පාටලීපුත්තපෙතවත්ථු එකාදසමං
4. 11.
4. 11.
802. දිට්ඨා තයා නිරයා තිරච්ඡානයොනි පෙතා අසුරා අථවාපි මනුස්සා දෙවා සයමද්දස කම්මවිපාකමත්තනො නෙස්සාමි තං පාටලිපුත්තමක්ඛතං තත්ථ ගන්ත්වා කුසලං කරොහි ධම්මං.
802. තොප විසින් නිරිසත්හු ද තිරිසන්හු ද ප්‍රෙතයෝ ද, අසුරයෝ ද, එසේ ම මිනිස්හු ද දෙවියෝ ද දක්නා ලද්දාහු යැ. තෙපි තමන්ගේ පව්කම්හි විපාකය තුමූ ම දුටුවහු ය. මම තොප කිසිවකු විසින් නො දක්නා ලදු ව පැළලුප් නුවරට පමුණුවන්නෙමි. තෙපි එහි ගොස් පින් කම් කරවු.
803. අත්ථකාමොසි මෙ යක්ඛ හිතකාමොසි දෙවතෙ, කරොමි තුය්හං වචනං ත්වංසි ආචරියො මම.
803. යක්ෂය, තෙපි මට වැඩ කැමැත්තහු. දෙවියෙනි, හිත කැමැත්තහු ය. තොපගේ වචනය කෙරෙමි, තෙපි මට ආචාර්ය්ය වවු.
804. දිට්ඨා මයා නිරයා තිරච්ඡානයොනි පෙතා අසුරා අථවාපි මනුස්සා දෙවා සයමද්දස කම්මවිපාකමත්තනො කාහාමි පුඤ්ඤානි අනප්පකානී’ති.
804. මා විසින් නිරිසත්හු ද තිරිසන්හු ද ප්‍රෙතයෝ ද අසුරයෝ ද මනුෂ්‍යයෝ ද දෙවියෝ ද දක්නා ලදහ. තමාගේ කර්ම විපාකය මම් මැ දිටිමි. බොහෝ පින් කරන්නෙමි.
පාටලීපුත්තපෙතවත්ථු එකාදසමං.
පාටලිපුත්ත ප්‍රේතවස්තු යි.
4. 12.
4. 12.
805. අයඤ්ච තෙ පොක්ඛරණී සුරම්මා සමා සුප්පතිත්ථා මහොදිකා ච, සුපුප්ඵිතා භමරගණානුකිණ්ණා කථං තයා ලද්ධා අයං මනුඤ්ඤා.
805. තොපගේ මේ පොකුණ ඉතා රමණීය යැ, සමතල යැ, මනා තොට ඇත්තේ යැ. බොහෝ දිය ඇත්තේ යැ. මොනවට පිපි මල් ඇත්තේ යැ. බමරකැලින් ගැවසී ගත්තේ ය. මේ මනහර පොකුණ තොප විසින් කෙසේ ලබන ලද ද?
806. ඉදඤ්ච තෙ අම්බවනං සුරම්මං සබ්බොතුකං ධාරයතෙ ඵලානි, සුපුප්ඵිතං භමරගණානුකිණ්ණං කථං තයා ලද්ධමිදං විමානං.
806. තොපගේ මේ අඹඋයන ද මනරම් වෙයි. හැම ඍතුයෙහි සුව එළවන්නේ යැ. පල දරයි. මොනවට පිපිමල් ඇත්තේ ය. බමර ගණයාගෙන් ගැවසුණේ ය. තොප විසින් මේ විමන කෙසේ ලබන ලද දැ යි.
807. අම්බපක්කොදකං යාගු සීතච්ඡායා මනොරමා, ධීතරා දින්නදානෙන තෙන මෙ ඉධ ලබ්භති.
807. මාගේ දුව විසින් දෙන ලද ඒ දානහේතුවෙන් ඉදුණු අඹ හා පැන් ද කැඳ සහ සිත්කලු සිහිල් සෙවණද මට ලැබේ.
808. සන්දිට්ඨිකං කම්මං එවං පස්සථ දානස්ස දමස්ස සංයමස්ස විපාකං, දාසී අහං අය්යකුලෙසු හුත්වා සුණිසා හොමි අගාරස්ස ච ඉස්සරා’ති.
808. දන්දීමෙහි ද ඉන්ද්රිය දමනයෙහි ද සීල සංවරයෙහි ද සාන්දෘෂ්ටික වූ කර්මයත් එහි විපාකත් මෙසේ බලවු. මම ස්වාමි කුලයෙහි දැස්සක් වැ පසු වැ ඔහුගේ යෙහෙලියක් ද වීමි. දැන් මම ගෙදර අධිපති වෙමි.
පොක්ඛරණීපෙතවත්ථු ද්වාදසමං.
පොක්ඛරණී ප්‍රේතවස්තු යි.
4. 13.
4. 13.
809. යං දදාති න තං හොති දෙථෙව දානං දත්වා උභයං තරති, උභයං තෙන දානෙන ගච්ඡති ජාගරථ මා පමජ්ජථා’ති.
809. දායකයා යම් දෙයක් දේ ද, පරලොවැ එය ම විපාකවශයෙන් ලැබෙන්නේ නො වේ. එයට වඩා බොහෝ සැප සම්පත් ලැබේ. එහෙයින් දන් දෙන්නේ ම මැනවි. දන් දී දෙලොවැ ම දුක ඉක්මවයි. දෙලොවැ ම සැපයට පැමිණෙයි. (එහෙයින්) දන් දීමෙහි උත්සුක වවු. පමා නො වවු.
අම්බරුක්ඛපෙතවත්ථු තෙරසමං.
අම්බරුක්ඛ ප්‍රේතවස්තු යි.
4. 14.
4. 14.
810. මයං භොගෙ සම්භරිම්හා සමෙන විසමෙන ච, තෙ අඤ්ඤෙ පරිභුඤ්ජන්ති මයං දුක්ඛස්ස භාගිනී’ති.
810. අපි දැහැමින් ද නොදැහැමින් ද වස්තු සම්පත් රැස් කෙළෙමු. එහෙත් ඒ වස්තුව දැන් අන්‍යයෝ පරිභෝග කෙරෙත්. අපි දුකට හිමි වූවෝ වෙමු.
භොගසංහරණපෙතවත්ථු චුද්දසමං.
භෝගසංහරණ ප්‍රේතවස්තු යි.
4. 15.
4. 15.
811. සට්ඨිවස්සසහස්සානි පරිපුණ්ණානි සබ්බසො, නිරයෙ පච්චමානානං කදා අන්තො භවිස්සති.
811. ලොහොකුඹු නිරයෙහි පැසෙන අපට හැම අයුරින් සැට දහසක් අවුරුදු පිරුණේ ය. කවදා මෙදුක කෙළවර වන්නේ ද?
812. නත්ථි අන්තො කුතො අන්තො න අන්තො පතිදිස්සති, තථා හි පකතං පාපං මම තුය්හං ච මාරිස.
812. නිදුකාණෙනි, මාගේ ද තොපගේ ද දුක් විඳීමෙහි කෙළවරක් නැත. අවසානයක් කොයින් ද? අවසානයක් නො පෙනේ. ඒ එසේ මැ යි. මා විසින් ද තොප විසින් ද දරුණු පව්කමක් කරන ලදී.
813. දුජ්ජීවිතං අජීවිම්හ යෙ සන්තෙ න දදම්හසෙ, සන්තෙසු දෙය්යධම්මෙසු දීපං නාකම්හ අත්තනො.
813. යම්බඳු වූ අපි දානවස්තු ඇති කල්හිත් නුදුන්මෝ ද, ඒ අපි නින්දිත ජීවිතයක් ගත කෙළෙමු. දානවස්තු ඇති කල්හිත් තමාට පිහිටක් නො කෙළෙමු.
814. සො හි නූන ඉතො ගන්ත්වා යොනිං ලද්ධාන මානුසිං, වදඤ්ඤූ සීලසම්පන්නො කාහාමි කුසලං බහු’න්ති.
814. ඒ මම් වනාහි මෙයින් සැවැ මේ නිරයෙන් ගොස් මිනිසත් බවක් ලබා ගෙන යදිවදන් දන්නෙම් ශීලයෙන් යුක්ත වූයෙම් බොහෝ කුසල් කරන්නෙමි.