රෙවතීපෙතීවත්ථු චතුත්ථං
4. 4.
4. 4.
723. උට්ඨෙහි රෙවතෙ සුපාපධම්මෙ අපාරුතං ද්වාරං අදානසීලෙ, නෙස්සාම තං යත්ථ ථුනන්ති දුග්ගතා. සමප්පිතා නෙරයිකා දුඛෙන.
723. ඉතා පවිටුගති ඇති දන් නො දෙනසුලු වූ රේවතිය, යම් තැනක දුගතියට ගිය නිරිසත්හු දුකින් යුක්ත වූවාහු තතනත් ද, නො වැසූ දොර ඇති ඒ නිරයට තී ගෙන යන්නෙමු.
724. ඉච්චෙව වත්වාන යමස්ස දූතා තෙ ද්වෙ යක්ඛා ලොහිතක්ඛා බ්රහන්තා, පච්චෙකබාහාසු ගහෙත්වාන රෙවතිං පක්කාමයුං දෙවගණස්ස සන්තිකෙ.
724. ලේවන් ඇස් ඇති මහත් වූ, යමයාගේ දුත වූ ඒ යකුන් දෙදෙන මෙසේ කියා රේවතිය වෙන වෙන ම අත් අල්ලාගෙන දෙව සමූහයාගේ සමීපයට පැමිණවූහ.
725. ආදිච්චවණ්ණං රුචිරං පභස්සරං ඛ්යම්හං සුභං කඤ්චනජාලඡන්නං, කස්සෙතමාකිණ්ණජනං විමානං සුරියස්ස රංසීරිව ජොතමානං.
725. හිරුමඬල මෙන් මනහර වූ පැහැ විහිදුවන රන්දැලින් වැසුණු පිරිසිදු සත්රුවනින් විසිතුරු වූ දෙවඟනන්ගෙන් ගැවසීගත් හිරුරැස් මෙන් බබලන මේ විමන කාගේ ද?
726. නාරීගණා චන්දනසාරලිත්තා උභතො විමානං උපසොභයන්ති, තං දිස්සති සුරියසමානවණ්ණං කො මොදති සග්ගප්පත්තො විමානෙ.
726. සඳුන්සුවඳ ගැල්වූ දෙවඟනෝ විමන ඇතුළත හා පිටත හොබවති. ඒ විමන හිරුමඬල මෙන් පැහැපත් ව පෙනේ. ඒ විමන්හි සගපත් කවර දෙවියෙක් දෙව්සැපතින් සතුටු වේ ද?
727. බාරාණසියං නන්දියො නාමුපාසකො අමච්ඡරී දානපතී වදඤ්ඤූ, තස්සෙතමාකිණ්ණජනං විමානං සුරියස්ස රංසීරිව ජොතමානං.
727. බරණැස නොමසුරු වූ දානපති වූ ප්රතිග්රාහකයන්ගේ බස් දන්නා වූ නන්දිය නම් උපාසකයෙක් විය. දෙවඟනන්ගෙන් ගැවසුණු හිරුරැස් මෙන් බබළන තෙල විමන ඔහුගේ ය.
728. නාරීගණා චන්දනසාරලිත්තා උභතො විමානං උපසොභයන්ති, තං දිස්සති සුරියසමානවණ්ණං සො මොදති සග්ගප්පත්තො විමානෙ.
728. සාර වූ සඳුන් සුවඳින් අලෙව් දුන් දෙවඟන සමූහයා තෙල විමන ඇතුළත හා පිටත හොබවති. ඒ විමන හිරු හා සම පැහැ ඇති ව පෙනේ. ඒ නන්දිය සගපත් වැ ඒ විමන්හි දෙව්සැපතින් සතුටු වේ.
729. නන්දියස්සාහං භරියා අගාරිනී සබ්බකුලස්ස ඉස්සරා, භත්තුවිධානෙ රමිස්සාමි දානහං න පත්ථයෙ නිරයං දස්සනාය.
729. මම නන්දියගේ බිරිඳ වෙමි. සියලු කුලධනයට හිමි ගෘහණියක් වීමි. දැන් මම මහිමියාගේ විමන්හි ඇලෙන්නෙමි. නිරය දක්නට පවා නො පතන්නෙමි.
730. එසො තෙ නිරයො සුපාපධම්මෙ පුඤ්ඤං තයා අකතං ජීවලොකෙ, න හි මච්ඡරී රොසකො පාපධම්මො සග්ගූපගානං ලභතී සහව්යතං.
730. ඉතා පව් ඇති තැනැත්තිය, තෙල නිරය තිට අයත් වෙයි. මිනිස් ලොව දී තී විසින් පින් නො කරන ලද. තදමසුරු; කිපෙනසුලු, පවිටු ගති ඇති තැනැත්තේ දෙව්ලොව උපනුන්ගේ සහබව නො මැ ලබයි.
731. කින්නු ගූථඤ්ච මුත්තඤ්ච අසුචි පතිදිස්සති, දුග්ගන්ධං කිමිදං මීළහං කිමෙතං උපවායති,
731. කිමැ අපවිත්ර වූ මල ද මුත්ර ද පැනෙයි. මෙ දුගඳ කිමැ? තෙල හමන අසුචි ගඳ කිමැ යි.
732. එස සංසවකො නාම ගම්භීරො සතපොරිසො, යත්ථ වස්සසහස්සානි තුවං පච්චසි රෙවතෙ.
732. රේවතිය, යම්තැනක තෝ දහස්වසක් පැසෙන්නෙහි නම්, තෙලෙ බඹසියයක් පමණ ගැඹුරු වූ ඒ සංසවක නම් නිරය යි.
733. කින්නු කායෙන වාචාය මනසා දුක්කටං කතං, කෙන සංසවකො ලද්ධො ගම්භීරො සතපොරිසො.
733. කයින් වචනයෙන් මනසින් මා කිනම් පවක් කරන ලද ද? කිනම් පවෙකින් බඹසියයක් පමණ ගැඹුරැති මේ සංසවක නිරය ලැබුණේ ද?
734. සමණෙ බ්රාහ්මණෙ චාපි අඤ්ඤෙ චාපි වණිබ්බකෙ, මුසාවාදෙන වඤ්චෙසි තං පාපං පකතං තයා.
734. තෝ මහණුන් ද බමුණන් ද අන් යදියන් ද මුසාවාදයෙන් රැවටුවහු ය. තී ඒ පව කරන ලද.
735. තෙන සංසවකො ලද්ධො ගම්භීරො සතපොරිසො, තත්ථ වස්සසහස්සානි තුවං පච්චසි රෙවතෙ.
735. ඒ පවින් බඹසියයක් ගැඹුරැති සංසව නරකය තිට ලැබුණි. එම්බල රේවතිය, තෝ එහි දහසක් හවුරුදු පැසෙහු ය.
736. හත්ථෙපි ඡින්දන්ති අථොපි පාදෙ කණ්ණෙපි ඡින්දන්ති අථොපි තාසං, අථොපි කාකොළගණා සමෙච්ච සංගම්ම ඛාදන්ති විඵන්දමානං.
736. යමපල්ලෝ තීගේ අත් ද යළි පා ද සිඳිති. කන් ද යළි නැහැය ද සිඳිත්. යළි දහස් ගණන් කවුඩෝ තී වෙත අවුත් වටකොට ගෙන තීගේ මස් සල්ව සල්වා කති.
737. සාධු ඛො මං පටිනෙථ කාහාමි කුසලං බහුං, දානෙන සමචරියාය සඤ්ඤමෙන දමෙන ච, යං කත්වා සුඛිතා හොන්ති න ච පච්ඡානුතප්පරෙ.
737. මා ආපසු (මනුලොවට) ගෙන යන්නහු නම් මැනවි. මම එහි දී බොහෝ පින් කරන්නෙමි. දානයෙන් ද දහම්හි හැසිරීමෙන් ද ශීලයෙන් ද ඉන්ද්රිය දමනයෙන් ද (කල් ගෙවමි.) යමක් කොට සුවපත් වෙත් නම් පසුතැවිලි නො වෙත් නම් මම එබඳු පින් කරමි.
738. පුරෙ තුවං පමජ්ජිත්වා ඉදානි පරිදෙවසි, සයං කතානං කම්මානං විපාකං අනුභොස්සසි.
738. තෝ පෙර (කුසල් නො කොට) පමා වැ දැන් හඬන්නහු ය. තමා කළ අකුසල්හි විපාකය විඳින්නහු ය.
739. කො දෙවලොකතො මනුස්සලොකං ගන්ත්වාන පුට්ඨො මෙ එවං වදෙය්ය, නික්ඛිත්තදණ්ඩෙසු දදාථ දානං අච්ඡාදනං සයන මථන්නපානං න හි මච්ඡරී රොසකො පාපධම්මො සග්ගූපගානං ලභති සහව්යතං.
739. දෙව්ලොවින් මිනිස් ලොවට ගිය, මා විසින් විචාරන ලද කවරෙක් මෙසේ කියා ද? බහාතැබූ දඬු ඇති සිල්වත්නට දන් දෙවු. පිළි ද සෙනසුන් ද යළි අහර පැන් ද දෙවු. තදමසුරු, කිපෙනසුලු පව්ගති ඇතියෙක් දෙව්ලොවට ගියවුන්ගේ සහවාසය නො ලබයි.
740. සාහං නූන ඉතො ගන්ත්වා යොනිං ලද්ධාන මානුසිං, වදඤ්ඤූ සීලසම්පන්නා කාහාමි කුසලං බහුං: දානෙන සමචරියාය සඤ්ඤමෙන දමෙන ච.
740. ඒ මම මෙයින් චුත වැ ගොස් මිනිසත් බව ලැබ, යදියන්ගේ වදන් දන්නා සිල් ඇතියක් ව දානයෙන් ද මනා පැවැත්මෙන් ද ඉන්ද්රිය දමනයෙන් ද යුතු වැ බොහෝ කුසල් කරන්නෙමි.
741. ආරාමානි ච රොපිස්සං දුග්ගෙ සඞ්කමනානි ච, පපඤ්ච උදපානඤ්ච විප්පසන්නෙන චෙතසා
741. පුෂ්පාරාම - ඵලාරාමයන් ද රෝපණය කරන්නෙමි. දුර්ග මාර්ගයෙහි ඒදඬු පාලම් තනන්නෙමි. පහන් සිතින් යුතුවැ ළිං සහ පැන් පොකුණු ද පැන්තාලි ද කරවන්නෙමි.
742. චාතුද්දසිං පඤ්චදසිං යා ච පක්ඛස්ස අට්ඨමිං, පාටිහාරියපක්ඛඤ්ච අට්ඨඞ්ගසුසමාගතං.
742. පක්ෂය පිළිබඳ තුදුස්වක්දා ද පසළොස්වකදා ද අටවක්දා ද ප්රාතිහාර්ය්ය පක්ෂයෙහි ද අෂ්ටංගයෙන් යුක්ත වූ,
743. උපොසථං උපවසිස්සං සදා සීලෙසු සංවුතා, න ච දානෙ පමජ්ජිස්සං සාමං දිට්ඨමිදං මයං.
743. පෙහෙවස් සමාදන් වෙමි. පන්සිල්හි නිතර සංවෘත වූ මම දානයෙහි පමා නො වන්නෙමි. මේ නිරාදුක මවිසින් තමන් ම දක්නා ලද යැ.
744. ඉච්චෙවං විප්පලපන්තිං ඵන්දමානං තතො තතො, ඛිපිංසු නිරයෙ ඝොරෙ උද්ධපාදං අවංසිරං.
744. මෙසේ වැලපෙන ඔබැ මොබැ වැටෙමින් වෙවුලන රේවතිය යමපල්ලෝ අල්වාගෙන පා උඩුකුරු කොට හිස යටිකුරු කොට දරුණු වූ නිරයෙහි හෙළූහ.
745. අහං පුරෙ මච්ඡරිනී අහොසිං පරිභාසිකා සමණබ්රාහ්මණානං, විතථෙන ච සාමිකං වඤ්චයිත්වා පච්චාමහං නිරයෙ ඝොරරූපෙ’ති.
745. මම පෙර තදමසුරු තැනැත්තියක් වීමි. මහණ-බමුණනට අවමන් කරන්නියක් වීමි. බොරුවෙන් සැමියා රවටා දරුණු ස්වභාව ඇති තෙල සංසවක නිරයෙහි පැසෙමි.