ගන්ථාරම්භකථා අට්ඨකථා
ග්රන්ථාරම්භකථා
මහාකාරුණිකං නාථං, ඤෙය්යසාගරපාරගුං; වන්දෙ නිපුණගම්භීර-විචිත්රනයදෙසනං.
මහාකාරුණික වූ ඤාණ සාගරයාගේ පරතෙර දුටුවා වූ දක්ෂ වූ ගැඹුරු පැන විසඳුම් ඇත්තාවූ විසිතුරු නය දෙසුම් ඇත්තා වූ තථාගතයන් වහන්සේට (අනුනට පිහිටවන උතුමන් වහන්සේට) මම වඳිමි.
විජ්ජාචරණසම්පන්නා, යෙන නිය්යන්ති ලොකතො; වන්දෙ තමුත්තමං ධම්මං, සම්මාසම්බුද්ධපූජිතං.
අට වැදෑරුම් විද්‍යාවන්ගෙන් හා පසළොස් චරණ දහමින් යුක්ත වූ ලෝකයෙන් මිදීමට මඟ පෙන්වන්නා වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේලා විසිනුදු පුදන ලද ඒ උතුම් වූ ධර්මරත්නයට මම වඳිමි.
සීලාදිගුණසම්පන්නො, ඨිතො මග්ගඵලෙසු යො; වන්දෙ අරියසඞ්ඝං තං, පුඤ්ඤක්ඛෙත්තං අනුත්තරං.
යමෙක් සීලාදි ගුණයන්ගෙන් යුක්තව මගඵලයන්හි පිහිටි සේක්ද ඒ අනුත්තර වූ පුණ්‍ය ක්ෂේත්රයක් හෙවත් පින් කෙතක් වු ආර්ය සංඝරත්නය මම නමඳිමි.
වන්දනාජනිතං පුඤ්ඤං, ඉති යං රතනත්තයෙ; හතන්තරායො සබ්බත්ථ, හුත්වාහං තස්ස තෙජසා.
මෙසේ රත්නත්‍රයට වන්දනා කිරීමෙන් ජනිත වූ යම් පිනක් වේ නම්, ඒ පුණ්‍යානුභාවයෙන් සැමතැන්හි නසන ලද අතුරු ආන්තරා ඇති මම මේ අටුවාව ආරම්භ කරමි.
යා තා සුභූතිආදීහි, කතකිච්චෙහි තාදිහි; ථෙරෙහි භාසිතා ගාථා, ථෙරීහි ච නිරාමිසා.
යම් ඒ කරන ලද කටයුතු ඇති සුභූති ආදී මහරහතන් වහන්සේලා විසින් ද ආමිෂයන්ගෙන් දුරු වූ රහත් තෙරණිවරුන් විසින් ද දේශනා කරන ලද,
උදානනාදවිධිනා, ගම්භීරා නිපුණා සුභා; සුඤ්ඤතාපටිසංයුත්තා, අරියධම්මප්පකාසිකා.
ප්‍රීතිමය වාක්‍ය වැනි වූද ගැඹුරු වූ, ආර්ය මාර්ගයෙහි දක්ෂ වූ යහපත් වූ ප්‍රකාශන ද ශුන්‍යතා ධර්මයෙන් යුක්ත වූ ද ආර්ය ධර්ම මාර්ගය ප්‍රකාශ කරන්නා වූ ද,
ථෙරගාථාති නාමෙන, ථෙරීගාථාති තාදිනො; යා ඛුද්දකනිකායම්හි, සඞ්ගායිංසු මහෙසයො.
ගාථා වන්ගෙන් යුක්ත වූ ධර්ම ග්රන්ථ “ථේරගාථා” හා “ථේරිගාථා” යන නම්වලින් ඛුද්දක නිකායෙහි තබා, තාදිගුණ ඇති මහරහතන් වහන්සේලා විසින් සංගායනා කළ සේක.
තාසං ගම්භීරඤාණෙහි, ඔගාහෙතබ්බභාවතො; කිඤ්චාපි දුක්කරා කාතුං, අත්ථසංවණ්ණනා මයා.
එම කෘති දෙකෙහි ගැඹුරු ඥානයෙන් බැස අවබෝධ කරගත යුතු වූ ධර්ම කරුණු පිළිබඳ අර්ථවර්ණනාව ඉතා දුෂ්කර වුවත් මවිසින් එය ඉටු කිරීමට කැමැත්තෙමි.
සහසංවණ්ණනං යස්මා, ධරතෙ සත්ථු සාසනං; පුබ්බාචරියසීහානං, තිට්ඨතෙව විනිච්ඡයො.
ශාස්තෘ ශාසනයෙහි පිහිටා සිටිමින්, පූර්වාචාරී නම් කේසර සිංහයන්ගේ අර්ථ විනිශ්චයන්හි ද පිහිටමින් එම අර්ථ වර්ණනාව කරමි.
තස්මා තං අවලම්බිත්වා, ඔගාහෙත්වාන පඤ්චපි; නිකායෙ උපනිස්සාය, පොරාණට්ඨකථානයං.
එනිසා එම පුණ්‍ය විනිශ්චයෙහි එල්බ, පෝරාණ අට්ඨකථා න්‍යාය වු නිකාය පසෙහි එන ක්‍රමය ඇසුරු කරමින්,
සුවිසුද්ධං අසංකිණ්ණං, නිපුණත්ථවිනිච්ඡයං; මහාවිහාරවාසීනං, සමයං අවිලොමයං.
ඉතා පිරිසිදු වූ මිශ්‍ර නොවූ අර්ථ විනිශ්චයෙහි දක්ෂ වු මහාවිහාර වාසීන්ගේ පිළිගැනීමට විරුද්ධ නොවී,
යාසං අත්ථො දුවිඤ්ඤෙය්යො, අනුපුබ්බිකථං විනා; තාසං තඤ්ච විභාවෙන්තො, දීපයන්තො විනිච්ඡයං.
එය නොඉක්මවා, අනුපිළිවෙල කථාවෙන් තොරව යම් පදයක අර්ථ අවබෝධ කර ගැනීම අපහසු ද ඒ පදයන්ගේ අර්ථ විනිශ්චය ප්රකටව දක්වමින්,
යථාබලං කරිස්සාමි, අත්ථසංවණ්ණනං සුභං; සක්කච්චං ථෙරගාථානං, ථෙරීගාථානමෙව ච.
මෙම යහපත් වූ ථෙරගාථා හා ථෙරිගාථා අර්ථ වර්ණනාව ශක්ති ඇති පරිද්දෙන් සකසා කරන්නෙමි.
ඉති ආකඞ්ඛමානස්ස, සද්ධම්මස්ස චිරට්ඨිතිං; තදත්ථං විභජන්තස්ස, නිසාමයථ සාධවොති.
මෙසේ ශ්‍රී සද්ධර්මයේ චිර පැවැත්ම කැමති වූ ථෙරථෙරී ගාථාවන්හි අර්ථ භේද විමසනු කැමැති වූ සත්පුරුෂයිනි! සාවධානව මේ අර්ථ වර්ණනාව අසවු.
කා පනෙතා ථෙරගාථා ථෙරීගාථා ච, කථඤ්ච පවත්තාති, කාමඤ්චායමත්ථො ගාථාසු වුත්තොයෙව පාකටකරණත්ථං පන පුනපි වුච්චතෙ –
මේ “ථේරගාථා”, “ථේරිගාථා” යනු මොනවාද? කෙසේ පැවත ආවේද? යනාදී ප්‍රශ්නයන්ට පිළිතුරු ඉහත දැක්වූ ගාථාවන්හි කියන ලද්දේමය. එය ප්රකටව දක්වනු සඳහා නැවත මෙසේ පවසනු ලැබේ.
තත්ථ ථෙරගාථා තාව සුභූතිත්ථෙරාදීහි භාසිතා. යා හි තෙ අත්තනා යථාධිගතං මග්ගඵලසුඛං පච්චවෙක්ඛිත්වා කාචි උදානවසෙන, කාචි අත්තනො සමාපත්තිවිහාරපච්චවෙක්ඛණවසෙන, කාචි පුච්ඡාවසෙන, කාචි පරිනිබ්බානසමයෙ සාසනස්ස නිය්යානිකභාවවිභාවනවසෙන අභාසිංසු, තා සබ්බා සඞ්ගීතිකාලෙ එකජ්ඣං කත්වා “ථෙරගාථා”ඉච්චෙව ධම්මසඞ්ගාහකෙහි සඞ්ගීතා. ථෙරීගාථා පන ථෙරියො උද්දිස්ස දෙසිතා.
එහි පළමුකොට “ථේරගාථා” යනු “සුභූති” ආදී තෙරවරුන් විසින් පැවසූ ගාථාවෝයි. එහි ඇතැම් ගාථා තමන් වහන්සේලා අවබෝධ කළ, මගඵල සුවය නුවණින් විමසා බලා ප්‍රීති වාක්‍ය වශයෙන් දේශිතය. ඇතැම් ගාථා තමන් වහන්සේලාගේ සමවත් සුව විහරණ, නුවණින් විමසා බැලීම් වශයෙන් දේශිතය. ඇතැම් ගාථා ප්‍රශ්න වශයෙන් දේශිතය. තවත් ගාථා රැසක් පිරිනිවන් පාන සමයෙහි සසුනේ ඇති නිදහස්ශීලී බව ප්රකටව දැක්වීම් වශයෙන් දේශනා කර ඇත. ඒ සියලු තෙරවරුන්ගේ ගාථාවෝ, ධර්ම සංගායනා කරන විට එක්රැස් කොට “ථේරගාථා” යන නාමයෙන් ධර්ම සංග්‍රාහක භික්ෂූන් වහන්සේ විසින් සංග්‍රහ කරන ලදහ. “ථේරිගාථා” වනාහි තෙරණිවරු සඳහා දේශිතය.
තා පන විනයපිටකං, සුත්තන්තපිටකං අභිධම්මපිටකන්ති තීසු පිටකෙසු සුත්තන්තපිටකපරියාපන්නා. දීඝනිකායො, මජ්ඣිමනිකායො, සංයුත්තනිකායො, අඞ්ගුත්තරනිකායො, ඛුද්දකනිකායොති පඤ්චසු නිකායෙසු ඛුද්දකනිකායපරියාපන්නා, සුත්තං, ගෙය්යං, වෙය්යාකරණං, ගාථා, උදානං, ඉතිවුත්තකං , ජාතකං, අබ්භුතධම්මං, වෙදල්ලන්ති නවසු සාසනඞ්ගෙසු ගාථඞ්ගසඞ්ගහං ගතා.
තෙරණිවරුන් විසින් වදාළ ගාථා එක්රැස් කර සංග්‍රහ කර ඇත. එම ථේරගාථාව සහ ථේරි ගාථාව විනය පිටකය, සූත්‍ර පිටකය හා අභිධර්ම පිටකය යන තුන් පිටකයන්ගෙන් සූත්‍ර පිටකයෙහි ඇතුළත් වේ. දීඝනිකාය, මජ්ඣිම නිකාය, සංයුක්ත නිකාය, අංගුත්තර නිකාය හා ඛුද්දක නිකාය යන සූත්‍ර පිටකයේ නිකාය පසින් ඛුද්දක නිකායට ඇතුළත් වේ. සූත්‍ර, ගෙය්ය, වෙය්‍යාකරණ, ගාථා, උදාන, ඉතිවුත්තක, ජාතක, අබ්භූතධම්ම හා වේදල්ල යන නවංග ශාසනයෙන් “ගාථා” අංගයෙහි ඇතුළත් වේ.
“ද්වාසීති බුද්ධතො ගණ්හිං, ද්වෙසහස්සානි භික්ඛුතො; චතුරාසීතිසහස්සානි, යෙ මෙ ධම්මා පවත්තිනො”ති.
“ද්වාසීතිං බුද්ධතො ගණ්හි ද්වෙ සහස්සානි භික්ඛුතො චතුරාසීතිසහස්සානි යෙමෙ ධම්මා පවත්තිනො”
යනුවෙන් “අසූ දෙදාහක් බුද්ධ දේශිත වූත් දෙදහසක් ශ්‍රාවක භාෂිත වූත් අසූහාර දහසක් ධර්ම ස්කන්ධය මෙහි පවතින්නේ යැයි”
එවං ධම්මභණ්ඩාගාරිකෙන පටිඤ්ඤාතෙසු චතුරාසීතියා ධම්මක්ඛන්ධසහස්සෙසු කතිපයධම්මක්ඛන්ධසඞ්ගහං ගතා.
මෙසේ ධර්ම භාණ්ඩාගාරික අනඳ තෙරුන් විසින් ප්‍රතිඥා කරන ලද සුවාසු දහසක් ධර්ම ස්කන්ධයන් අතරින් ධර්ම ස්කන්ධයක කිහිපයක් සංග්‍රහ කරන ලදී.
තත්ථ ථෙරගාථා තාව නිපාතතො එකනිපාතො එකුත්තරවසෙන යාව චුද්දසනිපාතාති චුද්දසනිපාතො සොළසනිපාතො වීසතිනිපාතො තිංසනිපාතො චත්තාලීසනිපාතො පඤ්ඤාසනිපාතො සට්ඨිනිපාතො සත්තතිනිපාතොති එකවීසතිනිපාතසඞ්ගහා. නිපාතනං නික්ඛිපනන්ති නිපාතො.
එහි ථෙරගාථා පාළිය නිපාත වශයෙන් ඒක නිපාතයේ සිට එක එකක් වැඩිවීම් වශයෙන් දාහතර වන නිපාතය දක්වාත්, දාසය වන නිපාතය, විසිවන නිපාතය, තිස්වන නිපාතය, සතළිස් වන නිපාතය, පනස්වන නිපාතය, සැටවන නිපාතය, සැත්තෑවන නිපාතය යන මේ නිපාත සත ද සමඟ නිපාත විසි එකකින් යුක්ත වේ. වැටීම, හෙළීම (නිපතනං) බහා තැබීම (නික්ඛිපනං) යන අරුතින් “නිපාත” නම් වේ.
එකො එකෙකො ගාථානං නිපාතො නික්ඛෙපො එත්ථාති එකනිපාතො. ඉමිනා නයෙන සෙසෙසුපි අත්ථො වෙදිතබ්බො.
එක් එක් ගාථාවන්ගේ හෙලීම, බහා දැමීම, දැක්වීම යනු ඒක නිපාත යයි. මේ ක්‍රමයෙන් සෙසු නිපාතයන් හි ද අර්ථ දත යුතුයි.
තත්ථ එකනිපාතෙ ද්වාදස වග්ගා. එකෙකස්මිං වග්ගෙ දස දස කත්වා වීසුත්තරසතං ථෙරා, තත්තිකා එව ගාථා. වුත්තඤ්හි –
එහි ඒක නිපාතයෙහි වග්ග දොළොසකි. එක් එක් වර්ගයේ දහය, දහය බැගින් තෙරවරු එක්සිය විස්සෙකි. ගාථා ද එපමණම වේ. කියන ලදී -
“වීසුත්තරසතං ථෙරා, කතකිච්චා අනාසවා; එකකම්හි නිපාතම්හි, සුසඞ්ගීතා මහෙසිභී”ති.
වීසුත්තරසතං ථෙරා කත කිච්චා අනාසවා එකකම්හි නිපාතම්හි සුසංගීතා මහෙසිහී
“කළ කිස ඇති අරහත් වූ - එක්සිය විස්සක් මහර්ෂී වූ තෙරවරු ඒකක නිපාතයෙහි ගාථා සංග්‍රහ කළහ යනුවෙන්.
දුකනිපාතෙ එකූනපඤ්ඤාස ථෙරා, අට්ඨනවුති ගාථා; තිකනිපාතෙ සොළස ථෙරා, අට්ඨචත්තාලීස ගාථා; චතුක්කනිපාතෙ තෙරස ථෙරා, ද්වෙපඤ්ඤාස ගාථා; පඤ්චකනිපාතෙ ද්වාදස ථෙරා, සට්ඨි ගාථා; ඡක්කනිපාතෙ චුද්දස ථෙරා, චතුරාසීති ගාථා; සත්තකනිපාතෙ පඤ්ච ථෙරා, පඤ්චතිංස ගාථා; අට්ඨකනිපාතෙ තයො ථෙරා, චතුවීසති ගාථා; නවකනිපාතෙ එකො ථෙරො, නව ගාථා; දසනිපාතෙ සත්ත ථෙරා, සත්තති ගාථා; එකාදසනිපාතෙ එකො ථෙරො, එකාදස ගාථා; ද්වාදසනිපාතෙ ද්වෙ ථෙරා, චතුවීසති ගාථා; තෙරසනිපාතෙ එකො ථෙරො, තෙරස ගාථා; චුද්දසනිපාතෙ ද්වෙ ථෙරා, අට්ඨවීසති ගාථා; පන්නරසනිපාතො නත්ථි, සොළසනිපාතෙ ද්වෙ ථෙරා, ද්වත්තිංස ගාථා; වීසතිනිපාතෙ දස ථෙරා, පඤ්චචත්තාලීසාධිකානි ද්වෙ ගාථාසතානි; තිංසනිපාතෙ තයො ථෙරා, සතං පඤ්ච ච ගාථා; චත්තාලීසනිපාතෙ එකො ථෙරො, ද්වෙචත්තාලීස ගාථා; පඤ්ඤාසනිපාතෙ එකො ථෙරො, පඤ්චපඤ්ඤාස ගාථා; සට්ඨිනිපාතෙ එකො ථෙරො, අට්ඨසට්ඨි ගාථා; සත්තතිනිපාතෙ එකො ථෙරො, එකසත්තති ගාථා. සම්පිණ්ඩෙත්වා පන ද්වෙසතානි චතුසට්ඨි ච ථෙරා, සහස්සං තීණි සතානි සට්ඨි ච ගාථාති. වුත්තම්පි චෙතං –
දුක නිපාතයෙහි තෙරවරු සතළිස් නවයකි. ගාථා අනූ අටකි. තික නිපාතයෙහි තෙරවරු දාසයකි. ගාථා හතලිස් අටකි. චතුක්ක නිපාතයේ තෙරවරු දහතුන් දෙනෙකි. ගාථා පනස් දෙකකි. පඤ්චක නිපාතයෙහි තෙරවරු දොළොසකි. ගාථා සැටකි. ඡක්ක නිපාතයේ තෙරවරු දා හතරකි. ගාථා අසූ හතරකි. සත්තක නිපාතයෙහි තෙරවරු පස් දෙනෙකි. ගාථා තිස් පහකි. අට්ඨක නිපාතයේ තෙරවරු තිදෙනෙකි. ගාථා විසි හතරකි. නවක නිපාතයේ එක් තෙරනමකි. ගාථා නවයකි. දස නිපාතයෙහි තෙරවරු සත් දෙනෙකි. ගාථා සැත්තෑවකි. එකොළොස්වන නිපාතයේ එක් තෙරනමකි. ගාථා එකොළොසකි. දොළොස් වන නිපාතයේ තෙරවරු දෙනමකි. ගාථා විසි හතරකි. දහතුන්වන නිපාතයේ එක් තෙරනමකි. ගාථා දහතුනකි. දාහතර වන නිපාතයේ තෙරවරු දෙනමකි. ගාථා විසි අටකි. පසළොස්වන නිපාතයක් නැත. දාසය වන නිපාතයෙහි තෙරවරු දෙනමකි. ගාථා තිස් දෙකකි. විසිවන නිපාතයේ තෙරවරු දස නමකි. ගාථා දෙසිය හතළිස් පහකට අධිකය. තිස්වන නිපාතයේ තෙරවරු තුන් නමකි. ගාථා එකසිය පහකි. සතළිස් වන නිපාතයේ එක් තෙර නමකි. ගාථා සතළිස් දෙකකි. පනස් වන නිපාතයෙහි එක් තෙර නමකි. පනස් පහක් ගාථා ඇත. සැටවන නිපාතයේ එක් තෙර නමකි. ගාථා සැට අටකි. සැත්තෑවන නිපාතයේ ද එක් තෙර නමකි. ගාථා සැත්තෑ එකකි. මේ සියල්ල සම්පිණ්ඩනය කළ විට තෙරවරු දෙසිය හැට හතරකි. ගාථා එක් දහස් තුන්සිය හැටකි. එනිසා මෙය කියන ලදී.
“සහස්සං හොන්ති තා ගාථා, තීණි සට්ඨි සතානි ච; ථෙරා ච ද්වෙ සතා සට්ඨි, චත්තාරො ච පකාසිතා”ති.
“සහස්සං හොන්ති තා ගාථා - තීණි සට්ඨි සතානිච ථෙරා ච ද්වෙසතා සට්ඨි - චත්තාරො ච පකාසිතා”
“එහි ගාථා එක් දහස් තුන්සිය හැටකි. එම ගාථාවෝ තෙරවරු දෙසිය සැට හතර නමක් විසින් දේශනා කරන ලදහ.
ථෙරීගාථා පන එකනිපාතො එකුත්තරවසෙන යාව නවනිපාතාති නවනිපාතො එකාදසනිපාතො, ද්වාදසනිපාතො, සොළසනිපාතො, වීසතිනිපාතො, තිංසනිපාතො, චත්තාලීසනිපාතො, මහානිපාතොති සොළසනිපාතසඞ්ගහා. තත්ථ එකනිපාතෙ අට්ඨාරස ථෙරියො, අට්ඨාරසෙව ගාථා; දුකනිපාතෙ දස ථෙරියො, වීසති ගාථා; තිකනිපාතෙ අට්ඨ ථෙරියො, චතුවීසති ගාථා; චතුක්කනිපාතෙ එකා ථෙරී, චතස්සො ගාථා; පඤ්චකනිපාතෙ ද්වාදස ථෙරියො සට්ඨි ගාථා; ඡක්කනිපාතෙ අට්ඨ ථෙරියො අට්ඨචත්තාලීස ගාථා; සත්තනිපාතෙ තිස්සො ථෙරියො, එකවීසති ගාථා; අට්ඨ නිපාතතො පට්ඨාය යාව සොළසනිපාතා එකෙකා ථෙරියො තංතංනිපාතපරිමාණා ගාථා; වීසතිනිපාතෙ පඤ්ච ථෙරියො, අට්ඨාරසසතගාථා; තිංසනිපාතෙ එකා ථෙරී, චතුත්තිංස ගාථා; චත්තාලීසනිපාතෙ එකා ථෙරී, අට්ඨචත්තාලීස ගාථා; මහානිපාතෙපි එකා ථෙරී, පඤ්චසත්තති ගාථා. එවමෙත්ථ නිපාතානං ගාථාවග්ගානං ගාථානඤ්ච පරිමාණං වෙදිතබ්බං.
ථේරි ගාථාව ද ඒක නිපාතයේ සිට එක එක වැඩිවීම් වශයෙන් නව වන නිපාතය දක්වාත්, එකොළොස්වන නිපාතය, දොළොස්වන නිපාතය, දාසය වන නිපාතය, විසිවන නිපාතය, තිස්වන නිපාතය, සතළිස් වන නිපාතය, මහා නිපාතය වශයෙන් නිපාත දහසයක් ඇතුළත් වේ. එහි ඒක නිපාතයේ තෙරණියෝ දහ අටකි. ගාථා ද දහ අටකි. දුක නිපාතයේ තෙරණියෝ දස නමකි. ගාථා විස්සකි. තික නිපාතයෙහි තෙරණියෝ අට නමකි. ගාථා විසි හතරකි. චතුක්ක නිපාතයේ එක් තෙරණියකි. ගාථා හතරකි. පඤ්චක නිපාතයෙහි තෙරණියෝ දොළොසකි. ගාථා සැට තුනකි. ඡක්ක නිපාතයේ තෙරණියෝ අට නමකි. ගාථා හතළිස් අටකි. සත්තක නිපාතයේ තෙරණියෝ තිදෙනෙකි. ගාථා විසි එකකි. අට්ඨ නිපාතයේ සිට සොළස නිපාතය දක්වා එක් එක් තෙරණිය ඒ ඒ නිපාතයේ ප්‍රමාණයට ගාථා දේශිතය. වීසති නිපාතයේ තෙරණියෝ සිවු දෙනෙකි. ගාථා අනූ හතකි. තිංස නිපාතයේ එක් තෙරණියකි. ගාථා තිස් හතරකි. චත්තාළීස නිපාතයේ එක් තෙරණියකි. ගාථා හතලිස් අටකි. මහා නිපාතයේ එක් තෙරණියකි. ගාථා සැත්තෑ පහකි. මෙසේ මෙම ථෙරි ගාථාවෙහි නිපාතය ද ගාථාවන්ගේ ද ප්‍රමාණය දත යුතුයි.
නිදානගාථාවණ්ණනා
නිදානගාථා වර්ණනාව
එවං පරිච්ඡින්නපරිමාණාසු පනෙතාසු ථෙරගාථා ආදි. තත්ථාපි –
මෙසේ වෙන් කර දැක්වූ ප්‍රමාණ අනුව මේ ග්රන්ථ දෙකින් ථෙරගාථාව මූලික වේ. පළමු කෘතියයි. එහිද :-
“සීහානංව නදන්තානං, දාඨීනං ගිරිගබ්භරෙ; සුණාථ භාවිතත්තානං, ගාථා අත්ථූපනායිකා”ති.
“සීහානං ව නදත්තානං - දාඨිනං ගිරිගබ්භරෙ සුණාථ භාවිතත්තානං - ගාථා අත්තූපනායිකා”
අයං පඨමමහාසඞ්ගීතිකාලෙ ආයස්මතා ආනන්දෙන තෙසං ථෙරානං ථොමනත්ථං භාසිතා ගාථා ආදි. තත්ථ සීහානන්ති සීහසද්දො “සීහො, භික්ඛවෙ, මිගරාජා”තිආදීසු (අ· නි· 4.33) මිගරාජෙ ආගතො. “අථ ඛො සීහො සෙනාපති යෙන භගවා තෙනුපසඞ්කමී”තිආදීසු (අ· නි· 5.34) පඤ්ඤත්තියං. “සීහොති ඛො, භික්ඛවෙ, තථාගතස්සෙතං අධිවචනං අරහතො සම්මාසම්බුද්ධස්සා”තිආදීසු (අ· නි· 5.99; 10.21) තථාගතෙ. තත්ථ යථා තථාගතෙ සදිසකප්පනාය ආගතො, එවං ඉධාපි සදිසකප්පනාවසෙනෙව වෙදිතබ්බො, තස්මා සීහානංවාති සීහානං ඉව. සන්ධිවසෙන සරලොපො “එවංස තෙ”තිආදීසු (ම· නි· 1.22) විය. තත්ථ ඉවාති නිපාතපදං. සුණාථාති ආඛ්යාතපදං. ඉතරානි නාමපදානි. සීහානංවාති ච සම්බන්ධෙ සාමිවචනං. කාමඤ්චෙත්ථ සම්බන්ධී සරූපතො න වුත්තො, අත්ථතො පන වුත්තොව හොති. යථා හි “ඔට්ඨස්සෙව මුඛං එතස්සා”ති වුත්තෙ ඔට්ඨස්ස මුඛං විය මුඛං එතස්සාති අයමත්ථො වුත්තො එව හොති, එවමිධාපි “සීහානංවා”ති වුත්තෙ සීහානං නාදො වියාති අයමත්ථො වුත්තො එව හොති. තත්ථ මුඛසද්දසන්නිධානං හොතීති චෙ, ඉධාපි “නදන්තාන”න්ති පදසන්නිධානතො, තස්මා සීහානංවාති නිදස්සනවචනං. නදන්තානන්ති තස්ස නිදස්සිතබ්බෙන සම්බන්ධදස්සනං. දාඨීනන්ති තබ්බිසෙසනං.
යන මේ ගාථාව පළමු මහා සංගීති අවස්ථාවෙහි ආයුෂ්මත් ආනන්ද තෙරුන් විසින් ඒ තෙරවරුන්ට ස්තූති කිරීම් වශයෙන් දෙසූ පළමු ගාථාවයි. එහි “සීහානං” යනු සිංහයන්ගේ “සීහ” ශබ්දය “මහණෙනි! මෘගයන්ගේ රජ වූ සිංහයා” (සීහො භික්ඛවෙ මිගරාජා) යන තැන්හි සිංහයාට යෙදුණි. “ඉක්බිති සීහ සෙන්පතියා භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේය” යනාදියෙහි ප්රඥප්ති නාමයකැයි දත යුතුයි. පුද්ගලයෙකුගේ නමකි. “මහණෙනි! “සීහ” යනු තථාගත වූ අර්හත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට යෙදෙන තවත් නාමයකි. (අධිවචනං) යනාදී තැන්හි තථාගතයන්ට ම යෙදී ඇත. තථාගතයන්ට සිංහයාට සමාන ඉරියවු පැවතුම් ඇත. මෙසේ මෙහිදී ද සමාන වූ පැවතුම් ඇතිවීම් වශයෙන් යෙදුණු බව දත යුතුයි. එනිසා “සීහානංව” යනුවේ. සීහානං+ඉව යන දෙපදය සන්ධිවීමේදී පරස්වරය ලොප් වේ. “එවංස තෙ” යනාදියෙහි මෙනි. මෙහි “ඉව” යනු නිපාත පදයකි. “සුණාථ” යනු ආඛ්‍යාත (ක්‍රියා) පදයකි. සෙසු පද නාම පද වේ. සීහානං (සිංහයන්ගේ) යනු සම්බන්ධාර්ථයේ ඡට්ඨි විභක්ති වචනයකි. මෙහි ඒකාන්තයෙන් සම්බන්ධය ද ස්වරූප වශයෙන් නොකියන ලදී. අර්ථ වශයෙන්ම කියන ලද්දේය. යම්සේ “ඔට්ඨස්සෙව මුඛං එතස්ස” යන තැන්හි “ඔට්ඨස්ස” යැයි පැවසු විට “ඕට්ඨ ස්ස මුඛං විය මුඛං එතස්ස” (ඔටුවාගේ මුව මෙන් මොහුගේ මුව වේ) යන මේ අර්ථයම කියන ලදී. එසේම මෙහිද “සීහානංව” (සිංහයන් මෙන්) යැයි පැවසු විට, “සීහානං නාදො විය” (සිංහයන්ගේ නාදය මෙන්) යැයි අර්ථ ගත යුතුයි. එහි “මුඛ” ශබ්දය සමීප කිරීම් අර්ථයෙහි වේ. මෙහිද “නදන්තානං” (නද දෙන) පද සන්නිධානයකි. පද සමීප කිරීමකි. එනිසා “සීහානංව” යන පදය මෙහි නිදසුන් පදයකි. “නදන්තානං” යනුවෙන් ඒ නිදර්ශනය කළ දෙයෙහි සබඳතාව දක්වන ලදී. “දාඨිනං” යනු එයට යෙදුණු විශේෂණයකි.
ගිරිගබ්භරෙති තස්ස පවත්තිට්ඨානදස්සනං. සුණාථාති සවනෙ නියොජනං. භාවිතත්තානන්ති සොතබ්බස්ස පභවදස්සනං. ගාථාති සොතබ්බවත්ථුදස්සනං. අත්ථුපනායිකාති තබ්බිසෙසනං. කාමඤ්චෙත්ථ “සීහානං නදන්තානං දාඨීන”න්ති පුල්ලිඞ්ගවසෙන ආගතං, ලිඞ්ගං පන පරිවත්තෙත්වා “සීහීන”න්තිආදිනා ඉත්ථිලිඞ්ගවසෙනාපි අත්ථො වෙදිතබ්බො. එකසෙසවසෙන වා සීහා ච සීහියො ච සීහා, තෙසං සීහානන්තිආදිනා සාධාරණා හෙතා තිස්සො නිදානගාථා ථෙරගාථානං ථෙරීගාථානඤ්චාති.
“ගිරිගබ්භරෙ” යනු ඒ සිංහයන් සිටින තැන දැක්වීමකි. “සුණාථ” යනු ඇසීමෙහි යෙදවීමයි. “භාවිතත්තානං” යනු ඇසිය යුත්තාගේ ලක්ෂණ ප්‍රභාව දැක්වීමයි. “ගාථා” යනු ඇසිය යුතු වස්තුව, කාරණය දැක්වීමයි. “අත්තූපනායිකා” යනු එහි විශේෂණ දැක්වීමකි. කැමති නම් මෙහි “දළ ඇති නද දෙන සිංහයන්ගේ” යනුවෙන් පුරුෂ ලිංගයෙන් ඇති පදවල ලිංගය වෙනස් කර, “සිංහ ධේනුන්ගේ” (සීහීනං) ආදී ලෙස ස්ත්‍රී ලිංග වශයෙන් ද අර්ථ කිව යුතුයි. ඒක ශේෂ වශයෙන් හෝ අර්ථ ගත යුතුයි. සිංහයෝ ද සිංහ ධේනුහු ද සිංහයෝම ය. ඔවුහු දෙපිරිසම “සීහ” (සිංහ) නාමයෙන් ගැනීම සාධාරණය. එබැවින් මේ නිදාන ගාථා තුන ථෙරගාථාවන්ට ද ථෙරී ගාථාවන්ට ද සාධාරණම වේ.
තත්ථ සහනතො හනනතො ච සීහො. යථා හි සීහස්ස මිගරඤ්ඤො බලවිසෙසයොගතො සරභමිගමත්තවරවාරණාදිතොපි පරිස්සයො නාම නත්ථි, වාතාතපාදිපරිස්සයම්පි සො සහතියෙව, ගොචරාය පක්කමන්තොපි තෙජුස්සදතාය මත්තගන්ධහත්ථිවනමහිංසාදිකෙ සමාගන්ත්වා අභීරූ අඡම්භී අභිභවති, අභිභවන්තො ච තෙ අඤ්ඤදත්ථු හන්ත්වා තත්ථ මුදුමංසානි භක්ඛයිත්වා සුඛෙනෙව විහරති, එවමෙතෙපි මහාථෙරා අරියබලවිසෙසයොගෙන සබ්බෙසම්පි පරිස්සයානං සහනතො, රාගාදිසංකිලෙසබලස්ස අභිභවිත්වා හනනතො පජහනතො තෙජුස්සදභාවෙන කුතොචිපි අභීරූ අඡම්භී ඣානාදිසුඛෙන විහරන්තීති සහනතො හනනතො ච සීහා වියාති සීහා. සද්දත්ථතො පන යථා කන්තනත්ථෙන ආදිඅන්තවිපල්ලාසතො තක්කං වුච්චති, එවං හිංසනට්ඨෙන සීහො වෙදිතබ්බො. තථා සහනට්ඨෙන. පිසොදරාදිපක්ඛෙපෙන නිරුත්තිනයෙන පන වුච්චමානෙ වත්තබ්බමෙව නත්ථි.
එහි ඉවසීම් වශයෙන් ද (සහනතො) නැසීම්, වැනසීම්, වශයෙන් ද (හනනතො) “සීහ” නම් වේ. මෘගයන්ගේ රජ වූ සිංහයාගේ විශේෂ බලය යෙදීම් ආදී උපද්‍රව ද ඔහු ඉවසන්නේ මය. ගොදුරු පිණිස යන්නේ ද තේජස් බලයෙන් මත් වූ ගන්ධ හස්තීන්, වන මී මුන් ආදීන් වෙත පැමිණ නිර්භය බැවින් හා තැති නොගැනීමෙන් ඔවුන් අභි භවනය කරයි. එසේ මැඩ පවත්වමින් ඔවුන් ඒකාන්තයෙන් මරා, මෘදු මස් කා සුවසේ වෙසෙයි. මේ අයුරින්ම රහතන් වහන්සේලා ද ආර්ය බල විශේෂයක් යෙදීමෙන් සියල්ලන්ගෙන්ම වන උපද්‍රව ඉවසන සේක්, රාගා දී කෙලෙස් ධර්මයන් මැඩ පවත්වා, ඉවසන සේක් - දුරු කළ සේක් පිරුණු තේජසින් කවරෙකු කෙරෙහි වුවත් නිර්භයව, තැති නොගෙන ධ්‍යානාදී සුවයෙන් වෙසෙන සේක්, ඉවසීමෙන් ද නැසීමෙන් ද සිංහයන් මෙන් වූවාහු “සිංහයෝ” (සීහා) නම් වෙති. ශබ්දාර්ථ වශයෙන් යම් සේ “කන්තන” අර්ථයෙන් මුල - අග විපර්යාස වීමෙන් “තක්ක” යැයි කියනු ලැබේද, එසේම “හිංසන” අර්ථයෙන් “සීහො” යැයි පද සිද්ධ වූ බව දත යුතුයි. එසේම “සහන” අර්ථයෙන් ද “සිහො” නම් වේ. සෝදරාදී ප්‍රතික්ෂේප කරන නිරුක්ති න්‍යාය අනුව කියනු ලබන කල්හි, කිව යුත්තක් නැත්තේමය.
අථ වා යථා මිගරාජා කෙසරසීහො අත්තනො තෙජුස්සදතාය එකචාරී විහරති, න කඤ්චි සහායං පච්චාසීසති, එවමෙතෙපි තෙජුස්සදතාය විවෙකාභිරතියා ච එකචාරිනොති එකචරියට්ඨෙනපි සීහා වියාති සීහා, තෙනාහ – භගවා “සීහංවෙකචරං නාග”න්ති (සං· නි· 1.30; සු· නි· 168).
නැතහොත් මෘගරාජ වූ කේසර සිංහයා තමාගේ පිරුණු තේජස් බල මහිමය නිසා තනිව හැසිරෙමින් වාසය කරයි ද කිසිම සහායයෙකු (දෙවැනියකු) අපේක්ෂා නොකරයි ද, මෙලෙසින්ම පිරුණු තේජස් බල මහිම නිසාත් විවේකයෙහි ඇලුණු නිසාත් හුදෙකලාව - “තනිව හැසිරේ” යන අර්ථයෙනුත් සිංහයන් මෙනැයි රහතන් වහන්සේලා “සීහ” නම් වෙති. එනිසා බුදුහු මෙසේ වදාළහ. “සීහංවෙකචරං නාගං” (සිංහයෙකු මෙන් ඇතෙකුමෙන් තනිව හැසිරෙන) යනුවෙන්.
අථ වා අසන්තාසනජවපරක්කමාදිවිසෙසයොගතො සීහා වියාති සීහා, එතෙ මහාථෙරා. වුත්තඤ්හෙතං භගවතා –
නැතහොත් තැති නොගන්නා ජව පරාක්රමාධි විශේෂ බල මහිමයෙන් සිංහයන් මෙන් වූ යන අර්ථයෙන් මේ මහතෙරවරු “සිහ” නම් වෙති. භාග්‍යවතුන් වහන්සේ විසින් මෙසේ වදාළහ.
“ද්වෙමෙ, භික්ඛවෙ, අසනියා ඵලන්තියා න සන්තසන්ති, කතමෙව ද්වෙ? භික්ඛු ච ඛීණාසවො සීහො ච මිගරාජා”ති (අ· නි· 2.60).
“මහණෙනි! මෙලොව දෙදෙනෙක් හෙන ගසද්දී තැති නොගනිති. කවර දෙදෙනෙක් ද? රහතන් වහන්සේ සහ මෘග රාජ වූ සිංහයා යන දෙදෙනයි.”
ජවොපි සීහස්ස අඤ්ඤෙහි අසාධාරණො, තථා පරක්කමො. තථා හි සො උසභසතම්පි ලඞ්ඝිත්වා වනමහිංසාදීසු නිපතති, පොතකොපි සමානො පභින්නමදානම්පි මත්තවරවාරණානං පටිමානං භින්දිත්වා දන්තකළීරංව ඛාදති. එතෙසං පන අරියමග්ගජවො ඉද්ධිජවො ච අඤ්ඤෙහි අසාධාරණො, සම්මප්පධානපරක්කමො ච නිරතිසයො. තස්මා සීහානංවාති සීහසදිසානං විය. සීහස්ස චෙත්ථ හීනූපමතා දට්ඨබ්බා, අච්චන්තවිසිට්ඨස්ස සහනාදිඅත්ථස්ස ථෙරෙස්වෙව ලබ්භනතො.
සිංහයා ජවයෙන් ද එසේම පරාක්‍රමයෙන් ද (වේගවත්බව, උත්සාහය) අන් සතුන් අභිබවා සිටියි. එසේම සිංහයා උසභ සීයක් (උසභයක් යනු රියන් 140කි.) වුවත් පැන, වන මීමුන් මත වැටෙයි. පනිනුයේත් මඳ වැගිරෙන උතුම් මහා ඇතුන්ගේ හිසට පැන කුම්භස්ථලය බිඳ දන්ත කළීර මාංසය කයි. මේ රහතන් වහන්සේ ද ආර්ය මාර්ග ජවයෙන් ද සෘද්ධිමය ජවයෙන් ද අන්‍යයන් හා අසමාන වෙති. සම්‍යක් ප්‍රධාන වීර්යයෙන්ද අන්‍යයන් අභිබවා සිටිති. එනිසා “සීහානංවා” යනුවෙන් සිංහයන් හා සමාන වූවෝ වෙති. මෙහිදී සිංහයාට සම කළ හැකි අනිකකු නොසිටින බව දත යුතුයි. අතිශයින් විශිෂ්ඨ වූ ඉවසීම් ආදී අර්ථාදිය රහතන් වහන්සේ තුලම දක්නට ලැබෙන බැවින්, උන්වහන්සේ සිංහයාට සමාන වෙති.
නදන්තානන්ති ගජ්ජන්තානං. ගොචරපරක්කමතුට්ඨිවෙලාදීසු හි යථා සීහා අත්තනො ආසයතො නික්ඛමිත්වා විජම්භිත්වා සීහනාදං අභීතනාදං නදන්ති, එවං එතෙපි විසයජ්ඣත්තපච්චවෙක්ඛණඋදානාදිකාලෙසු ඉමං අභීතනාදං නදිංසු. තෙන වුත්තං – “සීහානංව නදන්තාන”න්ති. දාඨීනන්ති දාඨාවන්තානං. පසට්ඨදාඨීනං, අතිසයදාඨානන්ති වා අත්ථො. යථා හි සීහා අතිවිය දළ්හානං තික්ඛානඤ්ච චතුන්නං දාඨානං බලෙන පටිපක්ඛං අභිභවිත්වා අත්තනො මනොරථං මත්ථකං පූරෙන්ති, එවමෙතෙපි චතුන්නං අරියමග්ගදාඨානං බලෙන අනාදිමති සංසාරෙ අනභිභූතපුබ්බපටිපක්ඛං අභිභවිත්වා අත්තනො මනොරථං මත්ථකං පාපෙසුං. ඉධාපි දාඨා වියාති දාඨාති සදිසකප්පනාවසෙනෙව අත්ථො වෙදිතබ්බො.
“තදන්තානං” යනු ගර්ජනය කරන්නා වූ, නද දෙන, ගොදුරු පිණිස යෑම, පරාක්‍රමය, සතුට, දොළදුක් ආදියෙහි දී සිංහයෝ තමා වසන තැනින් නික්මවුත් කිළිපොලා සිංහ නාදය නම් වූ අභීත නාදය පවත්වති. එසේම රහතන් වහන්සේ ද ආධ්‍යාත්මික අරමුණු, ප්රත්යවේක්ෂණ, ප්‍රීති වාක්‍ය පහළ කිරීම් ආදියෙහි දී මේ අභීත වූ නාදය පවත්වති. එනිසා “සිංහයන් මෙන් නද දෙන” යැයි කියන ලදී. “දාඨිනං” යනු දළ ඇත්තවුන් අතර ප්රශස්ත වූ විශේෂ දළ ඇත්තා වූ, උසස් දළ ඇත්තාවූ යන අර්ථයි. යම්සේ සිංහයෝ අතිශය දැඩි වූ තියුණු වූ සතර දළයන්ගේ බලයෙන් ප්‍රතිවිරුද්ධ වූවන් මැඩලා, සිය මනදොළ පුරවා ගන්නාක් මෙන් සතරක් වූ ආර්ය මාර්ග නම් දළයන්ගේ බලයෙන් ඇරඹුමක් නැති සංසාරයෙහි පෙර මැඩලීමට නොහැකි වූ කෙළෙස් සතුරන් නසා, සිය මනදොළ (ප්‍රාර්ථනාව) ඉටු කරගන්නා රහතන් වහන්සේ දැකිය යුතුයි. මෙහි “දළ මෙන්” (දාඨා විය) යන තැන්හි “දාඨා” යන්නේ පරිසංකල්පනා වශයෙන්ම අර්ථ දත යුතුයි.
ගිරිගබ්භරෙති පබ්බතගුහායං, සමීපත්ථෙ භුම්මවචනං. “ගිරිගව්හරෙ”ති කෙචි පඨන්ති. පබ්බතෙසු වනගහනෙ වනසණ්ඩෙති අත්ථො. ඉදං පන නෙසං විරොචනට්ඨානදස්සනඤ්චෙව සීහනාදස්ස යොග්යභූමිදස්සනඤ්ච. නදන්තානං ගිරිගබ්භරෙති යොජනා. යථා හි සීහා යෙභුය්යෙන ගිරිගබ්භරෙ අඤ්ඤෙහි දුරාසදතාය ජනවිවිත්තෙ වසන්තා අත්තනො දස්සනෙන උප්පජ්ජනකස්ස ඛුද්දකමිගසන්තාසස්ස පරිහරණත්ථං ගොචරගමනෙ සීහනාදං නදන්ති, එවමෙතෙපි අඤ්ඤෙහි දුරාසදගිරිගබ්භරසදිසෙව සුඤ්ඤාගාරෙවසන්තා ගුණෙහි ඛුද්දකානං පුථුජ්ජනානං තණ්හාදිට්ඨිපරිත්තාසපරිවජ්ජනත්ථං වක්ඛමානගාථාසඞ්ඛාතං අභීතනාදං නදිංසු. තෙන වුත්තං “සීහානංව නදන්තානං, දාඨීනං ගිරිගබ්භරෙ”ති.
“ගිරිගබ්භරෙ” යනු පර්වත ගුහාවයි. සමීපාර්ථයේ සත්තමී වදනකි. ඇතැම්හු (අභයගිරිකාදී) “ගිරිගව්ගර” යි ද කියති. පර්වතයන්හි වන ගහණ, වන ලැහැබ්වල සිට යන අර්ථයයි. මෙහි වනාහී සිංහයන්ගේ බබළන තැන දැක්වීම මෙන්ම සිංහ නාදයට යෝග්‍ය වූ භූමිය දැක්වීම ද සිදුවේ. “ගිරි කඳුරෙහි නද දෙන” (නදන්තානං ගිරිගබ්භරෙ) යනු පද ගැලපීමයි. යම් සේ සිංහයෝ අන් සතුන් විසින් ළංවිය නොහැකි, ජන ශුන්‍ය වූ ගිරි කඳුරුවල බොහෝ සෙයින් වෙසෙන්නාහු, තමාගේ දර්ශනයෙන් (දැකීමෙන්) කුඩා සා-මුව ආදීන්ගේ සන්තානයේ ඇතිවන තැති ගැනීම දුරු කිරිම සඳහා ගොදුරු පිණිස යාමට පළමුව සිංහ නාද කරත් ද එමෙන් ම අන් ජනයා ළං නොවනගිරි කඳුරු පර්වත වැනි වූ ජන ශූන්‍ය ශුන්‍යාගාරවල වෙසෙන මහරහතන් වහන්සේලා ගුණවලින් කුඩාවූ පුහුදුන් ජන සිත්හි ඇති තණ්හා, මිසදිටු, පිරිතැවීම් දුරු කිරිම සඳහා දේශනා කළ “ගාථා” නම් වූ අභීත වූ සිංහ නාද පැවැත්වූහ. එනිසා මෙය කියන ලදී-
“සීහානං ව නදන්තානං දාඨිනං ගරිගබ්භරෙ සුණාථ භාවිතත්තානං ගාථා අත්තූපනායිකා”
“ගිරි ගුහායෙහි නද දෙන, දළ ඇති සිංහයන් මෙන් වඩන ලද සිත් ඇති රහතන් වහන්සේලා තමා පිළිබඳව ගෙන හැර දැක්වූ ගාථා අසවු.” යනුවෙනි.
සුණාථාති සවනාණත්තිකවචනං, තෙන වක්ඛමානානං ගාථානං සන්නිපතිතාය පරිසාය සොතුකාමතං උප්පාදෙන්තො සවනෙ ආදරං ජනෙති, උස්සාහං සමුට්ඨාපෙන්තො ගාරවං බහුමානඤ්ච උපට්ඨපෙති. අථ වා “සීහාන”න්තිආදීනං පදානං සදිසකප්පනාය විනා මුඛ්යවසෙනෙව අත්ථො වෙදිතබ්බො. තස්මා දළ්හතික්ඛභාවෙන පසට්ඨාතිසයදාඨතාය දාඨීනං ගිරිගබ්භරෙ නදන්තානං සීහගජ්ජිතං ගජ්ජන්තානං සීහානං මිගරාජූනං විය තෙසං අභීතනාදසදිසා ගාථා සුණාථාති අත්ථො. ඉදං වුත්තං හොති – “යථා සීහනාදං නදන්තානං සීහානං මිගරාජූනං කුතොචිපි භයාභාවතො සො අභීතනාදො තදඤ්ඤමිගසන්තාසකරො, එවං භාවිතත්තානං අප්පමත්තානං ථෙරානං සීහනාදසදිසියො සබ්බසො භයහෙතූනං සුප්පහීනත්තා අභීතනාදභූතා, පමත්තජනසන්තාසකරා ගාථා සුණාථා”ති.
“සුණාථ” යනු ඇසීමට අණකළ වදනයි. මේ වචනයෙන් කියනු ලබන ගාථා, රැස් වූ පිරිස් විසින් ඇසීමට කැමැත්ත උපදවමින්, ඇසීමෙහි (ශ්‍රවණයෙහි) කැමැත්ත උපදවයි. උත්සාහය උපදවමින් ගරු - බහුමාන උපදවයි. නැතහොත් “සීහානං” යනාදී පදයන්ගේ පරිකල්පනය අත්හැර ප්‍රධාන වශයෙන්ම අර්ථ දත යුතුයි. “එනිසා දැඩි තියුණු බැවින් ප්රශස්ත වූ විශිෂ්ට දළ ඇති සිංහයන්ගේ ගිරි ගුහායෙහි සිට නද දෙන, සිංහ ගර්ජනය කරන මෘග රාජ වූ සිංහයන්ගේ නාදය මෙන් වූ රහතන් වහන්සේලාගේ අභීත සිංහ නාදය වැනි ගාථා අසවු.” යන අර්ථයයි. එනිසා මෙය කියන ලදී. “යම්සේ සිංහ නාද කරන සිංහයන්ට මෘගරාජයන්ට කිසිදු බියක් තැති ගැනීමක් නොමැති වුවත් ඒ අභීත සිංහ නාදය අන්‍ය මෘගයන් තැති ගැනීමට පත් කරයි ද, එසේම වැඩූ ඉඳුරන් ඇති අප්රමාදී වූ රහතන් වහන්සේලාගේ සිංහ නාදය වැනි වූ සියලු ආකාර භය හේතූන් ප්‍රහීණ කරන බැවින් “අභීත නාදයක් වූ ප්රමාදී පුහුදුන් ජනයා තැති ගන්වන ගාථා අසවු” යන අර්ථයයි.
භාවිතත්තානන්ති භාවිතචිත්තානං. චිත්තඤ්හි “අත්තා හි කිර දුද්දමො (ධ· ප· 159) යො වෙ ඨිතත්තො තසරංව උජ්ජූ”ති (සු· නි· 217) ච “අත්තසම්මාපණිධී”ති (ඛු· පා· 5.4; සු· නි· 263) ච එවමාදීසු අත්තාති වුච්චති, තස්මා අධිචිත්තානුයොගෙන සමථවිපස්සනාභිවඩ්ඪිතචිත්තානං සමථවිපස්සනාභාවනාමත්ථකං පාපෙත්වා ඨිතානන්ති අත්ථො. අථ වා භාවිතත්තානන්ති භාවිතසභාවානං, සභාවභූතසීලාදිභාවිතානන්ති අත්ථො. ගීයතීති ගාථා, අනුට්ඨුභාදිවසෙන ඉසීහි පවත්තිතං චතුප්පදං ඡප්පදං වා වචනං. අඤ්ඤෙසම්පි තංසදිසතාය තථා වුච්චන්ති. අත්තත්ථාදිභෙදෙ අත්ථෙ උපනෙන්ති තෙසු වා උපනිය්යන්තීති අත්ථූපනායිකා.
“භාවිතත්තානං” යනු වඩන ලද සිත් ඇති යන්නයි. (ආර්යයන්ගේ) සිත වනාහී “අත්තාහි කිරදුද්දමො” “යොවෙ ඨිතත්තො තස්සෙ උජු” යන තැන්හි සහ “අත්තසම්මාපණිධී” යන මේ තැන්වලදී “අත්ත” (ආත්මය) යැයි කියැවේ. “එනිසා උසස් සමාධිමය වූ සමථ විදර්ශනාදිය වඩන ලද සිතැතිව, සමථ විදර්ශනා භාවනාවන් මස්තක ප්‍රාප්ත කරගෙන සිටි ආර්යයන්ගේ” යන අර්ථයයි. නැතහොත් “වඩනා ලද සිත් ඇති” යනු වඩන ලද ස්වභාව ඇති සීලාදි ගුණදම් වැඩීම ස්වභාවය වූ යන අර්ථයයි. ගායනා කරනුයේ (ගීයකි) “ගාථා” නම් වේ. අනුෂ්ටුභ් ආදී වශයෙන් සෘෂිවරුන් විසින් පවත්වාගෙන පැමිණි සිවු පද හෝ සපද (පදහයක් ඇති) වචනයයි. ඊට සමාන වූ ප්රබන්ධයන්ට ගාථා යැයි කියති. ආත්මාර්ථාදී ප්‍රභේද ඇති අභිවෘද්ධියට පමුණුවයි. ඒ අභිවෘද්ධි ආදිය තමා වෙත ගෙන දෙයි යන අරුතින් “අන්තූපනායික” නම් වේ.
අථ වා භාවිතත්තානන්ති භාවිතත්තාභාවානං, අත්තභාවො හි ආහිතො අහං මානො එත්ථාති “අත්තා”ති වුච්චති, සො ච තෙහි අප්පමාදභාවනාය අනවජ්ජභාවනාය භාවිතො සම්මදෙව ගුණගන්ධං ගාහාපිතො. තෙන තෙසං කායභාවනා සීලභාවනා චිත්තභාවනා පඤ්ඤාභාවනාති චතුන්නම්පි භාවනානං පරිපුණ්ණභාවං දස්සෙති. “භාවනා”ති ච සම්බොධිපටිපදා ඉධාධිප්පෙතා. යායං සච්චසම්බොධි අත්ථි, සා දුවිධා අභිසමයතො තදත්ථතො ච. සම්බොධි පන තිවිධා සම්මාසම්බොධි පච්චෙකසම්බොධි සාවකසම්බොධීති. තත්ථ සම්මා සාමං සබ්බධම්මානං බුජ්ඣනතො බොධනතො ච සම්මාසම්බොධි. සබ්බඤ්ඤුතඤ්ඤාණපදට්ඨානං මග්ගඤාණං මග්ගඤාණපදට්ඨානඤ්ච සබ්බඤ්ඤුතඤ්ඤාණං “සම්මාසම්බොධී”ති වුච්චති. තෙනාහ –
නැතහොත් “භාවිතත්තානං” යනු වඩන ලද සිත් ඇති බවයි. ආත්ම භාවයෙහි පවතින “මමය” යන හැඟීම මමත්වය “අත්ත” යැයි (ආත්මය) කියයි. ඔවුන් විසින් එය අප්රමාදී භාවනාවෙන් ද ආවර්ජන භාවනාවෙන් ද වඩන ලදී. මැනවින් ගුණ-සුවඳ ගන්වන ලදී. එනිසා කියන ලදී. ඒ රහතුන්ට කාය භාවනාව, සීල භාවනාව, චිත්ත භාවනාව හා පඤ්ඤා භාවනාව යනු සිවු භාවනාවන්ගෙන් පිරිපුන් ආධ්‍යාත්මයක් ඇතැයි දක්වයි. “භාවනා” යනුවෙන් මෙහිදී සම්බුද්ධ ප්‍රතිපදාව අදහස් කරන ලදී. යමක සත්‍ය සම්බෝධියක් වේ නම් එය “අභිසමය” හා “තදත්ථ” වශයෙන් දෙපරිදි වේ. සම්බෝධිය ත්රිවිධාකාරය. සම්මා සම්බුද්ධත්වය, පච්චෙක සම්බුද්ධත්වය හා ශ්‍රාවක සම්බුද්ධත්වය යනුවෙනි. එහි යහපත් බව තමන් වහන්සේ විසින්ම සියලුම ධර්මයන් දැනගත් බැවින් ද අවබෝධ කර ගත් බැවින් ද අන්‍යයන්ට අවබෝධ කරවන බැවින්ද “සම්මා සම්බුද්ධ” නම් වේ. සර්වඥ ඥාන පදයෙහි පිහිටි මාර්ග ඤාණය ද, මාර්ග ඤාණ පදයෙහි පිහිටි සර්වඥතා ඤාණය ද “සම්මා සම්බුද්ධ” යැයි කියැවේ. එනිසා කියන ලදී-
“බුද්ධොති යො සො භගවා සයම්භූ අනාචරියකො පුබ්බෙ අනනුස්සුතෙසු ධම්මෙසු සාමං සච්චානි අභිසම්බුජ්ඣි, තත්ථ ච සබ්බඤ්ඤුතං පත්තො බලෙසු ච වසීභාව”න්ති (මහානි· 192; චූළනි· පාරායනත්ථුතිගාථානිද්දෙස 97; පටි· ම· 1.161).
“ඒ බුද්ධ” නම් වූ භාග්‍යවතුන් වහන්සේ සර්වඥ වූ සේක්, ගුරුවරයෙකු නොමැතිව පෙර නොඇසූ විරු ධර්මයන්හි තමන් වහන්සේ සත්‍යවබෝධ කළ සේක්, එහි ද සර්වඥ පදයට පත්වූ සේක්, තථාගත බලයන්හි ඉතා පුහුණුවූ සේක” යනුවෙන්. තථාගත බලයන්හි වසීභාවයෙන්, අවබෝධ කරගත් දේ අවබෝධ කරවීමෙහි (අනුන්ට) සමත්වන සේක.
බොධනෙය්යබොධනත්ථො හි බලෙසු වසීභාවො. පච්චෙකං සයමෙව බොධීති පච්චෙකසම්බොධි, අනනුබුද්ධො සයම්භූඤාණෙන සච්චාභිසමයොති අත්ථො. සම්මාසම්බුද්ධානඤ්හි සයම්භූඤාණතාය සයමෙව පවත්තමානොපි සච්චාභිසමයො සානුබුද්ධො අපරිමාණානං සත්තානං සච්චාභිසමයස්ස හෙතුභාවතො. ඉමෙසං පන සො එකස්සාපි සත්තස්ස සච්චාභිසමයහෙතු න හොති. සත්ථු ධම්මදෙසනාය සවනන්තෙ ජාතාති සාවකා. සාවකානං සච්චාභිසමයො සාවකසම්බොධි. තිවිධාපෙසා තිණ්ණං බොධිසත්තානං යථාසකං ආගමනීයපටිපදාය මත්ථකප්පත්තියා සතිපට්ඨානාදීනං සත්තතිංසාය බොධිපක්ඛියධම්මානං භාවනාපාරිපූරීති වෙදිතබ්බා ඉතරාභිසමයානං තදවිනාභාවතො. න හි සච්ඡිකිරියාභිසමයෙන විනා භාවනාභිසමයො සම්භවති, සති ච භාවනාභිසමයෙ පහානාභිසමයො පරිඤ්ඤාභිසමයො ච සිද්ධොයෙව හොතීති.
වෙන් වෙන්ව (තනිව) තමන් වහන්සේම සත්‍යාවබෝධ කරගත්තේ “පච්චේක සම්බෝධි” නම් වේ. (පසේ බුදු) “ලොවුතුරු බුදු රදුන්ට දෙවැනි වූ තමාගේම ඤාණයෙන් සත්‍යය අවබෝධ කරගත්” යන අර්ථයයි. සම්මා සම්බුදුවරුන්ගේ තමාම අවබෝධ කරගත් ඤාණ ශක්තියෙන් පවතින සත්‍යාවබෝධය, බුදුරජාණන් වහන්සේට දෙවැනි වන අප්‍රමාණ සත්ත්වයන්ට සත්‍යාවබෝධ කිරීමට හේතු වේ. උපකාරී වේ. මේ පසේ බුදුවරු තනිවම සත්‍ය අවබෝධ කළ සේක්; සත්ත්වයන්ට සත්‍යාවබෝධ කිරීමෙහි හේතු නොවෙති. උපකාරී නොවෙති. ශාස්තෘෘන් වහන්සේගේ ධර්ම දේශනාව අසා අවසානයෙහි අර්හත් මගෙහි උපන්නෝ නම් ශ්‍රාවකයෝය. ශ්‍රාවකයන්ගේ සත්‍යාවබෝධය ලැබීම “ශ්‍රාවක සම්බෝධිය” නම් වේ.මේ සම්බෝධි තුන, ත්‍රිවිධ බෝසතුන්ගේ තම තමාට අයත් පරිදි ආවා වූ ප්‍රතිපදාවෙන් සතිපට්ඨානාදි සත්තිස් බෝධි පාක්ෂික ධර්මයන්ගේ වැඩීමෙන් පරිපූර්ණ වූ, මස්තකප්රාප්ත වූ බව දත යුතුයි. සෙසු අභිසමයන් මින් තොරව නොලැබේ. ප්රත්යක්ෂ අවබෝධයෙන් තොරව භාවනාභිසමය ඇතිනොවේමය. භාවානාභිසමය ඇති කල්හි සිහිය ද ප්‍රහාණාභිසමය ද පරිඤ්ඤාභිසමය ද (පිරිසිඳ දත්) සිද්ධ වූයේම වේ.
යදා හි මහාබොධිසත්තො පරිපූරිතබොධිසම්භාරො චරිමභවෙ කතපුබ්බකිච්චො බොධිමණ්ඩං ආරුය්හ – “න තාවිමං පල්ලඞ්කං භින්දිස්සාමි, යාව න මෙ අනුපාදාය ආසවෙහි චිත්තං විමුච්චිස්සතී”ති පටිඤ්ඤං කත්වා අපරාජිතපල්ලඞ්කෙ නිසින්නො අසම්පත්තාය එව සඤ්ඣාවෙලාය මාරබලං විධමිත්වා පුරිමයාමෙ පුබ්බෙනිවාසානුස්සතිඤාණෙන අනෙකාකාරවොකාරෙ පුබ්බෙ නිවුත්ථක්ඛන්ධෙ අනුස්සරිත්වා මජ්ඣිමයාමෙ දිබ්බචක්ඛුවිසොධනෙන චුතූපපාතඤාණඅනාගතංසඤාණානි අධිගන්ත්වා පච්ඡිමයාමෙ “කිච්ඡං වතායං ලොකො ආපන්නො ජායති ච ජීයති ච මීයති ච චවති ච උපපජ්ජති ච, අථ ච පනිමස්ස දුක්ඛස්ස නිස්සරණං නප්පජානාති ජරාමරණස්සා”තිආදිනා (දී· නි· 2.57) ජරාමරණතො පට්ඨාය පටිච්චසමුප්පාදමුඛෙන විපස්සනං අභිනිවිසිත්වා මහාගහනං ඡින්දිතුං නිසදසිලායං ඵරසුං නිසෙන්තො විය කිලෙසගහනං ඡින්දිතුං ලොකනාථො ඤාණඵරසුං තෙජෙන්තො බුද්ධභාවාය හෙතුසම්පත්තියා පරිපාකං ගතත්තා සබ්බඤ්ඤුතඤ්ඤාණාධිගමාය විපස්සනං ගබ්භං ගණ්හාපෙන්තො අන්තරන්තරා නානාසමාපත්තියො සමාපජ්ජිත්වා යථාවවත්ථාපිතෙ නාමරූපෙ තිලක්ඛණං ආරොපෙත්වා අනුපදධම්මවිපස්සනාවසෙන අනෙකාකාරවොකාරසඞ්ඛාරෙ සම්මසන්තො ඡත්තිංසකොටිසතසහස්සමුඛෙන සම්මසනවාරං විත්ථාරෙත්වා තත්ථ මහාවජිරඤාණසඞ්ඛාතෙ විපස්සනාඤාණෙ තික්ඛෙ සූරෙ පසන්නෙ වුට්ඨානගාමිනිභාවෙන පවත්තමානෙ යදා තං මග්ගෙන ඝටෙති, තදා මග්ගපටිපාටියා දියඩ්ඪකිලෙසසහස්සං ඛෙපෙන්තො අග්ගමග්ගක්ඛණෙ සම්මාසම්බොධිං අධිගච්ඡති නාම, අග්ගඵලක්ඛණතො පට්ඨාය අධිගතො නාම. සම්මාසම්බුද්ධභාවතො දසබලචතුවෙසාරජ්ජාදයොපි තස්ස තදා හත්ථගතායෙව හොන්තීති අයං තාව අභිසමයතො සම්මාසම්බොධිපටිපදා. තදත්ථතො පන මහාභිනීහාරතො පට්ඨාය යාව තුසිතභවනෙ නිබ්බත්ති, එත්ථන්තරෙ පවත්තං බොධිසම්භාරසම්භරණං. තත්ථ යං වත්තබ්බං, තං සබ‍්බාකාරසම‍්පන‍්නං චරියාපිටකවණ්ණනායං විත්ථාරතො වුත්තමෙවාති තත්ථ වුත්තනයෙනෙව ගහෙතබ්බං.
යම් කලෙක අප මහ බෝසතාණෝ, සම්පූර්ණව පුරනලද බෝධි සම්භාර ධර්ම ඇති සේක්, කරන ලද පූර්ව කෘත්‍ය ඇති සේක් බෝ මැඬට නැග, “මගේ සිත උපාදාය රහිතව ආශ්රවයන්ගෙන් නොමිදෙන තාක් මේ පළඟින් නො නැගිටිමි” යි ප්‍රතිඥා කොට, අපරාජිත පළඟින් හුන් සේක්; සන්ධ්‍යා භාගය එළඹීමට ප්‍රථමව මර බල පරදා, පෙරයම්හි පෙර කඳපිළිවෙළ දන්නා වූ නුවණින් නානාප්‍රකාර වශයෙන් පෙර ජාතීන්හි විසූ අයුරු සිහිපත් කර බලා, මැදියමෙහි දිවැස පිරිසිදු කිරීමෙන් චුති උත්පත්තිය පිළිබඳ දන්නාවූ අනාගත සංඥාවන් අවබෝධ කරගත් සේක. අවසන් (පශ්චිම) යාමයෙහි, “ඒකාන්තයෙන් මේ ලෝකය හිස්ය. මෙලොවට එන තැනැත්තා උපදියි, දිරායයි, මැරෙයි, චුතවෙයි. නැවත උපදියි. මෙසේ මේ සත්ත්වයා දුකෙහි ද ජරාමරණයන්හි ද නික්මීමක් නොදනියි” ආදී වශයෙන් ජරා මරණයන්ගේ සිට පටිච්ච සමුප්පාදය ප්රමුඛව විදර්ශනාව ආවර්ජනය කර බලා, මහා කැළයක් සිඳීමට ඇඹරුම් ගලෙහි පොරව මනාව මදින්නාක් මෙන් කෙලෙස් වන ගහණය සිඳීමට ලෝකනාථයන් වහන්සේ ඤාණ පොරව මුවහත් කරන සේක්, බුදු බවින් ද හේතු සම්පත් මුහුකුරා යෑමෙන් ද සර්වඥ ඥානාධිගමයෙන් විදර්ශනා ගැබ ගන්වමින් අතරින් පතර නොයෙක්, නොයෙක් සමාපත්තීන්ට සමවදිමින් ව්‍යවස්ථා කළ අයුරින් නාම රූපයෙහි ත්රිලක්ෂණය ආරෝපණය කර විදර්ශනාව වදනක් පාසා නා නා ප්‍රකාරව සංස්කාරයන් සිහිපත් කරන සේක්, තිස් හය කෝටි ලක්ෂයක් මාතෘකා වශයෙන් සිහිපත් කරන වාරය විස්තර කර, එහි “මහ වජ්රඤාණය” නම් වු තියුණු, ශූර වූ, ප්‍රසන්න වූ විදර්ශනා ඤාණයෙහි නැගිටීම් සිහිපත් කිරීම් වශයෙන් පවතින ආර්ය මාර්ග ප්‍රතිපදාවෙන් කෙලෙස් එක් දහස් පන්සීය නසා - ගෙවා දමා ඉහළම (අග්‍ර) මාර්ගය ලද කෙණෙහිම “සම්මා සම්බුද්ධත්වයට පත් වූ සේක්” නම් වේ. අග්‍ර වූ ඵලය ලක්ෂණ වශයෙන් අවබෝධ කළ තැන් පටන් සම්මා සම්බුද්ධ භාවයෙන් දස බල චතුර්වෛශාරද්ය ඥානය ම උන්වහන්සේගේ අතට පත් වූවක් ම විය. මෙය වනාහී අවබෝධයෙන් සම්මා සම්බුද්ධත්වය ලැබූ ප්‍රතිපදාවයි. (අභිසමයතො සම්මාසම්බොධිපටිපදා) ඒ සඳහා එළඹීම (තදත්ථතො) දීපංකර පාද මූලයෙන් නියත විවරණ ලැබීමේ සිට තුසිත භවනයෙහි ඉපදීම දක්වා මේ අතර වූ බෝධිසම්භාරයන් සම්පූර්ණ කිරීමයි. එහි යමක් කිවයුතු වේ නම් එය සියලුම ආකාරයෙන් චරියාපිටක වර්ණනාවෙහි සවිස්තර ලෙස පැවසේ. එහි කියන ලද පරිදි අවබෝධ කරගත යුතුයි.
පච්චෙකබොධිසත්තාපි පච්චෙකබොධියා කතාභිනීහාරා අනුපුබ්බෙන සම්භතපච්චෙකසම්බොධිසම්භාරා තාදිසෙ කාලෙ චරිමත්තභාවෙ ඨිතා ඤාණස්ස පරිපාකගතභාවෙන උපට්ඨිතං සංවෙගනිමිත්තං ගහෙත්වා සවිසෙසං භවාදීසු ආදීනවං දිස්වා සයම්භූඤාණෙන පවත්ති පවත්තිහෙතුං නිවත්ති නිවත්තිහෙතුඤ්ච පරිච්ඡින්දිත්වා “සො ‘ඉදං දුක්ඛ’න්ති යොනිසො මනසි කරොතී”තිආදිනා ආගතනයෙන චතුසච්චකම්මට්ඨානං පරිබ්රූහෙන්තා අත්තනො අභිනීහාරානුරූපං සඞ්ඛාරෙ පරිමද්දන්තා අනුක්කමෙන විපස්සනං උස්සුක්කාපෙත්වා මග්ගපටිපාටියා අග්ගමග්ගං අධිගච්ඡන්තා පච්චෙකසම්බොධිං අභිසම්බුජ්ඣන්ති නාම, අග්ගඵලක්ඛණතො පට්ඨාය පච්චෙකසම්බුද්ධා නාම හුත්වා සදෙවකස්ස ලොකස්ස අග්ගදක්ඛිණෙය්යා හොන්ති.
පසේ බෝසත්වරු ද පසේ බුද්ධත්වය සඳහා කරන ලද ප්‍රාර්ථනා ඇති සේක්, අනුපිළිවෙලින් යහපත්ව පසේ බුදු බවට සුදුසු වූ පාරමී දම් පුරා සිටි කල්හි නුවණ මුහුකුරා යෑමෙන් උපන් සංවේග නිමිත්ත ගෙන, විශේෂ සහිතව භව සම්පත්තියෙහි ආදීනව දැක, තම නුවණින්ම පැවතුණු පැවතෙන හේතූන් ද නැතිවුණ නැතිවන හේතූන් ද පිරිසිඳ දැන “ඔහු මේ දුක යැයි නුවණින් මෙනෙහි කරයි.” යනාදී ක්‍රමයෙන් පැවති, චතුරාර්ය සත්‍ය කමටහන් වඩන සේක්; තමාගේ ප්රාර්ථනාවන්ට අනුරූප වූ සංස්කාරයන් පිරිමදිමින් - විමසමින් අනුක්රමයෙන් විදර්ශනාව උත්සාහවත් කර, මග පිළිවෙලින් අග්‍ර මාර්ගයට පැමිණීම පසේ සම්බුදු බව තමාම අවබෝධ කිරීම නම් වේ. අග්‍ර වූ මගඵලය ලැබීමේ පටන් “පසේ බුදුවරු” යන නමින් දෙවියන් සහිත ලොවෙහි අග්‍ර දක්ෂිණෙය්ය පුද්ගලයෝ වෙති.
සාවකා පන සත්ථු සබ්‍රහ්මචාරිනො වා චතුසච්චකම්මට්ඨානකථං සුත්වා තස්මිංයෙව ඛණෙ කාලන්තරෙ වා තජ්ජං පටිපත්තිං අනුතිට්ඨන්තා ඝටෙන්තා වායමන්තා විපස්සනං උස්සුක්කාපෙත්වා, යදි වා පටිපදාය වඩ්ඪන්තියා, සච්චානි පටිවිජ්ඣන්තා අත්තනො අභිනීහාරානුරූපසිද්ධිඅග්ගසාවකභූමියා වා කෙවලං වා අග්ගමග්ගක්ඛණෙ සාවකසම්බොධිං අධිගච්ඡන්ති නාම. තතො පරං සාවකබුද්ධා නාම හොන්ති සදෙවකෙ ලොකෙ අග්ගදක්ඛිණෙය්යා. එවං තාව අභිසමයතො පච්චෙකසම්බොධි සාවකසම්බොධි ච වෙදිතබ්බා.
ශ්‍රාවකයෝ වනාහි ශාස්තෘන්වහන්සේ සමග එක්ව බඹසර හැසිරෙමින්, උන්වහන්සේ වෙතින් චතුසත්‍ය මිශ්‍රිත කමටහන් කථාව ශ්‍රවණය කර, එකෙණෙහිම කාලාන්තරයක් පුරා පුරන ලද පාරමී දම් අනුව සිට, ගැටෙමින් වෑයම් කරමින් විදර්ශනාව උත්සාහ කරති. ඉදින් ප්‍රතිපදාව වඩමින් චතුරාර්ය සත්‍යය අවබෝධ කරගනිමින් තම ප්රාර්ථනාවන්ට අනුව, ගැලපෙන අග්‍ර ශ්‍රාවක තත්ත්වය හෝ හුදෙක් මහා ශ්‍රාවක තත්ත්වය හෝ ලබති. හුදෙක් අග්‍ර මාර්ගය ලැබූ කෙණෙහිම “ශ්‍රාවක සම්බෝධිය” අවබෝධ කර ගැනීම නම් වේ. ඉන් අනතුරුව “ශ්‍රාවක බුද්ධ” නම් වේ. දෙවියන් සහිත ලොවෙහි අග්‍ර දක්ෂිණය්ය පුද්ගලයෝ වෙති. මෙසේ පච්චේක සම්බුද්ධත්වයේ ද ශ්‍රාවක සම්බුද්ධත්වයේ ද අවබෝධ කිරිම දත යුතුයි.
තදත්ථතො පන යථා මහාබොධිසත්තානං හෙට්ඨිමපරිච්ඡෙදෙන චත්තාරි අසඞ්ඛ්යෙය්යානි කප්පානං සතසහස්සඤ්ච බොධිසම්භාරසම්භරණං ඉච්ඡිතබ්බං මජ්ඣිමපරිච්ඡෙදෙන අට්ඨ අසඞ්ඛ්යෙය්යානි කප්පානං සතසහස්සඤ්ච, උපරිමපරිච්ඡෙදෙන සොළස අසඞ්ඛ්යෙය්යානි කප්පානං සතසහස්සඤ්ච එතෙ ච භෙදා පඤ්ඤාධිකසද්ධාධිකවීරියාධිකවසෙන වෙදිතබ්බා. පඤ්ඤාධිකානඤ්හි සද්ධා මන්දා හොති පඤ්ඤා තික්ඛා, තතො ච උපායකොසල්ලස්ස විසදනිපුණභාවෙන නචිරස්සෙව පාරමියො පාරිපූරිං ගච්ඡන්ති. සද්ධාධිකානං පඤ්ඤා මජ්ඣිමා හොතීති තෙසං නාතිසීඝං නාතිසණිකං පාරමියො පාරිපූරිං ගච්ඡන්ති. වීරියාධිකානං පන පඤ්ඤා මන්දා හොතීති තෙසං චිරෙනෙව පාරමියො පාරිපූරිං ගච්ඡන්ති. න එවං පච්චෙකබොධිසත්තානං. තෙසඤ්හි සතිපි පඤ්ඤාධිකභාවෙ ද්වෙ අසඞ්ඛ්යෙය්යානි කප්පානං සතසහස්සඤ්ච බොධිසම්භාරසම්භරණං ඉච්ඡිතබ්බං, න තතො ඔරං. සද්ධාධිකවීරියාධිකාපි වුත්තපරිච්ඡෙදතො පරං කතිපයෙ එව කප්පෙ අතික්කමිත්වා පච්චෙකසම්බොධිං අභිසම්බුජ්ඣන්ති, න තතියං අසඞ්ඛ්යෙය්යන්ති. සාවකබොධිසත්තානං පන යෙසං අග්ගසාවකභාවාය අභිනීහාරො, තෙසං එකං අසඞ්ඛ්යෙය්යං කප්පානං සතසහස්සඤ්ච සම්භාරසම්භරණං ඉච්ඡිතබ්බං. යෙසං මහාසාවකභාවාය, තෙසං කප්පානං සතසහස්සමෙව, තථා බුද්ධස්ස මාතාපිතූනං උපට්ඨාකස්ස පුත්තස්ස ච. තත්ථ යථා –
තදත්ථ වශයෙන් වනාහී මහා බෝධි සත්ත්වයෝ යටත් පිරිසෙන් (අන්තිම ප්‍රමාණයෙන්) සාරා සංඛ්‍ය කල්ප ලක්ෂයක් බෝධි සම්භාර ධර්ම සම්පූර්ණ කිරීමට කැමති විය යුතුයි. මධ්‍යම ප්‍රමාණයෙන් අටාසංඛ්‍ය කල්ප ලක්ෂයක් ද උපරිම ප්‍රමාණයෙන් (ඉහළම තත්ත්වයෙන්) දාසය සංඛ්‍ය කල්ප ලක්ෂයක් ද බෝධි සම්භාර ධර්ම සම්පූර්ණ කිරීම කළ යුතුයි. මෙම ප්රභේදයෝ පිළිවෙලින් ප්‍රඥාධික, ශ්‍රද්ධාධික හා විරියාධික වශයෙන් දත යුතුයි. ප්‍රඥාධික බෝසත්වරුන්ගේ ශ්‍රද්ධාව අල්ප වේ. ප්‍රඥාව ඉතා තියුණුය. එසේම උපාය කෞශල්‍යයෙන් ජනිත විශාරද - නෛපුණ්‍ය බව නිසා නොබෝ කලකින්ම පාරමිතා සම්පූර්ණ කර ගනිති. ශ්‍රද්ධාධික බෝසත්වරුන්ගේ ප්‍රඥාව මධ්‍යම ප්‍රමාණ වේ. ඔවුහු ඉතා වේගවත් නොවී ඉතා සෙමිනුත් නොවී පාරමිතා ධර්ම සම්පූර්ණ කරති. වීර්යාධික බෝසත්වරුන්ගේ ප්‍රඥාව ඉතා අල්ප වේ. ඔවුහු බොහෝ කාලයක් පාරමී ධර්ම සම්පූර්ණ කර ගැනීමට වැය කරති. මහා බෝධිසත්වරු මෙන් නොව පසේ බෝධිසත්වරුන් විසින් ප්‍රඥාධික බව ඇති නම් දෙයාසංඛ්‍ය කල්ප ලක්ෂයකින් බෝධිසම්භාර ධර්ම සම්පූර්ණ කිරීම කැමති විය යුතුයි. ඉන් වැඩි නොවේ. ශ්‍රද්ධාධික, විරියාධික පසේ බෝසත්වරු විසින් ද එකී සීමාවෙන් කල්ප කිහිපයක් ඉක්මවා පසේ බුද්ධත්වය ලබා ගනිති. අවබෝධ කර ගනිති. කිසිසේත්ම ඔවුහු තතියාසංඛ්ය කල්ප ලක්ෂයක් පෙරුම් දම් නොපුරති. ශ්‍රාවක බෝසත්වරු අතරින් යමෙක් අග්‍ර ශ්රාවකබවට ප්‍රාර්ථනා කළාහු නම් ඔවුහු එක් අසංඛෙය්‍ය කල්ප ලක්ෂයක් බෝධි සම්භාර ධර්ම සම්පූර්ණ කිරීම කැමති විය යුතුයි. යමෙක් මහා ශ්‍රාවක බව පතන්නාහු නම් ඔවුහු කල්ප ලක්ෂයක් ම පාරමී දම් පිරිය යුතුයි. බුදුරජාණන් වහන්සේගේ මවුපිය දෙදෙන ද උපස්ථායකයා ද පුත්‍රයා ද එසේම කල්ප ලක්ෂයක් පාරමී ධර්ම සම්පූර්ණ කළ යුතුයි. එහි යම්සේ:
“මනුස්සත්තං ලිඞ්ගසම්පත්ති, හෙතු සත්ථාරදස්සනං; පබ්බජ්ජා ගුණසම්පත්ති, අධිකාරො ච ඡන්දතා; අට්ඨධම්මසමොහානා, අභිනීහාරො සමිජ්ඣතී”ති. (බු· වං· 2.59) –
“මනුස්සත්තං ලිඞ්ග සම්පත්ති හේතු සත්ථාර දස්සනං, පබ්බජ්ජා ගුණ සම්පත්ති අධිකාරොච ඡන්දතා, අට්ඨ ධම්ම සමොධානා අභිනීහාරො සමිජ්ඣතී” යනු
“මනුෂ්‍යත්වය, පුරුෂයකුවීම, ධ්‍යාන සම්පත් ලැබීම, ශාස්තෲන් වහන්සේ දැකීමේ වාසනාව, පැවිදිවීම, ගුණ සම්පත් ලැබීම, ප්‍රාර්ථනාව ඊට ඇති අතිශය කැමැත්ත යන මේ කරුණු අට එක්වීමෙන් මහබෝසත්වරුන්ගේ ප්‍රාර්ථනාව සමෘද්ධිමත් වේ.”
එවං වුත්තෙ අට්ඨ ධම්මෙ සමොධානෙත්වා කතපණිධානානං මහාබොධිසත්තානං මහාභිනීහාරතො පභුති සවිසෙසං දානාදීසු යුත්තප්පයුත්තානං දිවසෙ දිවසෙ වෙස්සන්තරදානසදිසං මහාදානං දෙන්තානං තදනුරූපසීලාදිකෙ සබ්බපාරමිධම්මෙ ආචිනන්තානම්පි යථාවුත්තකාලපරිච්ඡෙදං අසම්පත්වා අන්තරා එව බුද්ධභාවප්පත්ති නාම නත්ථි. කස්මා? ඤාණස්ස අපරිපච්චනතො. පරිච්ඡින්නකාලෙ නිප්ඵාදිතං විය හි සස්සං බුද්ධඤාණං යථාපරිච්ඡින්නකාලවසෙනෙව වුද්ධිං විරුළ්හිං වෙපුල්ලං ආපජ්ජන්තං ගබ්භං ගණ්හන්තං පරිපාකං ගච්ඡතීති එවං –
මෙසේ පැවසූ පරිදි කරුණු අට සම්පූර්ණ වී කරන ලද ප්‍රාර්ථනාව ඇති මහාබෝධිසත්වරුන්ගේ නියත විවරණ ලබා ගැනීමේ සිට විශේෂ සහිතව දානාදී පාරමී ධර්ම සෙසු සියලු පාරමී ධර්මයන් ද රැස් කරනුයේ නමුදු, ඉහත කියන ලද කාල ප්‍රමාණය සම්පූර්ණ නොවී අතරමැද දී බුද්ධත්වයට පත්වීමක් නම් නැත. කුමක් නිසාද? ඤාණයාගේ මුහුකුරා යෑම නොසිදුවන බැවිණි. නියම කරන ලද කාල සීමාවෙහිදීම වැඩී, වර්ධනය වී, විපුල බවට පත් වී ගැබ් ගෙන මුහුකුරා යෑමට පත්වේ. එසේම,
“මනුස්සත්තං ලිඞ්ගසම්පත්ති, විගතාසවදස්සනං; අධිකාරො ඡන්දතා එතෙ, අභිනීහාරකාරණා”ති. (සු· නි· අට්ඨ· 1.ඛග්ගවිසාණසුත්තවණ්ණනා) –
“මනුස්සත්තං ලිඞ්ග සම්පත්ති විගතාසව දස්සනං, අධිකාරො ඡන්දතා එතෙ අභිනීහාර කාරණා” යනු
ඉමෙ පඤ්ච ධම්මෙ සමොධානෙත්වා කතාභිනීහාරානං පච්චෙකබොධිසත්තානං “අධිකාරො ඡන්දතා”ති ද්වඞ්ගසමන්නාගතාය පත්ථනාය වසෙන කතපණිධානානං සාවකබොධිසත්තානඤ්ච තත්ථ තත්ථ වුත්තකාලපරිච්ඡෙදං අසම්පත්වා අන්තරා එව පච්චෙකසම්බොධියා යථාවුත්තසාවකසම්බොධියා ච අධිගමො නත්ථි. කස්මා? ඤාණස්ස අපරිපච්චනතො. ඉමෙසම්පි හි යථා මහාබොධිසත්තානං දානාදිපාරමීහි පරිබ්රූහිතා පඤ්ඤාපාරමී අනුක්කමෙන ගබ්භං ගණ්හන්තී පරිපාකං ගච්ඡන්තී බුද්ධඤාණං පරිපූරෙති, එවං දානාදීහි පරිබ්රූහිතා අනුපුබ්බෙන යථාරහං ගබ්භං ගණ්හන්තී පරිපාකං ගච්ඡන්තී පච්චෙකබොධිඤාණං සාවකබොධිඤාණඤ්ච පරිපූරෙති. දානපරිචයෙන හෙතෙ තත්ථ තත්ථ භවෙ අලොභජ්ඣාසයතාය සබ්බත්ථ අසඞ්ගමානසා අනපෙක්ඛචිත්තා හුත්වා, සීලපරිචයෙන සුසංවුතකායවාචතාය සුපරිසුද්ධකායවචීකම්මන්තා පරිසුද්ධාජීවා ඉන්ද්රියෙසු ගුත්තද්වාරා භොජනෙ මත්තඤ්ඤුනො හුත්වා ජාගරියානුයොගෙන චිත්තං සමාදහන්ති, ස්වායං තෙසං ජාගරියානුයොගො ගතපච්චාගතිකවත්තවසෙන වෙදිතබ්බො.
“මිනිසත්බව, පුරුෂයෙකුවීමේ හේතු සම්පත්, ආශ්‍රව නැසුවකු දැකීම, ප්‍රාර්ථනාව හා පච්චේක බුද්ධත්වය කෙරෙහි කැමැත්ත යන මේ කරුණු පහ සම්පූර්ණවීමෙන් කරන ලද ප්‍රාර්ථනාව ඇත්තා වූ පසේ බෝසත්වරුන්ට ද ප්‍රාර්ථනාව හා කැමැත්ත (අධිකාරොච ඡන්දතා) යන කරුණු දෙකින් යුක්තව කළ පැතුම් ඇති ශ්‍රාවක බෝසත්වරුන්ට ද ඒ ඒ පදවි සඳහා කියන ලද කාල සීමාවන් සම්පූර්ණ නොවී, අතරමැද දී පච්චේක සම්බුද්ධත්වය ද ශ්‍රාවක සම්බෝධිය ද අවබෝධවීමක් නම් නැත. කුමක් නිසාද? ඤාණයාගේ මුහුකුරා නොයෑම හේතුවෙනි. මේ බෝසත්වරුන්ට ද මහා බෝධිසත්වරුන්ට මෙන් දානාදී පාරමී ධර්ම වඩන ලද්දාහු. ප්‍රඥා පාරමිතාව අනුපිළිවෙලින් ගැබ්ගෙන මුහුකුරා ගොස් බුද්ධ ඤාණය සම්පූර්ණ කරන්නාක් මෙන් දානාදී පාරමී දහම් වඩන ලදුයේ අනුපිළිවෙලින් සුදුසු පරිදි ගැබ්ගෙන මුහුකුරා ගොස් පච්චේක බෝධි ඥානයද ශ්‍රාවක බෝධි ඥානය ද සම්පූර්ණ කරයි. දන් දීමේ පුරුදුතාවයෙන් ඒ ඒ භවයන්හි අලෝභ සහගත අදහසින් සැම තැන්හි නොඇලුණු සිතින්, අපේක්ෂා රහිත වූ සිත් ඇතිව; සීලමය පුරුදුතාවයෙන් සංවර වූ කාය-වාග් ඉන්ද්රිය ඇතිව ඉතා පිරිසිදු වූ කාය වාග් කර්මාන්ත (කටයුතු) ඇතිව, පිරිසිදු දිවි පැවතුම් ඇත්තේ, ඉන්ද්රියයන්හි මැනවින් ආරක්ෂා කරන ලද දොරටු ඇතිව, භෝජනයෙහි ප්‍රමාණ දන්නෝ වී: නිදිවැරීමෙහි යෙදෙමින් සිත සමාධිගත කර ගනිති. මොවුන්ගේ මේ නිදිවැරීමෙහි යෙදීම ගතපච්චාගතික වත් පිරීම් (යන නැවත පෙරළා එන භික්ෂූහු විසින් පුරන වත) වශයෙන් දත යුතුයි.
එවං පන පටිපජ්ජන්තානං අධිකාරසම්පත්තියා අප්පකසිරෙනෙව අට්ඨ සමාපත්තියො පඤ්චාභිඤ්ඤා ඡළභිඤ්ඤා අධිට්ඨානභූතා පුබ්බභාගවිපස්සනා ච හත්ථගතායෙව හොන්ති. වීරියාදයො පන තදන්තොගධා එව. යඤ්හි පච්චෙකබොධියා සාවකබොධියා වා අත්ථාය දානාදිපුඤ්ඤසම්භරණෙ අබ්භුස්සහනං, ඉදං වීරියං. යං තදනුපරොධස්ස සහනං, අයං ඛන්ති. යං දානසීලාදිසමාදානාවිසංවාදනං, ඉදං සච්චං. සබ්බත්ථමෙව අචලසමාධානාධිට්ඨානං, ඉදං අධිට්ඨානං . යා දානසීලාදීනං පවත්තිට්ඨානභූතෙසු සත්තෙසු හිතෙසිතා, අයං මෙත්තා. යං සත්තානං කතවිප්පකාරෙසු අජ්ඣුපෙක්ඛනං, අයං උපෙක්ඛාති. එවං දානසීලභාවනාසු සීලසමාධිපඤ්ඤාසු ච සිජ්ඣමානාසු වීරියාදයො සිද්ධා එව හොන්ති. සායෙව පච්චෙකබොධිඅත්ථාය සාවකබොධිඅත්ථාය ච දානාදිපටිපදා තෙසං බොධිසත්තානං සන්තානස්ස භාවනතො පරිභාවනතො භාවනා නාම. විසෙසතො දානසීලාදීහි ස්වාභිසඞ්ඛතෙ සන්තානෙ පවත්තා සමථවිපස්සනාපටිපදා, යතො තෙ බොධිසත්තා පුබ්බයොගාවචරසමුදාගමසම්පන්නා හොන්ති. තෙනාහ භගවා –
මෙසේ පිළිපදින්නා වූ උතුමන්ගේ ප්‍රාර්ථනා සම්පත් අනුව අල්ප දුක් විඳීමකින්ම අෂ්ට සමාපත්තීහු ද පඤ්චාභිඥාවෝ ද ෂඩ් අභිඥාවෝ ද ප්රාර්ථනාවන්ට අනුගත පූර්වභාග විදර්ශනාව ද අතට පත් වූවාක් මෙන් වෙති. විරිය පාරමිතාදිය මෙහි ඇතුළත් වන්නේමය. යමකු තුළ ඇති පච්චේක බෝධියට හෝ ශ්‍රාවක බෝධියට හේතුවන දානාදී පුණ්‍ය ධර්ම පිරීමෙහි ඇතිවන අතිශය උත්සාහය “වීර්යය” (විරියං) නම් වේ. ඊට අනුරූප වූ අන්‍යයන්ගේ උපද්‍රව ඉවසීම “ක්ෂාන්ති” (ඛන්ති) නම් වේ. දාන සීලාදි පාරමිතා පිරීමෙහි මුලා කිරිමෙන් - රැවටීමෙන් තොරවූයේ නම් ඒ “සත්‍ය” (සච්ච) පාරමිතාවයි. සෑම කරුණක් ගැනම අනුශාසනා කිරීමෙහි ස්ථිර පිහිටීම් ඇති අධිෂ්ඨානශීලීත්වය “අධිට්ඨාන” පාරමිතාවයි. දාන ශීලාදිය යොමු කෙරෙන, පවත්වනු ලබන අන්‍ය සෑම සත්වග කෙරෙහි ම පවතින හිතවත් බව “මෛත්‍රිය” (මෙත්තා) නම් වේ. අනෙකුත් සත්ත්වයන් විසින් කරන ලද විප්‍රකාර ඇති කල්හි, ඊට මධ්යස්ථශීලී වේ නම් එය “උපේක්ෂාව” (උපෙක්ඛා) නම් වේ. මෙසේ දාන ශීල භාවනාවන් ද ශීල සමාධි ප්‍රඥාවන් ද සම්පූර්ණ කරනු ලබන කල්හි සෙසු වීර්යාදි පාරමිතාවෝ සම්පූර්ණ වෙත්මය. එසේ පච්චේක බෝධිය සඳහාත්, ශ්‍රාවක බෝධිය සඳහාත් දානාදී ප්රතිපදාවන් ඒ ඒ බෝධිසත්වරුන්ගේ චිත්ත සන්තානයෙහි වැඩීම, විශේෂයෙන් වර්ධනය කිරීම “භාවනා” නම් වේ. විශේෂ වශයෙන් දාන - ශීලාදිය රැස්කළ කල්හි සන්තානයෙහි පවතින සමථ විදර්ශනාමය ප්‍රතිපදාව භාවනාවයි. ඒ බෝසත්වරු පෙර භවයන්හි භාවනාවන්හි යෙදීමෙන් රැස් කරන ලද හේතු සම්පත් ඇත්තෝ වෙති. එනිසා භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළහ.
“පඤ්චිමෙ, ආනන්ද, ආනිසංසා පුබ්බයොගාවචරෙ. කතමෙ පඤ්ච? ඉධානන්ද, පුබ්බයොගාවචරො දිට්ඨෙව ධම්මෙ පටිකච්ච අඤ්ඤං ආරාධෙති, නො චෙ දිට්ඨෙව ධම්මෙ පටිකච්ච අඤ්ඤං ආරාධෙති, අථ මරණකාලෙ අඤ්ඤං ආරාධෙති, අථ දෙවපුත්තො සමානො අඤ්ඤං ආරාධෙති, අථ බුද්ධානං සම්මුඛීභාවෙ ඛිප්පාභිඤ්ඤො හොති, අථ පච්ඡිමෙ කාලෙ පච්චෙකසම්බුද්ධො හොතී”ති (සු· නි· අට්ඨ· 1.ඛග්ගවිසාණසුත්තවණ්ණනා).
“ආනන්ද, පූර්වයෝගාවචරයාගේ මේ අනුසස් පහකි. කවර පසක්ද? ආනන්ද මේ සසුනෙහි පැවිදි වූ පූර්වයෝගාවචරයා මෙලොවදී ම කල් නොයවා මෙලොවදීම රහත් බව ලබා නොගත්තහු නම් මරණ අවස්ථාවෙහි රහත් ඵලය ලබා ගනියි. නැතිනම් දෙව් පුතෙකු වී රහත් බව ලබා ගනියි. නැතහොත් බුදුවරුන්ගේ සමීපයේදී වහා ලබන අභිඤ්ඤා (ඛිප්පාභිඤ්ඤො) ඇත්තෙකු වේ. නැතහොත් පසුකලෙක (ලොවුතුරු බුදුවරයකු පහළ නොවන සමයක) පසේ බුදුවරයකු වේ.
ඉති පුබ්බභාගපටිපදාභූතාය පාරමිතාපරිභාවිතාය සමථවිපස්සනාභාවනාය නිරොධගාමිනිපටිපදාභූතාය අභිසමයසඞ්ඛාතාය මග්ගභාවනාය ච භාවිතත්තභාවා බුද්ධපච්චෙකබුද්ධබුද්ධසාවකා භාවිතත්තා නාම. තෙසු ඉධ බුද්ධසාවකා අධිප්පෙතා.
මෙසේ පූර්වභාග ප්‍රතිපදාවෙන් ද පාරමිතා පුරුදු පුහුණු කිරීමෙන් ද සමථ විදර්ශනා භාවනාවන් ද වැඩීමෙන් නිවන ලැබීමේ මාර්ගය වැඩීමෙන් ද “අවබෝධය” (අභිසමය) නම් වූ මාර්ග භාවනාවෙන් ද වඩන ලද සිත් ඇති බැවින් බුදු, පසේ බුදු, බුද්ධ ශ්‍රාවකාදි උතුමෝ, “භාවිතත්තා” (වැඩූ සිත් ඇත්තෝ) නම් වෙති. ඔවුන් අතුරින් මෙහිදී බුද්ධ ශ්‍රාවකයෝම අදහස් කරන ලදී.
එත්ථ ච “සීහානංවා”ති ඉමිනා ථෙරානං සීහසමානවුත්තිතාදස්සනෙන අත්තනො පටිපක්ඛෙහි අනභිභවනීයතං, තෙ ච අභිභුය්ය පවත්තිං දස්සෙති. “සීහානංව නදන්තානං…පෙ… ගාථා”ති ඉමිනා ථෙරගාථානං සීහනාදසදිසතාදස්සනෙන තාසං පරවාදෙහි අනභිභවනීයතං, තෙ ච අභිභවිත්වා පවත්තිං දස්සෙති. “භාවිතත්තාන”න්ති ඉමිනා තදුභයස්ස කාරණං විභාවෙති. භාවිතත්තභාවෙන ථෙරා ඉධ සීහසදිසා වුත්තා, තෙසඤ්ච ගාථා සීහනාදසදිසියො. “අත්ථූපනායිකා”ති ඉමිනා අභිභවනෙ පයොජනං දස්සෙති. තත්ථ ථෙරානං පටිපක්ඛො නාම සංකිලෙසධම්මො, තදභිභවො තදඞ්ගිවික්ඛම්භනප්පහානෙහි සද්ධිං සමුච්ඡෙදප්පහානං. තස්මිං සති පටිපස්සද්ධීප්පහානං නිස්සරණප්පහානඤ්ච සිද්ධමෙව හොති, යතො තෙ භාවිතත්තාති වුච්චන්ති. මග්ගක්ඛණෙ හි අරියා අප්පමාදභාවනං භාවෙන්ති නාම, අග්ගඵලක්ඛණතො පට්ඨාය භාවිතත්තා නාමාති වුත්තොවායමත්ථො.
මෙහිදී “සීහානං ව” යන්නෙන් මේ තෙරවරුන්ගේ සිංහයන්ට සමාන පැවතුම් දැක්වීමෙන්, තමාට විරුද්ධ වූවන් විසින් නොමැඬලිය හැකි බවත් ඔවුහු මැඬලා පවතින බවත් දැක්වේ. “සිංහයන් මෙන් නද දෙන -පෙ- ගාථා” යන මේ ථෙර ගාථාවෝ සිංහ නාදයක් මෙන්ම පරවාදයන් විසින් අභිභවනය කළ නොහැකි බවත් ඒ පරවාදයන් මැඩලන බවත් දක්වයි. “භාවිතත්තානං” යන මේ වචනයෙන් මෙම කරුණු දෙකම ප්‍රකට කරයි. වඩන ලද සිත් ඇති බැවින් තෙරවරු මේ සසුනෙහි සිංහයන් වැනියැයි කියන ලදි. ඔවුන්ගේ ගාථාවෝ සිංහ නාදය හා සමානය. “අත්තූපනායිකා” යනුවෙන් අභිභවනය කිරීමෙහි ප්‍රයෝජන දක්වයි. එහි තෙරවරුන්ගේ විරුද්ධ වූවෝ නම් කෙලෙස් ධර්මයෝය. ඒවා මැඬලීමේදී තදංග, විෂ්කම්භන ප්‍රමාණයන් සමග සමුච්ඡේද ප්රහාණය ද වේ. එවිට පටිප්පස්සද්ධි (සංසිඳීම) ප්රහාණය ද නිස්සරණ (නික්මීම) ප්රහාණය ද සිදු වූයේ ම වේ. යම් සේ උන්වහන්සේලා “භාවිතත්තා” යැයි කියත් ද? ආර්යයෝ මාර්ග ක්ෂණයෙහි දී අප්රමාදී භාවනාව වඩනුයේ නම් වෙති. අග්‍ර වූ මාර්ග ඵලය ලැබීමේ සිට “භාවිතත්ත” (වැඩූ සිත් ඇත්තෝ) නම් වෙති. මෙසේ පවසන ලද්දෙහි විස්තරාර්ථ මෙසේ ය.
තෙසු තදඞ්ගප්පහානෙන නෙසං සීලසම්පදා දස්සිතා, වික්ඛම්භනප්පහානෙන සමාධිසම්පදා, සමුච්ඡෙදප්පහානෙන පඤ්ඤාසම්පදා, ඉතරෙන තාසං ඵලං දස්සිතං. සීලෙන ච තෙසං පටිපත්තියා ආදිකල්යාණතා දස්සිතා, “කො චාදි කුසලානං ධම්මානං? සීලඤ්ච සුවිසුද්ධං” (සං· නි· 5.369), “සීලෙ පතිට්ඨාය” (සං· නි· 1.23; විසුද්ධි· 1.1), “සබ්බපාපස්ස අකරණ”න්ති (ධ· ප· 183; දී· නි· 2.90) ච වචනතො සීලං පටිපත්තියා ආදිකල්යාණංව අවිප්පටිසාරාදිගුණාවහත්තා. සමාධිනා මජ්ඣෙකල්යාණතා දස්සිතා, “චිත්තං භාවයං”, “කුසලස්ස උපසම්පදා”ති ච වචනතො සමාධිපටිපත්තියා මජ්ඣෙකල්යාණොව, ඉද්ධිවිධාදිගුණාවහත්තා. පඤ්ඤාය පරියොසානකල්යාණතා දස්සිතා, “සචිත්තපරියොදපනං” (ධ· ප· 183; දී· නි· 2.90), “පඤ්ඤං භාවය”න්ති (සං· නි· 1.23; විසුද්ධි· 1.1) ච වචනතො පඤ්ඤා පටිපත්තියා පරියොසානංව, පඤ්ඤුත්තරතො කුසලානං ධම්මානං සාව කල්යාණා ඉට්ඨානිට්ඨෙසු තාදිභාවාවහත්තා.
මේ ප්රහාණයන් අතුරින් තදංග ප්‍රහාණයෙන් ඒ තෙරවරුන්ගේ සීල සම්පදාව දක්වන ලදි. විෂ්කම්භන ප්‍රහාණයෙන් සමාධි සම්පදාව දැක්විණි. සමුච්ඡේද ප්‍රහාණයෙන් ප්‍රඥා සම්පදාව ද සෙසු ප්රහාණයන්ගෙන් ඒවායේ ඵලය (විපාකය) ද දක්වන ලදි. ඒ තෙරවරුන්ගේ පිළිවෙතෙහි මුල්ම යහපත් බව (ආදි කල්යාණතා) සීලයෙන් දැක්විණි. “කුසලධර්මයන්ගේ කුමක් මූලික වේද? ඉතා පිරිසිදු ශීලයයි.” (කොචාදි කුසලානං ධම්මානං, සීලඤ්ච සුවිසුද්ධං) “සීලයෙහි පිහිටා......” (සීලෙ පතිට්ඨාය) “සියලු පාපයන් නොකිරීම” (සබ්බ පාපස්ස අකරණං) යනාදී බුද්ධ වචන වලින් සීල ප්‍රතිපත්තිය මුල්ම යහපත් වීම බවත්, එය විපිළිසර නොවන ගුණ එළවන බවත් තහවුරු වේ. සමාධියෙන් මැද යහපත්වීම (මජ්ඣෙ කල්යාණතා) දැක්විණි. “සිත වඩමින්” (චිත්තං භාවයං) “කුශලයන් වැඩීමෙන්” (කුසලස්ස උපසම්පදා) යන බුද්ධ වචනවලින් සමාධි පිළිවෙතින් මැද යහපත් වීම ද සෘද්ධිමය හැකියා දී ගුණ පැමිණීම ද දැක්විණි. ප්‍රඥාවෙන් අවසාන යහපත් බව දැක්විණි. (පරියොසාන කල්යාණතා). “තම සිත දමනය කර ගැනීම.” (සචිත්ත පරියොදපනං) “ප්‍රඥාව වඩනුයේ” (පඤ්ඤා භාවයං) යන බුද්ධවචන වලින් ප්‍රඥා ප්‍රතිපත්තිය අවසානයට දැක්විණි. කුසල දහම් අතරින් ප්‍රඥාව උතුම් වේ. ප්‍රධාන වේ. එයම ඉෂ්ටානිෂ්ට තාදී ගුණ එළවීම ද සිදු කරයි.
“සෙලො යථා එකඝනො, වාතෙන න සමීරති; (මහාව· 244); එවං නින්දාපසංසාසු, න සමිඤ්ජන්ති පණ්ඩිතා”ති. (ධ· ප· 81) – හි වුත්තං.
“සෙලො යථා එකඝනො වාතෙන න සමීරති, එවං නින්දා පංසසාසු න සමිඤ්ජන්ති පණ්ඩිතා” යනුවෙන්
“ඒකඝන ගල් පර්වතය සුළඟින් නොසෙල්වෙන්නාක් මෙන් නින්දා - ප්‍රශංසා දෙකෙහි දීම පඬිවරු නොසැලෙති.” යනුවෙන් ඒ බව පැවසුණි.
තථා සීලසම්පදාය තෙවිජ්ජභාවො දස්සිතො. සීලසම්පත්තිඤ්හි නිස්සාය තිස්සො විජ්ජා පාපුණන්ති. සමාධිසම්පදාය ඡළභිඤ්ඤාභාවො. සමාධිසම්පත්තිඤ්හි නිස්සාය ඡළභිඤ්ඤා පාපුණන්ති. පඤ්ඤාසම්පදාය පභින්නපටිසම්භිදාභාවො. පඤ්ඤාසම්පදඤ්හි නිස්සාය චතස්සො පටිසම්භිදා පාපුණන්ති. ඉමිනා තෙසං ථෙරානං කෙචි තෙවිජ්ජා, කෙචි ඡළභිඤ්ඤා, කෙචි පටිසම්භිදාපත්තාති අයමත්ථො දස්සිතොති වෙදිතබ්බං.
එසේම ශීල සම්ප්රදාවෙන් ත්‍රිවිද්‍යා ගුණ දැක්විණි. ශීල සම්පත්තිය නිසාම ත්‍රිවිද්‍යා ලාභය සිදුවේ. සමාධි සම්පත්තියෙන් ෂඩ්අභිඤ්ඤා බව ලැබේ. සමාධි සම්පත්තිය නිසා ෂඩ් අභිඤ්ඤාවන්ට පත්වෙති. ප්‍රඥා සම්පත්තියෙන් වෙන් වෙන් වූ පටිසම්භිදාවෝ ලැබෙති. ප්‍රඥා සම්පත්තිය හේතුවෙන් චතුර් ප්රතිසම්භිධාවන්ට (සිවු පිළිසිඹියාපත් බවට) පත්වෙති. මේ ථෙරගාථාවෙහි එන තෙරවරුන් අතුරින් ඇතැමෙක් ත්‍රිවිද්‍යා ලාභීහුය. ඇතමෙක් සිවු ෂඩ් අභිඤ්ඤා ලාභීහුය. ඇතමෙක් පිළිසිඹියාපත් රහතන් වහන්සේලා වෙති යන මේ අර්ථය දක්වන ලදැයි දත යුතුයි.
තථා සීලසම්පදාය තෙසං කාමසුඛානුයොගසඞ්ඛාතස්ස අන්තස්ස පරිවජ්ජනං දස්සෙති. සමාධිසම්පදාය අත්තකිලමථානුයොගසඞ්ඛාතස්ස, පඤ්ඤාසම්පදාය මජ්ඣිමාය පටිපදාය සෙවනං දස්සෙති. තථා සීලසම්පදාය තෙසං වීතික්කමප්පහානං කිලෙසානං දස්සෙති. සමාධිසම්පදාය පරියුට්ඨානප්පහානං , පඤ්ඤාසම්පදාය අනුසයප්පහානං දස්සෙති. සීලසම්පදාය වා දුච්චරිතසංකිලෙසවිසොධනං, සමාධිසම්පදාය තණ්හාසංකිලෙසවිසොධනං, පඤ්ඤාසම්පදාය දිට්ඨිසංකිලෙසවිසොධනං දස්සෙති. තදඞ්ගප්පහානෙන වා නෙසං අපායසමතික්කමො දස්සිතො. වික්ඛම්භනප්පහානෙන කාමධාතුසමතික්කමො, සමුච්ඡෙදප්පහානෙන සබ්බභවසමතික්කමො දස්සිතොති වෙදිතබ්බං.
එසේම ශීල සම්පත්තියෙන් ඒ තෙරවරුන්ගේ කාමුක සැප සම්පත් විඳීම නම් වූ අන්තයාගේ දුරු කිරීම දක්වයි. සමාධි සම්පත්තියෙන් සිරුරට දැඩි දුක් දීම නම් වූ අත්තකිලමථානු යෝගය ද ප්‍රඥා සම්පත්තියෙන් මධ්‍යම ප්‍රතිපදාව ඇසුරු කළ බව ද දක්වයි. එසේම ශීල සම්පත්තියෙන් ඒ තෙරවරුන්ගේ ක්ලේශයන්ගේ වීතික්කම ප්රහාණය දක්වයි. සමාධි සම්පත්තියෙන් කෙලෙස්වල පරියුට්ඨාන ප්රහාණය ද ප්‍රඥා, සම්පත්තියෙන් අනුශය ප්රහාණය ද දක්වයි. ශීල සම්පත්තියෙන් දුශ්චරිත පාපි කෙලෙස් ධර්ම සෝදා හැරීමත්, සමාධි සම්පත්තියෙන් තෘෂ්ණාදී කෙළෙස් ධර්ම පිරිසිදු කිරීමත්, ප්‍රඥා සම්පත්තියෙන් වැරදි පිළිගැනීම් (දෘෂ්ටි) ආදී කෙලෙස් වලින් පිරිසිදු වීමත් දක්වයි. තදංගප්රහාණයෙන් ඒ තෙරවරුන්ගේ අපායගාමීත්වයෙන් වැළකීම දක්වන ලදි. විෂ්කම්භන ප්‍රහාණයෙන් කාම භවයන්ගෙන් මිදීම ද සමුච්ඡේද ප්‍රහාණයෙන් සියලු භවයන්ගෙන් මිදීම ද දක්වන ලදැයි දත යුතුයි.
“භාවිතත්තාන”න්ති වා එත්ථ සීලභාවනා, චිත්තභාවනා පඤ්ඤාභාවනාති තිස්සො භාවනා වෙදිතබ්බා කායභාවනාය තදන්තොගධත්තා. සීලභාවනා ච පටිපත්තියා ආදීති සබ්බං පුරිමසදිසං . යථා පන සීහනාදං පරෙ මිගගණා න සහන්ති, කුතො අභිභවෙ, අඤ්ඤදත්ථු සීහනාදොව තෙ අභිභවති එවමෙව අඤ්ඤතිත්ථියවාදා ථෙරානං වාදෙ න සහන්ති, කුතො අභිභවෙ, අඤ්ඤදත්ථු ථෙරවාදාව තෙ අභිභවන්ති. තං කිස්ස හෙතු? “සබ්බෙ සඞ්ඛාරා අනිච්චා, සබ්බෙ සඞ්ඛාරා දුක්ඛා, සබ්බෙ ධම්මා අනත්තා”ති (ධ· ප· 277-279) “නිබ්බානධාතූ”ති ච පවත්තනතො. න හි ධම්මතො සක්කා කෙනචි අඤ්ඤථා කාතුං අප්පටිවත්තනීයතො. යං පනෙත්ථ වත්තබ්බං, තං පරතො ආවිභවිස්සති. එවමෙත්ථ සඞ්ඛෙපෙනෙව පඨමගාථාය අත්ථවිභාවනා වෙදිතබ්බා.
වඩන ලද සිත් ඇත්තවුන්ගේ (භාවිතත්තානං) මෙහි සීල භාවනා, චිත්ත භාවනා හා ප්‍රඥා භාවනා වශයෙන් භාවනා තුනෙකැයි දත යුතුයි. ඒ භාවනාවන්ගෙන්, එම සියලු භාවනා ඇතුළත් වූ සීල භාවනා ප්රතිපත්තියම මූලික යැයි යන සියල්ල ඉහත පැවසූ පරිදි දත යුතුයි. සිංහ නාදය සෙසු මෘග සමූහයා නො ඉවසති. එයට බියවෙති. ඉදින් එම සිංහ නාදය මැඩ පැවැත්වීමක් කෙසේ ලැබේද? වෙනත් සිංහ නාදයකින්ම සිංහ නාදය මැඬලිය හැක්කේ වේ. මේ අයුරින්ම අන්‍ය තීර්ථකවාදීහු රහතන් වහන්සේලාගේ ප්‍රකාශන නො ඉවසති. එය මැඩ පැවැත්වීමක් කෙසේ ලැබේද? අනික් රහතන් වහන්සේලාගේ ප්‍රකාශනයකින්ම (ථෙරවාද) ඒවා අභිභවනය කළ හැකිවෙති. එයට හේතු කවරේද? “සියලු සංස්කාරයෝ අනිත්‍යයහ.” “සියලු සංස්කාරයෝ දුක් ගෙන දෙති” සියලු සංස්කාරයෝ අනාත්මයහ” යනුවෙන් නිර්වාණ ධාතුව පැවතීම හේතුවෙනි. ධර්මයන්ගේ ස්වභාවය කිසිවෙකු විසිනිදු වෙනස් කිරීමට, මෙසේ නොපවත්නා බවට පත් කිරීමට නොහැක්කේමය. මෙහි යමක් කිව යුතු නම් එය සෙසු අටුවාවන්හි ප්රකටව දැක්වේ. මෙසේ මේ පළමු ගාථාවෙහි සංක්ෂිප්ත අර්ථ දැක්වීම දත යුතුයි.
දුතියගාථායං පන අයං සම්බන්ධදස්සනමුඛෙන අත්ථවිභාවනා. තත්ථ යෙසං ථෙරානං ගාථා සාවෙතුකාමො, තෙ සාධාරණවසෙන නාමතො ගොත්තතො ගුණතො ච කිත්තෙතුං “යථානාමා”තිආදි වුත්තං. අසාධාරණතො පන තත්ථ තත්ථ ගාථාස්වෙව ආවිභවිස්සති. තත්ථ යථානාමාති යංයංනාමා, සුභූති මහාකොට්ඨිකොතිආදිනා නයෙන නාමධෙය්යෙන පඤ්ඤාතාති අත්ථො. යථාගොත්තාති යංයංගොත්තා, ගොතමො කස්සපොතිආදිනා නයෙන කුලපදෙසෙන යාය යාය ජාතියා පඤ්ඤාතාති අත්ථො. යථාධම්මවිහාරිනොති යාදිසධම්මවිහාරිනො, පරියත්තිපරමතායං අට්ඨත්වා යථානුරූපං සමාපත්තිවිහාරිනො හුත්වා විහරිංසූති අත්ථො. අථ වා යථාධම්මවිහාරිනොති යථාධම්මා විහාරිනො ච, යාදිසසීලාදිධම්මා දිබ්බවිහාරාදීසු අභිණ්හසො විහරමානා යාදිසවිහාරා චාති අත්ථො. යථාධිමුත්තාති යාදිසඅධිමුත්තිකා සද්ධාධිමුත්තිපඤ්ඤාධිමුත්තීසු යංයංඅධිමුත්තිකා සුඤ්ඤතමුඛාදීසු වා යථා යථා නිබ්බානං අධිමුත්තාති යථාධිමුත්තා. “නිබ්බානං අධිමුත්තානං, අත්ථං ගච්ඡන්ති ආසවා”ති (ධ· ප· 226) හි වුත්තං. උභයඤ්චෙතං පුබ්බභාගවසෙන වෙදිතබ්බං. අරහත්තප්පත්තිතො පුබ්බෙයෙව හි යථාවුත්තමධිමුච්චනං, න පරතො. තෙනාහ භගවා –
දෙවන ගාථාවෙහි සම්බන්ධය දැක්වීම් වශයෙන් එන අර්ථ විවරණය මෙසේය. එහි යම් තෙර නමකගේ ගාථා ඇසීමට කැමති නම් ඒ සියල්ලන්ගේ සාධාරණ වශයෙන් නම, ගෝත්‍රය හා ගුණමහිමාදිය ප්‍රකට කිරීම සඳහා “යථානාමා......” යනාදී ඇතුළත් වේ. එහි “යත්ථනාමා” යනු යම් යම් නම් ඇති; සුභූති, මහා කොට්ඨිත ආදී වශයෙන් නාම දැක්වීමෙන්, ප්රඥප්තිය දැක්වීමෙන් (පුද්ගල නාම) යන අර්ථයයි. “යථා ගොත්තා” යනු යම් යම් ගෝත්‍ර ඇති. ගෞතම, කාශ්‍යපාදි වශයෙන් කුල වශයෙන් ඒ ඒ ජාතියට අයත් යැයි දැක්වීම යන අර්ථයයි. “යථාධම්ම විහාරිනො” යනු යම් බඳු සමාපත්ති විහරණ ඇති; “පර්යාප්තිය පිහිට කරගෙන නොසිට, තමාට යෝග්‍ය සමාපත්ති විහරණයන්හි ද යෙදෙමින් වෙසෙන” යන අර්ථයයි. නැතහොත් “යථාධම්මවිහාරිනො” යනු ධර්මානුකූලව වැඩ වෙසෙන්නෝ ද යම් බඳු ශිලා දී ධර්මයන්හි ද දිව්‍යමය විහරණයන්හි නිතර වෙසෙන්නෝ, “යාදිසවිහාර” නම් වෙති. “යථාධිමුත්තා” යනු යම්බඳු අධිමුක්තීන් ඇති, ශ්‍රද්ධා විමුක්ති, ප්‍රඥා විමුක්ති ආදී යම් යම් අධිමුක්තියක් ඇති, ශූන්‍යාදී වශයෙන් යම් යම් සේ නිවණක් අවබෝධ කරන ලද ද “යථාධිමුක්ත” නම් වේ. “නිර්වාණාධිමුක්තිකයන්ගේ ආශ්‍රව ක්ෂය බවට යයි.” යනුවෙන් කියන ලදි. මේ දෙවිධියම පූර්වභාග වශයෙන් ම දත යුතුයි.ධර්මයට අනුව, විහරණයට අනුව, අරහත් බවට පත් වූ පූර්වයෙන්ම දැක්වූ පරිදි අධිමුක්තික වූ ශ්‍රාවකයෝ සෙසු සමයන්හි නොලැබේ. එනිසා භාග්‍යවත්හු මෙසේ වදාළහ-
“අස්සද්ධො අකතඤ්ඤූ ච, සන්ධිච්ඡෙදො ච යො නරො”තිආදි. (ධ· ප· 97).
“යම් පුද්ගලයෙක් ඇදහීම ඉක්ම වූයේ ද ප්රත්යක්ෂයට පැමිණියේ ද පස්කඳට කෙළෙහි ගුණ නොසලකයි ද පටිච්ච සමුප්පාදයේ අර කඩා බිඳ දැමී ද” යනුවෙන් ඒ උතුම් ගුණ කියැවේ.
“යථාවිමුත්තා”ති වා පාඨො, පඤ්ඤාවිමුත්තිඋභතොභාගවිමුත්තීසු යංයංවිමුත්තිකාති අත්ථො. සප්පඤ්ඤාති තිහෙතුකපටිසන්ධිපඤ්ඤාය පාරිහාරිකපඤ්ඤාය භාවනාපඤ්ඤාය චාති තිවිධායපි පඤ්ඤාය පඤ්ඤවන්තො. විහරිංසූති තාය එව සප්පඤ්ඤතාය යථාලද්ධෙන ඵාසුවිහාරෙනෙව වසිංසු. අතන්දිතාති අනලසා, අත්තහිතපටිපත්තියං යථාබලං පරහිතපටිපත්තියඤ්ච උට්ඨානවන්තොති අත්ථො.
“යථා විමුත්තා” යන පාඨයද මෙතැනට යෙදේ. “ප්‍රඥා විමුක්තිය, උභතො භාග විමුක්ති ආදියෙහි යම් යම් විමුක්තියක් වේද” එය යන අර්ථයයි. “සප්පඤ්ඤා” යනු ත්‍රිහේතුක ප්රතිසන්ධි ප්‍රඥාවෙන්, පාරිහාරික (පරිහරණය කළ) ප්‍රඥාවෙන්, භාවනා ප්‍රඥාවෙන් යන ත්‍රිවිධ ප්‍රඥාවෙන් යුක්ත වූයේ “විහරිංසු” යනු ඒ ප්‍රඥාවන්ත භාවයෙන්ම ලබන ලද පහසු විහරණ ඇතිව විසූහ. “අතන්දිතා” යනු අනලස්ව; තමාට හිතවත් පිළිවෙතෙහි යෙදෙමින්, ශක්ති ඇති පරිද්දෙන් අනුන්ට හිතවත් පිළිවෙතිද උත්සාහවන්ත වෙමින්” යන අර්ථයයි.
එත්ථ ච පන නාමගොත්තග්ගහණෙන තෙසං ථෙරානං පකාසපඤ්ඤාතභාවං දස්සෙති. ධම්මවිහාරග්ගහණෙන සීලසම්පදං සමාධිසම්පදඤ්ච දස්සෙති. “යථාධිමුත්තා සප්පඤ්ඤා”ති ඉමිනා පඤ්ඤාසම්පදං . “අතන්දිතා”ති ඉමිනා සීලසම්පදාදීනං කාරණභූතං වීරියසම්පදං දස්සෙති. “යථානාමා”ති ඉමිනා තෙසං පකාසනනාමතං දස්සෙති. “යථාගොත්තා”ති ඉමිනා සද්ධානුසාරීධම්මානුසාරීගොත්තසම්පත්තිසමුදාගමං, “යථාධම්මවිහාරිනො”තිආදිනා සීලසමාධිපඤ්ඤාවිමුත්තිවිමුත්තිඤාණදස්සනං සම්පත්තිසමුදාගමං, “අතන්දිතා”ති ඉමිනා එවං අත්තහිතසම්පත්තියං ඨිතානං පරහිතපටිපත්තිං දස්සෙති.
මෙහිදී නම් ගොත් ගැනීමෙන් ඒ ඒ තෙරවරුන්ගේ ප්රකාශයන්හි ප්‍රකට බව දක්වයි. ධර්ම විහාර ගැනීමෙන් සීල සම්පත්තිය ද සමාධි සම්පත්තිය ද දක්වයි. “යථාධිමුත්තා සප්පඤ්ඤා” යන මේ පදයෙන් ප්‍රඥා සම්පත්තිය දක්වන ලදි. “අතන්දිතා” යනුවෙන් සීල සම්පත් ආදියට හේතු භූත වූ වීර්ය සම්පත්තිය දක්වයි. “යථානාමා” යනුවෙන් ඒ තෙරවරුන්ගේ ප්‍රකාශිත නාමයක් වේද එය දක්වන්නේය. “යථාගොත්තා” යන මෙයින් සද්ධානුසාරී, ධම්මානුසාරී යන ගෝත්‍ර සම්පත්තීන් හි රැස්වීම ද දැක්වේ. “යථාධම්ම විහාරිනො” යනාදියෙන් සීල, සමාධි, ප්‍රඥා, විමුක්ති, විමුක්ති ඤාණ දර්ශන සම්පත්තීන්හි රැස්වීම ද “අතන්දිතා” යන මෙයින් මෙසේ ආත්මාර්ථය සාධනය කරගෙන සිටි උතුමන්ගේ පරාර්ථයෙහි යෙදීම දක්වයි.
අථ වා “යථානාමා”ති ඉදං තෙසං ථෙරානං ගරූහි ගහිතනාමධෙය්යදස්සනං සමඤ්ඤාමත්තකිත්තනතො. “යථාගොත්තා”ති ඉදං කුලපුත්තභාවදස්සනං කුලාපදෙස කිත්තනතො. තෙන නෙසං සද්ධාපබ්බජිතභාවං දස්සෙති . “යථාධම්මවිහාරිනො”ති ඉදං චරණසම්පත්තිදස්සනං සීලසංවරාදීහි සමඞ්ගීභාවදීපනතො . “යථාධිමුත්තා සප්පඤ්ඤා”ති ඉදං නෙසං විජ්ජාසම්පත්තිදස්සනං ආසවක්ඛයපරියොසානාය ඤාණසම්පත්තියා අධිගමපරිදීපනතො. “අතන්දිතා”ති ඉදං විජ්ජාචරණසම්පත්තීනං අධිගමූපායදස්සනං. “යථානාමා”ති වා ඉමිනා තෙසං පකාසනනාමතංයෙව දස්සෙති. “යථාගොත්තා”ති පන ඉමිනා පච්ඡිමචක්කද්වයසම්පත්තිං දස්සෙති. න හි සම්මාඅප්පණිහිතත්තනො පුබ්බෙ ච අකතපුඤ්ඤස්ස සද්ධානුසාරීධම්මානුසාරිනො ගොත්තසම්පත්තිසමුදාගමො සම්භවති. “යථාධම්මවිහාරිනො”ති ඉමිනා තෙසං පුරිමචක්කද්වයසම්පත්තිං දස්සෙති. න හි අප්පතිරූපෙ දෙසෙ වසතො සප්පුරිසූපනිස්සයරහිතස්ස ච තාදිසා ගුණවිසෙසා සම්භවන්ති. “යථාධිමුත්තා”ති ඉමිනා සද්ධම්මසවනසම්පදාසමායොගං දස්සෙති. න හි පරතොඝොසෙන විනා සාවකානං සච්චසම්පටිවෙධො සම්භවති. “සප්පඤ්ඤා අතන්දිතා”ති ඉමිනා යථාවුත්තස්ස ගුණවිසෙසස්ස අබ්යභිචාරිහෙතුං දස්සෙති ඤායාරම්භදස්සනතො.
නැතහොත් “යථානාම” යනු, මේ ඒ තෙරවරුන්ගේ ගුරුවරුන් විසින් ගත් නාමයන් දැක්වීමයි. තමාගේ නාමය පැවසීමයි. “යථාගොත්තා” යන මෙය කුල පුත්‍රයකු බව කුල-ගෝත්‍රාදිය ප්‍රකාශ කිරීමෙන් දැක්වීමයි. ඉන් ඔවුහු ශ්‍රද්ධාවෙන් පැවිදි වූවන් බව දක්වයි. “යථාධම්මවිහාරිනො” යන මෙය සීල සංවර ආදී මරණ සම්පත්තීන්ගෙන් යුක්ත බව දැක්වීමයි. “යථාධිමුත්තා සප්පඤ්ඤා” යන මෙය ඒ තෙරවරුන්ගේ ආසවක්ඛය ඤාණයෙන් අවසන් වන ඤාණ සම්පත්තීන්හි අවබෝධය දැක්වෙන අෂ්ට විද්‍යා සම්පත්තීන්ගෙන් යුක්ත බව දැක්වීමයි. “අතන්දිතා” යන මෙය චරණ සම්පත්තීන්ගේ අධිගම උපායයන් දැක්වීමයි. “යථානාමා” යන මෙයින් ඒ රහතන් වහන්සේලාට භාවිත නාම මාත්‍රය පමණක් දක්වයි. “යථාගොත්තා” යන වදනින් අවසන් චක්‍ර සම්පත්ති දෙක දක්වයි. යහපත් ව නොපිහිටුවන ලද සිත ද පෙර නොකළ පින් ඇති බව ද ඇත්තාට සද්ධානුසාරී හා ධම්මානුසාරී වූ ගෝත්‍ර සම්පත් පහළවීම නොවන්නේමය. “යථාධම්ම විහාරිනො” යන මෙයින් උන්වහන්සේලාගේ පූර්ව චක්‍ර සම්පත් දෙක දක්වයි. නුසුදුසු පෙදෙසක වෙසෙන හා සත් පුරුෂාශ්රායක් නැත්තාට එබඳු ගුණ විශේෂයක් නූපදින්නේමය. “යථාධිමුත්තා” යන මෙයින් සද්ධර්ම ශ්‍රවණ සම්පත්තියේ එක්වීම දක්වයි. අනුන්ගේ උපදේශනයකින් තොරව ශ්‍රාවකයන්ගේ සත්‍ය දැන ගැනීමක් නොම ඇතිවන්නේ ය. “සප්පඤ්ඤා අතන්දිතා” යන මෙයින් ඉහත කියන ලද පරිදි ගුණ විශේෂයන්ගේ විශේෂ හැසිරීමෙන් ඥානාරම්භය දක්වයි.
අපරො නයො – “යථාගොත්තා”ති එත්ථ ගොත්තකිත්තනෙන තෙසං ථෙරානං යොනිසොමනසිකාරසම්පදං දස්සෙති යථාවුත්තගොත්තසම්පන්නස්ස යොනිසොමනසිකාරසම්භවතො. “යථාධම්මවිහාරිනො”ති එත්ථ ධම්මවිහාරග්ගහණෙන සද්ධම්මසවනසම්පදං දස්සෙති සද්ධම්මසවනෙන විනා තදභාවතො. “යථාධිමුත්තා”ති ඉමිනා මත්ථකප්පත්තං ධම්මානුධම්මපටිපදං දස්සෙති. “සප්පඤ්ඤා”ති ඉමිනා සබ්බත්ථ සම්පජානකාරිතං. “අතන්දිතා”ති ඉමිනා වුත්තනයෙන අත්තහිතසම්පත්තිං පරිපූරෙත්වා ඨිතානං පරෙසං හිතසුඛාවහාය පටිපත්තියං අකිලාසුභාවං දස්සෙති. තථා “යථාගොත්තා”ති ඉමිනා නෙසං සරණගමනසම්පදා දස්සිතා සද්ධානුසාරීගොත්තකිත්තනතො. “යථාධම්මවිහාරිනො”ති ඉමිනා සීලක්ඛන්ධපුබ්බඞ්ගමො සමාධික්ඛන්ධො දස්සිතො. “යථාධිමුත්තා සප්පඤ්ඤා”ති ඉමිනා පඤ්ඤක්ඛන්ධාදයො. සරණගමනඤ්ච සාවකගුණානං ආදි, සමාධි මජ්ඣෙ, පඤ්ඤා පරියොසානන්ති ආදිමජ්ඣපරියොසානදස්සනෙන සබ්බෙපි සාවකගුණා දස්සිතා හොන්ති.
තවත් ක්රමයකි. “යථාගොත්ත” යන මෙහි ගෝත්‍ර දැක්වීමෙන් ඒ තෙරවරුන්ගේ නුවණින් මෙනෙහි කර බැලීම් සම්පත්තිය දක්වයි. කියන ලද පරිදි ගෝත්රාදියෙන් යුතු තැනැත්තාට යෝනිසෝ මනසිකාරය පහළවේ. “යථා ධම්ම විහාරිනො” යන මෙහි ධර්ම විහාර ගැනීමෙන් සද්ධර්ම ශ්‍රවණ සම්පත්තිය දක්වයි. සද්ධර්ම ශ්‍රවණයෙන් තොරව මේ සම්පත් නොපවතියි. “යථාධිමුත්තා” යන මෙයින් ම මස්තකප්රාප්ත වන ධර්මානුධර්ම ප්‍රතිපදාව දක්වයි. “සප්පඤ්ඤා” යන මෙයින් සැම තැන්හි විමසන නුවණැති බව දක්වයි. “අතන්දිතා” යන මෙයින් කියන ලද පරිදිම තමාට හිත පිණිස වූ සම්පත් සම්පූර්ණ කරගත් අනුන්ගේ හිතසුව පිණිස පිළිවෙත් පිරීමෙහි නොපසුබස්නා බව දක්වයි. එසේම “යථාගොත්තා” යන මෙයින් ඒ රහතන් වහන්සේලාගේ ශ්‍රද්ධානුසාරී ගෝත්‍ර දැක්වීමෙන් සරණාගමන සම්පත්තිය දැක්විණි. “යථාධම්මවිහාරිනො” යන මෙයින් ශීලස්කන්ධය පූර්වාංගම වූ සමාධි ස්කන්ධය දක්වන ලදි. “යථාධිමුත්තා සප්පඤ්ඤා” යන මෙයින් ප්‍රඥා ස්කන්ධාදිය දැක්විණි. ශ්‍රාවක ගුණ අතුරින් සරණාගමනය මුල් පියවරයි. සමාධි මැද පියවරයි. ප්‍රඥාව අවසන් පියවරයි. මෙසේ මුල - මැද - අග යනාදී ලෙස සියලුම ශ්‍රාවක ගුණ දක්වන ලද්දේ වේ.
ඊදිසී පන ගුණවිභූති යාය සම්මාපටිපත්තියා තෙහි අධිගතා, තං දස්සෙතුං “තත්ථ තත්ථ විපස්සිත්වා”තිආදි වුත්තං. තත්ථ තත්ථාති තෙසු තෙසු අරඤ්ඤරුක්ඛමූලපබ්බතාදීසු විවිත්තසෙනාසනෙසු. තත්ථ තත්ථාති වා තස්මිං තස්මිං උදානාදිකාලෙ. විපස්සිත්වාති සම්පස්සිත්වා. නාමරූපවවත්ථාපනපච්චයපරිග්ගහෙහි දිට්ඨිවිසුද්ධිකඞ්ඛාවිතරණවිසුද්ධියො සම්පාදෙත්වා කලාපසම්මසනාදික්කමෙන පඤ්චමං විසුද්ධිං අධිගන්ත්වා පටිපදාඤාණදස්සනවිසුද්ධියා මත්ථකං පාපනවසෙන විපස්සනං උස්සුක්කාපෙත්වා ඵුසිත්වාති පත්වා සච්ඡිකත්වා. අච්චුතං පදන්ති නිබ්බානං. තඤ්හි සයං අචවනධම්මත්තා අධිගතානං අච්චුතිහෙතුභාවතො ච නත්ථි එත්ථ චුතීති “අච්චුතං”. සඞ්ඛතධම්මෙහි අසම්මිස්සභාවතාය තදත්ථිකෙහි පටිපජ්ජිතබ්බතාය ච “පද”න්ති ච වුච්චති. කතන්තන්ති කතස්ස අන්තං. යො හි තෙහි අධිගතො අරියමග්ගො, සො අත්තනො පච්චයෙහි උප්පාදිතත්තා කතො නාම. තස්ස පන පරියොසානභූතං ඵලං කතන්තොති අධිප්පෙතං. තං කතන්තං අග්ගඵලං. අථ වා පච්චයෙහි කතත්තා නිප්ඵාදිතත්තා කතා නාම සඞ්ඛතධම්මා, තන්නිස්සරණභාවතො කතන්තො නිබ්බානං. තං කතන්තං. පච්චවෙක්ඛන්තාති “අධිගතං වත මයා අරියමග්ගාධිගමෙන ඉදං අරියඵලං, අධිගතා අසඞ්ඛතා ධාතූ”ති අරියඵලනිබ්බානානි විමුත්තිඤාණදස්සනෙන පටිපත්තිං අවෙක්ඛමානා. අථ වා සච්චසම්පටිවෙධවසෙන යං අරියෙන කරණීයං පරිඤ්ඤාදිසොළසවිධං කිච්චං අග්ගඵලෙ ඨිතෙන නිප්ඵාදිතත්තා පරියොසාපිතත්තා කතං නාම, එවං කතං තං පච්චවෙක්ඛන්තා. එතෙන පහීනකිලෙසපච්චවෙක්ඛණං දස්සිතං. පුරිමනයෙන පන ඉතරපච්චවෙක්ඛණානීති එකූනවීසති පච්චවෙක්ඛණානි දස්සිතානි හොන්ති.
මෙබඳු ගුණ විභූතියක් යම් යහපත් ප්රතිපදාවක නියැලීමෙන් ඒ මහ තෙරවරුන් විසින් අවබෝධ කරන ලද්දේ ද එය දැක්වීමට “ඒ ඒ තැන විදසුන් වඩා (තත්ථ තත්ථවිපස්සිත්ථා....) යනාදී ගාථාව දැක්විණි. “තත්ථ තත්ථ” ඒ ඒ අරණ්‍ය - රුක්මුල් - පර්වතාදියේ විවේකී සෙනසුන්වල නැතහොත් “තත්ථ තත්ථ” යනු ඒ ඒ ප්‍රීති වාක්‍ය (උදාන) පහළ කිරීමට පෙර කාලයෙහි “විපස්සිත්ථා” යන විමසා බලා නාමරූප ව්‍යවස්ථා කිරීම්, ප්රත්යවේක්ෂාදියෙන් දෘෂ්ටි විශුද්ධිය, කංඛාවිතරණි විශුද්ධිය සම්පාදනය කොට, කලාප සිහි කිරීම් ආදී වශයෙන් විදර්ශනාව උත්සාහ ගන්වා “ඵුසිත්වා” යනු පැමිණ, සාක්ෂාත් කර “අච්චුතං පදං” යන නිවණයි. එහි තමාම අනිර්වචනීය ධර්මතාව අවබෝධ කළ උතුමන්ගේ නූපදින හේතු - නොමැරෙන හේතු දැක්වීමයි. “මෙහි චුතුවීමක් නැත” (නත්ථි එත්ථි චුතී) යනු “අච්චුතං” (නිවණයි) සංඛත ධර්මයන් සමග අමිශ්‍ර බව දැක්වීම පිණිස ද එය කැමැත්තන් විසින් පිළිපැදිය යුතු බව දැක්වීම පිණිස ද “පදං” යැයි කියයි. “කතන්තං” යනු කල යුත්තෙහි කෙළවර, යම් ඒ ආර්ය මාර්ගයක් ඒ තෙරවරුන් විසින් තමාගේම උත්සාහයෙන් උපදවන ලද ද එය “කරන ලද” (කතො) නම් වේ. ඒ ආර්ය මාර්ගයේ අවසාන වූ ඵලයට පැමිණියේය යන අර්ථයයි. එසේ අවසන් කරන ලද අග්‍ර ඵලයේ ඇති. නැතහොත් හේතු ප්‍රත්‍යයන් විසින් කරන ලද, නිපදවන ලද බැවින් සංඛත ධර්මයෝ “කත” නම් වෙති. එහි නික්මීම - සිඳ දැමීම කරන ලද බැවින් “කතන්තො” යනු නිවණයි. ඒ නිවණ ප්රත්යවේක්ෂා කරන්නේ “මවිසින් ආර්ය මාර්ගය අවබෝධ කෙළෙමි” යනුවෙන් ආර්ය ඵල නිවන් විමුක්ති ඤාණ දර්ශනයෙන් ප්‍රතිපත්තිය සිහිපත් කර බලමින්. නැතහොත් සත්‍යාවබෝධ කිරීම් වශයෙන් යමක් ආර්යයන් විසින් නොකළ යුතු විශේෂයෙන් දැන ගැනීම් (පරිඤ්ඤා) ආදී දොළොස් වැදෑරුම් කෘත්‍ය (කටයුතු) අග්‍ර ඵලයෙහි සිටියහු විසින් නිපදවන ලද බැවින් ද පර්යේෂණ කොට සොයා ගත් බැවින් ද “කතං” (කරන ලද) නම් වේ. මෙසේ නිවණ ප්රත්යවේක්ෂා කරන්නා වූ මෙයින් තමාම ප්‍රහීණ කරන ලද කෙළෙස් පිළිබඳ ප්රත්යවේක්ෂාව දක්වන ලදි. පූර්ව න්‍යාය අනුව අනික් ප්රත්යවේක්ෂාවෝ යි “ප්රත්යවේක්ෂා දහ නවයක්” දක්වන ලද්දේ වේ.
ඉමමත්ථන්ති එත්ථ ඉමන්ති සකලො ථෙරථෙරීගාථානං අත්ථො අත්තනො ඉතරෙසඤ්ච තත්ථ සන්නිපතිතානං ධම්මසඞ්ගාහකමහාථෙරානං බුද්ධියං විපරිවත්තමානතාය ආසන්නො පච්චක්ඛොති ච කත්වා වුත්තං. අත්‍ථන්ති “ඡන්නා මෙ කුටිකා”තිආදීහි ගාථාහි වුච්චමානං අත්තූපනායිකං පරූපනායිකං ලොකියලොකුත්තරපටිසංයුත්තං අත්ථං. අභාසිසුන්ති ගාථාබන්ධවසෙන කථෙසුං, තංදීපනියො ඉදානි මයා වුච්චමානා තෙසං භාවිතත්තානං ගාථා අත්තූපනායිකා සුණාථාති යොජනා. තෙ ච මහාථෙරා එවං කථෙන්තා අත්තනො සම්මාපටිපත්තිපකාසනීහි ගාථාහි සාසනස්ස එකන්තනිය්යානිකවිභාවනෙන පරෙපි තත්ථ සම්මාපටිපත්තියං නියොජෙන්තීති එතමත්ථං දීපෙති ආයස්මා ධම්මභණ්ඩාගාරිකො, තථා දීපෙන්තො ච ඉමාහි ගාථාහි තෙසං ථොමනං තාසඤ්ච තෙසං වචනස්ස නිදානභාවෙන ඨපනං ඨානගතමෙවාති දස්සෙතීති දට්ඨබ්බං.
“ඉමමත්ථං” යන මෙහි ‘ඉමං’ යනු “සියලු ථෙරථෙරී ගාථා” යන අර්ථයයි. තමාගේ ද සෙසු එහි රැස් වූ ධර්ම සංග්‍රාහක මහ තෙරවරුන්ගේ ද බුද්ධිය පෙරලා දමනු ලැබීමට ආසන්න වූ ප්රත්යක්ෂවීම් ඇතැයි කියන ලදි. “අත්ථං” යනු “මාගේ කුටිය සෙවිලි කරන ලදි” යනාදී ගාථාවලින් කියනු ලබන තමා පිළිබඳව වූත්, අනුන් පිළිබඳව වූත් ලෞකික - ලෝකෝත්තර කරුණු ප්‍රතිසංයුක්ත වූ අර්ථයයි. තේරුමයි. “අභාසිංසු” යනු ගාථා බැඳීම් වශයෙන් වදාළහ. එම ගාථා ප්රකටව දක්වමින් “මේ මවිසින් කියනු ලබන ඒ වඩන ලද සිත් ඇති මහ තෙරවරුන්ගේ තමා පිළිබඳව පැවසෙන ගාථා අසවු” යන අර්ථ යෝජනාවයි. ඒ මහ තෙරවරු ද මෙසේ දේශනා කරමින්, තමාගේ යහපත් පිළිවෙත් පැවසෙන ගාථාවලින් ශාසනයේ ඒකාන්ත නෛර්‍ය්‍යාණික බව දැක්වීමෙන්, අන්‍යයන් ද ඒ යහපත් පිළිවෙතෙහි යොදවමින් මේ අර්ථ දක්වයි. ආයුෂ්මත් ධර්ම භාණ්ඩාගාරික තෙරණුවෝ මෙසේ ගෙනහැර දක්වමින්, මෙම ගාථාවලින් ඒ මහතෙරවරුන්ට ස්තුති කිරීම් ද උන්වහන්සේලාගේ එම වදන්හි නිදාන භාවය ප්‍රකටවම උඩුකුරු කර දක්වන්නේ යැයි ද දත යුතුයි.
නිදානගාථාවණ්ණනා නිට්ඨිතා.
නිදාන ගාථා වර්ණනාව නිමියේය.