යෙදුමෙන් කියවන්න

සුභූතිත්‍ථෙරගාථාවණ‍්ණනා අට‍්ඨකථා

සුභූතිත්‍ථෙරගාථාවණ‍්ණනා

සුභූති ස්ථවිරගාථා වර්ණනාව

ඉදානි ඡන‍්නා මෙ කුටිකාතිආදිනයප‍්පවත‍්තානං ථෙරගාථානං අත්‍ථවණ‍්ණනා හොති. සා පනායං අත්‍ථවණ‍්ණනා යස‍්මා තාසං තාසං ගාථානං අට‍්ඨුප‍්පත‍්තිං පකාසෙත්‍වා වුච‍්චමානා පාකටා හොති සුවිඤ‍්ඤෙය්‍යා ච. තස‍්මා තත්‍ථ තත්‍ථ අට‍්ඨුප‍්පත‍්තිං පකාසෙත්‍වා අත්‍ථවණ‍්ණනං කරිස‍්සාමාති.

දැන් “ඡන්නා මෙ කුටිකා” යනාදී වශයෙන් පවතින ථෙරගාථාවන්ගේ අර්ථවර්ණනාව දැක්වේ. ඒ මේ අර්ථ වර්ණනාව ඒ ඒ ගාථාවන්ගේ අර්ථෝත්පත්තිය පවසා, අනතුරුව දක්වනු ලබන්නේ නම් අර්ථය ඉතා ප්‍රකට වේ. ධර්ම කරුණු දැනගත හැකි ද වේ. එනිසා ඒ ඒ ගාථාවන්ගේ අර්ථෝත්පත්ති දක්වා පසුව අර්ථවර්ණනාව කරන්නෙමි.

තත්‍ථ ඡන‍්නා මෙ කුටිකාතිගාථාය කා උප‍්පත‍්ති? වුච‍්චතෙ – ඉතො කිර කප‍්පසතසහස‍්සමත්‍ථකෙ අනුප‍්පන‍්නෙයෙව පදුමුත‍්තරෙ භගවති ලොකනාථෙ හංසවතීනාමකෙ නගරෙ අඤ‍්ඤතරස‍්ස බ්‍රාහ‍්මණමහාසාලස‍්ස එකො පුත‍්තො උප‍්පජ‍්ජි. තස‍්ස “නන්‍දමාණවො”ති නාමං අකංසු. සො වයප‍්පත‍්තො තයො වෙදෙ උග‍්ගණ‍්හිත්‍වා තත්‍ථ සාරං අපස‍්සන‍්තො අත‍්තනො පරිවාරභූතෙහි චතුචත‍්තාලීසාය මාණවකසහස‍්සෙහි සද‍්ධිං පබ‍්බතපාදෙ ඉසිපබ‍්බජ‍්ජං පබ‍්බජිත්‍වා අට‍්ඨ සමාපත‍්තියො පඤ‍්ච ච අභිඤ‍්ඤායො නිබ‍්බත‍්තෙසි. අන‍්තෙවාසිකානම‍්පි කම‍්මට‍්ඨානං ආචික‍්ඛි. තෙපි න චිරෙනෙව ඣානලාභිනො අහෙසුං.

“එහි ජන්නා මෙකුටිකා” යන ගාථාවෙහි උපත කෙසේවීද? කියනු ලැබේ. මේ මහා භද්‍ර කල්පයට කල්ප ලක්‍ෂයකට පෙර පදුමුත්තර භාග්‍යවතුන් වහන්සේ ලොව පහළ නොවූ කල්හිම හංසවතී නම් නුවර එක්තරා බමුණු මහසල් කුලයක එක් පුතෙක් ඉපදුණි. ඔහුට “නන්ද මාණව” යන නම විය. ඔහු වැඩිවියට පැමිණ ත්‍රිවිද්‍යා උගෙන, එහි සාරයක් (අර්ථයක්) නොදැක, තමාගේ පිරිවර වූ සතලිස් සතර දාහක් තරුණයන් සමග පර්වතයක් පාමුල සෘෂි ප්‍රවෘජ්‍යාවෙන් පැවිදිව අට සමවත් උපදවා, පංච අභිඤ්ඤාවන් ද ලබා ගත්හ. අතවැසි ආදීන්ට ද කමටහන් ප්‍රකාශ කරන අතර ඔවුහු ද නොබෝ දිනකින් ම ධ්‍යාන ලාභීහු වූහ.

තෙන ච සමයෙන පදුමුත‍්තරො භගවා ලොකෙ උප‍්පජ‍්ජිත්‍වා හංසවතීනගරං උපනිස‍්සාය විහරන‍්තො එකදිවසං පච‍්චූසසමයෙ ලොකං වොලොකෙන‍්තො නන්‍දතාපසස‍්ස අන‍්තෙවාසිකජටිලානං අරහත‍්තූපනිස‍්සයං නන්‍දතාපසස‍්ස ච ද‍්වීහඞ‍්ගෙහි සමන‍්නාගතස‍්ස සාවකට‍්ඨානන‍්තරස‍්ස පත්‍ථනං දිස‍්වා පාතොව සරීරපටිජග‍්ගනං කත්‍වා පුබ‍්බණ‍්හසමයෙ පත‍්තචීවරමාදාය අඤ‍්ඤං කඤ‍්චි අනාමන‍්තෙත්‍වා සීහො විය එකචරො නන්‍දතාපසස‍්ස අන‍්තෙවාසිකෙසු ඵලාඵලත්‍ථාය ගතෙසු “බුද‍්ධභාවං මෙ ජානාතූ”ති පස‍්සන‍්තස‍්සෙව නන්‍දතාපසස‍්ස ආකාසතො ඔතරිත්‍වා පථවියං පතිට‍්ඨාසි. නන්‍දතාපසො බුද‍්ධානුභාවඤ‍්චෙව ලක‍්ඛණපාරිපූරිඤ‍්ච දිස‍්වා ලක‍්ඛණමන‍්තෙ සම‍්මසිත්‍වා “ඉමෙහි ලක‍්ඛණෙහි සමන‍්නාගතො නාම අගාරං අජ‍්ඣාවසන‍්තො රාජා හොති චක‍්කවත‍්තී, පබ‍්බජන‍්තො ලොකෙ විවටච‍්ඡදො සබ‍්බඤ‍්ඤූ බුද‍්ධො හොති. අයං පුරිසාජානීයො නිස‍්සංසයං බුද‍්ධොති ඤත්‍වා පච‍්චුග‍්ගමනං කත්‍වා, පඤ‍්චපතිට‍්ඨිතෙන වන්‍දිත්‍වා, ආසනං පඤ‍්ඤාපෙත්‍වා, අදාසි. නිසීදි භගවා පඤ‍්ඤත‍්තෙ ආසනෙ. නන්‍දතාපසොපි අත‍්තනො අනුච‍්ඡවිකං ආසනං ගහෙත්‍වා එකමන‍්තං නිසීදි.

මේ කාලයේදී පදුමුත්තර භාග්‍යවතුන් වහන්සේ ලොව පහළ වූ සේක්, හංසවතී නුවර ඇසුරු කරමින් වාසය කරන සේක්. එක් දිනක් අළුයම් කාලයෙහි ලොව බලා වදාරණ සේක්, නන්ද තාපසයාගේ අතවැසි ජටිලයන් රහත්වන බව ද නන්ද තාපසයාගේ අංග දෙකකින් යුක්ත ශ්‍රාවක තනතුරකට කරන ප්‍රාර්ථනාව ද දැක උදෑසනම සිරුර පිළිදැගුම් කොට නිමවා පෙරවරු සමයෙහි පා සිවුරු ගෙන අන් කිසි භික්‍ෂුවක් නො කැඳවා සිංහයෙකු මෙන් හුදෙකලාව, නන්ද තාපසයාගේ අතවැසියන් ඵල ඵල්ලව ගෙන ඒමට ගිය කල්හි “මාගේ බුද්ධ භාවය දැන ගනීවා” යි පෙනෙමින් ම අහසින් බැස නන්ද තාපසයා ඉදිරියේ පොළොවෙහි සිටි සේක. නන්ද තාපසයා බුද්ධානුභාවයත් එමෙන්ම පිරිපුන් ලක්‍ෂණ සම්පත්තියත් දැක, ලක්‍ෂණ ශාස්ත්‍රය සිහිපත් කර බලා “මේ ශරීර ලක්‍ෂණවලින් යුතු තැනැත්තා ගිහිගෙයි විසුවොත් සක්විති රජ කෙනෙක් වේ. පැවිදි වුවහොත් ලොව ඇලීම ඉවත් කළ (බැහැර ලූ) සර්වඥ වූ බුදුරජාණන් වහන්සේ නමක් වේ. මේ උත්කෘෂ්ඨ පුද්ගල තෙම අනිවාර්යයෙන්ම (නිසැකවම) බුදුවරයෙකි”යි දැන පෙරගමන් කොට පසඟ පිහිටුවා වැඳ අසුන් පනවා දුන්නේය. භාග්‍යවතුන් වහන්සේ පැනවූ අසුනෙහි වැඩ සිටි සේක. නන්ද තාපසයා ද තමාට යෝග්‍ය වූ අසුනක් ගෙන එකත් පසෙක සිටියේය.

තස‍්මිං සමයෙ චතුචත‍්තාලීසසහස‍්සජටිලා පණීතපණීතානි ඔජවන‍්තානි ඵලාඵලානි ගහෙත්‍වා ආචරියස‍්ස සන‍්තිකං සම‍්පත‍්තා බුද‍්ධානඤ‍්චෙව ආචරියස‍්ස ච නිසින‍්නාසනං ඔලොකෙන‍්තා ආහංසු – “ආචරිය, මයං ‘ඉමස‍්මිං ලොකෙ තුම‍්හෙහි මහන‍්තතරො නත්‍ථී’ති විචරාම, අයං පන පුරිසො තුම‍්හෙහි මහන‍්තතරො මඤ‍්ඤෙ”ති. නන්‍දතාපසො, “තාතා, කිං වදෙථ, සාසපෙන සද‍්ධිං අට‍්ඨසට‍්ඨිසතසහස‍්සයොජනුබ‍්බෙධං සිනෙරුං උපමෙතුං ඉච‍්ඡථ, සබ‍්බඤ‍්ඤුබුද‍්ධෙන සද‍්ධිං මා මං උපමිත්‍ථා”ති ආහ. අථ තෙ තාපසා “සචෙ අයං ඔරකො අභවිස‍්ස, න අම‍්හාකං ආචරියො එවං උපමං ආහරෙය්‍ය, යාව මහා වතායං පුරිසාජානීයො”ති පාදෙසු නිපතිත්‍වා සිරසා වන්‍දිංසු. අථ තෙ ආචරියො ආහ – “තාතා, අම‍්හාකං බුද‍්ධානං අනුච‍්ඡවිකො දෙය්‍යධම‍්මො නත්‍ථි, භගවා ච භික‍්ඛාචාරවෙලායං ඉධාගතො, තස‍්මා මයං යථාබලං දෙය්‍යධම‍්මං දස‍්සාම, තුම‍්හෙ යං යං පණීතං ඵලාඵලං ආනීතං, තං තං ආහරථා”ති වත්‍වා ආහරාපෙත්‍වා හත්‍ථෙ ධොවිත්‍වා සයං තථාගතස‍්ස පත‍්තෙ පතිට‍්ඨාපෙසි. සත්‍ථාරා ඵලාඵලෙ පටිග‍්ගහිතමත‍්තෙ දෙවතා දිබ‍්බොජං පක‍්ඛිපිංසු. තාපසො උදකම‍්පි සයමෙව පරිස‍්සාවෙත්‍වා අදාසි. තතො භොජනකිච‍්චං නිට‍්ඨාපෙත්‍වා නිසින‍්නෙ සත්‍ථරි සබ‍්බෙ අන‍්තෙවාසිකෙ පක‍්කොසිත්‍වා සත්‍ථු සන‍්තිකෙ සාරණීයං කථං කථෙන‍්තො නිසීදි. සත්‍ථා “භික‍්ඛුසඞ‍්ඝො ආගච‍්ඡතූ”ති චින‍්තෙසි. භික‍්ඛූ සත්‍ථු චිත‍්තං ඤත්‍වා සතසහස‍්සමත‍්තා ඛීණාසවා ආගන‍්ත්‍වා සත්‍ථාරං වන්‍දිත්‍වා එකමන‍්තං අට‍්ඨංසු.

එසමයෙහි සතලිස් සාර දහසක් ජටිලයෝ ඉතා රසවත්, පෝෂ්‍යජනක පළතුරු ගෙන ගුරුවරයා සමීපයට පැමිණියාහු; බුදුරදුන්ගේ ද ගුරුවරයාගේ ද හුන්නාවූ ආසන දැක මෙසේ පැවසූහ. “ගුරුතුමනි! අපි මේ ලෝකයේ ඔබට වඩා උතුම් පුද්ගලයෙක් නැතැයි සිතුවෙමු. මේ උතුම් පුරුෂයා වනාහි ඔබට වඩා ඉතා ශ්‍රේෂ්ඨ යැයි සිතන්නේ ද?” ඒ වදන් ඇසූ නන්ද තාපසතුමා “නුඹලා කුමක් කියහුද? අබ ඇටයක් සමග හැට අට ලක්‍ෂයක් යොදුන් උස් වූ මහමෙර සම කිරීමට කැමතිද? සර්වඥ බුදුවරයකු සමග මා සමාන නොකරන්න” යි පැවසීය. ඉක්බිති ඒ තාපසවරු “ඉදින් මොහු පහත් පුද්ගලයෙක් නොවන්නේ නම් අපගේ ගුරුතුමා මෙවැනි උපමා නොදක්වන්නේය. ඒකාන්තයෙන් මෙතෙම ශ්‍රේෂ්ඨතම පුරුෂයා” යැයි සිතා බුදු පියාණන් වහන්සේගේ පාමුල වැටී හිසින් වන්දනා කළහ. ඉක්බිති ඔවුන්ට ගුරුවරයා මෙසේ පැවසීය. “දරුවනි, අපට බුදුවරයන්ට දීමට සුදුසු දාන මානයක් නැත. භාග්‍යවතුන් වහන්සේ ද පිඬු සිඟා යන වේලාවෙහි මෙහි වැඩම කළ සේක. එනිසා, අපි ශක්ති පරිද්දෙන් දානයක් දෙමු. නුඹලා ගෙනෙන ලද ප්‍රණීත පළතුරු ඇත්තේ ද ඒවා ගෙනෙවු” යි කියා ඒවා ගෙන්වා අත් සෝදා, තමා ම එම පළතුරු තථාගතයන්ගේ පාත්‍රයෙහි තැන්පත් කළේය. ශාස්තෲන් වහන්සේ පළතුරු පිළිගත් මොහොතෙහි දෙවියෝ එහි දිව්‍ය ඕජස් බහාලූහ. තාපසතුමා තමා ම ජලය ද පෙරා පිළිගැන්වීය. ඉක්බිති ආහාර වැළඳීම නිමා කර හුන් බුදුරජාණන් වහන්සේ සියලු අතවැසියන් අමතා සමීපයේ හිඳුවා පිළිසඳර කථාව කරමින් හුන් සේක. ශාස්තෲන් වහන්සේ “භික්‍ෂු සංඝයා එත්වා!”යි සිතූ සේක. භික්‍ෂූහු ශාස්තෲන් වහන්සේගේ සිත දැන, ලක්‍ෂයක් පමණ මහරහත්හු පැමිණ උන්වහන්සේට වැඳ එකත් පසෙක සිටියහ.

නන්‍දතාපසො අන‍්තෙවාසිකෙ ආමන‍්තෙසි – “තාතා, බුද‍්ධානං නිසින‍්නාසනම‍්පි නීචං, සමණසතසහස‍්සස‍්සපි ආසනං නත්‍ථි, තුම‍්හෙහි අජ‍්ජ උළාරං භගවතො භික‍්ඛුසඞ‍්ඝස‍්ස ච සක‍්කාරං කාතුං වට‍්ටති , පබ‍්බතපාදතො වණ‍්ණගන්‍ධසම‍්පන‍්නානි පුප‍්ඵානි ආහරථා”ති. අචින‍්තෙය්‍යත‍්තා ඉද‍්ධිවිසයස‍්ස මුහුත‍්තෙනෙව වණ‍්ණගන්‍ධසම‍්පන‍්නානි පුප‍්ඵානි ආහරිත්‍වා බුද‍්ධානං යොජනප‍්පමාණං පුප‍්ඵාසනං පඤ‍්ඤාපෙසුං. අග‍්ගසාවකානං තිගාවුතං, සෙසභික‍්ඛූනං අඩ‍්ඪයොජනිකාදිභෙදං, සඞ‍්ඝනවකස‍්ස උසභමත‍්තං අහොසි. එවං පඤ‍්ඤත‍්තෙසු ආසනෙසු නන්‍දතාපසො තථාගතස‍්ස පුරතො අඤ‍්ජලිං පග‍්ගය‍්හ ඨිතො, “භන‍්තෙ, මය‍්හං දීඝරත‍්තං හිතාය සුඛාය ඉමං පුප‍්ඵාසනං අභිරුහථා”ති ආහ. නිසීදි භගවා පුප‍්ඵාසනෙ. එවං නිසින‍්නෙ සත්‍ථරි සත්‍ථු ආකාරං ඤත්‍වා භික‍්ඛූ අත‍්තනො අත‍්තනො පත‍්තාසනෙ නිසීදිංසු. නන්‍දතාපසො මහන‍්තං පුප‍්ඵඡත‍්තං ගහෙත්‍වා තථාගතස‍්ස මත්‍ථකෙ ධාරෙන‍්තො අට‍්ඨාසි. සත්‍ථා “තාපසානං අයං සක‍්කාරො මහප‍්ඵලො හොතූ”ති නිරොධසමාපත‍්තිං සමාපජ‍්ජි. සත්‍ථු සමාපන‍්නභාවං ඤත්‍වා භික‍්ඛූපි සමාපජ‍්ජිංසු. තථාගතෙ සත‍්තාහං නිරොධං සමාපජ‍්ජිත්‍වා නිසින‍්නෙ අන‍්තෙවාසිකා භික‍්ඛාචාරකාලෙ සම‍්පත‍්තෙ වනමූලඵලාඵලං පරිභුඤ‍්ජිත්‍වා සෙසකාලෙ බුද‍්ධානං අඤ‍්ජලිං පග‍්ගය‍්හ තිට‍්ඨන‍්ති. නන්‍දතාපසො පන භික‍්ඛාචාරම‍්පි අගන‍්ත්‍වා පුප‍්ඵඡත‍්තං ධාරෙන‍්තො සත‍්තාහං පීතිසුඛෙනෙව වීතිනාමෙති.

නන්ද තාපසයා අන්තේවාසිකයන්ට ඇමතීය. “දරුවනි, බුදුරජාණන් වහන්සේ හුන් ආසනය ද කුඩා වූවකි. රහතන් වහන්සේලා ලක්‍ෂයකට ද ආසන නැත. නුඹලා විසින් භාග්‍යවතුන් වහන්සේට ද භික්‍ෂු මහා සංඝයාට ද මහත් සත්කාර කිරීමට සුදුසුය. පර්වත පාදයෙන් වර්ණවත් වූත් සුවඳවත් මල් රැගෙන එවු”යි පැවසීය. අචින්තනීය (නොසිතිය හැකි) සෘද්ධි මහිමයෙන් මොහොතකින්ම වර්ණවත් සුවඳ මල් ගෙනවුත් බුදුරදුන්ට යොදුනක් පමණ වූ මල් අසුනක් පැනවූහ. අග්‍ර ශ්‍රාවකයන්ට තුන් ගවුවක් වූ ආසන දෙකක් ද සෙසු භික්‍ෂූන් වහන්සේලාට අඩ යොදුන් ආදී මල් අසුන් ද නවක පැවිද්දන්ට උසභයක් පමණ (රියන් 140 ක්) මල් අසුන් ද සැදූහ. මෙසේ පනවන ලද ආසන ඇති කල්හි නන්ද තාපසයා බුදු රජාණන් වහන්සේ ඉදිරියෙහි ඇඳිලි බැඳගෙන සිට, “ස්වාමීනි! අපට බොහෝ කාලයක් හිතසුව පිණිස මේ මල් අසුන් පිළි ගන්නා සේක්වා”යි අයැද සිටියේය. භාග්‍යවතුන් වහන්සේ මල් අසුනෙහි වැඩහුන් සේක. මෙසේ ශාස්තෲන් වහන්සේ වැඩහුන් ආකාරය දැන භික්‍ෂූන් වහන්සේලා ද තම තමාට පැමිණි ආසනවල වැඩහුන් කල්හි, නන්ද තාපසයා මහත් වූ මල් කූඩයක් ගෙන තථාගතයන් වහන්සේගේ හිසට එය අල්ලාගෙන සිටියේය. ශාස්තෲන් වහන්සේ, “තාපසතුමන්ගේ මේ මහත් වූ සත්කාරය මහත් ඵල වේවා”යි නිරෝධ සමාපත්තියට සමවැදුණු සේක. ශාස්තෲන් වහන්සේ සමවතට සමවැදුණු බව දැන භික්‍ෂූන් වහන්සේලා ද සමවතට සමවැදුනහ. තථාගතයන් වහන්සේ සත් දිනක් නිරෝධ සමාපත්තියට සමවැද හුන් කල්හි තුළ අතවැසි තාපසවරු පිඬු සිඟා යන කාලයේදී වන මුල් පල වැල අනුභව කර, සෙසු කාලයෙහිදී බුදුරජාණන් වහන්සේට ඇඳිලි බැඳ වැඳගෙන සිටිති. නන්ද තාපසතුමා වනාහි පිඬුසිඟා යන වේලාවෙහිත් පිටත නොයා මල් කූඩය දරමින්ම සත් දිනක් ප්‍රීති සුවයෙන් ම ගත කළේය.

සත්‍ථා නිරොධතො වුට‍්ඨාය අරණවිහාරිඅඞ‍්ගෙන දක‍්ඛිණෙය්‍යඞ‍්ගෙන චාති ද‍්වීහි අඞ‍්ගෙහි සමන‍්නාගතං එකං සාවකං “ඉසිගණස‍්ස පුප‍්ඵාසනානුමොදනං කරොහී”ති ආණාපෙසි. සො චක‍්කවත‍්තිරඤ‍්ඤො සන‍්තිකා පටිලද‍්ධමහාලාභො මහායොධො විය තුට‍්ඨමානසො අත‍්තනො විසයෙ ඨත්‍වා තෙපිටකං බුද‍්ධවචනං සම‍්මසිත්‍වා අනුමොදනං අකාසි. තස‍්ස දෙසනාවසානෙ සත්‍ථා සයං ධම‍්මං දෙසෙසි. දෙසනාපරියොසානෙ සබ‍්බෙ චතුචත‍්තාලීසසහස‍්සතාපසා අරහත‍්තං පාපුණිංසු. සත්‍ථා “එථ, භික‍්ඛවො”ති හත්‍ථං පසාරෙසි. තෙසං තාවදෙව කෙසමස‍්සු අන‍්තරධායි. අට‍්ඨ පරික‍්ඛාරා කායෙ පටිමුක‍්කාව අහෙසුං සට‍්ඨිවස‍්සත්‍ථෙරා විය සත්‍ථාරං පරිවාරයිංසු. නන්‍දතාපසො පන වික‍්ඛිත‍්තචිත‍්තතාය විසෙසං නාධිගච‍්ඡි. තස‍්ස කිර අරණවිහාරිත්‍ථෙරස‍්ස සන‍්තිකෙ ධම‍්මං සොතුං ආරද‍්ධකාලතො පට‍්ඨාය “අහො වතාහම‍්පි අනාගතෙ උප‍්පජ‍්ජනකබුද‍්ධස‍්ස සාසනෙ ඉමිනා සාවකෙන ලද‍්ධධුරං ලභෙය්‍ය”න‍්ති චිත‍්තං උදපාදි. සො තෙන පරිවිතක‍්කෙන මග‍්ගඵලපටිවෙධං කාතුං නාසක‍්ඛි. තථාගතං පන වන්‍දිත්‍වා සම‍්මුඛෙ ඨත්‍වා ආහ – “භන‍්තෙ, යෙන භික‍්ඛුනා ඉසිගණස‍්ස පුප‍්ඵාසනානුමොදනා කතා, කො නාමායං තුම‍්හාකං සාසනෙ”ති. “අරණවිහාරිඅඞ‍්ගෙ දක‍්ඛිණෙය්‍යඅඞ‍්ගෙ ච එතදග‍්ගං පත‍්තො එසො භික‍්ඛූ”ති. “භන‍්තෙ, ය‍්වායං මයා සත‍්තාහං පුප‍්ඵඡත‍්තං ධාරෙන‍්තෙන සක‍්කාරො කතො, තෙන අධිකාරෙන න අඤ‍්ඤං සම‍්පත‍්තිං පත්‍ථෙමි, අනාගතෙ පන එකස‍්ස බුද‍්ධස‍්ස සාසනෙ අයං ථෙරො විය ද‍්වීහඞ‍්ගෙහි සමන‍්නාගතො සාවකො භවෙය්‍ය”න‍්ති පත්‍ථනමකාසි.

ශාස්තෲන් වහන්සේ නිරෝධ සමාපත්තියෙන් නැගිට මෛත්‍රී විහරණ අංගයෙන් ද දක්‍ෂිණාවට සුදුසු අංගයෙන් ද යන අංග දෙකින් සමන්විත වූ එක් ශ්‍රාවකයෙකුට “සෘෂි සමූහයාගේ මල් අසුන් පිදීමට පුණ්‍යානුමෝදනා කරව”යි අණ කළ සේක. උන්වහන්සේ සක්විති රජකු ළඟදී ලැබූ මහාලාභයක් ඇති මහා යෝධයකු මෙන් සතුටු සිතැතිව, තම විෂයෙහි සිට, ත්‍රිපිටක බුද්ධ වචනයම සිහිකර අනුමෝදනාව කළ සේක. උන්වහන්සේගේ දෙසුම අවසන්හි තථාගතයන් වහන්සේ ද ධර්ම දේශනාවක් කළ සේක. ධර්ම දේශනා අවසන් වූ කල්හි, හතලිස් හතර දාහක් තාපසයෝ සියළු දෙනම රහත් බවට පත්වූහ. ශාස්තෲන් වහන්සේ “මහණෙනි, මෙහි එව” යි අත දික් කළ සේක. එකෙණෙහිම ඔවුන්ගේ කෙස් රවුල් අතුරුදන් විය. අටපිරිකර කයෙහි හැඳ පොරවාගෙනම පහළ විය. සැට වස් පිරි මහතෙරුන් වහන්සේලා මෙන් ශාස්තෲන් වහන්සේ පිරිවරා ගත්හ. නන්ද තාපසතුමා වනාහී අවුල් වූ සිත් ඇති බැවින් සෝවාන් ආදී ගුණ විශේෂයකට නොපැමිණියේය. ඔහුට මෙත් විහරණ ඇති තෙරුන්ගෙන් බණ ඇසීමට පටන් ගත් මොහොතෙහි සිටම “අනේ, ඒකාන්තයෙන් මා හටද අනාගතයේ උපදින බුදුවරයකුගේ සසුනේදී මේ ශ්‍රාවකයන් වහන්සේ විසින් ලැබූ තනතුර ලැබෙන්නේ නම් යෙහෙකි”යි යන සිත පහළ විය. ඔහු එම කල්පනාව නිසා (විතර්කය නිසා) මගඵල සාක්‍ෂාත් කර ගැනීමට අපොහොසත් විය. ඉක්බිති තථාගතයන් වහන්සේට වැඳ ඉදිරියෙහි සිටි තාපසතුමා “ස්වාමීනි, යම් භික්‍ෂුවක විසින් සෘෂි සමූහයාට මල් ආසන අනුමෝදනා දේශනාව පැවැත්වූ සේක් ද උන්වහන්සේ ඔබ වහන්සේගේ ශාසනයෙහි කවර නම් ඇත්තෙකුවේද?” යි ඇසීය. “ඒ භික්‍ෂුව අරණ විහාරී අංගයෙන් ද දක්‍ෂිණෙය්‍ය අංගයෙන් ද අග්‍රභාවයට පත් වූවෙකි”යි බුදුහු දෙසූහ. “ස්වාමීනි, මා විසින් සත් දිනක් මල් කූඩයක් දරමින් ඔබ වහන්සේට සත්කාර කරන ලද්දෙමි. ඒ පුණ්‍ය මහිමයෙන් වෙනත් සැපතක් නොපතන්නෙමි. අනාගතයේ පහළ වන එක් බුදුරජාණන් වහන්සේ නමකගේ සසුනෙහි දී මේ තෙරුන් මෙන් අංග දෙකකින් සමන්විත අග්‍ර ශ්‍රාවකයෙක් වන්නේ නම් මැනවි”යි තාපසතුමා ප්‍රාර්ථනා කළේය.

සත්‍ථා “සමිජ‍්ඣිස‍්සති නු, ඛො ඉමස‍්ස තාපසස‍්ස පත්‍ථනා”ති අනාගතංසඤාණං පෙසෙත්‍වා ඔලොකෙන‍්තො කප‍්පසතසහස‍්සං අතික‍්කමිත්‍වා සමිජ‍්ඣනකභාවං දිස‍්වා නන්‍දතාපසං ආහ – “න තෙ අයං පත්‍ථනා මොඝා භවිස‍්සති, අනාගතෙ කප‍්පසතසහස‍්සං අතික‍්කමිත්‍වා ගොතමො නාම බුද‍්ධො උප‍්පජ‍්ජිස‍්සති, තස‍්ස සන‍්තිකෙ සමිජ‍්ඣිස‍්සතී”ති වත්‍වා ධම‍්මකථං කථෙත්‍වා භික‍්ඛුසඞ‍්ඝපරිවුතො ආකාසං පක‍්ඛන්‍දි. නන්‍දතාපසො යාව චක‍්ඛුපථසමතික‍්කමා සත්‍ථාරං භික‍්ඛුසඞ‍්ඝඤ‍්ච උද‍්දිස‍්ස අඤ‍්ජලිං පග‍්ගය‍්හ අට‍්ඨාසි. සො අපරභාගෙ කාලෙන කාලං සත්‍ථාරං උපසඞ‍්කමිත්‍වා ධම‍්මං සුණි. අපරිහීනජ‍්ඣානොව කාලඞ‍්කත්‍වා බ්‍රහ‍්මලොකෙ නිබ‍්බත‍්තො. තතො පන චුතො අපරානිපි පඤ‍්ච ජාතිසතානි පබ‍්බජිත්‍වා ආරඤ‍්ඤකො අහොසි. කස‍්සපසම‍්මාසම‍්බුද‍්ධකාලෙපි පබ‍්බජිත්‍වා ආරඤ‍්ඤකො හුත්‍වා ගතපච‍්චාගතවත‍්තං පූරෙසි. එතං කිර වත‍්තං අපරිපූරෙත්‍වා මහාසාවකභාවං පාපුණන‍්තා නාම නත්‍ථි. ගතපච‍්චාගතවත‍්තං පන ආගමට‍්ඨකථාසු වුත‍්තනයෙනෙව වෙදිතබ‍්බං. සො වීසතිවස‍්සසහස‍්සානි ගතපච‍්චාගතවත‍්තං පූරෙත්‍වා කාලඞ‍්කත්‍වා කාමාවචරදෙවලොකෙ තාවතිංසභවනෙ නිබ‍්බත‍්ති. වුත‍්තඤ‍්හෙතං අපදානෙ (අප· ථෙර 1.3.151) –

ශාස්තෲන් වහන්සේ ද “මේ තාපසතුමාගේ ප්‍රාර්ථනාව ඉටු වන්නේදැ”යි අනාගත සංඥාව උපදවා බලන සේක්, කල්ප ලක්‍ෂයකට පසුව එය සමෘද්ධවන බව දැක නන්ද තාපසයාට මෙසේ වදාළහ. “මේ ඔබගේ ප්‍රාර්ථනාව හිස් වූවක් නොවන්නේය. කල්ප ලක්‍ෂයක් ඉක්මවා අනාගතයේදී “ගෞතම” නම් බුදුපියාණන් වහන්සේ ලොව පහළ වන සේක. ඔබගේ ප්‍රාර්ථනාව උන්වහන්සේ හමුයෙහි ඉටු වන්නේයැ”යි වදාරා, ධර්ම කථාවකින් ඔහු සිත් සතුටු කරවා බික් සඟන පිරිවරාගෙන අහසට පැන නැගි සේක. නන්ද තාපසතුමා ඇස් පෙනෙන මානය දක්වාම ශාස්තෲන් වහන්සේ සහ බික් සඟන උදෙසා ඇඳිලි බැඳ වැඳගෙන සිටියේය. ඔහු පසුව කලින් කලට බුදුපියාණන් වහන්සේ වෙත අවුත් බණ අසමින් නොපිරිහුණු ධ්‍යාන ඇතිව කල්යවා කළුරිය කොට, බඹලොව උපන්නේය. ඉන් චුතව වෙනත් ආත්ම භාව පන්සීයක ඉපිද පැවිදි වී ආරණ්‍යයෙහි වාසය කළේය. කාශ්‍යප බුදුරජාණන් වහන්සේ පහළ වූ සමයේත් පැවිදි වී ආරණ්‍යයෙහි වාසය කරමින් “ගත පච්චාගතවත” පුරන ලදි. මේ “වත” සම්පූර්ණ නොකර, මහා ශ්‍රාවක බවට පත් වීමක් නම් නැත. ගත පච්චාගත වත පිළිබඳව ආගමට්ඨකථාවන්හි පැවසූ පරිදිම දත යුතුයි. ඔහු අවුරුදු විසි දාහයක් ගතපච්චාගත වත පුරා කළුරිය කොට කාමාවචර දිව්‍ය ලෝක අතරින් තාවතිංස දෙව්ලොව උපන්නේය. මේ තොරතුරු අපදාන පාලියේ ගාථාවලින් මෙසේ දැක්වේ. අපදාන පාළියේ (I) සුභූති ත්‍ථෙරාපදානයේ සිංහලාර්ථය පහත දක්වනු ලැබේ.

“හිමවන‍්තස‍්සාවිදූරෙ , නිසභො නාම පබ‍්බතො; අස‍්සමො සුකතො මය‍්හං, පණ‍්ණසාලා සුමාපිතා.

“හිමවතට සමීපයේ වූ නිසභ නම් පර්වතයෙහි මා හට අසපුවක් විය. එහි මැනවින් සාදන ලද පන්සලක් විය.

“කොසියො නාම නාමෙන, ජටිලො උග‍්ගතාපනො; එකාකියො අදුතියො, වසාමි නිසභෙ තදා.

එකල එහි වසන මම උග්‍ර වූ තපස් ඇති “කෝසිය” නම් ජටිලයෙක් වූයෙමි. නිසභ පර්වතයෙහි හුදෙකලාවම වාසය කළෙමි.

“ඵලං මූලඤ‍්ච පණ‍්ණඤ‍්ච, න භුඤ‍්ජාමි අහං තදා; පවත‍්තංව සුපාතාහං, උපජීවාමි තාවදෙ.

එදවස්හි මම ගස්වලින් නෙලාගත් ගෙඩි, මුල්, කොළ ආදිය අනුභව නොකළෙමි. ඉබේම වැටුණු ඉදුණු කොළම අනුභව කරමින් ජීවත් වූයෙමි.

“නාහං කොපෙමි ආජීවං, චජමානොපි ජීවිතං; ආරාධෙමි සකං චිත‍්තං, විවජ‍්ජෙමි අනෙසනං.

දිවිගිය ද මේ යහපත් දිවිපැවැත්ම (සම්මා ආජීවය) වෙනස් නොකළෙමි. තම සිත අල්පේච්ඡ ගුණාදියෙහි පැහැද වූයෙමි. වෙදකම් ආදී නුසුදුසු ජීවිකාවන්ගෙන් දුරු වූයෙමි.” (313-816)

“රාගූපසංහිතං චිත‍්තං, යදා උප‍්පජ‍්ජතෙ මම; සයංව පච‍්චවෙක‍්ඛාමි, එකග‍්ගො තං දමෙමහං.

“යම් කලෙක මා හට රාග සිතක් උපදී නම්, මම ම එය නුවණින් සිහිකර බලමි. එකඟ වූ සිත් ඇති මම, මා හට ම මෙසේ අවවාද කර ගනිමින් සිත දමනය කර ගනිමි.

“රජ‍්ජසෙ රජ‍්ජනීයෙ ච, දුස‍්සනීයෙ ච දුස‍්සසෙ; මුය‍්හසෙ මොහනීයෙ ච, නික‍්ඛමස‍්සු වනා තුවං.

‘නුඹ ඇලුම් කරන දේවල්වල ඇලේ ද ගැටිය යුතු කරුණෙහි තරහ සිතින් ගැටේද මුළාවන කරුණුවල මුළාවන්නෙහි ද එසේ නම් වනයෙන් නික්ම ගිහි බවට යව.

“විසුද‍්ධානං අයං වාසො, නිම‍්මලානං තපස‍්සිනං; මා ඛො විසුද‍්ධං දූසෙසි, නික‍්ඛමස‍්සු වනා තුවං.

මේ කැළයේ විසුම පිරිසිදු වූ නිර්මල තපෝ ගුණ ඇතියනට පමණක් අයත් වූවකි. නුඹ මේ පිරිසිදු වනය දූෂණය නොකර ඉන් පිටත්ව යව.

“අගාරිකො භවිත්‍වාන, යදා පුත‍්තං ලභිස‍්සසි; උභොපි මා විරාධෙසි, නික‍්ඛමස‍්සු වනා තුවං.

ගිහි භාවයට ගිය නුඹ සෑම කල්හිම නුඹට ප්‍රිය වූ දෑ ලබන්නෙහිය. නුඹ ගිහි බව ද පැවිදි බවද යන දෙකම වරද්දා නොගනුව! ඒ දෙක මිශ්‍ර කර නොගෙන වනයෙන් නික්ම යව.

“ඡවාලාතං යථා කට‍්ඨං, න ක්‍වචි කිච‍්චකාරකං; නෙව ගාමෙ අරඤ‍්ඤෙ වා, න හි තං කට‍්ඨසම‍්මතං.

යම්සේ සොහොනේ දැවුණු ගිණිපෙනෙල්ල කිසිදු සුභ කටයුත්තකට නොගනීද ගමෙහි හෝ කැලයේ “දර කැබැල්ලක්” ලෙස නොසලකන්නේ ද,

“ඡවාලාතූපමො ත්‍වං සි, න ගිහී නාපි සඤ‍්ඤතො; උභතො මුත‍්තකො අජ‍්ජ, නික‍්ඛමස‍්සු වනා තුවං.

එලෙසින් ම නුඹ ද ගිහියෙක් ද පැවිද්දෙක් ද නොවන්නෙහිය. ගිහි පැවිදි දෙකින්ම මිදුණු නුඹ සොහොන් පෙනෙල්ලක් බඳුය. අදම වනයෙන් නික්ම යව.” (817-822)

“සියා නු ඛො තව එතං, කො පජානාති තෙ ඉදං; සද‍්ධාධුරං වහිසි මෙ, කොසජ‍්ජබහුලාය ච.

“නුඹගේ මේ පාපී ස්වභාවය කවරෙකු නම් දන්නෙහිද? නුඹ ශ්‍රද්ධා ධුරය දුරු කරන්නෙහි නම් එය නුඹගේ කුසීතකම වැඩිවීමට හේතු වේ.

“ජිගුච‍්ඡිස‍්සන‍්ති තං විඤ‍්ඤූ, අසුචිං නාගරිකො යථා; ආකඩ‍්ඪිත්‍වාන ඉසයො, චොදයිස‍්සන‍්ති තං සදා.

නුවර වැසියෙක් අශුචි පිළිකුල් කරන්නාක් මෙන් නුවණැත්තෝ නුඹ පිළිකුල් කරති. සෘෂිවරු නුඹ ඉවතට ඇද දමා සෑම කල්හි චෝදනා කරන්නාහුය.

“තං විඤ‍්ඤූ පවදිස‍්සන‍්ති, සමතික‍්කන‍්තසාසනං; සංවාසං අලභන‍්තො හි, කථං ජීවිහිසි තුවං.

නුවණැත්තෝ නුඹ සසුනින් බැහැර වූවෙකැයි පවසති. නුවණැත්තන් හා එක්ව විසුමක් නොලබන නුඹ කෙසේ නම් තනිව ජීවත්වන්නෙහිද?” (823-825)

“තිධාපභින‍්නං මාතඞ‍්ගං, කුඤ‍්ජරං සට‍්ඨිහායනං; බලී නාගො උපගන‍්ත්‍වා, යූථා නීහරතෙ ගජං.

“බලවත් වූ ඇත් රජෙක් පැමිණ, ත්‍රිමදගලිත වූ මාතාංග කුලයෙහි උපන්නා වූ සැට වයස් පිරි මහ ඇතෙකු ඇත් රැළෙන් ඉවතට ඇද දමන්නේ ය.

“යූථා විනිස‍්සටො සන‍්තො, සුඛං සාතං න වින්‍දති; දුක‍්ඛිතො විමනො හොති, පජ‍්ඣායන‍්තො පවෙධති.

ඇත් රැළෙන් බැහැර එළවා දැමූ එම ඇතා සැපක් නම් නොලබයි. දුකින් දොම්නසින් යුතුව ලතවෙමින් වෙවුලයි.

“තථෙව ජටිලා තම‍්පි, නීහරිස‍්සන‍්ති දුම‍්මතිං; තෙහි ත්‍වං නිස‍්සටො සන‍්තො, සුඛං සාතං න ලච‍්ඡසි.

එලෙසින්ම ජටාදර තවුසෝ අඥාන වූ නුඹ පිරිසෙන් බැහැරලති. ඔවුන් විසින් බැහැර කරන ලද නුඹ සිතින්, කයින් සුවයක් නොලබන්නෙහිය.

“දිවා වා යදි වා රත‍්තිං, සොකසල‍්ලසමප‍්පිතො; දය‍්හති පරිළාහෙන, ගජො යූථාව නිස‍්සටො.

රෑ දවල් දෙක්හිම ඇණුනු ශෝක නමැති හුල් ඇතිව ඇත් රැලෙන් බැහැර කළ ඇතෙකු මෙන් නුඹ පරිලාහයෙන් දැවෙන්නෙහිය.

“ජාතරූපං යථා කූටං, නෙව ඣායති කත්‍ථචි; තථා සීලවීහිනො ත්‍වං, න ඣායිස‍්සසි කත්‍ථචි.

රන් කැබැල්ලක් කිසි තැනෙක යකුල නොදවන්නාක් මෙන් සීලයෙන් තොර වූ නුඹ කිසිලෙසකිනුත් කෙලෙස් නොදවන්නෙහිය.

“අගාරං වසමානොපි, කථං ජීවිහිසි තුවං; මත‍්තිකං පෙත‍්තිකඤ‍්චාපි, නත්‍ථි තෙ නිහිතං ධනං.

නුඹ ගිහිගෙට ගොස් කෙසේ ජීවත් වන්නේද? නුඹට මවගෙන් හෝ පියාගෙන් උරුම වූ තැන්පත් කළ ධනාදියක් නොමැත.

“සයං කම‍්මං කරිත්‍වාන, ගත‍්තෙ සෙදං පමොචයං; එවං ජීවිහිසි ගෙහෙ, සාධු තෙ තං න රුච‍්චති.

සිරුරින් ඩාදිය වගුරුවමින් තමාට කර්මාන්ත කොට ගිහිගෙයි වසන්නෙහිය. එබඳු ගිහි වාසය නුඹට රුචි නොවේවා!”

“එවාහං තත්‍ථ වාරෙමි, සංකිලෙසගතං මනං; නානාධම‍්මකථං කත්‍වා, පාපා චිත‍්තං නිවාරයිං.

මෙසේ මම පවට ගිය සිත කිළිටි බවින් මුදවමි. නොයෙක් ධර්ම කථා කියා සිත පවින් වළකන්නෙමි.” (826-833)

“එවං මෙ විහරන‍්තස‍්ස, අප‍්පමාදවිහාරිනො; තිංසවස‍්සසහස‍්සානි, විපිනෙ මෙ අතික‍්කමුං.

“මෙලෙස නොපමාවෙන් වනයෙහි වෙසෙන මම ඒ අයුරින් අවුරුදු තිස් දාහක් ගත කළෙමි.

“අප‍්පමාදරතං දිස‍්වා, උත‍්තමත්‍ථං ගවෙසකං; පදුමුත‍්තරසම‍්බුද‍්ධො, ආගච‍්ඡි මම සන‍්තිකං.

උත්තමාර්ථය වූ නිවණ සොයන, අප්‍රමාදී බවේ ඇලුණු මා දුටු පදුමුත්තර බුදුරජාණන් වහන්සේ මාගේ සමීපයට වැඩම කළහ.

“තිම‍්බරූසකවණ‍්ණාභො, අප‍්පමෙය්‍යො අනූපමො; රූපෙනාසදිසො බුද‍්ධො, ආකාසෙ චඞ‍්කමී තදා.

තියඹරා ගෙඩියක වර්ණයට සමාන පැහැ ඇති, අප්‍රමාණ වූ ගුණ මහිම ඇති, උපමා විෂයාතිකාන්ත වූ රූපයෙන් අසම වූ බුදුරජාණන් වහන්සේ එකල්හි අහසෙහි සක්මන් කළ සේක.

“සුඵුල‍්ලො සාලරාජාව, විජ‍්ජූවබ‍්භඝනන‍්තරෙ; ඤාණෙනාසදිසො බුද‍්ධො, ආකාසෙ චඞ‍්කමී තදා.

මැනවින් පිපුණු මහසල් රුකක් මෙන් ද වැසි වළාකුළු අතුරෙහි වූ විදුලියක් මෙන් ද නුවණින් අසම වූ බුදුපියාණන් වහන්සේ එකල්හි අහසෙහි සක්මන් කළ සේක.

“සීහරාජාවසම‍්භීතො, ගජරාජාව දප‍්පිතො; ලාසීතො බ්‍යග‍්ඝරාජාව, ආකාසෙ චඞ‍්කමී තදා.

අභීත වූ සිංහරාජයකු මෙන් ද, එඩිතර වූ ඇත් රජෙකු මෙන් ද බැබළුණු ව්‍යාඝ්‍රරාජයකු මෙන් ද බුදුරජාණන් වහන්සේ එකල්හි අහසෙහි සක්මන් කළ සේක.

“සිඞ‍්ඝීනික‍්ඛසවණ‍්ණාභො, ඛදිරඞ‍්ගාරසන‍්නිභො; මණි යථා ජොතිරසො, ආකාසෙ චඞ‍්කමී තදා.

‘සිංගී’ නම් රන් නිෂ්කයකට බඳු පැහැ ඇති, කිනිහිරි අඟුරු මෙන් දිලිසෙන ‘ජෝතිරස’ නම් මැණික බඳු වූ බුදුරජාණන් වහන්සේ එකල්හි අහසෙහි සක්මන් කළ සේක.

“විසුද‍්ධකෙලාසනිභො, පුණ‍්ණමායෙව චන්‍දිමා; මජ‍්ඣන‍්හිකෙව සූරියො, ආකාසෙ චඞ‍්කමී තදා.

නිර්මල කෛලාකූටය වැනි වූ පුන්සඳ වැනි වූ මධ්‍යාහ්නයේ සූර්යයා වැනි වූ බුදුපියාණන් වහන්සේ අහසෙහි සක්මන් කළ සේක. (834-840)

“දිස‍්වා නභෙ චඞ‍්කමන‍්තං, එවං චින‍්තෙසහං තදා; දෙවො නු ඛො අයං සත‍්තො, උදාහු මනුජො අයං.

අහසෙහි සක්මන් කරන උන්වහන්සේ දුටු මට එකල්හි මෙසේ සිතුණේය. “මේ මහා සත්‍වයා දෙවියෙක්ද? නැතිනම් මනුෂ්‍යයෙක්ද?

“න මෙ සුතො වා දිට‍්ඨො වා, මහියා එදිසො නරො; අපි මන‍්තපදං අත්‍ථි, අයං සත්‍ථා භවිස‍්සති.

මවිසින් පොළොවෙහි වෙසෙන මෙබඳු මනුෂ්‍යයෙක් පිළිබඳව නො ඇසුවෙමි. එසේම නුදුටුවෙමි. මහා පුරිස් ලකුණු දැක්වෙන මන්ත්‍ර පදයකුත් ඇත. එනිසා මේ ශාස්තෲවරයෙක්ම ය.”

“එවාහං චින‍්තයිත්‍වාන, සකං චිත‍්තං පසාදයිං; නානාපුප‍්ඵඤ‍්ච ගන්‍ධඤ‍්ච, සන‍්නිපාතෙසහං තදා.

මෙසේ සිතූ මම, මාගේ සිත උන්වහන්සේ කෙරෙහි පැහැද වූයෙමි. නොයෙක් මල් ද සුවඳ ද්‍රව්‍ය ද රැස් කර,

“පුප‍්ඵාසනං පඤ‍්ඤාපෙත්‍වා, සාධුචිත‍්තං මනොරමං; නරසාරථිනං අග‍්ගං, ඉදං වචනමබ්‍රවිං.

අනගි මල් අසුනක් පණවා යහපත් සිතැති, මනෝඥ වූ පුරුෂයන් දමනය කරන්නවුන්ගෙන් අග්‍ර වූ බුදුරජාණන් වහන්සේට මෙම වදන් පැවසුවෙමි.

“ඉදං මෙ ආසනං වීර, පඤ‍්ඤත‍්තං තවනුච‍්ඡවං; හාසයන‍්තො මමං චිත‍්තං, නිසීද කුසුමාසනෙ.

“වීරයන් වහන්ස! මවිසින් මේ අසුන ඔබ වහන්සේට සුදුසු කොට පනවන ලදි. මා සිත සතුට වඩමින් එම මල් අසුනෙහි හිඳිනු මැනවි.” (841-845)

“නිසීදි තත්‍ථ භගවා, අසම‍්භීතොව කෙසරී; සත‍්තරත‍්තින්‍දිවං බුද‍්ධො, පවරෙ කුසුමාසනෙ.

“භාග්‍යවත් වූ බුදුරජාණන් වහන්සේ රෑ දාවල් සතක් මුළුල්ලෙහිම අභීත කේශර සිංහරාජයකු මෙන් එම මල් අසුනෙහි වැඩහුන් සේක.

“නමස‍්සමානො අට‍්ඨාසිං, සත‍්තරත‍්තින්‍දිවං අහං; වුට‍්ඨහිත්‍වා සමාධිම‍්හා, සත්‍ථා ලොකෙ අනුත‍්තරො; මම කම‍්මං පකිත‍්තෙන‍්තො, ඉදං වචනමබ්‍රවි.

මම ද එම සතිය පුරාම උන්වහන්සේට නමස්කාර කරමින් සිටියෙමි. ලෝකයේ අනුත්තර වූ ශාස්තෲන් වහන්සේ සමාධියෙන් නැගිට, මාගේ කර්මය ප්‍රකාශ කරන සේක, මෙම වදන් වදාළ සේක.

“භාවෙහි බුද‍්ධානුස‍්සතිං, භාවනානමනුත‍්තරං; ඉමං සතිං භාවයිත්‍වා, පූරයිස‍්සසි මානසං.

“භාවනාවන් අතුරින් ශ්‍රේෂ්ඨ වූ බුද්ධානුස්සති භාවනාව වඩවන්න. එය වැඩීමෙන් නුඹගේ අධ්‍යාශය සම්පූර්ණ වන්නෙහිය.

“තිංසකප‍්පසහස‍්සානි , දෙවලොකෙ රමිස‍්සසි; අසීතික‍්ඛත‍්තුං දෙවින්‍දො, දෙවරජ‍්ජං කරිස‍්සසි; සහස‍්සක‍්ඛත‍්තුං චක‍්කවත‍්තී, රාජා රට‍්ඨෙ භවිස‍්සසි.

කල්ප තිස් දහසක් මුළුල්ලෙහි දිව්‍ය ලෝකයේ සිත් අලවා වාසය කරන්නෙහිය. අසූ වාරයක් ශක්‍ර දේවේන්‍ද්‍ර සම්පත් ලබන්නෙහිය. පෘථිවියේ දහස් වරක් සක්විති රජ වන්නෙහිය.

“පදෙසරජ‍්ජං විපුලං, ගණනාතො අසඞ‍්ඛියං; අනුභොස‍්සසි තං සබ‍්බං, බුද‍්ධානුස‍්සතියා ඵලං.

පෙදෙස් රජ සැප මෙතෙකැයි පමණ කළ නොහැක. මේ සියලු සැප සම්පත් නුඹ අනාගතයේ විඳින්නෙහිය. බුද්ධානුස්සති භාවනාවේ විපාකය මෙයයි.

“භවාභවෙ සංසරන‍්තො, මහාභොගං ලභිස‍්සසි; භොගෙ තෙ ඌනතා නත්‍ථි, බුද‍්ධානුස‍්සතියා ඵලං.

කුඩා මහත් වූ භවයන්හි හැසිරෙමින් මහත් වූ භෝග සම්පත් ලබන නුඹගේ භෝග සැප සම්පතෙහි කිසිදු අඩුපාඩුවක් නම් නොමැත. මේ බුද්ධානුස්සතියෙහි විපාකයයි. (846-852)

“කප‍්පසතසහස‍්සම‍්හි, ඔක‍්කාකකුලසම‍්භවො; ගොතමො නාම ගොත‍්තෙන, සත්‍ථා ලොකෙ භවිස‍්සති.

“කල්ප ලක්‍ෂයකින් මත්තෙහි ඔක්කාක වංශයේ උපදින ‘ගෞතම’ නම් බුදුරජාණන් වහන්සේ ලොව පහළ වෙති.

“අසීතිකොටිං ඡඩ‍්ඩෙත්‍වා, දාසෙ කම‍්මකරෙ බහූ; ගොතමස‍්ස භගවතො, සාසනෙ පබ‍්බජිස‍්සසි.

නුඹ එකල්හි බොහෝ දැසි දස් කම්කරුවන් ද අසූකෙළක් ධනය ද හැරදමා ගෞතම බුද්ධ ශාසනයෙහි පැවිදි වන්නෙහිය.

“ආරාධයිත්‍වා සම‍්බුද‍්ධං, ගොතමං සක්‍යපුඞ‍්ගවං; සුභූති නාම නාමෙන, හෙස‍්සසි සත්‍ථු සාවකො.

ශාක්‍ය කුල ශ්‍රේෂ්ඨ වූ ගෞතම බුදුරජාණන් වහන්සේ සතුටු කොට, සුභූති නම් වූ බුද්ධ ශ්‍රාවකයෙක් වන්නෙහිය.

“භික‍්ඛුසඞ‍්ඝෙ නිසීදිත්‍වා, දක‍්ඛිණෙය්‍යගුණම‍්හි තං; තථාරණවිහාරෙ ච, ද‍්වීසු අග‍්ගෙ ඨපෙස‍්සසි.

උන්වහන්සේ භික්‍ෂු සංඝයා මැද වැඩ හිඳ ඒ සුභූති තෙරුන් දක්‍ෂිණෙය්‍ය ගුණයෙහි ද එසේම නොඇලීමෙහි (අරණ විහාරයේ) ද යන දෙකරුණින් නුඹ අග තනතුරු ලබන්නෙහිය.

“ඉදං වත්‍වාන සම‍්බුද‍්ධො, ජලජුත‍්තමනාමකො; නභං අබ‍්භුග‍්ගමී වීරො, හංසරාජාව අම‍්බරෙ.

“ලෝකෝත්තර වූ බුදුරජාණන් වහන්සේ මෙසේ විවරණ ලබා දුන් සේක් අහසේ යන හංස රාජයකු පරිද්දෙන් අහසට පැන නැග වැඩි සේක.

“සාසිතො ලොකනාථෙන, නමස‍්සිත්‍වා තථාගතං; සදා භාවෙමි මුදිතො, බුද‍්ධානුස‍්සතිමුත‍්තමං.

මෙසේ ලෝක නාථයන් වහන්සේ විසින් ලැබූ අනුශාසනා ඇති මම උන්වහන්සේට වැඳ, හැම කල්හි තුටු වූ සිත් ඇතිව උතුම් බුද්ධානුස්සති භාවනාව වැඩුවෙමි.

“තෙන කම‍්මෙන සුකතෙන, චෙතනාපණිධීහි ච; ජහිත්‍වා මානුසං දෙහං, තාවතිංසං අගච‍්ඡහං.

මනාව කරන ලද එම පුණ්‍යකර්මයෙන් හා චිත්ත ප්‍රණිධියෙහි හේතුවෙන් මිනිස් කය හැර දැමූ මම තව්තිසා දෙව්ලොව ඉපදුනෙමි.

“අසීතික‍්ඛත‍්තුං දෙවින්‍දො, දෙවරජ‍්ජමකාරයිං; සහස‍්සක‍්ඛත‍්තුං රාජා ච, චක‍්කවත‍්තී අහොසහං.

අසූවරක් ශක්‍රදේවේන්‍ද්‍රව ද දහස් වරක් සක්විති රජ ද වූයෙමි.

“පදෙසරජ‍්ජං විපුලං, ගණනාතො අසඞ‍්ඛියං; අනුභොමි සුසම‍්පත‍්තිං, බුද‍්ධානුස‍්සතියා ඵලං.

මා ලැබූ ප්‍රදේශ රාජ්‍ය සම්පත් ගණන් කළ නොහැක. උතුම් සම්පත් අනුභව කළෙමි. මේ බුද්ධානුස්සති භාවනාවේ විපාකයයි.

“භවාභවෙ සංසරන‍්තො, මහාභොගං ලභාමහං; භොගෙ මෙ ඌනතා නත්‍ථි, බුද‍්ධානුස‍්සතියා ඵලං.

කුඩා මහත් භවයන්හි සැරි සැරූ මම, මහත් භෝග සම්පත් අනූනව ලැබුවෙමි. මේ බුද්ධානුස්සති භාවනාවේ විපාකයයි.

“සතසහස‍්සිතො කප‍්පෙ, යං කම‍්මමකරිං තදා; දුග‍්ගතිං නාභිජානාමි, බුද‍්ධානුස‍්සතියා ඵලං.

මෙයින් කල්ප ලක්‍ෂයකට පෙර කරන ලද එම පුණ්‍ය ක්‍රියාව නිසා දුගතියක් නම් නොදකිමි. බුද්ධානුස්සති භාවනාවේ මේ විපාකයයි.

“පටිසම‍්භිදා චතස‍්සො, විමොක‍්ඛාපි ච අට‍්ඨිමෙ; ඡළභිඤ‍්ඤා සච‍්ඡිකතා, කතං බුද‍්ධස‍්ස සාසන”න‍්ති. –

සිවුපිළිසිඹියාවෝ ද අට වැදෑරුම් විමෝක්‍ෂයෝ ද ෂඩ් අභිඥාවෝ ද ප්‍රත්‍යක්‍ෂ ලෙසම අවබෝධ කර ගත්තෙමි. බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව ඉටු කළෙමි. (853-864)

ඉත්‍ථං සුදං ආයස‍්මා සුභූතිත්‍ථෙරො ඉමා ගාථායො අභාසිත්‍ථාති.

මෙලෙස ආයුෂ්මත් සුභූති තෙරුන් වහන්සේගේ මෙම ගාථාවන් වදාළ සේක.

එවං පන සො තාවතිංසභවනෙ අපරාපරං උප‍්පජ‍්ජනවසෙන දිබ‍්බසම‍්පත‍්තිං අනුභවිත්‍වා තතො චුතො මනුස‍්සලොකෙ අනෙකසතක‍්ඛත‍්තුං චක‍්කවත‍්තිරාජා ච පදෙසරාජා ච හුත්‍වා උළාරං මනුස‍්සසම‍්පත‍්තිං අනුභවිත්‍වා අථ අම‍්හාකං භගවතො කාලෙ සාවත්‍ථියං සුමනසෙට‍්ඨිස‍්ස ගෙහෙ අනාථපිණ‍්ඩිකස‍්ස කනිට‍්ඨො හුත්‍වා නිබ‍්බත‍්ති “සුභූතී”තිස‍්ස නාමං අහොසි.

මෙසේ සුභූති තෙරණුවෝ පෙර තව්තිසා භවනයෙහි නැවත නැවත ඉපදීම් වශයෙන් නොයෙක් දිව්‍ය සැප වළඳා, ඉන් චුතව මනුෂ්‍ය ලෝකයේ ඉපිදී දහස් වාරයක් සක්විති රජකම ද නොයෙක් වාරයන් හි ප්‍රදේශ රාජ සම්පත්තිය ද වළඳමින් මහත් වූ මනුෂ්‍ය සම්පත් ද වින්දනය කළ සේක. පසුව අපගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලොව පහළ වූ සමයේ සැවැත් නුවර “සුමන” නම් සිටුහුගේ ගෙදර අනේපිඬු සිටුතුමාගේ බාල සොහොයුරා ලෙස ඉපිද “සුභූති” නාමයෙන් ප්‍රකට වූහ.

තෙන ච සමයෙන අම‍්හාකං භගවා ලොකෙ උප‍්පජ‍්ජිත්‍වා පවත‍්තවරධම‍්මචක‍්කො අනුපුබ‍්බෙන රාජගහං ගන‍්ත්‍වා තත්‍ථ වෙළුවනපටිග‍්ගහණාදිනා ලොකානුග‍්ගහං කරොන‍්තො රාජගහං උපනිස‍්සාය සීතවනෙ විහරති. තදා අනාථපිණ‍්ඩිකො සෙට‍්ඨි සාවත්‍ථියං උට‍්ඨානකභණ‍්ඩං ගහෙත්‍වා අත‍්තනො සහායස‍්ස රාජගහසෙට‍්ඨිනො ඝරං ගතො බුද‍්ධුප‍්පාදං සුත්‍වා සත්‍ථාරං සීතවනෙ විහරන‍්තං උපසඞ‍්කමිත්‍වා පඨමදස‍්සනෙනෙව සොතාපත‍්තිඵලෙ පතිට‍්ඨාය සත්‍ථාරං සාවත්‍ථිං ආගමනත්‍ථාය යාචිත්‍වා තතො පඤ‍්චචත‍්තාලීසයොජනෙ මග‍්ගෙ යොජනෙ යොජනෙ සතසහස‍්සපරිච‍්චාගෙන විහාරෙ පතිට‍්ඨාපෙත්‍වා සාවත්‍ථියං රාජමානෙන අට‍්ඨකරීසප‍්පමාණං ජෙතස‍්ස රාජකුමාරස‍්ස උය්‍යානභූමිං කොටිසන්‍ථාරෙන කිණිත්‍වා තත්‍ථ භගවතො විහාරං කාරෙත්‍වා අදාසි. විහාරපරිග‍්ගහණදිවසෙ අයං සුභූතිකුටුම‍්බිකො අනාථපිණ‍්ඩිකසෙට‍්ඨිනා සද‍්ධිං ගන‍්ත්‍වා ධම‍්මං සුණන‍්තො සද‍්ධං පටිලභිත්‍වා පබ‍්බජි . සො උපසම‍්පජ‍්ජිත්‍වා ද‍්වෙ මාතිකා පගුණා කත්‍වා කම‍්මට‍්ඨානං කථාපෙත්‍වා අරඤ‍්ඤෙ සමණධම‍්මං කරොන‍්තො මෙත‍්තාඣානපාදකං විපස‍්සනං වඩ‍්ඪෙත්‍වා අරහත‍්තං පාපුණි. සො ධම‍්මං දෙසෙන‍්තො යස‍්මා සත්‍ථාරා දෙසිතනියාමෙන අනොදිස‍්සකං කත්‍වා ධම‍්මං දෙසෙති. තස‍්මා අරණවිහාරීනං අග‍්ගො නාම ජාතො. පිණ‍්ඩාය චරන‍්තො ඝරෙ ඝරෙ මෙත‍්තාඣානං සමාපජ‍්ජිත්‍වා වුට‍්ඨාය භික‍්ඛං පටිග‍්ගණ‍්හාති “එවං දායකානං මහප‍්ඵලං භවිස‍්සතී”ති. තස‍්මා දක‍්ඛිණෙය්‍යානං අග‍්ගො නාම ජාතො. තෙනාහ භගවා – “එතදග‍්ගං, භික‍්ඛවෙ, මම සාවකානං භික‍්ඛූනං අරණවිහාරීනං යදිදං සුභූති, දක‍්ඛිණෙය්‍යානං යදිදං සුභූතී”ති (අ· නි· 1.198, 201). එවමයං මහාථෙරො අරහත‍්තෙ පතිට‍්ඨාය අත‍්තනා පූරිතපාරමීනං ඵලස‍්ස මත්‍ථකං පත්‍වා ලොකෙ අභිඤ‍්ඤාතො අභිලක‍්ඛිතො හුත්‍වා බහුජනහිතාය ජනපදචාරිකං චරන‍්තො අනුපුබ‍්බෙන රාජගහං අගමාසි.

මෙම කාලයේදී අප භාග්‍යවතුන් වහන්සේ ලොව පහළව, උතුම් දම්සක් පැවතුම් සූත්‍ර දේශනාව පවත්වා, අනුපිළිවෙලින් රජගහ නුවරට වැඩි සේක. එනුවර වේළුවනාරාමාදී පූජාවන් ලබා ලොවට අනුග්‍රහ පිණිස අප තථාගතයන් වහන්සේ රජගහ නුවර සීත වනයේ වැඩ වාසය කළහ. එසමයේ අනාථපිණ්ඩික සිටුතුමා සැවැත් නුවර නිෂ්පාදිත බඩු බාහිරාදිය රැගෙන, තම යහලුවා වූ රජගහ සිටුවරයාගේ ගෙදරට පැමිණියේ ය. එහිදී බුදුරජාණන් වහන්සේ ලොව පහළ වූ බව ඇසූ සිටුතුමා සීතවනයේ වෙසෙන ශාස්තෲන් වහන්සේ වෙත වහා පැමිණ වැඳ සතුටු සාමීචියෙහි (පිළිසඳර කථාවෙහි) යෙදුණි. තථාගතයන් වහන්සේගේ පළමු හමුවේදී සෝවාන් වූ සිටුතුමා, සැවැත් නුවරට වැඩම කරන ලෙස ශාස්තෲන් වහන්සේට ආරාධනා කළේය. රජගහ නුවර සිට සැවැත් නුවර දක්වා වූ යොදුන් සතලිස් පහක් ඇති මාර්ගයේ යොදුනක්, යොදුනක් පාසා ලක්‍ෂය බැගින් වියදම් කරවා විහාර කරවීය. සැවැත් නුවර අට කරීසයක් (අමුණු තිස් දෙකක්) පමණ වූ ජේත කුමරුගේ උයන කෝටියක් ධන වියදමින් මිලට ගෙන, එහි භාග්‍යවතුන් වහන්සේට විහාරයක් කරවා පූජා කළේය. විහාරය පිළිගන්වන (පූජා කරන) දිනයෙහි මේ සුභූති සිටු පුත්‍රයාද අනේපිඬු සිටුතුමා සමග අවුත් ධර්මය අසා ශ්‍රද්ධාව උපදවා සසුනෙහි පැවිදි වූයේය. පැවිදි වූ උන්වහන්සේ දෙව මාතිකාව ප්‍රගුණ කර, කමටහන් ගෙන ආරණ්‍යයෙහි මහණ දම් පුරන සේක්, මෛත්‍රී ධ්‍යානය පාදක කරගෙන විදර්ශනාව වඩා රහත් වූ සේක. උන්වහන්සේ ධර්මය දේශනා කරන සේක. ශාස්තෲන් වහන්සේ විසින් දෙසූ පරිදිම කෙනෙකු නියම නොමැතිව ධර්මය දේශනා කරන සේක. එනිසා අරණවිහාරීන්ගෙන් (නොඇලී වෙසෙන්නන්ගෙන්) අග්‍ර වූහ. පිඬු පිණිස හැසිරෙන සේක්, ගෙයක් ගෙයක් පාසා මෛත්‍රී ධ්‍යානයට සමවැදෙමින් - එම සමාධියෙන් නැගිට භික්‍ෂාව පිළිගනිති. “මෙසේ කිරීමෙන් දායකයන්ට මහත් ඵල වන්නේයැ”යි සිතා මෙසේ දක්‍ෂිණාව පිළිගන්නා බැවින් දක්‍ෂිණාව පිළිගන්නවුන් අතරින් අග්‍ර වූ සේක. එනිසා භාග්‍යවතුන් වහන්සේ “මහණෙනි, මගේ ශ්‍රාවකයන් වූ අරණ විහාරී භික්‍ෂූන්ගෙන් මේ සුභූති තෙරුන් අග්‍රවේ. දක්‍ෂිණාර්හ භික්‍ෂූන්ගෙන් සුභූති තෙරුන් අග්‍ර වේ” යැයි වදාළ සේක. මෙසේ මේ මහ තෙරුන් වහන්සේ රහත් බවෙහි පිහිටා තමා පුරන ලද පාරමී ධර්මයන්හි මස්තක ප්‍රාප්තියට පැමිණ, ලොව යථා ස්වභාවය මැනවින් දත් උතුමන් අතර සුවිශේෂ සලකුණක් වී බොහෝ ජනයාගේ හිත සුව පිණිස ජනපද චාරිකාවෙහි හැසිරෙමින් අනුපිළිවෙලින් රජගහ නුවර වැඩිසේක.

රාජා බිම‍්බිසාරො ථෙරස‍්ස ආගමනං සුත්‍වා උපසඞ‍්කමිත්‍වා වන්‍දිත්‍වා “ඉධෙව, භන‍්තෙ, වසථා”ති වත්‍වා “නිවාසනට‍්ඨානං කරිස‍්සාමී”ති පක‍්කන‍්තො විස‍්සරි. ථෙරො සෙනාසනං අලභන‍්තො අබ‍්භොකාසෙ වීතිනාමෙසි. ථෙරස‍්ස ආනුභාවෙන දෙවො න වස‍්සති. මනුස‍්සා අවුට‍්ඨිතාය උපද‍්දුතා රඤ‍්ඤො නිවෙසනද‍්වාරෙ උක‍්කුට‍්ඨිමකංසු. රාජා “කෙන නු ඛො කාරණෙන දෙවො න වස‍්සතී”ති වීමංසන‍්තො “ථෙරස‍්ස අබ‍්භොකාසවාසෙන මඤ‍්ඤෙ න වස‍්සතී”ති චින‍්තෙත්‍වා තස‍්ස පණ‍්ණකුටිං කාරාපෙත්‍වා “ඉමිස‍්සා, භන‍්තෙ, පණ‍්ණකුටියා වසථා”ති වත්‍වා වන්‍දිත්‍වා පක‍්කාමි. ථෙරො කුටිකං පවිසිත්‍වා තිණසන්‍ථාරකෙ පල‍්ලඞ‍්කෙන නිසීදි. තදා පන දෙවො ථොකං ථොකං ඵුසායති, න සම‍්මා ධාරං අනුප‍්පවෙච‍්ඡති. අථ ථෙරො ලොකස‍්ස අවුට‍්ඨිකභයං විසමිතුකාමො අත‍්තනො අජ‍්ඣත‍්තිකබාහිරවත්‍ථුකස‍්ස පරිස‍්සයස‍්ස අභාවං පවෙදෙන‍්තො –

බිම්බිසාර රජු තෙරුන්ගේ පැමිණීම අසා, සමීපයට පැමිණ වැඳ, “ස්වාමීනි, මෙහිම වසනු මැනව”යි කියා “වාසය කරන තැනක් කරන්නෙමි” කියා ඉවත ගියේ එය අමතක විය. තෙරුන් වහන්සේ සෙනසුනක් නොලැබ එළිමහනෙහිම කල්යැවූ සේක. තෙරුන්ගේ ආනුභාවය නිසා වැසි නොවැස්සේය. වැසි නොවසින බැවින් මහජනයා රැස්ව රජුගේ මාලිගාව ඉදිරියේ උද්ඝෝෂණයක් කළහ. රජු “කවර කරුණකින් වැසි නොවසින්නේද?” යි විමසනුයේ “තෙරුන් එළිමහනෙහි වසන බැවින් නොවසී යයි සිතමි” යි කියා තෙරුන්ට කොළ සෙවිළි කළ කුටියක් කරවා දී, “ස්වාමීනි, මේ තණ කුටියෙහි වාසය කරන්න” යි පවසා, වැඳ ගියේය. තෙරුන් වහන්සේ කුටියට පිවිස තණ ඇතිරියෙහි පළඟකින් හුන් සේක. එකල්හි වැස්ස මඳින් මද වසී. මනාව වැස්ස නොවසියි. ඉක්බිති තෙරුන් වහන්සේ ලෝකයේ “නොවසීය” යන බිය දුරු කරනු කැමති සේක්, තමන් වහන්සේගේ ආධ්‍යාත්මික හා බාහිර වස්තූන්ගේ උපද්‍රව රහිත බව ප්‍රකට කරමින්,

“ඡන‍්නා මෙ කුටිකා සුඛා නිවාතා, වස‍්ස දෙව යථාසුඛං; චිත‍්තං මෙ සුසමාහිතං විමුත‍්තං, ආතාපී විහරාමි වස‍්ස දෙවා”ති. –

“ඡන්නා මෙ කුටිකා සුඛා නිවාතා - වස්ස දෙව යථා සුඛං, චිත්තං මෙ සුසමාහිතං විමුත්තං - ආතාපි විහරාමි, වස්සදෙවා”

ගාථමාහ.

යන ගාථාව වදාළහ. “මගේ කුටිය සොයන ලදි. එනිසා සුව එළවයි. වාත පීඩා රහිතය, මේඝය! කැමති පරිදි වසින්න. මගේ සිත මනාව සංවර වූයේය. මැනවින් කෙලෙසුන්ගෙන් මිදුනේ ය. ඇරඹූ වීර්ය ඇත්තෙමි. මේඝය! කැමති පරිදි වසිනු මැන.”

තත්‍ථ ඡන‍්න-සද‍්දො තාව “ඡන‍්නා සා කුමාරිකා ඉමස‍්ස කුමාරකස‍්ස” (පාරා· 296) “නච‍්ඡන‍්නං නප‍්පතිරූප”න‍්තිආදීසු (පාරා· 383) පතිරූපෙ ආගතො. “ඡන‍්නං ත්‍වෙව, ඵග‍්ගුණ, ඵස‍්සායතනාන”න‍්තිආදීසු වචනවිසිට‍්ඨෙ සඞ‍්ඛ්‍යාවිසෙසෙ. “ඡන‍්නමතිවස‍්සති, විවටං නාතිවස‍්සතී”තිආදීසු (උදා· 45; චූළව· 385) ගහණෙ. “ක්‍යාහං තෙ නච‍්ඡන‍්නොපි කරිස‍්සාමී”තිආදීසු නිවාසනපාරුපනෙ “ආයස‍්මා ඡන‍්නො අනාචාරං ආචරතී”තිආදීසු (පාරා· 424) පඤ‍්ඤත‍්තියං. “සබ‍්බච‍්ඡන‍්නං සබ‍්බපරිච‍්ඡන‍්නං (පාචි· 52, 54), ඡන‍්නා කුටි ආහිතො ගිනී”ති (සු· නි· 18) ච ආදීසු තිණාදීහි ඡාදනෙ. ඉධාපි තිණාදීහි ඡාදනෙයෙව දට‍්ඨබ‍්බො, තස‍්මා තිණෙන වා පණ‍්ණෙන වා ඡන‍්නා යථා න වස‍්සති වස‍්සොදකපතනං න හොති න ඔවස‍්සති, එවං සම‍්මදෙව ඡාදිතාති අත්‍ථො.

මෙහි “ඡන්න” ශබ්දය පළමුව “ඒ කුමරිය සැඟවුණි, මේ කුමරු ද සැඟවුණේය. මෙය සුදුසු නොවේ.” යන තැන්හි ඡන්න ශබ්දය යෝග්‍ය වූ අර්ථයේ යෙදී ඇත. “එග්ගුණය ස්පර්ශායතන සයකි (ඡන්නං)”, යනාදියෙහි විචිත්‍ර වචනයෙහි සංඛ්‍යාර්ථයෙහි යෙදී ඇත. “වැසුණේ (ඡන්නං) අතිශයින් වැසි වසී. විවෘත වූයේ නොවසී.” ආදියෙහි ගහණාර්ථයේ යෙදේ. “කෙසේ නම් මම නුඹ නිර්වස්ත්‍ර වූවෙකු (නිච්ඡන්තො) කරන්නෙම්ද?” යනාදියෙහි හැඳීම් පෙරවීම් අර්ථයේ යෙදී ඇත. “ආයුෂ්මත් ඡන්න අනාචාරයේ හැසිරේ” යනාදියෙහි පුද්ගල නාමයක් ලෙස යෙදේ. “සැම තැනින්ම වැසුණු (ඡන්නං), සැම තැන හාත්පසින් වැසුණු” (පරිච්ඡන්නං) “කුටිය සෙවන කරන ලදි. (ඡන්නා) ගිනි දල්වන ලදි” යනාදියෙහි තණපත් ආදියෙන් වැඩීම දැක්වේ. මෙතැන ද කුටිය තණපත් ආදියෙන් සෙවිලි කිරීමේ” අර්ථයම ප්‍රකට වන බව දත යුතුයි. එනිසා තණ වලින් හා කොළවලින් වැසුණේය. එය නොතෙමේ. වැසි දිය නොවැටේ. මැනවින් සෙවිලි කරන ලද බැවින් නොතෙමේ යන අර්ථයයි.

මෙ-සද‍්දො “කිච‍්ඡෙන මෙ අධිගතං, හලං දානි පකාසිතු”න‍්තිආදීසු (මහාව· 8; දී· නි· 2.65; ම· නි· 1.281; 2.337; සං· නි· 1.172) කරණෙ ආගතො, මයාති අත්‍ථො. “තස‍්ස මෙ, භන‍්තෙ, භගවා සංඛිත‍්තෙන ධම‍්මං දෙසෙතූ”තිආදීසු (සං· නි· 3.182; අ· නි· 4.257) සම‍්පදානෙ, මය‍්හන‍්ති අත්‍ථො. “පුබ‍්බෙව මෙ, භික‍්ඛවෙ, සම‍්බොධා අනභිසම‍්බුද‍්ධස‍්ස බොධිසත‍්තස‍්සෙව සතො”ආදීසු (ම· නි· 1.206; සං· නි· 4.14) සාමිඅත්‍ථෙ ආගතො. ඉධාපි සාමිඅත්‍ථෙ එව දට‍්ඨබ‍්බො, මමාති අත්‍ථො. කිඤ‍්චාපි ඛීණාසවානං මමායිතබ‍්බං නාම කිඤ‍්චි නත්‍ථි ලොකධම‍්මෙහි අනුපලිත‍්තභාවතො, ලොකසමඤ‍්ඤාවසෙන පන තෙසම‍්පි “අහං මමා”ති වොහාරමත‍්තං හොති. තෙනාහ භගවා – “කින‍්ති මෙ සාවකා ධම‍්මදායාදා භවෙය්‍යුං, නො ආමිසදායාදා”ති (ම· නි· 1.29).

“මෙ” යන ශබ්දය “මවිසින් දුකසේ අවබෝධ කරන ලදි. දැන් ප්‍රකාශ කිරීමට අවශ්‍ය නොවේ” යනාදියෙහි කරණාර්ථයේ යෙදී ඇත. “ම විසින්” යන අර්ථයයි. “ස්වාමීනි ඒ මට භාග්‍යවතුන් වහන්සේ සංක්‍ෂිප්තව ධර්මය දේශනා කරන සේක්වා” යන තැන්හි “මෙ” ශබ්දය සම්ප්‍රදාන (චතුත්‍ථි) යෙහි “මට” යන අරුතින් යෙදී ඇත. “මහණෙනි! පෙර සම්බුද්ධත්‍වයට පත් නොවූම බෝසත් වූ ම මාගේ” (මෙ) යන තැන්හි ඡට්ඨි අර්ථයේ අයිතිය හඟවමින් යෙදී ඇත. මෙතැනදී ද “මෙ” යන්නෙන් සම්බන්‍ධනාර්ථයම දත යුතුයි. “මගේ” යන අර්ථයයි. කෙසේ වුවත් ලෞකික ධර්මයන්හි නොගැටෙන - නොඇලෙන හෙයින් රහතන් වහන්සේලාගේ මමායනයක්. මගේ යන හැඟීමක් නම් නැත. ලෝක සම්මතය වශයෙන් පමණක් උන්වහන්සේලා විසින් “මමය, මගේය” යන වදන වහරනු ලැබෙති. දැන් එනිසා “මගේ ශ්‍රාවකයෝ ධර්මය දායාද කරගත්තාහු වෙති. ආමිෂය දායාද කරගත්තෝ නොවෙති”යි බුදුහු වදාළහ.

කුටිකාති පන මාතුකුච‍්ඡිපි කරජකායොපි තිණාදිච‍්ඡදනො පතිස‍්සයොපි වුච‍්චති. තථා හි –

“කුටිකා” යනු මවු කුසටත් කරජකායටත් තණාදියෙන් වැසුණු කුටියටත් කියනු ලබන වදනකි. එසේමැයි -

“මාතරං කුටිකං බ්‍රූසි, භරියං බ්‍රූසි කුලාවකං; පුත‍්තෙ සන‍්තානකෙ බ්‍රූසි, තණ‍්හා මෙ බ්‍රූසි බන්‍ධන”න‍්ති. (සං· නි· 1.19) –

“මව මට කුටිය කොට කියන්නෙහි. බිරිඳ කැදැල්ල කොට කියහි. පුත්‍රයන් කුල ප්‍රවේණිය කොට කියහි. මාගේ බන්‍ධනය තෘෂ්ණාව යැයි කියහි.” (සා.නි. දේවතා සං.කුටිකා සූත්‍රය)

ආදීසු මාතුකුච‍්ඡි “කුටිකා”ති වුත‍්තා.

යනාදියෙහි මවු කුස කුටියකැයි කියන ලදි.

“අට‍්ඨිකඞ‍්කලකුටිකෙ , මංසන‍්හාරුපසිබ‍්බිතෙ; ධිරත්‍ථු පූරෙ දුග‍්ගන්‍ධෙ, පරගත‍්තෙ මමායසී”ති. (ථෙරගා· 1153) –

“එම්බා ඇට සැකිල්ලෙන් කළ කුටියක් ඇති, මසින් හා නහරවලින් වැසුණු, අශුචි පිරුණු දුඟද හමන සිරුර නම් වූ නුඹට නින්දා වේවා! අනුන් අයත් සිරුරෙහි නුඹ මගේ යැයි ගන්නෙහිය.” (ථෙරගාථා, 1155)

ආදීසු කෙසාදිසමූහභූතො කරජකායො. “කස‍්සපස‍්ස භගවතො භගිනි කුටි ඔවස‍්සති” (ම· නි· 2.291) “කුටි නාම උල‍්ලිත‍්තා වා හොති අවලිත‍්තා වා”තිආදීසු (පාරා· 349) තිණඡදනපතිස‍්සයො. ඉධාපි සො එව වෙදිතබ‍්බො පණ‍්ණසාලාය අධිප‍්පෙතත‍්තා. කුටි එව හි කුටිකා, අපාකටකුටි “කුටිකා”ති වුත‍්තා.

ආදියෙහි කේශාදි දෙතිස් කුණප සමූහයෙන් යුතු කරජකායට “කුටිය” යැයි කියන ලදි. “කාශ්‍යප භාග්‍යවතුන් වහන්සේගේ නැගණියගේ කුටිය තෙමේ” (ම.නි. I. ඝටීකාර සූත්‍රය) “කුටිය නම් පිටතින් හා ඇතුළතින් හුණු පිරියම් කරන ලද්දකි.” යනාදි තැන්හි තණ ආදියෙන් වැසූ කුටිය අදහස් වේ. මෙහිදී ද එම කුටියම අදහස් වේ. පන්සල, පර්ණශාලාව යන නම් වූ කුටියම අදහස් වේ.

සුඛ-සද‍්දො පන “විපිට‍්ඨිකත්‍වාන සුඛං දුඛඤ‍්ච, පුබ‍්බෙව ච සොමනස‍්සදොමනස‍්ස”න‍්තිආදීසු (සු· නි· 67) සුඛවෙදනායං ආගතො. “සුඛො බුද‍්ධානමුප‍්පාදො, සුඛා සද‍්ධම‍්මදෙසනා”තිආදීසු (ධ· ප· 194) සුඛමූලෙ. “සුඛස‍්සෙතං, භික‍්ඛවෙ, අධිවචනං යදිදං පුඤ‍්ඤානී”තිආදීසු (අ· නි· 7.62; ඉතිවු· 22) සුඛහෙතුම‍්හි. “යස‍්මා ච, ඛො, මහාලි, රූපං සුඛං සුඛානුපතිතං සුඛාවක‍්කන‍්ත”න‍්තිආදීසු (සං· නි· 3.60) සුඛාරම‍්මණෙ, “දිට‍්ඨධම‍්මසුඛවිහාරා එතෙ, චුන්‍ද, අරියස‍්ස විනයෙ”තිආදීසු (ම· නි· 1.82) අබ්‍යාපජ‍්ජෙ. “නිබ‍්බානං පරමං සුඛ”න‍්තිආදීසු (ම· නි· 2.215; ධ· ප· 203-204) නිබ‍්බානෙ. “යාවඤ‍්චිදං, භික‍්ඛවෙ, න සුකරං අක‍්ඛානෙන පාපුණිතුං යාව සුඛා සග‍්ගා”තිආදීසු (ම· නි· 3.225) සුඛප‍්පච‍්චයට‍්ඨානෙ. “සොවග‍්ගිකං සුඛවිපාකං සග‍්ගසංවත‍්තනික”න‍්තිආදීසු (දී· නි· 1.163; සං· නි· 1.130) ඉට‍්ඨෙ, පියමනාපෙති අත්‍ථො. ඉධාපි ඉට‍්ඨෙ සුඛප‍්පච‍්චයෙ වා දට‍්ඨබ‍්බො. සා හි කුටි අන‍්තො බහි ච මනාපභාවෙන සම‍්පාදිතා නිවාසනඵාසුතාය “සුඛා”ති වුත‍්තා. තථා නාතිසීතනාතිඋණ‍්හතාය උතුසුඛසම‍්පත‍්තියොගෙන කායිකචෙතසිකසුඛස‍්ස පච‍්චයභාවතො.

“සුඛා” යනු ‘සුඛ’ ශබ්දය “කායික සුවය ද දුක ද පිටුදැක, පළමුවම චෛතසික දොම්නස් - සොම්නස් හැරපියා” යන තැන්හි “සුඛං” යන්නෙහි සුඛ වේදනාව අදහස් විය. “බුදුවරුවන්ගේ පහළවීම සුවයකි. සදහම් දෙසුම ඇසීමට ලැබීම සුවයකි.’ (ධම්ම පද - බුද්ධ වග්ග) යනාදියෙහි “සුඛ” යන සැප මූලයකි. “මහණෙනි, මේ පින යන්නට තවත් සමාන වදනකි “සැප” යන්න ආදියෙහි සුඛය හේතුවකි. “යම් හෙයකින් මහාලිය! රූපය සුවයකි. සුවයට වැටෙන්නෙකි. සැප ගෙන දෙන්නකි.” (සං.නි. මහාලී සූත්‍රය) ආදියෙහි සුඛය ආරම්මණයකි. “චුන්‍දය! මේ දහම් ආර්ය විනයෙහි මෙලොව ම ඇතිවන සැප විහරණයෝ වෙති.” යනාදියෙහි නිරෝගි බව “සුඛ” යන්නෙන් අදහස් වේ. “නිවන උතුම් සුවයකි” යන තැන්හි “නිර්වාණය” යන අර්ථයෙහි යෙදී ඇත. “මහණෙනි! සැප ඇති සර්ගයට පැමිණීමට මහා භාරතාදිය කියවීමෙන් පහසු නොවේ.” යනාදියෙහි “සුඛ” යනු ප්‍රත්‍යයකි. “දෙව්ලොවට පමුණුවන සැප විපාකය, සර්ගෝත්පත්තිය ගෙන දෙයි” ආදියෙහි “සුඛ” යන්න මනෝඥ වූ ප්‍රිය මනාප වූ අර්ථයෙහි යෙදී ඇත. මෙහිද “සුඛ” යන්නෙන් ප්‍රිය මනාප අර්ථය සහ හේතු ප්‍රත්‍ය අර්ථය ගෙන දෙයි. ඒ කුටිය ඇතුළතින් ද පිටතින් ද ප්‍රියමනාපව, වාසයට පහසු බවින් යුතුව සාදා දෙන ලද බැවින් “සැප වේ” (සුඛා) යැයි කියන ලදි. එසේම අධික ශීතෝෂ්ණ රහිත වූ සුවපහසු සෘතු ඇති බැවින් ද කායික හා චෛතසික සුවපහසු බවට උපකාරී වන බැවින් ද “සැප වේ” යැයි කියන ලදි.

නිවාතාති අවාතා, ඵුසිතග‍්ගළපිහිතවාතපානත‍්තා වාතපරිස‍්සයරහිතාති අත්‍ථො. ඉදං තස‍්සා කුටිකා සුඛභාවවිභාවනං. සවාතෙ හි සෙනාසනෙ උතුසප‍්පායො න ලබ‍්භති, නිවාතෙ සො ලබ‍්භතීති. වස‍්සාති පවස‍්ස සම‍්මා ධාරං අනුප‍්පවෙච‍්ඡ. දෙවාති අයං දෙව-සද‍්දො “ඉමානි තෙ, දෙව, චතුරාසීති නගරසහස‍්සානි කුසවතීරාජධානිප‍්පමුඛානි, එත්‍ථ , දෙව, ඡන්‍දං ජනෙහි ජීවිතෙ අපෙක‍්ඛ”න‍්තිආදීසු (දී· නි· 2.266) සම‍්මුතිදෙවෙ ඛත‍්තියෙ ආගතො. “චාතුමහාරාජිකා දෙවා වණ‍්ණවන‍්තො සුඛබහුලා”තිආදීසු (දී· නි· 3.337) උපපත‍්තිදෙවෙසු. “තස‍්ස දෙවාතිදෙවස‍්ස, සාසනං සබ‍්බදස‍්සිනො”තිආදීසු විසුද‍්ධිදෙවෙසු . විසුද‍්ධිදෙවානඤ‍්හි භගවතො අතිදෙවභාවෙ වුත‍්තෙ ඉතරෙසං වුත‍්තො එව හොති. “විද‍්ධෙ විගතවලාහකෙ දෙවෙ”තිආදීසු (ම· නි· 1.486; සං· නි· 1.110; ඉතිවු· 27) ආකාසෙ. “දෙවො ච කාලෙන කාලං න සම‍්මා ධාරං අනුප‍්පවෙච‍්ඡතී”තිආදීසු (අ· නි· 4.70) මෙඝෙ පජ‍්ජුන‍්නෙ වා. ඉධාපි මෙඝෙ පජ‍්ජුන‍්නෙ වා දට‍්ඨබ‍්බො. වස‍්සාති හි තෙ ආණාපෙන‍්තො ථෙරො ආලපති. යථාසුඛන‍්ති යථාරුචිං. තව වස‍්සනෙන මය‍්හං බාහිරො පරිස‍්සයො නත්‍ථි, තස‍්මා යථාකාමං වස‍්සාති වස‍්සූපජීවිසත‍්තෙ අනුග‍්ගණ‍්හන‍්තො වදති.

“නිවාතා” යනු “අවාතා” සුළං නොවදින “වැසූ දොරගුල් ඇති වසන ලද වා කවුලු ඇති බැවින් සුළඟින් උපද්‍රව නොමැත” යන අර්ථයයි. මෙසේ ඒ කුටියෙහි සැප ඇති බව ප්‍රකට කිරීමයි. සුළං හමනුයේ නම් සෙනසුන සෘතු සප්පාය නොවේ. සුළඟ නැති කල්හිම සෘතු සප්පාය වේ. “වස්ස” යනු වසින්න. මනාව වැසි ධාරා වස්වන්න. “දෙව” යනු වැස්සයි. මේ “දේව” ශබ්දය “දේවයිනි! (දෙව) කුසාවතී රාජධානිය ප්‍රමුඛව මේ ඔබ සතු නගර අසූහාර දාහකි. දේවයිනි! මෙහි ඇල්ම උපදවන්න. දිවියෙහි අපේක්ෂාව කරන්න.” (දීනි. II මහා සුදස්සන සූත්‍රය) යනාදියේ සම්මුති දෙවියන් වූ ක්‍ෂත්‍රියයන් අදහස් කරන ලදි. “චාතුර්මහාරාජික දෙවියෝ වර්ණවත්ය. සැප බහුල කර ඇත.” යනාදියෙහි (අං.නි. 8 - දානුප්පත්ති සූත්‍රය) උප්පත්ති දෙවියන් අදහස් කරන ලදි. “ඒ දෙවියන්ට දෙවි වූ සියල්ල දක්නා වූ උත්තමයාගේ සසුනෙහි” යන තැන විසුද්ධි දෙවියන් (රහතන් වහන්සේ) අදහස් කිරීමට “දෙව” ශබ්දය යෙදී ඇත. විසුද්ධි දෙවියන් වූ රහතන් වහන්සේලා අතර භාග්‍යවතුන් වහන්සේ අතිදේව භාවයෙන් ගන්නා ලද කල්හි සියලු විසුද්ධි දෙවියන් අදහස් කරන ලද්දේ වේ. “අහස (දෙවෙ) වලාකුළින් තොරව පිරිසිදු වූ විට” (ම.නි. II චූලසකුළුදායි සූත්‍රය) යනාදියෙහි ආකාශය අදහස් කරන ලදි. “වැස්ස (දෙවො) ද කලින් කලට මනාව වැසි දහරා නොවසින්නේය.” (අං.නි. තික බ්‍රාහ්මණ වග්ග) යන තැන්හි දේව ශබ්දයෙන් මේඝය හෝ වැහි වළාකුල අදහස් කරන ලදි. මෙහිද වැහි වලාකුළ, මේඝය අදහස් කරන ලදි. තෙරුන් වහන්සේ, “වැස්ස” යනුවෙන් මේඝයට, වැහි වලාකුළට අණ කරති. වැසි වස්වන ලෙස පවසති. “යථා සුඛං” යනු කැමති සේ. රිසිසේ “නුඹ වැසි වැස්වීමෙන් මට බාහිර උපද්‍රව කිසිවක් සිදු නොවේ. එනිසා කැමති සේ වසින්න. වැස්ස ඇසුරු කර ජීවත් වන සතුන්ට අනුග්‍රහ කරන්න” යැයි තෙරුන් වහන්සේ පවසති.

ඉදානි අබ‍්භන‍්තරෙ පරිස‍්සයාභාවං දස‍්සෙන‍්තො “චිත‍්ත”න‍්තිආදිමාහ. තත්‍ථ චිත‍්තං මෙ සුසමාහිතන‍්ති මම චිත‍්තං සුට‍්ඨු අතිවිය සම‍්මා සම‍්මදෙව එකග‍්ගභාවෙන ආරම‍්මණෙ ඨපිතං. තඤ‍්ච ඛො න නීවරණාදිවික‍්ඛම‍්භනමත‍්තෙන; අපි ච ඛො විමුත‍්තං ඔරම‍්භාගියඋද‍්ධංභාගියසඞ‍්ගහෙහි සබ‍්බසංයොජනෙහි සබ‍්බකිලෙසධම‍්මතො ච විසෙසෙන විමුත‍්තං, සමුච‍්ඡෙදප‍්පහානවසෙන පටිපස‍්සද‍්ධිප‍්පහානවසෙන තෙ පජහිත්‍වා ඨිතන‍්ති අත්‍ථො. ආතාපීති වීරියවා. ඵලසමාපත‍්තිඅත්‍ථං විපස‍්සනාරම‍්භවසෙන දිට‍්ඨධම‍්මසුඛවිහාරත්‍ථඤ‍්ච ආරද‍්ධවීරියො හුත්‍වා විහරාමි, දිබ‍්බවිහාරාදීහි අත‍්තභාවං පවත‍්තෙමි, න පන කිලෙසප‍්පහානත්‍ථං, පහාතබ‍්බස‍්සෙව අභාවතොති අධිප‍්පායො. “යථා පන බාහිරපරිස‍්සයාභාවෙන, දෙව, මයා ත්‍වං වස‍්සනෙ නියොජිතො, එවං අබ‍්භන‍්තරපරිස‍්සයාභාවෙනපී”ති දස‍්සෙන‍්තො පුනපි “වස‍්ස, දෙවා”ති ආහ.

අභ්‍යන්තර උපද්‍රවයන් ද නොපවතින බව දක්වමින් “චිත්තං...” යනාදිය පවසයි. එහි “චිත්තං මෙ සුසමාහිතං” යනු මගේ සිත යහපත්ව, අතිශයින් ප්‍රශස්ත ලෙස, මැනවින් එකඟ කර එක් අරමුණක තබන ලදි. එම සිත නීවරණාදියෙන් මැඩලිය නොහැක. තවද පංච ඕරම්භාගිය හා උද්ධම්භාගිය වූ දස සංයෝජනයන්ගෙන් ද සියලු කෙලෙසුන්ගෙන් ද සිත විශේෂයෙන් මිදුනේය. “එම සියලු කෙලෙස් ධර්මයෝ සමුච්ඡේද ප්‍රහාණ වශයෙන් ද සංසිඳීම් (පටිප්පස්සද්ධි) වශයෙන් ද දුරු කර සිටියෙමි” යන අර්ථයයි. “ආතාපී” යනු වීර්යයි. ඵල සමාපත්තිය ද විදර්ශනාව ඇරඹීම් වශයෙන් දිට්ඨධම්ම සුඛ විහරණය ද (මෙලොවදීම ලබන සැප) ලැබීම සඳහා ඇරඹූ වීර්ය ඇතිව වෙසෙමි. දිව්‍යමය විහරණයන්ගෙන් ආත්ම භාවය පවත්වමි. කෙලෙස් ප්‍රහාණය සඳහාම නොව, ප්‍රහාණය කළ යුතු සියලු දෙයෙහිම නොපවත්නා බව දැක්වීමට මෙම වදන යොදන ලදි. බාහිර උවදුරු නොමැති බැවින් යම්සේ වැස්ස! නුඹ විසින් වැසි වැස්වීමෙහි යොදන ලද්දේ ද එලෙසින්ම මාගේ අභ්‍යන්තර උපද්‍රව ද නොමැත යනුවෙන් සිය ප්‍රීතිය දක්වමින් නැවත ද “වස්ස දෙව” යනුවෙන් පවසයි.

අපරො නයො ඡන‍්නාති ඡාදිතා පිහිතා. කුටිකාති අත‍්තභාවො. සො හි “අනෙකාවයවස‍්ස සමුදායස‍්ස අවිජ‍්ජානීවරණස‍්ස, භික‍්ඛවෙ, පුග‍්ගලස‍්ස තණ‍්හාසංයුත‍්තස‍්ස අයඤ‍්චෙව කායො සමුදාගතො, බහිද‍්ධා ච නාමරූප”න‍්තිආදීසු (සං· නි· 2.19) කායොති ආගතො. “සිඤ‍්ච, භික‍්ඛු, ඉමං නාවං , සිත‍්තා තෙ ලහුමෙස‍්සතී”තිආදීසු (ධ· ප· 66) නාවාති ආගතො. “ගහකාරක දිට‍්ඨොසි, ගහකූටං විසඞ‍්ඛත”න‍්ති (ධ· ප· 154) ච ආදීසු ගහන‍්ති ආගතො. “සත‍්තො ගුහායං බහුනාභිඡන‍්නො, තිට‍්ඨං නරො මොහනස‍්මිං පගාළ‍්හො”තිආදීසු (සු· නි· 778) ගුහාති ආගතො. “නෙලඞ‍්ගො සෙතපච‍්ඡාදො, එකාරො වත‍්තතී රථො”තිආදීසු (උදා· 65) රථොති ආගතො. “පුන ගෙහං න කාහසී”තිආදීසු (ධ· ප· 154) ගෙහන‍්ති ආගතො. “විවටා කුටි නිබ‍්බුතො ගිනී”තිආදීසු (සු· නි· 19) කුටීති ආගතො. තස‍්මා ඉධාපි සො “කුටිකා”ති වුත‍්තො. අත‍්තභාවො හි කට‍්ඨාදීනි පටිච‍්ච ලබ‍්භමානා ගෙහනාමිකා කුටිකා විය අට‍්ඨිආදිසඤ‍්ඤිතෙ පථවීධාතුආදිකෙ ඵස‍්සාදිකෙ ච පටිච‍්ච ලබ‍්භමානො “කුටිකා”ති වුත‍්තො, චිත‍්තමක‍්කටස‍්ස නිවාසභාවතො ච. යථාහ –

තවත් අර්ථ දක්වන ක්‍රමයක් මෙසේය. “ජන්නා” යනු වසන ලද, සෙවිලි කරන ලද “කුටිකා” යනු ආත්ම භාවයයි. මහණෙනි! නොයෙක් වර්ෂ සමූහයක් පුරා පැවති තණ්හාව ප්‍රමුඛ වූ අවිද්‍යා නීවරණාදියේ ප්‍රතිඵල ලෙස මේ කය ද බාහිර නාම රූප ද හටගත්තේය.” යනාදියෙහි “කය” යැයි දක්වයි. “මහණ, මේ ආත්ම භාවය නම් නැව, එහි ඇති මිථ්‍යා විතර්ක නම් දිය බැහැර කරව” (ධම්මපද - භික්‍ඛු වග්ග) යනාදියෙහි “නැව”, ලෙස දැක්වේ. “ගෙය සදන වඩුව! නුඹ දක්නා ලද්දෙහි, කැණිමඬල සුණුවිසුණු කළෙමි” (ධම්ම පද ජරා වග්ග) යනාදියේ “ගෙය” කැයි දැක්වේ. “මිනිසෙක් ගුහාව නම් වූ ශරීරයේ රාගාදී වශයෙන් ඇලුනේ, මෝහය නම් වූ පස්කම් සේවනයෙහි දැඩිව ගිලුනේවේද....” (සු.නි. ගුහට්ඨක සූත්‍රය) යන තැන්හි ආත්මභාවය “ගුහාව” කැයි දැක්වේ. “නිදොස් වූ සුදුවැස්මක් ඇති එක් දැවියක් ඇති රියක් (රථයක්) ඇත.” (සං.නි. IV කාමභූ සූත්‍රය) ආදියෙහි ආත්මභාවය “රථය” කැයි දැක්වේ. “නැවත ගෙය නොසාදන්නෙහි” (ධම්මපද - රජා වග්ග) යන තැන්හි “ගෙය” කැයි දැක්වේ. “කුටිය විවෘතය. ගිනි නිවන ලදි” (සු.නි. ධනිය සූත්‍රය) ආදියේ “කුටිය” කැයි කියන ලදි. එනිසා මෙතැනදී ද ඒ ආත්මභාවය ‘කුටිය’ කැයි දැක්විණි. ආත්මභාවය දර ආදිය නිසා ලැබෙන ගෙයක්, කුටියක් මෙනි. “ඇට” ආදී නම් ඇති පඨවි ධාතු ආදී සිවු මහා භූත ද ස්පර්ශාදිය ද නිසා ලැබෙන කුටියකැයි කියන ලදි. එහි සිත නම් වඳුරා ද වෙසේ. එනිසා කියන ලදි.

“අට‍්ඨිකඞ‍්කලකුටිවෙසා, මක‍්කටාවසථො ඉති; මක‍්කටො පඤ‍්චද‍්වාරාය, කුටිකාය පසක‍්කිය; ද‍්වාරෙනානුපරියාති, ඝට‍්ටයන‍්තො පුනප‍්පුන”න‍්ති ච.

“මේ ඇට සැකිළි කුටියෙහි - වඳුරෙක් වසයි සුවසේ, වඳුරා පස් දොරින් - මේ කුටිය හසුරුවයි, ද්වාර වලින් ගැටෙමින් නැවත නැවතත් සසර පුරා හැසිරේ.”

“අට්ඨි කංකළ කුටී චෙසා මක්කටා වසථො ඉති, මක්කටො පඤ්ච ද්වාරාය කුටිකාය පසක්කිය, ද්වාරෙන අනුපරියාති ඝට්ටයන්තො පුනප්පුනං”

සා පනෙසා අත‍්තභාවකුටිකා ථෙරස‍්ස තිණ‍්ණං ඡන‍්නං අට‍්ඨන‍්නඤ‍්ච අසංවරද‍්වාරානං වසෙන සමති විජ‍්ඣනකස‍්ස රාගාදිඅවස‍්සුතස‍්ස පඤ‍්ඤාය සංවුතත‍්තා සම‍්මදෙව පිහිතත‍්තා “ඡන‍්නා”ති වුත‍්තා. තෙනාහ භගවා – “සොතානං සංවරං බ්‍රූමි, පඤ‍්ඤායෙතෙ පිධීයරෙ”ති (සු· නි· 1041). වුත‍්තනයෙන ඡන‍්නත‍්තා එව කිලෙසදුක‍්ඛාභාවතො නිරාමිසසුඛසමඞ‍්ගිතාය ච සුඛා සුඛප‍්පත‍්තා, තතො එව ච නිවාතා නිහතමානමදථම‍්භසාරම‍්භතාය නිවාතවුත‍්තිකා. අයඤ‍්ච නයො “මය‍්හං න සංකිලෙසධම‍්මානං සංවරණමත‍්තෙන සිද‍්ධො, අථ ඛො අග‍්ගමග‍්ගසමාධිනා සුට‍්ඨු සමාහිතචිත‍්තතාය චෙව අග‍්ගමග‍්ගපඤ‍්ඤාය සබ‍්බසංයොජනෙහි විප‍්පමුත‍්තචිත‍්තතාය චා”ති දස‍්සෙන‍්තො ආහ “චිත‍්තං මෙ සුසමාහිතං විමුත‍්ත”න‍්ති. එවංභූතො ච “ඉදානාහං කතකරණීයො”ති න අප‍්පොස‍්සුක‍්කො හොමි, අථ ඛො ආතාපී විහරාමි, සදෙවකස‍්ස ලොකස‍්ස හිතසුඛූපසංහාරෙ උස‍්සාහජාතො භික‍්ඛාචාරකාලෙපි අනුඝරං බ්‍රහ‍්මවිහාරෙනෙව විහරාමි. තස‍්මා ත්‍වම‍්පි, දෙව, පජ‍්ජුන‍්න මය‍්හං පියං කාතුකාමතායපි වස‍්සූපජීවීනං සත‍්තානං අනුකම‍්පායපි වස‍්ස සම‍්මා ධාරං අනුප‍්පවෙච‍්ඡාති එවමෙත්‍ථ අත්‍ථො දට‍්ඨබ‍්බො.

ඒ මේ ආත්ම භාවය නම් තෙරුන්ගේ කුටිය තුනක් වූ සයක් වූ සහ අටක් වූ අසංවර ද්වාරයන්ගේ වශයෙන්, ඒවා සිදු කරන රාගාදිය නොමැති වූයේ, ප්‍රඥාවෙන් එම ඉන්‍ද්‍රියයන් සංවර කරන ලද බැවින්, මනාව වසන ලද බැවින් “වසන ලදී” (ජන්නා) යැයි කියන ලදි. භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළහ. “සෝතයන්ගේ (කන්හි) සංවරය පවසමි. ප්‍රඥාවෙන්ම එය සංවර කරනු ලැබේ.” (සු.නි. අජිත පුච්ඡා) මෙසේ වදාළ අයුරින් වසන ලද්දේමය. කෙලෙස් දුක් නැති බැවින් ද, නිරාමිස සුවය ඇති බැවින් ද සැපෙන් සැපයට පැමිණියේ ය. එසේම සුළඟ නැති සේ (නිවාතා) නිහතමානී වූයේ මානව, දැඩි බව, එකටෙක කිරීම් ආදියෙන් තොරව උඩඟු නොවූ පැවතුම් ඇත්තේය. මෙයද තවත් ක්‍රමයකි. - මට කෙලෙස් ධර්මයන්ගේ සංවරණයෙන් පමණක් මේ සුවය නොලැබුණේය. අග්‍ර මාර්ගය වූ සමාධියෙන් ද මනාව සමාධිගත වූ සිතින් ද අග්‍ර මාර්ග ප්‍රඥාවෙන් ද සියලු සංයෝජනයන්ගෙන් මිදුණු සිත් ඇති බැවින් ද එම සුවය ලැබුණේ යැයි දක්වනු සඳහා සුභූති තෙරණුවෝ “මගේ සිත මනාව සංවර කරන ලදි. කෙලෙසුන්ගෙන් මිදුනේය” යි පවසති. මෙසේ වුවත් “දැන් මම කටයුතු නිමවන ලදැ”යි අල්පෝත්සාහී නොවන්නෙමි. දෙවියන් සහිත ලෝකයාට හිත - සුව එළවනු සඳහා උත්සාහ වඩමින් වීර්යවන්තව වෙසෙමි. පිඬු සිඟායන කල්හි ද ගෙයක් ගෙයක් පාසා මෛත්‍රී බ්‍රහ්ම විහරණයෙන්ම කල්යවමි. “එනිසා මේඝය! නුඹ ද මට ප්‍රිය වූවක් කරනු කැමති බැවින් ද වැස්ස නිසා ජීවත්වන සත්ත්‍වයන්ට අනුකම්පා පිණිස ද මනාවූ වැසි ධාරා පවත්වන්න.” යනුවෙන් මෙහි අර්ථ දත යුතුයි.

එත්‍ථ ච ථෙරො “ඡන‍්නා මෙ කුටිකා සුඛා නිවාතා”ති ඉමිනා ලොකියලොකුත‍්තරභෙදං අත‍්තනො අධිසීලසික‍්ඛං දස‍්සෙති. “චිත‍්තං මෙ සුසමාහිත”න‍්ති ඉමිනා අධිචිත‍්තසික‍්ඛං. “විමුත‍්ත”න‍්ති ඉමිනා අධිපඤ‍්ඤාසික‍්ඛං. “ආතාපී විහරාමී”ති ඉමිනා දිට‍්ඨධම‍්මසුඛවිහාරං. අථ වා “ඡන‍්නා මෙ කුටිකා සුඛා නිවාතා”ති ඉමිනා අනිමිත‍්තවිහාරං දස‍්සෙති කිලෙසවස‍්සපිධානමුඛෙන නිච‍්චාදිනිමිත‍්තුග‍්ඝාටනදීපනතො. “චිත‍්තං මෙ සුසමාහිත”න‍්ති ඉමිනා අප‍්පණිහිතවිහාරං. “විමුත‍්ත”න‍්ති ඉමිනා සුඤ‍්ඤතවිහාරං. “ආතාපී විහරාමී”ති ඉමිනා තෙසං තිණ‍්ණං විහාරානං අධිගමූපායං. පඨමෙන වා දොසප‍්පහානං, දුතියෙන රාගප‍්පහානං, තතියෙන මොහප‍්පහානං. තථා දුතියෙන පඨමදුතියෙහි වා ධම‍්මවිහාරසම‍්පත‍්තියො දස‍්සෙති. තතියෙන විමුත‍්තිසම‍්පත‍්තියො. “ආතාපී විහරාමී”ති ඉමිනා පරහිතපටිපත‍්තියං අතන්‍දිතභාවං දස‍්සෙතීති දට‍්ඨබ‍්බං.

මෙහිදී ද තෙරුන් වහන්සේ “මාගේ කුටිය මැනවින් සෙවුනේය. සුව ගෙන දේ. සුළඟ නොහමයි” (ඡන්නා මෙ කුටිකා සුඛා නිවාතා) යන මෙයින් ලෞකික හා ලෝකෝත්තර භේද ඇති තමන් වහන්සේගේ අධිශීල ශික්‍ෂාව දක්වන සේක. “මගේ සිත මනාව සංවර කරන ලදි” (චිත්තං මෙ සුසමාහිතං) යන මෙයින් අධිචිත්ත ශික්‍ෂාව දක්වති. “කෙලෙසුන්ගෙන් මිදුනෙමි” (විමුත්තං) යන මේ වචනයෙන් අධිප්‍රඥා ශික්‍ෂාව දක්වති. “වීර්යවන්තව වෙසෙමි.” (ආතාපී විහරාමි) යන මේ වදන් වලින් දිට්ඨ ධම්ම සුඛ විහරණය දක්වයි. නැතහොත් “ඡන්නා මෙ කුටිකා සුඛා නිවාතා” යන මේ වදන්වලින් අනිමිත්ත විහරණය දක්වයි. උන්වහන්සේගේ කෙලෙස් වසා දැමීම් වශයෙන් හා නිත්‍යාදී නිමිති පිළිගැනීමෙන් දුරු වූ බැවින් එය දැක්වීම් වශයෙන් “චිත්තං මෙ සුසමාහිතං” යන මේ වදන්වලින් අප්‍රණිහිත (කෙලෙසුන්හි සිත නොපිහිටන) විහරණය ද “විමුත්තං” යන්නෙන් ශූන්‍යතා විහරණය ද “ආතාපී විහරාමී” යන මෙයින් ඒ ත්‍රිවිධ විහරණයන්ගේ අවබෝධ ලැබීම ද දක්වයි. පළමු විහරණයෙන් ද්වේෂ (තරහ) ප්‍රහාණය ද දෙවන විහරණයෙන් රාග ප්‍රහාණයද තෙවන විහරණයෙන් මෝහ ප්‍රහාණය ද සිදුවේ. එසේම දෙවැන්නෙන් හෝ පළමු - දෙවන විහරණ දෙකින්ම හෝ ධර්ම විහාර සම්පත්තිය ද තෙවැනි විහරණයෙන් විමුක්ති සම්පත්තිය ද දක්වයි. “ආතාපි විහරාමි” යන මෙයින් අනුන්ට හිත වැඩ පතන ප්‍රතිපත්තිය ද (පිළිවෙත ද) මැලිකමක් නොමැති බවද දක්වන්නේයැයි අවබෝධ කරගත යුතුයි.

එවං “යථානාමා”ති ගාථාය වුත‍්තානං ධම‍්මවිහාරාදීනං ඉමාය ගාථාය දස‍්සිතත‍්තා තත්‍ථ අදස‍්සිතෙසු නාමගොත‍්තෙසු නාමං දස‍්සෙතුං “ඉත්‍ථං සුද”න‍්තිආදි වුත‍්තං. යෙ හි ථෙරා නාමමත‍්තෙන පාකටා, තෙ නාමෙන, යෙ ගොත‍්තමත‍්තෙන පාකටා, තෙ ගොත‍්තෙන, යෙ උභයථා පාකටා, තෙ උභයෙනපි දස‍්සිස‍්ස”න‍්ති. අයං පන ථෙරො නාමෙන අභිලක‍්ඛිතො, න තථා ගොත‍්තෙනාති “ඉත්‍ථං සුදං ආයස‍්මා සුභූතී”ති වුත‍්තං. තත්‍ථ ඉත්‍ථන‍්ති ඉදං පකාරං, ඉමිනා ආකාරෙනාති අත්‍ථො. සුදන‍්ති සු ඉදං, සන්‍ධිවසෙන ඉකාරලොපො. සූති ච නිපාතමත‍්තං, ඉදං ගාථන‍්ති යොජනා. ආයස‍්මාති පියවචනමෙතං ගරුගාරවසප‍්පතිස‍්සවචනමෙතං. සුභූතීති නාමකිත‍්තනං. සො හි සරීරසම‍්පත‍්තියාපි දස‍්සනීයො පාසාදිකො, ගුණසම‍්පත‍්තියාපි. ඉති සුන්‍දරාය සරීරාවයවවිභූතියා සීලසම‍්පත‍්තියාදිවිභූතියා ච සමන‍්නාගතත‍්තා සුභූතීති පඤ‍්ඤායිත්‍ථ සීලසාරාදිථිරගුණයොගතො ථෙරො. අභාසිත්‍ථාති කථෙසි. කස‍්මා පනෙතෙ මහාථෙරා අත‍්තනො ගුණෙ පකාසෙන‍්තීති? ඉමිනා දීඝෙන අද‍්ධුනා අනධිගතපුබ‍්බං පරමගම‍්භීරං අතිවිය සන‍්තං පණීතං අත‍්තනා අධිගතං ලොකුත‍්තරධම‍්මං පච‍්චවෙක‍්ඛිත්‍වා පීතිවෙගසමුස‍්සාහිතඋදානවසෙන සාසනස‍්ස නිය්‍යානිකභාවවිභාවනවසෙන ච පරමප‍්පිච‍්ඡා අරියා අත‍්තනො ගුණෙ පකාසෙන‍්ති, යථා තං ලොකනාථො බොධනෙය්‍යඅජ‍්ඣාසයවසෙන “දසබලසමන‍්නාගතො, භික‍්ඛවෙ, තථාගතො චතුවෙසාරජ‍්ජවිසාරදො”තිආදිනා අත‍්තනො ගුණෙ පකාසෙති, එවමයං ථෙරස‍්ස අඤ‍්ඤාබ්‍යාකරණගාථා හොතීති.

මෙසේ “යථානාමා.....” දී වශයෙන් ගාථාවෙහි දක්වන ලද ධර්ම විහාරාදිය මේ ගාථාවෙන් දක්වන ලද බැවින්, එහි නොදක්වන ලද නාම ග්‍රෝතාදිය අතුරින් නාමය දැක්වීමට “ඉත්‍ථං සුදං” යනාදිය කියන ලදි. යම් තෙර නමක් නමින් ප්‍රකට ද ඔවුන්ගේ නම ද, යම් තෙර නමක් ග්‍රෝතයෙන් ප්‍රකට වූවාහු ද ඔවුන්ගේ ග්‍රෝත්‍රය ද, යම් තෙර නමකගේ නාම-ග්‍රෝත දෙකම ප්‍රකට නම් ඒ දෙක ම දක්වනු ලැබෙත්. මේ තෙරුන් වහන්සේ ග්‍රෝත්‍රයෙන් නොව නාමයෙන්ම ප්‍රකට බැවින්, “ඉත්‍ථං සුදං ආයස්මා සුභූති” යැයි කියන ලදි. එහි “ඉත්‍ථං” යනු මේ අයුරින්. මේ ආකාරයෙන් යන අර්ථයයි. “සුදං” මෙහි “සු” යන්නෙහි පැවති ඉකාරය සන්ධි වීමේදී ලොප්විය. “සු” යනු නිපාතයක් පමණි. “මේ ගාථාව” යන අර්ථය ගෙන දෙයි. “ආයස්මා” යනු ප්‍රිය වදනකි. ගෞරවණීය බව හා ප්‍රසාද ජනක ශරීර සම්පත්තියෙන් ද ගුණ සම්පත්තියෙන් ද මෙසේ සුන්දර වූ ශරීරාවයන්හි ශෝභාවෙන් ද (විභූති) සීල සම්පත්ති ශෝභාවෙන් ද සුවිභූති යුක්ත වූ බැවින් “සුභූති” යනුවෙන් හඳුන්වන ලදහ. අගනාසීලාදි ස්ථිර ගුණයන් යුක්ත බැවින් “ථෙරො” නම් වේ. “අභාසිත්‍ථ” යනු වදාළහ. කුමක් හෙයින් මේ මහා තෙරවරු තමන් වහන්සේලාගේ ගුණ මහිම ප්‍රකාශ කරත්ද? මේ දිගු සංසාරයේ පෙර අවබෝධ නොකළාවූ අතිශය ගැඹුරු වූ අතිශයින් ශාන්ත - ප්‍රණීත වූ තමන් වහන්සේලා විසින් අවබෝධ කරගත්, ලොවුතුරා දහම් සිහිපත් කර බලා, ප්‍රීති වේගයෙන් නැගුණු ප්‍රීති වාක්‍යයක් වශයෙන් ද සසුනේ නෛර්යාණික භාවය (නිවනට අයත් බව) දැක්වීම් වශයෙන් ද අතිශය අල්පේච්ඡභාවයෙන් යුතුව ආර්යයන් වහන්සේලා තමාගේ ගුණ ප්‍රකාශ කරති. යම්සේ ලෝක නාථයන් වහන්සේ අවබෝධ කරගත් ධර්මයන් පිළිබඳ දැක්වීම් වශයෙන් “මහණෙනි! දස විධ බලයන් ගෙන් යුතුව තථාගතයන් වහන්සේ (චතුර් වෛශාරද්‍ය) සතර විශාරද ඥානයන්ගෙන් පිරිපුන් වෙති.” ආදී වශයෙන් තමන් වහන්සේගේ ගුණ මහිම දේශනා කර වදාළ සේක් ද එසේම තෙරුන් වහන්සේලාගේ රහත් බව ප්‍රකාශ කරන ගාථා වදාරන ලදැයි දත යුතුයි.

පරමත්‍ථදීපනියා ථෙරගාථාසංවණ‍්ණනාය

සුභූතිත්‍ථෙරගාථාවණ‍්ණනා නිට‍්ඨිතා.

සුභූති ථේරගාථා අර්ථ වර්ණනාව නිමියේය.