යෙදුමෙන් කියවන්න

නන්‍දක පෙතවත්‍ථු තතියං

4. 3.

4. 3.

667. රාජා පිඞ‍්ගලකො නාම සුරට‍්ඨානං අධිපති අහු, මොරියානමුපට‍්ඨානං ගන‍්ත්‍වා සුරට‍්ඨං පුනරාගමා.

667. සුරට්ඨ ජනපදයට අධිපති වූ පිංගලක නම් රජෙක් විය. හේ මෞර්ය රාජයන්හට උවටැන් කිරීමට ගොස් යළි සුරට්ඨ දේශයට ආයේ ය.

668. උණ‍්හෙ මජ‍්ඣන‍්තිකෙ කාලෙ රාජා පඞ‍්කං උපාගමි, අද‍්දස මග‍්ගං රමණීයං පෙතානං වණ‍්ණනාපථං,

668. රජ තෙමේ උණුසුම් වූ මද්දහන් වේලෙහි මටසිලුටු භූමියකට පැමිණියේ ය. හේ ප්‍රේතයා විසින් මවන ලද සිත්කලු වූ මටසිලුටු මාර්‍ගය දුටුවේ ය.

669. සාරථිං ආමන‍්තයී රාජා අයං මග‍්ගො රමණීයො, ඛෙමො සොවත්‍ථිකො සිවො ඉමිනා සාරථි යාහි සුරට‍්ඨානං සන‍්තිකෙ ඉතො.

669. රජ රියැදුරු අමතා මෙසේ කීය: “රියැදුර, මේ මඟ සිත්කලු ය. නිර්‍භය ය. සුව එළවන්නේ ය. උවදුරු රහිත ය, මේ මඟින් යව. මේ මඟින් (යන අපි) සුරට්ඨජනපදය සමීපයෙහි ම වෙමු.

670. තෙන පායාසි සොරට‍්ඨො සෙනාය චතුරඞ‍්ගිනියා. උබ‍්බීග‍්ගරූපො පුරිසො සොරට‍්ඨං එතදබ්‍රවී.

670. සුරට්ඨ දේශාධිපති රජ තෙමේ සිවුරඟ සෙනග සමග ඒ මඟින් ගියේ ය. තැතිගත් ස්වභාව ඇති එක් පුරුෂයෙක් සුරට්ඨ රජුට මෙය කී ය:

671. කුම‍්මග‍්ගං පටිපන‍්නම‍්හා භිංසනං ලොමහංසනං පුරතො පදිස‍්සති මග‍්ගො පච‍්ඡතො ච න දිස‍්සති.

671. බිය ජනක වූ ලොමුදහ ගන්වන්නා වූ නපුරු මඟකට අපි පිළිපන්නම්හ. ඉදිරියෙහි මාර්‍ගය පෙනෙයි. එහෙත් පසුපස මාර්‍ගය නො පෙනෙයි.

672. කුම‍්මග‍්ගං පටිපන‍්නම‍්හා යමපුරිසාන සන‍්තිකෙ, අමානුසො වායති ගන්‍ධො ඝොසො සූයති දාරුණො.

672. ප්‍රේතයන්ගේ සමීපයෙහි වූ නපුරු මඟට බැසගත්තෙමු. ප්‍රේතයන්ගේ සිරුරුගඳ හමයි. ඉතා දරුණු (විලාප) ශබ්ද ඇසේ.

673. සංවිග‍්ගො රාජා සොරට‍්ඨො සාරථිං එතදබ්‍රවි, කුම‍්මග‍්ගං පටිපන‍්නම‍්හා භිංසනං ලොමහංසනං, පුරතො ච දිස‍්සති මග‍්ගො පච‍්ඡතො ච න දිස‍්සති.

673. සංවේගයට පැමිණි සුරට්ඨ රජ රියැදුරාට මෙසේ කී ය: (අපි) බියකරු වූ ලොමුදහ ගන්වන නපුරු මඟකට බැස ගත්තම්හ. ඉදිරියෙහි මඟ පෙනේ. එහෙත් පසුපස මඟ නො පෙනේ.

674. කුම‍්මග‍්ගං පටිපන‍්නම‍්හා යමපුරිසාන සන‍්තිකෙ, අමානුසො වායති ගන්‍ධො ඝොසො සූයති දාරුණො.

674. අපි ප්‍රේතයන්ගේ සමීපයෙහි වූ නපුරු මඟකට බැස ගතිමු. ප්‍රෙතයන් පිළිබඳ දුගඳ හමයි. දරුණු හඬ ද ඇසේ.

675. හත්‍ථික‍්ඛන්‍ධඤ‍්ච ආරුය‍්හ ඔලොකෙන‍්තො චතුද‍්දිසං, අද‍්දස නිග්‍රොධං රමණීයං පාදපං ඡායාසම‍්පන‍්නං නීලබ‍්භවණ‍්ණසදිසං මෙඝවණ‍්ණසිරීනිභං.

675. ඇතුපිට නැඟ සිවුදිග බලන හේ සිත්කලු සෙවණින් යුත් පැහැයෙන් නිල්වලාකුළක් බඳු වූ මේඝවර්‍ණ සටහන් ව හැඟෙන නුග රුකක් දිටි.

676. සාරථිං ආමන‍්තයී රාජා කිං එසො දිස‍්සති බ්‍රහා, නීලබ‍්භවණ‍්ණසදිසො මෙඝවණ‍්ණ සිරීනිභො.

676. රජ තෙමේ රියැදුරු ඇමතීය: “මහත් වූ නිල්වලාකුළක් සමාන මේඝවර්‍ණ සටහන් ඇති තෙල කිමෙක් පෙනේ. දැ යි?

677. නිග්‍රොධො සො මහාරාජ පාදපො ඡායාසම‍්පන‍්නො, නීලබ‍්භවණ‍්ණසදිසො මෙඝවණ‍්ණසිරීනිභො,

677. මහරජතුමනි, මනහර සෙවණින් යුතු නිල්වලා සමාන පැහැ ඇති මෙවන් සිරියෙන් හොබනා ඒ ගස නුගරුකෙකි.

678. තෙන පායාසි සොරට‍්ඨො යෙන සො දිස‍්සති බ්‍රහා, නීලබ‍්භවණ‍්ණසදිසො මෙඝවණ‍්ණසිරීනිභො.

678. යම් තැනෙක පැහැයෙන් නිල්වලාකුළක් බඳු මේඝවර්‍ණ සටහන් ඇති මහත් වූ ඒ ගස දක්නා ලැබේ ද, සුරට්ඨ රජ තෙමේ එතන්හි ගියේ ය.

679. හත්‍ථික‍්ඛන්‍ධතො ඔරුය‍්හ රාජා රුක‍්ඛං උපාගමි, නිසීදි රුක‍්ඛමූලංස‍්මි සාමච‍්චො සපරිජ‍්ජනො.

679. රජ තෙමේ ඇත්කඳින් බැස ගස වෙත එළැඹියේ ය. ඇමතියන් සහිත වූ පිරිවර ජනයා සහිත වූ (හේ) රුක්මුලැ හුන්නේ ය.

680. පූරං පානීයකරකං පූවෙ චිත‍්තෙ ච අද‍්දස, පුරිසො ච දෙවවණ‍්ණී සබ‍්බාභරණභූසිතො උපසඞ‍්කමිත්‍වා රාජානං සොරට‍්ඨං එතදබ්‍රුවි:

680. පිරුණු පැන්බඳුනක් ද මිහිරි වූ කැවුම් ද (රජ) දුටුවේ ය. දෙවියකු බඳු සියලු අබරණින් සැරැසුණු පුරුෂයෙක් සුරට්ඨ රජු වෙත එළඹ මෙය කී ය:

681. ස‍්වාගතං තෙ මහාරාජ අථො තෙ අදුරාගතං, පිවතු දෙවො පානීයං පූවෙ ඛාද අරින්‍දම.

681. මහරජ, ඔබට ස්වාගත යි. (මේ යහපත් පැමිණීමෙකි.) නපුරු පැමිණීමෙක් නො වේ. රජ තෙමේ පැන් පානය කෙරේවා, සතුරන් දමනය කරන රජතුමනි, කැවුම් බුදිනු මැන.

682. පිවිත්‍වා රාජා පානීයං සාමච‍්චො සපරිජ‍්ජනො, පූවෙ ඛාදිත්‍වා ච පීත්‍වා ච සොරට‍්ඨො එතදබ්‍රවී:

682. ඇමතියන් සහිත වූ පරිජනයා සහිත සුරට්ඨ රජ තෙමේ පැන් බී කැවුම් කා යළි පැන් බී මෙය කී ය:

683. දෙවතා නුසි ගන්‍ධබ‍්බො ආදු සක‍්කො පුරින්‍දදො, අජානන‍්තා තං පුච‍්ඡාම කථං ජානෙමු තං මයං.

683. (තෙපි) දෙවියෙක් හෝ වවු ද, ගඳඹෙක් හෝ වවු ද නොහොත් පුරින්‍දද නම් වූ ශක්‍ර හෝ වවු ද? තොප නොහඳුනන අපි තොප විචාරමු. අපි තොප කෙසේ දැනගනිමු ද?

684. නම‍්හි දෙවො න ගන්‍ධබ‍්බො නපි සක‍්කො පුරින්‍දදො, පෙතො අහං මහාරාජ සුරට‍්ඨා ඉධමාගතො.

684. මහරජ, දෙවියෙක් නො ම වෙමි ගඳඹෙක් ද නො වෙමි. පුරින්‍දද නම් වූ ශක්‍ර ද නො වෙමි. මම සුරට්ඨ දේශයෙන් මෙහි පැමිණි ප්‍රේතයෙක්මි.

685. කිං සීලො කිං සමාචාරො සුරට‍්ඨස‍්මිං පුරෙ තුවං, කෙන තෙ බ්‍රහ‍්මචරියෙන අනුභාවො අයං තව?

685. පෙර අත්බැව්හි තෙපි සුරට්ඨ දේශයෙහි දී කෙබඳු සිල්වතෙක් කෙබඳු යහපත් පැවතුම් ඇතියෙක් වූහු ද? තොපගේ කවර උතුම් හැසිරීමෙකින් තොපගේ මෙ අනුභාවය වී ද?

686. තං සුණොහි මහාරාජ අරින්‍දම රට‍්ඨවඩ‍්ඪන. අමච‍්චා පාරිසජ‍්ජා ච බ්‍රාහ‍්මණො ච පුරොහිතො.

686. සතුරන් දමනය කරන, රට දියුණු කරන මහරජතුමනි, එය අසනු මැනවි. ඇමතියෝ ද, පිරිසෙහි වූවෝ ද පෙරෙවි බමුණා ද මෙය අසත්වා.

687. සුරට‍්ඨස‍්මා අහං දෙව පුරිසො පාපචෙතසො මිච‍්ඡාදිට‍්ඨි ච දුස‍්සීලො කදරියො පරිභාසකො

687. දේවයන් වහන්ස, සුරට්ඨදේශයෙන් ආ මම පව්සිත් ඇති, මිසදිටු වූ දුශ්ශීල වූ මසුරු වූ මහණ බමුණනට නින්‍දා කරන පුරුෂයෙක් වීමි.

688. දදන‍්තානං කරොන‍්තානං වාරයිස‍්සං බහුජ‍්ජනං, අඤ‍්ඤෙසං දදමානානං අන‍්තරායකරො අහං.

688. මම දන් දෙන්නන්හට ද උපකාර කරන්නන්ට ද අන්තරාය කරන්නෙක් ව මෙරමාහට දන් දෙන බොහෝ ජනයා (දානමය පිනින්) වැළැක්වීමි.

689. විපාකො නත්‍ථි දානස‍්ස සංයමස‍්ස කුතො ඵලං, නත්‍ථි ආචරියො නාම අදන‍්තං කො දමෙස‍්සති.

689. දානයේ විපාකයෙක් නැත. සීලයේ විපාකයෙක් කොයින් ද? ආචාරසමචාරයෙහි හික්මවන ආචාර්‍ය්‍යයෙක් නැත. කවරෙක් දමනය නො වූ පුද්ගලයකු දමනය කරන්නේ ද? (නැත)

690. සමතුල්‍යානි භූතානි කුතො ජෙට‍්ඨාපචායිකො, නත්‍ථි බලං විරියං වා කුතො උට‍්ඨානපොරිසං.

690. සත්‍වයෝ ඔවුනොවුන් හා සමසමයහ. එහෙයින් කුල දෙටු වන් පිදීමේ පිනක් කොයින් ලැබේ ද? බලයක් හෝ වීර්‍ය්‍යයක් හෝ නැත. උට්ඨානවීර්‍ය්‍ය සංඛ්‍යාත පුරුෂ ධෛර්‍ය්‍යක් කොයින් ද?

691. නත්‍ථි දාන ඵලං නාම න විසොධෙති වෙරිනං, ලද‍්ධෙය්‍යං ලභතෙ මච‍්චො නියතිපරිණාමජා.

691. දානයෙහි විපාකයෙක් නම් නැත. වෛරවශයෙන් පව්කම් කළ පුද්ගලයා දානාදි පින් කිරීමෙන් පිරිසිදු නො වේ. සත්‍ව තෙමේ ලැබිය යුතු යම් සැපක් හෝ දුකක් ලබන්නේ ද එය (කර්‍ම කළ හෙයින් නොව) ඔහුගේ නියතියේ පරිණාමයෙන් වූවක් වශයෙන් ලබයි.

692. නත්‍ථි මාතා පිතා භාතා ලොකො නත්‍ථි ඉතො පරං, නත්‍ථි දින‍්නං නත්‍ථි හුතං සුනිහිතම‍්පි න විජ‍්ජති.

692. මව (කෙරෙහි) ද පියා (කෙරෙහි) ද සහෝදරයා (කෙරෙහි) ද (මනා පිළිවෙතින් හෝ නො මනා පිළිවෙතින් විපාකයෙක් නැත. (මෙලොව සිටින්නහුට) පරලොවක් නැත. (පරලොව සිටින්නහුට) මෙලොවක් නැත. මහාදාන විපාකයෙක් ද නැත. අත්‍ථිසත්කාර ඵලයෙක් ද නැත. අනුගාමික නිධාන නම් වූ මහණ බමුණනට දෙන දාන ඵල යෙක් ද නැත.

693. යොපි හනෙය්‍ය පුරිසං පරස‍්ස ඡින්‍දතෙ සිරං, න කොචි කිඤ‍්චි හනති සත‍්තන‍්නං විවරමන‍්තරෙ

693. යමෙක් පුරුෂයකු නසන්නේ ද මෙරමාගේ හිස සිඳින්නේ ද හේ කිසිවකු නො නසයි. (පෘතුවි ආදී) සප්තකායයන්ගේ සිදුරු අතර අවිය ඇතුළුවනු විනා සත්‍වයා නො මැරෙයි.

694. අච‍්ඡෙජ‍්ජභෙජ‍්ජො ජීවො අට‍්ඨංසො ගුළපරිමණ‍්ඩලො, යොජනානං සතං පඤ‍්ච කො ජීවං ඡෙත‍්තුමරහති.

694. සත්ත්‍වජීවය තෙමේ සිඳිය හැක්කක් හෝ බිඳිය හැක්කක් නො වේ. ඒ ජීවය අටැස් ද පන්දුවක් මෙන් පිරිමඩුලු ද (වටද) වේ. පන්සිය යොදුනක් උස් වෙයි. කවරෙක් ඒ (නිත්‍ය) ජීවය සිඳින්නට සුදුසු ද? සිඳිය හැකි කිසිවෙක් නැත.

695. යථා සුත‍්තගුළෙ ඛිත‍්තෙ නිබ‍්බෙඨෙන‍්තං පලායති, එවමෙවම‍්පි සො ජීවො නිබ‍්බෙඨෙන‍්තො පලායති.

695. යම්සේ වෙළීමෙන් කළ නූල්පන්දුවක් දැමූ කල්හි එය වෙළුම් ලිහෙමින් ගමන් කෙරේ ද, එපරිද්දෙන් ම ඒ ජීවය තෙමේ (ආත්මභාව නැමැති නූල් පන්දුව) වෙළුම් හරිමින් ගමන් කෙරේ.

696. යථා ගාමතො නික‍්ඛම‍්ම අඤ‍්ඤං ගාමං පවිසති, එවමෙවම‍්පි සො ජීවො අඤ‍්ඤං කායං පවිසති.

696. යම්සේ යමෙක් (තමා) වසන ගමින් නික්ම අන්ගමකට පිවිසේ ද, එසේ ම ඒ ජීවය තෙමේ අන් සිරුරකට පිවිසේ.

697. යථා ගෙහතො නික‍්ඛම‍්ම අඤ‍්ඤං ගෙහං පවිසති, එවමෙවම‍්පි සො ජීවො අඤ‍්ඤං බොන්‍දිං පවිසති.

697. යම්සේ යමෙක් තම ගෙයින් නික්මැ අන් ගෙයකට පිවිසේ ද, එපරිද්දෙන් ම ඒ ජීවය අන් සිරුරකට පිවිසේ.

698. චූළාසීතිමහාකප‍්පුනො සතසහස‍්සානිපි හි යෙ බාලා යෙ ච පණ‍්ඩිතා, සංසාරං ඛෙපයිත්‍වාන දුක‍්ඛස‍්සන‍්තං කරිස‍්සරෙ.

698. යම් බාල කෙනෙක් වෙත් නම්, යම් පණ්ඩිත කෙනෙක් වෙත් නම් (ඔහු හැම දෙන) මහාකල්ප සුවාසූලක්‍ෂයක් ම සසර ගෙවා දුක් කෙළවර කරන්නාහ.

699. මිතානි සුඛදුක‍්ඛානි දොණෙහි පිටකෙහි ච, ජිනො සබ‍්බං පජානාති සම‍්මූළ‍්හා ඉතරා පජා.

699. සත්ත්‍වයන්ගේ සුවදුක් ද්‍රෝණයන්ගෙන් හෝ පැසින් (මනින ලද්දක් මෙන්, එකී කල් පිරිසිඳීමෙන්) පමණ කරන ලදී. මේ සියල්ල ජිනභූමියෙහි සිටියේ ම දනියි. සෙසු ප්‍රජා තොමෝ අතිශයින් මුළා වූවා වෙයි.

700. එවං දිට‍්ඨි පුරෙ ආසිං සම‍්මූළ‍්හො මොහපාරුතො, මිච‍්ඡාදිට‍්ඨි ච දුස‍්සීලො කදරියො පරිභාසකො.

700. මම පෙර මෙබඳු දෘෂ්ටි ඇත්තෙක් වීමි. අතිශයින් මුළා වූ මෝහයෙන් වැසුණු මිසදිටු වූ දුසිල් වූ තදමසුරු වූ මෙරමා පිරිහෙළන්නෙක් වීමි.

701. ඔරං මෙ ඡහි මාසෙහි කාලකිරියා භවිස‍්සති, එකන‍්තං කටුකං ඝොරං නිරයං පපතිස‍්සහං.

701. (මහරජ) සමසෙකින් මොබ මාගේ කාලක්‍රියාව වන්නේ ය. ඒ මම එකැතියෙන් කටුක වූ දරුණු නිරාහි වැටෙන්නෙමි.

702. චතුක‍්කණ‍්ණං චතුද‍්වාරං විභත‍්තං භාගසො මිතං, අයොපාකාර පරියන‍්තං අයසා පටිකුජ‍්ජිතං.

702. (ඒ නිරයේ) කොන් සතරෙක් ඇත. සිවුදොරක් ඇත. පමණ කොට කොටස් විසින් බෙදන ලද. ලොහො පවුරෙකින් වටකරන ලද. යපියනෙකින් වසන ලද.

703. තස‍්ස අයොමයා භූමි ජලිතා තෙජසා යුතා, සමන‍්තා යොජනසතං ඵරිත්‍වා තිට‍්ඨති සබ‍්බදා.

703. ඒ මහානිරයේ ලොහොමුවා බිම (වෙයි.) ඇවිළගත් ගින්නෙන් යුතු වෙයි. හැම කල්හි (ඒ ගින්න) හාත්පසැ යොදුන් සියයක් පැතිර සිටී.

704. වස‍්සසතසහස‍්සානි ඝොසො සූයති තාවදෙ ලක‍්ඛො එසො මහාරාජ සතභාගවස‍්ස කොටියො

704. හවුරුදු ලක්‍ෂයක් ඉක්මැ ගියකලැ එකෙණෙහි හඬෙක් ඇසෙයි. මහරජතුමනි, එහි ආයුප්‍රමාණය හවුරුදු කෙළ ලක්‍ෂයයක් වෙයි. මේ එහි ආයුකාලය යි.

705. කොටිසතසහස‍්සානි නිරයෙ පච‍්චරෙ ජනා, මිච‍්ඡාදිට‍්ඨි ච දුස‍්සීලා යෙ ච අරියූපවාදිනො.

705. යම් සත්ත්‍ව කෙනෙක් කෝටි ලක්‍ෂයක් හවුරුදු නිරයෙහි පැසෙත් නම් ඔහු මිසදිටුවෝ ද දුසිල්හු ද ආර්‍ය්‍යෝපවාද කොළෝ ද වෙති.

706. තත්‍ථාහං දීඝමද‍්ධානං දුක‍්ඛං වෙදිස‍්සං වෙදනං ඵලං පාපස‍්ස කම‍්මස‍්ස තස‍්මා සොචාමහං භුසං

706. මම ඒ මහානිරයෙහි බොහෝ කලක් මුළුල්ලෙහි දුක් වේදනා විඳින්නෙමි. පාපකර්‍මයාගේ මෙබඳු විපාකයෙක් ඇත. එහෙයින් මම බොහෝ සේ ශෝක කරමි.

707. තං සුණොහි මහාරාජ අරින්‍දම රට‍්ඨවඩ‍්ඪන, ධීතා මය‍්හං මහාරාජ උත‍්තරා භද‍්දමත්‍ථු තෙ.

707. සතුරන් දමනය කරන රට දියුණු කරන මහරජතුමනි, එය අසනුමැන. ඔබට යහපතක් වේවා මහරජ මාගේ උත්තරා නම් දුවක් ඇත.

708. කරොති භද‍්දකං කම‍්මං සීලෙසූපොසථෙ රථා සඤ‍්ඤතා සංවිභාගී ච වදඤ‍්ඤූ වීතමච‍්ඡරා.

708. ඕ පින්කම් කරයි. නිති සිල්හි හා පෙහෙවස්හි ද නිරත වෙයි. කායවාක් සංවරයෙන් යුක්ත ය. දන් බෙදා දෙන්නී ය. මිහිරි තෙපුල් ඇත්තී ය, පහවූ මසුරුමල ඇත්තී ය.

709. අඛණ‍්ඩකාරී සික‍්ඛාය සණ‍්හා පරකුලෙසු ච, උපාසිකා සක්‍යමුනිනො සම‍්බුද‍්ධස‍්ස සිරීමතො,

709. ඕ ශික්‍ෂා කඩ නො කරන්නී ය. අන්කුලයන් කෙරෙහි මෘදු වෙයි. සිරිමත් ශාක්‍යමුනි වූ සම්බුදුන්ගේ උපාසිකාවකි.

710. භික‍්ඛූ ච සීලසම‍්පන‍්නො ගාමං පිණ‍්ඩාය පාවිසි. ඔක‍්ඛිත‍්තචක‍්ඛූ සතිමා ගුත‍්තද‍්වාරො සුසංවුතො.

710. යට හෙළු ඇස් ඇති සිහියෙන් යුත් රක්නා ලද සදොර ඇති මනා සංවරයෙන් යුත් සිල්වත් භික්‍ෂුනමක් පිඬු පිණිස වැඩියේ ය.

711. සපදානං චරමානො අගමා තං නිවෙසනං, තමද‍්දස මහාරාජ උත‍්තරා භද‍්දමත්‍ථු තෙ.

711. හේ ගෙපිළිවෙළින් පිඬුවාහි හැසිරෙන්නේ ඒ ගෙට ගියේ ය. මහරජ, ඔබට යහපතක් වේවා, උත්තරා තොමෝ ඒ මහණ දුටුවා ය.

712. පූරං පානීයස‍්ස කරකං පූවෙ චිත‍්තෙ ච සා අදා, පිතා මෙ කාලකතො භන‍්තෙ තස‍්සෙතං උපකප‍්පතු,

712. ඕ පැන් පිරුණු බඳුනක් ද, මිහිරි කැවුම් ද දුන්නා ය. “වහන්ස, මාගේ පියා මළේ ය. ඔහුට මේ පින පැමිණේවා”යි (ද කී.)

713. සමනන‍්තරානුද‍්දිට‍්ඨෙ විපාකො උපපජ‍්ජථ, භුඤ‍්ජාමි කාමකාමීහං රාජා වෙස‍්සවණො යථා.

713. පින්දීමට අනතුරුව ම (එහි) විපාකය (මට) ලැබිණි. වෙසවුණු රජු පරිද්දෙන් කම්සැප කැමති මම සැප වළඳමි.

714. තං සුණොහි මහාරාජ අරින්‍දම රට‍්ඨවඩ‍්ඪන, සදෙවකස‍්ස ලොකස‍්ස බුද‍්ධො අග‍්ගො පවුච‍්චති, තං බුද‍්ධං සරණං ගච‍්ඡ සපුත‍්තදාරො අරින්‍දම.

714. සතුරන් දමනය කරන රටට වැඩ වඩන මහරජතුමනි, (එහෙයින්) මෙය අසන්න. සදේවකලෝකයාට බුදුහු අග්‍ර වෙතී කියනු ලැබේ. අරීන් දමනය කරන රජතුමනි, (තෙපි) ඒ බුදුහු සරණ යවු.

715. අට‍්ඨඞ‍්ගිකෙන මග‍්ගෙන ඵුසන‍්ති අමතං පදං, තං ධම‍්මං සරණං ගච‍්ඡ සපුත‍්තදාරො අරින්‍දම.

715. අරින්‍දම වූ රජතුමනි, අරී අටඟිමඟින් අමෘතපදය (නිවන) ස්පර්‍ශ කෙරෙති. අරින්‍දම වූ රජතුමනි, පුත්‍රදාරාවන් සහිත (තෙපි) ඒ (අෂ්ටාංගිකමාර්‍ග) ධර්‍මය සරණ යවු.

716. චත‍්තාරො මග‍්ගපටිපන‍්නා චත‍්තාරො ච ඵලෙ ඨිතා. එස සඞ‍්ඝො උජුභූතො පඤ‍්ඤාසීලසමාහිතො, තං සඞ‍්ඝං සරණං ගච‍්ඡ සපුත‍්තදාරො අරින්‍දම.

716. මාර්‍ගප්‍රතිපන්න සිවුදෙන යැ ඵලයෙහි සිටි සිවුදෙන යැ යන මේ ආර්‍ය සංඝ තෙමේ ඍජු වූයේ ය. ප්‍රඥාශීල දෙකින් යුක්ත යැ. අරින්‍දම රජතුමනි, (තෙපි) පුත්‍රදාරාවන් සමග ඒ සංඝයා සරණ යවු.

717. පාණාතිපාතා විරමස‍්සු ඛිප‍්පං ලොකෙ අදින‍්නං පරිවජ‍්ජයස‍්සු, අමජ‍්ජපො මා ච මුසා අභාණි සකෙන දාරෙන ච හොහි තුට‍්ඨො.

717. වහා පරපණ නැසීමෙන් වළකින්න. ලෙව්හි අයිනාදන් දුරු කරන්න. මත්පැන් නො බොන්නෙක් වන්න. බොරු නො මැ කියන්න. සිය අඹුව හා සතුටු වන්න.

718. අත්‍ථකාමොසි මෙ යක‍්ඛ හිතකාමොසි දෙවතෙ, කරොමි තුය‍්හං වචනං ත්‍වංසි ආචරියො මම.

718. යක්‍ෂය, තෙපි මට වැඩ කැමැත්තහු, දේවතාවෙනි, තෙපි මට හිත කැමැතියහු, මම තොපගේ වචනය කරමි. තෙපි මාගේ ඇදුරුහු වවු.

719. උපෙමි බුද‍්ධං සරණං ධම‍්මඤ‍්චාපි අනුත‍්තරං, සඞ‍්ඝඤ‍්ච නරදෙවස‍්ස ගච‍්ඡාමි සරණං අහං.

719. මම බුදුන් සරණ යෙමි. අනුත්තර ධර්‍මය ද (සරණයෙමි) නරදේව වූ බුදුන්ගේ සංඝයා ද සරණ යෙමි.

720. පාණාතිපාතා විරමාමි ඛිප‍්පං ලොකෙ අදින‍්නං පරිවජ‍්ජයාමි, අමජ‍්ජපො නො ච මුසා භණාමි සකෙන දාරෙන ච හොමි තුට‍්ඨො.

720. වහා පණිවායෙන් වෙන් වෙමි. ලෙව්හි අයිනාදන් දුරු කරමි. මත්පැන් නො බොන්නෙක් වෙමි. බොරු ද නො කියමි. සිය අඹුව හා තුටු ද වෙමි.

721. ඔපුණාමි මහාවාතෙ නදියා වා සීඝගාමියා, වමාමි පාපිකං දිට‍්ඨිං බුද‍්ධානං සාසනෙ රතො.

721. යම් හෙයෙකින් බුදුවරුන්ගේ ශාසනයෙහි මම අලුණෙම් ද, එහෙයින් මහාවාතය හමන කල්හි බොල් මෙන් ශීග්‍රගාමී සැඩපහර ඇති නදියක තණ රොඩු මෙන් පවිටු මිසදිටු පිඹ හරිමි. වමනය කෙරෙමි.

722. ඉදං වත්‍වාන සොරට‍්ඨො විරමිත්‍වා පාපදස‍්සනා, නමො භගවතො කත්‍වා පාමොක‍්ඛා රථමාරුහී’ති.

722. සුරට්ඨ දේශාධිපති රජ තෙමේ මෙය කියා පාපදෘෂ්ටියෙන් වැළකැ භාග්‍යවතුන් වහන්සේට නමස්කාර කොට පෙරදිගට අභිමුඛ වැ රියට නැඟ ගියේ යි.

නන්‍දක පෙතවත්‍ථු තතියං.

නන්‍දක පේතවස්තු යි.