක්නා වූ සත්පුරුෂයන් සමගම එක් වවු. අප්‍රමාද වූ විචක්‍ෂණ වූ ප්‍රාඥයෝ, මහත් වූ ගැඹුරු වූ දුකසේ දත යුතු වූ නිපුණ වූ සියුම් වූ අර්ථය අවබෝධ කර ගනිති.”

මෙසේ මේ ගාථාව ආයුෂ්මත් මන්තානිපුත්‍ර පුණ්ණ තෙරුහු වදාළහ.

තත්‍ථ සබ‍්භිරෙවාති සප‍්පුරිසෙහි එව. සන‍්තොති පනෙත්‍ථ බුද‍්ධාදයො අරියා අධිප‍්පෙතා. තෙ හි අනවසෙසතො අසතං ධම‍්මං පහාය සද‍්ධම‍්මෙ උක‍්කංසගතත‍්තා සාතිසයං පසංසියත‍්තා ච විසෙසතො “සන‍්තො සප‍්පුරිසා”ති ච වුච‍්චන‍්ති. සමාසෙථාති සමං ආසෙථ සහ වසෙය්‍ය. තෙ පයිරුපාසන‍්තො තෙසං සුස‍්සූසන‍්තො දිට‍්ඨානුගතිඤ‍්ච ආපජ‍්ජන‍්තො සමානවාසො භවෙය්‍යාති අත්‍ථො. පණ‍්ඩිතෙහත්‍ථදස‍්සිභීති තෙසං ථොමනා. පණ‍්ඩා වුච‍්චති පඤ‍්ඤා, සා ඉමෙසං සඤ‍්ජාතාති පණ‍්ඩිතා. තතො එව අත‍්තත්‍ථාදිභෙදං අත්‍ථං අවිපරීතතො පස‍්සන‍්තීති අත්‍ථදස‍්සිනො. තෙහි පණ‍්ඩිතෙහි අත්‍ථදස‍්සීභි සමාසෙථ. කස‍්මාති චෙ? යස‍්මා තෙ සන‍්තො පණ‍්ඩිතා, තෙ වා සම‍්මා සෙවන‍්තා එකන‍්තහිතභාවතො මග‍්ගඤාණාදීහෙව අරණීයතො අත්‍ථං, මහාගුණතාය සන‍්තතාය ච මහන‍්තං, අගාධභාවතො ගම‍්භීරඤාණගොචරතො ච ගම‍්භීරං, හීනච‍්ඡන්‍දාදීහි දට‍්ඨුං අසක‍්කුණෙය්‍යත‍්තා ඉතරෙහි ච කිච‍්ඡෙන දට‍්ඨබ‍්බත‍්තා දුද‍්දසං , දුද‍්දසත‍්තා සණ‍්හනිපුණසභාවත‍්තා නිපුණඤාණගොචරතො ච නිපුණං, නිපුණත‍්තා එවං සුඛුමසභාවතාය අණුං නිබ‍්බානං, අවිපරීතට‍්ඨෙන වා පරමත්‍ථසභාවත‍්තා අත්‍ථං, අරියභාවකරත‍්තා මහත‍්තනිමිත‍්තතාය මහන‍්තං, අනුත‍්තානසභාවතාය ගම‍්භීරං, දුක‍්ඛෙන දට‍්ඨබ‍්බං න සුඛෙන දට‍්ඨුං සක‍්කාති දුද‍්දසං, ගම‍්භීරත‍්තා දුද‍්දසං, දුද‍්දසත‍්තා ගම‍්භීරන‍්ති චතුසච‍්චං, විසෙසතො නිපුණං අණුං, නිරොධසච‍්චන‍්ති එවමෙතං චතුසච‍්චං ධීරා සමධිගච‍්ඡන‍්ති ධිතිසම‍්පන‍්නතාය ධීරා චතුසච‍්චකම‍්මට‍්ඨානභාවනං උස‍්සුක‍්කාපෙත්‍වා සම‍්මදෙව අධිගච‍්ඡන‍්ති. අප‍්පමත‍්තාති සබ‍්බත්‍ථ සතිඅවිප‍්පවාසෙන අප‍්පමාදපටිපත‍්තිං පූරෙන‍්තා. විචක‍්ඛණාති විපස‍්සනාභාවනාය ඡෙකා කුසලා. තස‍්මා සබ‍්භිරෙව සමාසෙථාති යොජනා. පණ‍්ඩිතෙහත්‍ථදස‍්සිභීති වා එතං නිස‍්සක‍්කවචනං. යස‍්මා පණ‍්ඩිතෙහි අත්‍ථදස‍්සීභි සමුදායභූතෙහි ධීරා අප‍්පමත‍්තා විචක‍්ඛණා මහන‍්තාදිවිසෙසවන‍්තං අත්‍ථං සමධිගච‍්ඡන‍්ති, තස‍්මා තාදිසෙහි සබ‍්භිරෙව සමාසෙථාති සම‍්බන්‍ධො. එවමෙසා ථෙරස‍්ස පටිවෙධදීපනෙන අඤ‍්ඤාබ්‍යාකරණගාථාපි අහොසීති.

එහි “සබ්භිරෙව” යනු සත්පුරුෂයන් සමගම, සත්පුරුෂයෝ යැයි මෙහිදී බුද්ධාදී ආර්යයන් වහන්සේලා ම අදහස් කරන ලදි. එම ආර්යයෝ මුළුමනින්ම අසත්පුරුෂ ධර්ම දුරු කළාහුය. සත් ධර්මයෙහි ඉහළටම ගිය බැවින් ද අතිශයින් ප්‍රශස්ත වූ බැවින් ද විශේෂයෙන් “ශාන්තයෝ ය”, “සත්පුරුෂයෝ ය” යි පවසති. “සමාසෙථ” යනු මනාව සේවනය කරවු, එක්ව වාසය කරවු, එම ආර්යයන් වහන්සේලා ඇසුරු කරමින්, ඔවුන්ගේ වචන අවවාද අසමින් දුටු දේ අනුව යෑමෙන් ද (දිට්ඨානුගිතයෙන්) එක්ව විසීම වන්නේ ය යන අර්ථයයි. “පණ්ඩිතෙ හත්‍ථ දස්සිහී” යනුවෙන් ඒ උතුමන්ගේ ගුණ දක්වයි. පසසයි. “පණ්ඩා” යනු ප්‍රඥාවයි. “ප්‍රඥාව මොවුන්ට උපන්නේය” යන අරුතින් “පණිඩිතා” නම් වේ. එසේම අර්ථාදී භේදය ද අර්ථ විපරීත නොකොට දක්නා වූ ශක්තිය ද ඇතැයි “අත්‍ථ දස්සිනො” නම් වේ. ඒ පඬිවරුන්, අර්ථ දකින්නවුන් ඇසුරු කරවු. ඒ කුමක් සඳහා ද? “ඒ ශාන්ත වූ පණ්ඩිතයෝ මැනවින් ආශ්‍රය කිරීමෙන්, ඒකාන්තයෙන්ම යහපතක් වන්නේය. මාර්ග ඤාණාදියෙන්ම යුක්තව, කෙලෙස් බැහැර කරමින් වෙසේනුයි “අත්‍ථං” අර්ථවත් වූ, මහත් වූ ගුණ ඇති බැවින් ද ශාන්ත වූ බැවින්ද “මහන්තං” මහත් වූ ගැඹුරු බැවින් ද ගැඹුරු ඥානයන්ට ගෝචර වූ බැවින් ද හීන වූ “ඡන්දා” දී අසත් ධර්ම දැකීමටවත් නොහැකි වූ බැවින් ද “ගම්භීරං” ගැඹුරු වූ එසේම සෙසු කටයුතු වලින් දැකිය යුතු බැවින්, දුකසේ දැකීම් ඇති බැවින් “දුද්දසං” වේ. තියුණු වූ නුවණැති ස්වභාවයෙන් ද දක්‍ෂ වූ ඤාණයටම ගෝචර වන බැවින් ද “නිපුණං” නිපුණ වූ නිපුණ-දක්‍ෂ වූ බැවින් ද සූක්‍ෂම ස්වභාවයෙන් ද “අණුං” සියුම් වූ නිර්වාණය නොවෙනස්වන හා පරමාර්ථ ස්වභාවය නිසා ඉතා සූක්‍ෂම වේ. ආර්යභාවය (උතුම් බවට පත්වීම) සිදු කරන බැවින් අර්ථවත් වූ (අත්‍ථං), මහත් වූ නිමිති ගන්නා බැවින් මහත් වූ (මහන්තං), අප්‍රකට-ගැඹුරු ස්වභාවය ඇති බැවින් ගැඹුරු වූ (ගම්භීරං), දුක්විඳ මහන්සියෙන් ම දතයුතු බැවින් හා සැපසේ නොදැකිය හැකි බැවින් දුකසේ දතයුතු වූ (දුද්දසං), ගැඹුරු බැවින් ද දුකසේ දත යුතුය. දුකසේ දතයුතු හා ගැඹුරු වූ චතුරාර්ය සත්‍යය විශේෂයෙන් ම දැකීමට දක්‍ෂවූ - නිපුණවූ (නිපුණං) නිරෝධ සත්‍යය සියුම්ව දැකීම වේ. (අණුං) මේ අයුරින් නුවණැත්තෝ චතුරාර්ය සත්‍යයම අවබෝධ කරගනිති. “ධීරා” යන ධීරයෝ නම් ධෛර්යයෙන් (ධිති) යුක්ත වූවෝය. චතුරාර්ය සත්‍යය පිළිබඳ කමටහන් භාවනාව වඩා මැනවින් එය අවබෝධ කර ගනිති, අප්‍රමාදීව සැමතැන්හිම සිහිය උපදවා අප්‍රමාදී පිළිවෙත පුරති. මොවුහු ධීරයෝ නම් වෙත්. “විචක්ඛණා” යනු විදර්ශනා භාවනාවෙහි දක්‍ෂයෝ ය. කුසලයෝ ය. එනිසා “සත්පුරුෂයන් ම ඇසුරු කරවු” යනු පද පිළිවෙලයි. “පණ්ඩිතෙහත්‍ථදස්සිහී” යනු පංචමී අර්ථයේ වචනයකි. පණ්ඩිත වූ අර්ථ දක්නාවූ ආර්ය සම්ප්‍රදාවට අයත් වූවන් සමග එක් වූ ධීරයෝ, මහත් බව ආදී ගුණ ඇති අර්ථය අවබෝධ කර ගැනීමට හැකිවේද, එබඳු වූ සත් පුරුෂයන් ම ඇසුරු කළ යුතු යැයි සම්බන්ධය දක්වයි. මෙසේ මේ පුණ්ණ තෙරුන්ගේ ද අවබෝධය ප්‍රකට කරන, රහත් බව පළ කරන ගාථාව ප්‍රකාශ වී යැයි දත යුතුයි.

පුණ‍්ණත්‍ථෙරගාථාවණ‍්ණනා නිට‍්ඨිතා.

පුණ්ණ මන්තානිපුත්ත ථේරගාථා වර්ණනාව නිමියේය.