යෙදුමෙන් කියවන්න

කඞ‍්ඛාරෙවතත්‍ථෙරගාථාවණ‍්ණනා අට‍්ඨකථා

කඞ‍්ඛාරෙවතත්‍ථෙරගාථාවණ‍්ණනා

කඞ්ඛාරේවත ස්ථවිරගාථා වර්ණනාව

පඤ‍්ඤං ඉමං පස‍්සාති ආයස‍්මතො කඞ‍්ඛාරෙවතස‍්ස ගාථා. කා උප‍්පත‍්ති? අයම‍්පි ථෙරො පදුමුත‍්තරභගවතො කාලෙ හංසවතීනගරෙ බ්‍රාහ‍්මණමහාසාලකුලෙ නිබ‍්බත‍්තො. එකදිවසං බුද‍්ධානං ධම‍්මදෙසනාකාලෙ හෙට‍්ඨා වුත‍්තනයෙන මහාජනෙන සද‍්ධිං විහාරං ගන‍්ත්‍වා පරිසපරියන‍්තෙ ඨිතො ධම‍්මං සුණන‍්තො සත්‍ථාරං එකං භික‍්ඛුං ඣානාභිරතානං අග‍්ගට‍්ඨානෙ ඨපෙන‍්තං දිස‍්වා “මයාපි අනාගතෙ එවරූපෙන භවිතුං වට‍්ටතී”ති චින‍්තෙත්‍වා දෙසනාවසානෙ සත්‍ථාරං නිමන‍්තෙත්‍වා හෙට‍්ඨා වුත‍්තනයෙන මහාසක‍්කාරං කත්‍වා භගවන‍්තං ආහ – “භන‍්තෙ, අහං ඉමිනා අධිකාරකම‍්මෙන අඤ‍්ඤං සම‍්පත‍්තිං න පත්‍ථෙමි, යථා පන සො භික‍්ඛු තුම‍්හෙහි ඉතො සත‍්තමදිවසමත්‍ථකෙ ඣායීනං අග‍්ගට‍්ඨානෙ ඨපිතො, එවං අහම‍්පි අනාගතෙ එකස‍්ස බුද‍්ධස‍්ස සාසනෙ ඣායීනං අග‍්ගො භවෙය්‍ය”න‍්ති පත්‍ථනමකාසි. සත්‍ථා අනාගතං ඔලොකෙත්‍වා නිප‍්ඵජ‍්ජනභාවං දිස‍්වා “අනාගතෙ කප‍්පසතසහස‍්සාවසානෙ ගොතමො නාම බුද‍්ධො උප‍්පජ‍්ජිස‍්සති, තස‍්ස සාසනෙ ත්‍වං ඣායීනං අග‍්ගො භවිස‍්සසී”ති බ්‍යාකරිත්‍වා පක‍්කාමි.

“පඤ්ඤං ඉමං පස්ස” යනු ආයුෂ්මත් කංඛාරේවත තෙරුන්ගේ ගාථාවයි. මේ ගාථාවෙහි උප්පත්තිය කෙසේද? මෙම තෙරුන් වහන්සේ ද පදුමුත්තර භාග්‍යවතුන් වහන්සේ පහළ වූ සමයෙහි හංසවතී නුවර බමුණු මහසල් කුලයක ඉපදුණහ. එක් දිනක් බුදුරජාණන් වහන්සේගේ ධර්ම දේශනාව ඇසීමට ඉහත කථා පුවත්පත් පැවසූ පරිදිම, මෙම බමුණා ද මහජනයා සමග විහාරයට ගොස්, පිරිස් කෙළවර හිඳ බණ ඇසුවේය. ශාස්තෲන් වහන්සේ එක් භික්‍ෂුවක් ධ්‍යානයන්හි ඇලුණු භික්‍ෂූන් අතුරින් අග තනතුරෙහි තබනු දුටු ඔහු “මම ද අනාගතයේ මෙවැනිම තනතුරක් ලැබීම සුදුසු”යි සිතා දේශනාව අවසන්හි ශාස්තෲන් වහන්සේට හෙට දින දානය සඳහා ඇරයුම් කළේය. පෙර කී පරිදිම මහත් සත්කාර කිරීමෙන් අනතුරුව භාග්‍යවතුන් වහන්සේට වැඳ මෙසේ පවසමින්, “ස්වාමීනි, මම මේ මහා පින්කම සිදු කිරීමෙන් අනික් කිසිදු සම්පත්තියක් නොපතමි. මින් සත් දිනකට පෙර, නුඹ වහන්සේ විසින් අගතනතුරෙහි පිහිට වූ භික්‍ෂුව මෙන් මම ද අනාගත බුදුවරයන් වහන්සේ කෙනෙකු හමුවේදී ධ්‍යානලාභී භික්‍ෂූන් වහන්සේලා අතුරින් අග්‍ර වන්නේ නම් මැනවි” යි ප්‍රාර්ථනා කළේය. ශාස්තෲන් වහන්සේ අනාගතය බලා, එම පැතුම ඉටුවන බව දුටු සේක්,” අනාගතයේ මින් කල්ප ලක්‍ෂයක් ගිය තැන ගෞතම නම් බුදුරජාණන් වහන්සේ ලොව උපදින සේක. උන්වහන්සේගේ සසුනෙහි ධ්‍යානලාභීන් අතුරින් නුඹ අග්‍ර වන්නේයැ”යි විවරණ දී විහාරයට වැඩි සේක.

සො යාවජීවං කල්‍යාණකම‍්මං කත්‍වා කප‍්පසතසහස‍්සං දෙවමනුස‍්සෙසු සංසරිත්‍වා අම‍්හාකං භගවතො කාලෙ සාවත්‍ථිනගරෙ මහාභොගකුලෙ නිබ‍්බත‍්තො පච‍්ඡාභත‍්තං ධම‍්මස‍්සවනත්‍ථං ගච‍්ඡන‍්තෙන මහාජනෙන සද‍්ධිං විහාරං ගන‍්ත්‍වා පරිසපරියන‍්තෙ ඨිතො දසබලස‍්ස ධම‍්මකථං සුත්‍වා පටිලද‍්ධසද‍්ධො පබ‍්බජිත්‍වා උපසම‍්පදං ලභිත්‍වා කම‍්මට‍්ඨානං කථාපෙත්‍වා ඣානපරිකම‍්මං කරොන‍්තො ඣානලාභී හුත්‍වා ඣානං පාදකං කත්‍වා අරහත‍්තං පාපුණි. සො යෙභුය්‍යෙන දසබලෙන සමාපජ‍්ජිතබ‍්බසමාපත‍්තිං සමාපජ‍්ජන‍්තො අහොරත‍්තං ඣානෙසු චිණ‍්ණවසී අහොසි. අථ නං සත්‍ථා “එතදග‍්ගං, භික‍්ඛවෙ, මම සාවකානං භික‍්ඛූනං ඣායීනං යදිදං කඞ‍්ඛාරෙවතො”ති (අ· නි· 1.198, 204) ඣායීනං අග‍්ගට‍්ඨානෙ ඨපෙසි. වුත‍්තම‍්පි චෙතං අපදානෙ (අප· ථෙර 2.55.34-53) –

ඒ බමුණා දිවිතාක් කුසල දහම් වඩා කල්ප ලක්‍ෂයක් දෙව් මිනිසුන් අතර සැරි සරා අපගේ භාග්‍යවතුන් වහන්සේ ලොව පහළ වූ කල්හි සැවැත් නුවර එක් මහා සැප සම්පත් ඇති පවුලක උපන්නේය. දිනක් ඔහු පසු බත් කල බණ ඇසීමට යන මහජනයා සමග විහාරයට ගොස් පිරිස් කෙළවර සිට, දස බලයන් වහන්සේගේ දහම් කථාව අසා තබන ලද ශ්‍රද්ධා ඇතිව, පැවිදිව උපසපන් බව ලැබීය. කමටහන් ගෙන ධ්‍යාන පරිකර්ම කරනුයේ ධ්‍යානලාභීව එම ධ්‍යානය ම පාදක කරගෙන රහත් බවට පත්වූ උන්වහන්සේ, බොහෝ සෙයින් දස බලයන් වහන්සේ විසින් සමවැදිය යුතු සමාපත්තිවලට සමවදිමින් දිවා රෑ සෑම වේලාවෙහිම ධ්‍යානයන් පුරුදු කරන ලදුව ඒ පිළිබඳ වශීකරණභාවයට (නිපුණතාවයට) පැමිණියහ. ඉක්බිති ශාස්තෲන් වහන්සේ “මහණෙනි! මගේ ශ්‍රාවක භික්‍ෂූන්ගෙන් ධ්‍යානලාභීන් අතරින් මේ කඞ්ඛාරේවත තෙරණුවෝම අග්‍රවෙති”යි උන්වහන්සේ ධ්‍යානලාභීන් අතුරින් අග තනතුරෙහි තැබූ සේක. මෙය අපදානයේ මේ අයුරින් විස්තර වේ. අපදාන පාළියේ පාළි ගාථාවෙන් ඇති එම විස්තරයේ සිංහලාර්ථය මෙසේය. (අපදාන කඞ්ඛාරේවත ත්‍ථෙරාපදානය)

“පදුමුත‍්තරො නාම ජිනො, සබ‍්බධම‍්මෙසු චක‍්ඛුමා; ඉතො සතසහස‍්සම‍්හි, කප‍්පෙ උප‍්පජ‍්ජි නායකො.

“මෙයින් කල්ප ලක්‍ෂයකට පෙර, සියලු ධර්මයන් පිළිබඳ විනිවිද දකින නුවණැස් ඇති ලෝකනායක වූ පදුමුත්තර බුදුරජාණන් වහන්සේ ලොව පහළ වූ සේක.

“සීහහනු බ්‍රහ‍්මගිරො, හංසදුන්‍දුභිනිස‍්සනො; නාගවික‍්කන‍්තගමනො, චන්‍දසූරාධිකප‍්පභො.

උන්වහන්සේට සිංහයෙකුගේ බඳු පිරුණු හණු ඇත්තේය. අට අංගයන්ගෙන් සමන්විත බ්‍රහ්ම ස්වර ඇති උන්වහන්සේට හංස බෙර හඬ වූ හඬක් ඇත්තේය. හස්තියෙකුගේ ගමනට බඳු ගමන් විලාස ඇත්තේය. සඳහිරු දෙනෙතට වඩා බබළන පැහැ ඇති සේක.

“මහාමති මහාවීරො, මහාඣායී මහාබලො; මහාකාරුණිකො නාථො, මහාතමපනූදනො.

උන්වහන්සේ මහ නුවණැති සේක. මහාවීර්යවන්ත වූ සේක. මහත් ධ්‍යාන ඇති සේක. මහත් වූ බල ඇති සේක. මහාකාරුණිකයහ. අනාථයනට නාථ වන සේක. මහත් වූ මෝහාන්‍ධකාරය නසන සේක.

“ස කදාචි තිලොකග‍්ගො, වෙනෙය්‍යං විනයං බහුං; ධම‍්මං දෙසෙසි සම‍්බුද‍්ධො, සත‍්තාසයවිදූ මුනි.

සත්ත්‍වයන්ගේ ආසයානුශය දන්නා වූ, තුන් ලොවට අග්‍ර වූ මොනෙය්‍ය ගුණයෙන් පිරුණු ඒ සම්බුදුරජාණන් වහන්සේ කිසි කලෙක බොහෝ හික්මෙන ජනයා, හික්මවමින් දහම් දෙසූ සේක.

“ඣායිං ඣානරතං වීරං, උපසන‍්තං අනාවිලං; වණ‍්ණයන‍්තො පරිසතිං, තොසෙසි ජනතං ජිනො.

ඒ බුදුරජ ධ්‍යාන කරන සුලු වූ ධ්‍යානයෙහි ඇලුනා වූ උපශාන්ත වූ නොකැළඹුනා වූ වීර වූ ශ්‍රාවකයෙකු පිරිස් මැදදී ධ්‍යානලාභීන්ට අග්‍ර යැයි වර්ණනා කරමින් ජන සමූහයා සතුටු කළ සේක.” (6056-6060)

“තදාහං හංසවතියං, බ්‍රාහ‍්මණො වෙදපාරගූ; ධම‍්මං සුත්‍වාන මුදිතො, තං ඨානමභිපත්‍ථයිං.

“එකල මම හංසවතී නුවර උපන් වේද පාරගත බමුණෙක් වීමි. එම ධර්ම දේශනාව අසා සතුටු වූ මම එම අගතනතුරම පැතුවෙමි.

“තදා ජිනො වියාකාසි, සඞ‍්ඝමජ‍්ඣෙ විනායකො; මුදිතො හොහි ත්‍වං බ්‍රහ‍්මෙ, ලච‍්ඡසෙ තං මනොරථං.

එවිට විශිෂ්ට නායක වූ බුදුරජාණන් වහන්සේ සඟමැද වැඩ හිඳ, “බමුණ, නුඹ සතුටුවන්නෙහිය. නුඹගේ ප්‍රාර්ථනාව ඉටු වන්නේය”යි වදාළ සේක.

“සතසහස‍්සිතො කප‍්පෙ, ඔක‍්කාකකුලසම‍්භවො; ගොතමො නාම ගොත‍්තෙන, සත්‍ථා ලොකෙ භවිස‍්සති.

“මෙයින් කල්ප ලක්‍ෂයකට පසුව ඔක්කාක කුලයේ උපදින, නමින් “ගෞතම” නම් වූ ශාස්තෲන් වහන්සේ ලොව පහළ වූ කල්හි උන්වහන්සේගේ ධර්ම දායාද කරගත්, ධර්මයෙන් නිර්මිත වූවක් වැනි ඖරස පුත්‍ර “රේවත” නම් වූ ශ්‍රාවකයා වනුයේ නුඹයි.” (මෙසේ වදාරා බුදුපියාණන් වහන්සේ වැඩි සේක.)

“තස‍්ස ධම‍්මෙසු දායාදො, ඔරසො ධම‍්මනිම‍්මිතො; රෙවතො නාම නාමෙන, හෙස‍්සති සත්‍ථු සාවකො.

“තෙන කම‍්මෙන සුකතෙන, චෙතනාපණිධීහි ච; ජහිත්‍වා මානුසං දෙහං, තාවතිංසමගච‍්ඡහං.

මනාව රැස් කරන ලද පුණ්‍ය සම්භාර ධර්මය ද උසස් ප්‍රාර්ථනාව ද නිසා මම මිනිස් සිරුර හැර දමා තව්තිසාවෙහි ඉපදුනෙමි.

“පච‍්ඡිමෙ ච භවෙ දානි, ජාතොහං කොලියෙ පුරෙ; ඛත‍්තියෙ කුලසම‍්පන‍්නෙ, ඉද‍්ධෙ ඵීතෙ මහද‍්ධනෙ.

අවසන් භාවයට පැමිණි මම කෝලිය නගරයේ කුලවත් වූ සමෘද්ධ වූ සම්පූර්ණ වූ මහත් ධන ඇති ක්‍ෂත්‍රිය වංශයෙහි උපන්නෙමි.

“යදා කපිලවත්‍ථුස‍්මිං, බුද‍්ධො ධම‍්මමදෙසයි; තදා පසන‍්නො සුගතෙ, පබ‍්බජිං අනගාරියං.

බුදුරජාණන් වහන්සේ කපිලවස්තු නගරයට වැඩම කර දම්දෙසූ අවස්ථාවෙහි උන්වහන්සේ කෙරෙහි පැහැදුනු මම අනගාරික නම් වූ පැවිද්දට පැමිණියෙමි.

“කඞ‍්ඛා මෙ බහුලා ආසි, කප‍්පාකප‍්පෙ තහිං තහිං; සබ‍්බං තං විනයී බුද‍්ධො, දෙසෙත්‍වා ධම‍්මමුත‍්තමං.

ඒ ඒ තැන්වල කැප, අකැප දෙය පිළිබඳව පැවති මාගේ බලවත් සැකය දහම් දෙසීම මගින් බුදුරජාණන් වහන්සේ දුරු කළ සේක.” (6061-6068)

“තතොහං තිණ‍්ණසංසාරො, තදා ඣානසුඛෙ රතො; විහරාමි තදා බුද‍්ධො, මං දිස‍්වා එතදබ්‍රවි.

“අනතුරුව මම තරණය කළ සංසාර සාගරය ඇතිව, සැම කල්හි ධ්‍යාන සුවයෙහිම ඇලී වාසය කළෙමි. මෙසේ වසන මා දුටු බුදුපියාණන් වහන්සේ මෙසේ වදාළ සේක.

“යා කාචි කඞ‍්ඛා ඉධ වා හුරං වා, සවෙදියා වා පරවෙදියා වා; යෙ ඣායිනො තා පජහන‍්ති සබ‍්බා, ආතාපිනො බ්‍රහ‍්මචරියං චරන‍්තා.

“ධ්‍යාන කරන්නා වූ කෙලෙස් තවන වීර්යය ඇත්තා වූ බඹසරහි හැසිරෙන්නා වූ පුද්ගලයා; මෙලොව හෝ පරලොව හෝ පිළිබඳ ඇතිවන සැක සංකා සියල්ලම තමන්ගේම හෝ අනුන්ගේ නුවණින් දුරු කරන්නේමය.”

“සතසහස‍්සෙ කතං කම‍්මං, ඵලං දස‍්සෙසි මෙ ඉධ; සුමුත‍්තො සරවෙගොව, කිලෙසෙ ඣාපයිං මම.

මෙයින් කල්ප ලක්‍ෂයකට පෙර කරන ලද මාගේ කර්මයෙහි විපාක මෙහිදී දැක්විණි. දුන්නෙන් මනාව මිදීගිය හී සැරයක් මෙන් මාගේ සියලු කෙලෙස් දැවී ගියේය.

“තතො ඣානරත‍්තං දිස‍්වා, බුද‍්ධො ලොකන‍්තගූ මුනි; ඣායීනං භික‍්ඛූනං අග‍්ගො, පඤ‍්ඤාපෙසි මහාමති.

ඉක්බිති ලෝකාන්තයට ගිය, මොනෙය්‍ය ගුණ මහිමයෙන් පිරුණු, මහ නුවණැති බුදුරජාණන් වහන්සේ ධ්‍යානයේ ඇලුණු මා දැක ධ්‍යාන වඩන භික්‍ෂූන් අතුරින් අග්‍රස්ථානයෙහි තැබූ සේක.

“කිලෙසා ඣාපිතා මය‍්හං, භවා සබ‍්බෙ සමූහතා; නාගොව බන්‍ධනං ඡෙත්‍වා, විහරාමි අනාසවො.

මවිසින් සියලු ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත් රජෙකු මෙන් බැඳුම් සිඳ දමා, ආශ්‍රව රහිතව වෙසෙමි.

“ස‍්වාගතං වත මෙ ආසි, මම බුද‍්ධස‍්ස සන‍්තිකෙ; තිස‍්සො විජ‍්ජා අනුප‍්පත‍්තා, කතං බුද‍්ධස‍්ස සාසනං.

බුදුරජාණන් වහන්සේ වෙතට පැමිණීම ඒකාන්තයෙන් යහපත් වූයේමය. ත්‍රිවිද්‍යා අවබෝධ කළෙමි. බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව ඉටු කළෙමි. නිමා කළෙමි.

“පටිසම‍්භිදා චතස‍්සො, විමොක‍්ඛාපි ච අට‍්ඨිමෙ; ඡළභිඤ‍්ඤා සච‍්ඡිකතා, කතං බුද‍්ධස‍්ස සාසන”න‍්ති.

සිවුපිළිසිඹියාවෝ ද අටවැදෑරුම් විමෝක්‍ෂයෝද ෂඩ් අභිඥාවෝ ද සාක්‍ෂාත් කරන ලද්දෙමි. බුදුරජාණන් වහන්සේගේ සසුන කරන ලද්දෙමි. (6069-6075)

තථා කතකිච‍්චො පනායං මහාථෙරො පුබ‍්බෙ දීඝරත‍්තං අත‍්තනො කඞ‍්ඛාපකතචිත‍්තතං ඉදානි සබ‍්බසො විගතකඞ‍්ඛතඤ‍්ච පච‍්චවෙක‍්ඛිත්‍වා “අහො නූන මය‍්හං සත්‍ථුනො දෙසනානුභාවො, තෙනෙතරහි එවං විගතකඞ‍්ඛො අජ‍්ඣත‍්තං වූපසන‍්තචිත‍්තො ජාතො”ති සඤ‍්ජාතබහුමානො භගවතො පඤ‍්ඤං පසංසන‍්තො “පඤ‍්ඤං ඉමං පස‍්සා”ති ඉමං ගාථමාහ.

මෙලෙස කොට නිම වූ කටයුතු ඇති මේ මහතෙරුන් වහන්සේ; පෙර බොහෝ කාලයක් තමා තුළ වූ සැකයෙන් පීඩිත සිත, දැන් සියලුම ආකාරයෙන් දුරු කරන ලද සැක ඇත්තෙකැයි නුවණින් විමසා බලා; “අහෝ ඒකාන්තයෙන් මාගේ ශාස්තෲන් වහන්සේගේ දේශානුභාවය පුදුම සහගතය. එම ආනුභාවය නිසාම මම දැන් දුරු වූ සැක ඇතිව අධ්‍යාත්මය සංසිඳුවාගෙන සන්සුන් සිතැත්තේ වෙමි.” යනාදී ලෙස භාග්‍යවතුන් වහන්සේගේ ප්‍රඥාව පිළිබඳ හටගත් බුහුමන් (ගෞරව) ඇතිව, ඊට ප්‍රශංසා කරමින් “පඤ්ඤං ඉමං පස්ස” යනාදී මේ ගාථාව වදාළහ.

“පඤ්ඤං ඉමං පස්ස තථාගතානං - අග්ගි යථා පජ්ජලිතො නීසීථෙ අලෝකදා චක්ඛුදදා භවන්ති - යෙ ආගතානං විනයන්ති කංඛං”තී

“යම් කෙනෙක් තමන් වෙත පැමිණි ජනයාගේ සැක දුරලත් ද ඥානාලෝකය ලබා දෙන්නේ ද පැණැස දෙන්නේ ද මධ්‍යම රාත්‍රියේ ඇවිලෙන ගින්නක් වැනි වූ ඒ තථාගතවරුන්ගේ මේ ප්‍රඥා මහිමය බලනු මැනවි.”

තත්‍ථ පඤ‍්ඤන‍්ති පකාරෙ ජානාති, පකාරෙහි ඤාපෙතීති ච පඤ‍්ඤා. වෙනෙය්‍යානං ආසයානුසයචරියාධිමුත‍්තිආදිප‍්පකාරෙ ධම‍්මානං කුසලාදිකෙ ඛන්‍ධාදිකෙ ච දෙසෙතබ‍්බප‍්පකාරෙ ජානාති, යථාසභාවතො පටිවිජ‍්ඣති, තෙහි ච පකාරෙහි ඤාපෙතීති අත්‍ථො. සත්‍ථු දෙසනාඤාණඤ‍්හි ඉධාධිප‍්පෙතං, තෙනාහ “ඉම”න‍්ති. තඤ‍්හි අත‍්තනි සිද‍්ධෙන දෙසනාබලෙන නයග‍්ගාහතො පච‍්චක‍්ඛං විය උපට‍්ඨිතං ගහෙත්‍වා “ඉම”න‍්ති වුත‍්තං. යදග‍්ගෙන වා සත්‍ථු දෙසනාඤාණං සාවකෙහි නයතො ගය‍්හති, තදග‍්ගෙන අත‍්තනො විසයෙ පටිවෙධඤාණම‍්පි නයතො ගය‍්හතෙව. තෙනාහ ආයස‍්මා ධම‍්මසෙනාපති – “අපිච මෙ, භන‍්තෙ, ධම‍්මන්‍වයො විදිතො”ති (දී· නි· 2.146; 3.143). පස‍්සාති විම‍්හයප‍්පත‍්තො අනියමතො ආලපති අත‍්තනොයෙව වා චිත‍්තං, යථාහ භගවා උදානෙන‍්තො – “ලොකමිමං පස‍්ස; පුථූ අවිජ‍්ජාය පරෙතං භූතං භූතරතං භවා අපරිමුත‍්ත”න‍්ති (උදා· 30).

මෙහි “පඤ්ඤා” යනු ප්‍රඥාවයි. “ආකාරයෙන් දනියි” (පකාරෙහි ජානාති) “ආකාරයෙන් දැනුම් දෙයි” (පකාරෙහි ඤාපෙති) යන අරුතින් ‘ප්‍රඥා’ නම් වේ. හික්මවිය යුතු ජනයාගේ සිතුම් පැතුම් චර්යාධිමුක්ති ආදිය පිළිබඳ ආකාරය ද කුසලාදී වූ ද ස්කන්‍ධාදි වූ ද ධර්මයන් දෙසිය යුතු ආකාරය ද දනියි. “යථා ස්වභාවය වශයෙන් අවබෝධ කරන්නේ ද ඒ ආකාරයෙන්ම දැනුම් දෙයි.” යන අර්ථයයි. ශාස්තෲන් වහන්සේගේ දේශන ඤාණය මෙහිදී අදහස් කරන ලදි. එනිසා “ඉමං” යනුවෙන් කියන ලදි. එහි වනාහි තමා කෙරෙහි සිදු වූ දේශනා බලයෙන්, ප්‍රත්‍යක්‍ෂයෙන් න්‍යාය ගන්නාක් මෙන් පැමිණ සිටි ඒ උතුම් බුදු නුවණ ගෙන “ඉමං” (මේ) යැයි කියන ලදි. යම් තැනක පටන් ශ්‍රාවකයන් විසින් ශාස්තෲන් වහන්සේගේ දේශනා ඥානය න්‍යාය වශයෙන් ගනු ලැබේද; එතැන් පටන් තමාගේ විෂයෙහි පවතින ප්‍රතිවේධ ඥානය ද න්‍යාය වශයෙන් ගන්නා ලද්දේමය. එනිසා ආයුෂ්මත් ධර්ම සෙනාපති සැරියුත් තෙරණුවෝ මෙසේ වදාළහ. “ස්වාමීනි, මවිසින් ද දහම් පිළිවෙල දැන ගන්නා ලද්දෙමි.” “පස්ස” යනු අනියම් වශයෙන් විශ්මයට පැමිණීමකි. තමාගේ සිතට ම මෙසේ ආමන්ත්‍රණය කරයි. භාග්‍යවතුන් වහන්සේ ප්‍රීතිවාක්‍ය පහළ කරමින් මෙසේ වදාළහ. “මේ බොහෝ වූ ලෝකය දෙස බලව. (පස්ස) අවිද්‍යාවෙන් මඩනා ලද, කර්ම ක්ලේශාදියෙන් උපන්, අන්‍යයන් කෙරෙහි තණ්හාවෙන් ඇලුණා වූ මේ සත්ත්වයෝ භවයෙන් නොමිදුණෝ වෙති.” (උදානපාලි ලොකාවලෝකන සූත්‍රය)

තථාගතානන‍්ති තථා ආගමනාදිඅත්‍ථෙන තථාගතානං. තථා ආගතොති හි තථාගතො, තථා ගතොති තථාගතො, තථලක‍්ඛණං ආගතොති තථාගතො, තථධම‍්මෙ යාථාවතො අභිසම‍්බුද‍්ධොති තථාගතො, තථදස‍්සිතාය තථාගතො, තථවාදිතාය තථාගතො, තථාකාරිතාය තථාගතො, අභිභවනට‍්ඨෙන තථාගතොති එවං අට‍්ඨහි කාරණෙහි භගවා තථාගතො. තථාය ආගතොති තථාගතො, තථාය ගතොති තථාගතො, තථලක‍්ඛණං ගතොති තථාගතො, තථානි ආගතොති තථාගතො, තථාවිධොති තථාගතො, තථා පවත‍්තිතොති තථාගතො, තථෙහි ආගතොති තථාගතො , තථා ගතභාවෙන තථාගතොති එවම‍්පි අට‍්ඨහි කාරණෙහි භගවා තථාගතොති අයමෙත්‍ථ සඞ‍්ඛෙපො. විත්‍ථාරො පන පරමත්‍ථදීපනියා උදානට‍්ඨකථාය (උදා· අට‍්ඨ· 18) ඉතිවුත‍්තකට‍්ඨකථාය (ඉතිවු· අට‍්ඨ· 38) ච වුත‍්තනයෙනෙව වෙදිතබ‍්බො.

“තථාගතානං” යනු එසේ පැමිණීම් ආදී අර්ථයෙන් තථාගත වූ තථාගතවරුන්ගේ “එලෙස (තථා) “පැමිණියේය” (ආගතො) යන අරුතින් ‘තථාගත’ නම් වේ. “එපරිදි ගියේය” (තථා ගතො) යන අරුතින් ‘තථාගත’ නම් වේ. ‘තථ ලක්‍ෂණයට පැමිණියේ’ අරුතින් ‘තථාගත’ නම් වේ. ‘තථ (සත්‍ය) වූ ධර්මයෙහි තත් වූ පරිද්දෙන්ම අවබෝධ කරන ලදී.” යන අරුතින් “තථාගත” නම් වේ. කියන ලෙසම කරන ලද බැවින් (තථාකාරිතාය) ‘තථාගත’ නම් වේ. ‘වෙන අයෙකු විසින් නොමැඬලිය හැකි’ යන අරුතින් ද ‘තථාගත’ නම් වේ. මෙලෙස අට කාරණයකින් භාග්‍යවතුන් වහන්සේ “තථාගත” නම් වන සේක. සත්‍ය භාවයට (තථාය) පැමිණි බැවින් ‘තථාගත’ නම් වේ. සත්‍ය බවට (තථාය) ගිය බැවින් ‘තථාගත’ නම් වේ. තථ (සත්‍ය) ලක්‍ෂණයට ගිය බැවින් ‘තථාගත’ නම් වේ. සත්‍යයන්ට පැමිණි බැවින් ‘තථාගත’ නම් වේ. එබඳු ආකාර ඇතැයි ‘තථාගත’ නම් වේ. “එසේ පවතී” යන අරුතින් ‘තථාගත’ නම් වේ. ‘තථ ධර්ම මගින් පැමිණියේය’ යන අරුතින් ‘තථාගත’ නම් වේ. තථාගත භාවයෙන් ‘තථාගත’ නම් වේ. මෙලෙසින් ද අට කරුණකින් භාග්‍යවතුන් වහන්සේ “තථාගතෝ” නම් වේ. මේ දැක්වූයේ සංක්‍ෂිප්ත වශයෙනි. සවිස්තර වශයෙන් පරමත්‍ථදීපනී උදානට්ඨ කථාවෙහි ද ඉතිවුත්තකට්ඨකථාවෙහි ද කියන ලද පරිදිම දත යුතුයි.

ඉදානි තස‍්සා පඤ‍්ඤාය අසාධාරණවිසෙසං දස‍්සෙතුං “අග‍්ගි යථා”තිආදි වුත‍්තං. යථා අග‍්ගීති උපමාවචනං. යථාති තස‍්ස උපමාභාවදස‍්සනං. පජ‍්ජලිතොති උපමෙය්‍යෙන සම‍්බන්‍ධදස‍්සනං. නිසීථෙති කිච‍්චකරණකාලදස‍්සනං. අයඤ‍්හෙත්‍ථ අත්‍ථො – යථා නාම නිසීථෙ රත‍්තියං චතුරඞ‍්ගසමන‍්නාගතෙ අන්‍ධකාරෙ වත‍්තමානෙ උන‍්නතෙ ඨානෙ පජ‍්ජලිතො අග‍්ගි තස‍්මිං පදෙසෙ තයගතං විධමන‍්තං තිට‍්ඨති, එවමෙව තථාගතානං ඉමං දෙසනාඤාණසඞ‍්ඛාතං සබ‍්බසො වෙනෙය්‍යානං සංසයතමං විධමන‍්තං පඤ‍්ඤං පස‍්සාති. යතො දෙසනාවිලාසෙන සත‍්තානං ඤාණමයං ආලොකං දෙන‍්තීති ආලොකදා. පඤ‍්ඤාමයමෙව චක‍්ඛුං දදන‍්තීති චක‍්ඛුදදා. තදුභයම‍්පි කඞ‍්ඛාවිනයපදට‍්ඨානමෙව කත්‍වා දස‍්සෙන‍්තො “යෙ ආගතානං විනයන‍්ති කඞ‍්ඛ”න‍්ති ආහ, යෙ තථාගතා අත‍්තනො සන‍්තිකං ආගතානං උපගතානං වෙනෙය්‍යානං “අහොසිං නු ඛො අහමතීතමද‍්ධාන”න‍්තිආදිනයප‍්පවත‍්තං (ම· නි· 1.18; සං· නි· 2.20) සොළසවත්‍ථුකං, “බුද‍්ධෙ කඞ‍්ඛති ධම‍්මෙ කඞ‍්ඛතී”තිආදිනයප‍්පවත‍්තං (ධ· ස· 1008) අට‍්ඨවත්‍ථුකඤ‍්ච කඞ‍්ඛං විචිකිච‍්ඡං විනයන‍්ති දෙසනානුභාවෙන අනවසෙසතො විධමන‍්ති විද‍්ධංසෙන‍්ති. විනයකුක‍්කුච‍්චසඞ‍්ඛාතා පන කඞ‍්ඛා තබ‍්බිනයෙනෙව විනීතා හොන‍්තීති.

දැන් ඒ තථාගතයන් වහන්සේලාගේ ප්‍රඥාවෙහි අන්‍යයන්ට සාධාරණ නොවන බව (අසාධාරණ බව) ගුණ විශේෂය දැක්වීමට “අග්ගී යථා” යනාදිය කියන ලදි. “යථා අග්ගී” යනු උපමා වචනයකි. “යථා” යනුවෙන් එය උපමාවක් බව දක්වයි. “පජ්ජාලිතො” යනු උපමාව කළ යුතු දෙය සමග සම්බන්ධය දැක්වීමකි. “නිසීථෙ” යනු කටයුතු කරන කාලය දැක්වීමයි. මෙහි මේ අර්ථයයි. “යම් සේ මධ්‍යම රාත්‍රියෙහි අංග සතරකින් සමන්විත වූ අන්ධකාරය පවත්නා කල්හි, උස් තැනක දල්වන ලද ගින්න එම ප්‍රදේශයේ අඳුර දුරු කරමින් සිටියි ද මේ අයුරින් ම තථාගතවරුන්ගේ මේ දේශනා සංඛ්‍යාත වූ සියලුම හික්ම විය යුතු ජනයාගේ සැක සංකා නමැති අඳුර පලවා හරින ප්‍රඥාව බලන්න” යනුවෙන් යම් සේ දේශනා විලාශයෙන් සත්ත්‍වයන්ට “ඤාණමය වූ ආලෝකයක් දෙන්නේය” යන අරුතින් “ආලෝකදා” නම් වේ. “ප්‍රඥාමය වූ ම ඇසක් දෙන්නේ” යැයි “චක්‍ඛුදදා” නම් වේ. ඒ දෙකින්ම සැක දුරු කිරීමට ම පදනම් කරගෙන, ඒ බව දක්වමින් “යෙ ආගතානං විනයන්ති කඞ්ඛං” යනාදිය පැවසීය. තථාගතවරු තමාගේ සමීපයට පැමිණි ළඟා වූ හික්මවිය යුත්තන්ගේ “ඉතා ඈත අතීතයේ මම සිටියෙම්ද?” ආදී වශයෙන් පවතින සොළොස් (16) සැකයන් ද “බුද්ධ රත්නය සැක කරයි. ධර්ම රත්නය සැක කරයි” ආදී වශයෙන් පවතින අට වස්තුක සැකය ද යන විචිකිච්ඡාව සැකය දුරු කරති. දේශානුභාවයෙන් එම සැක සංකා සියල්ල දුරු කරති. විද්වංශනය කරති. පසුතැවීම් නම් වූ සැකය විනය හික්මීමෙන් හික්මවන ලද්දේ වෙති.

අපරො නයො – යථා අග‍්ගි නිසීථෙ රත‍්තිභාගෙ පජ‍්ජලිතො පටුතරජාලො සමුජ‍්ජලං උච‍්චාසනෙ ඨිතානං ඔභාසදානමත‍්තෙන අන්‍ධකාරං විධමිත්‍වා සමවිසමං විභාවෙන‍්තො ආලොකදදො හොති. අච‍්චාසන‍්නෙ පන ඨිතානං තං සුපාකටං කරොන‍්තො චක‍්ඛුකිච‍්චකරණතො චක‍්ඛුදදො නාම හොති, එවමෙව තථාගතො අත‍්තනො ධම‍්මකායස‍්ස දූරෙ ඨිතානං අකතාධිකාරානං පඤ‍්ඤාපජ‍්ජොතෙන මොහන්‍ධකාරං විධමිත්‍වා කායවිසමාදිසමවිසමං විභාවෙන‍්තො ආලොකදා භවන‍්ති, ආසන‍්නෙ ඨිතානං පන කතාධිකාරානං ධම‍්මචක‍්ඛුං උප‍්පාදෙන‍්තො චක‍්ඛුදදා භවන‍්ති. යෙ එවංභූතා අත‍්තනො වචීගොචරං ආගතානං මාදිසානම‍්පි කඞ‍්ඛාබහුලානං කඞ‍්ඛං විනයන‍්ති අරියමග‍්ගසමුප‍්පාදනෙන විධමන‍්ති, තෙසං තථාගතානං පඤ‍්ඤං ඤාණාතිසයං පස‍්සාති යොජනා. එවමයං ථෙරස‍්ස අත‍්තනො කඞ‍්ඛාවිතරණප‍්පකාසනෙන අඤ‍්ඤාබ්‍යාකරණගාථාපි හොති. අයඤ‍්හි ථෙරො පුථුජ‍්ජනකාලෙ කප‍්පියෙපි කුක‍්කුච‍්චකො හුත්‍වා කඞ‍්ඛාබහුලතාය “කඞ‍්ඛාරෙවතො”ති පඤ‍්ඤාතො, පච‍්ඡා ඛීණාසවකාලෙපි තථෙව වොහරයිත්‍ථ. තෙනාහ – “ඉත්‍ථං සුදං ආයස‍්මා කඞ‍්ඛාරෙවතො ගාථං අභාසිත්‍ථා”ති. තං වුත‍්තත්‍ථමෙව.

තවත් ක්‍රමයකින් අර්ථ දැක්වීම - මධ්‍යම රාත්‍රී භාගයේ දල්වන ලද ඉතා දීප්තිමත් ගිනි ජාලා මනාව දැල්වෙමින්, ඉතා ආසන්නයේ සිටියවුන්ට ආලෝක දීම් පමණකින්ම අඳුර දුරලා, සම විෂම බව ප්‍රකට කරමින් ආලෝකය ලබාදෙයි. ඉතා ආසන්නයේ සිටි පුද්ගලයන්ට මනාව ප්‍රකට කරමින් ඇසින් කටයුතු කිරීමට හැකියාව ලබාදීම් වශයෙන් “ඇස් ලබාදෙන්නේ” නම්වෙයි. “මේ අයුරින්ම තථාගතවරු තමන් වහන්සේලාගේ දහම් කයට දුරින් සිටි - නොකළ ප්‍රාර්ථනා ඇත්තවුන්ගේ ප්‍රඥාව දැල්වීමෙන් මෝහන්‍ධකාරය දුරු කොට කායික වශයෙන් සම - විෂම බව ප්‍රකට කරමින් ආලෝකය දෙන්නාහු වෙති. සමීපයේ සිටියා වූ කරන ලද ප්‍රාර්ථනා ඇත්තවුන්ට දහම් ඇස උපදවමින් ප්‍රඥා නම් ඇස් දෙන්නාහු වෙති. යම් තථාගත කෙනෙකු විසින් තමන් වහන්සේගේ වචන ඇසෙන මානයට පැමිණි, මා වැනි සැක බහුල වූවන්ගේ සැක සංකා දුරු කරත් ද ආර්ය මාර්ගය ඉපදවීමෙන් සැකය විනාශ කරත් ද ඒ තථාගතවරුන්ගේ ඤාණාතිශය, ප්‍රඥාව බලන්න” යැයි පද යෙදීමයි. පද පිළිවෙලයි. මෙසේ මේ ගාථාව තෙරුන් වහන්සේ තමාගේ සැක දුරු කිරීම ප්‍රකාශ කිරීම් වශයෙන් රහත් බව පවසන ගාථාවක් ද වේ. මෙම තෙරුන් වහන්සේ පුහුදුන් අවස්ථාවෙහි දී කැප වූ දෙයෙහි ද කුකුස් කරන්නෙකු, පසුතැවෙන්නෙකු වී සැක බහුලව විසූ බැවින් “කඞ්ඛා රේවත” නමින් ප්‍රකට වූ සේක. පසුව රහත් බවට පත් වුවත් එලෙසම ව්‍යවහාර කරන ලදි. එනිසා “මෙසේ මේ ගාථාව ආයුෂ්මත් කඞ්ඛාරේවත තෙරණුවෝ පැවසූහ” යි කියන ලදි. මෙහි අර්ථ කියන ලද්දේමය.

කඞ‍්ඛාරෙවතත්‍ථෙරගාථාවණ‍්ණනා නිට‍්ඨිතා.

කඞ්ඛාරේවත ථේරගාථා අර්ථ වර්ණනාව නිමියේය.