මහාකොට්ඨිතත්ථෙරගාථාවණ්ණනා අට්ඨකථා
මහාකොට්ඨිතත්ථෙරගාථාවණ්ණනා
මහාකොට්ඨිත ස්ථවිරගාථා වර්ණනාව
උපසන්තොති ආයස්මතො මහාකොට්ඨිකත්ථෙරස්ස ගාථා. තස්ස කා උප්පත්ති? අයම්පි ථෙරො පදුමුත්තරස්ස භගවතො කාලෙ හංසවතීනගරෙ මහාභොගකුලෙ නිබ්බත්තිත්වා විඤ්ඤුතං පත්තො මාතාපිතූනං අච්චයෙන කුටුම්බං සණ්ඨපෙත්වා ඝරාවාසං වසන්තො එකදිවසං පදුමුත්තරස්ස භගවතො ධම්මදෙසනාකාලෙ හංසවතීනගරවාසිකෙ ගන්ධමාලාදිහත්ථෙ යෙන බුද්ධො යෙන ධම්මො යෙන සඞ්ඝො, තන්නින්නෙ තප්පොණෙ තප්පබ්භාරෙ ගච්ඡන්තෙ දිස්වා මහාජනෙන සද්ධිං උපගතො සත්ථාරං එකං භික්ඛුං පටිසම්භිදාපත්තානං අග්ගට්ඨානෙ ඨපෙන්තං දිස්වා “අයං කිර ඉමස්මිං සාසනෙ පටිසම්භිදාපත්තානං අග්ගො, අහො වතාහම්පි එකස්ස බුද්ධස්ස සාසනෙ අයං විය පටිසම්භිදාපත්තානං අග්ගො භවෙය්ය”න්ති චින්තෙත්වා සත්ථු දෙසනාපරියොසානෙ වුට්ඨිතාය පරිසාය භගවන්තං උපසඞ්කමිත්වා, “භන්තෙ, ස්වෙ මය්හං භික්ඛං ගණ්හථා”ති නිමන්තෙසි. සත්ථා අධිවාසෙසි. සො භගවන්තං අභිවාදෙත්වා පදක්ඛිණං කත්වා සකනිවෙසනං ගන්ත්වා සබ්බරත්තිං බුද්ධස්ස භික්ඛුසඞ්ඝස්ස ච නිසජ්ජට්ඨානං ගන්ධදාමමාලාදාමාදීහි අලඞ්කරිත්වා පණීතං ඛාදනීයං භොජනීයං පටියාදාපෙත්වා තස්සා රත්තියා අච්චයෙන සකෙ නිවෙසනෙ භික්ඛුසතසහස්සපරිවාරං භගවන්තං විවිධයාගුඛජ්ජකපරිවාරං නානාරසසූපබ්යඤ්ජනං ගන්ධසාලිභොජනං භොජෙත්වා භත්තකිච්චපරියොසානෙ චින්තෙසි – “මහන්තං, ඛො, අහං ඨානන්තරං පත්ථෙමි න ඛො පන මය්හං යුත්තං එකදිවසමෙව දානං දත්වා තං ඨානන්තරං පත්ථෙතුං, අනුපටිපාටියා සත්ත දිවසෙ දානං දත්වා පත්ථෙස්සාමී”ති . සො තෙනෙව නියාමෙන සත්ත දිවසෙ මහාදානානි දත්වා භත්තකිච්චපරියොසානෙ දුස්සකොට්ඨාගාරං විවරාපෙත්වා උත්තමං තිචීවරප්පහොනකං සුඛුමවත්ථං බුද්ධස්ස පාදමූලෙ ඨපෙත්වා භික්ඛුසතසහස්සස්ස ච තිචීවරං දත්වා තථාගතං උපසඞ්කමිත්වා, “භන්තෙ, යො සො භික්ඛු තුම්හෙහි ඉතො සත්තමදිවසමත්ථකෙ එතදග්ගෙ ඨපිතො, අහම්පි සො භික්ඛු විය අනාගතෙ උප්පජ්ජනකබුද්ධස්ස සාසනෙ පබ්බජිත්වා පටිසම්භිදාපත්තානං අග්ගො භවෙය්ය”න්ති වත්වා සත්ථු පාදමූලෙ නිපජ්ජිත්වා පත්ථනං අකාසි. සත්ථා තස්ස පත්ථනාය සමිජ්ඣනභාවං දිස්වා “අනාගතෙ ඉතො කප්පසතසහස්සමත්ථකෙ ගොතමො නාම බුද්ධො ලොකෙ උප්පජ්ජිස්සති, තස්ස සාසනෙ තව පත්ථනා සමිජ්ඣිස්සතී”ති බ්යාකාසි. වුත්තම්පි චෙතං අපදානෙ (අප· ථෙර 2.54.221-250) –
“උපසන්තො” ආදී ගාථාව ආයුෂ්මත් මහා කොට්ඨිත තෙරුන් වහන්සේගේ ගාථාවකි. එහි උපත කෙසේද? මේ තෙරුන් වහන්සේ ද පදුමුත්තර භාග්‍යවතුන් වහන්සේගේ කාලයෙහි හංසවතී නම් නුවර මහත් වූ භෝග සම්පත් ඇති කුලයක ඉපිද, වැඩිවිය පැමිණ මවුපිය දෙදෙනාගේ ඇවෑමෙන් විවාහ වී ගෘහ වාසයෙහි වසයි. හේ එක් දිනක් පදුමුත්තර භාග්‍යවතුන් වහන්සේ ධර්ම දේශනා පවත්වන කාලයේ හංසවතී නුවර වැසියන් සුවඳ මල් ආදිය ගත් අත් ඇතිව බුද්ධ, ධම්ම, සංඝ යන තෙරුවන් වෙත එළඹෙනු දැක, ඔවුන් සමඟ විහාරයට ගියේය. ශාස්තෲන් වහන්සේ එක් භික්ෂුවක් සිවුපිළිසිඹියා පත් රහතන් වහන්සේලා අතරින් අග්‍රභාවයෙහි තබනු දැක ඔහුට “මේ භික්ෂුව මේ බුදු සසුනෙහි පිළිසිඹියාපත් තෙරවරු අතරින් අග්‍ර විය. මමත් අනාගතයේ පහළවන බුදුරජාණන් වහන්සේ නමකගේ සසුනෙහි පිළිසිඹියාපත් තෙරවරුන්ගෙන් අග්‍ර වන්නේ නම් මැනවැ”යි යන සිත ඇතිවිය. මෙසේ පහළ වූ සිත් ඇති ඔහු ශාස්තෲන් වහන්සේගේ ධර්ම දේශනාව නිමාවට පත් වූ කල්හි උන්වහන්සේ සමීපයට ගොස්, “ස්වාමීනි! හෙට මගේ දානය පිළිගනීවා”යි ආරාධනා කළේය. ශාස්තෲන් වහන්සේ ඇරයුම පිළිගත් සේක. ඔහු භාග්‍යවතුන් වහන්සේට වැඳ පැදකුණු කොට, තම නිවසට ගොස් රාත්‍රිය මුළුල්ලෙහිම බුදුරජාණන් වහන්සේට ද භික්ෂූන් වහන්සේලා ද වැඩ හිඳින තැන් සුවඳ මල් දම් ආදියෙන් අලංකාර කොට, ප්‍රණීත වූ කන-බොන-ආහාර පාන පිළියෙල කරවීය. ඒ රාත්‍රිය ඇවෑමෙන් සිය නිවසෙහි භික්ෂූන් වහන්සේලා ලක්ෂයක් පිරිවරාගත් භාග්‍යවතුන් වහන්සේට විවිධ වූ කැඳ බත් කැවිලි ආදියෙන් සහ නානා රසවත් සූප ව්‍යඤ්ජන, සුවඳ හැල් බතින් වළඳවා, උන්වහන්සේලාට වළඳා නිම වූ කල්හි ඔහුට මෙසේ සිතුණේය. “මම ඉතා මහත් වූ තනතුරක් ප්‍රාර්ථනා කරමි. එක් දිනක් පමණක් දන් දී එම තනතුර පැතීම මට තරම් නොවේ. අනුපිළිවෙලින් සත් දිනක් මහ දන් පවත්වා සත්වන දින දන් වැළඳූ බුදුරජාණන් වහන්සේගේ පාමුල, වස්ත්‍ර භාණ්ඩාගාරය හැර තුන් සිවුරට ප්‍රමාණවත් උතුම් සියුම් වස්ත්‍රයක් තැබුවේය. ලක්ෂයක් භික්ෂූන්ට ද තුන් සිවුරු පිදීය. අනතුරුව තථාගතයන් වහන්සේ වෙත එළඹ “ස්වාමීනි! නුඹ වහන්සේ විසින් මීට සත් දිනකට පෙර අගතනතුරෙහි පිහිට වූ භික්ෂුව මෙන් මම ද අනාගතයේ පහළ වන බුදුරජාණන් වහන්සේ කෙනෙකුන්ගේ සස්නෙහි පැවිදිව සිවුපිළිසිඹියා පත් භික්ෂූන් අතුරින් අග්රවේවා!”යි පතමින් ශාස්තෲන් වහන්සේගේ පාමුල හොත්තේය. ශාස්තෲන් වහන්සේ ද ඔහුගේ පැතුම ඉටුවන බව දුටු සේක්, “මෙයින් කල්ප ලක්ෂයක් ගත වූ පසු අනාගතයෙහි ගෞතම නම් බුදුරජාණන් වහන්සේ ලොව උපදින සේක. උන්වහන්සේගේ සසුනෙහි දී නුඹගේ පැතුම ඉටු වන්නේයැ”යි වදාළ සේක. මෙය අපදානයෙහි ද ගාථාවලින් ප්රකාශිතය. (එහි සිංහලාර්ථය මෙසේය.) (අපදාන - II - කොට්ඨිත ථෙරාපදාන - බු.ජ.ත්‍රි. - පිටුව 326).
“පදුමුත්තරො නාම ජිනො, සබ්බලොකවිදූ මුනි; ඉතො සතසහස්සම්හි, කප්පෙ උප්පජ්ජි චක්ඛුමා.
“පසැස් ඇති සියලු ලෝක පිළිබඳ තත්වාකාරයෙන් දත්තා වූ පස් මරුන් දිනූ පදුමුත්තර නම් බුදුරජාණන් වහන්සේ මින් කල්ප ලක්ෂයකට පෙරදී ලොව පහළ වූ සේක.
“ඔවාදකො විඤ්ඤාපකො, තාරකො සබ්බපාණිනං; දෙසනාකුසලො බුද්ධො, තාරෙසි ජනතං බහුං.
සියලු සතුනට අවවාද කරන්නා වූ දහම් දෙසා සත්ත්වයන් සසරින් එතෙර කරන්නා වූ, දේශනාවෙහි දක්ෂ වූ එම බුදුරජාණන් වහන්සේ බොහෝ ජනයා සසරින් එතෙර කරවූ සේක.
“අනුකම්පකො කාරුණිකො, හිතෙසී සබ්බපාණිනං; සම්පත්තෙ තිත්ථියෙ සබ්බෙ, පඤ්චසීලෙ පතිට්ඨපි.
සව් සතුනට අනුකම්පා කරන කාරුණික වූ සියලු සතුනට හිත වැඩ සලසන්නාවූ බුදුපියාණන් වහන්සේ, තමා වෙත පැමිණි සියලු තීර්ථකයන් පන්සිල්හි පිහිට වූ සේක.
“එවං නිරාකුලං ආසි, සුඤ්ඤතං තිත්ථියෙහි ච; විචිත්තං අරහන්තෙහි, වසීභූතෙහි තාදිභි.
මෙලෙස එම කාලය තීර්ථකයන්ගෙන් තොර වූ නිරවුල් වූ තාදී ගුණ ඇති වශීභූත වූ රහතුන්ගෙන් පිරී විසිතුරු වූයේය.” (5881-5884)
“රතනානට්ඨපඤ්ඤාසං, උග්ගතො සො මහාමුනි; කඤ්චනග්ඝියසඞ්කාසො, බාත්තිංසවරලක්ඛණො.
ඒ බුදුරජාණන් වහන්සේ පනස් අට රියනක් උස් වූ රන් ඇගෑයක් වැනි වූ දෙතිස් මහ පුරිස් ලකුණින් හෙබි වූ සේක.
“වස්සසතසහස්සානි, ආයු විජ්ජති තාවදෙ; තාවතා තිට්ඨමානො සො, තාරෙසි ජනතං බහුං.
එකල අවුරුදු ලක්ෂයක් පරමායුෂ වේ. එපමණ කල් වැඩ සිටියා වූ ඒ සර්වඥයන් වහන්සේ බොහෝ ජනයා සසරින් එතෙර කරවූ සේක.
“තදාහං හංසවතියං, බ්රාහ්මණො වෙදපාරගූ; උපෙච්ච සබ්බලොකග්ගං, අස්සොසිං ධම්මදෙසනං.
එසමයේ මම හංසවතී නුවර වේද පරප්රාප්ත වූ බමුණෙක් වූයෙමි. බුදුරජාණන් වහන්සේ වෙත එළඹ දම් දෙසුමක් ඇසුවෙමි.
“තදා සො සාවකං වීරො, පභින්නමතිගොචරං; අත්ථෙ ධම්මෙ නිරුත්තෙ ච, පටිභානෙ ච කොවිදං.
එවිට ඒ වීරයන් වහන්සේ අර්ථයෙහි ද ධර්මයෙහි ද නිරුක්තියෙහි ද ප්‍රතිභානයෙහි ද දක්ෂ වූ ප්‍රභේද ගත ප්‍රතිසම්භිදාඥාන ඇති ශ්‍රාවකයෙකු අග තනතුරෙහි තැබූ සේක.
“ඨපෙසි එතදග්ගම්හි, තං සුත්වා මුදිතො අහං; සසාවකං ජිනවරං, සත්තාහං භොජයිං තදා.
එය අසා සතුටට පත් වූ මම ශ්‍රාවකයන් සහිත වූ උතුම් වූ බුදුරජාණන් වහන්සේ සතියක් සියතින් වැළඳුවෙමි.
“දුස්සෙහච්ඡාදයිත්වාන, සසිස්සං බුද්ධිසාගරං; නිපච්ච පාදමූලම්හි, තං ඨානං පත්ථයිං අහං.
මම බුද්ධි සාගර වූ සිය ශ්‍රාවකයන් සහිත වූ බුදුරජාණන් වහන්සේට සිවුරු පිණිස වස්ත්‍ර පූජා කර, පාමුල වැටී එම තනතුර පැතුවෙමි. (5885-5890)
“තතො අවොච ලොකග්ගො, පස්සථෙතං දිජුත්තමං; විනතං පාදමූලෙ මෙ, කමලොදරසප්පභං.
ඉක්බිති ලෝකාග්‍ර වූ බුදුරජාණන් වහන්සේ මෙසේ වදාළහ. “මාගේ පාමුල වැටුනා වූ පියුම් ගැබකට බඳු පැහැ ඇති මේ උතුම් බමුණා දෙස බලවු.
“බුද්ධසෙට්ඨස්ස භික්ඛුස්ස, ඨානං පත්ථයතෙ අයං; තාය සද්ධාය චාගෙන, සද්ධම්මස්සවනෙන ච.
මොහු සිවු පිළිසිඹියාවන් දත් ශ්‍රේෂ්ඨ වූ භික්ෂුවකගේ තනතුර පතයි. මොහුගේ එම ශ්‍රද්ධාවෙන් ද ත්‍යාගයෙන් ද ධර්ම ශ්‍රවණයෙන් ද යුතු වූ සිත නිසා සැම තැන සැප ඇතිව කුදු මහත් භවයන්හි සැරිසරා මතු එම ප්‍රාර්ථනාව ඉටුකර ගත්තේය.
“සබ්බත්ථ සුඛිතො හුත්වා, සංසරිත්වා භවාභවෙ; අනාගතම්හි අද්ධානෙ, ලච්ඡසෙතං මනොරථං.
“සතසහස්සිතො කප්පෙ, ඔක්කාකකුලසම්භවො; ගොතමො නාම ගොත්තෙන, සත්ථා ලොකෙ භවිස්සති.
මින් කල්ප ලක්ෂයකට පසුව ඔක්කාක කුලයේ නමින් “ගෞතම” නම් වූ බුදුරජාණන් වහන්සේ ලොව පහළ වෙති.
“තස්ස ධම්මෙසු දායාදො, ඔරසො ධම්මනිම්මිතො; කොට්ඨිකො නාම නාමෙන, හෙස්සති සත්ථු සාවකො.
උන්වහන්සේගේ සසුනෙහි ධර්මය දායාද කරගත්, ධර්මයෙන් නිර්මිත වූ වැනි, ඖරස පුත්‍ර වූ “කොට්ඨිත” නම් ශ්‍රාවකයෙක් ව නුඹ අගතනතුර ලබන්නෙහිය.” (5891-5895)
“තං සුත්වා මුදිතො හුත්වා, යාවජීවං තදා ජිනං; මෙත්තචිත්තො පරිචරිං, සතො පඤ්ඤා සමාහිතො.
“මෙම ප්‍රකාශය අසා තුටු වූ මම දිවි හිමියෙන් මෙත් සිත වැඩුයෙමි. සිහිය, ප්‍රඥාව සහිත ඒ උතුම් බුදුරජාණන් වහන්සේට ගෞරව දැක්වූයෙමි.
“තෙන කම්මවිපාකෙන, චෙතනාපණිධීහි ච; ජහිත්වා මානුසං දෙහං, තාවතිංසමගච්ඡහං.
ඒ මම එම කර්ම විපාකයෙහි ද ප්රාර්ථනාවෙහි මහිමයෙන් ද මිනිස් කය හැර දමා තව්තිසා දෙව්ලොව ඉපදුනෙමි.
“සතානං තීණික්ඛත්තුඤ්ච, දෙවරජ්ජමකාරයිං; සතානං පඤ්චක්ඛත්තුඤ්ච, චක්කවත්තී අහොසහං.
එහි තුන් සිය වාරයක් ශක්රදේවේන්ද්රව දෙව් රජය කරවීමි. පන්සිය වාරයක් සක්විති රජවීමි.
“පදෙසරජ්ජං විපුලං, ගණනාතො අසඞ්ඛියං; සබ්බත්ථ සුඛිතො ආසිං, තස්ස කම්මස්ස වාහසා.
ලැබු ප්‍රදේශ රාජ්‍ය සම්පත්තිය ගණන් කළ නොහැක. ඒ කර්ම බලයෙන් සැම තැන්හි සුවපත් වූයෙමි.
“දුවෙ භවෙ සංසරාමි, දෙවත්තෙ අථ මානුසෙ; අඤ්ඤං ගතිං න ගච්ඡාමි, සුචිණ්ණස්ස ඉදං ඵලං.
දිව්‍ය-මනුෂ්‍ය දෙගතියෙහි මිස අනික් භවයකට නොපැමිණියෙමි. මෙය මා රැස් කළ පුණ්‍ය මහිමයාගේ විපාකයයි.
“දුවෙ කුලෙ පජායාමි, ඛත්තියෙ අථ බ්රාහ්මණෙ; නීචෙ කුලෙ න ජායාමි, සුචිණ්ණස්ස ඉදං ඵලං.
[missing trans]
“පච්ඡිමෙ භවෙ සම්පත්තෙ, බ්රහ්මබන්ධු අහොසහං; සාවත්ථියං විප්පකුලෙ, පච්චාජාතො මහද්ධනෙ.
අවසන් භවයට පැමිණි මම සැවැත් නුවර එක් බමුණු කුලයක ඉපදුනෙමි.” (5896-5902)
“මාතා චන්දවතී නාම, පිතා මෙ අස්සලායනො; යදා මෙ පිතරං බුද්ධො, විනයී සබ්බසුද්ධියා.
“මගේ මව චන්ද්රවතී නම් වූවාය. පියා අස්සලායන නම් විය. ගෞතම බුදුරජාණන් වහන්සේ විසින් මගේ පියා රහත් බවට පමුණුවා හික්මවූ සේක් ද එකල්හි මම බුදුපියාණන් වහන්සේ කෙරෙහි පහන් වූයෙමි අනගාරික වූ පැවිද්දට පැමිණියෙමි. මහා මුගලන් රහතන් වහන්සේ මාගේ ආචාර්යවරයා වූ සේක. සැරියුත් තෙරුන් වහන්සේ මාගේ උපාධ්‍යාය වූ සේක.
“තදා පසන්නො සුගතෙ, පබ්බජිං අනගාරියං; මොග්ගල්ලානො ආචරියො, උපජ්ඣා සාරිසම්භවො.
“කෙසෙසු ඡිජ්ජමානෙසු, දිට්ඨි ඡින්නා සමූලිකා; නිවාසෙන්තො ච කාසාවං, අරහත්තමපාපුණිං.
හිසකේ කපන විටම මාගේ සක්කාය දෘෂ්ටිය සහමුලින් සිදුවුණි. කසාවත පොරවත්ම මම රහත් බවට පත්වූයෙමි.
“අත්ථධම්මනිරුත්තීසු, පටිභානෙ ච මෙ මති; පභින්නා තෙන ලොකග්ගො, එතදග්ගෙ ඨපෙසි මං.
මගේ සිහිය, අර්ථයෙහි ධර්මයෙහි නිරුක්තියෙහි හා ප්‍රතිභානයෙහි වෙන් වෙන් වශයෙන් විනිවිද ගොස් ප්රභේදගත වූයේය. එනිසා ලෝකාග්‍ර වූ බුදුරජාණන් වහන්සේ සිවුපිළිසිඹියාපත් රහතන් වහන්සේලා අතුරින් මා අග්‍රස්ථානයෙහි තැබූ සේක.” (5903-5906)
“අසන්දිට්ඨං වියාකාසිං, උපතිස්සෙන පුච්ඡිතො; පටිසම්භිදාසු තෙනාහං, අග්ගො සම්බුද්ධසාසනෙ.
“සාරිපුත්‍ර මහ තෙරුන් වහන්සේ විසින් සිවුපිළිසිඹියාවන් පිළිබඳව විමසන ලද සියළු ප්‍රශ්න මම මනාව නිසැකව විසඳූයෙමි. එනිසා, මම ගෞතම සම්බුදු සසුනෙහි සිවුපිළිසිඹියා පත් වූ භික්ෂූන් අතර අග්‍ර වූයෙමි.
“කිලෙසා ඣාපිතා මය්හං, භවා සබ්බෙ සමූහතා; නාගොව බන්ධනං ඡෙත්වා, විහරාමි අනාසවො.
මවිසින් සියළු කෙලෙස් දවන ලද්දෙමි. සියළු භවයෝ නසන ලදහ. ඇත් රජකු මෙන් බැඳුම් සිඳ - ආශ්‍රව රහිතව වෙසෙමි.
“ස්වාගතං වත මෙ ආසි, මම බුද්ධස්ස සන්තිකෙ; තිස්සො විජ්ජා අනුප්පත්තා, කතං බුද්ධස්ස සාසනං.
බුදුරජාණන් වහන්සේ වෙත මාගේ පැමිණීම ඒකාන්තයෙන්ම යහපත් විය. මා ත්‍රිවිද්‍යාලාභී වූයෙමි. බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව ඉටු කරන ලද්දෙමි.
“පටිසම්භිදා චතස්සො, විමොක්ඛාපි ච අට්ඨිමෙ; ඡළභිඤ්ඤා සච්ඡිකතා, කතං බුද්ධස්ස සාසන”න්ති.
මම සිවුපිළිසිඹියාවෝ ද අෂ්ට විමෝක්ෂයෝ ද ෂඩ් අභිඥාවෝ ද සාක්ෂාත් කරගත්තෙමි. බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව සම්පූර්ණ කළෙමි.” (5907-5910)
එවං සො තත්ථ තත්ථ භවෙ පුඤ්ඤඤාණසම්භාරං සම්භරන්තො අපරාපරං දෙවමනුස්සෙසු සංසරන්තො ඉමස්මිං බුද්ධුප්පාදෙ සාවත්ථියං බ්රාහ්මණමහාසාලකුලෙ නිබ්බත්ති. කොට්ඨිකොතිස්ස නාමං අකංසු. සො වයප්පත්තො තයො වෙදෙ උග්ගහෙත්වා බ්රාහ්මණසිප්පෙ නිප්ඵත්තිං ගතො එකදිවසං සත්ථු සන්තිකං ගන්ත්වා ධම්මං සුත්වා පටිලද්ධසද්ධො පබ්බජිත්වා උපසම්පන්නකාලතො පට්ඨාය විපස්සනාය කම්මං කරොන්තො සහ පටිසම්භිදාහි අරහත්තං පත්වා පටිසම්භිදාසු චිණ්ණවසී හුත්වා අභිඤ්ඤාතෙ අභිඤ්ඤාතෙ මහාථෙරෙ උපසඞ්කමිත්වා පඤ්හං පුච්ඡන්තොපි දසබලං උපසඞ්කමිත්වා පඤ්හං පුච්ඡන්තොපි පටිසම්භිදාසුයෙව පඤ්හං පුච්ඡි. එවමයං ථෙරො තත්ථ කතාධිකාරතාය චිණ්ණවසීභාවෙන ච පටිසම්භිදාපත්තානං අග්ගො ජාතො. අථ නං සත්ථා මහාවෙදල්ලසුත්තං (ම· නි· 1.449 ආදයො) අට්ඨුප්පත්තිං කත්වා පටිසම්භිදාපත්තානං අග්ගට්ඨානෙ ඨපෙසි – “එතදග්ගං, භික්ඛවෙ, මම සාවකානං භික්ඛූනං පටිසම්භිදාපත්තානං යදිදං මහාකොට්ඨිකො”ති (අ· නි· 1.209, 218). සො අපරෙන සමයෙන විමුත්තිසුඛං පටිසංවෙදෙන්තො උදානවසෙන –
මෙසේ ඔහු ඒ ඒ භවයන්හි පුණ්‍ය සම්භාර ධර්මයන් රැස් කරමින් දෙව් - මිනිස් දෙගතියෙහි සැරි සරමින් අවුත් මේ බුද්ධෝත්පාද කාලයෙහි සැවැත් නුවර බමුණු මහසල් කුලයක ඉපදුණේය. ඔහුට “කොට්ඨිත” යනුවෙන් නම් තබන ලදි. ඔහු වැඩිවියට පැමිණ ත්රිවේදය මනාව ඉගෙන බ්‍රාහ්මණ ශිල්ප ශාස්ත්‍රයන්හි පරතෙරට ගියේය. එක් දිනක් ශාස්තෲන් වහන්සේ සමීපයට ගොස් ධර්මය අසා, ලබන ලද ශ්‍රද්ධා ඇතිව පැවිදි උපසම්පදාව ලැබුවේය. උපසපන් තැන් පටන් විදර්ශනා කර්මය වඩන්නාවූ උන්වහන්සේ සිවු පිළිසිඹියාවන් සමගම රහත් බව ලැබූ සේක. පිළිසිඹියාවන්හි පුරුදු කළ වශී භාවය ඇති උන්වහන්සේ, ඒ පිළිබඳ මනාසේ දත් මහතෙරවරුන් වෙත පැමිණ ප්‍රශ්න විචාරද්දීත් දස බලයන් වහන්සේ වෙත පැමිණ ප්‍රශ්න විචාරද්දීත් පිළිසිඹියාවන් පිළිබඳව ම ප්‍රශ්න විමසන සේක. මේ අයුරින් කොට්ඨිත තෙරණුවෝ සිවුපිළිසිඹියාවන් පිළිබඳ කරන ලද ප්‍රාර්ථනා ඇති බැවින් ද නිතර පුරුදු පුහුණු කර - වශී භාවයට පැමිණි බැවින් ද සිවුපිළිසිඹියා පත් තෙරවරු අතර අග්‍ර භාවයට පත් වූහ. ඉක්බිති ශාස්තෲන් වහන්සේ මහා වෙදල්ල සූත්‍රය අර්ථෝත්පත්ති කොට කොට්ඨිත තෙරණුවන් සිවුපිළිසිඹියාපත් මහ රහතුන් අතරින් අග්‍ර ස්ථානයෙහි තැබූ සේක. “මහණෙනි! සිවුපිළිසිඹියාපත් මාගේ ශ්‍රාවක භික්ෂූන් වහන්සේලා අතුරින් මේ මහා කොට්ඨිත තෙරණුවෝ අග්‍ර වෙති” යනුවෙන් උන්වහන්සේ ඊට පසු කාලයෙහි විමුක්ති සුවය විඳිනු ලබන සේක් ප්‍රීති වාක්‍යයක් වශයෙන් “උපසන්තො” ආදී ගාථාව වදාළ සේක.
“උපසන්තො උපරතො, මන්තභාණී අනුද්ධතො; ධුනාති පාපකෙ ධම්මෙ, දුමපත්තංව මාලුතො”ති. –
“උපසන්තො උපරතො මන්තභාණි අනුද්ධටො ධුනාති පාපකෙ ධම්මෙ දුමපත්තං ව මාළුතො”
ඉත්ථං සුදං ආයස්මා මහාකොට්ඨිකත්ථෙරො ගාථං අභාසි.
“ඉත්ථං සුදං ආයස්මා මහා කොට්ඨිතා ථෙරො ගාථං අභාසි” “සන්සුන් ඉඳුරන් ඇති, පවින් වැළකුණු නුවණින් පිරික්සා බලමින් මද වශයෙන් කථා කරන සුළු වූ උඩඟු නොවූ මම සුළඟෙහි ලු රුක් පතක් (ගසක කොළයක්) මෙන් පාප ධර්මයන් දුරු කරමි.” මෙසේ මේ ගාථාව ආයුෂ්මත් මහා කොට්ඨිත තෙරුන් වහන්සේ වදාළ සේක.
තත්ථ උපසන්තොති මනච්ඡට්ඨානං ඉන්ද්රියානං උපසමනෙන නිබ්බිසෙවනභාවකරණෙන උපසන්තො. උපරතොති සබ්බස්මා පාපකරණතො ඔරතො විරතො. මන්තභාණීති මන්තා වුච්චති පඤ්ඤා, තාය පන උපපරික්ඛිත්වා භණතීති මන්තභාණී, කාලවාදීආදිභාවං අවිස්සජ්ජෙන්තොයෙව භණතීති අත්ථො. මන්තභණනවසෙන වා භණතීති මන්තභාණී, දුබ්භාසිතතො විනා අත්තනො භාසනවසෙන චතුරඞ්ගසමන්නාගතං සුභාසිතංයෙව භණතීති අත්ථො. ජාතිආදිවසෙන අත්තනො අනුක්කංසනතො න උද්ධතොති අනුද්ධතො අථ වා තිණ්ණං කායදුච්චරිතානං වූපසමනෙන තතො පටිවිරතියා උපසන්තො, තිණ්ණං මනොදුච්චරිතානං උපරමණෙන පජහනෙන උපරතො, චතුන්නං වචීදුච්චරිතානං අප්පවත්තියා පරිමිතභාණිතාය මන්තභාණී, තිවිධදුච්චරිතනිමිත්තඋප්පජ්ජනකස්ස උද්ධච්චස්ස අභාවතො අනුද්ධතො. එවං පන තිවිධදුච්චරිතප්පහානෙන සුද්ධෙ සීලෙ පතිට්ඨිතො, උද්ධච්චප්පහානෙන සමාහිතො, තමෙව සමාධිං පදට්ඨානං කත්වා විපස්සනං වඩ්ඪෙත්වා මග්ගපටිපාටියා ධුනාති පාපකෙ ධම්මෙ ලාමකට්ඨෙන පාපකෙ සබ්බෙපි සංකිලෙසධම්මෙ නිද්ධුනාති, සමුච්ඡෙදවසෙන පජහති . යථා කිං? දුමපත්තංව මාලුතො, යථා නාම දුමස්ස රුක්ඛස්ස පත්තං පණ්ඩුපලාසං මාලුතො වාතො ධුනාති, බන්ධනතො වියොජෙන්තො නීහරති, එවං යථාවුත්තපටිපත්තියං ඨිතො පාපධම්මෙ අත්තනො සන්තානතො නීහරති, එවමයං ථෙරස්ස අඤ්ඤාපදෙසෙන අඤ්ඤාබ්යාකරණගාථාපි හොතීති වෙදිතබ්බා.
එහි “උපසන්තො” යනු මනස (සිත) සයවැනි වූ ඉඳුරන්ගේ (ඉන්ද්රිය හයේ) සංසිඳීමෙන්, අවිෂ නැති, අරමුණුවල වැරදි අයුරින් නොයෙදීමෙන් සන්සිඳුණු “උපරතො” යනු සියලු පාපකරණයන්ගෙන් බැහැර වූ, වැළකුණු “මන්තභාණි” යන්නෙහි ‘මන්තා’ යනු ප්රඥාවයි. ප්‍රඥාවන් විමසා බලා කියයි - කථා කරයි. මන්තභාණී සුදුසු කල්හිම කථා කරයි. “දහම් කාරණාදිය නොවිසිදුණු කල්හිම කථා කරයි” යන අර්ථයයි. නැතහොත් මන්ත්‍ර කීම් වශයෙන් කථා කරයි යන අරුතින් මන්තභාණි නම් වේ. “තමාගේ අනුශාසනා වශයෙන් නරක කීම් වලින් බැහැර වූ අංග සතරකින් සම්පූර්ණ සුභාෂිත වදන්ම කථා කරයි.” යන අර්ථයයි. “ජාති ආදී වශයෙන් තමා උසස් කර නොදක්වයි.”, “උඩඟු නොවූයේ” යන අරුතින් “අනුද්ධටො” නම් වේ. නැතිනම් ත්‍රිවිධ කාය දුශ්චරිතයන්ගේ සංසිඳීමෙන්, ඉන් වැළකීමෙන් උපශාන්ත වූ ත්‍රිවිධ මනෝ දුශ්චරිතාදියෙන් වැලකුණු, දුරු කළ අරුතින් “උපරතො” නම් වේ. සතර විධ වාග් දුශ්චරිතයන් නොපවතින බැවින් ද ප්‍රමාණාත්මක වදන් ඇති බැවින් “මන්තභාණි” නම් වූ ත්‍රිවිධ දුශ්චරිත නමිති ඉපදීමෙහි ද උඩඟු - නොසන්සුන් බව ද නොමැති වූ හෙයින් “අනුද්ධටො”. මෙසේ ත්‍රිවිධ දුශ්චරිතයන් ප්රහාණය කිරීමෙන් පිරිසිදු ශීලයෙහි පිහිටියා වූ; නොසන්සුන් බව ප්රහාණය කිරීමෙන් සන්සිඳුණු; එයම සමාධි පදය කොට, විදසුන් වඩා මඟ පිළිවෙලින් පවිටු දහම් කම්පා කරයි. ලාමක වූ සියලු පාපධර්මයන් ක්ලේශ ධර්මයන් කම්පා කරයි. සමුච්ඡේද වශයෙන් (සම්පූර්ණයෙන් විනාශ කිරීම් වශයෙන්) දුරු කරයි. ඒ කෙසේද? සුළඟින් ඉවතට ගෙන යන ගසක කොළයක් මෙනි. විශාල වෘක්ෂයක, ගසක, පත්‍රයක්, වේළුණු කොළයක් සුළඟින් හෝ වායුවෙන් හෝ සොලවයි. නටුයෙන් ගලවා දමයි. (වෙන් කරයි). බැහැරට ගෙනයයි. එලෙසින්ම ඉහත කියන ලද පිළිවෙලින් පැවති පාපී ධර්මයන් තමාගේ සන්තානයෙන් බැහැරලයි. මෙසේ මේ තෙරුන් වහන්සේගේ රහත් භාවය දැක්වීම් වශයෙන්, රහත් බව පවසන ගාථාව වදාරන ලදැයි දත යුතුයි.
එත්ථ ච කායවචීදුච්චරිතප්පහානවචනෙන පයොගසුද්ධිං දස්සෙති, මනොදුච්චරිතප්පහානවචනෙන ආසයසුද්ධිං. එවං පයොගාසයසුද්ධස්ස “අනුද්ධතො”ති ඉමිනා උද්ධච්චාභාවවචනෙන තදෙකට්ඨතාය නීවරණප්පහානං දස්සෙති. තෙසු පයොගසුද්ධියා සීලසම්පත්ති විභාවිතා, ආසයසුද්ධියා සමථභාවනාය උපකාරකධම්මපරිග්ගහො, නීවරණප්පහානෙන සමාධිභාවනා, “ධුනාති පාපකෙ ධම්මෙ”ති ඉමිනා පඤ්ඤාභාවනා විභාවිතා හොති. එවං අධිසීලසික්ඛාදයො තිස්සො සික්ඛා, තිවිධකල්යාණං සාසනං, තදඞ්ගප්පහානාදීනි තීණි පහානානි, අන්තද්වයපරිවජ්ජනෙන සද්ධිං මජ්ඣිමාය පටිපත්තියා පටිපජ්ජනං, අපායභවාදීනං සමතික්කමනූපායො ච යථාරහං නිද්ධාරෙත්වා යොජෙතබ්බා. ඉමිනා නයෙන සෙසගාථාසුපි යථාරහං අත්ථයොජනා වෙදිතබ්බා. අත්ථමත්තමෙව පන තත්ථ තත්ථ අපුබ්බං වණ්ණයිස්සාම. “ඉත්ථං සුදං ආයස්මා මහාකොට්ඨිකො”ති ඉදං පූජාවචනං, යථා තං මහාමොග්ගල්ලානොති.
මෙහිද කාය-වාග් දුශ්චරිතයන් ප්‍රහාණ කරන වචනයෙන් ප්‍රයෝග (ක්‍රියා) ශුද්ධිය දක්වයි. මනෝ දුශ්චරිතය ප්‍රහාණ කරන වචනයෙන් චිත්ත ශුද්ධිය දැක්වේ. මෙසේ ක්‍රියාවන්හි හා සිතේ ශුද්ධිය ඇත්තාගේ “අනුද්ධටො” යන වචනයෙන් සිතේ විසිරුණු බව නැතිව සිත එකඟ වූ බැවින් නීවරණයන්ගේ ප්රහාණය දක්වයි. එම ශුද්ධීන් අතරින් කාය (ප්‍රයෝග) ශුද්ධියෙන් ශීල සම්පත්තිය ප්‍රකට කරන ලදි. චිත්ත ශුද්ධියෙන් සමථ භාවනාවට උපකාර වූ ධර්ම අල්වා ගැනීමත්, නීවරණ ප්‍රහාණයෙන් සමාධි භාවනාවත් දැක්වේ. “ධුනාති පාපකෙ ධම්මෙ” (පාප ධර්මයන් කම්පා කරයි. ඉවත ලයි) යන මෙයින් ප්‍රඥා භාවනාව ප්‍රකට කරන ලදි. මෙසේම අධි සීල ශික්ෂාදී ත්‍රිවිධ ශික්ෂාව ද ත්‍රිවිධ කල්‍යාණ ශාසනයන් ද තදංග ප්රහාණාදී ත්‍රිවිධ ප්‍රහාණයෝ ද අන්ත දෙක දුරු කිරීම හා මැදුම් පිළිවෙත වැඩීමත්, අපාය භය ආදියෙහි ඉක්මවා යන ක්‍රමය ද සුදුසු පරිදි වෙන් කොට යෙදිය යුතුයි. මේ ක්‍රමයෙන් සෙසු ගාථාවන්හි ද සුදුසු පරිදි අර්ථ වර්ණනාව දත යුතුයි. ඒ ඒ තැන පැමිණෙන මුලදී නොපැවසූ අර්ථය පමණක්ම ඉදිරියේදී වර්ණනා කර දක්වන්නෙමු. “මෙසේ මේ ගාථාව ආයුෂ්මත් මහාකොට්ඨිත තෙරුන් වහන්සේ වදාළහ” යන මෙය ගෞරවාර්ථයේ යෙදුණු වචනයකි. “මහා මොග්ගල්ලාන” යන ලෙසම ගෞරව පූජා පිණිස “මහා කොට්ඨිත” යනුවෙන් යෙදී ඇත.
මහාකොට්ඨිකත්ථෙරගාථාවණ්ණනා නිට්ඨිතා.
මහා කොට්ඨිත ථේරගාථා අර්ථ වර්ණනාව නිමා විය.