යෙදුමෙන් කියවන්න

ගණපෙතවත්‍ථු දසමං

4. 10.

4. 10.

791. නග‍්ගා දුබ‍්බණ‍්ණරූපාත්‍ථ කිසා ධමනිසන්‍ථතා, උප‍්ඵාසුලිකා කිසිකා කෙ නු තුම‍්භෙත්‍ථ මාරිසා.

791. නිදුකාණෙනි, තෙපි නග්නහු යැ, කෘශ යැ, ඉල්පුණු නහර සහ උස් වැ නැඟුණු ඉල ඇට ඇත්තහු යැ දුර්වර්‍ණ වූ රූප ඇති ඉතා කෙට්ටු වූ තෙපි කවරහු ද?

792. මයං භද‍්දන‍්ත පෙතාම‍්හා දුග‍්ගතා යමලොකිකා, පාපකම‍්මං කරිත්‍වාන පෙතලොකමිතො ගතා.

792. ස්වාමීනි, අපි යමලොවැ උපන් දුගී වූ ප්‍රෙතයෝ වෙමු. පව් කම් කොට මෙලොවින් චුත වැ ප්‍රේතලෝකයට ගියෝ වෙමු.

793. කින‍්නු කායෙන වාචාය මනාසා දුක‍්කටං කතං, කිස‍්ස කම‍්මවිපාකෙන පෙතලොකමිතො ගතා.

793. කයින් වචනයෙන් සිතින් කිනම් පව්කමක් (තොප විසින්) කරන ලද ද? කිනම් කර්‍මවිපාකයෙකින් මෙලොවින් ප්‍රේතලෝකයට ගියහු ද?

794. ආනවටෙසු තිත්‍ථෙසු විචිනිම‍්භද‍්ධමාසකං, සන‍්තෙසු දෙය්‍යධම‍්මෙසු දීපං නාකම‍්හ අත‍්තනො.

794. (කිසිවකු විසින්) නො නවත්වන ලද ගං-තළා ඈ දිය නඟන තොටුපළවල (මිනිසුන්ට අමතක වැ ගිය දෑ ලැබීමේ ලෝභයෙන් පෙළුණු සිතින්) අඩමසක් පමණ කල් අහර සොයා ඇවිද්දෙමු. (නොහොත් කිසිවකු විසින් නො වැළැක්වූ මහණ බමුණන් එළැඹ සිටිකල්හි මසුරු මලින් යුතු වැ අඩමස්සක් පමණවත් කිසිවකුට නො දෙමින් ධන රැස් කළම්හ) දියයුතු දානවස්තුව ඇති කල්හිත් තමනට පරලොව දී පිහිටවන පිනක් නො කළම්හ.

795. නදිං උපෙම තසිතා රිත‍්තකා පරිවත‍්තති, ඡායං උපෙම උණ‍්හෙසු ආතපො පරිවත‍්තති.

795. පවසින් පෙළුණු අපි නදියකට පැමිණෙමු නම් ඒ නදී තොමෝ දියෙන් හිස් බවට පෙරළේ. උෂ්ණ කාලයන්හි සෙවණකට පැමිණෙමු නම් එතැනට අව්ව පෙරළේ.

796. අග‍්ගිවණ‍්ණො ච නො වාතො දහන‍්තො උපවායති, එතඤ‍්ච භන‍්තෙ අරහාම අඤ‍්ඤඤ‍්ච පාපකං තතො.

796. ගිනිවත් වූ වාතය ද අප (සිරුරු) දවමින් හමයි. වහන්ස, මේ දුකට ද මෙයින් අන්‍ය වූ මෙයට වඩා දරුණු දුකකට ද (අපි) සුදුසු වම්හ.

797. අධි යොජනානි ගච‍්ඡාම ඡාතා ආහාරගෙධිනො, අලද‍්ධාව නිවත‍්තෙම අහො නො අප‍්පපුඤ‍්ඤතා.

797. (අපි) සාදුකින් පෙළෙන්නමෝ අහරෙහි ගිජු වැ නොයෙක් යොදුන් ගණන් අහර සොයා යම්හ. අහරක් නො ලබා මැ නවතිමු. අපගේ පින් නැති බව ආශ්චර්‍ය්‍ය යි.

798. ඡාතා පමුච‍්ඡිතා භන‍්තා භූමියං පටිසුම‍්භිතා, උත‍්තානා පතිකිරාම අවකුජ‍්ජා පතාමසෙ.

798. වෙසෙසින් පෙළුණු, මුසපත් වූ, අපි භ්‍රාන්ත වූවාහු බිම ඇදවැටෙන්නෙමු. උඩුකුරු වැ වැටුණාහු විසුරුණු අවයව ඇත්තෙමු. එහෙයින් යටිකුරු වැ වැටෙමු.

799. තෙ ච තත්‍ථෙව පතීතා භූමියං පටිසුම‍්භිතා, උරං සීසඤ‍්ච ඝට‍්ටෙම අහො නො අප‍්පපුඤ‍්ඤතා.

799. ඒ ගිය ගිය තැන ම වැටුණා වූ ද, නැගී සිටීමට නොහැකි වැ බිමැ වැටුණා වූ ද ඒ අපි ළයට ද හිසට ද ගසා ගනිමු. අපේ පින් නැති බව අඳෝම යි,

800. එතඤ‍්ච භන‍්තෙ අරහාම අඤ‍්ඤං ච පාපකං තතො, සන‍්තෙසු දෙය්‍යධම‍්මෙසු දීපං නාකම‍්හ අත‍්තනො.

800. වහන්ස, මේ දුකට ද මෙයට වඩා ලාමක වූ අනෙක් දුකකට ද අපි සුදුස්සම්හ. දේයධර්‍මය ඇති කල්හිත් තමහට පිහිට වන පිනක් නො කෙළෙමු.

801. තෙ හි නූන ඉතො ගන‍්ත්‍වා යොනිං ලද‍්ධාන මානුසිං, වදඤ‍්ඤූ සීලසම‍්පන‍්නා කාහාම කුසලං බහු’න‍්ති.

801. ඒ අපි මෙලොවින් ච්‍යුත වැ ගොස් මිනිස් ලොවැ උපතක් ලැබ යදියන්ගේ වදන් දන්නාසුලු වැ සීල සම්පන්න වැ ඒකාන්තයෙන් බොහෝ කුසල් කරන්නෙමු.

ගණපෙතවත්‍ථු දසමං.

ගණ ප්‍රේතවස්තු යි.