සෙරිස‍්සකපෙතවත්‍ථු දුතියං
4. 2.
4. 2.
613. සුණාථ යක‍්ඛස‍්ස ච වාණිජාන ච සමාගමො යත්‍ථ තදා අහොසි, යථා කථං ඉතරීතරෙන චාපි සුභාසිතං තඤ‍්ච සුණාථ සබ‍්බෙ.
613. එකලැ සේරිස්සක දෙව්පුතුන්ගේ ද වෙළෙඳුන්ගේ ද මරුකතර දී යම් එක්වීමෙක් වී ද එය අසවු. එතැන්හි දී ඔවුනොවුන් අතර ඇති වූ යම් කථාප්‍රවෘත්තියක් ඇති වී නම් ඒ ද තෙපි සියල්ලෝම අසවු.
614. යො සො අහු රාජා පායාසි නාමො භුම‍්මානං සහව්‍යගතො යසස‍්සී, සො මොදමානොව සකෙ විමානෙ අමානුසො මානුසෙ අජ‍්ඣහාසීති.
614. සේතව්‍යා නුවර යම් ඒ පායාසි නම් රජෙක් වී ද, හේ මැරී බූමාටු දෙවියන්ගේ සහභාවයට ගියේ යසපිරිවර ඇති වැ උපනි. ඒ සේරිස්සක නම් දෙව්පුත් පිරිවර දෙවියන් සමග සතුටු වෙමින් තෙමේ නොමිනිස් වූයේ ම සිය විමානයෙහි සිට වෙළඳ මිනිසුන් දැක මෙසේ කී ය.
615. වඞ‍්කෙ අරඤ‍්ඤෙ අමනුස‍්සට‍්ඨානෙ කන‍්තාරෙ අප‍්පොදකෙ අප‍්පභක‍්ඛෙ, සුදුග‍්ගමෙ වණ‍්ණුපථස‍්ස මජ‍්ඣෙ, වඞ‍්කං භයා නට‍්ඨමනා මනුස‍්සා.
615. සියදිවි ඇති වේ ද නැති වේ දැ යි උපන් භය ඇති, නටුවා වූ සිත් ඇති (මංමුළා වූ) මිනිසුනි, ජීවිතය ගැන සැක උපදවන, වනයක මෙන් නිතර යක්බුපිසසුන් හැසිරෙන, (මිනිසුන්ට අගෝචර වූ) සුවසේ යා නො හැකි, කනබොන දෑ කිසිත් නොමැති, අතිශයින් දුර්‍ගම වූ මේ මරුකතර මැද,
616. නයිධ ඵලා මූලමයා ච සන‍්ති උපාදානං නත්‍ථි කුතො ඉධ භක‍්ඛො, අඤ‍්ඤත්‍ර පංසූහි ච වාලුකාහි ච තත‍්තාහි උණ‍්හාහි ච දාරුණාහි ච.
616. මේ මරුකතරෙහි (අඹ දඹ තල් ඈ) ඵල ජාතියකුදු නැත. මුල්ජාතියකුදු නැත. දර ද නැත. රත් වූ උණු වූ හා දරුණු වූ පස් ද වැලි ද හැර අහරක් කොයින් ලැබේ ද?
617. උජ‍්ජඞ‍්ගලං තත‍්තමිවං කපාලං අනායසං පරලොකෙන තුල්‍යං, ලුද‍්දානමාවාසමිදං පුරාණං භූමිප‍්පදෙසො අභිසත‍්තරූපො.
617. රළු බොරළු සහිත නිරුදක බිම්පෙදෙසක් වූ රත්වූ යකබලක් වැනි වූ කිසි සැපතක් නැති නරකයක් වැනි වූ දිගුකලක පටන් දරුණු වූ පිසචාදීන්ට ආවාසයක් වූ මේ භූමිප්‍රදේශය (පුරාණ තවුසන් විසින්) ශාප දුන් තැනක් මෙනි.
618. අථ තුම‍්හෙ කෙන වණ‍්ණෙන කිමාසමානා ඉමං පදෙසං හි. අනුප‍්පවිට‍්ඨා සහසා සමෙච‍්ච ලොභා භයා අථවා සම‍්පමූළ‍්හා.
618. එහෙයින් තෙපි කුමන කරුණෙකින් මේ පෙදෙසට අවාහු ද? කිනම් වස්තුවක් සොයා අවාහු ද? යම්කිසි වස්තු ලෝභයෙකින් හෝ සතුරු බියෙකින් මෙහි ලාහෙලා එක් වැ ආවාහු ද? නො එසේ නම් මං මුළා වූහවූ ද?
619. මගධෙසු අඞ‍්ගෙසු ච සත්‍ථවාහා ආරොපයිත්‍වා පණියං පුථුත‍්තං, තෙ යාමසෙ සින්‍ධුසොවීරභූමිං ධනත්‍ථිකා උද‍්දයං පත්‍ථයානා
619. අපි අඟුමගද දෙරටවැසි ගැල් සාත්තුවෝ වම්හ. බොහෝ වෙළඳ බඩු ගැල්හි පටවා ගෙන වැඩිලාබ පතමින් සින්‍ධු හා සෝවීර රටවලට වෙළදාම පිණිස යන්නෙමු.
620. දිවා පිපාසං’නධි වාසයන‍්තා යොග‍්ගානුකම‍්පඤ‍්ච සමෙක‍්ඛමානා, එතෙන වෙගෙන ආයාම සබ‍්බෙ රත‍්තිං මග‍්ගං පටිපන‍්නා විකාලෙ.
620. දිවාකල පවස නො ඉවසිය හැකි වූ අපි සියල්ලෝ ම රිය අදනා ගවයනට අනුකම්පා කරම්හ. දාවල එක්තැනෙක ලැගුම් ගෙන මේ වේගයෙන් ගමන් කරන්නමෝ රෑ නොකල්හි මහමඟට පිළිපන්නමෝ වම්හ.
621. තෙ දුප‍්පයාතා අපරද‍්ධමග‍්ගා අන්‍ධාකුලා විප‍්පනට‍්ඨා අරඤ‍්ඤෙ, සුදුග‍්ගමෙ වණ‍්ණුපථස‍්ස මජ‍්ඣෙ දිසං න ජානාම පමූළ‍්හචිත‍්තා.
621. ඒ නොමග ගියා වූ වැරදුණු මං ඇති (පැනැස නැති හෙයින්) අන්‍ධ වූ ඒ අපි (එහෙයින් මැ) ආකුල වූවෝ වම්හ. අතිශයින් දුර්‍ගම වූ වනයෙහි මේ මරුකතර මැද මුළා සිත් ඇතියමෝ යායුතු දිශාව නො දනුම්හ.
622. ඉදඤ‍්ච දිස‍්වාන අදිට‍්ඨපුබ‍්බං විමානසෙට‍්ඨඤ‍්ච තුවඤ‍්ච යක‍්ඛ, තදුත‍්තරිං ජීවිතමාසමානා දිස‍්වා පතීතා සුමනා උදග‍්ගාති.
622. යක්‍ෂය, (දිව්‍යපුත්‍රය) පෙර නුදුටුවිරූ මේ උතුම් විමන ද ඔබ ද දැක මින් මතුයෙහි ද අපි දිවි ලබනු කැමති වැ සිටුම්හ. ඔබ දැක ප්‍රීතියෙන් ඔදවැඩුණු සිත් ඇත්තෝ ද වම්හ.
623. පාරං සමුද‍්දස‍්ස ඉදඤ‍්ච වණ‍්ණුං වෙත‍්තාචරං සඞ‍්කුපථඤ‍්ච මග‍්ගං, නදියො පන පබ‍්බතානඤ‍්ච දුග‍්ගා පුථුද‍්දිසා ගච‍්ඡථ භොගහෙතු.
623. තෙපි (වස්තු සොයන්නෝ) මහමුහිදින් එතර ද මෙ වැනි මරු කතරවල ද වේවැල් අල්ලා යා යුතු මංවල ද කණු සිටුවා යා යුතු සංකුපථ නම් මංවලද ගංගා -පර්‍වත නිසා විෂම වූ භූමිවල ද ඒ වස්තු හේතුවෙන් නොයෙක් දිග ඇවිදිනාහු ය.
624. පක‍්ඛන්‍දියාන විජිතං පරෙසං වෙරජ‍්ජකෙ මානුසෙ පෙක‍්ඛමානා, යං වො සුතං වා අථවාපි දිට‍්ඨං අච‍්ඡෙරකං තං වො සුණොම තාතා.
624. එසේ අන් රටවලට පැමිණ එරට වැසි මිනිසුන් දක්මින් යන්නාහු ය. එබඳු වූ තොප විසින් දුටු හෝ ඇසූ යම් අසිරිමත් කරුණෙක් ඇත් නම් එය අපට කියවු. දරුවෙනි අපි එය අසම්හ.
625. ඉතොපි අච‍්ඡෙරතරං කුමාර න නො සුතං වා අථවාපි දිට‍්ඨං, අතීතමානුසක‍්කමෙව සබ‍්බං දිස‍්වාන තප‍්පාම අනොමවණ‍්ණං.
625. පින්වත් දෙව්කුමර, හැම අයුරින් මිනිස් ඉසුරු ඉක්මැ ගිය ඔබගේ මේ ඉසුරට වඩා අප විසින් ඇසූවිරූ හෝ දුටුවිරූ හෝ පුදුමයක් නොමැත. අපි ඔබගේ මේ උසස් වූ සිරුරු සැපත හා විමන්සැපත දැක පිණායම්හ.
626. වෙහාසයං පොක‍්ඛරඤ‍්ඤො සවන‍්ති පහූතමල්‍යා බහුපුණ‍්ඩරීකා, දුමාචිමෙ නිච‍්චඵලූපපන‍්නා අතීව ගන්‍ධා සුරභිං පවායන‍්ති.
626. බොහෝ වූ මලින් ගැවසුණු බොහෝ හෙළපියුම් ඇති පොකුණු අහසේ ගලා බසී. (විමන්වට) මේ රුක් ද නිතර පලබර වැ පවතී. ඉතා මනහර සුවඳ ද හමන්නේ ය.
627. වෙළුරියත්‍ථම‍්හා සතමුස‍්සිතාසෙ සිලාප‍්පවාළස‍්ස ච ආයතංසා, මසාරගල‍්ලා සහ ලොහිතඞ‍්කා ථම‍්භා ඉමෙ ජොතිරසාමයාසෙ.
627. (මේ පහයෙහි) වෛඩූර්‍ය්‍ය මසාරගල්ල ලෝහිතංක ශිලප්‍රවාලාදියෙන් අටැස් සොළසැස් දෙතිසැස් වූ ද සියගණන් ටැම් නැගුණාහු වෙති. මේ ටැම් රශ්මියෙන් බබලයි.
628. සහස‍්සත්‍ථම‍්භං අතුලානුභාවං තෙසූපරි සාධුමිදං විමානං, රතනන‍්තරං කඤ‍්චනවෙදිමිස‍්සං තපනීයපට‍්ටෙහි ච සාධු ඡන‍්නං.
628. ඒ ටැම් මතුයෙහි දහසක්ටැම් ඇති අසමාන වූ ආනුභාවයෙන් යුත් මනහර වූ මේ විමන පිහිටා ඇත. මෙය සත් රුවනින් මනහර යැ. රන්මුවා වේදිකායේන් යුක්ත යැ. මත්තෙහි බබළන රන්පටින් මොනොවට වසන ලද්දේ යැ.
629. ජම‍්බොනදුත‍්තත‍්තමිදං සුමට‍්ඨො පාසාදසොපානඵලුපපන‍්නො, දළ‍්හො ච වග‍්ගු සුමුඛො සුසංගතො අතීව නිජ‍්ඣානඛමො මනුඤ‍්ඤො.
629. මේ (ඔබගේ) විමන ඔප්නැගූ දඹරනින් බබළන්නේ ය. (එහි ඒ ඒ පෙදෙස) මොනවට මට කළ ප්‍රාසාදවලින් හා හිණිපෙළින් ද පුවරුයෙන් ද යුක්ත යැ. (මේ පහය) ස්ථිර යැ. මනහර යැ. මනාමුඛ (ද්වාර) ඇත්තේ යැ. එකිනෙක ගැළපෙන අවයව ඇත්තේ යැ. අතිශයින් දර්‍ශනීය යැ. සිත්කලු යැ.
630. රතනන‍්තරස‍්මිං බහුඅන‍්නපානං පරිවාරිතො අච‍්ඡරාසංගණෙන, මුරජ‍්ජ ආළම‍්බරතුරියඝුට‍්ඨො අභිවන්‍දිතොසි ථුතිවන්‍දනාය.
630. රුවන්මුවා මේ විමන තුළ ආහාරපාන බොහෝ වෙයි. අප්සරස් සමූහයා විසින් තෙපි පිරිවරන ලද්දහු යැ. නිතර වැයෙන මිහිඟුබෙර ඈ පසඟතුරු ගොසින් ඒකනින්නාද වෙයි. නොයෙක් දෙවියන් විසින් තුතිගී කියා නමස්කාර කරන ලදහු යැ.
631. සො මොදයි නාරිගණප‍්පබොධනො විමානපාසාදවරෙ මනොරමෙ, අචින‍්තියො සබ‍්බගුණූපපන‍්නො රාජා යථා වෙස‍්සවණො නළින්‍යා.
631. යම්සේ වෙසවුණු රජ නළිනී නම් පොකුණෙහි රමණය කෙරේ ද, එසේ මැ ඒ තෙපි ද නන්දෙවඟනන් විසින් පිරිවරන ලදු වැ ඔවුන් විසින් පුබුදුවමින් මනහර වූ උතුම් වූ මේ පහයෙහි නො සිතිය හැකි සියලු දෙව්සැපතින් යුතු වැ සතුටු වහු.
632. දෙවො නු ආසි උද වාසි යක‍්ඛො උදාහු දෙවින්‍දො මනුස‍්සභූතො, පුච‍්ඡන‍්ති තං වාණිජා සත්‍ථවාහා ආචික‍්ඛ කො නාම තුවංසි යක‍්ඛාති.
632. ඔබ දෙවියෙක් ද නො එසේ නම් යක්‍ෂයෙක් ද නොහොත් සක්දෙවිඳු ද එසේත් නො වේ නම් මනුෂ්‍යයෙක් දැ යි කියමින් ඒ සාර්‍ත්‍ථවාහ වෙළෙන්දෝ ‘යක්‍ෂය ඔබ කවරෙක් දැ යි අපට කියව’යි ඔහුගෙන් ප්‍රශ්න කරති.
633. සෙරිස‍්සකො නාම අහම‍්පි යක‍්ඛො කන‍්තාරියො වණ‍්ණුපථම‍්හි ගුත‍්තො, ඉමං පදෙසං අභිපාලයාමි වාචඞ‍්කරො වෙස‍්සවණස‍්ස රඤ‍්ඤො.
633. වෙළදුනි, මම වූ කලි මෙ මරුකතර බිම් පෙදෙසැ සැඟවී සිටින සේරිස්සක නම් දිව්‍ය පුත්‍රයෙක්මි. වෙසවුණු රජුගේ අවවාදය පිළිපදින මම මේ පෙදෙස පාලනය කරමි.
634. අධිච‍්ච ලද‍්ධං පරිණාමජං තෙ සයං කතං උදාහු දෙවෙහි දින‍්නං, පුච‍්ඡන‍්ති තං වාණිජා සත්‍ථවාහා කථං තයා ලද‍්ධමිදං මනුඤ‍්ඤන‍්ති.
634. පින්වත් දෙව්කුමර, තොපගේ මේ දෙව්ඉසුරු සැප ඉබේ පහළ වූවක් ද, නැතහොත් කිසි කෙනෙකුන් විසින් කලකට පමණක් දුන් දෙයක් ද, නො එසේ නම් තමන් විසින් මැ පහළ කර ගත් දෙයක් ද, එසේත් නැත් නම් දෙවියන් දෙන ලද ද. තොප විසින් මේ මනෝඥ සැපත කෙසේ ලද දැ යි සාර්‍ත්‍ථවාහ වෙළෙන්දෝ තොප විචාරත්.
635. නාධිච‍්ච ලද‍්ධං න පරිණාමජං මෙ න සයං කතං නපි දෙවෙහි දින‍්නං, සකෙහි කම‍්මෙහි අපාපකෙහි පුඤ‍්ඤෙහි මෙ ලද‍්ධමිදං මනුඤ‍්ඤන‍්ති.
635. මාගේ මේ ඉසුරු ඉබේ ලැබුණේ ද නොවේ. යම් කෙනකුන් විසින් දුන් දෙයක් ද නො වේ. මා විසින් උපදවන ලද්දක් ද නොවේ. දෙවියන් දෙන ලද්දකුත් නො වේ. පෙර මා කළ පින්බෙලෙන් මනහර වූ මේ පහය මට ලැබිණි.
636. කින‍්තෙ වතං කිං පන බ්‍රහ‍්මචරියං කිස‍්ස සුචිණ‍්ණස‍්ස අයං විපාකො, පුච‍්ඡන‍්ති තං වාණිජා සත්‍ථවාහා කථං තයා ලද‍්ධමිදං විමානන‍්ති.
636. ඔබගේ ව්‍රත සමාදානය කිමෙක් ද, ඔබගේ බ්‍රහ්මචර්‍ය්‍යය හෝ කිමෙක් ද, මැනැවින් පුරුදු කළ කිනම් කර්‍මයක මේ විපාකයෙක් වේ ද, මේ විමන කෙසේ ලද දැ යි ඒ සාර්‍ත්‍ථවාහ වෙළෙන්දෝ තොප විචාරත්.
637. මමං පායාසීති අහූ සමඤ‍්ඤා රජ‍්ජං යදා කාරයිං කොසලානං, නත්‍ථිකදිට‍්ඨි කදරියො පාපධම‍්මො උච‍්ඡෙදවාදී ච තදා අහොසිං.
637. මම පෙර ‘පායාසි’ යන නමින් යුත් රාජන්‍යයෙක් වීමි. යම් කලෙක මම කොසොල්රට රාජ්‍යය කෙළෙම් ද, එකලැ මම නාස්තික දෘෂ්ටියෙන් යුත් මසුරු වූ ලාමක ස්වභාව ඇති උච්ඡේදවාදියෙක් විමි.
638. සමණො ච ඛො ආසි කුමාරකස‍්සපො බහුස‍්සුතො චිත‍්තකථී උළාරො, සො මෙ තදා ධම‍්මකථං අකාසි දිට‍්ඨිවිසූකානි විනොදයී මෙ.
638. එකලැ කුමාරකාශ්‍යප නම් ශ්‍රමණ කෙනෙක් වූහ. උන් වහන්සේ බොහෝ ඇසූ පිරූතැන් ඇති විසිතුරු ලෙස කථාකරන උසස් නැණවත් කෙනෙකි. උන් වහන්සේ එකලැ මට ධර්‍ම කථාවක් කළහ. මගේ සියලු මිසදුටු ද පහකළහ.
639. තාහං තස‍්ස ධම‍්මකථං සුණිත්‍වා උපාසකත‍්තං පටිවෙදයිස‍්සං, පාණාතිපාතා විරතො අහොසිං ලොකෙ අදින‍්නං පරිවජ‍්ජයිස‍්සං. අමජ‍්ජපො නො ච මුසා අභාණිං සකෙන දාරෙන ච අහොසිං තුට‍්ඨො.
639. මම උන්වහන්සේගේ ඒ දහම් අසා උපාසකත්‍වය ප්‍රකාශ කෙළෙමි. පණිවායෙන් වෙන් වූයෙක් වීමි. ලොවැ නුදුන් දෙය ගැනීම දුරු කෙළෙමි. මත්පැන් නොබොන්නෙක් වීමි. බොරු නො කීයෙමි. සිය බිරිඳගෙන් පමණක් සතුටු වීමි.
640. තං මෙ වතං තං පන බ්‍රහ‍්මචරියං තස‍්ස සුචිණ‍්ණස‍්ස අයං විපාකො, තෙහෙව කම‍්මෙහි අපාපකෙහි පුඤ‍්ඤෙහි මෙ ලද‍්ධමිදං විමානන‍්ති.
640. මාගේ ව්‍රතසමාදානය එය වේ. මාගේ බ්‍රහ්මචර්‍ය්‍යය ද එය වේ. මැනැවින් පුරුදු කරන ලද ඒ කර්‍මයෙහි මේ විපාක යි. අලාමක වූ ඒ පුණ්‍යකර්‍ම හේතුකොට ගෙන මා විසින් මේ විමන ලද.
641. සච‍්චං කිරාහංසු නරා සපඤ‍්ඤා අනඤ‍්ඤථා වචනං පණ‍්ඩිතානං, යහිං යහිං ගච‍්ඡති පුඤ‍්ඤකම‍්මො තහිං තහිං මොදති කාමකාමී.
641. නුවණැති මිනිස්සු යම් සත්‍යක් කීහු නම්, ඒ පඬිවරුන්ගේ වචනය වෙනස් නො වේ. කළපින්කම් ඇත්තේ යම් යම් තැනෙකැ යේ නම් ඒ ඒ තන්හි කැමති සැප ලැබ සතුටු වෙයි.
642. යහිං යහිං සොකපරිද‍්දවො ච වධො ච බන්‍ධො ච පරික‍්කිලෙසො, තහිං තහිං ගච‍්ඡති පාපකම‍්මො න මුච‍්චති දුග‍්ගතියා කදාචීති.
642. යම් යම් තැනක ශෝක කිරීම් හා විලාපකීම් ද, වධ-බන්‍ධන හා විපත් ද වේ නම්, පව්කම් ඇතියේ ඒ ඒ තැනට ම යෙයි. හේ කිසිකලෙක දුගතියෙන් නො මිදේ.
643. සම‍්මූළ‍්හරූපො ච ජනො අහොසි අස‍්මිං මුහුත‍්තෙ කලලීකතොව, ජනස‍්සිමස‍්ස තුය‍්හඤ‍්ච කුමාර අප‍්පච‍්චයො කෙන නු ඛො අහොසි.
643. පින්වත් දෙව්කුමර, තොපගේ පිරිවරජනයා ද මේ මොහොතෙහි සොවින් මුළා වූ ස්වරූප ඇත්තේ ය. ඔවුන්ගේ සිත වඩදිය මෙන් කැලැබුණේය. මේ ජනයාගේත් තොපගේත් දොම්නස කවර කරුණෙකින් ඇති වී ද.
644. ඉමෙ සිරිසූපවනා ච තාතා දිබ‍්බා ගන්‍ධා සුරභිං සම‍්පවන‍්ති, තෙ සම‍්පවායන‍්ති ඉමං විමානං දිවා ච රත‍්තො ච තමං නිහන‍්ත්‍වා
644. මිතුරනි, මහරිඋපවයෙන් මේ දිව්‍ය සුගන්‍ධයෝ හාත්පස හමා යති. එසේ හමන ඒ සුගන්‍ධයෝ මේ විමන සුවඳ ගන්වමින් දිවා රෑ දෙක්හි අඳුරු දුරු කරමින් හමත්.
645. ඉමෙසං ච ඛො වස‍්සසතච‍්චයෙන සිපාටිකා ඵලති එකමෙකා, මානුස‍්සකං වස‍්සසතං අතීතං යදන‍්තෙ කායම‍්හි ඉධූපපන‍්නො.
645. අවුරුදු සියයක්හුගේ ඇවෑමෙන් මේ මහරිගස්වල එක එක මහරිගෙඩි පැසී ගිලිහී වැටේ. එයින් මිනිසුන් පිළිබඳ අවුරුදු සියයක් ඉක් මැ ගියේ යයි දැනේ. යම් දිනක මම උපන්නෙම් නම්,
646. දිස‍්වානහං වස‍්සසතානි පඤ‍්ච අස‍්මිං විමානෙ කත්‍වාන තාතා, ආයුක‍්ඛයා පුඤ‍්ඤක‍්ඛයා චවිස‍්සං තෙනෙව සොකෙන පමුච‍්ඡිතොස‍්මි,
646. එතැන් පටන් මම අවුරුදු පන්සියයක් මේ විමනෙහි සිට ආයු හා පින් ගෙවීමෙන් මින් ච්‍යුත වන්නෙමි යි දැක ඒ සොවින් මැ මුළාවට පත් විමි.
647. කථං නු සොචෙය්‍ය තථාවිධො සො ලද‍්ධං විමානං අතුලං චිරාය, යෙචාපි ඛො ඉත‍්තරමුපපන‍්නා තෙ නූන සොචෙය්‍යුං පරිත‍්තපුඤ‍්ඤා
647. එබඳු පින්වතෙක් අසමාන දෙව්විමනක් හා දීර්‍ඝ ආයුෂයක් ලැබ කෙසේ නම් ශෝක කරන්නේ ද? යමෙක් වනාහි මන්‍දායුෂ්ක වැ උපන්නාහු නම් මඳපිනැති ඔහු ඒකාන්තයෙන් ශෝක කරන්නාහු යැ.
648. අනුච‍්ඡවිං ඔවදියඤ‍්ච මෙ තං යං මං තුම‍්හෙ පෙය්‍යවාචං වදෙථ තුම‍්හෙ ච ඛො තාතා මයානුගුත‍්තා යෙනිච‍්ඡකං තෙන පලෙථ සොත්‍ථි,
648. තෙපි යම් ප්‍රියවචනයක් මට කීහු නම් ඒ කීම තොපට සුදුසු වූවක් මැ යැ. මට එය අවවාදයක් ද වෙයි. ඒ අනුව මම පිළිපදිමි. යහළුවනි, තෙපි වූ කලි මවිසින් රක්නා ලද්දහු ය. යම් මගෙකින් තෙපි යන්නට කැමැත්තහු නම් ඒ මඟින් සැපසේ යවු.
649. ගන‍්ත්‍වා මයං සින්‍ධුසොවීරභූමිං ධනත්‍ථිකා උද‍්දයං පත්‍ථයානා, යථා පයොගා පරිපුණ‍්ණචාගා කාහාම සෙරිස‍්සමහං උළාරං.
649. දෙව්කුමර, ධනාර්‍ත්‍ථ වූ අපි ධනවෘද්ධිය පතමින් සින්‍ධු-සෝවීර රටවලට ගොස් දැන් ඔබ කළ පිළින අනුව පිරිපුන් පරිත්‍යාග ඇතියමෝ මහත් වූ සේරිස්සක නම් පූජාවක් කරන්නෙමු.
650. මා චෙව සෙරිස‍්සමහං අකත්‍ථ සබ‍්බඤ‍්ච වො භවිස‍්සති යං වදෙථ, පාපානි කම‍්මානි විවජ‍්ජයාථ ධම‍්මානුයොගඤ‍්ච අධිට‍්ඨහාථ.
650. වෙළෙදුනි, සේරිස්සක නම් උත්සවපූජාවක් නො කරවු. තෙපි යමක් කියවු නම් ඒ සියල්ල ම සිදු වන්නේ ය. පව් කම් දුරු කරවු. දානාදි කුසල් දහම්හි යෙදීමට ඉටා ගනිවු.
651. උපාසකො අත්‍ථි ඉමම‍්හි සඞ‍්ඝෙ බහුස‍්සුතො සීලවතූපපන‍්නො, සද‍්ධො ච චාගී ච සුපෙසලො ච විචක‍්ඛණො සන‍්තුසිතො මතීමා.
651. මේ පිරිසෙහි උපාසකයෙක් ඇත. හේ බහුශ්‍රුත ය, ශීල-වෘතයෙන් යුක්ත ය, ශ්‍රද්ධාවත් ය, පරිත්‍යාගශීලී ය, සුපේශල ය, විචක්‍ෂණ ය, ලදදෙයින් තුටු වෙයි. කම්පල අදහන නුවණින් යුක්ත ය.
652. සඤ‍්ජානමානො න මුසා භණෙය්‍ය පරූපඝාතාය න චෙතයෙය්‍ය, වෙභූතිකං පිසුනං නො කරෙය්‍ය සණ‍්හඤ‍්ච වාචං සඛිලං භණෙය්‍ය.
652. හේ දැන දැන බොරු නො කියන්නේ ය, අනුන් වැනසීමට නො සිතන්නේ ය, සමගි වූවන් වෙන් කරන පිසිනු නො කියන්නේ ය, මොළොක් සිලිටි වදන් තෙපලන්නේ ය.
653. සගාරවො සප‍්පතිස‍්සො විනීතො අපාපකො අධිසීලෙ විසුද‍්ධො, සො මාතරං පිතරඤ‍්චාපි ජන‍්තු ධම‍්මෙන පොසෙති අරියවුත‍්ති.
653. ඒ උපාසක ගෞරව සහිත වූයේ සුවච වූයේ වීනිත වූයේ ආලමක වූයේ උපාසක අධිශීලයෙන් විශුද්ධ ය. අරී පැවතුම් ඇති හේ මව ද පියා ද දැහැමින් පෝෂණය කරයි.
654. මඤ‍්ඤෙ සො මාතාපිතුන‍්නං කාරණා භොගානි පරියෙසති න අත‍්තහෙතු. මාතාපිතුන‍්නඤ‍්ච යො අච‍්චයෙන නෙක‍්ඛම‍්මපොනො චරිස‍්සති බ්‍රහ‍්මචරියං.
654. “ඒ උපාසක තමා හේතු කොට නොව මාපියන් සඳහා ම වස්තු සොයති”යි සිතමි. හේ මාපියන් ඇවෑමෙන් නිවනට නැමුණු සිතැත්තේ සසුන් බඹසර හැසිරෙන්නේ ය.
655. උජූ අවඞ‍්කො අසඨො අමායො න ලෙසකප‍්පෙන ච වොහරෙය්‍ය, සො තාදිසො සුක‍්කතකම‍්මකාරී ධම‍්මෙ ඨිතො කින‍්ති ලභෙථ දුක‍්ඛං.
655. ඍජූ වූ අවංක වූ කපට නො වූ මායා රහිත ඒ උපාසක ලේශයෙකින් හෝ රැවටීම් වචනයක් නො කියන්නේ ය. එබඳු වූ කුශලධර්‍ම කරන සුලු හේ කෙසේ නම් දුක් ලබන්නේ ද?
656. තං කාරණා පාතුකතොම‍්හි අත‍්තනා. තස‍්මා ධම‍්මං පස‍්සථ වාණිජාසෙ, අඤ‍්ඤත්‍ර තෙනීහ භස‍්මීභවෙථ අන්‍ධාකුලා විප‍්පනට‍්ඨා අරඤ‍්ඤෙ. තං ඛිප‍්පමානෙන ලහුං පරෙන සුඛො භවෙ සප‍්පුරිසෙන සඞ‍්ගමො.
656. ඒ උපාසක නිසා ම තොප හමුවෙහි මම තෙමේ ම ප්‍රකට කරන ලද වෙමි. (යම් හෙයකින් මම ධර්‍මය ගරුකරමින් තොපත් රකිම් ද,) එහෙයින් වෙළෙඳුනි, තෙපි ද ධර්‍මය ම බලවු. ඉදින් තෙපි ඒ උපාසක නැති වැ මෙහි පැමිණියහු නම් මේ මරු කතර මං මුළා වැ පිළිසරණක් නැති වැ අලු වන්නහු ය. වැනසෙන්නහු ය, කිසිවකු විසින් යම් කිසිවක් නින්‍දාවශයෙන් කියද්දී හේ නො සැලී සිටී. එහෙයින් සත්පුරුෂයකු හා එක්වීම සැප වන්නේ ය.
657. කිං නාම සො කිඤ‍්ච කරොති කම‍්මං කිං නාමධෙය්‍යං කිං පන තස‍්ස ගොත‍්තං, මයම‍්පි නං දට‍්ඨූකාම‍්හ යක‍්ඛ යස‍්සානුකම‍්පාය ඉධාගතොසි ලාභා හි තස‍්ස යස‍්ස තුවං පිහෙසි.
657. දෙව් කුමර, යම් උවසුවකුට අනුකම්පායෙන් තෙපි මෙහි පැමිණියහු නම් අපි ද ඔහු දකිනු කැමැත්තෙමු. හේ කවරෙක් ද? කිනම් කර්‍මයක් කෙරේ ද? නම කුමක් ද? ඔහුගේ ගෝත්‍රය හෝ කිම? තෙපි යමකුට ප්‍රිය කරවූ නම් ඔහුට ලාභයෙක් මැ යැ.
658. යො කප‍්පකො සම‍්භවනාමධෙය්‍යො උපාසකො කොච‍්ඡඵලූපජීවී, ජානාථ නං තුම‍්හාකං පෙසියො සො මා ඛො නං භීළිත්‍ථ සුපෙසලො සො.
658. සම්භව යන නමක් ඇති පණාව හා කතුර නිසා ජීවත් වන කරනැවෑමියෙක් වූ යම් උපාසකයෙක් වේ ද, හේ තොපට වතාවත් කරන්නෙකැ යි ඔහු දනිවු. හේ සුපේශලයෙකි. එහෙයින් ඔහුට අවමන් නො කරවු.
659. ජානාමසෙ යං ත්‍වං වදෙසි යක‍්ඛ න ඛො නං ජානාම ස ඊදිසොති. මයම‍්පි නං පූජයිස‍්සාම යක‍්ඛ සුත්‍වාන තුය‍්හං වචනං උළාරං.
659. දෙව්කුමර, තෙපි යමකු (ගැන) කියහු නම්, අපි ඔහු දනිමු. (එහෙත්) “හේ මෙබන්දෙකැ යි” අපි ඔහු නො දත්තෙමු. දෙවිය, තොපගේ උදාර වූ වචන අසා අපි දු ඔහුට බුහුමන් කරන්නෙමු.
660. යෙ කෙචිමස‍්මිං සත්‍ථෙ මනුස‍්සා දහරා මහන‍්තා අථවාපි මජ‍්ඣිමා සබ‍්බෙව තෙ ආලම‍්බන‍්තූ විමානං පස‍්සන‍්තු පුඤ‍්ඤාන ඵලං කදරියා.
660. මේ ගැල් සමූහයෙහි ළදරු වූ ද මහලු වූ ද මධ්‍යම වූ ද යම් මිනිස් කෙනෙක් වෙත් ද, ඔහු හැමදෙන ම මේ විමනට නගිත්වා. තද මසුරෝ පිනෙහි විපාක දකිත්වා.
661. තෙ තත්‍ථ සබ‍්බෙව අහං පුරෙති තං කප‍්පකං තත්‍ථ පුරක‍්ඛිපිත්‍වා, සබ‍්බෙව තෙ ආලම‍්බිංසු විමානං මසක‍්කසාරං විය වාසවස‍්ස.
661. එහි දී ඒ සියලු ම වෙළෙන්දෝ “මම පළමු කොට” “මම පළමු කොට”යී ඒ කපුවා පෙරටු කොට ශ්‍රකයාගේ තව්තිසා භවනට මෙන් (ඔහු හැම දෙන) දෙව්විමනට නැංගාහ.
662. තෙ තත්‍ථ සබ‍්බෙව අහං පුරෙති උපාසකත‍්තං පටිවෙදයිංසු, පාණාතිපාතා විරතා අහෙසුං ලොකෙ අදින‍්නං පරිවජ‍්ජයිංසු. අමජ‍්ජපා නො ච මුසා භණිංසු සකෙන දාරෙන ච අහෙසුං තුට‍්ඨා.
662. එහි දී ඒ සියලු ම වෙළෙන්දෝ “මම පළමු කොට” “මම පළමු කොට”යි උපාසක බව දන්වා සිටියහ. ඔහු පණිවායෙන් දුරු වූහ. ලොවැ නුදුන් දෙය දුරු කළහ. මත්පැන් නො පූහ. බොරු නො කීහ. සිය බිරිඳගෙන් ම තුටු වූහ.
663. තෙ තත්‍ථ සබ‍්බෙව අහං පුරෙති උපාසකත‍්තං පටිවෙදයිත්‍වා, පක‍්කාමි සත්‍ථො අනුමොදමානො යක‍්ඛිද‍්ධියා අනුමතො පුනප‍්පුනං.
663. ඒ සියලුදෙන ම එහි දී “මම පළමු කොට” “මම පළමු කොට”යී උපාසක බව නිවේදනය කොට දෙවියාගේ අනුභාවයෙන් අනුමත වූ වෙළෙඳ පිරිස නැවත නැවත සතුටු වෙමින් ගියෝ ය.
664. ගන‍්ත්‍වාන තෙ සින්‍ධුසොවීරභූමිං ධනත්‍ථිකා උද්‍රයං පත්‍ථයානා, යථාපයොගා පරිපුණ‍්ණලාභා පච‍්චාගමුං පාටලිපුත‍්තමක‍්ඛතං.
664. ධනාර්‍ත්‍ථ වූ ඔවුහු ධනවෘද්ධිය පතන්නාහු සින්‍ධු - සොවීර දේශයට ගොස් අදහස් පරිදි කළ වෙළදාම් ඇතියාහු පිරිපුන් ලාභ ඇතියාහු නිරුපද්‍රිත වැ පැළලුප් නුවරට පෙරළා ආවාහුය.
665. ගන‍්ත්‍වාන තෙ සඞ‍්ඝරං සොත්‍ථිමන‍්තො පුත‍්තෙහි දාරෙහි සමඞ‍්ගිභූතා, ආනන්‍ද චිත‍්තා සුමනා පතීතා අකංසු සෙරිස‍්සමහං උළාරං.
665. ඔහු සුවසේ සියගෙවලට ගොස් අඹුදරුවන් සමග එක් වූවාහු සතුටු සිත් ඇති වැ සේරිස්සක නම් වූ මහත් පූජාවක් කළහ.
666. සෙරිස‍්සකං තෙ පරිවෙණං මාපයිංසු එතාදිසා සප‍්පුරිසාන සෙවනා, මහත්‍ථිකා ධම‍්මගුණාන සෙවනා, එකස‍්ස අත්‍ථාය උපාසකස‍්ස සබ‍්බෙව සත‍්තා සුඛිතා අහෙසු’න‍්ති.
666. ඔවුහු සේරිස්සක නම් පිරිවෙනක් (ආවාසයක්) ද කළාහු ය. සත්පුරුෂයන්ගේ සේවනය මෙබඳු වෙයි. දැහැමි ගුණයන් සේවනය ද මහත්ඵලදායක වෙයි. එක උපාසකයෙකු නිසා සියලු සත්ත්‍වයෝ සුවපත් වූහ යි.
සෙරිස‍්සකපෙතවත්‍ථු දුතියං.
සේරිස්සක ප්‍රේතවස්තු යි.
භාණවාරං තතියං.