4. රෙවතීපෙතවත්ථුවණ්ණනා අට්ඨකථා
4. රෙවතීපෙතවත්ථුවණ්ණනා
4. රෙවතී ප්‍රෙතවස්තු වර්ණනාව
උට්ඨෙහි , රෙවතෙ, සුපාපධම්මෙති ඉදං රෙවතීපෙතවත්ථු. තං යස්මා රෙවතීවිමානවත්ථුනා නිබ්බිසෙසං, තස්මා යදෙත්ථ අට්ඨුප්පත්තියං ගාථාසු ච වත්තබ්බං, තං පරමත්ථදීපනියං විමානවත්ථුවණ්ණනායං (වි· ව· අට්ඨ· 860 රෙවතීවිමානවණ්ණනා) වුත්තනයෙනෙව වෙදිතබ්බං. ඉදඤ්හි නන්දියස්ස දෙවපුත්තස්ස වසෙන විමානවත්ථුපාළියං සඞ්ගහං ආරොපිතම්පි රෙවතීපටිබද්ධාය ගාථාය වසෙන “රෙවතීපෙතවත්ථු”න්ති පෙතවත්ථුපාළියම්පි සඞ්ගහං ආරොපිතන්ති දට්ඨබ්බං.
“උට්ඨෙහි රෙවතෙ සුපාපධම්මෙ” යනු මේ රේවතී ප්‍රේතවස්තු කථාවයි. එය රේවතී විමාන වස්තුව හා වෙනසක් නොවේද? එහෙයින් එහි එන්නා වූ අර්ථෝත්පත්තියෙහි හා ගාථාවලත් යමක් කිවයුතු වන්නේ ද එය පරමත්ථ දීපනී විමාන වත්ථු වර්ණනාවෙහි කියන ලද ආකාරයෙන්ම දත යුතුයි. මෙය වනාහි නන්දිය දේව පුත්‍රයාගේ වශයෙන් විමාන වත්ථු පාලියෙ සංග්‍රහයට නගා ඇත ද, රේවතිය පිළිබද වූ ගාථා වශයෙන් රේවතී ප්‍රේත වස්තුව යයි ප්‍රේත වත්ථු පාලියෙහි නගා ඇති බව දත යුතුයි.
රෙවතීපෙතවත්ථුවණ්ණනා නිට්ඨිතා.
රේවතී ප්‍රේත වස්තු වර්ණනාව නිමියේය.
5. උච්ඡුපෙතවත්ථුවණ්ණනා
5. උච්ඡු ප්‍රෙතවස්තු වර්ණනාව
ඉදං මම උච්ඡුවනං මහන්තන්ති ඉදං උච්ඡුපෙතවත්ථු. තස්ස කා උප්පත්ති? භගවති වෙළුවනෙ විහරන්තෙ අඤ්ඤතරො පුරිසො උච්ඡුකලාපං ඛන්ධෙ කත්වා එකං උච්ඡුං ඛාදන්තො ගච්ඡති. අථ අඤ්ඤතරො උපාසකො සීලවා කල්යාණධම්මො බාලදාරකෙන සද්ධිං තස්ස පිට්ඨිතො පිට්ඨිතො ගච්ඡති. දාරකො උච්ඡුං පස්සිත්වා “දෙහී”ති පරොදති. උපාසකො දාරකං පරොදන්තං දිස්වා තං පුරිසං සඞ්ගණ්හන්තො තෙන සද්ධිං සල්ලාපමකාසි. සො පන පුරිසො තෙන සද්ධිං න කිඤ්චි ආලපි, දාරකස්ස උච්ඡුඛණ්ඩම්පි නාදාසි. උපාසකො තං දාරකං දස්සෙත්වා “අයං දාරකො අතිවිය රොදති, ඉමස්ස එකං උච්ඡුඛණ්ඩං දෙහී”ති ආහ. තං සුත්වා සො පුරිසො අසහන්තො පටිහතචිත්තං උපට්ඨපෙත්වා අනාදරවසෙන එකං උච්ඡුලට්ඨිං පිට්ඨිතො ඛිපි.
“ඉදං මම උච්ඡුවන මහන්නං” යනු මේ උච්ඡු ප්‍රේතවස්තු කථාවය. කවරෙක් නිසා උපන්නේ ද? භාග්‍යවත් වූ බුදුරජාණන් වහන්සේ වේළුවන විහාරයේ වැඩ වසන කල්හි, එක්තරා මිනිසෙක් උක්දඬු මිටියක් කර තබාගෙන එක් උක්දඬු කැබැල්ලක් කමින් යයි. එකල්හි ශීලවන්ත වූ, කල්‍යාණ ධර්ම ඇති එක් උපාසකයෙක් පිටි පසින් එන්නා වූ බාල දරුවෙකු සමග මහ මඟ ගමන් කරයි. දරුවා උක්දඬු දැක උක්දඬු කෑල්ලක් ඉල්ලා හඬයි. උපාසක තෙමේ හඬන්නා වූ දරුවා දැක, උක්දඬු ගෙන යන මිනිසා සමග කථා කළේය. ඒ පුරුෂයා වනාහි උපාසකයා සමග කිසිවක් කථා නො කළේය. උපාසක තෙමේ හඬන්නා වූ දරුවා පෙන්නා මොහුට උක්දඬු කෑල්ලක් දෙවයි කීයේය. ඒ අසා ඒ මිනිසා නො ඉවසමින්, අවමන් සිත් උපදවා අනාදරයෙන් එක් උක්දඬු කෑල්ලක් පිටි පස්සට විසි කළේය.
සො අපරෙන සමයෙන කාලං කත්වා චිරං පරිභාවිතස්ස ලොභස්ස වසෙන පෙතෙසු නිබ්බත්ති, තස්ස ඵලං නාම සකකම්මසරික්ඛකං හොතීති අට්ඨකරීසමත්තං ඨානං අවත්ථරන්තං අඤ්ජනවණ්ණං මුසලදණ්ඩපරිමාණෙහි උච්ඡූහි ඝනසඤ්ඡන්නං මහන්තං උච්ඡුවනං නිබ්බත්ති. තස්මිං ඛාදිතුකාමතාය “උච්ඡුං ගහෙස්සාමී”ති උපගතමත්තෙ තං උච්ඡූ අභිහනන්ති, සො තෙන පුච්ඡිතො පතති.
හෙතෙම ඉන් පසු කලෙක කළුරිය කොට බොහෝ කාලයක් පුරුදු කරන ලද ලෝභකමේ විපාක වශයෙන් ප්‍රේත යෝනියේ උපන්නේය. එහි ඵලය නම් ස්වකීය කර්මයට සමාන වෙයි. අට කිරියක් (අමුණු තිස් දෙකක්) පමණ පැතිර පවත්නා වූ අඳුන්වන් මෝල් ගස් පමණ උක්ගස් වලින් ඝනව ගැවසීගත් මහත් උක් වනයක ඔහු උපත ලැබීය. ඒ ප්‍රේතයා උක් දණ්ඩක් කනු කැමතිව ඔහු උක් වනයට ගියහොත් උක්දඬු ඔහුට හිංසා පීඩා කෙරෙත්, ඒ ප්‍රේතයා එයින් සිහි නැතිව වැටෙයි.
අථෙකදිවසං ආයස්මා මහාමොග්ගල්ලානො රාජගහං පිණ්ඩාය ගච්ඡන්තො අන්තරාමග්ගෙ තං පෙතං අද්දස. සො ථෙරං දිස්වා අත්තනා කතකම්මං පුච්ඡි –
එක් දවසක් ආයුෂ්මත් මහමුගලන් ස්ථවිරයන් වහන්සේ පිඬු පිණිස රජගහ නුවරට වඩිනා සේක්, අතරමග දී ප්‍රේතයා දුටුවේය. ඒ ප්‍රේත තෙමේ මුගලන් හිමියන් දැක තමන් විසින් කළ කර්මය පිළිබඳව විචාරමින් ගාථා කීය.
“ඉදං මම උච්ඡුවනං මහන්තං, නිබ්බත්තති පුඤ්ඤඵලං අනප්පකං; තං දානි මෙ න පරිභොගමෙති, ආචික්ඛ භන්තෙ කිස්ස අයං විපාකො.
ස්වාමීනි ස්වල්ප නුවූ කුසල විපාක වශයෙන් මහත් වූ උක් වනයක මම උපත ලැබීමි. එහෙත් එය දැන් මගේ පරිභෝගයට අවකාශ නොදෙයි. මේ වූකලි කෙබඳු අකුසල කර්මයක්හුගේ විපාකයක් ද?
“හඤ්ඤාමි ඛජ්ජාමි ච වායමාමි, පරිසක්කාමි පරිභුඤ්ජිතුං කිඤ්චි; ස්වාහං ඡින්නථාමො කපණො ලාලපාමි, කිස්ස කම්මස්ස අයං විපාකො.
මම යම්කිසි උක් රසයක් අනුභව කිරීමට උත්සාහ කරමි ද? ප්‍රයෝග කරමි ද, එහිදී මම කපනු ලබමි, වැනසෙමි. සුන්බල ඇතිව බැගෑපත්ව, අතිශයින් විලාප කියමි. මේ කෙබඳු අකුසල කර්මයක විපාකයක් ද?
“විඝාතො චාහං පරිපතාමි ඡමායං, පරිවත්තාමි වාරිචරොව ඝම්මෙ; රුදතො ච මෙ අස්සුකා නිග්ගලන්ති, ආචික්ඛ භන්තෙ කිස්ස අයං විපාකො.
ස්වාමීනි! මම ශක්ති නැතිව (මුර්ඡාවී) බිම වැටෙමි. ගොඩට ගත් මත්ස්‍යයකු අව්වෙන් රත්වූවාක් මෙන් පෙරළෙමි. හඬන්නා වූ මගේ ඇස්වලින් කඳුළු ගලන්නේය. මේ කෙබඳු අකුශල කර්මයෙක විපාක ද? කියා කියනු මැනවි.
“ඡාතො කිලන්තො ච පිපාසිතො ච, සන්තස්සිතො සාතසුඛං න වින්දෙ; පුච්ඡාමි තං එතමත්ථං භදන්තෙ, කථං නු උච්ඡුපරිභොගං ලභෙය්ය”න්ති.
හිමියනි! බඩගිනි ඇත්තේ වෙමි. උගුර තොල් තල්ල වියලුනේය. සිහිල් සුවය නොවිඳිමි. කෙසේ නම් උක් රස අනුභව කරන්නෙම් ද? මේ කාරණය මම ඔබගෙන් විමසමි.
“පුරෙ තුවං කම්මමකාසි අත්තනා, මනුස්සභූතො පුරිමාය ජාතියා; අහඤ්ච තං එතමත්ථං වදාමි, සුත්වාන ත්වං එතමත්ථං විජාන.
ඔබ පෙර ආත්ම භවයෙහි මිනිසෙක් වී ඉපිද සිටියේය. එහිදී අකුසල කර්මයන් කෙළෙහිය. ඒ පිළිබද විස්තර මම තොපට කියමි. තොප එය අසා දනුව.
“උච්ඡුං තුවං ඛාදමානො පයාතො, පුරිසො ච තෙ පිට්ඨිතො අන්වගච්ඡි; සො ච තං පච්චාසන්තො කථෙසි, තස්ස තුවං න කිඤ්චි ආලපිත්ථ.
ඔබ දිනක් උක් දණ්ඩක් කමින් (පාරේ) ගියේය. ඔබේ පිටුපසින් තව පුරුෂයෙක් ලුහු බැඳ ගියේය. හෙතෙමේ ඔබට කිට්ටු වී ළං වී ආමන්ත්‍රණය කරමින් කථා කළේය. ඔබ ඔහු සමග කථා නොකළේය.
“සො ච තං අභණන්තං අයාචි, දෙහය්ය උච්ඡුන්ති ච තං අවොච; තස්ස තුවං පිට්ඨිතො උච්ඡුං අදාසි, තස්සෙතං කම්මස්ස අයං විපාකො.
හෙතෙමේ කථා නොකරන ඔබගෙන් උක්දණ්ඩක් දෙවයි ඇයැදීය. ඔබ ඔහුට පිටුපසින් උක් දණ්ඩක් දැමීය. ඒ කර්මයාගේ විපාකය මෙයයි.
“ඉඞ්ඝ ත්වං ගන්ත්වාන පිට්ඨිතො ගණ්හෙය්යාසි, ගහෙත්වාන තං ඛාදස්සු යාවදත්ථං; තෙනෙව ත්වං අත්තමනො භවිස්සසි, හට්ඨො චුදග්ගො ච පමොදිතො චාති.
එබැවින් තෝ පිටිපසින් උක්දඬු ගනුව, එසේ ගෙන යැපෙන තාක් කනු මැනවි. එයින් තෝ සතුටු සිත් ඇති වන්නෙහිය. තුටු වූයේ වන්නේය. ඔද වඩවා පිණා යන්නේය.
“ගන්ත්වාන සො පිට්ඨිතො අග්ගහෙසි, ගහෙත්වාන තං ඛාදි යාවදත්ථං; තෙනෙව සො අත්තමනො අහොසි, හට්ඨො චුදග්ගො ච පමොදිතො චා”ති. –
ඒ ප්‍රේත තෙමේ ගොස් පිටිපසින් උක්ගස් ගත්තේය. එසේ ගෙන යැපෙන තරම් ඇති තාක් කෑවේය. එයින් ඔහු සතුටු සිත් ඇත්තේ වූයේය. ඔදවැඩි බවට පැමිණියේය. ප්‍රමුදිත වූයේය.
වචනපටිවචනගාථා පෙතෙන ථෙරෙන ච වුත්තා.
මේ ප්‍රේතයා විසින් ද, මුගලන් තෙරුන් විසින් ද කියන ලද ගාථායි.
තත්ථ කිස්සාති කීදිසස්ස, කම්මස්සාති අධිප්පායො. හඤ්ඤාමීති විහඤ්ඤාමි විඝාතං ආපජ්ජාමි. විහඤ්ඤාමීති වා විබාධියාමි, විසෙසතො පීළියාමීති අත්ථො. ඛජ්ජාමීති ඛාදියාමි, අසිපත්තසදිසෙහි නිසිතෙහි ඛාදන්තෙහි විය උච්ඡුපත්තෙහි කන්තියාමීති අත්ථො. වායමාමීති උච්ඡුං ඛාදිතුං වායාමං කරොමි. පරිසක්කාමීති පයොගං කරොමි. පරිභුඤ්ජිතුන්ති උච්ඡුරසං පරිභුඤ්ජිතුං, උච්ඡුං ඛාදිතුන්ති අත්ථො. ඡින්නථාමොති ඡින්නසහො උපච්ඡින්නථාමො, පරික්ඛීණබලොති අත්ථො. කපණොති දීනො. ලාලපාමීති දුක්ඛෙන අට්ටිතො අතිවිය විලපාමි.
එහි කිස්සා - යනු කෙබඳු ආකාරයක කර්මයක් ද යන අදහසයි. හඤ්ඤාමි - යනු විනාශ වෙමි. පීඩාවට පත්වෙමි. විහඤ්ඤාමි - යනු බාධා කළෙමි. විශේෂයෙන් පෙළෙමි යන අර්ථයි. ඛජ්ජාමි - යනු කමි කඩුපත් වලින් කපන්නාක් මෙන් උක් කොළවලින් මගේ සිරුර කැපේ යන අර්ථයි. වායමාමී - යනු උක්දඬු කෑමට උත්සාහ කරමි. පරිසක්කාමි - යනු ප්‍රයෝග කරමි උපාය යොදමි. පරිභුඤ්ජිතුං - යනු උක්රස විඳීමට කෑමට යන අර්ථයි. ජින්නත්ථාමො - යනු සිඳුනා වූ උත්සාහ ඇතිව, සිඳුනා වූ වීර්ය ඇතිව, පිරිහී ගිය ශක්ති ඇතිව, කපණො - යන දීන වූ, ලාලපාමි - යනු දුකින් ආද්ර වී, දුකින් මැඩ පැවැත්වී, අතිශයින් වැළපීමි.
විඝාතොති විඝාතවා, විහතබලො වා. පරිපතාමි ඡමායන්ති ඨාතුං අසක්කොන්තො භූමියං පපතාමි. පරිවත්තාමීති පරිබ්භමාමි. වාරිචරොවාති මච්ඡො විය. ඝම්මෙති ඝම්මසන්තත්තෙ ථලෙ.
විඝාතො - යනු සිතේ කරදරයට පත්වී, සුන් වූ ශක්තිය ඇතිවී, පරිපතාමි ඡමායන්ති - යනු නැගී සිටින්නට අපොහොසත් වන්නේ බිම පෙරළෙමි පරිවත්තාමි - යනු කරකැවෙමි. පරිභ්‍රමණය වෙමි. වාරිචරොවා - යනු මාළුවෙකු මෙන්, ඝම්මෙ යනු ශ්රීෂ්ම කාලයේ පොළවේ,
සන්තස්සිතොති ඔට්ඨකණ්ඨතාලූනං සොසප්පත්තියා සුට්ඨු තසිතො. සාතසුඛන්ති සාතභූතං සුඛං. න වින්දෙති න ලභාමි. තන්ති තුවං. විජානාති විජානාහි. පයාතොති ගන්තුං ආරද්ධො. අන්වගච්ඡීති අනුබන්ධි. පච්චාසන්තොති පච්චාසීසමානො. තස්සෙතං කම්මස්සාති එත්ථ එතන්ති නිපාතමත්තං, තස්ස කම්මස්සාති අත්ථො. පිට්ඨිතො ගණ්හෙය්යාසීති අත්තනො පිට්ඨිපස්සෙනෙව උච්ඡුං ගණ්හෙය්යාසි. පමොදිතොති පමුදිතො.
සන්තසිතො - යනු උගුර තොල් තල්ල ආදිය වියළී තැවුණු ස්වභාවයෙන් යුතුව, සාතසුඛං යනු සිසිලස නමැති සුවය, න වින්දෙ - නොලබමි. තං යනු ඔබ විජානා යනු දැනගනුව, අවබෝධ කරව, පයාතො - යනු යන්නට සුදානම් වීම අන්වගච්ඡි - යනු ලුහුබැඳ ගියේය. පච්චාසන්තො යනු ප්‍රාර්ථනා කරන්නේ තස්සෙතං කම්මස්සා - යනු මෙහි එත යනු නිපාතයක් පමණි. ඒ කර්මයාගේ යන අර්ථයි. පිට්ඨිතො ගණෙහය්යාසි - යනු තමාගේ පිටු පසින්ම උක්දඬු ගනු මැනවි. පමොදිතො - යනු සතුටට පත්වූයේ
ගහෙත්වාන තං ඛාදි යාවදත්ථන්ති ථෙරෙන ආණත්තිනියාමෙන උච්ඡුං ගහෙත්වා යථාරුචි ඛාදිත්වා මහන්තං උච්ඡුකලාපං ගහෙත්වා ථෙරස්ස උපනෙසි, ථෙරො තං අනුග්ගණ්හන්තො තෙනෙව තං උච්ඡුකලාපං ගාහාපෙත්වා වෙළුවනං ගන්ත්වා භගවතො අදාසි, භගවා භික්ඛුසඞ්ඝෙන සද්ධිං තං පරිභුඤ්ජිත්වා අනුමොදනං අකාසි, පෙතො පසන්නචිත්තො වන්දිත්වා ගතො, තතො පට්ඨාය යථාසුඛං උච්ඡුං පරිභුඤ්ජි.
ගහෙත්වාන තං ඛාදි යාවදත්ථං - යනු තෙරුන්ගේ ආඥා නියමයෙන් උක් ගෙන කැමැති පරිද්දෙන් කා මහත් වූ උක්ගසක් ගෙන තෙරුන්ට පැමිණවීය. ස්ථවිර තෙමේ ඔහුට අනුග්‍රහ කරනු පිණිස එකෙණෙහිම ඒ උක්ණ්ඩ ගෙන වේළුවනාරාමයට ගොස් භාග්‍යවතුන් වහන්සේට දුන්නේය. භාග්‍යවතුන් වහන්සේ භික්ෂු සංඝයා සමඟ පරිභෝග කොට (පින්) අනුමෝදන් කළේය. ප්‍රේතයා පහන් සිත් ඇතිව වැඳ ගියේය. එතැන් පටන් සුවසේ උක්ගස් කෑයේය.
සො අපරෙන සමයෙන කාලං කත්වා තාවතිංසෙසු උප්පජ්ජි. සා පනෙසා පෙතස්ස පවත්ති මනුස්සලොකෙ පාකටා අහොසි. අථ මනුස්සා සත්ථාරං උපසඞ්කමිත්වා තං පවත්තිං පුච්ඡිංසු. සත්ථා තෙසං තමත්ථං විත්ථාරතො කථෙත්වා ධම්මං දෙසෙසි, තං සුත්වා මනුස්සා මච්ඡෙරමලතො පටිවිරතා අහෙසුන්ති.
හෙතෙම ඉන් පසු කාලයක මරණයට පත්වී තව්තිසා දෙව්ලොව උපන්නේය. ඒ ප්‍රේතයාගේ ප්‍රවෘත්තිය මිනිස් ලොව ප්‍රකට වූයේය. ඉක්බිති මිනිස්සු ශාස්තෲන් වහන්සේ වෙත එළඹ ඒ පුවත විචාළාහුය. ශාස්තෲන් වහන්සේ ඔවුන්ට ඒ අර්ථය විස්තර කොට ධර්ම දේශනා කළහ. ඒ අසා මිනිස්සු මසුරු මලයෙන් දුරුවූවෝ වූහ.
උච්ඡුපෙතවත්ථුවණ්ණනා නිට්ඨිතා.
උච්ඡු ප්‍රේත වස්තු වර්ණනාව නිමියේය.
6. කුමාරපෙතවත්ථුවණ්ණනා
6. කුමාර ප්‍රෙතවස්තු වර්ණනාව
සාවත්ථි නාම නගරන්ති ඉදං සත්ථා ජෙතවනෙ විහරන්තො ද්වෙ පෙතෙ ආරබ්භ කථෙසි. සාවත්ථියං කිර කොසලරඤ්ඤො ද්වෙ පුත්තා පාසාදිකා පඨමවයෙ ඨිතා යොබ්බනමදමත්තා පරදාරකම්මං කත්වා කාලං කත්වා පරිඛාපිට්ඨෙ පෙතා හුත්වා නිබ්බත්තිංසු. තෙ රත්තියං භෙරවෙන සද්දෙන පරිදෙවිංසු. මනුස්සා තං සුත්වා භීතතසිතා “එවං කතෙ ඉදං අවමඞ්ගලං වූපසම්මතී”ති බුද්ධප්පමුඛස්ස භික්ඛුසඞ්ඝස්ස මහාදානං දත්වා තං පවත්තිං භගවතො ආරොචෙසුං. භගවා “උපාසකා තස්ස සද්දස්ස සවනෙන තුම්හාකං න කොචි අන්තරායො”ති වත්වා තස්ස කාරණං ආචික්ඛිත්වා තෙසං ධම්මං දෙසෙතුං –
“සාවත්ථි නාම නගරං” ආදියෙන් ඇරඹෙන මෙම කථා වස්තුව ශාස්තෲන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩ වසද්දී, ප්‍රේතයන් දෙදෙනකු අරභයා වදාළ සේක. සැවැත් නුවර වනාහි කආසොල් රජුගේ පුත්‍රයන් දෙදෙනෙකු ප්‍රථම වයසෙහි සිටියාහු යෞවන මදයෙන් මත් වී පරදාර අකුශල කර්මය කොට, කළුරිය කොට, දිය අඟලක් මතුපිට ප්‍රේතයන් වී ඉපදුනාහ. ඔව්හු රාත්‍රියෙහි භයානක ශබ්දයකින් මුරගා හැඬුවාහුය. මිනිස්සු ඒ අසා බියෙන් (ත්‍රස්ත වී) තැති ගෙන මෙසේ කළ කල්හි මේ අවමඟුල සන්සිදේවි යයි සිතා බුදුන් ප්රමුඛ භික්ෂු සංඝයාට මහා දන් පවත්වා ඒ ප්‍රවෘත්තිය භාග්‍යවතුන් වහන්සේට සැළකළාහුය. භාග්‍යවතුන් වහන්සේ උපාසකවරුනි! ඒ ශබ්දය ඇසීමෙන් තොපට කිසිත් අන්තරාවක් නොවේ යයි වදාරා ඔවුන්ට ධර්ම දේශනා කිරීම පිණිස මේ ගාථා වදාළහ.
“සාවත්ථි නාම නගරං, හිමවන්තස්ස පස්සතො; තත්ථ ආසුං ද්වෙ කුමාරා, රාජපුත්තාති මෙ සුතං.
හිමාලය වනයාගේ එක් පැත්තකින් සාවත්ථි නමින් නුවරක් වූයේය. එහි රජ පුත් වූ කුමාරවරු දෙදෙනෙක් සිටියාහු යයි මා විසින් අසන ලදී.
“සම්මත්තා රජනීයෙසු, කාමස්සාදාභිනන්දිනො; පච්චුප්පන්නසුඛෙ ගිද්ධා, න තෙ පස්සිංසුනාගතං.
සිත් ඇලවිය යුතු කාමයන්හි ඇළුණු කම් සුව විදිමින් සතුටුවන සුළු වූ වර්තමාන සැප සම්පතෙහි පමණක් ගිජු වූ ඔවුහු අනාගත සැපය නො බැලුවාහුය.
“තෙ චුතා ච මනුස්සත්තා, පරලොකං ඉතො ගතා; තෙධ ඝොසෙන්ත්යදිස්සන්තා, පුබ්බෙ දුක්කටමත්තනො.
ඔවුන් දෙදෙන මේ මනුෂ්‍ය ආත්ම භාවයෙන් චුතව, පරලොවට පැමිණියෝය. ඔහු තමන්ගේ පෙර දුශ්චරිතයන් නිසා නොපෙනෙන සුළු රූප ඇතිව මේ සැවැත්නුවර අසල දැන් විලාප දෙත්.
“බහූසු වත සන්තෙසු, දෙය්යධම්මෙ උපට්ඨිතෙ; නාසක්ඛිම්හා ච අත්තානං, පරිත්තං කාතුං සුඛාවහං.
නොයෙක් පිදිය යුත්තන් සිටි කල්හි, දියයුතු වස්තුව තිබුණු කල්හි, තමන්ට සැප එලවන්නා වූ ස්වල්ප වූ ද පිනක් කරන්නට නොහැකි වීමු.
“කිං තතො පාපකං අස්ස, යං නො රාජකුලා චුතා; උපපන්නා පෙත්තිවිසයං, ඛුප්පිපාසසමප්පිතා.
අපි යම් පව්කමකින් රාජ කුලයෙන් චුතව ප්‍රේත ලෝකයෙහි උපන්නාහු සාපිපාසා දුකින් මඩන ලදුව හැසිරෙමු. ඊට වඩා ළාමක වූ පාප කර්මයක් තවත් කොයින් ද?
“සාමිනො ඉධ හුත්වාන, හොන්ති අසාමිනො තහිං; භමන්ති ඛුප්පිපාසාය, මනුස්සා උන්නතොනතා.
මෙලොව දී (මිනිස් ලොවෙහි දී) ස්වාමියන් වී සිට දැන් අස්වාමිකයෝ වෙත්, මිනිස් බැවින් උසස් වූ ඒ මිනිස්සු ප්‍රේත යෝනියෙහි පහත්ව ඉපිද සා පිපාසා දෙකින් යුක්තව හැසිරෙත්.
“එතමාදීනවං ඤත්වා, ඉස්සරමදසම්භවං; පහාය ඉස්සරමදං, භවෙ සග්ගගතො නරො; කායස්ස භෙදා සප්පඤ්ඤො, සග්ගං සො උපපජ්ජතී”ති – ගාථා අභාසි;
මිනිස්සු ඉසුරු මදයෙන් මත් වී, එහි දෝෂය දැන, ඉසුරුදය හැරපියා ස්වර්ගයට යන්නෙක් වන්නේ ද ඤාණවන්ත වූ ඒ මිනිසා ශරීරයාගේ බිදීමෙන් ස්වර්ගයට පැමිණෙයි.
තත්ථ ඉති මෙ සුතන්ති න කෙවලං අත්තනො ඤාණෙන දිට්ඨමෙව, අථ ඛො ලොකෙ පාකටභාවෙන එවං මයා සුතන්ති අත්ථො.
එහි - ඉති මෙ සුතං - යනු හුදෙක් තමන්ගේ නුවණැසින්ම දැක, ඉක්බිති ලෝකයෙහි ප්‍රකට බැවින් මෙසේ මා විසින් අසන ලදී යන අර්ථයි.
කාමස්සාදාභිනන්දිනොති කාමගුණෙසු අස්සාදවසෙන අභිනන්දනසීලා. පච්චුප්පන්නසුඛෙ ගිද්ධාති වත්තමානසුඛමත්තෙ ගිද්ධා ගථිතා හුත්වා. න තෙ පස්සිංසුනාගතන්ති දුච්චරිතං පහාය සුචරිතං චරිත්වා අනාගතං ආයතිං දෙවමනුස්සෙසු ලද්ධබ්බං සුඛං තෙ න චින්තෙසුං.
කාමස්සාදාභි නන්දිනො - යනු කාම ගුණයන්හි ආශ්වාද වසයෙන් සතුටුවන සුලු පච්චුප්පන්න සුඛෙ ගිද්ධා - යනු වර්තමාන සුවයෙහි පමණක් ගිලී ගැති වී, න තෙ පස්සං සුනාගතං - යනු දුසිරිත් හැර සුචරිතයෙහි හැසිර අනාගත භවයෙහි දෙව් මිනිස් සුව ලැබීමට සුව විඳීමට ඔව්හු නොසිතූහ.
තෙධ ඝොසෙන්ත්යදිස්සන්තාති තෙ පුබ්බෙ රාජපුත්තභූතා පෙතා ඉධ සාවත්ථියා සමීපෙ අදිස්සමානරූපා ඝොසෙන්ති කන්දන්ති. කිං කන්දන්තීති ආහ “පුබ්බෙ දුක්කටමත්තනො”ති.
තෙධ ඝොසෙන්න්ය දිස්සන්තා - යනු ඔව්හු පෙර රාජ පුත්‍රයන් ඝෝෂා කරත්, හඬත් කුමක් නිසා හඬන්නේ ද යත් කීයේය. පුබ්බෙ දුක්කට මත්තනො යනු
ඉදානි තෙසං කන්දනස්ස කාරණං හෙතුතො ච ඵලතො ච විභජිත්වා දස්සෙතුං “බහූසු වත සන්තෙසූ”තිආදි වුත්තං.
දැන් ඒ ඔවුන්ගේ හැඬීමට වැළපීමට කාරණ හේතු- ඵල බෙදා දැක්වීමට, බහුසු වත සන්නෙසු - ආදිය කියන ලදී.
තත්ථ බහූසු වත සන්තෙසූති අනෙකෙසු දක්ඛිණෙය්යෙසු විජ්ජමානෙසු. දෙය්යධම්මෙ උපට්ඨිතෙති අත්තනො සන්තකෙ දාතබ්බදෙය්යධම්මෙපි සමීපෙ ඨිතෙ, ලබ්භමානෙති අත්ථො. පරිත්තං සුඛාවහන්ති අප්පමත්තකම්පි ආයතිං සුඛාවහං පුඤ්ඤං කත්වා අත්තානං සොත්ථිං නිරුපද්දවං කාතුං නාසක්ඛිම්හා වතාති යොජනා.
එහි බහුසු සන්තෙසු - යනු අප්‍රමාණ වූ දක්ෂිණාර්හයන් පෙනි පෙනි, දෙය්ය ධම්මෙ උපට්ඨිතෙ - යනු තමන් සන්තකයෙහි දියයුතු දාන වස්තුව අත ළගම තිබිය දී, ලැබී තිබිය දී යන අර්ථයි. පරිත්ත සුඛාවහං - අනාගතය සදහා සැප එළවන්නා වූ ස්වල්පමය වූ පින්කමක් වත් කිරීමට තමන්ට සුවසේ නිරුපද්‍රිතව කරන්නට නොහැකි වූවෙමු යන යෙදීමයි.
කිං තතො පාපකං අස්සාති තතො පාපකං ලාමකං නාම කිං අඤ්ඤං අස්ස සියා. යං නො රාජකුලා චුතාති යෙන පාපකම්මෙන මයං රාජකුලතො චුතා ඉධ පෙත්තිවිසයං උපපන්නා පෙතෙසු නිබ්බත්තා ඛුප්පිපාසසමප්පිතා විචරාමාති අත්ථො.
කිං තතො පාපකං අස්සා - යනු එහෙයින් ළාමක වූ පාපී වූ අනිකක්ම අප විසින් කරන ලදී. යං නො රාජකුලා වුතා - යම්කිසි පාප කර්මයකින් අපි රජ කුලයෙන් චුත වූවෝ මෙහි ප්‍රේත විශයෙහි ප්‍රේතයන් වී ඉපදී සා පිපාසා දෙකින් යුක්තව හැසිරෙමු යන අර්ථයි.
සාමිනො ඉධ හුත්වානාති ඉධ ඉමස්මිං ලොකෙ යස්මිංයෙව ඨානෙ පුබ්බෙ සාමිනො හුත්වා විචරන්ති, තහිං තස්මිංයෙව ඨානෙ හොන්ති අස්සාමිනො. මනුස්සා උන්නතොනතාති මනුස්සකාලෙ සාමිනො හුත්වා කාලකතා කම්මවසෙන ඔනතා භමන්ති ඛුප්පිපාසාය, පස්ස සංසාරපකතින්ති දස්සෙති.
සාමිනො ඉධ හුත්වාතා යනු මේ ලෝකයෙහි යම් කිසි තැනක පෙර ස්වාමීන් වී හැසිරෙත්. දැන් එහිම එතැනම අස්වාමිකයන් වී හැසිරෙති. මනුස්සා උන්නතොනතා - යනු මිනිසුන්ව සිටි කාලයේ ස්වාමීන් වී කළුරිය කොට කර්ම වශයෙන් අඩු පාඩු ඇතිව හැසිරෙත්. සා පිපාසා දෙකින් යුතුව, සංසාරයාගේ ප්‍රකෘති ස්වභාවය බලනු මැනවි.
එතමාදීනවං ඤත්වා, ඉස්සරමදසම්භවන්ති එතං ඉස්සරියමදවසෙන සම්භූතං අපායූපපත්තිසඞ්ඛාතං ආදීනවං දොසං ඤත්වා පහාය ඉස්සරියමදං පුඤ්ඤප්පසුතො හුත්වා. භවෙ සග්ගගතො නරොති සග්ගං දෙවලොකං ගතොයෙව භවෙය්ය.
එවමාදිනවං ඤත්වා ඉස්සරම්ද සම්භවං - යනු මෙසේ ඓශ්චර්ය මදයෙන් මත් වී හටගත්තා වූ අපායෙහි ඉපදීම් සංඛ්‍යාත ආදීනව දෝස දැක, ඓශ්චර්ය මදයෙන් පුණ්‍ය කර්මවලින් ඈත් වී සිට භවෙ සග්ග ගතො නරො - යනු ස්වර්ගයට දිව්‍ය ලෝකයට යෑම සුදුසු වන්නේය.
ඉති සත්ථා තෙසං පෙතානං පවත්තිං කථෙත්වා තෙහි මනුස්සෙහි කතං දානං තෙසං පෙතානං උද්දිසාපෙත්වා සම්පත්තපරිසාය අජ්ඣාසයානුරූපං ධම්මං දෙසෙසි. සා දෙසනා මහාජනස්ස සාත්ථිකා අහොසීති.
මෙසේ ශාස්තෲන් වහන්සේ ප්‍රේතයන්ගේ ප්රවෘත්ති කථාව වදාරා ඒ මිනිසුන් විසින් දෙන ලද දානයේ පින් ප්‍රේතයන් වෙත උදෙසා පැමිණ සිටි පිරිසගේ අදහස් අනුව ධර්ම දේශනා කළ සේක. එම දේශනා තොමෝ මහා ජනයාට සාර්ථක වූයේය.
කුමාරපෙතවත්ථුවණ්ණනා නිට්ඨිතා.
කුමාර ප්‍රේත වස්තු වර්ණනාව නිමියේය.
7. රාජපුත්තපෙතවත්ථුවණ්ණනා
7. රජපුත්‍ර ප්‍රෙතවස්තු වර්ණනාව
පුබ්බෙ කතානං කම්මානන්ති ඉදං සත්ථා ජෙතවනෙ විහරන්තො රාජපුත්තපෙතං ආරබ්භ කථෙසි. තත්ථ යො සො අතීතෙ කිතවස්ස නාම රඤ්ඤො පුත්තො අතීතෙ පච්චෙකබුද්ධෙ අපරජ්ඣිත්වා බහූනි වස්සසහස්සානි නිරයෙ පච්චිත්වා තස්සෙව කම්මස්ස විපාකාවසෙසෙන පෙතෙසු උප්පන්නො. සො ඉධ “රාජපුත්තපෙතො”ති අධිප්පෙතො. තස්ස වත්ථු හෙට්ඨා සාණවාසිපෙතවත්ථුම්හි විත්ථාරතො ආගතමෙව, තස්මා තත්ථ වුත්තනයෙනෙව ගහෙතබ්බං. සත්ථා හි තදා ථෙරෙන අත්තනො ඤාතිපෙතානං පවත්තියා කථිතාය “න කෙවලං තව ඤාතකායෙව, අථ ඛො ත්වම්පි ඉතො අනන්තරාතීතෙ අත්තභාවෙ පෙතො හුත්වා මහාදුක්ඛං අනුභවී”ති වත්වා තෙන යාචිතො –
“පුබ්බෙ කතානං කම්මානං” ආදියෙන් ආරම්භවන මේ ප්‍රේත වස්තු කථාව ශාස්තෲන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩ වාසය කරන කල්හි රාජ පුත්‍ර ප්‍රේතයකු අරභයා වදාළහ. එහි අතීතයෙහි යම් කිතවස්ස නම් රජ කෙනෙක් වූයේ ද? ඒ රජුගේ ප්රත්රයා අතීතයෙහි වූ පසේ බුදුවරයකුට අපරාධ කොට බොහෝ අවුරුදු ගණනක් නිරයේ පැසී, ඒ කර්මයාගේම ඉතිරි වූ විපාකයෙන් ප්‍රේතයකු වී උපන්නේ ද? ඔහු මෙහි රාජපුත්‍ර ප්‍රේතයා යනුවෙන් හඳුන්වයි. ඔහුගේ කථාව යට කී සානුවාසික ප්‍රේතයාගේ කථා වස්තුවෙහි විස්තර වශයෙන් ආයේමය. එහෙයින් එහි කී ආකාරයෙන්ම ගතයුතුයි. එකල්හි සාණුවාසික තෙරුන් තමන්ගේ ඤාති ප්‍රේතයන් පිළිබඳව කී කල්හි ශාස්තෲන් වහන්සේ හුදෙක් තොපගේ නෑයෝ පමණක් ප්රේතයෝව නො උපදිත්, ඔබ ද මෙයින් ඉක්ම ගිය අත්බැව්හි දී ප්‍රේතයෙක් වී මහා දුක් වින්දේය යනුවෙන් කී කල්හි, ඒ තෙරණුවන් විසින් ආයාචනා කළ කල්හි, මේ රාජ පුත්ත ප්‍රේත වස්තුව වදාළ සේක.
“පුබ්බෙ කතානං කම්මානං, විපාකො මථයෙ මනං; රූපෙ සද්දෙ රසෙ ගන්ධෙ, ඵොට්ඨබ්බෙ ච මනොරමෙ.
පෙර ජන්මයන්හි කරන ලද අකුසල කර්මයන්ගේ විපාකය සිත මනරම් වූ කල්හි රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ හේතුවලින් මැඩ පවත් වන්නේය.
“ඉච්චං ගීතං රතිං ඛිඩ්ඩං, අනුභුත්වා අනප්පකං; උය්යානෙ පරිචරිත්වා, පවිසන්තො ගිරිබ්බජං.
බොහෝ වූ නැටුම් - ගැයුම්, කාමරතිය, ක්‍රීඩා ආදිය විඳ උයනෙහි සිත් අලවා රජගහ නුවරට පිවිසෙන්නේ,
“ඉසිං සුනෙත්තමද්දක්ඛි, අත්තදන්තං සමාහිතං; අප්පිච්ඡං හිරිසම්පන්නං, උඤ්ඡෙ පත්තගතෙ රතං.
දැමුණු සිත් ඇති, සමාහිත වූ, අල්පේච්ඡ වූ, ලජ්ජා සහිත වූ පාත්‍රයට ලැබුණු දෙයකින් ආහාරයෙහි සතුටු වූ, සුනේත්ර නම් පසේ බුදුන් දැක්කේය.
“හත්ථික්ඛන්ධතො ඔරුය්හ, ලද්ධා භන්තෙති චාබ්රවි; තස්ස පත්තං ගහෙත්වාන, උච්චං පග්ගය්හ ඛත්තියො.
රාජ පුත්‍රයා ඇතු පිටින් බැස ස්වාමීනි පිණ්ඩපාතය ලබන ලද්දේදැයි විමසා උන්වහන්සේගේ අතින් පාත්‍රය ඇරගෙන උඩට ඔසවා
“ථණ්ඩිලෙ පත්තං භින්දිත්වා, හසමානො අපක්කමි; රඤ්ඤො කිතවස්සාහං පුත්තො, කිං මං භික්ඛු කරිස්සසි.
තද පොළවෙහි පාත්‍රය ගසා බිඳ දමා සිනහසෙමින් මදක් ඉවත්ව සිට මහණ! මම කිතව රජුගේ පුත්‍රයා වෙමි. ඔබ මට කුමක් කරන්නෙහි ද?
“තස්ස කම්මස්ස ඵරුසස්ස, විපාකො කටුකො අහු; යං රාජපුත්තො වෙදෙසි, නිරයම්හි සමප්පිතො.
ඒ අකුශල කර්මයාගේ විපාකය කටුක විය. ඒ කර්මයෙන් රාජ්‍ය පුත්‍රයා නිරයෙහි උපන්නේය.
“ඡළෙව චතුරාසීති, වස්සානි නහුතානි ච; භුසං දුක්ඛං නිගච්ඡිත්ථො, නිරයෙ කතකිබ්බිසො.
කරන ලද දරුණු පව් ඇති ඔහු සුවාසුදහස් සයක්ම, අවුරුදු නහුත ගණනක් නරකයෙහි මහා දුකට පැමිණියේය.
“උත්තානොපි ච පච්චිත්ථ, නිකුජ්ජො වාමදක්ඛිණො; උද්ධංපාදො ඨිතො චෙව, චිරං බාලො අපච්චථ.
අඥාන වූ රාජ පුත්‍රයා උඩු බැලීම ද, යටි කුරුව ද, වම් ඇලයෙන් හා දකුණු ඇලයෙන් යුතුව ද, උඩුකුරු පා ඇතිව ද, බොහෝකල් නිරයේ පෙළුණේය.
“බහූනි වස්සසහස්සානි, පූගානි නහුතානි ච; භුසං දුක්ඛං නිගච්ඡිත්ථො, නිරයෙ කතකිබ්බිසො.
කරන ලද පව් ඇති ඔහු නොයෙක් අවුරුදු දහස් ගණනක් මුළුල්ලේ නිරයෙහි ඉතාමත් දුකට පැමිණියේය.
“එතාදිසං ඛො කටුකං, අප්පදුට්ඨප්පදොසිනං; පච්චන්ති පාපකම්මන්තා, ඉසිමාසජ්ජ සුබ්බතං.
අපරාධයන් කෙරෙහි මෛත්‍රී පතුරුවන, යහපත් පැවැතුම් ඇති, සෘෂිවරයන් වෙත, වැරදි අන්දමින් මෙවැනි පව්කම් කරන පුද්ගලයෝ එබඳුම වූ කටුක වූ දරුණු වූ විපාක විදිත්.
“සො තත්ථ බහුවස්සානි, වෙදයිත්වා බහුං දුඛං; ඛුප්පිපාසහතො නාම, පෙතො ආසි තතො චුතො.
ඒ රාජ පුත්‍රයා ඒ නරකයෙහි බොහෝ කාලයක් මුළුල්ලෙහි අන්ත දුක් විඳ එයින් චුත වූයේ, සා පිපාසා දෙකින්ම මැඩුණා වූ ප්‍රේත යෝනියෙහි ඉපිදුනේ, ප්‍රේතයෙකු වී.
“එතමාදීනවං ඤත්වා, ඉස්සරමදසම්භවං; පහාය ඉස්සරමදං, නිවාතමනුවත්තයෙ.
යම් කෙනෙක් සම්පත් මදයෙන් මත් වී කරන පාප කර්මයන්හි ආදීනව දැක, ඉසුරු මදය හැරපියා යටහත් පැවැත්මෙන් පවතින්නේද
“දිට්ඨෙව ධම්මෙ පාසංසො, යො බුද්ධෙසු සගාරවො; කායස්ස භෙදා සප්පඤ්ඤො, සග්ගං සො උපපජ්ජතී”ති. –
බුදුන් කෙරෙහි ගෞරව සහිත වේ ද? නුවණැත්තෙක් වූ හෙතෙම මේ ආත්මයේ දීම පැසසීමට භාජනය වී, මරණින් මතු දෙව්ලොවට පැමිණේ
ඉදං පෙතවත්ථුං කථෙසි.
මෙම රාජපුත්‍ර ප්‍රේත වස්තුව වදාළ සේක.
තත්ථ පුබ්බෙ කතානං කම්මානං, විපාකො මථයෙ මනන්ති පුරිමාසු ජාතීසු කතානං අකුසලකම්මානං ඵලං උළාරං හුත්වා උප්පජ්ජමානං අන්ධබාලානං චිත්තං මථයෙය්ය අභිභවෙය්ය, පරෙසං අනත්ථකරණමුඛෙන අත්තනො අත්ථං උප්පාදෙය්යාති අධිප්පායො.
එහි පුබ්බෙ කතානං කම්මානං විපාකො මථයෙ මයං - යනු පෙර ජාතිවලදී කරන ලද අකුසල කර්මයන්ගේ විපාකය, මහත්ව උපදිනු ලබන්නේ, අඳබාලයන්ගේ සිත් කළඹන්නේය. මැඩපවත්වන්නේය. අනුන්ට අනර්ථ කිරීමෙන් තමන්ටම අනර්ථ උපදවා ගන්නේය යන අදහසයි.
ඉදානි තං චිත්තමථනං විසයෙන සද්ධිං දස්සෙතුං “රූපෙ සද්දෙ”තිආදි වුත්තං. තත්ථ රූපෙති රූපහෙතු, යථිච්ඡිතස්ස මනාපියස්ස රූපාරම්මණස්ස පටිලාභනිමිත්තන්ති අත්ථො. සද්දෙතිආදීසුපි එසෙව නයො.
දැන් සිත මර්දනය කිරීම් වශයෙන් දක්වන්නට, රූපෙ සද්දෙ - ආදිය කියන ලදී. එහි රූපෙ - රූප හේතුවෙන්, යම් රූපාරම්මණයක් ලැබීම නිමිති කොට ගෙන යන අර්ථයි. සද්දෙ - ආදියෙහි ද මේ න්‍යායමයි, ක්‍රමයමැයි.
එවං සාධාරණතො වුත්තමත්ථං අසාධාරණතො නියමෙත්වා දස්සෙන්තො “නච්චං ගීත”න්තිආදිමාහ. තත්ථ රතින්ති කාමරතිං. ඛිඩ්ඩන්ති සහායකාදීහි කෙළිං. ගිරිබ්බජන්ති රාජගහං.
මෙය සාධාරණ කිරිමේ අර්ථයෙන් අසාධාරණ නියමයන් දක්වන්නේ, නච්චගීත ආදිය කීයේය. එහි රතිං යනු කාමයේ ඇල්මයි. ඛිඩ්ඩං යනු යහළුවන් හා කරන ක්‍රීඩාවයි. ගිරිබ්බජං යනු රජගහ නුවරයි.
ඉසින්ති අසෙක්ඛානං සීලක්ඛන්ධාදීනං එසනට්ඨෙන ඉසිං. සුනෙත්තන්ති එවංනාමකං පච්චෙකබුද්ධං. අත්තදන්තන්ති උත්තමෙන දමථෙන දමිතචිත්තං. සමාහිතන්ති අරහත්තඵලසමාධිනා සමාහිතං. උඤ්ඡෙ පත්තගතෙ රතන්ති උඤ්ඡෙන භික්ඛාචාරෙන ලද්ධෙ පත්තගතෙ පත්තපරියාපන්නෙ ආහාරෙ රතං සන්තුට්ඨං.
ඉසිං යනු අශෛක්ෂ වූ සීලාදීන්ගෙන් යුක්ත වන අර්ථයෙන් ඉසි යනු වේ. සුනෙත්ත - මේ නම් පසේ බුදුන් වහන්සේ, අත්ත දන්තං - යන උතුම් වූ දැමීමෙන් දමනය කරන ලද සිතින් සමාහිතං - යනු අර්හත් ඵල සමාපත්තියෙන් සමාහිත වූ, උඤ්ජෙ පත්ත ගතෙ රතං යනු භික්ෂාචාරයෙන්, පිණ්ඩපාතයෙන් පාත්‍රයට ලැබුණු දෙයකින් ආහාර වශයෙන් සතුටු වන්නා වූ,
ලද්ධා, භන්තෙති චාබ්රවීති “අපි, භන්තෙ, භික්ඛා ලද්ධා”ති විස්සාසජනනත්ථං කථෙසි. උච්චං පග්ගය්හාති උච්චතරං කත්වා පත්තං උක්ඛිපිත්වා.
ලද්ධා භන්තෙති ව බ්රෑවී, යනු ස්වාමීනි පිණ්ඩපාතය ලැබෙන්නේ ද විශ්වාසනීය අර්ථයෙන් කීයේය. උච්චං පග්ගය්හා - යනු එසවීමට හැකිතාක් පාත්‍රය ඔසවා,
ථණ්ඩිලෙ පත්තං භින්දිත්වාති ඛරකඨිනෙ භූමිප්පදෙසෙ ඛිපන්තො පත්තං භින්දිත්වා. අපක්කමීති ථොකං අපසක්කි. අපසක්කන්තො ච “අකාරණෙනෙව අන්ධබාලො මහන්තං අනත්ථං අත්තනො අකාසී”ති කරුණායනවසෙන ඔලොකෙන්තං පච්චෙකබුද්ධං රාජපුත්තො ආහ “රඤ්ඤො කිතවස්සාහං පුත්තො, කිං මං භික්ඛු කරිස්සසී”ති.
ථණ්ඩිලෙ පත්ත මහින්දිත්වා - යනු ගොරෝසු වූ තද වූ මහ පොළවේ ගසා පාත්‍රය බිඳ, අපක්කමී - යනු මඳක් ඈතට ගියේය, අඳබාල වූ මේ තරුණයා නිකරුණේ මහා අනර්ථයකට තමන් විසින්ම පත්වන්නේ යයි, කාරුණික වශයෙන් බැලූ පසේ බුදුන්ට රාජ පුත්‍රයා මෙසේ කීය, රඤ්ඤො කිතවස්සාහං පුත්තො - මං භික්ඛු කරිස්සසී - යනු මම කිතව රජුගේ පුත්‍රයා වෙමි. මේ මුඩු මහණ මට කුමක් කරන්නෙහි ද?
ඵරුසස්සාති දාරුණස්ස. කටුකොති අනිට්ඨො. යන්ති යං විපාකං. සමප්පිතොති අල්ලීනො.
එරූස්සපා - දරුණු ලෙසින්, කටුකො අනිටු ලෙසින්, යං යම් විපාකයක්, සමප්පිතො - යනු ඇලුනේ
ඡළෙව චතුරාසීති, වස්සානි නහුතානි චාති උත්තානො නිපන්නො චතුරාසීතිවස්සසහස්සානි, නිකුජ්ජො, වාමපස්සෙන, දක්ඛිණපස්සෙන, උද්ධංපාදො, ඔලම්බිකො, යථාඨිතො චාති එවං ඡ චතුරාසීතිසහස්සානි වස්සානි හොන්ති. තෙනාහ –
ඡළෙවා චතුරාසීති වස්සානි, නහුතානි වා - අවුරුදු අසූහාර දහ බැගින් සයවරක්, උඩුකුරුව සයනය කිරීමෙන්, යටිකුරුව හෙවීමෙන්, වම් පසින් ද දකුණු පසින් ද හා උඩුකුරුව ද දෙපා එල්බෙමින් ද, ඒ ඒ එක් එක් වසර අසූහාර දස බැගින් දුක් වින්දේය. එහෙයින් කියන ලද -
“උත්තානොපි ච පච්චිත්ථ, නිකුජ්ජො වාමදක්ඛිණො; උද්ධංපාදො ඨිතො චෙව, චිරං බාලො අපච්චථා”ති.
[missing trans]
තානි පන වස්සානි යස්මා අනෙකානි නහුතානි හොන්ති, තස්මා වුත්තං “නහුතානී”ති. භුසං දුක්ඛං නිගච්ඡිත්ථොති අතිවිය දුක්ඛං පාපුණි.
යම් හෙයකින් මේ වර්ෂයෝ නහුතයක් වේ. එහෙයින් නහුතා යයි කියන ලදී. භුසං දුක්ඛං නිගච්ඡත්ථො - යනු අතිශය වූ දුකට පැමිණියෙමි.
පූගානීති වස්සසමූහෙ, ඉධ පුරිමගාථාය ච අච්චන්තසංයොගෙ උපයොගවචනං දට්ඨබ්බං.
පුගානි - යනු අවුරුදු සමූහ මුළුල්ලේ, මෙය පෙර ගාථාව ද සමග අත්‍යන්ත සංයෝගයේ උපයෝග වචන යයි දතයුතුයි.
එතාදිසන්ති එවරූපං. කටුකන්ති අතිදුක්ඛං, භාවනපංසකනිද්දෙසොයං “එකමන්තං නිසීදී”තිආදීසු විය. අප්පදුට්ඨප්පදොසිනං ඉසිං සුබ්බතං ආසජ්ජ ආසාදෙත්වා පාපකම්මන්තා පුග්ගලා එවරූපං කටුකං අතිවිය දුක්ඛං පච්චන්තීති යොජනා.
එතාදිසං යනු මෙබඳු වූ, කටුකං - යනු මහත් දුක්, භාව නපුංසක නිර්දේශයයි. එකමන්තං නිසිදි ආදිය මෙනි. කුඩා වූ ද දෝසයන්ගෙන් ද වෙන් වූ, මනා පැවතුම් ඇති උතුමන් කෙරෙහි තරහ බවින් ක්‍රෝධයෙන් යුතුව පාපකර්ම කරන පුද්ගලයන්ට මෙබඳු වූ දුෂ්කර වූ, අතිශය දුක්වලට පැමිණීමට හේතු වේ යන යෙදීමයි.
සොති සො රාජපුත්තපෙතො. තත්ථාති නිරයෙ. වෙදයිත්වාති අනුභවිත්වා. නාමාති බ්යත්තපාකටභාවෙන. තතො චුතොති නිරයතො චුතො. සෙසං වුත්තනයමෙව.
සො - යන ඒ රාජ පුත්‍රයා - තත්ථා - යනු නිරයෙහි දුක් වේදයිත්වා යනු විඳ අනුභව කොට, නාමා යන ඉහත ප්‍රකට වූ ආකාරයෙන් තතො චුතො - නිරයෙන් චුත වූයේ, ඉතිරිය කියන ලද පරිදිමය.
එවං භගවා රාජපුත්තපෙතකථාය තත්ථ සන්නිපතිතං මහාජනං සංවෙජෙත්වා උපරි සච්චානි පකාසෙසි. සච්චපරියොසානෙ බහූ සොතාපත්තිඵලාදීනි සම්පාපුණිංසූති.
මෙසේ භාග්‍යවතුන් වහන්සේ රාජ පුත්‍රයාගේ ප්‍රේත කතා වස්තුව රැස් වූ මහ ජනයා ඉදිරිපිට දී වදාරා සංවේග උපදවා මත්තෙහි සිව්සස් වදාළ සේක. චතුරාර්ය සත්‍යය දේශනාවේ කෙළවර බොහෝ දෙනා සෝවාන් ආදී මාර්ග එලවලට පැමිණියාහුය.
රාජපුත්තපෙතවත්ථුවණ්ණනා නිට්ඨිතා.
රාජ පුත්‍ර ප්‍රේත වත්ථු වර්ණනාව නිමියේය.
8. ගූථඛාදකපෙතවත්ථුවණ්ණනා
8. ගුථඛාදක ප්‍රෙතවස්තු වර්ණනාව
ගූථකූපතො උග්ගන්ත්වාති ඉදං සත්ථරි ජෙතවනෙ විහරන්තෙ එකං ගූථඛාදකපෙතං ආරම්භ වුත්තං. සාවත්ථියා කිර අවිදූරෙ අඤ්ඤතරස්මිං ගාමකෙ එකො කුටුම්බිකො අත්තනො කුලූපකං භික්ඛුං උද්දිස්ස විහාරං කාරෙසි. තත්ථ නානාජනපදතො භික්ඛූ ආගන්ත්වා පටිවසිංසු. තෙ දිස්වා මනුස්සා පසන්නචිත්තා පණීතෙන පච්චයෙන උපට්ඨහිංසු. කුලූපකො භික්ඛු තං අසහමානො ඉස්සාපකතො හුත්වා තෙසං භික්ඛූනං දොසං වදන්තො කුටුම්බිකං උජ්ඣාපෙසි. කුටුම්බිකො තෙ භික්ඛූ කුලූපකඤ්ච පරිභවන්තො පරිභාසි. අථ කුලූපකො කාලං කත්වා තස්මිංයෙව විහාරෙ වච්චකුටියං පෙතො හුත්වා නිබ්බත්ති, කුටුම්බිකො පන කාලං කත්වා තස්සෙව උපරි පෙතො හුත්වා නිබ්බත්ති. අථායස්මා මහාමොග්ගල්ලානො තං දිස්වා පුච්ඡන්තො –
“ගූථ කූපතො උග්ගනත්වා” ආදී මේ ප්‍රේත කථා වස්තුව ශාස්තෲන් වහන්සේ ජේතවන විහාරයෙහි වැඩ වාසය කරන්නේ එක් අශූචි අනුභව කරන්නා වූ ප්‍රේතයකු අරභයා වදාළ සේක. සැවැත් නුවරට නුදුරෙහි එක්තරා ගමක එක්තරා කෙළඹියෙක් කුළුපග භික්ෂුවක් උදෙසා විහාරයක් කරවීය. නොයෙක් ජනපදවලින් පළාත් වලින් පැමිණි භික්ෂූහු එහි විසූහ. ඒ භික්ෂූන් දුටු මිනිස්සු පැහැදුනු සිතින් යුතුව සිව්පසයෙන් උපස්ථාන කළහ. කුළුපග භික්ෂුව එය නොඉවසා ඊර්ෂ්‍යාවෙන් යුතුව ඒ භික්ෂූන්ගේ දොස් දක්වන්නේ කෙළෙඹියා වෙත නුගුණ කියවීය. කෙළෙඹියා ඒ භික්ෂූන්ට ද, කුළුපග භික්ෂුවට ද දොස් පැවරීය. අනතුරුව කුළුපග භික්ෂුව කළුරිය කොට එම විහාරයෙහිම වැසිකිළියේ ප්‍රේතයකු වී උපන්නේය. කෙළඹියා ද කළුරිය කොට ඒ ප්‍රේතයාගේ හිස මත්තෙහි ප්‍රේතයකු වී උපන්නේය. ආයුෂ්මත් මහා මුගලන් ස්ථවිරයෝ මේ දෙදෙනා දැක විමසමින් මේ ගාථාව කීහ.
“ගූථකූපතො උග්ගන්ත්වා, කො න දීනො පතිට්ඨසි; නිස්සංසයං පාපකම්මන්තො, කිං නු සද්දහසෙ තුව”න්ති. –
කවරෙක් නම් අශූචි වළෙන් නැගී බැගෑපත්ව ඉන්නේ ද? පාප කර්මවලින් පෙළුණු ඔබ කෙසේ නම් නිසැකව හඳුනාගන්නේද?
ගාථමාහ. තං සුත්වා පෙතො –
එය ඇසු ප්‍රේතයෝ
“අහං භදන්තෙ පෙතොම්හි, දුග්ගතො යමලොකිකො; පාපකම්මං කරිත්වාන, පෙතලොකං ඉතො ගතො”ති. –
[missing trans]
ගාථාය අත්තානං ආචික්ඛි. අථ නං ථෙරො –
“කිං නු කායෙන වාචාය, මනසා දුක්කටං කතං; කිස්සකම්මවිපාකෙන, ඉදං දුක්ඛං නිගච්ඡසී”ති. –
ගාථාය තෙන කතකම්මං පුච්ඡි. සො පෙතො –
“අහු ආවාසිකො මය්හං, ඉස්සුකී කුලමච්ඡරී; අජ්ඣාසිතො මය්හං ඝරෙ, කදරියො පරිභාසකො.
මා විසින් කරවන ලද ආවාසයෙහි ඊර්ෂ්‍යාවෙන් පෙළුණු කුලයා කෙරෙහි මසුරු වූ තද මසුරු සිත් ඇති පරිභව කරන්නා වූ, තෘෂ්ණාවෙන් බැඳුණු නේවාසික කුළුපග භික්ෂු නමක් සිටියේය.
“තස්සාහං වචනං සුත්වා, භික්ඛවො පරිභාසිසං; තස්සකම්මවිපාකෙන, පෙතලොකං ඉතො ගතො”ති. –
ඒ කුළුපග භික්ෂුවගේ කීම් ඇසූ මම ප්‍රියශීලි ශික්ෂාකාමී භික්ෂූන්ට නින්දා කළෙමි. ඒ අකුසල කර්ම විපාකයෙන් ප්‍රේත ලෝකයේ උපන්නෙමි.
ද්වීහි ගාථාහි අත්තනා කතකම්මං කථෙසි.
තත්ථ අහු ආවාසිකො මය්හන්ති මය්හං ආවාසෙ මයා කතවිහාරෙ එකො භික්ඛු ආවාසිකො නිබද්ධවසනකො අහොසි. අජ්ඣාසිතො මය්හං ඝරෙති කුලූපකභාවෙන මම ගෙහෙ තණ්හාභිනිවෙසවසෙන අභිනිවිට්ඨො.
එහි අහු ආවාසිකො මය්හං - යනු මගේ ආවාසයෙහි, මා විසින් කරවන ලද විහාරයෙහි එක් භික්ෂුවක් නේවාසිකව ස්ථිර පදිංචිකරුවෙකුව සිටියේය. අජ්ඣාසිතො මය්හං ඝරෙ - හිතවත්කම නිසා කුළුපග වීම නිසා මගේ ගෙහි තෘෂ්ණාභි නිවේසන වසයෙන් බැදීමෙන් ඇතුළත් වීමෙන් (එය කරවීය)
තස්සාති තස්ස කුලූපකභික්ඛුස්ස. භික්ඛවොති භික්ඛූ. පරිභාසිසන්ති අක්කොසිං. පෙතලොකං ඉතො ගතොති ඉමිනා ආකාරෙන පෙතයොනිං උපගතො පෙතභූතො.
තස්ස යනු ඒ කුළුපග භික්ෂුවට, භික්ඛවො - යනු භික්ෂුව, ශ්‍රමණයා පරිභාසිතන්ති - යනු ආක්‍රෝශ කළේය. (පරිභව කළේය) පෙතලොකෙ මිතො ගතො යනු මේ ආකාරයෙන් ප්‍රේත යෝනියට පැමිණියේ, ප්‍රේතයෙක් වූයේ,
තං සුත්වා ථෙරො ඉතරස්ස ගතිං පුච්ඡන්තො –
“අමිත්තො මිත්තවණ්ණෙන, යො තෙ ආසි කුලූපකො; කායස්ස භෙදා දුප්පඤ්ඤො, කිං නු පෙච්ච ගතිං ගතො”ති. –
තොපට මිත්‍ර ස්වරූපයෙන් කුළුපග වූ, අමිත්‍ර වූ යම් මහණෙක් වී ද? ඒ අනුවණයා මරණින් මතු පරලොව කෙබඳු ගතියකට පැමිණියේ ද?
ගාථමාහ. තත්ථ මිත්තවණ්ණෙනාති මිත්තපටිරූපෙන මිත්තපටිරූපතාය.
එහි මිත්ත වණ්ණො - මිත්‍ර රූපයෙන් මිත්‍ර ප්‍රතිරූපකයෙක් වශයෙන්
පුන පෙතො ථෙරස්ස තමත්ථං ආචික්ඛන්තො –
නැවත ප්‍රේත තෙමේ තෙරුන්ට තම අදහස් ප්‍රකාශ කරන්නේ, ගාථා දෙකක් කීහ.
“තස්සෙවාහං පාපකම්මස්ස, සීසෙ තිට්ඨාමි මත්ථකෙ; සො ච පරවිසයං පත්තො, මමෙව පරිචාරකො.
ඒ පාපකර්මය කරන ලද, ඒ ශ්‍රමණ ප්‍රේතයාගේ හිස මුදුනේම මම දැන් සිටිමි. හෙතෙමේ ද ප්‍රේත ලෝකයට පැමිණියේ මගේ මෙහෙකරුවෙක් වූයේය.
“යං භදන්තෙ හදන්තඤ්ඤෙ, එතං මෙ හොති භොජනං; අහඤ්ච ඛො යං හදාමි, එතං සො උපජීවතී”ති. – ගාථාද්වයමාහ;
ස්වාමීනි! සෙස්සෝ යම් අශුචියක් හෙළත් ද? ඒ මගේ ආහාරය වේ. මම යම් අශුචියක් හෙළන්නේ ද ඒවා අනුභව කිරීමෙන් ඒ ශ්‍රමණ ප්‍රේතයා දිවි රැකගනියි.
තත්ථ තස්සෙවාති තස්සෙව මය්හං පුබ්බෙ කුලූපකභික්ඛුභූතස්ස පෙතස්ස. පාපකම්මස්සාති පාපසමාචාරස්ස. සීසෙ තිට්ඨාමි මත්ථකෙති සීසෙ තිට්ඨාමි, තිට්ඨන්තො ච මත්ථකෙ එව තිට්ඨාමි, න සීසප්පමාණෙ ආකාසෙති අත්ථො. පරවිසයං පත්තොති මනුස්සලොකං උපාදාය පරවිසයභූතං පෙත්තිවිසයං පත්තො. මමෙවාති මය්හං එව පරිචාරකො අහොසීති වචනසෙසො.
එහි තස්සෙවා - යනු ඒ මගේ පූර්ව ආත්ම භාවයේ දී කුලුපග භික්ෂුව වූ ප්‍රේතයාගේ පාපකම්මස්සා - යනු පවිටු වූ වැරදි සහගත වූ හැසිරිම් ඇති පැවැතුම් ඇති - සීසෙ තිට්ඨාමි මත්ථ කෙ- යනු ඔළුව උඩ සිටිමි. සිටියේ ද මුදුනෙහිම සිටිමි. සීස ප්‍රමාණ වූ අහසෙහි නොවෙමි යන අර්ථයි. පරවිසයං පත්තො - යනු මිනිස් ලොව ඉපිද සිට, වෙනත් විෂයකට ආත්මභාවයකට යන්නේ ප්‍රේත විෂයටම ගියේය. පත්වූයේය. මමෙවා - යනු මගේම මෙහෙකරුවෙක් වූයේය යන වචනයි.
යං භදන්තෙ හදන්තඤ්ඤෙති භදන්තෙ, අය්ය මහාමොග්ගලාන, තස්සං වච්චකුටියං යං අඤ්ඤෙ උහදන්ති වච්චං ඔස්සජන්ති. එතං මෙ හොති භොජනන්ති එතං වච්චං මය්හං දිවසෙ දිවසෙ භොජනං හොති. යං හදාමීති තං පන වච්චං ඛාදිත්වා යම්පහං වච්චං කරොමි. එතං සො උපජීවතීති එතං මම වච්චං සො කුලූපකපෙතො දිවසෙ දිවසෙ ඛාදනවසෙන උපජීවති, අත්තභාවං යාපෙතීති අත්ථො.
යංභදන්තෙ භදන්කඤ්ඤො - යනු ස්වාමිනි ආර්ය වූ මෞද්ගල්යානයන් වහන්ස! ඒ වැසිකිළියෙහි අන්යයෙහි වර්චස් හෙළත් ද? එතං මෙ හොති හොජනං - යනු ඒ අශූචි දවසක් දවසක් පාසා මට අහාර වේ. යං හදාමි - ඒ වර්චස් අනුභව කොට මම වර්චස් කෙරෙම් ද? එතං සො උපජීවතී - යනු ඒ මගේ වර්චස් ඒ කුලුපග ප්‍රේතයා දිනපතා අනුභව කරමින්, ඔහු ජීවත්වෙයි. ආත්ම භාවය පවත්වාගෙන යයි යන අර්ථයි.
තෙසු කුටුම්බිකො පෙසලෙ භික්ඛූ “එවං ආහාරපරිභොගතො වරං තුම්හාකං ගූථඛාදන”න්ති අක්කොසි. කුලූපකො පන කුටුම්බිකම්පි තථාවචනෙ සමාදපෙත්වා සයං තථා අක්කොසි, තෙනස්ස තතොපි පටිකුට්ඨතරා ජීවිකා අහොසි. ආයස්මා මහාමොග්ගල්ලානො තං පවත්තිං භගවතො ආරොචෙසි. භගවා තමත්ථං අට්ඨුප්පත්තිං කත්වා උපවාදෙ ආදීනවං දස්සෙත්වා සම්පත්තපරිසාය ධම්මං දෙසෙසි. සා දෙසනා මහාජනස්ස සාත්ථිකා අහොසීති.
ඔවුන් දෙදෙනා අතුරෙන් කෙළෙඹි තෙමේ සුපේශල සිල්වත් භික්ෂූන්ට “මේ ආහාර වළඳනවාට වඩා තොපගේ අශූචි කෑම හොඳ යයි බැණ වැදුනේය. කුලුපග භික්ෂුව වනාහි කෙළෙඹියා එසේ කීමෙන් පොළඹවා තෙමේ ද එසේම බැණ වැදුනේය. ඒ නිසා ඒ කුලුපග ප්‍රේතයාගේ ජීවිකාව කෙළෙඹියාගේ ජීවිකාවටත් වඩා කිලිටු වූයේමය. ආයුෂ්මත් මුගලන් ස්ථවිරයෝ මේ කථා පුවත භාග්‍යවතුන් වහන්සේට දැන්වීය. භාග්‍යවතුන් වහන්සේ එය අර්ථෝත්පත්ති කොට ගෙන පරික්ෂා කිරීමෙහි ආක්‍රොශ කිරීමෙහි ආදීනව දක්වා පැමිණ සිටි පිරිසට ධර්මදේශනා කළහ. ඒ දේශනාව මහා ජනයාට සාර්ථක වූයේය.
ගූථඛාදකපෙතවත්ථුවණ්ණනා නිට්ඨිතා.
ගූථ ඛාදක ප්‍රේත වත්ථු වර්ණනාව නිමියේය.
9. ගූථඛාදකපෙතිවත්ථුවණ්ණනා
9. ගුථඛාදක ප්රේතීවස්තු වර්ණනාව
ගූථකූපතො උග්ගන්ත්වාති ඉදං සත්ථරි ජෙතවනෙ විහරන්තෙ අඤ්ඤතරං ගූථඛාදකපෙතිං ආරබ්භ වුත්තං. තස්සා වත්ථු අනන්තරවත්ථුසදිසං. තත්ථ උපාසකෙන විහාරො කාරිතොති උපාසකස්ස වසෙන ආගතං, ඉධ පන උපාසිකායාති අයමෙව විසෙසො. සෙසං වත්ථුස්මිං ගාථාසු ච අපුබ්බං නත්ථි.
“ගූථ කූපතො උග්ගනත්වා” ආදී මේ ප්‍රේත වස්තු කථාව ශාස්තෲන් වහන්සේ දෙව්රම් වෙහෙර වැඩවාසය කරමින්, එක්තරා අශූචි කන්නා වූ ප්‍රේතියක අරභයා දේශනා කළහ. එහි වස්තුව ඉහත කී (ගූථඛාදක ප්‍රේතවස්තුව) හා සමාන වේ. එහි උපාසකයා විසින් විහාරය කරවන ලද්දේය කියා උපාසකයා වසයෙන් ආයේය. මෙහි වනාහි උපාසිකාවක වීමම විශේෂයි. ඒ කථා වස්තුවේත් ගාථාවලත් වෙනසක් නැත්තේය.
ගූථඛාදකපෙතිවත්ථුවණ්ණානා නිට්ඨිතා.
ගූථ ඛාදක පෙති වස්තු වර්ණනාව නිමියේය.
10. ගණපෙතවත්ථුවණ්ණනා
10. ගණ ප්‍රෙතවස්තු වර්ණනාව
නග්ගා දුබ්බණ්ණරූපාත්ථාති ඉදං සත්ථරි ජෙතවනෙ විහරන්තෙ සම්බහුලෙ පෙතෙ ආරබ්භ වුත්තං. සාවත්ථියං කිර සම්බහුලා මනුස්සා ගණභූතා අස්සද්ධා අප්පසන්නා මච්ඡෙරමලපරියුට්ඨිතචිත්තා දානාදිසුචරිතවිමුඛා හුත්වා චිරං ජීවිත්වා කායස්ස භෙදා නගරස්ස සමීපෙ පෙතයොනියං නිබ්බත්තිංසු . අථෙකදිවසං ආයස්මා මහාමොග්ගල්ලානො සාවත්ථියං පිණ්ඩාය ගච්ඡන්තො අන්තරාමග්ගෙ පෙතෙ දිස්වා –
“නග්ගා දුබ්බණ්ණ රූපාත්ථා” ආදී වශයෙන් ආරම්භවන ප්‍රේත වස්තුව, ශාස්තෲන් වහන්සේ ජේතවනයෙහි වැඩ වාසය කරන කල්හි ප්‍රේතයන් සමූහයක් අරභයා දේශිතයහ. සැවැත්නුවර වනාහි මිනිසුන් සමූහයක්, කණ්ඩායමක් වී අශ්‍රද්ධාවෙන් යුතුව, අප්‍රසන්න භාවයකින් යුතුව, මසුරු මළයෙන් පරිපීඩිත සිත් ඇතිව, දානාදී සුචරිත ක්‍රියාවන්ට විරුද්ධව, කාලයක් ජීවත් වී, කය බිඳීමෙන් (මරණයෙන්) පසුව නගරය සමීපයෙහි ප්‍රේත යෝනියෙක ඉපදුනාහු වෙති. එක්දවසක් ආයුෂ්මත් මුගලන් ස්ථවිරයන් වහන්සේ සැවැත්නුවර පිඬු පිණිස හැසිරෙන්නේ අතරමග දී ප්‍රේතයන් දැක මේ ගාථාවෙන් කරුණු විචාළහ.
“නග්ගා දුබ්බණරූපාත්ථ, කිසා ධමනිසන්ථතා; උප්ඵාසුලිකා කිසිකා, කෙ නු තුම්හෙත්ථ මාරිසා”ති. –
තෙපි විලි වැස්මක් නැතිව නග්නව, කෘශ වී, ඉස්සී ගිය නහර වැල් ඇතිව, උස්ව නැගුණු ඉල ඇට පෑදී, දුර්වලව, දුර්වල ශරීර ඇත්තෝය. තෙපි කවරහු ද?
ගාථාය පුච්ඡි. තත්ථ දුබ්බණ්ණරූපාත්ථාති දුබ්බණ්ණසරීරා හොථ. කෙ නු තුම්හෙත්ථාති තුම්හෙ කෙ නු නාම භවථ. මාරිසාති තෙ අත්තනො සාරුප්පවසෙන ආලපති.
එහි දුබ්බණ්ණ රූපාත්ථා යනු දුර්වර්ණ ශරීර ඇත්තෝ වවු කෙනු තුමෙහත්ථා - යනු තෙපි කිනම්හු වෙත්ද? මාරිසා යනු ඔහු තමන්ගේ ස්වරූප වශයෙන් අමතයි.
තං සුත්වා පෙතා –
ඒ අසා ප්‍රේතයෝ
“මයං භදන්තෙ පෙතම්හා, දුග්ගතා යමලොකිකා; පාපකම්මං කරිත්වාන, පෙතලොකං ඉතො ගතා”ති. –
ස්වාමීනි අපි යමලෝකය යයි කියනු ලබන ප්‍රේත ලෝකයේ උපන් දුකට පැමිණියා වූ ප්‍රේතයෝ වෙමු. මිනිස්ලොවදී පව්කම් කොට ප්‍රේත ලෝකයෙහි උත්පත්තිය ලැබුවෙමු.
ගාථාය අත්තනො පෙතභාවං පකාසෙත්වා පුන ථෙරෙන –
යන ගාථාවෙන් තමන්ගේ ප්‍රේත භාවය ප්‍රකාශ කොට, නැවත තෙරුන් විසින් මෙසේ අසන ලදී.
“කිං නු කායෙන වාචාය, මනසා දුක්කටං කතං; කිස්සකම්මවිපාකෙන, පෙතලොකං ඉතො ගතා”ති. –
ඔබලා මිනිස් ලොව දී කය වචනය සිත යන තිදොරින් කවරනම් අකුශල කර්ම කළාහු ද? කවර කර්මයක විපාකයකින් ප්‍රේතයන් වී උපන්නාහු ද?
ගාථාය කතකම්මං පුච්ඡිතා –
යන ගාථාවෙන් කරන ලද කර්මය විචාළේය.
“අනාවටෙසු තිත්ථෙසු, විචිනිම්හද්ධමාසකං; සන්තෙසු දෙය්යධම්මෙසු, දීපං නාකම්හ අත්තනො.
මහණ බමුණන් ඇති කල්හි, දිය යුතු දාන වස්තුව අප සන්තකව පැවති කල්හි, කිසිවෙකු විසින් නො වළක්වන ලද්දා වූ අපි, අඩ මස්සක් පවා විශේෂයෙන් රැස් කළෙමු. තමන්ට පිහිටක් වන පරිද්දෙන් කිසිවෙකුට කිසිවක් නො දුන්නෙමු. තෘෂ්ණායෙන් මැඩුණෙමු.
“නදිං උපෙම තසිතා, රිත්තකා පරිවත්තති; ඡායං උපෙම උණ්හෙසු, ආතපො පරිවත්තති.
දිය පිපාස වූ විට නදිය කරා පැමිණියහොත් නදියේ ජලය හිඳී යයි. උෂ්ණය ඉවසනු නොහැකිව සෙවණ තැනකට පැමිණියේ නම් එතනට තද අව්ව වැටේ.
“අග්ගිවණ්ණො ච නො වාතො, ඩහන්තො උපවායති; එතඤ්ච භන්තෙ අරහාම, අඤ්ඤඤ්ච පාපකං තතො.
හමා එන සුළග ගින්දර හා සමානව ශරීරය දවමින් හමායේ. ස්වාමීනි! පව් කල තැනැත්තන්ට ලැබෙන මෙයට වඩා වැඩි වූ තවත් දුක්වලට ද සුදුසු වෙමු.
“අපි යොජනානි ගච්ඡාම, ඡාතා ආහාරගෙධිනො; අලද්ධාව නිවත්තාම, අහො නො අප්පපුඤ්ඤතා.
බොහෝකල් සාදුකින් පෙළෙන්නා වූ අපි ආහාර සඳහා ගිජුවෙමින් දීර්ඝ සැතපුම් ගණන් යන්නෙමු. එහෙත් කිසිවක් නොලබාම නවතිමු. අපගේ පින් නැති බව ගැන දුක්වෙමු.
“ඡාතා පමුච්ඡිතා භන්තා, භූමියං පටිසුම්භිතා; උත්තානා පටිකිරාම, අවකුජ්ජා පතාමසෙ.
බඩගිනිව සා පිපාසා දෙකින් ක්ලාන්ත වූ (අපි) කරකැවිල්ල ඇතිවී බිම වැටෙන්නෙමු. ඇද වැටෙන්නෝ වෙමු. උඩුකුරුව වැටුණාහු විසිරුණු අවයව ඇත්තෝ වෙමු. (සමහරවිට) යටිකුරුව ද වැටෙන්නෙමු.
“තෙ ච තත්ථෙව පතිතා, භූමියං පටිසුම්භිතා; උරං සීසඤ්ච ඝට්ටෙම, අහො නො අප්පපුඤ්ඤතා.
ඒ හැම තැනම වැටුණා වූ, බිම වැටුණා වූ අපි ළය ද හිස ද පොළවේ ගලා ගන්නෙමු. අපගේ පින් නැති බව ඉතා දුක් ගෙනදේ, පුදුම සහගතය.
“එතඤ්ච භන්තෙ අරහාම, අඤ්ඤඤ්ච පාපකං තතො; සන්තෙසු දෙය්යධම්මෙසු, දීපං නාකම්හ අත්තනො.
ස්වාමිනි! මේ දුකට ද, ළාමක වූ අනෙක් දුක්වලට ද අපි සුදුස්සෝ වෙමු. දෙය්ය ධර්මය ලඟ තබාගෙන අපි අනාගතය සඳහා පින් රැස් නො කෙළෙමු.
“තෙ හි නූන ඉතො ගන්ත්වා, යොනිං ලද්ධාන මානුසිං; වදඤ්ඤූ සීලසම්පන්නා, කාහාම කුසලං බහු”න්ති. –
අපි මෙයින් චුතව ගොස් මිනිසත් බව ලැබ පරිත්‍යාගශීලීව සීල සම්පන්නව බොහෝ කුසල් ඒකාන්තයෙන්ම කරන්නෙමු.
අත්තනා කතකම්මං කථෙසුං.
මෙසේ තමන් විසින් කළයුතු කර්ම කීහු.
තත්ථ අපි යොජනානි ගච්ඡාමාති අනෙකානිපි යොජනානි ගච්ඡාම. කථං? ඡාතා ආහාරගෙධිනොති , චිරකාලං ජිඝච්ඡාය ජිඝච්ඡිතා ආහාරෙ ගිද්ධා අභිගිජ්ඣන්තා හුත්වා, එවං ගන්ත්වාපි කිඤ්චි ආහාරං අලද්ධායෙව නිවත්තාම. අප්පපුඤ්ඤතාති අපුඤ්ඤතා අකතකල්යාණතා.
එහි අධියොජනානි ගච්ඡාම - යනු යොදුන් ගණනාවක් යමු. කුමකට ද? ඡාතා ආහාරගෙධිනො - යනු බොහෝකාලයක් සා පිපාසාවෙන් පීඩා විඳ ආහාර පිළිබද ගිජුකමින්, දැඩි ලෙස ආසා කරමින්, මෙසේ ගොස් ද කිසිම ආහාරයක් නොලැබම නවතින්නෙමු. අප්පපුඤ්ඤතා යනු පින් නැතිකමින්! යහපත් කටයුත්තක් නො කරන ලද බැවින්,
උත්තානා පටිකිරාමාති කදාචි උත්තානා හුත්වා විකිරියමානඞ්ගපච්චඞ්ගා විය වත්තාම. අවකුජ්ජා පතාමසෙති කදාචි අවකුජ්ජා හුත්වා පතාම.
උත්තානා පතිකිරාමා - යනු කිසිදවසක උඩුකුරුවී බිම වැටී විසිරුණු අත පය ඇත්තේ වෙමු. අවකුජ්ජා පතාමසෙ යනු සමහර දවස්වල මුනින් වැටී සිටින්නෙමු.
තෙ චාති තෙ මයං. උරං සීසඤ්ච ඝට්ටෙමාති අවකුජ්ජා හුත්වා පතිතා උට්ඨාතුං අසක්කොන්තා වෙධන්තා වෙදනාප්පත්තා අත්තනො අත්තනො උරං සීසඤ්ච පටිඝංසාම. සෙසං හෙට්ඨා වුත්තනයමෙව.
තෙච යනු ඒ අපි උරං සීසඤ්ච ඝට්ටෙමා - යනු මුනින් යටවී වැටී නැගිට ගනු නොහැකිව, වධයට හා වේදනාවට පැමිණ වෙවුළමින් තමාගේම හිසත් ළයත් ගටා ගන්නෙමු. ඉතිරියට සඳහන්, කියන ලද පරිදිම දන්නේය.
ථෙරො තං පවත්තිං භගවතො ආරොචෙසි. භගවා තමත්ථං අට්ඨුප්පත්තිං කත්වා සම්පත්තපරිසාය ධම්මං දෙසෙසි. තං සුත්වා මහාජනො මච්ඡෙරමලං පහාය දානාදිසුචරිතනිරතො අහොසීති.
ස්ථවිරයන් වහන්සේ මේ පුවත භාග්‍යවතුන් වහන්සේට දැක්වූහ. භාග්‍යවත්හු කාරණය අර්ථෝත්පත්ති කොට ගෙන පැමිණ සිටි පිරිසට ධර්මය දේශනා කළහ. එය ඇසූ මහාජනයා මසුරුකළ හැර දන්දීම් ආදී පින්කම් කරමින් සුචරිතයෙහි නිරත වූවෝ වූහ.
ගණපෙතවත්ථුවණ්ණනා නිට්ඨිතා.
සමූහ ප්‍රේත වස්තු වර්ණනාව නිමියේය.
11. පාටලිපුත්තපෙතවත්ථුවණ්ණනා
11. පාටලිපුත්ත ප්‍රෙතවස්තු වර්ණනාව
දිට්ඨා තයා නිරයා තිරච්ඡානයොනීති ඉදං සත්ථරි ජෙතවනෙ විහරන්තෙ අඤ්ඤතරං විමානපෙතං ආරබ්භ වුත්තං. සාවත්ථිවාසිනො කිර පාටලිපුත්තවාසිනො ච බහූ වාණිජා නාවාය සුවණ්ණභූමිං අගමිංසු. තත්ථෙකො උපාසකො ආබාධිකො මාතුගාමෙ පටිබද්ධචිත්තො කාලමකාසි. සො කතකුසලොපි දෙවලොකං අනුපපජ්ජිත්වා ඉත්ථියා පටිබද්ධචිත්තතාය සමුද්දමජ්ඣෙ විමානපෙතො හුත්වා නිබ්බත්ති. යස්සං පන සො පටිබද්ධචිත්තො, සා ඉත්ථී සුවණ්ණභූමිගාමිනිං නාවං අභිරුය්හ ගච්ඡති. අථ ඛො සො පෙතො තං ඉත්ථිං ගහෙතුකාමො නාවාය ගමනං උපරුන්ධි. අථ වාණිජා “කෙන නු ඛො කාරණෙන අයං නාවා න ගච්ඡතී”ති වීමංසන්තා කාළකණ්ණිසලාකං විචාරෙසුං. අමනුස්සිද්ධියා යාවතතියං තස්සා එව ඉත්ථියා පාපුණි, යස්සං සො පටිබද්ධචිත්තො. තං දිස්වා වාණිජා වෙළුකලාපං සමුද්දෙ ඔතාරෙත්වා තස්ස උපරි තං ඉත්ථිං ඔතාරෙසුං. ඉත්ථියා ඔතාරිතමත්තාය නාවා වෙගෙන සුවණ්ණභූමිං අභිමුඛා පායාසි. අමනුස්සො තං ඉත්ථිං අත්තනො විමානං ආරොපෙත්වා තාය සද්ධිං අභිරමි.
“දිට්ඨා තයා නිරයා තිරච්ඡා න යොනි”- මේ ප්‍රේතවස්තු කථාව ශාස්තෲන් වහන්සේ ජේතවනාරාමයේ වැඩ වසන සමයේ එක්තරා විමාන ප්‍රේතයකු අරභයා වදාළ සේක. සැවැත් නුවර වාසීහු ද, පැළලුප් නුවර වාසීහු ද, වෙළෙන්දෝ බොහෝ භාණ්ඩ පුරවාගත් නැවකින් ස්වර්ණ භූමියට ගියෝය. එහිදී එක් වෙළෙන්දෙක් රෝගාතුර වී මාගමක් කෙරෙහි බැඳුණු සිතින් කළුරිය කළේය. හේ කරන ලද කුසල් බලයෙන් දෙව්ලොව නො ඉපද මුහුද මැද විමාන ප්‍රේතයකු වී උපන්නේය. ඔහු යම් ස්ත්‍රියක් කෙරෙහි දැඩිසේ සිත් බැඳගත්තේ ද ඒ ස්ත්‍රිය ද ඒ නැවෙන්ම ස්වර්ණ භූමියට යමින් සිටියාය. ඉක්බිති ඒ විමාන ප්‍රේතයා අදාළ ස්ත්‍රිය ගනු කැමතිව නැවේ ගමන නතර කළේය. අනතුරු වෙළෙන්දෝ කවර හෙයින් අපගේ නැව නැවතුනේදැයි සිතා බලන්නේ කාලකණ්ණියා සොයා ගැනීමට කුසපත් ඇද්දේය. අමනුෂ්‍යයාගේ සෘද්ධි ශක්තියෙන් තුන් වරක්ම ඒ කාලකණ්ණි සලාකපත ඔහු විසින් පිළිබඳ සිත් බැඳි ස්ත්‍රිය වෙතම පැමිණියේය. ඒ දුටු වෙළෙන්දෝ හුණමිටියක් මුහුදට දමා ඒ මත්තට ස්ත්‍රිය බැස්සුවාය. ස්ත්‍රිය හුණ කලාපය මතු පිටට බැස්ස වූ කෙණෙහිම නැව ස්වර්ණ භූමිය කරා වේගයෙන් ගමන් කෙළේය. විමාන ප්‍රේතයා ඒ ස්ත්‍රිය තමන්ගේ විමානයට ගෙනගොස් ඇය සමග ජීවත්වූහ.
සා එකං සංවච්ඡරං අතික්කමිත්වා නිබ්බින්නරූපා තං පෙතං යාචන්තී ආහ – “අහං ඉධ වසන්තී මය්හං සම්පරායිකං අත්ථං කාතුං න ලභාමි, සාධු, මාරිස, මං පාටලිපුත්තමෙව නෙහී”ති. සො තාය යාචිතො –
ඈ එක් අවුරුද්දක් ඔහු සමග ජීවත්වී කළකිරුණු සිතින් යුතුව ඒ විමාන ප්‍රේතයා යදිමින් මෙසේ කීවාය. මා මෙහි වසන්නී මගේ පරළොව ගමන සඳහා පිනක් දහමක් කර ගැනිමට මම අවකාශ නොලබමි. එබැවින් මා පැළලුප් නුවරට පමුණුවව. ඕතොමෝ මෙසේ ආයාචනා කරන ලද්දී, විමාන ප්‍රේතයා ඇයට,
“දිට්ඨා තයා නිරයා තිරච්ඡානයොනි, පෙතා අසුරා අථවාපි මානුසා දෙවා; සයමද්දස කම්මවිපාකමත්තනො, නෙස්සාමි තං පාටලිපුත්තමක්ඛතං;
තී විසින් නිරයෝ ද, තිරිසන්යෝනීහු ද, ප්‍රේතයෝ ද අසුරයෝ ද යළි මිනිස්සු ද දෙවියෝ ද දක්නා ලදී. තමාගේ කර්ම විපාක තෙමේම දුටුවෙහිය. තී කිසිකෙනෙකු විසින් නො දක්නා ලෙස පැළලුප් නුවරට ගෙන යමි.
තත්ථ ගන්ත්වා කුසලං කරොහි කම්ම”න්ති. –
එහිදී කුසල් දහම්හි හැසිරෙව යනුවෙන් කීවේය.
ගාථමාහ. තත්ථ දිට්ඨා තයා නිරයාති එකච්චෙ පච්චෙකනිරයාපි තයා දිට්ඨා. තිරච්ඡානයොනීති මහානුභාවා නාගසුපණ්ණාදිතිරච්ඡානාපි දිට්ඨා තයාති යොජනා. පෙතාති ඛුප්පිපාසාදිභෙදා පෙතා. අසුරාති කාලකඤ්චිකාදිභෙදා අසුරා. දෙවාති එකච්චෙ චාතුමහාරාජිකා දෙවා. සො කිර අත්තනො ආනුභාවෙන අන්තරන්තරා තං ගහෙත්වා පච්චෙකනිරයාදිකෙ දස්සෙන්තො විචරති, තෙන එවමාහ. සයමද්දස කම්මවිපාකමත්තනොති නිරයාදිකෙ විසෙසතො ගන්ත්වා පස්සන්තී සයමෙව අත්තනා කතකම්මානං විපාකං පච්චක්ඛතො අද්දස අදක්ඛි. නෙස්සාමි තං පාටලිපුත්තමක්ඛතන්ති ඉදානාහං තං අක්ඛතං කෙනචි අපරික්ඛතං මනුස්සරූපෙනෙව පාටලිපුත්තං නයිස්සාමි. ත්වං පන තත්ථ ගන්ත්වා කුසලං කරොහි කම්මං, කම්මවිපාකස්ස පච්චක්ඛතො දිට්ඨත්තා යුත්තපයුත්තා පුඤ්ඤනිරතා හොහීති අත්ථො.
එහි දිට්ඨා තයා නිරයා - තී විසින් එක් පසෙක නිරය දකින ලදී. තිරච්ඡා න යොනි - යනු මහත් අනුහස් ඇති නාග සුපර්ණ ආදී තිරිසන් සත්ත්වයෝ ද තී විසින් දක්නා ලදී. පෙතා යනු සා පිපාසාදී දෙයින් දුක්විදින්නා වූ ප්‍රේතයෝ ද, අසුරා - යනු කාල කඤ්ජක ආදී භේදවලින් යුත් අසුරයෝ, දෙවා - යනු එක් පසෙක චාතුර්මහාරාජික දෙව්වරු ද දක්නා ලදී. ඒ විමාන ප්‍රේත තෙමේ තමන්ගේ ආනුභාවයෙන් අතරතුර ඇය කැඳවා ගෙන ගොස් ප්රත්යෙක නිරයාදිය පෙන්වමින් හැසිරුණේය. එහෙයින් මෙය කීය. සය මද්දස කම්මවිපාක මත්තනො - යනු නිරයාදී තැන්වල විශේෂයෙන් ගොස්, තම තමන් විසින් කරන ලද කර්මයන්ගේ විපාක තමන් විසින්ම විදින අන්දම ප්රත්යක්ෂයෙන් දුටුවේය. නෙස්සාමි තං පාටලිපුත්ත මක්ඛතං - යනු දැන් මම කිසි කෙනෙකුට නො පෙනෙන පරිදි මනුෂ්‍ය රූපයෙන්ම පැළලුප් නුවරට ගිහින් ඇරලමි. ඔබ වනාහි ගනත්වා ගොස් කුසලං කරොහි කම්මං - යනු කර්මයන්ගේ විපාක ඔබ ඇස් දෙකින්ම ප්රත්යක්ෂ වශයෙන්ම දක්නා ලද හෙයින් යුක්තියෙහි පිහිටා කුසල ධර්මයන්හි ඇලෙනු මැනවි යන අර්ථයයි.
අථ සා ඉත්ථී තස්ස වචනං සුත්වා අත්තමනා –
ඉක්බිති ඒ ස්ත්‍රීය ඔහුගේ වචන අසා තමන් විසින් මෙසේ කියන ලදී.
“අත්ථකාමොසි මෙ යක්ඛ, හිතකාමොසි දෙවතෙ; කරොමි තුය්හං වචනං, ත්වංසි ආචරියො මම.
යක්ෂය! ඔබ මට වැඩි කැමැත්තේ වෙහි, දෙවිය ඔබ මට හිත කැමැත්තේ වෙහි. ඔබගේ වචන අනුව මම කටයුතු කරමි. ඔබ මගේ ගුරුවරයා වන්නෙහිය.
“දිට්ඨා මයා නිරයා තිරච්ඡානයොනි, පෙතා අසුරා අථවාපි මානුසා දෙවා; සයමද්දසං කම්මවිපාකමත්තනො, කාහාමි පුඤ්ඤානි අනප්පකානී”ති. –
මා විසින් නිරයෝ ද තිරිසන් ගත සත්ත්වයෝ ද, ප්‍රේතයෝ ද, අසුරයෝ ද, නැවත දෙවියෝ ද දක්නා ලද්දෙමි. තමන් විසින් කරන ලද පින් පව්වල විපාක තමන් විසින්ම විඳින අන්දම දුටුමි. එහෙයින් මම බොහෝ කුසල කර්මයන් කරමි.
ගාථමාහ.
අථ සො පෙතො තං ඉත්ථිං ගහෙත්වා ආකාසෙන ගන්ත්වා පාටලිපුත්තනගරස්ස මජ්ඣෙ ඨපෙත්වා පක්කාමි. අථස්සා ඤාතිමිත්තාදයො තං දිස්වා “මයං පුබ්බෙ සමුද්දෙ පක්ඛිත්තා මතාති අස්සුම්හ. සා අයං දිට්ඨා වත, භො, සොත්ථිනා ආගතා”ති අභිනන්දමානා සමාගන්ත්වා තස්සා පවත්තිං පුච්ඡිංසු. සා තෙසං ආදිතො පට්ඨාය අත්තනා දිට්ඨං අනුභූතඤ්ච සබ්බං කථෙසි. සාවත්ථිවාසිනොපි ඛො තෙ වාණිජා අනුක්කමෙන සාවත්ථිං උපගතකාලෙ සත්ථු සන්තිකං උපසඞ්කමිත්වා වන්දිත්වා එකමන්තං නිසින්නා තං පවත්තිං භගවතො ආරොචෙසුං. භගවා තමත්ථං අට්ඨුප්පත්තිං කත්වා චතුන්නං පරිසානං ධම්මං දෙසෙසි. තං සුත්වා මහාජනො සංවෙගජාතො දානාදිකුසලධම්මනිරතො අහොසීති.
ඉක්බිති ඒ ප්‍රේත තෙමේ ඒ ස්ත්‍රිය ගෙන අහසින් ගොස් පැළලුප් නුවර මැද සිටුවා ගියේය. ඉක්බිති ඇගේ ඤාති මිත්රාදීහු ඇය දැක අපි පෙර ඔබ මුහුදේ දමන ලදුව මළේ යයි ඇසුවෙමු. ඒ ඔබ සුවසේ ආපසු පැමිණ දැකීමෙන් ඉතා සතුටට පත්වීමුයි කැදවා රැස් වී ඇගේ ප්‍රවෘත්තිය විචාළේය. ඕ ඔවුන්ට මුල පටන් තමන් දුටු දේ ද, අනුභව කළ සම්පත් ද ආදී සියල්ල කීවාය. සැවැත්නුවර වැසි ඒ වෙළෙන්දෝ පිළිවෙළින් පැමිණි කල්හි ශාස්තෲන් වහන්සේ සමීපයට එළඹ වැඳ එකත්පස්ව සිටිමින් ඒ ප්‍රවෘත්තිය භාග්‍යවතුන් වහන්සේට සැළකළෝය. භාග්‍යවතුන් වහන්සේ ඒ කාරණය අර්ථෝත්පත්ති කොට ගෙන මේ ධර්ම දේශනාව කළේය. ඒ අසා මහාජනයා සංවේගයට පත්වූයේ දානාදී කුසල ධර්මයන්හි නියැලුනෝ වූහ.
පාටලිපුත්තපෙතවත්ථුවණ්ණනා නිට්ඨිතා.
පැළලුප් නුවර ප්‍රේතවස්තු වර්ණනාව නිමියේය.
12. අම්බවනපෙතවත්ථුවණ්ණනා
12. පොක්ඛරණී ප්‍රෙතවස්තු වර්ණනාව
අයඤ්ච තෙ පොක්ඛරණී සුරම්මාති ඉදං සත්ථරි සාවත්ථියං විහරන්තෙ අම්බපෙතං ආරබ්භ වුත්තං . සාවත්ථියං කිර අඤ්ඤතරො ගහපති පරික්ඛීණභොගො අහොසි. තස්ස භරියා කාලමකාසි, එකා ධීතායෙව හොති. සො තං අත්තනො මිත්තස්ස ගෙහෙ ඨපෙත්වා ඉණවසෙන ගහිතෙන කහාපණසතෙන භණ්ඩං ගහෙත්වා සත්ථෙන සද්ධිං වණිජ්ජාය ගතො, න චිරෙනෙව මූලෙන සහ උදයභූතානි පඤ්ච කහාපණසතානි ලභිත්වා සත්ථෙන සහ පටිනිවත්ති. අන්තරාමග්ගෙ චොරා පරියුට්ඨාය සත්ථං පාපුණිංසු, සත්ථිකා ඉතො චිතො ච පලායිංසු. සො පන ගහපති අඤ්ඤතරස්මිං ගච්ඡෙ කහාපණෙ නික්ඛිපිත්වා අවිදූරෙ නිලීයි. චොරා තං ගහෙත්වා ජීවිතා වොරොපෙසුං. සො ධනලොභෙන තත්ථෙව පෙතො හුත්වා නිබ්බත්ති.
“අයඤ්ච තෙ පොක්ඛරණී සුරම්මා” යන මේ ප්‍රේත වස්තු කථාව ශාස්තෲන් වහන්සේ සැවත් නුවර වැඩ වසද්දී අම්බ ප්‍රේතයා අරභයා වදාළහ. සැවැත්නුවර පිරිහීගිය සම්පත් ඇති එක්තරා ගෘහපතියෙක් සිටියේය. ඔහුගේ බිරිද කළුරිය කළාය. එකම දියණියක් ඔවුන්ට සිටියාය. ඒ ගෘහපතියා තමන්ගේ මිතුරෙකුගේ ගෙදර දියණිය නවත්වා ණය වශයෙන් ගත් කහවණු සියයකින් බඩු රැගෙන වෙළඳුන් සමග වෙළදාමේ ගියේ, ටික දිනකින් මුල් මුදල ද, ලාභ වශයෙන් කහවණු පන්සියයක් ද ලැබ වෙළද සමූහයා සමග නැවත සිය ගමට පැමිණියේය. අතරමග දී සොර මුළක් වෙළඳුන් මැඩගෙන පැමිණියාහුය. වෙළෙන්දෝ ඔබ මොබ පලාගියහ. ඒ ගෘහපතියා එක්තරා ගසෙක කහවණු සඟවා තබා අඳුරෙහි සැඟවිණි. සොරු ඔහු අල්ලා මැරීය. හෙතෙම ධනාශාවෙන් එහිම ප්‍රේතයෙක්ව උපන්නේය.
වාණිජා සාවත්ථිං ගන්ත්වා තස්ස ධීතුයා තං පවත්තිං ආරොචෙසුං. සා පිතු මරණෙන ආජීවිකාභයෙන ච අතිවිය සඤ්ජාතදොමනස්සා බාළ්හං පරිදෙවි. අථ නං සො පිතු සහායො කුටුම්බිකො “යථා නාම කුලාලභාජනං සබ්බං භෙදනපරියන්තං, එවමෙව සත්තානං ජීවිතං භෙදනපරියන්තං. මරණං නාම සබ්බසාධාරණං අප්පටිකාරඤ්ච, තස්මා මා ත්වං පිතරි අතිබාළ්හං සොචි, මා පරිදෙවි, අහං තෙ පිතා, ත්වං මය්හං ධීතා, අහං තව පිතු කිච්චං කරොමි, ත්වං පිතුනො ගෙහෙ විය ඉමස්මිං ගෙහෙ අවිමනා අභිරමස්සූ”ති වත්වා සමස්සාසෙසි. සා තස්ස වචනෙන පටිප්පස්සද්ධසොකා පිතරි විය තස්මිං සඤ්ජාතගාරවබහුමානා අත්තනො කපණභාවෙන තස්ස වෙය්යාවච්චකාරිනී හුත්වා වත්තමානා පිතරං උද්දිස්ස මතකිච්චං කාතුකාමා යාගුං පචිත්වා මනොසිලාවණ්ණානි සුපරිපක්කානි මධුරානි අම්බඵලානි කංසපාතියං ඨපෙත්වා යාගුං අම්බඵලානි ච දාසියා ගාහාපෙත්වා විහාරං ගන්ත්වා සත්ථාරං වන්දිත්වා එවමාහ – “භගවා මය්හං දක්ඛිණාය පටිග්ගහණෙන අනුග්ගහං කරොථා”ති. සත්ථා මහාකරුණාය සඤ්චොදිතමානසො තස්සා මනොරථං පූරෙන්තො නිසජ්ජාකාරං දස්සෙසි. සා හට්ඨතුට්ඨා පඤ්ඤත්තවරබුද්ධාසනෙ අත්තනා උපනීතං සුවිසුද්ධවත්ථං අත්ථරිත්වා අදාසි, නිසීදි භගවා පඤ්ඤත්තෙ ආසනෙ.
වෙළෙන්දෝ සැවැත් නුවරට ගොස් ඔහුගේ දියණියට ඒ ප්‍රවෘත්තිය කීහ. ඕ තොමෝ පියාගේ මරණයෙන් හා මතු ජීවත්වීමේ බියෙන් බලවත් ලෙස හටගත් කණගාටුවෙන් දැඩි සේ හැඬුවාය. ඉක්බිති ඇගේ පියාගේ යහළු කෙළඹියෙක් “යම් සේ කුඹලෙකු විසින් තනන මැටි භාණ්ඩ සියල්ල බිඳීමෙන් අවසන් වන්නේ ද? එමෙන්ම සත්ත්වයාගේ ජීවිතය ද බිඳීම මරණයෙන් අවසන් වේ. මරණය සර්ව සාධාරණයි. වැළැක්විය නො හැක්කේය. එබැවින් ඔබේ පියා මළ කල්හි ඉතා දැඩි සේ ශෝක නොකරව, නොවැළපෙනු මැනව මම තිගේ පියා වෙමි. තී මගේ දුවයි. මම තී කෙරෙහි පියාගේ යුතුකම් ඉටුකරමි. ඔබ තාත්තාගේ ගෙදරදී මෙන්ම මේ ගෙදර අමුතුකොට නොසිතා සිත් අලවා වසවයි කියා අස්වැසීය. ඕ තොමෝ ඔහුගේ වචනයෙන් සන්සිඳුණු ශෝක ඇතිව, පියා කෙරෙහි මෙන් ගෞරව පුර්වකව වතාවත් කරන්නී තමන්ගේ දුගී බැවින් ඔහුට වතාවත් කරන්නීව සිට, මිය ගිය පියා උදෙසා මතකදන් (ප්‍රේත කෘත්‍යය) දෙනු කැමතිව, කැඳ පිස සිරියෙල් පැහැය ඇති ඉදුණු අඹගෙඩි රං තැටියක තබාගෙන කැඳ සහ අඹ දාසියක ලවා ගෙන්වාගෙන විහාරයට ගොස් ශාස්තෲන් වහන්සේ වැඳ මෙසේ කීවාය. භාග්‍යවතුන් වහන්ස! මාගේ දක්ෂිණාව පිළිගෙන මා කෙරෙහි අනුකම්පා කරනු මැනැව, ශාස්තෲන් වහන්සේ මහා කරුණාවෙන් හටගත් සිත් ඇතිව ඇගේ අදහස් මුදුන්පත් කරමින් හිඳිනාකාර දැක්වීය. ඕ තොමෝ තුටු පහටු සිත් ඇතිව පණවන ලද බුද්ධාසනයෙහි වැඩහුන් බුදුන්ට, තමන් විසින් ගෙන එන ලද පිරිසිදු වස්ත්‍රය අතට දුන්නාය. පණවන ලද අසුනෙහි බුදුහු වැඩ උන්හ.
අථ සා භගවතො යාගුං උපනාමෙසි, පටිග්ගහෙසි භගවා යාගුං. අථ සඞ්ඝං උද්දිස්ස භික්ඛූනම්පි යාගුං දත්වා පුන ධොතහත්ථා අම්බඵලානි භගවතො උපනාමෙසි, භගවා තානි පරිභුඤ්ජි. සා භගවන්තං වන්දිත්වා එවමාහ – “යා මෙ, භන්තෙ, පච්චත්ථරණයාගුඅම්බඵලදානවසෙන පවත්තා දක්ඛිණා, සා මෙ පිතරං පාපුණාතූ”ති. භගවා “එවං හොතූ”ති වත්වා අනුමොදනං අකාසි. සා භගවන්තං වන්දිත්වා පදක්ඛිණං කත්වා පක්කාමි. තාය දක්ඛිණාය සමුද්දිට්ඨමත්තාය සො පෙතො අම්බවනඋය්යානවිමානකප්පරුක්ඛපොක්ඛරණියො මහතිඤ්ච දිබ්බසම්පත්තිං පටිලභි.
ඕ තොමෝ බුදුන්ට කැඳ පිළිගැන්වීය. භාග්‍යවතුන් වහන්සේ කැඳ පිළිගත් සේක. ඉක්බිති සඞ්ඝයා වෙත කැඳ පිළිගැන්වීය. කැඳ පුදා නැවත දෙ අත් සෝදා අඹගෙඩි බුදුන්ට පිළිගැන්වීය. භාග්‍යවතුන් වහන්සේ අඹ වැළදූහ. ඕ භාග්‍යවතුන් වහන්සේට වැඳ මෙසේ කීවාය. ස්වාමීනි! මා විසින් මේ කරන ලද, පසතුරණ, කැඳ හා අඹ පිළිගැන්වීම් වසයෙන් වූ දානමය පින්කමේ පිං මගේ මියගිය පියා වෙනුවෙන් අනුමෝදන් කරනු මැනවි, උදෙසාවා, භාග්‍යවතුන් වහන්සේ එසේ වේවායි පවසා පින් අනුමෝදන් කළේය. ඕ භාග්‍යවතුන් වැඳ පැදකුණු කොට ආපසු ගියාය. ඇය විසින් දක්ෂිණාව දුන් කෙණෙහිම ඒ ප්‍රේතයා අඹ උයන් විමාන, පොකුණු ආදිය හා මහත් දිව්‍ය සම්පත් ලදහ.
අථ තෙ වාණිජා අපරෙන සමයෙන වණිජ්ජාය ගච්ඡන්තා තමෙව මග්ගං පටිපන්නා පුබ්බෙ වසිතට්ඨානෙ එකරත්තිං වාසං කප්පෙසුං. තෙ දිස්වා සො විමානපෙතො උය්යානවිමානාදීහි සද්ධිං තෙසං අත්තානං දස්සෙසි. තෙ වාණිජා තං දිස්වා තෙන ලද්ධසම්පත්තිං පුච්ඡන්තා –
ඉක්බිති ඒ වෙළෙන්දෝ ඉන්මතු දවසෙක වෙළඳාමෙහි යන්නේ ඒ මගට සේන්දු වූයේ පෙර විසු තැනම එක් රාත්‍රියක් ගෙවූහ. ඒ දුටු ඒ විමාන ප්‍රේතයා උයන්, විමන් සමග තමන් ඔවුන්ට දැක්වීය. ඒ වෙළෙන්දෝ එය දැක ඒ ලත් සම්පත්තීන් පිළිබඳව විමසන්නේ, මේ ගාථා දෙක කීහ.
“අයඤ්ච තෙ පොක්ඛරණී සුරම්මා, සමා සුතිත්ථා ච මහොදකා ච; සුපුප්ඵිතා භමරගණානුකිණ්ණා, කථං තයා ලද්ධා අයං මනුඤ්ඤා.
ඔබගේ මේ පොකුණු ඉතා රමණීය වේ. සමතලා මනා තොටුපළ ඇත්තේ ද පිරුණු දිය ඇත්තේ ද, පිපුණු මල් ඇත්තේ ද වේ. බඹර සමූහයා විසින් නිතර ගැවසී ගත්තේය. ඔබ විසින් මේ මනරම් පොකුණ කෙසේ ලබන ලද්දේ.
“ඉදඤ්ච තෙ අම්බවනං සුරම්මං, සබ්බොතුකං ධාරයතෙ ඵලානි; සුපුප්ඵිතං භමරගණානුකිණ්ණං, කථං තයා ලද්ධමිදං විමාන”න්ති. –
ඔබගේ මේ අඹ උයන ඉතා සිත්කළු වේ. සියලු සතුන්ට සුව එළවන අතර, ඵල දරයි. මනාව පිපුණු මල් ඇත්තේ බඹර සමූහයා පිරිවරණ ලද්දේ වෙයි. මේ විමන හා උයන ඔබ කෙසේ ලබන ලද්දේ ද?
ඉමා ද්වෙ ගාථා අවොචුං.
තත්ථ සුරම්මාති සුට්ඨු රමණීයා. සමාති සමතලා. සුතිත්ථාති රතනමයසොපානතාය සුන්දරතිත්ථා. මහොදකාති බහුජලා.
එහි සුරම්මා - යනු විශේෂයෙන් මැනවින් සිත් අලවන්නේය. සමා - යනු උස් මිටි නැතිව සමතලා වූ, සුපතිත්ථා යනු රුවන්මය හිණි පෙළ ඇති යහපත් වූ තොටුපළ මහොදකා - යනු නිතර පිරුණු ජලය,
සබ්බොතුකන්ති පුප්ඵූපගඵලූපගරුක්ඛාදීහි සබ්බෙසු උතූසු සුඛාවහං. තෙනාහ “ධාරයතෙ ඵලානී”ති. සුපුප්ඵිතන්ති නිච්චං සුපුප්ඵිතං.
සබ්බොතුකං - යනු මල් සමූහයෙන් ගෙඩි සමූහයෙන් ද පිරුණ ගස් වැල් නිසා, සෑම සෘතුවකදීම සුව එළවන එහෙයින් කීය. ධාරයතෙ ඵලානී ඵල දරයි. පුප්ඵිතං යනු නිරන්තරයෙන් පිපුණු මල් ඇත්තේය.
තං සුත්වා පෙතො පොක්ඛරණිආදීනං පටිලාභකාරණං ආචික්ඛන්තො –
ප්‍රේත තෙමේ ඒ අසා පොකුණ ආදී ප්‍රතිලාභයක් ලැබුණු ආකාරය දක්වමින් මේ ගාථාව කීහ.
“අම්බපක්කං දකං යාගු, සීතච්ඡායා මනොරමා; ධීතාය දින්නදානෙන, තෙන මෙ ඉධ ලබ්භතී”ති. –
මගේ දුව විසින් (බුදුන්ට) ඉදුණු අඹ හා පැන් ද කැඳ ද දන් දෙන ලද හේතුවෙන්, සිත්කළු වූ සිහිල් සෙවණ ද උයන් වතු ද මට ලැබිණ.
ගාථමාහ. තත්ථ තෙන මෙ ඉධ ලබ්භතීති යං තං භගවතො භික්ඛූනඤ්ච අම්බපක්කං උදකං යාගුඤ්ච මමං උද්දිස්ස දෙන්තියා මය්හං ධීතාය දින්නං දානං, තෙන මෙ ධීතාය දින්නදානෙන ඉධ ඉමස්මිං දිබ්බෙ අම්බවනෙ සබ්බොතුකං අම්බපක්කං, ඉමිස්සා දිබ්බාය මනුඤ්ඤාය පොක්ඛරණියා දිබ්බං උදකං, යාගුයා අත්ථරණස්ස ච දානෙන උය්යානවිමානකප්පරුක්ඛාදීසු සීතච්ඡායා මනොරමා ඉධ ලබ්භති, සමිජ්ඣතීති අත්ථො.
තෙන මෙ ඉධ ලබ්හති - යනු යම් හෙයකින් බුදුන් ප්රමුඛ භික්ෂු සංඝයාට ඉදුණු අඹ ද, පැන් ද කැඳ ද, මා උදෙසා මගේ දියනිය විසින් දානයක් දෙන ලදී. ඒ දුව විසින් දෙන ලද දානයේ විපාකයෙන් මෙහි මේ දිව්‍යමය වූ අඹ වනයෙහි සියලු ඍතු වලදීම අඹගෙඩි ද, මේ දිව්‍ය පොකුණ හා දිව පැන් ද, කැඳ හා පසතුරුණු දානයෙන් උයන් විමාන කප්රුක් මනරම් වූ සිහිල් සෙවණ ආදිය ලැබුණේය යන අර්ථයි.
එවඤ්ච පන වත්වා සො පෙතො තෙ වාණිජෙ නෙත්වා තානි පඤ්ච කහාපණසතානි දස්සෙත්වා “ඉතො උපඩ්ඪං තුම්හෙ ගණ්හථ, උපඩ්ඪං මයා ගහිතං ඉණං සොධෙත්වා සුඛෙන ජීවතූති මය්හං ධීතාය දෙථා”ති ආහ. වාණිජා අනුක්කමෙන සාවත්ථිං පත්වා තස්ස ධීතාය කථෙත්වා තෙන අත්තනො දින්නභාගම්පි තස්සා එව අදංසු. සා කහාපණසතං ධනිකානං දත්වා ඉතරං අත්තනො පිතු සහායස්ස තස්ස කුටුම්බිකස්ස දත්වා සයං වෙය්යාවච්චං කරොන්ති නිවසති. සො “ඉදං සබ්බං තුය්හංයෙව හොතූ”ති තස්සායෙව පටිදත්වා තං අත්තනො ජෙට්ඨපුත්තස්ස ඝරසාමිනිං අකාසි.
මෙසේ ද කියා ඒ විමාන ප්‍රේත තෙමේ ඒ වෙළදුන් (පමුණුවා) ගෙන්වා, පන්සියයක් කහවණු දක්වා මෙයින් භාගයක් තෙපි ගනිවු භාගයක් මාගත් ණය ගෙවා සුවසේ ජීවත් වන්නැයි මගේ දුවට දෙනු මැනවියි කීයේය. වෙළෙන්දෝ පිළිවෙළින් සැවැත්නුවරට පැමිණ, ඔහුගේ දියණියට කථාකොට ඔහු විසින් තමන්ට දුන් භාගය ද ඇයටම දුන්නාහුය. තොමෝ කහවණු සියයක් ණයකරුවන්ට දී ඉතිරිය තමාගේ පිතු සහායක වූ කෙළෙඹියාට දී තෙමේ වතාවත් කරගෙන සිටී. හෙතෙමේ මේ සියල්ල තොපටම වේවායි ඈටම ඒ කහවණු දී, තමාගේ වැඩිමල් පුතාගෙ ස්වාමිදුව කළේය.
සා ගච්ඡන්තෙ කාලෙ එකං පුත්තං ලභිත්වා තං උපලාලෙන්තී –
ඕ තොමෝ පසු කලෙක එක් පුතෙකු ලැබ ඔහු නලවමින් -
“සන්දිට්ඨිකං කම්මං එවං පස්සථ, දානස්ස දමස්ස සංයමස්ස විපාකං; දාසී අහං අය්යකුලෙසු හුත්වා, සුණිසා හොමි අගාරස්ස ඉස්සරා”ති. –
දන් දීමෙහි ද, දැමුණු බවෙහි, (කීකරු කමෙහි) ද, සීල සංයමයේ ද සාන්දෘෂ්ටික වූ කර්ම විපාකය බලව, මම ස්වාමීන්ගේ ගෙදර දාසියක් වී සිට නැවත යෙහෙළණියක් වී අද ස්වාමී දුව ද වීමි
ඉමං ගාථං වදති.
යන මේ කීවාය.
අථෙකදිවසං සත්ථා තස්සා ඤාණපරිපාකං ඔලොකෙත්වා ඔභාසං ඵරිත්වා සම්මුඛෙ ඨිතො විය අත්තානං දස්සෙත්වා –
ඉක්බිති එක් දවසක් ශාස්තෲන් වහන්සේ, ඇගේ මුහුකුරා ගිය නුවණ දැක ආලෝකය විහිදුවා ළඟ සිටියාක් මෙන් තමන් දක්වා ඇයට
“අසාතං සාතරූපෙන, පියරූපෙන අප්පියං; දුක්ඛං සුඛස්ස රූපෙන, පමත්තං අතිවත්තතී”ති. (උදා· 18; ජා· 1.1.100) –
සැප ස්වභාවයෙන් නොසැපය ද, ප්‍රිය ස්වභාවයෙන් අප්‍රිය ද සුඛ ස්වභාවයෙන් දුක ද ප්‍රමාද වූ පුද්ගලා යටපත් කරයි
ඉමං ගාථමාහ. සා ගාථාපරියොසානෙ සොතාපත්තිඵලෙ පතිට්ඨිතා. සා දුතියදිවසෙ බුද්ධප්පමුඛස්ස භික්ඛුසඞ්ඝස්ස දානං දත්වා තං පවත්තිං භගවතො ආරොචෙසි. භගවා තමත්ථං අට්ඨුප්පත්තිං කත්වා සම්පත්තපරිසාය ධම්මං දෙසෙසි. සා දෙසනා මහාජනස්ස සාත්ථිකා අහොසීති.
යන ගාථාව වදාළහ. ගාථාවගේ කෙලවර ඕතොමෝ සෝවාන් ඵලයෙහි පිහිටියාය. ඕ තොමෝ දෙවන දවසේ බුද්ධ ප්රමුඛ භික්ෂු සංඝයාට දන් දී මේ සියලු පුවත් භාග්‍යවතුන් වහන්සේට කියා සිටියේය. භාග්‍යවතුන් වහන්සේ ඒ කාරණය හේතුකොට ගෙන අරමුණු කොට ගෙන පැමිණ සිටි පිරිසට ධර්මය දේශනා කළහ. ඒ දේශනා තොමෝ මහජනයාට සාර්ථක වූයේය.
අම්බවනපෙතවත්ථුවණ්ණනා නිට්ඨිතා.
අම්බ ප්‍රේත වස්තු වර්ණනාව නිමියේය.
13. අක්ඛරුක්ඛපෙතවත්ථුවණ්ණනා
13. අම්බරුක්ඛ ප්‍රෙතවස්තු වර්ණනාව
යං දදාති න තං හොතීති ඉදං අක්ඛදායකපෙතවත්ථු. තස්ස කා උප්පත්ති? භගවති සාවත්ථියං විහරන්තෙ අඤ්ඤතරො සාවත්ථිවාසී උපාසකො සකටෙහි භණ්ඩස්ස පූරෙත්වා වණිජ්ජාය විදෙසං ගන්ත්වා තත්ථ අත්තනො භණ්ඩං වික්කිණිත්වා පටිභණ්ඩං සකටෙසු ආරොපෙත්වා සාවත්ථිං උද්දිස්ස මග්ගං පටිපජ්ජි. තස්ස මග්ගං ගච්ඡන්තස්ස අටවියං එකස්ස සකටස්ස අක්ඛො භිජ්ජි. අථ අඤ්ඤතරො පුරිසො රුක්ඛගහණත්ථං කුඨාරිඵරසුං ගාහාපෙත්වා අත්තනො ගාමතො නික්ඛමිත්වා අරඤ්ඤෙ විචරන්තො තං ඨානං පත්වා තං උපාසකං අක්ඛභඤ්ජනෙන දොමනස්සප්පත්තං දිස්වා “අයං වාණිජො අක්ඛභඤ්ජනෙන අටවියං කිලමතී”ති අනුකම්පං උපාදාය රුක්ඛදණ්ඩං ඡින්දිත්වා දළ්හං අක්ඛං කත්වා සකටෙ යොජෙත්වා අදාසි.
“යං දදාති න තං හොති” ආදී වූ මෙය අක්ඛදායක ප්‍රේතයාගේ කථා වස්තුවයි. කවරෙකු නිසා මෙය උපන්නේ ද? භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර ජේතවන විහාරයේ වැඩ වසන සමයෙහි සැවැත්නුවර වාසී එක්තරා උපාසකයෙක් ගැල භාණ්ඩ පුරවාගෙන ආපසු සැවැත් නුවරට පැමිණීම සදහා කරත්තයට නැගී මාර්ගයට අවතීර්ණ විය. ඔහු මාර්ගයේ ගමන් කරමින් එනවිට අතරමග දී එක් කරත්තයක අලවංගුව බිදිණ. එකල්හි එක්තරා පුරුෂයෙක් ගසක් කපා ගැනීම සඳහා පොරවක් ද අත්පොරවක් ද රැගෙන තම ගමින් නික්ම වනයෙහි හැසිරෙන්නේ, ගැල බිඳුනු තැනට පැමිණ, අලවංගුව බිඳීයාම නිසා දොම්නසට පැමිණිසිටි වෙළෙන්දා දැක, මේ වෙළෙන්දා සිය ගැල බිඳීම නිසා යාමට නො හැකිව වනයේම ක්ලාන්ත වේ යයි අනුකම්පා කොට ගසක අත්තක් කපා අලවංගුවක් තනා කරත්තය තනා දුන්නේය.
සො අපරෙන සමයෙන කාලං කත්වා තස්මිංයෙව අටවිපදෙසෙ භුම්මදෙවතා හුත්වා නිබ්බත්තො. අත්තනො කම්මං පච්චවෙක්ඛිත්වා රත්තියං තස්ස උපාසකස්ස ගෙහං ගන්ත්වා ගෙහද්වාරෙ ඨත්වා –
හෙතෙම ඉන්පසු මෑත කාලයේ කළුරිය කොට ඒ වනයේම භූම්‍යස්ථ දෙවියෙකුව උපන්නේය. ඔහු තමා විසින් කරන ලද කර්ම සිහිනුවණින් සලකා බලන්නේ, රාත්‍රියෙහි යටකී උපාසක වෙළෙන්දගේ ගෙට ගොස් ගේ දොරකඩ සිට මේ ගාථාව කීහ.
“යං දදාති න තං හොති, දෙථෙව දානං දත්වා උභයං තරති; උභයං තෙන දානෙන ගච්ඡති, ජාගරථ මා පමජ්ජථා”ති. –
යම් දාන වස්තුවක් දේ ද එයම නොවේ. (වැඩියක්ම) දෙන්නේමය එසේ දී දෙලොව දුකින් එතෙර වෙයි. ඒ දාන හේතුවෙන් දෙලොව සැපතට පැමිණේ. පුබුදුවව, පින්කම්හි පමා නොවෙව.
ගාථමාහ. තත්ථ යං දදාති න තං හොතීති යං දෙය්යධම්මං දායකො දෙති, න තදෙව පරලොකෙ තස්ස දානස්ස ඵලභාවෙන හොති, අථ ඛො අඤ්ඤං බහුං ඉට්ඨං කන්තං ඵලං හොතියෙව. තස්මා දෙථෙව දානන්ති යථා තථා දානං දෙථ එව. තත්ථ කාරණමාහ “දත්වා උභයං තරතී”ති , දානං දත්වා දිට්ඨධම්මිකම්පි සම්පරායිකම්පි දුක්ඛං අනත්ථඤ්ච අතික්කමති. උභයං තෙන දානෙන ගච්ඡතීති දිට්ඨධම්මිකං සම්පරායිකඤ්චාති උභයම්පි සුඛං තෙන දානෙන උපගච්ඡති පාපුණාති, අත්තනො පරෙසඤ්ච හිතසුඛවසෙනාපි අයමත්ථො යොජෙතබ්බො. ජාගරථ මා පමජ්ජථාති එවං උභයානත්ථනිවාරණං උභයහිතසාධනං දානං සම්පාදෙතුං ජාගරථ, දානූපකරණානි සජ්ජෙත්වා තත්ථ ච අප්පමත්තා හොථාති අත්ථො. ආදරදස්සනත්ථං චෙත්ථ ආමෙඩිතවසෙන වුත්තං.
එහි - යං දදාති න තං හොති - යම් දෙය්ය ධර්මයක් දානවස්තුවක් දෙයි ද විපාක දෙන්නේ ඒ දෙයම නොවේ. තවත් බොහෝ දේ මනාප දේ, සිතට ප්‍රිය වූ දේ, සිත් අලවන දේ, විපාක වශයෙන් ලැබෙන්නේමය. එහෙයින් දෙථෙවදානං - කැමති වූ පරිද්දෙකින් දන් දිය යුත්තේමය. එයට කරුණු මෙසේ කියමි. දත්වා උභය තරතී - යනු දන් දී ඉහාත්මයෙහි ද, පරලොව ද දුක් අනර්ථ ඉක්මවයි. උභයං තෙන දානෙන ගච්ඡතී - යනු ඉහාත්ම වශයෙන් ද පරලො වශයෙන් ද, දොලොවම ඒ දානමය පිනෙන් සැපයට පැමිණෙයි. සැපයට පමුණුවයි. තමන්ගේ ද අනුන්ගේ ද හිත සුව පිණිසම මේ අර්ථය යෙදිය යුතුය. ජාගරථ මා පමජ්ජථා - යනු මෙසේ දෙලොවම අනතුරු දුක් නිවාරණය සදහා ද දෙලොවම හිත සුව පිණිස ද, දන් දීමම වටී. දානෝපකරණ පිළියෙළ කොට එහි අප්‍රමාදීව, නිදි නොලබව යන අර්ථයි. ආදර හිතවත්කම් වශයෙන් ද, නැවත නැවත කීම් වශයෙන් ද, මෙය කියන ලද්දේය.
වාණිජො අත්තනො කිච්චං තීරෙත්වා පටිනිවත්තිත්වා අනුක්කමෙන සාවත්ථිං පත්වා දුතියදිවසෙ සත්ථාරං උපසඞ්කමිත්වා වන්දිත්වා එකමන්තං නිසින්නො තං පවත්තිං භගවතො ආරොචෙසි. සත්ථා තමත්ථං අට්ඨුප්පත්තිං කත්වා සම්පත්තපරිසාය ධම්මං දෙසෙසි. සා දෙසනා මහාජනස්ස සාත්ථිකා අහොසීති.
වෙළෙන්දා ද තමන්ගේ කාර්යයන් අවසන් කොට, ක්‍රමයෙන් සැවැත්නුවරට පැමිණ දෙවැනි දවසේ ශාස්තෲන් වහන්සේ වෙත එළඹ වැඳ එකත්පස්ව සිටිමින් මේ ප්‍රවෘත්තිය බුදුන්වහන්සේට දැන්වීය. ශාස්තෲන් වහන්සේ එය අර්ථෝත්පත්ති කොට ගෙන පැමිණ සිටි පිරිසට ධර්මය දේශනා කළහ. ඒ දේශනා තොමෝ මහා ජනයාට සාර්ථක වූයේය.
අක්ඛරුක්ඛපෙතවත්ථුවණ්ණනා නිට්ඨිතා.
අක්ඛරුක්ඛ ප්‍රේත වස්තුව නිමියේය.
14. භොගසංහරණපෙතිවත්ථුවණ්ණනා
14. භොගසංහරණ ප්‍රෙතවස්තු වර්ණනාව
මයං භොගෙ සංහරිම්හාති ඉදං භොගසංහරණපෙතිවත්ථු. තස්ස කා උප්පත්ති? භගවති වෙළුවනෙ විහරන්තෙ රාජගහෙ කිර චතස්සො ඉත්ථියො මානකූටාදිවසෙන සප්පිමධුතෙලධඤ්ඤාදීහි වොහාරං කත්වා අයොනිසො භොගෙ සංහරිත්වා ජීවන්ති. තා කායස්ස භෙදා පරං මරණා බහිනගරෙ පරිඛාපිට්ඨෙ පෙතියො හුත්වා නිබ්බත්තිංසු. තා රත්තියං දුක්ඛාභිභූතා –
“මයං භොගෙ සංහරිම්හා” මේ භෝග සංහරන ප්‍රේත වස්තු කථාවයි. එය කවුරුන් නිසා උපන්නේ ද? භාග්‍යවතුන් වහන්සේ වේළුවනාරාමයේ වැඩ වසන සමයේ රජගහනුවරවාසී ස්ත්‍රීහු සතර දෙනෙක් හොර මැණීම් කිරීම් ආදී වශයෙන් ගිතෙල්, පැණි, තෙල්, ධාන්‍ය ආදිය වෙළදාම් කොට නුනුවණින් ධනය රැස්කොට ජීවත් වී, මරණයෙන් පසුව පිටිනුවර දිය අඟලක් මතුපිට ප්‍රේතියන් වී උපන්නාහ. ඈලා රාත්‍රියෙහි දුකින් පීඩිතව මඩනා ලදුව.
“මයං භොගෙ සංහරිම්හා, සමෙන විසමෙන ච; තෙ අඤ්ඤෙ පරිභුඤ්ජන්ති, මයං දුක්ඛස්ස භාගිනී”ති. –
මයං භොගෙ සංහරිමහා සමෙන විසමෙන ච තෙ අඤ්ඤෙ පරි භුඤ්ජන්ති - මයං දුක්ඛස්ස භාගිනී
විප්පලපන්තියො භෙරවෙන මහාසද්දෙන විරවිංසු. මනුස්සා තං සුත්වා භීතතසිතා විභාතාය රත්තියා බුද්ධප්පමුඛස්ස භික්ඛුසඞ්ඝස්ස මහාදානං සජ්ජෙත්වා සත්ථාරං භික්ඛුසඞ්ඝඤ්ච නිමන්තෙත්වා පණීතෙන ඛාදනීයෙන භොජනීයෙන පරිවිසිත්වා භගවන්තං භුත්තාවිං ඔනීතපත්තපාණිං උපනිසීදිත්වා තං පවත්තිං නිවෙදෙසුං. භගවා “උපාසකා තෙන වො සද්දෙන කොචි අන්තරායො නත්ථි, චතස්සො පන පෙතියො දුක්ඛාභිභූතා අත්තනා දුක්කටං කම්මං කථෙත්වා පරිදෙවනවසෙන විස්සරෙන විරවන්තියො –
ආදී වශයෙන් විලාප කියමින්, භයානක වූ මහ හඬින් මුර ගෑවාහුය. මිනිස්සු අසා බියෙන් තැති ගැනී, රෑ නිදි නොලැබ, උදය කාලයේ බුදුන් ප්රමුඛ භික්ෂු සංඝයාට මහා දන් පිළියෙළ කොට ශාස්තෲන් ප්රමුඛ මහා සංඝයා පමුණුවා ප්‍රණීත වූ ආහාර පානාදියෙන් වළදවා, භාග්‍යවතුන් වහන්සේ වළදා අවසන පාත්‍රයෙන් ගත් අත් ඇතිව වැඩහුන් කල්හි ඒ ප්‍රවෘත්තිය උන්වහන්සේට සැළ කළහ. භාග්‍යවතුන් වහන්සේ උපාසකවරුණි! ඔවුන්ගේ ඒ ශබ්දයෙන් තොපට කිසිදු අන්තරාවක් නැත. ප්‍රේතියන් සතරදෙනෙක් දුකින් පීඩිත වී, තමන් විසින් කරන ලද පාපකර්මයන් කියමින් වැළපීම් වශයෙන් වැළපෙන්නා වූ ශබ්දයයි වදාරා
“මයං භොගෙ සංහරිම්හා, සමෙන විසමෙන ච; තෙ අඤ්ඤෙ පරිභුඤ්ජන්ති, මයං දුක්ඛස්ස භාගිනී”ති. –
ඉමං ගාථමාහංසූති අවොච.
මේ ගාථාව වදාළහ.
තත්ථ භොගෙති පරිභුඤ්ජිතබ්බට්ඨෙන “භොගා”ති ලද්ධනාමෙ වත්ථාභරණාදිකෙ විත්තූපකරණවිසෙසෙ. සංහරිම්හාති මච්ඡෙරමලෙන පරියාදින්නචිත්තා කස්සචි කිඤ්චි අදත්වා සඤ්චිනිම්හ. සමෙන විසමෙන චාති ඤායෙන ච අඤ්ඤායෙන ච, ඤායපතිරූපකෙන වා අඤ්ඤායෙන තෙ භොගෙ අම්හෙහි සංහරිතෙ ඉදානි අඤ්ඤෙ පරිභුඤ්ජන්ති. මයං දුක්ඛස්ස භාගිනීති මයං පන කස්සචිපි සුචරිතස්ස අකතත්තා දුච්චරිතස්ස ච කතත්තා එතරහි පෙතයොනිපරියාපන්නස්ස මහතො දුක්ඛස්ස භාගිනියො භවාම, මහාදුක්ඛං අනුභවාමාති අත්ථො.
එහි භොගෙ - යනු පරිභෝග කළ යුතු යන අර්ථයෙන් භෝග නම් වස්ත්රාභරණාදිය වශයෙන් මසුරු මළයෙන් බැඳුනු සිත් ඇතිව, සංහරිම්හා යනු මසුරු මළයෙන් බැදුණු සිත් ඇතිව, කිසිවකුට කිසිවක් නොදී ධනය රැස් කළෙමු සමෙන විසමෙනවා - යනු යුක්තියෙන් ද අයුක්තියෙන් ද, සාධාරණ නැති අසාධාරණ ප්‍රතිපත්ති මගින් ඒ වස්තූන් අපි රැස් කළෙමු. දැන් ඒවා වෙනත් අය භුක්ති විඳිති. මයං දුක්ඛස්ස භාගිනී යනු අපි වනාහි කිසිම සුචරිතයක් නොකොට, දුශ්චරිතයන්ම කරන ලද බැවින්, දැන් ප්‍රේත යෝනියෙහි ඉපදී මහත් වූ දුක්වලට හිමිකාරියෝ වීමු. මහත් දුක් විඳිමු යන අර්ථයයි.
එවං භගවා තාහි පෙතීහි වුත්තං ගාථං වත්වා තාසං පවත්තිං කථෙත්වා තං අට්ඨුප්පත්තිං කත්වා සම්පත්තපරිසාය ධම්මං දෙසෙත්වා උපරි සච්චානි පකාසෙසි, සච්චපරියොසානෙ බහූ සොතාපත්තිඵලාදීනි පාපුණිංසූති.
මෙසේ භාග්‍යවතුන් වහන්සේ ප්රේතීන් විසින් කියන ලද ගාථාව වදාරා ඔවුන්ගේ අතීත ප්රවෘත්ති කථාව කියා එය මූලික හේතුව කොට ගෙන පැමිණ සිටි පිරිසට ධර්ම දේශනා කොට මත්තෙහි සිව්සස් ප්‍රකාශ කළහ. සිව්සස් ප්‍රකාශය අවසානයේ දී බොහෝ දෙනා සෝවාන් ඵල ආදී මාර්ග ඵලයන්ට පැමිණුනාහුය.
භොගසංහරණපෙතිවත්ථුවණ්ණනා නිට්ඨිතා.
භෝග සංහරණ ප්‍රේත වස්තු වර්ණනාව නිමියේය.
15. සෙට්ඨිපුත්තපෙතවත්ථුවණ්ණනා
15. සෙට්ඨිපුත්ත ප්‍රෙතවස්තු වර්ණනාව
සට්ඨිවස්සසහස්සානීති ඉදං සෙට්ඨිපුත්තපෙතවත්ථු. තස්ස කා උප්පත්ති? භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ. තෙන ඛො පන සමයෙන රාජා පසෙනදි කොසලො අලඞ්කතප්පටියත්තො හත්ථික්ඛන්ධවරගතො මහතියා රාජිද්ධියා මහන්තෙන රාජානුභාවෙන නගරං අනුසඤ්චරන්තො අඤ්ඤතරස්මිං ගෙහෙ උපරිපාසාදෙ වාතපානං විවරිත්වා තං රාජවිභූතිං ඔලොකෙන්තිං රූපසම්පත්තියා දෙවච්ඡරාපටිභාගං එකං ඉත්ථිං දිස්වා අදිට්ඨපුබ්බෙ ආරම්මණෙ සහසා සමුප්පන්නෙන කිලෙසසමුදාචාරෙන පරියුට්ඨිතචිත්තො සතිපි කුලරූපාචාරාදිගුණවිසෙසසම්පන්නෙ අන්තෙපුරජනෙ සභාවලහුකස්ස පන දුද්දමස්ස චිත්තස්ස වසෙන තස්සං ඉත්ථියං පටිබද්ධමානසො හුත්වා පච්ඡාසනෙ නිසින්නස්ස පුරිසස්ස “ඉමං පාසාදං ඉමඤ්ච ඉත්ථිං උපධාරෙහී”ති සඤ්ඤං දත්වා රාජගෙහං පවිට්ඨො. අඤ්ඤං සබ්බං අම්බසක්කරපෙතවත්ථුම්හි ආගතනයෙනෙව වෙදිතබ්බං.
“සට්ඨිවස්ස සහස්සානි” යනු මේ සෙට්ඨිපුත්ත ප්‍රේතවත්ථු කථාවයි. කවුරුන් නිසා උපන්නේ ද? භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර ජේතවනාරාමයේ වැඩ වසන කල්හි, ප්‍රසේනජිත් කෝසල රජු අලංකාර රාජාභරණයෙන් සැරසී, උතුම් ඇතා පිට නැගී මහත් වූ රජසිරින් මහත් වූ රාජානුභාවයෙන් නගර සංචාරයේ යෙදෙද්දී, එක්තරා ගෙයක උඩුමහල් තලයෙහි කවුළු පියන් හැරගෙන රජසිරි බලන්නා වූ, රූප සම්පත්තියෙන් දෙවඟනක් බඳු වූ එක් ස්ත්‍රියක දැක, පෙර නොදුටු අරමුණෙහි වහාම උපන්නා වූ ක්ලේශ සහගත හැසිරීමෙන් යුක්ත වූ, වැළදගත් සිත් ඇතිව, කුල රූප ආචාර ආදී ගුණ යුත් ඇතොවුරු කාන්තාවන් ඇති කල්හිඳු ස්වභාව වශයෙන් මහා පෙරළෙන්නා වූ දමනය නොකට හැකි සිතේ ස්වභාව වශයෙන්, ඒ ස්ත්‍රිය කෙරෙහි පිළිබඳ සිත් ඇතිව, පසු අසුනෙහි සිටි පුරුෂයාට, මේ ගේ හා මේ ස්ත්‍රිය පිළිබඳව සනිටුහන් කරගනුවයි කියා රජ වාසලට පිවිසියයේය. අනෙක් සියල්ල අම්බසක්ඛර ප්‍රේත වස්තුවෙහි ආ පරිද්දෙන් දත යුතුය.
අයං පන විසෙසො – ඉධ පුරිසො සූරියෙ අනත්ථඞ්ගතෙයෙව ආගන්ත්වා නගරද්වාරෙ ථකිතෙ අත්තනා ආනීතං අරුණවණ්ණමත්තිකං උප්පලානි ච නගරද්වාරකවාටෙ ලග්ගෙත්වා නිපජ්ජිතුං ජෙතවනං අගමාසි. රාජා පන සිරිසයනෙ වාසූපගතො මජ්ඣිමයාමෙ ස-ඉති න-ඉති දු-ඉති සො-ඉති ච ඉමානි චත්තාරි අක්ඛරානි මහතා කණ්ඨෙන උච්චාරිතානි විය විස්සරවසෙන අස්සොසි. තානි කිර අතීතෙ කාලෙ සාවත්ථිවාසීහි චතූහි සෙට්ඨිපුත්තෙහි භොගමදමත්තෙහි යොබ්බනකාලෙ පාරදාරිකකම්මවසෙන බහුං අපුඤ්ඤං පසවෙත්වා අපරභාගෙ කාලං කත්වා තස්සෙව නගරස්ස සමීපෙ ලොහකුම්භියං නිබ්බත්තිත්වා පච්චමානෙහි ලොහකුම්භියා මුඛවට්ටිං පත්වා එකෙකං ගාථං වත්ථුකාමෙහි උච්චාරිතානං තාසං ගාථානං ආදිඅක්ඛරානි , තෙ පඨමක්ඛරමෙව වත්වා වෙදනාප්පත්තා හුත්වා ලොහකුම්භිං ඔතරිංසු.
මෙහි කියන්නේ (ඊට වඩා) ඇති වෙනසයි - මෙහිදී ඒ පුරුෂයා හිරු බසින්නට පෙරම පැමිණ නුවර දොර වැසු කල්හි තමන් විසින් ගෙන එන ලද අරුණුවන් මැටි හා උපුල් ආදිය නුවර දොර කවුළුවෙහි එල්වා නිදා ගැනීමට ජේතවනයට ගියේය. රජු වනාහි සිරියහනෙහි නිදන්නේ මැදියම් රෑ ස, න, ද, සො, යන මේ අකුරු සතර යටි උගුරෙන් කියන ලදුව මරහඬක් මෙන් ඇසුණේය. ඒ වූකලි ඈත අතීතයේ සැවැත්නුවර වැසි සම්පත් මදයෙන් මත් වූ සිටුපුත්‍රයන් සිව් දෙනෙකු විසින් තරුණ කාලයේ දී පරදාර සේවන කර්ම වසයෙන් බොහෝ අකුසල් කොට, එයින් පසු කලෙක කළුරිය කොට ඒ නගරය සමීපයෙහිම ලෝකුඹු නරකයේ මුවවිටට පැමිණ එක එක ගාථාව කියනු කැමතිව කියන ලද ගාථාවන්ගේ මුල් අකුරු පමණක්ම කියා වේදනාවට පත්වී ලෝකුඹු නරකයෙහිම ගිලුණාහුය.
රාජා පන තං සද්දං සුත්වා භීතතසිතො සංවිග්ගො ලොමහට්ඨජාතො තං රත්තාවසෙසං දුක්ඛෙන වීතිනාමෙත්වා විභාතාය රත්තියා පුරොහිතං පක්කොසාපෙත්වා තං පවත්තිං කථෙසි. පුරොහිතො රාජානං භීතතසිතං ඤත්වා ලාභගිද්ධො “උප්පන්නො ඛො අයං මය්හං බ්රාහ්මණානඤ්ච ලාභුප්පාදනුපායො”ති චින්තෙත්වා “මහාරාජ, මහා වතායං උපද්දවො උප්පන්නො, සබ්බචතුක්කං යඤ්ඤං යජාහී”ති ආහ. රාජා තස්ස වචනං සුත්වා අමච්චෙ ආණාපෙසි “සබ්බචතුක්කයඤ්ඤස්ස උපකරණානි සජ්ජෙථා”ති. තං සුත්වා මල්ලිකා දෙවී රාජානං එවමාහ – “කස්මා, මහාරාජ, බ්රාහ්මණස්ස වචනං සුත්වා අනෙකපාණවධහිංසනකකිච්චං කාතුකාමොසි, නනු සබ්බත්ථ අප්පටිහතඤාණචාරො භගවා පුච්ඡිතබ්බො? යථා ච තෙ භගවා බ්යාකරිස්සති, තථා පටිපජ්ජිතබ්බ”න්ති. රාජා තස්සා වචනං සුත්වා සත්ථු සන්තිකං ගන්ත්වා තං පවත්තිං භගවතො ආරොචෙසි. භගවා “න, මහාරාජ, තතොනිදානං තුය්හං කොචි අන්තරායො”ති වත්වා ආදිතො පට්ඨාය තෙසං ලොහකුම්භිනිරයෙ නිබ්බත්තසත්තානං පවත්තිං කථෙත්වා තෙහි පච්චෙකං උච්චාරෙතුං ආරද්ධගාථායො –
රජු ඒ ශබ්දය අසා බියෙන් තැතිගත් සිත් ඇතිව, උකටලීවැ, ලොමු දැහැගැනීම් ඇතිව, ඒ රාත්‍රිය දුකසේ කල් ගෙවා, රෑ පහන් වූ කල්හි පුරෝහිතයා කැඳවා ඒ ප්‍රවෘත්තිය කීවේය. පුරෝහිතයා රජු බිය පත් වූ බව දැන, ලාභයෙහි ගිජුව මට සහ බමුණන්ට ලාභ උපදින මගක් උපායක් ඇත්තේ යයි සිතා, මහරජ! ඒකාන්තයෙන් මහත් උපද්‍රවයක් ඇතිවන්නේය. සබ්බ චතුෂ්ක යාගය කළ යුතු යයි කීයේය. රජු ඔවුන්ගේ විසඳුම් පිළිතුරු අසා ඇමතිවරුන් කැඳවීය. සර්ව චතුෂ්ක යාගය කරන්නට උපකරණ සපයන්නැයි ඇමතිවරුන්ට නියෝග පැනවීය. මල්ලිකා දේවිය මෙය අසා මහරජතුමනි! කවර හෙයකින් මේ බමුණන්ගේ වචන අසා නොයෙක් සතුන්ට වධ හිංසා පමුණුවන්නේ කවර හෙයින් ද? සියලු තන්හි නොපැකිලෙන නුවණින් යුත් භාග්‍යවතුන් වහන්සේගෙන් ඇසියයුතු නොවේදැයි රජුට කීවාය. රජ තෙමේ ඇගේ වචනය අසා ශාස්තෲන් වහන්සේ වෙත ගොස් ඒ පුවත භාග්‍යවතුන් වහන්සේට දැන්වීය. භාග්‍යවතුන් වහන්සේ මහරජ තොපට ඒ ශබ්දයෙන් කිසිම අන්තරාවක් නැතැයි වදාරා අතීතයේ පටන් ඒ ලෝකුඹු නිරයේ උපන් සත්ත්වයන්ගේ සියලු කථා ප්‍රවෘත්තිය වදාරා ඔවුන් විසින් වෙන වෙනම කියන්නට පටන්ගත් ගාථා සම්පුර්ණ කොට වදාළ සේක.
“සට්ඨිවස්සසහස්සානි, පරිපුණ්ණානි සබ්බසො; නිරයෙ පච්චමානානං, කදා අන්තො භවිස්සති.
ලෝකුඹු නරකයෙහි පැසෙන්නා වූ අපට සැට දහසක් අවුරුදු ඉක්ම ගියේය. කවර කලෙක අපගේ මේ දුක් කෙළවර වන්නේ ද?
“නත්ථි අන්තො කුතො අන්තො, න අන්තො පටිදිස්සති; තථා හි පකතං පාපං, තුය්හං මය්හඤ්ච මාරිසා.
නිදුකාණනි! මගේ ද ඔබගේ ද දුක් විදීමේ කෙළවරක් නැත. අවසානයක් කොයින්ද? කෙළවර දක්නට නොලැබේ. එබදු වූ පව්කම් අප විසින් කරන ලදී.
“දුජ්ජීවිතමජීවිම්හ, යෙ සන්තෙ න දදම්හසෙ; සන්තෙසු දෙය්යධම්මෙසු, දීපං නාකම්හ අත්තනො.
යම්කිසි වස්තූන් ඇති කල්හි අපි (දන්) නොදුනිමු. ඉතා නරක දිවි පැවැත්මක් ඇතිව ජීවත් වීමු. දාන වස්තුව තිබියදීත් තමන්ට පිහිටක් කර නොගත්තෙමු.
“සොහං නූන ඉතො ගන්ත්වා, යොනිං ලද්ධාන මානුසිං; වදඤ්ඤූ සීලසම්පන්නො, කාහාමි කුසලං බහු”න්ති. –
ඒ මම මෙයින් මිදී මිනිසකු වී ඉපදුනහොත්, සීල සම්පන්න වී බොහෝ වශයෙන් කුසල් කරන්නට යුහුසුළු වෙමියි කීයේය.
පරිපුණ්ණං කත්වා කථෙසි.
තත්ථ සට්ඨිවස්සසහස්සානීති වස්සානං සට්ඨිසහස්සානි. තස්මිං කිර ලොහකුම්භිනිරයෙ නිබ්බත්තසත්තො අධො ඔගච්ඡන්තො තිංසාය වස්සසහස්සෙහි හෙට්ඨිමතලං පාපුණාති, තතො උද්ධං උග්ගච්ඡන්තොපි තිංසාය එව වස්සසහස්සෙහි මුඛවට්ටිපදෙසං පාපුණාති, තාය සඤ්ඤාය සො “සට්ඨිවස්සසහස්සානි, පරිපුණ්ණානි සබ්බසො”ති ගාථං වත්තුකාමො ස-ඉති වත්වා අධිමත්තවෙදනාප්පත්තො හුත්වා අධොමුඛො පති. භගවා පන තං රඤ්ඤො පරිපුණ්ණං කත්වා කථෙසි. එස නයො සෙසගාථාසුපි. තත්ථ කදා අන්තො භවිස්සතීති ලොහකුම්භිනිරයෙ පච්චමානානං අම්හාකං කදා නු ඛො ඉමස්ස දුක්ඛස්ස අන්තො පරියොසානං භවිස්සති.
එහි සට්ඨිවස්ස සහස්සානි - යනු අවුරුදු සැට දහසක් එකල්හි වනාහි ලෝකුඹු නිරයේ උපන් සත්ත්වයෝ, එහි පතුලට යාමට වසර තිස් දහසක් ගතවෙයි. යටටම යයි. එයින් උඩට එන්නෝ වසර තිස්දාහක දී මුවවිටි පෙදෙසට (කටළගට) පැමිණෙති. ඒ හැඟීමෙන් හෙතෙම “සට්ඨිවස්ස සහස්සානි පරිපුණ්ණනි සබ්බසො” යන ගාථාව කියනු කැමැත්තේ, ස යන්න පමණක් කියා බලවත් වේදනාවට පැමිණියේ (නැවත) යටට ගිලී ගියේය. භාග්‍යවතුන් වහන්සේ ඒ ගාථාව රජුට සම්පූර්ණාකාර වදාළහ. අනෙක් ගාථා පිළිබඳව ද මේ ක්‍රමයමැයි. එහි කදා අන්තො භවිස්සති - යනු ලෝකුඹු නිරයේ පැසෙන්නා වූ අයගේ මේ දුක කවරදා නම් කෙළවර වන්නේ ද
තථා හීති යථා තුය්හං මය්හඤ්ච ඉමස්ස දුක්ඛස්ස නත්ථි අන්තො, න අන්තො පටිදිස්සති, තථා තෙන පකාරෙන පාපකං කම්මං පකතං තයා මයා චාති විභත්තිං විපරිණාමෙත්වා වත්තබ්බං.
තථාහි යනු ඔබගේ හා මගේ මේ දුකෙහි කෙළවරක් අන්තයක් නො පෙනෙන්නේය. යම්සේ ඔබ හා අප විසින් යම්කිසි ආකාරයක අකුසල කර්මයන් කරන ලද්දේ ද ඒ අනුව දුක් අවසන් නො වන්නේ යයි කිව යුතුයි.
දුජ්ජීවිතන්ති විඤ්ඤූහි ගරහිතබ්බං ජීවිතං. යෙ සන්තෙති යෙ මයං සන්තෙ විජ්ජමානෙ දෙය්යධම්මෙ. න දදම්හසෙති න අදම්හ. වුත්තමෙවත්ථං පාකටතරං කාතුං “සන්තෙසු දෙය්යධම්මෙසු, දීපං නාකම්හ අත්තනො”ති වුත්තං.
දුජ්ජීවිතං - යනු නුවණැත්තන් විසින් ගර්හා කරන ලද දිව් පැවැත්ම, යෙ සන්නෙ - යනු අප සතුව දන් දිය යුතු වස්තූන් තිබියදී, න දදවහසෙ - යනු නුදුන්නෙමු අපට පිහිටවන්නා වූ කිසිවක් කරන්නට, අපි නො පෙළඹුනෙමු යන්න කීමට සන්තෙසු දෙය්ය ධම්මෙසු දීපං නාකම්හ අත්තනො - ආදිය කියන ලදී.
සොහන්ති සො අහං. නූනාති පරිවිතක්කෙ නිපාතො. ඉතොති ඉමස්මා ලොහකුම්භිනිරයා. ගන්ත්වාති අපගන්ත්වා. යොනිං ලද්ධාන මානුසින්ති මනුස්සයොනිං මනුස්සත්තභාවං ලභිත්වා. වදඤ්ඤූති පරිච්චාගසීලො, යාචකානං වා වචනඤ්ඤූ. සීලසම්පන්නොති සීලාචාරසම්පන්නො. කාහාමි කුසලං බහුන්ති පුබ්බෙ විය පමාදං අනාපජ්ජිත්වා බහුං පහූතං කුසලං පුඤ්ඤකම්මං කරිස්සාමි, උපචිනිස්සාමීති අත්ථො.
සො යනු ඒ මම නූනා - වත්ත පරිවිතර්කයෙහි නිපාතයි. ඉතො - යනු මේ ලෝකුඹු නරකයෙන්, ගනත්වා - යනු චුත වී ගොස් යොනිං ලද්ධාන මානුසිං - යනු මිනිස් යෝනියෙහි මනුෂ්‍ය ආත්මභාවය ලැබ, වදඤ්ඤ යනු යාචකයන් පරිත්‍යාගශීලි වෙමියි කියයි. සීලසම්පන්තො - යනු ශීලයෙන් හා ආචාර සම්පන්න බවින් යුක්ත වී, කාහාමි කුසලං බහු - යනු පෙර මෙන් ප්‍රමාදයට නොපැමිණ බොහෝ සෙයින් මහත් වූ කුසල කර්මයන් කරන්නෙමියි පින් රැස් කරන්නෙමි යන අර්ථයයි.
සත්ථා ඉමා ගාථායො වත්වා විත්ථාරෙන ධම්මං දෙසෙසි, දෙසනාපරියොසානෙ මත්තිකාරත්තුප්පලහාරකො පුරිසො සොතාපත්තිඵලෙ පතිට්ඨහි. රාජා සඤ්ජාතසංවෙගො පරපරිග්ගහෙ අභිජ්ඣං පහාය සදාරසන්තුට්ඨො අහොසීති.
ශාස්තෲන් වහන්සේ මේ ගාථා වදාර විස්තර වශයෙන් ධර්ම දේශනාකළ සේක. දේශනාවසානයේ රතු උපුල් ගෙනා පුරුෂයා සෝවාන් පෙළෙහි පිහිටියේය. රජු හටගත් සංවේග ඇත්තේ පරදාර සේවන අදහසින් වෙන්වී ස්වදාර පරිහරණයෙන් සතුටු වූයේය.
සෙට්ඨිපුත්තපෙතවත්ථුවණ්ණනා නිට්ඨිතා.
සෙට්ඨි පුත්‍ර ප්‍රේත වස්තු වර්ණනාව නිමියේය. –
16. සට්ඨිකූටපෙතවත්ථුවණ්ණනා
16. සට්ඨිකූටසහස්ස ප්‍රෙතවස්තු වර්ණනාව
කිං නු උම්මත්තරූපොවාති ඉදං සත්ථරි වෙළුවනෙ විහරන්තෙ අඤ්ඤතරං පෙතං ආරබ්භ වුත්තං. අතීතෙ කිර බාරාණසිනගරෙ අඤ්ඤතරො පීඨසප්පී සාලිත්තකපයොගෙ කුසලො, තහිං සක්ඛරඛිපනසිප්පෙ නිප්ඵත්තිං ගතො නගරද්වාරෙ නිග්රොධරුක්ඛමූලෙ නිසීදිත්වා සක්ඛරපහාරෙහි හත්ථිඅස්සමනුස්සරථකූටාගාරධජපුණ්ණඝටාදිරූපානි නිග්රොධපත්තෙසු දස්සෙති. නගරදාරකා අත්තනො කීළනත්ථාය මායකඩ්ඪමාසකාදීනි දත්වා යථාරුචි තානි සිප්පානි කාරාපෙන්ති.
“කිං නු උම්මත්ත රූපොවා” මේ ප්‍රේත වත්ථු කථා ධර්ම දේශනාව ශාස්තෲන් වහන්සේ වේළුවන විහාරයෙහි වැඩ වසද්දී එක්තරා ප්‍රේතයකු අරබයා වදාළ සේක. යටගිය දවස බරණැස් නුවර ගල්විදීමේ දක්ෂ හා අකුරු ගැසීමේ දක්ෂ එක්තරා කොරෙක් නුවර දොරටුවේ නුගරුක මුල හිඳගෙන ගල්කැට වීදීමෙන් ඇත්, අස්, රථ, මිනිස්, ගෙවල්, කොඩි, පුන්කළස් ආදී වූ රූප කොළවල සිතුවම් කර දක්වයි. නගරයේ දරුවෝ ක්‍රීඩා සදහා මස්සක් අඩමස්සක් කොරාට දී කොරා ලවා විවිධ රූප නිමවති.
අථෙකදිවසං බාරාණසිරාජා නගරතො නික්ඛමිත්වා තං නිග්රොධමූලං උපගතො නිග්රොධපත්තෙසු හත්ථිරූපාදිවසෙන නානාවිධරූපවිභත්තියො අප්පිතා දිස්වා මනුස්සෙ පුච්ඡි – “කෙන නු ඛො ඉමෙසු නිග්රොධපත්තෙසු එවං නානාවිධරූපවිභත්තියො කතා”ති? මනුස්සා තං පීඨසප්පිං දස්සෙසුං “දෙව, ඉමිනා කතා”ති . රාජා තං පක්කොසාපෙත්වා එවමාහ – “සක්කා නු ඛො, භණෙ, මයා දස්සිතස්ස එකස්ස පුරිසස්ස කථෙන්තස්ස අජානන්තස්සෙව කුච්ඡියං අජලණ්ඩිකාහි පූරෙතු”න්ති? “සක්කා, දෙවා”ති. රාජා තං අත්තනො රාජභවනං නෙත්වා බහුභාණිකෙ පුරොහිතෙ නිබ්බින්නරූපො පුරොහිතං පක්කොසාපෙත්වා තෙන සහ විවිත්තෙ ඔකාසෙ සාණිපාකාරපරික්ඛිත්තෙ නිසීදිත්වා මන්තයමානො පීඨසප්පිං පක්කොසාපෙසි. පීඨසප්පී නාළිමත්තා අජලණ්ඩිකා ආදායාගන්ත්වා රඤ්ඤො ආකාරං ඤත්වා පුරොහිතාභිමුඛො නිසින්නො තෙන මුඛෙ විවටෙ සාණිපාකාරවිවරෙන එකෙකං අජලණ්ඩිකං තස්ස ගලමූලෙ පතිට්ඨාපෙසි. සො ලජ්ජාය උග්ගිලිතුං අසක්කොන්තො සබ්බා අජ්ඣොහරි. අථ නං රාජා අජලණ්ඩිකාහි පූරිතොදරං විස්සජ්ජි – “ගච්ඡ, බ්‍රාහ්මණ, ලද්ධං තයා බහුභාණිතාය ඵලං, මද්දනඵලපියඞ්ගුතචාදීහි අභිසඞ්ඛතං පානකං පිවිත්වා උච්ඡඩ්ඩෙහි, එවං තෙ සොත්ථි භවිස්සතී”ති. තස්ස ච පීඨසප්පිස්ස තෙන කම්මෙන අත්තමනො හුත්වා චුද්දස ගාමෙ අදාසි. සො ගාමෙ ලභිත්වා අත්තානං සුඛෙන්තො පීණෙන්තො පරිජනම්පි සුඛෙන්තො පීණෙන්තො සමණබ්රාහ්මණාදීනං යථාරහං කිඤ්චි දෙන්තො දිට්ඨධම්මිකං සම්පරායිකඤ්ච අත්ථං අහාපෙන්තො සුඛෙනෙව ජීවති, අත්තනො සන්තිකං උපගතානං සිප්පං සික්ඛන්තානං භත්තවෙතනං දෙති.
එක් දිනක් බරණැස් රජු නුවරින් පිටත්ව ඒ නුගරුක මුලට පිවිසියේ නුග පත්වල ඇත් අස් ආදී විවිධ රූප බොහෝසෙයින් දැක මිනිසුන්ගෙන් මේ කොළවල මෙසේ නොයෙක් විධියේ රූප සටහන් කවරෙකු විසින් කරන ලද්දේදැයි විචාළහ. එවිට මිනිස්සු ස්වාමීනි! මොහු විසිනැයි කොරා පෙන්නූහ. රජු ඔහු කැඳවා මෙසේ කීය. සගය මා විසින් පෙන්වනු ලබන පුරුෂයකු කථාකරමින් සිටින විට, ඔහු නොදැනුවත්වම ඔහුගේ කුස එළුබෙටි වලින් පිරවිය හැකිදැයි විචාළේය. හෙතෙම පුළුවනි යයි කීය. රජු තමන්ගේ රාජ භවනයට ඔහු ගෙන්වා, බොහෝ කථා කරන්නා වූ පෙරෙවි බමුණා කෙරෙහි කළකිරුණු සිත් ඇතිව, පෙරෙවි බමුණ ගෙන්වා, තිරයෙන් වට කරන ලද, මහජනයාගෙන් හිස් වූ ස්ථානයක හිඳ පෙරෙවි බමුණු හා කථාව ආරම්භ කරමින් පිළා කැඳවීය. පිළා නැලියක් පමණ එළුබෙටි රැගෙන ගොස්, රජුගේ සිතුවිලි දැන, පුරෝහිතයාගේ අභිමුඛයෙහි හුන්නේ ඔහුගේ උගුර ලඟට එනතෙක් විද්දේය. පුරෝහිතයා ද එළුබෙටි වමාරා දැමිය නොහැකිව ගිල්ලේය. ඉක්බිති රජතෙම ඔහුට මෙසේ කීය. ඔබ විසින් තොරතෝංචියක් නැතිව කථා කිරීමේ විපාකය දැන් විඳින ලදී. ඔබගේ බඩ එළුබෙටි වලින් පිරි ඇත. පුරෝහිතය දැන් යව, ගොස් කුකුරුමාන් ගෙඩි හා පුවඟු කොළ ආදියෙන් සකස් කල කැඳ බී එළුබෙටි වමාරා දමවයි එසේ කළවිට ඔබ සුවපත් වන්නේ යයි පිටත්කර හැරියේය. පිළා කෙරෙහි පැහැදුණු රජු ඔහුට ගම්වර තුදුසක් දුන්නේය. එතැන් පටන් පිළා ගම්වර ලැබ තමන් සැපවත් වෙමින්, පිනමින් අනුන් ද පිරිවර ජනයා ද සැපවත් කරවමින් පිනවමින්, ශ්‍රමණ බ්‍රාහ්මණ ආදීන්ට සුදුසු පරිදි දන් දෙමින් මෙලොව හා පරලොව සඳහා අර්ථවත් වැඩෙහි යෙදෙමින් සුවසේ ජීවත් වේ. තමන් සමීපයට ශිල්ප ඉගෙනීම සඳහා එන්නා වූ අයට බත් වැටුප දුන්නේය.
අථෙකො පුරිසො තස්ස සන්තිකං උපගන්ත්වා එවමාහ – “සාධු, ආචරිය, මම්පි එතං සිප්පං සික්ඛාපෙහි, මය්හං පන අලං භත්තවෙතනෙනා”ති. සො තං පුරිසං තං සිප්පං සික්ඛාපෙසි. සො සික්ඛිතසිප්පො සිප්පං වීමංසිතුකාමො ගන්ත්වා ගඞ්ගාතීරෙ නිසින්නස්ස සුනෙත්තස්ස නාම පච්චෙකබුද්ධස්ස සක්ඛරාභිඝාතෙන සීසං භින්දි. පච්චෙකබුද්ධො තත්ථෙව ගඞ්ගාතීරෙ පරිනිබ්බායි. මනුස්සා තං පවත්තිං සුත්වා තං පුරිසං තත්ථෙව ලෙඩ්ඩුදණ්ඩාදීහි පහරිත්වා ජීවිතා වොරොපෙසුං. සො කාලකතො අවීචිමහානිරයෙ නිබ්බත්තිත්වා බහූනි වස්සසහස්සානි නිරයෙ පච්චිත්වා තස්සෙව කම්මස්ස විපාකාවසෙසෙන ඉමස්මිං බුද්ධුප්පාදෙ රාජගහනගරස්ස අවිදූරෙ පෙතො හුත්වා නිබ්බත්ති. තස්ස කම්මස්ස සරික්ඛකෙන විපාකෙන භවිතබ්බන්ති කම්මවෙගුක්ඛිත්තානි පුබ්බණ්හසමයං මජ්ඣන්හිකසමයං සායන්හසමයඤ්ච සට්ඨි අයොකූටසහස්සානි මත්ථකෙ නිපතන්ති. සො ඡින්නභින්නසීසො අධිමත්තවෙදනාප්පත්තො භූමියං නිපතති, අයොකූටෙසු පන අපගතමත්තෙසු පටිපාකතිකසිරො තිට්ඨති.
ඉක්බිතිව එක් පුරුෂයෙක් ඔහු සමීපයට පැමිණ මෙසේ කීය. ආචාරීන් වහන්ස! මටත් මේ ශිල්පය උගන්වනු මැනැවි. මට බත් වැටුප් අවශ්‍ය නැත. හෙතෙම ඒ පුරුෂයාට ශිල්පය දී හික්මවීය. හෙතෙම ශිල්ප උගෙන උගත් ශිල්පය විමසනු කැමැතිව, ගංතෙරට ගොස්, ගංතෙර වැඩසිටි සුනෙත්ත නම් වූ පසේ බුදුන් වහන්සේගේ හිසට ගලක් අතකුරු ගැසීමෙන් හිස බින්දේය. පසේ බුදුන් වහන්සේ ගං තෙරම පිරිනිවන් පෑ සේක. මිනිස්සු ඒ පුවත අසා එහිදීම ගල් මුල් දඬු ආදියෙන් ගසා ඔහුගේ දිවි තොර කළහ. හෙතෙම කළුරිය කොට අවීචි මහා නිරයේ ඉපිද බොහෝ වර්ෂ දහස් ගණනක් නිරයේ පැසී එම කර්මයාගේ විපාක වශයෙන් මෙම බුද්ධෝත්පාදයෙහි රජගහ නුවරට නුදුරුව ප්‍රේතයකු වී උපන්නේය. ඔහුගේ කර්මයට සරිලන විපාක වශයෙන් අකුසල කර්ම වේගයෙන් ඔසවන ලදුව, පෙරවරුයේ ද, මධ්‍යාහ්නයේ ද, සවස් කාලයේ ද යකඩ කුළු සැට දහසක් හිස මතුපිට වැටී සුන් බුන් වූ හිස ඇතිව ඉතා බලවත් වේදනාවට පැමිණ බිම වැටෙයි. යකුළු පහර වැදීම අවසන් වූ විගස ප්‍රකෘති සිහි ඇතිව, තිබූ පරිදි හිසින් යුතුව සිටියි.
අථෙකදිවසං ආයස්මා මහාමොග්ගල්ලානො ගිජ්ඣකූටපබ්බතා ඔතරන්තො තං දිස්වා –
එක් දවසක් ආයුෂ්මත් මහා මුගලන් ස්ථවිරයෝ ගිජුකුළු පව්වෙන් බසිද්දී මේ ප්‍රේතයා දැක මේ ගාථාවෙන් කරුණු විචාළේය.
“කිං නු උම්මත්තරූපොව, මිගො භන්තොව ධාවසි; නිස්සංසයං පාපකම්මන්තො, කිං නු සද්දායසෙ තුව”න්ති. –
ඔබ උමතු ස්වභාව ඇත්තෙකු මෙන් ද, බියට පත් වූ මුවෙකු මෙන් ද කුමක් හෙයින් ඔබ මොබ දුවයි ද? නිසැක වම පව්කම් ඇත්තෙකි. කුමක් හෙයින් නාද කරමින් කෑ ගසමින් හැසිරෙන්නේ ද?
ඉමාය ගාථාය පටිපුච්ඡි. තත්ථ උම්මත්තරූපොවාති උම්මත්තකසභාවො විය උම්මාදප්පත්තො විය. මිගො භන්තොව ධාවසීති භන්තමිගො විය ඉතො චිතො ච ධාවසි. සො හි තෙසු අයොකූටෙසු නිපතන්තෙසු පරිත්තාණං අපස්සන්තො “න සියා නු ඛො එවං පහාරො”ති ඉතොපි එත්තොපි පලායති. තෙ පන කම්මවෙගුක්ඛිත්තා යත්ථ කත්ථචි ඨිතස්ස මත්ථකෙයෙව නිපතන්ති. කිං නු සද්දායසෙ තුවන්ති කිං නු ඛො තුවං සද්දං කරොසි, අතිවිය විස්සරං කරොන්තො විචරසි.
එහි උම්මත්ත රූපො වා - යනු උමතු වූවාක් මෙන්, උමතු බවට පැමිණියාක් මෙනි, මිගො හන්තොවධා වසී - යනු බියටපත් වූ මුවෙකු මෙන් එහා මෙහා දුවයි. හෙතෙමේ වනාහි යකුළු පහර හිසෙහි වැටෙන කල්හි ද, ආරක්ෂවක් නො දකින්නේ, ඒ පහර වළක්වාගනු රිසියෙන් ඔබ මොබ දුවයි. එසේ වුවත් අකුසල කර්ම වේගයෙන් ඔසවන ලදුව කොහේ හිටියත් යකුළු පහර හිස මත්තෙහි වැටේමය. කින්නු සද්දා යසෙ තුවං කුමක් නිසා ඉතා දුක් බව හඟවන ශබ්දයක් කරමින් හැසිරෙන්නේ ද?
තං සුත්වා පෙතො –
ඒ අසා ප්‍රේතයා මෙසේ ගාථා දෙකකින් පිළිතුරු දුන්නේය.
“අහං භදන්තෙ පෙතොම්හි, දුග්ගතො යමලොකිකො; පාපකම්මං කරිත්වාන, පෙතලොකං ඉතො ගතො.
ස්වාමීනි! යමලෝකය නමින් හඳුන්වන ප්‍රේත ලෝකයෙහි උපන්නා වූ මම ප්‍රේතයෙක් වෙමි. මිනිසකුව සිටින කල කරන ලද පාප කර්ම හේතුවෙන් මෙසේ ප්‍රේත ලෝකයෙහි දුගතියෙහි උපත ලද්දෙමි.
“සට්ඨි කූටසහස්සානි, පරිපුණ්ණානි සබ්බසො; සීසෙ මය්හං නිපතන්ති, තෙ භින්දන්ති ච මත්ථක”න්ති. –
මගේ හිසෙහි අනූන වූ යකුළු පහර හැටදහසක් හැම දිසාවකින්ම වැටෙත්, ඒ යකුළු පහර මගේ හිස පොඩි කරත්. බිඳ දමති.
ද්වීහි ගාථාහි පටිවචනං අදාසි. තත්ථ සට්ඨි කූටසහස්සානීති සට්ඨිමත්තානි අයොකූටසහස්සානි. පරිපුණ්ණානීති අනූනානි. සබ්බසොති සබ්බභාගතො. තස්ස කිර සට්ඨියා අයොකූටසහස්සානං පතනප්පහොනකං මහන්තං පබ්බතකූටප්පමාණං සීසං නිබ්බත්ති. තං තස්ස වාලග්ගකොටිනිතුදනමත්තම්පි ඨානං අසෙසෙත්වා තානි කූටානි පතන්තානි මත්ථකං භින්දන්ති, තෙන සො අට්ටස්සරං කරොති. තෙන වුත්තං “සබ්බසො සීසෙ මය්හං නිපතන්ති, තෙ භින්දන්ති ච මත්ථක”න්ති.
මෙහි සට්ඨිකූට සහස්සානි - හැට දහසක් පමණ වූ කුළු ගෙඩි පහරවල් පරිපුණ්ණානි - යනු අඩු නැතිව, සබ්බසො - හැම පැත්තෙන්ම, වැටේ ඒ ප්‍රේතයාට යකුළු පහරවල් හැට දහසක් වඳින්නට තරම් මහත් වූ විශාල වූ පර්වත කුටයක් පමණ හිසක් ඇත්තේ විය. ඒ හිසෙහි අස් ලොමක් බහාලන තරම්වත් ඉඩක් නොතබා ඔහුගේ හිස මතුපිට යකුළු පහර වදී. එයින් ඔහුගේ මස්තකය බිඳෙයි පොඩි වේ. ඒ නිසා මහත් හඬ දී ශබ්ද කරයි. සබ්බසො සීසෙ මය්හං නිපතන්ති, තෙ භින්දන්ති ච මත්ථකන්ති - එහෙයින් කියන ලදී.
අථ නං ථෙරො කතකම්මං පුච්ඡන්තො –
ඉක්බිතිව ස්ථවිරයන් වහන්සේ ඔහු විසින් කළ කර්මය විචාරමින්
“කිං නු කායෙන වාචාය, මනසා දුක්කටං කතං; කිස්ස කම්මවිපාකෙන, ඉදං දුක්ඛං නිගච්ඡසි.
ඔබ ඔබගේ කය වචනය සිත යන මේ තිදොරින් කවර පාප කර්මයක් කළේ ද? කවර කර්ම විපාකයකින් මෙවන් දුකකට පැමිණියේ ද?
“සට්ඨි කූටසහස්සානි, පරිපුණ්ණානි සබ්බසො; සීසෙ තුය්හං නිපතන්ති, තෙ භින්දන්ති ච මත්ථක”න්ති. –
එකක්වත් අඩු නැතිව සැට දහසක් යකුළු පහරවල් වැදී, තොපගේ හිස බිඳී යයි. මස්තකය පොඩි වේ.
ද්වෙ ගාථා අභාසි.
මේ ගාථා දෙක වදාළහ.
තස්ස පෙතො අත්තනා කතකම්මං ආචික්ඛන්තො –
එවිට ප්‍රේතයා තමන් විසින් කරන ලද අකුසල කර්මය පැහැදිලි කරමින් මේ ගාථා තුන කීහ.
“අථද්දසාසිං සම්බුද්ධං, සුනෙත්තං භාවිතින්ද්රියං; නිසින්නං රුක්ඛමූලස්මිං, ඣායන්තං අකුතොභයං.
වඩන ලද ශ්‍රද්ධාදී ඉන්ද්රියයන් ඇතිව, ගසක් මුල භාවනානුයෝගීව වැඩ සිටි, බිය නැත්තා වූ සුනේත්ර නම් පසේ බුදුන් වැඩ සිටිනු මම දැක්කෙමි.
“සාලිත්තකප්පහාරෙන, භින්දිස්සං තස්ස මත්ථකං; තස්සකම්මවිපාකෙන, ඉදං දුක්ඛං නිගච්ඡිසං.
උන්වහන්සේගේ හිස ගල් විදුම් පහරකින් පොඩි කළෙමි. ඒ අකුසල කර්මයේ විපාකයෙන් මේ දුක මට පැමිණියේය.
“සට්ඨි කූටසහස්සානි, පරිපුණ්ණානි සබ්බසො; සීසෙ මය්හං නිපතන්ති, තෙ භින්දන්ති ච මත්ථක”න්ති. –
නො අඩු වූ සැට දහසක් යකුළු පහරවල් හැම පැත්තෙන්ම, මගේ හිසට වදී, එයින් මගේ හිස පොඩි වෙත්.
තිස්සො ගාථායො අභාසි.
තත්ථ සම්බුද්ධන්ති පච්චෙකසම්බුද්ධං. සුනෙත්තන්ති එවංනාමකං. භාවිතින්ද්රියන්ති අරියමග්ගභාවනාය භාවිතසද්ධාදිඉන්ද්රියං.
එහි සම්බුද්ධස්ස - යනු පසේ බුදුන්, සුනෙත්තං - යනු සුනේත්ර නම් වී භාවිතින්ද්රියං - ආර්ය මාර්ග භාවනාවෙන් වැඩුණු ශ්‍රද්ධාදී ඉන්ද්රියයන් ඇති,
සාලිත්තකප්පහාරෙනාති සාලිත්තකං වුච්චති ධනුකෙන, අඞ්ගුලීහි එව වා සක්ඛරඛිපනපයොගො. තථා හි සක්ඛරාය පහාරෙනාති වා පාඨො. භින්දිස්සන්ති භින්දිං.
සාලිත්ත කප්පහාරෙතා - යනු ගල් දුන්නෙහි ඇඟිලි තබා ගල් විදීම හෝ ගල් වලින් අතකුරු ගැසීම සාලිත්තක යයි කියනු ලැබේ. සාලිත්තකප්ප හරණෙන යනු ද සමහර තැනක හින්දිස්සන්ති - බිඳෙන්නේය. (පොඩි වන්නේය)
තං සුත්වා ථෙරො “අත්තනො කතකම්මානුරූපමෙව ඉදානි පුරාණකම්මස්ස ඉදං ඵලං පටිලභතී”ති දස්සෙන්තො –
ඒ අසා ස්ථවිර තෙමේ තමා විසින්ම පෙර කරන ලද කර්මයට අනුරූපව, දැන් තමා විසින්ම එහි ඵල විපාක විදිනු ලැබේ. ඒ කර්මයාගේ විපාක දැන් ලබා ඇත. එය දක්වමින්.
“ධම්මෙන තෙ කාපුරිස; සට්ඨි කූටසහස්සානි, පරිපුණ්ණානි සබ්බසො; සීසෙ තුය්හං නිපතන්ති, තෙ භින්දන්ති ච මත්ථක”න්ති. –
නින්දිත පුරුෂය ඔබට ධර්මානුකුලවම, සුදුසු පරිද්දෙන්ම විපාක දී ඇත. අඩුවක් නැතිව සැටදහසක්ම වූ, හාත්පසින් වදින්නා වූ යකුළු පහරවලින් තොපගේ හිස බිඳේ, මස්තකය පොඩි වේ යන අවසාන ගාථාව කීහ.
ඔසානගාථමාහ. තත්ථ ධම්මෙනාති අනුරූපකාරණෙන. තෙති තව, තස්මිං පච්චෙකබුද්ධෙ අපරජ්ඣන්තෙන තයා කතස්ස පාපකම්මස්ස අනුච්ඡවිකමෙවෙතං ඵලං තුය්හං උපනීතං. තස්මා කෙනචි දෙවෙන වා මාරෙන වා බ්රහ්මුනා වා අපි සම්මාසම්බුද්ධෙනපි අප්පටිබාහනීයමෙතන්ති දස්සෙති.
එහි ධම්මෙ න - යනු සුදුසු වූ කාරණයෙන්ම තෙ - නුඹ එකල්හි පසේ බුදුන් වහන්සේට අපරාද කිරීමෙන් තොප විසින් කරන ලද පාප කර්මයාගේ, සුදුසුම වූ මේ විපාකය ඵලය තොප වෙතම පමුණුවන ලද්දේය. එහෙයින් කිසියම් දෙවිකෙනෙකු විසින් හෝ, මාරයෙකු විසින් හෝ බ්‍රහ්මයකු විසින් හෝ සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ විසින් හෝ මෙය වළක්වන්නට නො පිළිවන් වන්නේ යයි දැක්වීය.
එවඤ්ච පන වත්වා තතො නගරෙ පිණ්ඩාය චරිත්වා කතභත්තකිච්චො සායන්හසමයෙ සත්ථාරං උපසඞ්කමිත්වා තං පවත්තිං භගවතො ආරොචෙසි. භගවා තමත්ථං අට්ඨුප්පත්තිං කත්වා සම්පත්තපරිසාය ධම්මං දෙසෙන්තො පච්චෙකබුද්ධානං ගුණානුභාවං කම්මානඤ්ච අවඤ්ඣතං පකාසෙසි, මහාජනො සංවෙගජාතො හුත්වා පාපං පහාය දානාදිපුඤ්ඤනිරතො අහොසීති.
මෙසේ වදාරා ඉන්පසු පිඬු පිණිස හැසිර කරන ලද බත්කිස ඇත්තේ, (දානය වළදා) සවස් වේලෙහි ශාස්තෲන් වහන්සේ වෙත එළඹ මේ පුවත භාග්‍යවතුන් වහන්සේට සැළකළේය. භාග්‍යවතුන් වහන්සේ ඒ අර්ථය අර්ථෝත්පත්ති කොට ගෙන සිව් පිරිසට ධර්මය දේශනා කරන්නේ, පසේ බුදුවරුන්ගේ ගුණානුභාවය ද, කර්මයන් වඳ නොවන බව ද ප්‍රකාශ කළ සේක. මහජනයා සංවේගයට පැමිණියේ ශ්‍රද්ධාව උපදාව පව්කම් බැහැර කොට දන් දීමාදී පුණ්‍ය කර්මයන්හි නියැලුණේ වූවාහුය.
සට්ඨිකූටපෙතවත්ථුවණ්ණනා නිට්ඨිතා.
සට්ඨිකූට සහස්ස ප්‍රේත වස්තු වර්ණනාව නිමියේය.
ඉති ඛුද්දක-අට්ඨකථාය පෙතවත්ථුස්මිං සොළසවත්ථුපටිමණ්ඩිතස්ස චතුත්ථස්ස මහාවග්ගස්ස අත්ථසංවණ්ණනා නිට්ඨිතා.
සතර වෙනි මහාවර්‍ග වස්තු වර්ණනාව මෙතෙකින් සමාප්තයි.
නිගමනකථා
නිගමන කථා
එත්තාවතා ච –
[missing trans]
යෙ තෙ පෙතෙසු නිබ්බත්තා, සත්තා දුක්කටකාරිනො; යෙහි කම්මෙහි තෙසං තං, පාපකං කටුකප්ඵලං.
පච්චක්ඛතො විභාවෙන්තී, පුච්ඡාවිස්සජ්ජනෙහි ච; යා දෙසනානියාමෙන, සතං සංවෙගවඩ්ඪනී.
යං කථාවත්ථුකුසලා, සුපරිඤ්ඤාතවත්ථුකා; පෙතවත්ථූති නාමෙන, සඞ්ගායිංසු මහෙසයො.
තස්ස අත්ථං පකාසෙතුං, පොරාණට්ඨකථානයං; නිස්සාය යා සමාරද්ධා, අත්ථසංවණ්ණනා මයා.
යා තත්ථ පරමත්ථානං, තත්ථ තත්ථ යථාරහං; පකාසනා පරමත්ථ-දීපනී නාම නාමතො.
සම්පත්තා පරිනිට්ඨානං, අනාකුලවිනිච්ඡයා; සා පන්නරසමත්තාය, පාළියා භාණවාරතො.
ඉති තං සඞ්ඛරොන්තෙන, යං තං අධිගතං මයා; පුඤ්ඤං තස්සානුභාවෙන, ලොකනාථස්ස සාසනං.
ඔගාහෙත්වා විසුද්ධාය, සීලාදිපටිපත්තියා; සබ්බෙපි දෙහිනො හොන්තු, විමුත්තිරසභාගිනො.
චිරං තිට්ඨතු ලොකස්මිං, සම්මාසම්බුද්ධසාසනං; තස්මිං සගාරවා නිච්චං, හොන්තු සබ්බෙපි පාණිනො.
සම්මා වස්සතු කාලෙන, දෙවොපි ජගතීපති; සද්ධම්මනිරතො ලොකං, ධම්මෙනෙව පසාසතූති.
ඉති බදරතිත්ථවිහාරවාසිනා මුනිවරයතිනා
භදන්තෙන ආචරියධම්මපාලෙන කතා පෙතවත්ථුඅත්ථසංවණ්ණනා නිට්ඨිතා.
පෙතවත්ථු-අට්ඨකථා සමත්තා.
පේතවත්ථු අට්ඨකථාව නිමියේය.