කුමාරපෙතවත්ථු ඡට්ඨං
4. 6.
4. 6.
755. සාවත්ථි නාම නගරං හිමවන්තස්ස පස්සතො, තත්ථ ආසුං ද්වෙ කුමාරා රාජපුත්තාති මෙ සුතං.
755. හිමවතැ එක් පසෙකැ සැවැත් නම් නුවරෙක් ඇත. එහි රජපුත් වූ කුමරුවෝ දෙදෙනෙක් වූහ යි මවිසින් අසන ලද.
756. පමත්තා රජනීයෙසු කාමස්සාදාභිනන්දිනො, පච්චුප්පන්නෙ සුඛෙ ගිද්ධා න තෙ පස්සිංසු නාගතං.
756. සිත් ඇලවියයුතු වූ කම්සැපෙහි ප්‍රමත්ත වූ කාමාස්වාදයෙන් සතුටු වනසුලු වූ වත්මන් සුවයෙහි ම ගිජු වූ ඔහු දෙදෙන අනාගත සුවයක් නො බැලූහ.
757. තෙ චුතා ච මනුස්සත්තා පරලොකං ඉතො ගතා. තෙධ ඝොසෙන්ත්යදිස්සන්තා පුබ්බෙ දුක්කටමත්තනො.
757. ඔහු මේ මිනිසත් බැවින් චුත වැ පරලොවැ ප්‍රේතලෝකයට ගියහ. ඔහු තමන්ගේ පෙර අත්බැව්හි දුෂ්කෘතය (පාපකර්මය) දැක නොපෙනෙන සිරුරින් යුතුව මෙ නුවර සමීපයෙහි සිට මෙසේ කෑගසත්:
758. බහූසු වත සන්තෙසු දෙය්යධම්මෙ උපට්ඨිතෙ, නාසක්ඛිම්හා ච අත්තානං පරිත්තං කාතුං සුඛාවහං.
758. “බොහෝ දක්ෂිණාර්හයන් ඇති කල්හි දු දානවස්තු එළඹ සිටි කල්හි දු තමනට සැප එළවන පිනක් කරන්නට ඒකාන්තයෙන් නොහැකි වූම්හ.
759. කිං තතො පාපකං අස්ස යං නො රාජකුලා චුතා. උප්පන්නා පෙත්තිවිසයං ඛුප්පිපාසාසමප්පිතා.
759. “අපි යම් පව්කමෙකින් රාජකුලයෙන් චුත වැ ප්රෙතලොකයෙහි උපන්නමෝ සා පිපාසායෙන් මඩනා ලදුමෝ නම් එයට වඩා ලාමක වූ අන් කුමක් ඇත්තේ ද?
760. සාමිනො ඉධ හුත්වාන හොන්ති අස්සාමිනො තහිං, චරන්ති ඛුප්පිපාසාය මනුස්සා උන්නතොනතා.
760. මේ මනුලොව දී පෙර යම් තැනක ස්වාමී වැ සිටියාහු ද? ඒ ප්‍රේත ලෝකයෙහි දී අස්වාමීහු වෙති. උසස්වැ සිටි ඒ මිනිස්සු පහත් වූවාහු සාපිපාසායෙන් යුතු වැ හැසිරෙත්.
761. එතමාදීනවං ඤත්වා ඉස්සරමදසම්භවං පහාය ඉස්සරමදං භවෙ සග්ගගතො නරො: කායස්ස භෙදා සප්පඤ්ඤො සග්ගං සො උපපජ්ජති’ති.
761. මිනිස් තෙමේ ඉසුරුමදයෙන් හටගත් මේ ආදීනවය දැන ඉසුරු මදය දුරු කොට (කුසලයෙහි ඇලුණේ) ස්වර්ග ගත වෙයි. නුවණැති (ඒ) පුරුෂ කාබුන් මරණින් මතු දෙව් ලොවට පැමිණේ.