යෙදුමෙන් කියවන්න

3. නන්‍දකපෙතවත්‍ථුවණ‍්ණනා අට‍්ඨකථා

3. නන්‍දකපෙතවත්‍ථුවණ‍්ණනා

3. නන්දක පෙතවස්තු වර්ණනාව

රාජා පිඞ‍්ගලකො නාමාති ඉදං නන්‍දකපෙතවත්‍ථු. තස‍්ස කා උප‍්පත‍්ති? සත්‍ථු පරිනිබ‍්බානතො වස‍්සසතද‍්වයස‍්ස අච‍්චයෙන සුරට‍්ඨවිසයෙ පිඞ‍්ගලො නාම රාජා අහොසි. තස‍්ස සෙනාපති නන්‍දකො නාම මිච‍්ඡාදිට‍්ඨී විපරීතදස‍්සනො “නත්‍ථි දින‍්න”න‍්තිආදිනා මිච‍්ඡාගාහං පග‍්ගය‍්හ විචරි. තස‍්ස ධීතා උත‍්තරා නාම උපාසිකා පතිරූපෙ කුලෙ දින‍්නා අහොසි. නන්‍දකො පන කාලං කත්‍වා විඤ‍්ඣාටවියං මහති නිග්‍රොධරුක‍්ඛෙ වෙමානිකපෙතො හුත්‍වා නිබ‍්බත‍්ති. තස‍්මිං කාලකතෙ උත‍්තරා සුචිසීතලගන්‍ධොදකපූරිතං පානීයඝටං කුම‍්මාසාභිසඞ‍්ඛතෙහි වණ‍්ණගන්‍ධරසසම‍්පන‍්නෙහි පූවෙහි පරිපුණ‍්ණසරාවකඤ‍්ච අඤ‍්ඤතරස‍්ස ඛීණාසවත්‍ථෙරස‍්ස දත්‍වා “අයං දක‍්ඛිණා මය‍්හං පිතු උපකප‍්පතූ”ති උද‍්දිසි, තස‍්ස තෙන දානෙන දිබ‍්බපානීයං අපරිමිතා ච පූවා පාතුභවිංසු. තං දිස‍්වා සො එවං චින‍්තෙසි – “පාපකං වත මයා කතං, යං මහාජනො ‘නත්‍ථි දින‍්න’න‍්තිආදිනා මිච‍්ඡාගාහං ගාහිතො. ඉදානි පන පිඞ‍්ගලො රාජා ධම‍්මාසොකස‍්ස රඤ‍්ඤො ඔවාදං දාතුං ගතො, සො තං තස‍්ස දත්‍වා ආගමිස‍්සති, හන්‍දාහං නත්‍ථිකදිට‍්ඨිං විනොදෙස‍්සාමී”ති. න චිරෙනෙව ච පිඞ‍්ගලො රාජා ධම‍්මාසොකස‍්ස රඤ‍්ඤො ඔවාදං දත්‍වා පටිනිවත‍්තන‍්තො මග‍්ගං පටිපජ‍්ජි.

“රාජා පිඞ්ගලකො නාම” ආදී වූ මෙය නන්දක ප්‍රේත වස්තුවයි. එහි උත්පත්ති කථාව කවරේද යත්. ශාස්තෲන් වහන්සේ පිරිනිවන් පා වසර දෙසීයක් ගතවීමෙන් පසුව, සුරට්ඨ දේශයේ පිඞ්ගල නම් රජකෙනෙක් විසීය. ඔහුගේ සේනාපතියා නන්දක නම් විය. හේ මිථ්‍යා දෘෂ්ටි ගත්තෙකි. විපරීත අදහස් ඇත්තේය. දුන් දෙයෙහි විපාක නැත ආදී වශයෙන් මිථ්‍යා අදහස් ගෙන හැසිරුණේය. ඔහුගේ දුව උත්තරා නම් උපාසිකාව සුදුසු කුලයකට විවාහ කර දෙන ලද්දේ විය. නන්දක සේනාපතියා කළුරිය කොට වින්ධ්‍යා පර්වතයේ මහත් විශාල වූ නුග ගසෙක ද්වේමාතික ප්‍රේතයකු වී උපන්නේය. එම සේනාපතියා කළුරිය කළ කල්හි ඔහුගේ දුව උත්තරා තොමෝ සිහිල් සුවඳ ජලයෙන් පිර වූ වතුර කළයක් ද කොමු පිටියෙන් තනන ලද වර්ණයෙන් හා සුවඳින් යුක්ත වූ කැවුම් වලින් පිරුණු නෑඹිලියක් ද එක්තරා රහතන් වහන්සේ නමකට පුද දී, මේ දක්ෂිණාවගේ කුසල් මගේ පියා අනුමෝදන් වේවායි උදෙසීය. එම දානය දීමෙන් දිව්‍යමය වූ පැන් ද අපමණ වූ දිව බොජුන් ද, ඒ ප්‍රේතයාට පහළ විය. ඒ දැක හේ මෙසේ සිතීය. මා විසින් දුන් දෙයෙහි විපාක නැතැයි දෘෂ්ටි ගෙන, එම දෘෂ්ටියෙන් මහ ජනයා ද දෘෂ්ටි ගන්වන ලදී. ඒ මගින් මා විසින් පව් කරන ලද්දෙමි. දැන් පිඞ්ගල නම් රජු ධර්මාශෝක රජුට උපස්ථාන කොට නැවත මේ මගින් ආපසු යන්නේය. ඒකාන්තයෙන් මම ඔහුගේ නාස්තික දෘෂ්ටිය දුරලන්නෙමි කියා සිතීය. වැඩිකල් නොගොස්ම පිඞ්ගල රජු ධර්මාශෝක රජුට උවැටන් කොට නැවත ආපසු ඒමට මගට පිළිපන්නේය.

අථ සො පෙතො අත‍්තනො වසනට‍්ඨානාභිමුඛං තං මග‍්ගං නිම‍්මිනි. රාජා ඨිතමජ‍්ඣන‍්හිකෙ සමයෙ තෙන මග‍්ගෙන ගච‍්ඡති. තස‍්ස ගඡන‍්තස‍්ස පුරතො මග‍්ගො දිස‍්සති, පිට‍්ඨිතො පනස‍්ස අන‍්තරධායති. සබ‍්බපච‍්ඡතො ගච‍්ඡන‍්තො පුරිසො මග‍්ගං අන‍්තරහිතං දිස‍්වා භීතො විස‍්සරං විරවන‍්තො ධාවිත්‍වා රඤ‍්ඤො ආරොචෙසි, තං සුත්‍වා රාජා භීතො සංවිග‍්ගමානසො හත්‍ථික‍්ඛන්‍ධෙ ඨත්‍වා චතස‍්සො දිසා ඔලොකෙන‍්තො පෙතස‍්ස වසනනිග්‍රොධරුක‍්ඛං දිස‍්වා තදභිමුඛො අගමාසි සද‍්ධිං චතුරඞ‍්ගිනියා සෙනාය. අථානුක‍්කමෙන රඤ‍්ඤෙ තං ඨානං පත‍්තෙ පෙතො සබ‍්බාභරණවිභූසිතො රාජානං උපසඞ‍්කමිත්‍වා පටිසන්‍ථාරං කත්‍වා පූවෙ ච පානීයඤ‍්ච දාපෙසි. රාජා සපරිජනො න‍්හත්‍වා පූවෙ ඛාදිත්‍වා පානීයං පිවිත්‍වා පටිප‍්පස‍්සද‍්ධමග‍්ගකිලමථො “දෙවතා නුසි ගන්‍ධබ‍්බො”තිආදිනා පෙතං පුච‍්ඡි. පෙතො ආදිතො පට‍්ඨාය අත‍්තනො පවත‍්තිං ආචික‍්ඛිත්‍වා රාජානං මිච‍්ඡාදස‍්සනතො විමොචෙත්‍වා සරණෙසු සීලෙසු ච පතිට‍්ඨාපෙසි. තමත්‍ථං දස‍්සෙතුං සඞ‍්ගීතිකාරා –

ඉක්බිති (ඔහු) ප්‍රේතයා තමන් වසන තැනට අභිමුඛව ඒ මග මැවීය. රජු මධ්‍යාහ්න කාලයේ ඒ මගින් යයි. ඔහු ගමන් ගන්නා මග ඉදිරියෙන් මග පෙනේ, ඉක්ම වූ මග අතුරුදහන් වෙයි. සියල්ලට පසුව යන පුරුෂයා මග අතුරුදන් වූවා දැක බියට පත් වූයේ මහත් සේ කෑ ගසමින් දුවගොස් රජුට කීයේය. ඒ අසා රජු බියට පත් වූයේ කළ කරුණු සිත් ඇතිව, ඇතු පිට සිටම සතර දිසා බලන්නේ, ප්‍රේතයා වසන නුගරුක දැක සිව්රඟ සෙනඟ සමග ඒ නුගරුක වෙත ගියේය. ක්‍රමයෙන් රජු නුගරුක මුලට පැමිණියේ සර්වාභරණයෙන් සැරසුණු ප්‍රේතයා රජු වෙතට පැමිණ, පිළිසදර කතා කොට කැවුම් ද වතුර ද දුන්නේය. පිරිවර සහිත රජු දිය නා කැවුම් කා වතුර බී සන්සිඳුණු ගමන් විඩාව ඇත්තේ, නුඹ දෙවියෙක් ද, ගන්ධර්වයෙක් දැයි ප්‍රේතයාගෙන් විචාළේය. ප්‍රේතයා ආරම්භයේ පටන් තමන්ගේ සියලු පුවත් කියා රජුගේ මිථ්‍යා දර්ශනයෙන් මුදවා ශරණයෙහි ද ශීලයෙහි ද පිහිටුවීය. එහි අර්ථය විස්තර කරනු සඳහා සඞ්ගීති කාරකයෝ මේ ගාථා දැක්වූහ.

“රාජා පිඞ‍්ගලකො නාම, සුරට‍්ඨානං අධිපති අහු; මොරියානං උපට‍්ඨානං ගන‍්ත්‍වා, සුරට‍්ඨං පුනරාගමා.

සුරට්ඨ දේශයට අධිපති වූ, පිඞ්ගල නම් රජෙක් වූයේය. ඔහු මෞර්ය ධර්මාශෝක රජුන්ට උපස්ථානයට ගොස් නැවත සුරට්ඨ දේශය බලා ආපසු ආයේය.

“උණ‍්හෙ මජ‍්ඣන‍්හිකෙ කාලෙ, රාජා පඞ‍්කං උපාගමි; අද‍්දස මග‍්ගං රමණීයං, පෙතානං තං වණ‍්ණුපථං.

රජු ඌෂ්ණත්වයෙන් යුතු මධ්‍යාහ්න කාලයෙහි මහ මගට පිළිපන්නේ ප්‍රේතයා විසින් නිමාවට පත්කළ මාර්ගයක් වූ, මොළොක් බිම ඇති, සිත්කළු වූ මහා මාර්ගය දුටුවේය.

සාරථිං ආමන‍්තයී රාජා –

රජතෙම රියැදුරු ඇමතුවේය,

“‘අයං මග‍්ගො රමණීයො, ඛෙමො සොවත්‍ථිකො සිවො; ඉමිනා සාරථි යාම, සුරට‍්ඨානං සන‍්තිකෙ ඉතො’.

රියැදුරු, මේ මාර්ගය සිත්කළුය, උවදුරු නැත්තේය. සුවපත් බව ඇත්තේය. උවදුරු රහිතය. රියැදුර මේ මගින් යව, මේ මගින් සුරට්ඨ දේශයට සමීප වෙමු.

“තෙන පායාසි සොරට‍්ඨො, සෙනාය චතුරඞ‍්ගිනියා; උබ‍්බිග‍්ගරූපො පුරිසො, සොරට‍්ඨං එතදබ්‍රවි.

සුරට්ඨාධිපති වූ රජතෙම සිව්රඟ සෙනඟ පිරිවරා ඒ මගින් ගියේය. බියට පත් වූ යම් පුරුෂයෙක් සුරට්ඨ දේශයේ රජුට මෙසේ කීයේය.

“‘කුම‍්මග‍්ගං පටිපන‍්නම‍්හා, භිංසනං ලොමහංසනං; පුරතො දිස‍්සති මග‍්ගො, පච‍්ඡතො ච න දිස‍්සති.

බිය ජනක වූ, ලොමු දැහැගන්වන්නා වූ, නපුරු මගකට අපි පිළිපන්නෝ වෙමු. ඉදිරියෙහි පාර අපට පෙනේ, අප විසින් පසු කරන්නා වූ මග අපට නොපෙනේ.

“‘කුම‍්මග‍්ගං පටිපන‍්නම‍්හා, යමපුරිසාන සන‍්තිකෙ; අමානුසො වායති ගන්‍ධො, ඝොසො සුය්‍යති දාරුණො’.

නිරිසතුන්ගේ සමීපයෙහි වූ නපුරු මගකට අපි සේන්දු වූයෙමු. අමනුෂ්‍යයන් පිළිබඳ දුගඳ හමයි. දරුණු වූ ශබ්ද ඇසේ.

“සංවිග‍්ගො රාජා සොරට‍්ඨො, සාරථිං එතදබ්‍රවි; ‘කුම‍්මග‍්ගං පටිපන‍්නම‍්හා, භිංසනං ලොමහංසනං; පුරතො දිස‍්සති මග‍්ගො, පච‍්ඡතො ච න දිස‍්සති.

කළකරුණු සිත් ඇති සුරාශ්ට්‍ර රජු රියැදුරාට මෙසේ කීයේය. බියජනක වූ, ලොමු දැහැ ගන්වන්නා වූ, නපුරු මගකට අප සේන්දු වූයෙමු. ඉදිරියේ යන මග අපට පෙනේ. අප පසු කරන මග නො දක්නේය.

“‘කුම‍්මග‍්ගං පටිපන‍්නම‍්හා, යමපුරිසාන සන‍්තිකෙ; අමානුසො වායති ගන්‍ධො, ඝොසො සුය්‍යති දාරුණො’.

නිරිසතුන්ගේ සමීපයෙහි වූ, නපුරු මගකට අපි සේන්දු වූයෙමු. අමනුෂ්‍ය ගඳ හාත්පසින් මයි. දරුණු වූ ශබ්ද ඇසේ.

“හත්‍ථික‍්ඛන්‍ධං සමාරුය‍්හ, ඔලොකෙන‍්තො චතුද‍්දිසා; අද‍්දස නිග්‍රොධං රමණීයං, පාදපං ඡායාසම‍්පන‍්නං; නීලබ‍්භවණ‍්ණසදිසං, මෙඝවණ‍්ණසිරීනිභං.

ඇතු පිටට නැගී සිව් දිසා බලන්නේ, නීලාකාසය හා සමාන වූ, වැහි වළාකුලක ශ්‍රීයාව පාන්නා වූ, සිත්කළු වූ, සෙවණ සහිත වූ, පොළවට මුල් එල්ලෙන්නා වූ නුග රුක දුටුවේය. නිල් අහස හා සමාන වූ, වැසි වළාවක ශ්‍රියාව දක්වන්නා වූ, (ගසක් පෙනේ යයි)

“සාරථිං ආමන‍්තයී රාජා, ‘කිං එසො දිස‍්සති බ්‍රහා; නීලබ‍්භවණ‍්ණසදිසො, මෙඝවණ‍්ණසිරීනිභො’.

රියැදුරා අමතා රජු කීයේය. නිල් අහස හා සමානව කළු වළාවක් මෙන් වූ සෙවණ සහිත වූ පාදපයන්ගෙන් යුත්,

“නිග්‍රොධො සො මහාරාජ, පාදපො ඡායාසම‍්පන‍්නො; නීලබ‍්භවණ‍්ණසදිසො, මෙඝවණ‍්ණසිරීනිභො.

එය නුග ගසක් වේ. නිල්වන් වූ මේකුළක් හා සමාන වූ, යම් නුග ගසක් දිස්වේ ද? සුරාට්ඨයේ රජු ඒ වෘක්ෂය දෙසට ගියේය.

“තෙන පායාසි සොරට‍්ඨො, යෙන සො දිස‍්සතෙ බ්‍රහා; නීලබ‍්භවණ‍්ණසදිසො, මෙඝවණ‍්ණසිරීනිභො.

“හත්‍ථික‍්ඛන්‍ධතො ඔරුය‍්හ, රාජා රුක‍්ඛං උපාගමි; නිසීදි රුක‍්ඛමූලස‍්මිං, සාමච‍්චො සපරිජ‍්ජනො; පූරං පානීයසරකං, පූවෙ විත‍්තෙ ච අද‍්දස.

ඇතු පිටට නැගී රජු ඒ නුගරුක වෙත එළඹියේය. ඇමතිවරුන් ද පිරිවර ද සමග වූ මහරජු රුක් මුල්හි හුන්නේය. දියෙන් පිරුණා වූ පැන් තලියක් ද, මිහිරි වූ කැවුම් ද එහි විය.

“පුරිසො ච දෙවවණ‍්ණී, සබ‍්බාභරණභූසිතො; උපසඞ‍්කමිත්‍වා රාජානං, සොරට‍්ඨං එතදබ්‍රවි.

සියලු අබරණින් සැරසුණු දිව්‍ය වර්ණයන්ගෙන් යුත්, එක් පුරුෂයෙක් සුරාශ්ඨ්‍ර රජු වෙත පැමිණ මෙසේ කීයේය.

“‘ස‍්වාගතං තෙ මහාරාජ, අථො තෙ අදුරාගතං; පිවතු දෙවො පානීයං, පූවෙ ඛාද අරින්‍දම’.

මහරජ යහපත් ගමනක් වේවා! ඔබගේ පැමිණීම නපුරු ගමනක් නොවේ. රජතුමනි! කැවුම් කා වතුර බොනු මැනැවි.

“පිවිත්‍වා රාජා පානීයං, සාමච‍්චො සපරිජ‍්ජනො; පූවෙ ඛාදිත්‍වා පිත්‍වා ච, සොරට‍්ඨො එතදබ්‍රවි.

ඇමති ගණයා ද පිරිවර ද, සහිත වූ රජු කැවුම් කා පැන් බී, සුරාශ්ඨ්‍ර රජු මෙසේ ඇසීය.

“දෙවතා නුසි ගන්‍ධබ‍්බො, අදු සක‍්කො පුරින්‍දදො; අජානන‍්තා තං පුච‍්ඡාම, කථං ජානෙමු තං මයන‍්ති.

ඔබ දෙවියෙක් වෙහි ද, නැතිනම් ගන්ධර්වයෙක් ද? එසේත් නැතිනම් පුරින්ද වූ ශක්‍රයා ද? ඔබ කවුරුදැයි අප නො දන්නේ කෙසේ නම් ඔබ දැනගන්නෙහි ද?

“නාම‍්හි දෙවො න ගන්‍ධබ‍්බො, නාපි සක‍්කො පුරින්‍දදො; පෙතො අහං මහාරාජ, සුරට‍්ඨා ඉධ මාගතොති.

මහරජුනි! මම දෙවියෙක් නොවෙමි. ගන්ධර්වයෙක් ද නොවෙමි. ශක්‍රයා ද නොවෙන්නෙමි. සුරට්ඨ දේශයේ සිට මෙහි පැමිණි මම ප්‍රේතයෙක් වෙමි.

“කිංසීලො කිංසමාචාරො, සුරට‍්ඨස‍්මිං පුරෙ තුවං; කෙන තෙ බ්‍රහ‍්මචරියෙන, ආනුභාවො අයං තවාති.

ඔබ පෙර සුරට්ඨ රටෙහි කෙබඳු සිල්වතෙක් වූයේ ද? කවරනම් බ්‍රහ්ම චර්යාවක් ආරක්ෂා කළෙහි ද? ඔබේ කුමන ආචාර ධර්මයක් හේතු කොට ගෙන මෙසේ මහානුභාව සම්පන්න වී ද?

“තං සුණොහි මහාරාජ, අරින්‍දම රට‍්ඨවඩ‍්ඪන; අමච‍්චා පාරිසජ‍්ජා ච, බ්‍රාහ‍්මණො ච පුරොහිතො.

සතුරන් දමනය කරන්නා වූ රට වඩන මහරජතුමනි! ඔබ වහන්සේ ද, ඇමති පිරිස ද, පරිවාර ජනයෝ ද, පුරෝහිත බමුණා ද, මෙය අසත්වා

“සුරට‍්ඨස‍්මිං අහං දෙව, පුරිසො පාපචෙතසො; මිච‍්ඡාදිට‍්ඨි ච දුස‍්සීලො, කදරියො පරිභාසකො.

දේවයන් වහන්ස! සුරට්ඨ රටෙහි සිටි මම පාපී චේතනා ඇති, මිථ්‍යාදෘෂ්ටි වූ, දුශ්ශීල වූ තද මසුරෙක් වූ, ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට පරිභව කළා වූ පාපකාරී පුරුෂයෙක් වීමි.

“දදන‍්තානං කරොන‍්තානං, වාරයිස‍්සං බහුජ‍්ජනං; අඤ‍්ඤෙසං දදමානානං, අන‍්තරායකරො අහං.

මම දන් දෙන්නා වූ අයට ද, අනුන්ට උපකාර කරන අයට ද, අනතුරු කරන්නෙක් වීමි. දන් දෙන්නා වූ බොහෝ ජනයා එයින් වැළැක්වීමි.

“විපාකො නත්‍ථි දානස‍්ස, සංයමස‍්ස කුතො ඵලං; නත්‍ථි ආචරියො නාම, අදන‍්තං කො දමෙස‍්සති.

දානයාගේ මතු විපාක නැතැයි ද, ශීලයෙන් සංයමයෙන් ඵල විපාක නැතැයි ද, නොදැමුණු අය දමනය කරන්නෙක් ආචාර්යවරයෙක් නැතැයි ද මම විශ්වාස කළෙමි.

“සමතුල්‍යානි භූතානි, කුතො ජෙට‍්ඨාපචායිකො; නත්‍ථි බලං වීරියං වා, කුතො උට‍්ඨානපොරිසං.

සත්ත්වයෝ එක සමාන වෙති. ජ්‍යෙෂ්ඨයෙක් වැඩිහිටියෙක් නැත. වැඩිහිටියන් පිදීමෙන් ප්‍රතිඵලයක් නැත. බලයක් හෝ වීර්යයක් නැත. උට්ඨාන වීර්ය පුරුෂ පරාක්‍රමයක් ද නැත්තේය.

“නත්‍ථි දානඵලං නාම, න විසොධෙති වෙරිනං; ලද‍්ධෙය්‍යං ලභතෙ මච‍්චො, නියතිපරිණාමජං.

දාන ඵල විපාකයක් නැත. මිනිස්සු දුක් සැප ආදිය ස්වභාවධර්මයේ උපත් වසයෙන් ලබයි.

“නත්‍ථි මාතා පිතා භාතා, ලොකො නත්‍ථි ඉතො පරං; නත්‍ථි දින‍්නං නත්‍ථි හුතං, සුනිහිතං න විජ‍්ජති.

මව්පිය කෙනෙක් සහෝදර සහෝදරියෝ නැත. මෙලොවින් මතු පරලොවක් නැත. මහා දානයක් හෝ දුරසිට එළවන සත්කාරය නැත. මනාකොට තබන ලද්දක් ද නොපෙනේ.

“යොපි හනෙය්‍ය පුරිසං, පරස‍්ස ඡින්‍දතෙ සිරං; න කොචි කඤ‍්චි හනති, සත‍්තන‍්නං විවරමන‍්තරෙ.

යමෙක් පුරුෂයෙකු නසන්නේ ද? අනිකකුගේ හිස සිඳින්නේ ද? එයින් කිසිදු විපාකයක් ඝාතකයාට සිදු නොවේ. කිසි පුද්ගලයෙක් කිසිවෙකු නොනසයි. සප්ත කායයන්ගේ සිදුරු අතරෙහි ඇතුල් වෙයි.

“අච‍්ඡෙජ‍්ජාභෙජ‍්ජො හි ජීවො, අට‍්ඨංසො ගුළපරිමණ‍්ඩලො; යොජනානං සතං පඤ‍්ච, කො ජීවං ඡෙත‍්තුමරහති.

සත්ත්වයන්ගේ ජීවය බිඳලිය නොහැකිය. ඒ ජීවය (නිත්‍ය ස්වභාව හෙයින්) ගුළියක් මෙන් වේ.(ජීවයෝ ද ශරීරයෝ ද නිත්‍ය ස්වභාව වෙත්)

“යථා සුත‍්තගුළෙ ඛිත‍්තෙ, නිබ‍්බෙඨෙන‍්තං පලායති; එවමෙව ච සො ජීවො, නිබ‍්බෙඨෙන‍්තො පලායති.

යම් සේ නූල් ගුළියක් දිග හැරීම් වශයෙන් (වෙළුම් හැරී) දැමූ කල්හි එය ලිහී යා ද එසේම ජීවය ද ලිහිල් වී පලා යයි.

“යථා ගාමතො නික‍්ඛම‍්ම, අඤ‍්ඤං ගාමං පවිසති; එවමෙව ච සො ජීවො, අඤ‍්ඤං බොන්‍දිං පවිසති.

මේ ගමින් නික්මී අනික් ගමකට යයි ද? එසේම ජීවය ද අනිත් ශරීරයකට ඇතුල් වේ.

“යථා ගෙහතො නික‍්ඛම‍්ම, අඤ‍්ඤං ගෙහං පවිසති; එවමෙව ච සො ජීවො, අඤ‍්ඤං බොන්‍දිං පවිසති.

යම්සේ ගෙයින් නික්මී අනෙක් ගෙයකට ඇතුල් වන පුද්ගලයකු මෙන් ජීවය ද අනික් ශරීරයකට ඇතුල් වෙයි.

“චුල‍්ලාසීති මහාකප‍්පිනො, සතසහස‍්සානි හි; යෙ බාලා යෙ ච පණ‍්ඩිතා, සංසාරං ඛෙපයිත්‍වාන; දුක‍්ඛස‍්සන‍්තං කරිස‍්සරෙ.

යම් බාලයෙක් හෝ පණ්ඩිතයෙක් හෝ වේවා! ඔව්හු මහා කල්පයක්, අසූහාර ලක්ෂයක් වැනි කාලයක් සසරෙහි ඔබ මොබ සැරි සරා අවසානයේ දුක් කෙළවර කරති. (කුශලා කුශල කර්මයෝ අනවශ්‍යයහ)

“මිතානි සුඛදුක‍්ඛානි, දොණෙහි පිටකෙහි ච; ජිනො සබ‍්බං පජානාති, සම‍්මූළ‍්හා ඉතරා පජා.

සත්ත්වයන්ගේ සැප දුක් දෙක, ඉහත සඳහන් කාල පරිච්ඡේදයන්හි විඳින ලද පමණය. සත්ත්වයෝ අතිශයින් මුලාවට පත්ව හැසිරෙති ජින භූමියෙහි සිටියෙක් පමණක් සියල්ල දනී.

“එවංදිට‍්ඨි පුරෙ ආසිං, සම‍්මූළ‍්හො මොහපාරුතො; මිච‍්ඡාදිට‍්ඨි ච දුස‍්සීලො, කදරියො පරිභාසකො.

මම පෙර ආත්මයෙහි මෙබදු දෘෂ්ටි ඇත්තෙක් වූයෙමි. අතිශයින් මුළාවූයේ මෝහයෙන් වැසුනේ, මිසදිටු අදහස් ඇත්තේ, සිල් නැත්තේ, තද මසුරු වූයේ හා අනුන්ට පරිභව කරන්නෙක් ද වූයෙමි.

“ඔරං මෙ ඡහි මාසෙහි, කාලකිරියා භවිස‍්සති; එකන‍්තකටුකං ඝොරං, නිරයං පපතිස‍්සහං.

මෙතැන් සිට සයමසක් මත්තෙහි මගේ කළුරිය කිරීම සිදුවන්නේය. ඉතාම තියුණු වූ දරුණු වූ කටුක වූ නිරයට ඒකාන්තයෙන්ම මා වැටෙන්නේය.

“චතුක‍්කණ‍්ණං චතුද‍්වාරං, විභත‍්තං භාගසො මිතං; අයොපාකාරපරියන‍්තං, අයසා පටිකුජ‍්ජිතං.

එහි කොන් සතරක් ඇත්තේය. දොරටු සතරක් ඇත්තේය. සම්පුර්ණ පරිමාව කොටස් කර බෙදා ඇත්තේය. යකඩ පවුරකින් පිට කරන ලද එය යකඩ පියනකින් වසා ඇත්තේය.

“තස‍්ස අයොමයා භූමි, ජලිතා තෙජසා යුතා; සමන‍්තා යොජනසතං, ඵරිත්‍වා තිට‍්ඨති සබ‍්බදා.

ඒ අවීචි මහා නරකයේ යකඩමය වූ භූමියේ නිතර ගිනි දැල්වලින් දිලිසේ. යොදුන් සියයක් හාත්පස හැමතැන ගිනිදැල් පිරී පවතී. පැතිරි යයි.

“වස‍්සානි සතසහස‍්සානි, ඝොසො සුය්‍යති තාවදෙ; ලක‍්ඛො එසො මහාරාජ, සතභාගවස‍්සකොටියො.

මහරජ! අවුරුදු ලක්ෂයක් ඉකුත් වූ විට එතැනින් ශබ්දයක් ඇසේ. එහි ආයුෂ කාලය සියයක් කොටස් වූ අවුරුදු කෝටියක් වේ.

“කොටිසතසහස‍්සානි, නිරයෙ පච‍්චරෙ ජනා; මිච‍්ඡාදිට‍්ඨී ච දුස‍්සීලා, යෙ ච අරියූපවාදිනො.

යම් සත්ත්වයෙක් හවුරුදු කෝටියක් මුළුල්ලෙහි නරකයෙහි පැසෙත් ද? ඔව්හු මිථ්‍යාදෘෂ්ටිකයෝ ද, දුශ්ශීලයෝ ද, ආර්යෝපවාද කළෝ ද වෙති.

“තත්‍ථාහං දීඝමද‍්ධානං, දුක‍්ඛං වෙදිස‍්ස වෙදනං; ඵලං පාපස‍්ස කම‍්මස‍්ස, තස‍්මා සොචාමහං භුසං.

එහෙයින් මම ඒ නරකාදියේ බොහෝ කලක් කටුක දුක් වේදනා විඳින්නෙමි. ඒ මා විසින් කරන ලද කර්මයාගේ විපාකයි. මා විසින්ම එය විඳිය යුතු නිසා මම බොහෝ ශෝක කරමි.

“තං සුණොහි මහාරාජ, අරින්‍දම රට‍්ඨවඩ‍්ඪන; ධීතා මය‍්හං මහාරාජ, උත‍්තරා භද‍්දමත්‍ථු තෙ.

සතුරන් නසන්නා වූ, රට වඩන්නා වූ මහරජතුමනි! අසනු මැනැවි, යහපතක්ම වේවා! මාගේ උත්තරා නම් දියණි තොමෝ.

“කරොති භද‍්දකං කම‍්මං, සීලෙසුපොසථෙ රතා; සඤ‍්ඤතා සංවිභාගී ච, වදඤ‍්ඤූ වීතමච‍්ඡරා.

යහපත් වූ කුශල කර්ම කරයි. නිත්‍ය පන්සිල්හි ද, උපෝසථ ශීලයෙහි ද යෙදුණී වෙයි. දාන සංවිභාග ඇති ඕ හික්මුණු තැනැත්තියක් ද වේ. පහකළ මසුරු මළ ඇත්තා වූ ඇය,

“අඛණ‍්ඩකාරී සික‍්ඛාය, සුණ‍්හා පරකුලෙසු ච; උපාසිකා සක්‍යමුනිනො, සම‍්බුද‍්ධස‍්ස සිරීමතො.

අන් කුලයක යෙහෙළියක් වුවත් ශික්ෂා පද කඩ නොකරණ සුලු ශ්‍රීමත් ශාක්‍යමුනී වූ බුදුරජාණන්ගේ උපාසිකාවක් වේ.

“භික‍්ඛු ච සීලසම‍්පන‍්නො, ගාමං පිණ‍්ඩාය පාවිසි; ඔක‍්ඛිත‍්තචක‍්ඛු සතිමා, ගුත‍්තද‍්වාරො සුසංවුතො.

යට හෙළන ලද ඇස් ඇත්තී, සිහි ඇති, රකින ලද ඉඳුරන් ඇති, මනාව භික්මුණු සීල සම්පන්න වූ, භික්ෂුවක් ගමට පිඬු පිණිස වැඩම වූ වේලේ.

“සපදානං චරමානො, අගමා තං නිවෙසනං; තමද‍්දස මහාරාජ, උත‍්තරා භද‍්දමත්‍ථු තෙ.

මහරජ ඔබට වැඩක්ම වේවා! ගෙපිළිවෙළින් වසමින් ඒ ගෙට වැඩියේය. උත්තරා ඒ භික්ෂුව දුටුවාය.

“පූරං පානීයසරකං, පූවෙ විත‍්තෙ ච සා අදා; පිතා මෙ කාලකතො භන‍්තෙ, තස‍්සෙතං උපකප‍්පතු.

ඕ තොමෝ පැන් පිරවූ පැන් බඳුනක් ද, විසිතුරු වූ කැවුම් ද ඒ භික්ෂුවට පූජාකොට, කළුරිය කළ මගේ පියාට මේ පින් ලැබේවායි පින් පැමිණ වූවාය.

“සමනන‍්තරානුද‍්දිට‍්ඨෙ , විපාකො උදපජ‍්ජථ; භුඤ‍්ජාමි කාමකාමීහං, රාජා වෙස‍්සවණො යථා.

ඒ පින් දීමට අනතුරුව එවේලේම එහි විපාක මට උපන්නේය. වෛශ්‍රවණ මහරජු මෙන් සියළු කාම සම්පත්තියෙන් මම සමෘද්ධ වූවෙමි.

“තං සුණොහි මහාරාජ, අරින්‍දම රට‍්ඨවඩ‍්ඪන; සදෙවකස‍්ස ලොකස‍්ස, බුද‍්ධො අග‍්ගො පවුච‍්චති; තං බුද‍්ධං සරණං ගච‍්ඡ, සපුත‍්තදාරො අරින්‍දම.

සතුරන් නසා රට වඩන්නා වූ මහරජ තුමනි! මෙය අසනු මැනවි. දෙවියන් සහිත ලෝවැස්සන්ට වඩා බුදුන් වහන්සේ අග්‍ර යයි කියන ලදී. මහරජුනි! අඹු දරුවන් සහිතව ඒ බුදුන් සරණ යනු.

“අට‍්ඨඞ‍්ගිකෙන මග‍්ගෙන, ඵුසන‍්ති අමතං පදං; තං ධම‍්මං සරණං ගච‍්ඡ, සපුත‍්තදාරො අරින්‍දම.

ආර්ය අෂ්ඨාංගික මාර්ගයෙන් පොහොසත් වූ අමෘත පද වූ දහම් සරණයෙහි අඹු දරුවන් සමග පිහිටනු මැනැව.

“චත‍්තාරො ච පටිපන‍්නා, චත‍්තාරො ච ඵලෙ ඨිතා; එස සඞ‍්ඝො උජුභූතො, පඤ‍්ඤාසීලසමාහිතො; තං සඞ‍්ඝං සරණං ගච‍්ඡ, සපුත‍්තදාරො අරින්‍දම.

සතර මාර්ගයන්ට පැමිණියා වූ ද, සතර ඵලයන්ට පැමිනියා වූ ද? මේ සඞ්ඝයා ඍජුපටිපන්න වූයේය. ප්‍රඥාවෙන් ශීලසංවරයෙන් යුක්ත වූයේය. මහරජ, අඹු දරුවන් සමග ඒ සඞ්ඝයා සරණ යව.

“පාණාතිපාතා විරමස‍්සු ඛිප‍්පං, ලොකෙ අදින‍්නං පරිවජ‍්ජයස‍්සු; අමජ‍්ජපො මා ච මුසා අභාණි, සකෙන දාරෙන ච හොහි තුට‍්ඨොති.

වහාම ප්‍රාණඝාතයෙන් වළකිනු මැනැවි. ලෝකයෙහි අයිතිකරුවන් විසින් නුදුන් දෙයක් නො ගතයුතුමය. මද්‍යපානය නොකරව, බොරු නොකියව, තමන්ගේ භාර්යාවගෙන්ම සතුටට පත්වෙව!

“අත්‍ථකාමොසි මෙ යක‍්ඛ, හිතකාමොසි දෙවතෙ; කරොමි තුය‍්හං වචනං, ත්‍වංසි ආචරියො මම.

යක්ෂය! ඔබ මට වැඩි කැමැත්තෙහිය. පින්වත් දෙවිය මට හිතවත්ය. නුඹගේ වචනය කරම්, ඔබ මගේ ආචාර්යවරයා වෙහිය.

“උපෙමි සරණං බුද‍්ධං, ධම‍්මඤ‍්චාපි අනුත‍්තරං; සඞ‍්ඝඤ‍්ච නරදෙවස‍්ස, ගච‍්ඡාමි සරණං අහං.

මම බුදුන් සරණ යෙමි, බුදුන්ගේ අනුත්තර වූ ධර්මය ද ශ්‍රාවක සංඝයා ද පිහිට කොට පවතිමි.

“පාණාතිපාතා විරමාමි ඛිප‍්පං, ලොකෙ අදින‍්නං පරිවජ‍්ජයාමි; අමජ‍්ජපො නො ච මුසා භණාමි, සකෙන දාරෙන ච හොමි තුට‍්ඨො.

වහාම ප්‍රාණඝාතයෙන් වෙන්වෙමි. නුදුන් දෙයක් නො ගනිමි. මත් පැනින් දුරුවෙමි. බොරු නො කියමි. මගේ බිරිඳගෙන්ම සතුටට පත්වෙමි.

“ඔඵුණාමි මහාවාතෙ, නදියා සීඝගාමියා; වමාමි පාපිකං දිට‍්ඨිං, බුද‍්ධානං සාසනෙ රතො.

ළාමක වූ මිථ්‍යා දෘෂ්ටිය සුළඟේ පා කර හරිමි. සැඩ දිය පහර ඇති නදියෙහි පාකර හරිමි, බුදුන්ගේ සසුනෙහි ඇලුණේ වෙමි.

“ඉදං වත්‍වාන සොරට‍්ඨො, විරමිත්‍වා පාපදස‍්සනා; නමො භගවතො කත්‍වා, පාමොක‍්ඛො රථමාරුහී”ති. – ගාථායො අවොචුං;

සුරට්ඨාධිපති වූ රජු මෙය කියා ළාමක වූ මිථ්‍යා දර්ශනයෙන් වැළකී බුදුන්ට නමස්කාර කොට පෙර දිග බලා රාජ රථයට නැංගේය.

තත්‍ථ රාජා පිඞ‍්ගලකො නාම, සුරට‍්ඨානං අධිපති අහූති පිඞ‍්ගලචක‍්ඛුතාය “පිඞ‍්ගලො”ති පාකටනාමො සුරට‍්ඨදෙසස‍්ස ඉස‍්සරො රාජා අහොසි. මොරියානන‍්ති මොරියරාජූනං, ධම‍්මාසොකං සන්‍ධාය වදති. සුරට‍්ඨං පුනරාගමාති සුරට‍්ඨස‍්ස විසයං උද‍්දිස‍්ස සුරට‍්ඨගාමිමග‍්ගං පච‍්චාගඤ‍්ඡි. පඞ‍්කන‍්ති මුදුභූමිං. වණ‍්ණුපථන‍්ති පෙතෙන නිම‍්මිතං මරූභූමිමග‍්ගං.

එහි රාජා පිඞ්ගලකො නාම සුරට්ඨානං අධිපති අහු - යනු පිඟුවන් වූ ඇස් ඇති බැවින් පිඞ්ගල නමින් ප්‍රකට විය. සෞරාෂ්ඨ දේශයට ඊශ්වර වූ බැවින් අධිපති වූ බැවින් රජු නම් විය. මොරියානං - යනු මෞර්ය රජු ධර්මාශෝක රජු සඳහා කියයි. සුරට්ඨ පුනරාගමා යනු සුරට්ඨ දේශයට එන්නා වූ මගට පසුව ආයේය. පඞ්කං - යනු මෘදු භූමිය වණ්ණනා පථං - යනු ප්‍රේතයා විසින් මවන ලද පහසු වූ මාර්ගය,

ඛෙමොති නිබ‍්භයො. සොවත්‍ථිකොති සොත්‍ථිභාවාවහො. සිවොති අනුපද‍්දවො. සුරට‍්ඨානං සන‍්තිකෙ ඉතොති ඉමිනා මග‍්ගෙන ගච‍්ඡන‍්තා මයං සුරට‍්ඨවිසයස‍්ස සමීපෙයෙව.

ඛෙමො - යනු බිය නැති - සොවත්‍ථිකො - යනු සැප පහසු බව උසුලන්නා වූ, සිවො - යනු උවදුරු නැති, සුරට්ඨානං සන්තිකෙ ඉතො - යනු මේ මාර්ගයෙහි යන්නා වූ මා විසින් සුරට්ඨ රටට ළගාවේම යයි.

සොරට‍්ඨොති සුරට‍්ඨාධිපති. උබ‍්බිග‍්ගරූපොති උත්‍රස‍්තසභාවො. භිංසනන‍්ති භයජනනං . ලොමහංසනන‍්ති භිංසනකභාවෙන ලොමානං හංසාපනං.

සොරට්ඨො - යනු සුරට්ඨ දේශයට අධිපති, උබ්බිග්ගරූපො යනු තැතිගත් ස්වභාව ඇති, හිංසනං යනු භය උපදවන, ලොම හංසනං යනු බියට පත් වූ විට ලොම් කෙලින් වීම,

යමපුරිසාන සන‍්තිකෙති පෙතානං සමීපෙ වත‍්තාම. අමානුසො වායති ගන්‍ධොති පෙතානං සරීරගන්‍ධො වායති. ඝොසො සුය්‍යති දාරුණොති පච‍්චෙකනිරයෙසු කාරණං කාරියමානානං සත‍්තානං ඝොරතරො සද‍්දො සුය්‍යති.

යම පුරිසානං සන්තිකෙ - යනු ප්‍රේතයන් වසයෙහි පවත්නෙමු. අමානුසො වායතිගන්‍ධො - යනු ප්‍රේතයන්ගේ ශරීර දුර්ගන්ධය ගහනය වේ. හමයි. ඝොඝො සුයති දාරුණෙ යනු ප්‍රත්‍යෙක වූ නිරයෙහි කාර්යය කරන්නා වූ සත්ත්වයන්ගේ රුදුරු වූ ශබ්ද ඇසේ.

පාදපන‍්ති පාදසදිසෙහි මූලාවයවෙහි උදකස‍්ස පිවනතො “පාදපො”ති ලද‍්ධනාමං තරුං. ඡායාසම‍්පන‍්නන‍්ති සම‍්පන‍්නච‍්ඡායං. නීලබ‍්භවණ‍්ණසදිසන‍්ති වණ‍්ණෙන නීලමෙඝසදිසං. මෙඝවණ‍්ණසිරීනිභන‍්ති මෙඝවණ‍්ණසණ‍්ඨානං හුත්‍වා ඛායමානං.

පාදපං යනු පා සමාන වූ මුල්වලින් දිය බොන්නා වූ යන අදහසින් ලත් නම් ඇති විශාල වෘක්ෂ, ඡායා සම්පන්නං - යනු සෙවණැල්ල සහිත වූ නීලබ්හවණ්ණ සදිසං - යනු පැහැයෙන් නිල් මේකුළක් බඳු - මෙඝවණ්ණ සිරිනිහං - යනු කළු වළාවක් සමානව දික්වෙන්නා වූ

පූරං පානීයසරකන‍්ති පානීයෙන පුණ‍්ණං පානීයභාජනං. පූවෙති ඛජ‍්ජකෙ. විත‍්තෙති විත‍්තිජනනෙ මධුරෙ මනුඤ‍්ඤෙ තහිං තහිං සරාවෙ පූරෙත්‍වා ඨපිතපූවෙ අද‍්දස.

පූරං පානීයස්ස කරකං - යනු පැනින් පිරුණා වූ දිය බඳුනක්, පුවෙ - යනු කඩා කෑ යුතු විතෙත - යනු රස හඳුනන ජනයන් විසින් මිහිරි වශයෙන් හඟින දේ ඒ ඒ තැන්වල භාජනවල පුරවා තබන ලද කැවුම් දුටුවේය.

අථො තෙ අදුරාගතන‍්ති එත්‍ථ අථොති නිපාතමත‍්තං, අවධාරණත්‍ථෙ වා, මහාරාජ, තෙ ආගතං දුරාගතං න හොති, අථ ඛො ස‍්වාගතමෙවාති මයං සම‍්පටිච‍්ඡාමාති අත්‍ථො. අරින්‍දමාති අරීනං දමනසීල.

අථො තෙ අදුරාගතං යනු මෙහි අථ යනු නිපාතයක් පමණි. අවිධාරණර්ථයෙහි, මහරජ ඔබ ආ ගමන අසුභ ගමනක් නොවේ. යහපත් ගමනකි. මා විසින් පිළිගන්නා ලද ගමනකි. අරින්‍දම යන සතුරන් මඩින සුළු

අමච‍්චා පාරිසජ‍්ජාති අමච‍්චා පාරිසජ‍්ජා ච වචනං සුණන‍්තු, බ්‍රාහ‍්මණො ච තුය‍්හං පුරොහිතො තං සුණාතූති යොජනා.

අමච්චා පාරිසජ්ජා - යනු ඇමතිවරු ද පිරිවර ද ඔබගේ පුරෝහිත බමුණෝ ද මේ වචන අසාවා යන යෝජනායි.

සුරට‍්ඨස‍්මිං අහන‍්ති සුරට‍්ඨදෙසෙ අහං. දෙවාති රාජානං ආලපති. මිච‍්ඡාදිට‍්ඨීති නත්‍ථිකදිට‍්ඨියා විපරීතදස‍්සනො. දුස‍්සීලොති නිස‍්සීලො. කදරියොති ථද‍්ධමච‍්ඡරී. පරිභාසකොති සමණබ්‍රාහ‍්මණානං අක‍්කොසකො.

සුරට්ඨස්මා අහං - යනු මමත් සුරට්ඨ දේශයෙන් දෙව යනු රජුට ඇමතීමයි. මිච්ඡාදිට්ඨි යනු නාස්තික දෘෂ්ටිය හා විපරීත දර්ශන ඇති, දුස්සීලො - යනු සිල් නැති, කදරියා - යන තද මසුරුබව, පරිභාසතො යනු ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට ආක්‍රෝශ කළේ.

වාරයිස‍්සන‍්ති වාරෙසිං. අන‍්තරායකරො අහන‍්ති දානං දදන‍්තානං උපකාරං කරොන‍්තානං අන‍්තරායකරො හුත්‍වා අඤ‍්ඤෙසඤ‍්ච පරෙසං දානං දදමානානං දානමයපුඤ‍්ඤතො අහං බහුජනං වාරයිස‍්සං වාරෙසින‍්ති යොජනා.

වාරයිස්සං - යනු වැළැක්වීම්, අන්නරායකරො අහං - යනු මම දන් දෙන්නා වූ ද උපකාර කරන්නා වූ ද අයට අන්තරාය කරවීමි. වැළැක්වීමි. නැවැත්වීමි. අනුන් විසින් දෙනු ලබන්නා වූ දානමය පින්කම්, බොහෝ ජනයා වෙතින් බොහෝ වාරයක් මම නැවැත්වීමි.

විපාකො නත්‍ථි දානස‍්සාතිආදි වාරිතාකාරදස‍්සනං. තත්‍ථ විපාකො නත්‍ථි දානස‍්සාති දානං දදතො තස‍්ස විපාකො ආයතිං පත‍්තබ‍්බඵලං නත්‍ථීති විපාකං පටිබාහති. සංයමස‍්ස කුතො ඵලන‍්ති සීලස‍්ස පන කුතො නාම ඵලං, සබ‍්බෙන සබ‍්බං තං නත්‍ථීති අධිප‍්පායො. නත්‍ථි ආචරියො නාමාති ආචාරසමාචාරසික‍්ඛාපකො ආචරියො නාම කොචි නත්‍ථි. සභාවතො එව හි සත‍්තා දන‍්තා වා අදන‍්තා වා හොන‍්තීති අධිප‍්පායො. තෙනාහ “අදන‍්තං කො දමෙස‍්සතී”ති.

විපාකො නත්‍ථි දානස්ස - යනු දන් දීමේ විපාක නැත ආදී විපරීතාකාර දර්ශන. එහි දන් දීමෙන් ඇති වන්නා වූ ඵලයක් විපාකයක් නැතැයි දන්දීම නැවැත්වීම වැළැක්වීමි. සංයමස්ස කුතො ඵලං - සිල් රැකීමෙන් කවර නම් ප්‍රතිඵලයක් ද විපාකයක් ද, මේ සියල්ලෙන් කිසිදු ඵල විපාකයක් නැතැයි යන අදහසයි. [missing trans] එහෙයින් කියන ලදී - අදන්නං දමෙස්සතී

සමතුල්‍යානි භූතානීති ඉමෙ සත‍්තා සබ‍්බෙපි අඤ‍්ඤමඤ‍්ඤං සමසමා, තස‍්මා ජෙට‍්ඨො එව නත්‍ථි, කුතො ජෙට‍්ඨාපචායිකො, ජෙට‍්ඨාපචායනපුඤ‍්ඤං නාම නත්‍ථීති අත්‍ථො. නත්‍ථි බලන‍්ති යම‍්හි අත‍්තනො බලෙ පතිට‍්ඨිතා සත‍්තා වීරියං කත්‍වා මනුස‍්සසොභග්‍යතං ආදිං කත්‍වා යාවඅරහත‍්තං සම‍්පත‍්තියො පාපුණන‍්ති, තං වීරියබලං පටික‍්ඛිපති. වීරියං වා නත්‍ථි කුතො උට‍්ඨානපොරිසන‍්ති ඉදං නො පුරිසවීරියෙන පුරිසකාරෙන පවත‍්තන‍්ති එවං පවත‍්තවාදපටික‍්ඛෙපවසෙන වුත‍්තං.

සමතුල්‍යානි භුත්ති යනු මේ සත්ත්වයෝ සියලු දෙනාම ඔවුනොවුන් සමසමයෝය. තුල්‍යයෝය. එහෙයින් ජ්‍යෙෂ්ඨ කියා කොටසක් නැත. කුතො ජෙට්ඨා පචායිනො - යනු වැඩිහිටියන්ට ගරු කිරීමය රැක බලා ගැනීමය, වැඳුම් පිදුම් කිරීමය ආදී පින්කම් කියා දෙයක් නැත යන අර්ථයි. නත්‍ථි බලං - යනු සත්ත්වයෝ තමන්ගේ බලයෙහි පිහිටා වීර්යය කොට මිනිසාගේ සෞභාග්‍යය ආදිය ලබා ගනියි. අර්හත් සම්පත්තිය දක්වා පැමිණෙති, එහි වීර්ය බලය කියා දෙයක් නැත. එය පිළිකෙව් කරයි. වීර්යයක් හෝ නැත. කුතො උට්ඨාන පොරිසො - යනු පුරුෂ වීර්යයෙන්, මිනිස් ක්‍රියාකාරිත්වයෙන් පවතීය යන මේ ප්‍රවාදය ප්‍රතික්ෂේප කිරීම් වසයෙන් කියන ලදී.

නත්‍ථි දානඵලං නාමාති දානස‍්ස ඵලං නාම කිඤ‍්චි නත්‍ථි, දෙය්‍යධම‍්මපරිච‍්චාගො භස‍්මනිහිතං විය නිප‍්ඵලො එවාති අත්‍ථො. න විසොධෙති වෙරිනන‍්ති එත්‍ථ වෙරිනන‍්ති වෙරවන‍්තං වෙරානං වසෙන පාණාතිපාතාදීනං වසෙන ච කතපාපං පුග‍්ගලං දානසීලාදිවතතො න විසොධෙති, කදාචිපි සුද‍්ධං න කරොති. පුබ‍්බෙ “විපාකො නත්‍ථි දානස‍්සා”තිආදි දානාදිතො අත‍්තනො පරෙසං නිවාරිතාකාරදස‍්සනං, “නත්‍ථි දානඵලං නාමා”තිආදි පන අත්‍ථනො මිච‍්ඡාභිනිවෙසදස‍්සනන‍්ති දට‍්ඨබ‍්බං. ලද‍්ධෙය්‍යන‍්ති ලද‍්ධබ‍්බං. කථං පන ලද‍්ධබ‍්බන‍්ති ආහ “නියතිපරිණාමජ”න‍්ති. අයං සත‍්තො සුඛං වා දුක‍්ඛං වා ලභන‍්තො නියතිවිපරිණාමවසෙනෙව ලභති, න කම‍්මස‍්ස කතත‍්තා, න ඉස‍්සරාදිනා චාති අධිප‍්පායො.

නත්‍ථි දාන ඵලන්නාමා - යනු දානයාගේ, දීමෙහි ප්‍රතිඵල කියා කිසිවක් නැත්තේය. දෙය්‍ය ධර්මයෙන් පරිත්‍යාග කිරීම, ගින්නට දමන්නාක් වැනි අළු කරන්නාක් වැනි, නිෂ්ඵල වූ කාර්යයකි යන අර්ථයි. න විසොධෙති වෙරිනං, යනු මෙහි වෙරිනං - යනු වෛර වශයෙන් ප්‍රාණඝාත ආදී වශයෙන් කරන ලද පව්කම් පුද්ගලයාගේ දාන ශීලාදී වශයෙන් පැවති සෝදා හැරීමට පිරිසුදු කිරීමට හෝ පුළුවන් කමක් නැත. කිසිවක් කිසිවෙකු ශුද්ධ නොකරයි. පෙර - විපාකො නත්‍ථි දානස්සා - යනු තමන් විසින් අනුන්ට දීම හා අනුන් විසින් ද කරන දන් දීමාදිය නැවැත්වීමේ වැළැක්වීමේ දර්ශනයයි. නත්‍ථි දානඵලං නාමා - ආදිය වනාහි තමන්ගේ මිථ්‍යා දෘෂ්ටි ප්‍රවේශය දක්වන්නේ යයි දත යුතුයි. ලද්ධෙය්‍යං - යනු ලැබිය යුතු බවයි. කෙසේ නම් ලැබිය යුත්තේ ද? කීවේය. නියති පරිනාමජා - යනු මේ සත්ත්වයෝ යම් කිසි සැපක් හා දුකක් ලබන්නේ නම් ඒ ස්වභාවික විපරිනාම් වසයෙන්ම ලබයි. එය කරන ලද කර්මානුරූපව ලැබෙන්නක්වත්, ඊශ්වර ආදීන් විසින් දෙනු ලබන්නක්වත් නොවේය යන අදහසයි.

නත්‍ථි මාතා පිතා භාතාති මාතාදීසු සම‍්මාපටිපත‍්තිමිච‍්ඡාපටිපත‍්තීනං ඵලාභාවං සන්‍ධාය වදති. ලොකො නත්‍ථි ඉතො පරන‍්ති ඉතො ඉධලොකතො පරලොකො නාම කොචි නත්‍ථි, තත්‍ථ තත්‍ථෙව සත‍්තා උච‍්ඡිජ‍්ජන‍්තීති අධිප‍්පායො. දින‍්නන‍්ති මහාදානං. හුතන‍්ති පහෙනකසක‍්කාරො, තදුභයම‍්පි ඵලාභාවං සන්‍ධාය “නත්‍ථී”ති පටික‍්ඛිපති. සුනිහිතන‍්ති සුට‍්ඨු නිහිතං. න විජ‍්ජතීති යං සමණබ්‍රාහ‍්මණානං දානං නාම “අනුගාමිකනිධී”ති වදන‍්ති, තං න විජ‍්ජති. තෙසං තං වාචාවත්‍ථුමත‍්තමෙවාති අධිප‍්පායො.

නත්‍ථි මාතා පිතා භාතා - මව්පිය ආදීන් කෙරෙහි පිළිපදින්නා වූ යහපත් පිළිවෙත් හා වැරදි පිළිවෙත්වල ස්වභාවය සදහා කියයි. ලොකො නත්‍ථි ඉතො පරං - යනු මේ ලෝකය වශයෙන් හෝ පරලෝකය වශයෙන් හෝ කිසිවක් නැත. ඒ ඒ තන්හි දී ම සත්ත්වයෝ විනාශ වෙත් යන අදහසයි. දින්නං - යනු මහා දානයි. හුතං නු දුර සිට කරනු ලබන සත්කාරයයි. ඒ නිසා උපදින්නා වූ ප්‍රතිඵලයක් සුවයක් නැත්තේ යයි ප්‍රතික්ෂේප කරයි. සුනිහිතං යනු මනාකොට තබන ලද්දකි, න විජ්ජති - යනු ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට දෙන දානය අනුගාමික නිධානයක් යයි කියති, එය විද්‍යමාන නොවේ. ඔවුන්ගේ ඒ වචන නිකම් කියන ලද්දක් පමණි යන අර්ථයි.

න කොචි කඤ‍්චි හනතීති යො පුරිසො පරං පුරිසං හනෙය්‍ය, පරස‍්ස පුරිසස‍්ස සීසං ඡින්‍දෙය්‍ය, තත්‍ථ පරමත්‍ථතො න කොචි කඤ‍්චි හනති, සත‍්තන‍්නං කායානං ඡිද‍්දභාවතො හනන‍්තො විය හොති. කථං සත්‍ථපහාරොති ආහ “සත‍්තන‍්නං විවරමන‍්තරෙ”ති. පථවීආදීනං සත‍්තන‍්නං කායානං විවරභූතෙ අන‍්තරෙ ඡිද‍්දෙ සත්‍ථං පවිසති, තෙන සත‍්තා අසිආදීහි පහතා විය හොන‍්ති, ජීවො විය පන සෙසකායාපි නිච‍්චසභාවත‍්තා න ඡිජ‍්ජන‍්තීති අධිප‍්පායො.

න කොචි කිඤ්චි හන්ති - යනු යම් පුරුෂයෙක් වනාහි අනෙක් පුරුෂයකු මරයි ද? අනෙක් පුරුෂයකුගේ හිස සිඳියි ද? එහිදී පරමාර්ථ වශයෙන් කිසිවෙක් කිසිවෙකු සත්ත්වයෙකු නොමරයි. සත්ත්වයන්ගේ පෘථුවි ආදී සප්ත ධාතු කාය සිදුරු බැවින් මරන්නාක් මෙන් වේ. කෙසේ ද? ශස්ත්‍රය ඇතුල්වීම කියන ලදී. සත්තන්නං විවරමන්නරෙ - යනු පෘථුවි ආදී සප්ත ධාතු ශරිරයාගේ සිදුරු අතර ආයුදය විදගෙන ඇතුල් වේ. එහෙයින් සත්ත්වයෝ කඩු ආදිය ගෙන එයින් පහර දී මරනු ලද්දක් මෙන් පෙනේ. සත්ත්ව ජීවය වූ කල්හි නිත්‍ය ස්වභාවය ඇති බැවින් නො සිඳිය හැකිය යන අදහසයි.

අච‍්ඡෙජ‍්ජාභෙජ‍්ජො හි ජීවොති අයං සත‍්තානං ජීවො සත්‍ථාදීහි න ඡින්‍දිතබ‍්බො න භින්‍දිතබ‍්බො නිච‍්චසභාවත‍්තා. අට‍්ඨංසො ගුළපරිමණ‍්ඩලොති සො පන ජීවො කදාචි අට‍්ඨංසො හොති කදාචි ගුළපරිමණ‍්ඩලො . යොජනානං සතං පඤ‍්චාති කෙවලීභාවං පත‍්තො පඤ‍්චයොජනසතුබ‍්බෙධො හොති. කො ජීවං ඡෙත‍්තුමරහතීති නිච‍්චං නිබ‍්බිකාරං ජීවං කො නාම සත්‍ථාදීහි ඡින්‍දිතුං අරහති, න සො කෙනචි විකොපනෙය්‍යොති වදති.

අච්ඡෙජ්ජ භෙජ්ජො ජීවො - මේ සත්ත්වයන්ගේ ජීවය අවි ආයුධවලින් නො බිඳිය හැකිය. නොසිඳිය හැකිය. නිත්‍ය ස්වභාව හෙයිනි, අට්ඨං සො ගුළපරිමණ්ඩලො - යනු ඒ ජීවය වනාහි සමහර කලෙක අටපට්ටම් වෙයි. සමහර විටක බෝලයක් මෙන් වෙයි. යොජනානං සතං පඤ්ඤා - යනු රහත්බවට පත්විමට සුදුසු වන විට යොදුන් පන්සියයක් උස වෙයි. කොජීවං ඡෙතුමරහති - යනු නිත්‍ය වූ විකාර රහිත වූ ජීවය කවරෙක් නම් අවි ආයුධවලින් නසන්නට සමත් වේද? කැපීම් ආදියෙන් කිසිවෙකුට වෙනස් කළ නො හැකිය.

සුත‍්තගුළෙති වෙඨෙත්‍වා කතසුත‍්තගුළෙ. ඛිත‍්තෙති නිබ‍්බෙඨනවසෙන ඛිත‍්තෙ. නිබ‍්බෙඨෙන‍්තං පලායතීති පබ‍්බතෙ වා රුක‍්ඛග‍්ගෙ වා ඨත්‍වා නිබ‍්බෙඨියමානං ඛිත‍්තං සුත‍්තගුළං නිබ‍්බෙඨෙන‍්තමෙව ගච‍්ඡති, සුත‍්තෙ ඛීණෙ න ගච‍්ඡති. එවමෙවන‍්ති යථා තං සුත‍්තගුළං නිබ‍්බෙඨියමානං ගච‍්ඡති, සුත‍්තෙ ඛීණෙ න ගච‍්ඡති, එවමෙව සො ජීවො “චුල‍්ලාසීති මහාකප‍්පිනො සතසහස‍්සානී”ති වුත‍්තකාලමෙව අත‍්තභාවගුළං නිබ‍්බෙඨෙන‍්තො පලායති පවත‍්තති, තතො උද‍්ධං න පවත‍්තති.

සුත්තගුළෙ - වෙළුම් (දඟ) සහිත නූල් බෝලයකි. ඛිත්තො - යනු වෙළුම් (දඟ) හැරීම් වශයෙන්, නිබ්බෙ ඨෙනතං පලායති - යනු (යමෙකු විසින්) කන්දක් මුදුනක හෝ ගසක් මුදුනක හෝ සිට වෙළුම් (දඟ) සහිතවම නූල නිම වූ කල්හි නො යේ ද? ඉවත නො දුවයි ද එවමෙවං - මෙසේම ඒ නූල් බෝලය යම්සේ දඟ සහිතවම යයි ද, නූල ක්ෂණිකව නොයයි ද මෙසේ මේ ජීවය මහාකල්ප අසූ හතර දහසක් මුළුල්ලේ ආත්ම භාවය නැමති නූල් බෝලය නො වෙළෙමින් පවතියි. එහෙයින් උඩ නො පවතින්නේය.

එවමෙව ච සො ජීවොති යථා කොචි පුරිසො අත‍්තනො නිවාසගාමතො නික‍්ඛමිත්‍වා තතො අඤ‍්ඤං ගාමං පවිසති කෙනචිදෙව කරණීයෙන, එවමෙව සො ජීවො ඉතො සරීරතො නික‍්ඛමිත්‍වා අඤ‍්ඤං අපරං සරීරං නියතවසෙන පවිසතීති අධිප‍්පායො. බොන්‍දින‍්ති කායං.

එවම්පි සො ජීවො - යනු යම්සේ කිසි පුරුෂයෙක් තමාගේ ගමේ නිවසින් පිටත්ව ගොස්, අනෙක් ගමකට පිවිසේ ද? මෙය දෙවියන් විසින් කරන ලද්දක් වන්නේ කෙසේ ද? මෙසේම මේ ජීවය ද මේ කාය ශරීරයාගෙන් නික්ම අනෙක් ශරීරයකට නියත වසයෙන්ම පැමිණේ යන අදහසයි. බොන්‍දිං - ශරීරය,

චුල‍්ලාසීතීති චතුරාසීති. මහාකප‍්පිනොති මහාකප‍්පානං. තත්‍ථ “එකම‍්හා මහාසරා අනොතත‍්තාදිතො වස‍්සසතෙ වස‍්සසතෙ කුසග‍්ගෙන එකෙකං උදකබින්‍දුං නීහරන‍්තෙ ඉමිනා උපක‍්කමෙන සත‍්තක‍්ඛත‍්තුං තම‍්හි සරෙ නිරුදකෙ ජාතෙ එකො මහාකප‍්පො නාම හොතී”ති වත්‍වා “එවරූපානං මහාකප‍්පානං චතුරාසීතිසතසහස‍්සානි සංසාරස‍්ස පරිමාණ”න‍්ති වදන‍්ති. යෙ බාලා යෙ ච පණ‍්ඩිතාති යෙ අන්‍ධබාලා, යෙ ච සප‍්පඤ‍්ඤා, සබ‍්බෙපි තෙ. සංසාරං ඛෙපයිත්‍වානාති යථාවුත‍්තකාලපරිච‍්ඡෙදං සංසාරං අපරාපරුප‍්පත‍්තිවසෙන ඛෙපෙත්‍වා. දුක‍්ඛස‍්සන‍්තං කරිස‍්සරෙති වට‍්ටදුක‍්ඛස‍්ස පරියන‍්තං පරියොසානං කරිස‍්සන‍්ති. පණ‍්ඩිතාපි අන‍්තරා සුජ‍්ඣිතුං න සක‍්කොන‍්ති, බාලාපි තතො උද‍්ධං නප‍්පවත‍්තන‍්තීති තස‍්ස ලද‍්ධි.

චුළාසීති - යනු අසූ හතරයි. මහාකප්පුනො - යනු මහා කල්පයයි. එහි අනවතප්ත විල වැන් එක් මහා විලකින් වර්ෂ සියයකට වරක් තණ අගකින් එක බින්දුවක් බැගින් දිය බින්දු ඉවත් කරයි ද? මේ උපක්‍රමයෙන් සත් වරක් ඒ විල සිදී ගියේ ද එය එක් මහා කල්පයක් නම් වේ. මෙවැනි මහාකල්ප අසූහාර දහසක් සංසාරයාගේ ප්‍රමාණය වේ යයි කියත්. යෙ බාලා යෙච පණ්ඩිතා - යනු යම්කිසි අන්ධ බාලයෙක් (මහා මෝඩයෙක්) හෝ ප්‍රඥාව සහිත වූ යන සියල්ලෝ සංසාරං ඛෙපයිත්‍වාතා - යනු පෙර කියන ලද කාල පරිච්ඡේදය සංසාරයේ ඔබ මොබ (ආත්මයෙන් ආත්මය) ඉපදීම් වශයෙන් සසර ගෙවා, දුක්‍ඛස්සන්තං කරිස්සරෙ - යනු සංසාර වෘතය ගෙවා දුක් කෙළවර කරන්නාහුය. පණ්ඩිතයන්ට වුවත් අතරතුර ශුද්ධියක් ලැබිය නො හැක්කේමය. බාලයන්ට ද එයට වඩා ඉහළින් යමක් නැත. එයම ලැබිය යුතුය.

මිතානි සුඛදුක‍්ඛානි, දොණෙහි පිටකෙහි චාති සත‍්තානං සුඛදුක‍්ඛානි නාම දොණෙහි පිටකෙහි මානභාජනෙහි මිතානි විය යථාවුත‍්තකාලපරිච‍්ඡෙදෙනෙව පරිමිතත‍්තා පච‍්චෙකඤ‍්ච තෙසං තෙසං සත‍්තානං තානි නියතිපරිණාමජානි පරිමිතානි. තයිදං ජිනො සබ‍්බං පජානාති ජිනභූමියං ඨිතො කෙවලං පජානාති සංසාරස‍්ස සමතික‍්කන‍්තත‍්තා. සංසාරෙ පන පරිබ‍්භමති සම‍්මූළ‍්හායං ඉතරා පජා.

මිතානි සුඛ දුක්‍ඛානි දොණෙහි පිටකෙහි වා - යනු සත්ත්වයන්ගේ සුව දුක් දෙක ද්‍රෝණයකින් හෝ කූඩයකින් හෝ, වෙනත් මිනුම් භාජනයකින් හෝ මණින ලද්දක් මෙන්, පෙර කියන ලද කාල පරිච්ඡේදයෙන්ම, ප්‍රමාණ කරන ලද බැවින්, ඒ ඒ සත්ත්වයන්ගේ නියති පරිද්දෙන් ස්වභාව ධර්ම පරිණාමය අනුවම සමව පවතින්නේය. ජිනො සබ්බං ජානාති - යනු ජින භූමියෙහි සිටි අයෙක් මේ සියල්ල දනී. සංසාරයාගේ සමතික්‍රමණය වනාහි සංසාරයෙහිම කරකැවීමකි. සම්මුළ්හාය ඉතරා පජා -

එවංදිට‍්ඨි පුරෙ ආසින‍්ති යථාවුත‍්තනත්‍ථිකදිට‍්ඨිකො පුබ‍්බෙව අහං අහොසිං. සම‍්මූළ‍්හො මොහපාරුතොති යථාවුත‍්තාය දිට‍්ඨියා හෙතුභූතෙන සම‍්මොහෙන සම‍්මූළ‍්හො, තංසහජාතෙන පන මොහෙන පාරුතො, පටිච‍්ඡාදිතකුසලබීජොති අධිප‍්පායො.

එවං දිට්ඨි පුරෙ ආසිං - යනු යම් පරිද්දෙකින් කියන ලද නාස්තික දෘෂ්ටිය පෙර මම ඇදහුවෙමි. විශ්වාස කළෙමි. සම්මුළ්හො මොහ පාරුතො යනු යම්පරිදි කියන ලද ඒ දෘෂ්ටිමය හේතුවෙන් අතිශයින් මුළාවෙන් මුලාවට පත් වූයෙමි. ඒ සහජාත මෝහය පොරවා ගත් කල්හි සියලුම කුසල බීජයන් වැසුණේ, නැසුනේය යන අදහසයි.

එවං පුබ‍්බෙ යා අත‍්තනො උප‍්පන‍්නා පාපදිට‍්ඨි, තස‍්සා වසෙන කතං පාපකම‍්මං දස‍්සෙත්‍වා ඉදානි අත‍්තනා ආයතිං අනුභවිතබ‍්බං තස‍්ස ඵලං දස‍්සෙන‍්තො “ඔරං මෙ ඡහි මාසෙහී”තිආදිමාහ.

මෙසේ පෙර තමන් විසින් උපදවා ගන්නා ලද පාප දෘෂ්ටියක් වීද, ඒ හේතුවෙන්ම කරන ලද පාප කර්මයන් දක්වා දැන් තමන් විසින් විඳිය යුතු අනුභව කළයුතු එහි ඵල විපාක දක්වමින් ඔරං මෙ ඡහි මා සෙහි යනාදිය කීහ.

තත්‍ථ වස‍්සානි සතසහස‍්සානීති වස‍්සානං සතසහස‍්සානි, අතික‍්කමිත්‍වාති වචනසෙසො. භුම‍්මත්‍ථෙ වා එතං පච‍්චත‍්තවචනං, වස‍්සෙසු සතසහස‍්සෙසු වීතිවත‍්තෙසූති අත්‍ථො. ඝොසො සුය්‍යති තාවදෙති යදා එත‍්තකො කාලො අතික‍්කන‍්තො හොති, තාවදෙව තස‍්මිං කාලෙ “ඉධ පච‍්චන‍්තානං වො මාරිසා වස‍්සසතසහස‍්සපරිමාණො කාලො අතීතො”ති එවං තස‍්මිං නිරයෙ සද‍්දො සුය්‍යති. ලක‍්ඛො එසො, මහාරාජ, සතභාගවස‍්සකොටියොති සතභාගා සතකොට‍්ඨාසා වස‍්සකොටියො, මහාරාජ, නිරයෙ පච‍්චන‍්තානං සත‍්තානං ආයුනො එසො ලක‍්ඛො එසො පරිච‍්ඡෙදොති අත්‍ථො. ඉදං වුත‍්තං හොති – දසදසකං සතං නාම, දස සතානි සහස‍්සං නාම, දසදසසහස‍්සානි සතසහස‍්සං නාම, සතසතසහස‍්සානි කොටි නාම, තාසං කොටීනං වසෙන සතසහස‍්සවස‍්සකොටියො සතභාගා වස‍්සකොටියො. සා ච ඛො නෙරයිකානංයෙව වස‍්සගණනාවසෙන වෙදිතබ‍්බා, න මනුස‍්සානං, දෙවානං වා. ඊදිසානි අනෙකානි වස‍්සකොටිසතසහස‍්සානි නෙරයිකානං ආයු. තෙනාහ “කොටිසතසහස‍්සානි, නිරයෙ පච‍්චරෙ ජනා”ති. යාදිසෙන පන පාපෙන සත‍්තා එවං නිරයෙසු පච‍්චන‍්ති , තං නිගමනවසෙන දස‍්සෙතුං “මිච‍්ඡාදිට‍්ඨී ච දුස‍්සීලා, යෙ ච අරියූපවාදිනො”ති වුත‍්තං. වෙදිස‍්සන‍්ති අනුභවිස‍්සං.

එහි වස්ස සතසහස්සානි - යනු අවුරුදු සිය දහසක් ඉක්මවා යන වචනය ශේෂයි භූම්‍යාර්ථයේ පවත්නා ස්වභාවයයි. අවුරුදු සිය දහසක් කල් විදිය යුතුය යන අර්ථයි. ඝොසො සුයිතාවදෙ යනු මේ යම් කලෙක මෙතෙක් කල් ඉක්මවී ද එදා පටන් එහි පවත්නා වූ, අවුරුදු ලක්ෂයක් ඉක්ම ගිය කල්හි ද ඒ නිරයෙහි ශබ්ද ඇසේ. ලක්‍ඛො එසො මහාරාජ - යනු සියය බැගින් කොටස් වූ අවුරුදු කෝටියක්, මහරජ නිරයෙහි වසන්නා වූ සත්ත්වයන්ගේ මේ ආයු කාලයයි. මෙය කියන ලදී. දහයේ ඒවා දහය සියයයි. දහයේ ඒවා සියය දහස නම්, දහයේ ඒවා දස දහස ශත සහස්‍ර නම් ශත සහස්‍ර දහස කෝටි නම්, එය කෝටි වශයෙන් සියදහසක් වර්ෂ කෝටියකි. ඒ වනාහි නේරයිකයන්ගේ ආයු වර්ෂ ගණන වශයෙන් දත යුතුයි. මිනිසුන්ගේ හෝ දෙවියන්ගේ මෙබඳු වූ ආයුෂයන්ට වඩා නිරයගාමී සත්ත්වයන්ගේ ආයු ප්‍රමාණය නොයෙක් ලක්ෂ කෝටි ගණනකි. එහෙයින් කියන ලදී. කොටි සත සහස්සානි නිරයෙ පච්චරෙ ජනා යම්බඳු වූ පාප කර්මයකින් මෙසේ සත්ත්වයන් නිරයෙහි වැටෙන්නේ ද එහි නියමය වශයෙන් දැක්වීමට මිච්ඡාදිට්ඨි ච දුස්සීලා යෙ ච අරියුපවාදිනො - යන්න කියන ලදී. වෙදිස්සං - දැනගන්නේය.

එවං ආයතිං අත‍්තනා අනුභවිතබ‍්බං පාපඵලං දස‍්සෙත්‍වා ඉදානි “කෙන තෙ බ්‍රහ‍්මචරියෙන , ආනුභාවො අයං තවා”ති රඤ‍්ඤා පුච‍්ඡිතමත්‍ථං ආචික‍්ඛිත්‍වා තං සරණෙසු චෙව සීලෙසු ච පතිට‍්ඨාපෙතුකාමො “තං සුණොහි මහාරාජා”තිආදිමාහ. තත්‍ථ සීලෙසුපොසථෙ රතාති නිච‍්චසීලෙසු ච උපොසථසීලෙසු ච අභිරතා. අදාති අදාසි. තං ධම‍්මන‍්ති තං අට‍්ඨඞ‍්ගිකං මග‍්ගං අමතපදඤ‍්ච.

මෙසේ තමන් විසින් විඳිය යුතු වූ අකුශල විපාක දක්වා දැන් කෙන තෙ බ්‍රහ්මචරියෙන ආනුභාවො අයං තවා - රජු විසින් විචාරන ලද අර්ථය කියා ඔහු සරණයෙහි ද ශීලයෙහි ද, පිහිටවනු කැමැත්තේ තං සුණෙහි මහාරාජ - ආදිය කීහ. එහි සීලෙසු පොසථෙ රතා - යනු නිත්‍ය (පඤ්ච) ශීලයෙහි ද උපෝසථ ශීලයෙහි ද කැමැත්ත වැඩීය. අදා දුන්නේය. තං ධම්මං යනු ආර්ය අෂ්ඨාංගික මාර්ගය හා නිර්වාණ පදය.

එවං පෙතෙන සරණෙසු සීලෙසු ච සමාදපිතො රාජා පසන‍්නමානසො තෙන අත‍්තනො කතං උපකාරං තාව කිත‍්තෙත්‍වා සරණාදීසු පතිට‍්ඨහන‍්තො “අත්‍ථකාමො”තිආදිකා තිස‍්සො ගාථා වත්‍වා පුබ‍්බෙ අත‍්තනා ගහිතාය පාපිකාය දිට‍්ඨියා පටිනිස‍්සට‍්ඨභාවං පකාසෙන‍්තො “ඔඵුණාමී”ති ගාථමාහ.

මෙසේ ප්‍රේතයා විසින් ශරණයෙහි ද සීලයෙහි ද සමාදන් කරවන ලද රජු පිබිදුනු සිතින් යුතුව, ඔහු විසින් තමන්ට කරන ලද උපකාරය පිළිබඳව ගුණ වර්ණනා කොට සරණාදියෙහි පිහිටමින්, අත්‍ථකාමො - ආදී ගාථාවන් කියා පෙර තමන් විසින් ගන්නා ලද පාපී දෘෂ්ටියෙන් බැහැරවන බවට පොරොන්දු දී, ඔපුණාමි ආදී ගාථා කීය.

තත්‍ථ ඔඵුණාමි මහාවාතෙති මහන‍්තෙ වාතෙ වායන‍්තෙ භුසං විය තං පාපකං දිට‍්ඨිං, යක‍්ඛ, තව ධම‍්මදෙසනාවාතෙ ඔඵුණාමි නිද‍්ධුනාමි. නදියා වා සීඝගාමියාති සීඝසොතාය මහානදියා වා තිණකට‍්ඨපණ‍්ණකසටං විය පාපිකං දිට‍්ඨිං පවාහෙමීති අධිප‍්පායො. වමාමි පාපිකං දිට‍්ඨින‍්ති මම මනොමුඛගතං පාපිකං දිට‍්ඨිං උච‍්ඡඩ‍්ඩයාමි. තත්‍ථ කාරණමාහ “බුද‍්ධානං සාසනෙ රතො”ති. යස‍්මා එකංසෙන අමතාවහෙ බුද‍්ධානං භගවන‍්තානං සාසනෙ රතො අභිරතො, තස‍්මා තං දිට‍්ඨිසඞ‍්ඛාතං විසං වමාමීති යොජනා.

එහි ඔපුණාමි මහා වනෙ - යනු මහා සුලඟක් හමා බොල් හරින්නාක් මෙන් ඒ මගේ පාප දෘෂ්ටින්, දෙවිය, ඔබගේ ධර්ම දේශනා නමැති වාතයෙන් පා කර හරිමි, නදියා වා සීඝගාමියා - යනු සැඩ පහරින් ගලන්නා වූ මහා නදියක තණ ලෑලි කැබලි, කසල පාවී යන්නාක් මෙන් මගේ මිථ්‍යා දෘෂ්ටිය පා කර හරිමි යන අදහසයි. වමාමි පාපකං දිට්ඨි - යනු මගේ සිතෙහි හටගත්තා වූ මිථ්‍යා දෘෂ්ටිය මුඛයෙන් වමනය කර ඉවත දමමි. එයට කාරණා කීහ. බුද්ධානං සාසනෙ රතො - යනු යම් හෙයකින් ඒකාන්තයෙන් අමා වෑහෙන්නා වූ භාග්‍යවත් වූ බුදුන්ගේ ශාසනයෙහි ඇලුනේ, සිත් ඇලවූයේ වෙමි. එහෙයින් ඒ මිථ්‍යාදෘෂ්ටි සඞ්ඛ්‍යාත විෂ වමාරමි යන යෙදීමයි.

ති ඔසානගාථා සඞ‍්ගීතිකාරෙහි ඨපිතා. තත්‍ථ පාමොක‍්ඛොතිපාචීනදිසාභිමුඛො හුත්‍වා. රථමාරුහීති රාජා ගමනසජ‍්ජං අත‍්තනො රාජරථං අභිරුහි, ආරුය‍්හ යක‍්ඛානුභාවෙන තං දිවසමෙව අත‍්තනො නගරං පත්‍වා රාජභවනං පාවිසි. සො අපරෙන සමයෙන ඉමං පවත‍්තිං භික‍්ඛූනං ආරොචෙසි, භික‍්ඛූ තං ථෙරානං ආරොචෙසුං, ථෙරා තතියසඞ‍්ගීතියං සඞ‍්ගහං ආරොපෙසුං.

මෙය වර්ණනා කරමින් සංගීති කාරකයෝ අවසාන ගාථාව තැබූහ. එහි පාමොක්‍ඛා - යනු පෙරදිග දිසාවට අභිමුඛව, ඉදිරිය බලා රථමාරුහි - යනු රජ ගමන සදහා තමන්ගේ රාජ රථයට නැංගේය. රථය යක්ෂයාගේ ආනුභාවයෙන් එදිනම තමන්ගේ නුවරට පැමිණ රාජ මාලිගාවට පිවිසියේය. හෙතෙම ඊට පසු වෙලාවක මේ ප්‍රවෘත්තිය භික්ෂූන්ට කීයේය. භික්ෂූහු එය ස්ථවිරවරුන්ට දැන්වූහ. ස්ථවිරවරු තුන්වන සංගායනාවේ දී සඞ්ගායනයට සජ්ඣායනාවට නැගූහ.

නන්‍දකපෙතවත්‍ථුවණ‍්ණනා නිට‍්ඨිතා.

නන්දක ප්‍රේත වත්‍ථු වර්ණනාව නිමියේය.