යෙදුමෙන් කියවන්න

රාජපුත‍්තපෙතවත්‍ථු සත‍්තමං

4. 7.

4. 7.

762. පුබ‍්බෙ කතානං කම‍්මානං විපාකො මථයෙ මනං, රූපෙ සද‍්දෙ රසෙ ගන්‍ධෙ ඵොට‍්ඨබ‍්බෙ ච මනොරමෙ.

762. පෙර දැයෙහි කළ පාපකර්‍මයාගේ විපාකය (අන්‍ධබාලයන්ගේ) සිත මනරම් වූ රූප … රස … ගන්‍ධ … ස්ප්‍රෂ්ටව්‍ය හේතුයෙන් මැඩලයි.

763. නච‍්චං ගීතං රතිං ඛිඩ‍්ඩං අනුභුත්‍වා අනප‍්පකං, උය්‍යානෙ පරිචරිත්‍වාන පවිසන‍්තො ගිරිබ‍්බජං.

763. බොහෝ වූ නැටුම් ගැයුම් කම්රති හා ක්‍රීඩා විඳ උයන්හි අභිරමණය කොටැ රජගහ නුවරට පිවිසෙන (රජපුත් තෙමේ)

764. ඉසිං සුනෙත‍්ත මද‍්දක‍්ඛි අත‍්තදන‍්තං සමාහිතං අප‍්පිච‍්ඡං හිරිසම‍්පන‍්නං උඤ‍්ඡෙ පත‍්තගතෙ රතං.

764. දැමුණු සිත් ඇති (අර්‍හත් ඵල සමාධියෙන්) සමාහිත වූ අපිස් වූ හිරි (ලජ්ජා) යෙන් යුත් පාත්‍රගත පිඬුවායෙන් (පමණක්) සතුටු වූ සුනෙත් නම් (පසේබුදු) මහර්ෂීහු දිටී.

765. හත්‍ථික‍්ඛන්‍ධතො ඔරුය‍්හ ලද‍්ධා භන‍්තෙති ච බ්‍රුවි, තස‍්ස පත‍්තං ගහෙත්‍වාන උච‍්චං පග‍්ගය‍්හ ඛත‍්තියො.

765. (ඒ රජපුත්) ඇතුපිටින් බැස වහන්ස, (පිණ්ඩපාතය) ලද දැ යි විචාළේ ය. ඒ රජපුත් උන්වහන්සේගේ පාත්‍රය ගෙන ඔසවා,

766. ථණ‍්ඩිලෙ පත‍්තං භින්‍දිත්‍වා හසමානො අපක‍්කමි, රඤ‍්ඤො කිතවස‍්සහං පුත‍්තො කිං මං භික‍්ඛු කරිස‍්සසි.

766. තද බිම් පෙදෙසක පාත්‍රය ගටා බිඳ සිනා සෙමින් මඳක් ඉවත් විය. (කුළුණු සිතින් බලන පසේබුදුනට මෙසේ කී). “මහණ මම කිතව රජුගේ පුත් වෙමි. මට කුමක් කරන්නෙහි දැ?”යි.

767. තස‍්ස කම‍්මස‍්ස ඵරුසස‍්ස විපාකො කටුකො අහු, යං රාජපුත‍්තො වෙදෙසි නිරයම‍්හි සමප‍්පිතො.

767. දරුණු වූ ඒ පාපකර්‍මයාගේ විපාකය කටුක විය. නිරයෙහි උපන් රාජපුත්‍ර යම් විපාකයක් වින්දේ ද, (එය මෙසේ ය:)

768. ඡළෙව චතුරාසීති වස‍්සානි නහුතානි ච, භුසං දුක‍්ඛං නිගච‍්ඡිත්‍ථො නිරයෙ කතකිබ‍්බිසො.

768. කළපව් ඇති (හේ) සයෙන් ගුණ කළ සුවාසූදහස් වූ නහුත ගණන් හවුරුදු මුළුල්ලෙහි නිරයෙහි බොහෝ දුකට පැමිණියේ ය.

769. උත‍්තානොපි ච පච‍්චිත්‍ථ නිකුජ‍්ජො වාමදක‍්ඛිණො, උද‍්ධංපාදො ඨිතො චෙව චිරං බාලො අපච‍්චථ

769. (ඒ) බාලතෙමේ උඩුකුරුව ද යටිකුරුවද සිට වමැලයෙන් ද දකුණැලයෙන් ද සිට උඩුකුරුපා ඇතිව ද (කෙළින්) සිට ද බොහෝ කලක් පැසිණි.

770. බහූනි වස‍්සසහස‍්සානි පූගානි නහුතානි ච, භුසං දුක‍්ඛං නිගච‍්ඡිත්‍ථො නිරයෙ කතකිබ‍්බිසො.

770. කළපව් ඇති හේ නොයෙක් අවුරුදු දහස් ගණන් ද, හවුරුදු සමූහයන් ද, නහූතගණන් ද මුළුල්ලෙහි ඒ නිරයෙහි අතිශය දුඃඛයට පැමිණියේ ය.

771. එතාදිසං ඛො කටුකං අප‍්පදුට‍්ඨප‍්පදොසිනං. පච‍්චන‍්ති පාපකම‍්මන‍්තා ඉසිමාසජ‍්ජ සුබ‍්බතං.

771. කිපෙන්නවුන් කෙරෙහි නො කිපෙන මනා පැවතුම් ඇති මුනිවරයකුට ගැහැට කොට පව්කම් කරන්නෝ මෙබඳු කටුක දුක් (විඳිමින්) පැසෙත්.

772. සො තත්‍ථ බහුවස‍්සානි වෙදයිත්‍වා බහුං දුඛං, ඛුප‍්පිපාසාහතො නාම පෙතො ආසි තතො චුතො.

772. ඒ රජපුත් ඒ නිරයෙහි බොහෝ හවුරුදු ගණන් බොහෝ දුක් විඳ එයින් ච්‍යුත වූයේ සාපිපාසා දෙකින් මඩනා ලද ප්‍රේතයෙක් විය.

773. එතමාදීනවං දිස‍්වා ඉස‍්සරමදසම‍්භවං, පහාය ඉස‍්සරමදං නිවාතමනුවත‍්තයෙ.

773. යමෙක් ඉසුරුමදයෙන් හටගත් මේ ආදීනවය දැක ඉසුරු මදය හැර නිහතමානී වැ දිවි පවත්වා ද,

774. දිට‍්ඨෙව ධම‍්මෙ පාසංසො යො බුද‍්ධෙසු සගාරවො, කායස‍්ස භෙදා සප‍්පඤ‍්ඤො සග‍්ගං සො උපපජ‍්ජති’ති.

774. බුදුවරුන් කෙරෙහි ගෞරව සහිත වේ ද, ඒ පැනැති මිනිස් තෙමේ මේ අත්බැව්හි ම පැසසියයුතු වෙයි. කාබුන් මරණින් මතු දෙව්ලොවට පැමිණෙයි.

රාජපුත‍්තපෙතවත්‍ථු සත‍්තමං.

රාජපුත්‍ර ප්‍රේතවස්තු යි.