යෙදුමෙන් කියවන්න

ගූථඛාදකපෙතවත්‍ථු අට‍්ඨමං

4. 8.

4. 8.

775. ගූථකූපතො උග‍්ගන‍්ත්‍වා කො නු දීනො හි තිට‍්ඨසි, නිස‍්සංසයං පාපකම‍්මන‍්තො කින‍්නු සද‍්දහසෙ තුවං,

775. අශුචි වළෙන් උඩට නැඟී බැගෑපත් වැ සිටුනා තෙපි කවරහු ද? පව්කම් ඇති තෙපි කවරහු දැ යි මම් කෙසේ නිසැක ව අදහම් ද?

776. අහං භද‍්දන‍්ත පෙතොම‍්හි දුග‍්ගතො යමලොකිකො, පාපකම‍්මං කරිත්‍වාන පෙතලොකමිතො ගතො.

776. ස්වාමීනි, මම පව්කම් කොට මෙලොවින් ප්‍රේතලෝකයට ගිය යමලොවට අයත් දුගී ප්‍රේතයෙක්මි.

777. කින‍්නු කායෙන වාචාය මනසා දුක‍්කටං කතං, කිස‍්ස කම‍්මවිපාකෙන ඉදං දුක‍්ඛං නිගච‍්ඡසි.

777. කයින් වචනයෙන් මනසින් තොප කිනම් පවක් කරන ලද ද? කවර පව්කමක විපාකයෙන් (තෙපි) මේ දුකට පැමිණියහු ද?

778. අහු ආවාසිකො මය‍්හං ඉස‍්සුකී කුලමච‍්ඡරී, අජ‍්ඣාසිතො මය‍්හං ඝරෙ කදරියො පරිභාසකො.

778. ඊර්‍ෂ්‍යා කරනසුලු වූ, කුලයන් කෙරෙහි මසුරු වූ, තද මසුරෙක් වූ සිල්වත්නට පරිභව කරන මාගේ ගෙහි ඇලුම් කළ, ආවාසික භික්‍ෂු නමක් මා කළ විහාරයෙහි විසී ය.

779. තස‍්සාහං වචනං සුත්‍වා භික‍්ඛවො පරිභාසිසං, තස‍්ස කම‍්මවිපාකෙන පෙතලොකමිතො ගතො.

779. ඒ භික්‍ෂූහුගේ කීම් අසා මම සිල්වත් භික්‍ෂූන්ට නින්‍දා කෙළෙමි. ඒ කර්‍මයාගේ විපාකයෙන් මම මෙලොවින් ච්‍යුත ව ප්‍රේතලෝකයට ගියෙමි.

780. අමිත‍්තො මිත‍්තවණ‍්ණෙන යො තෙ ආසි කුලූපකො, කායස‍්ස භෙදා දුප‍්පඤ‍්ඤො කින‍්නු පෙච‍්ච ගතිං ගතො.

780. තොපගේ මිත්‍රස්වරූපයෙන් කුලුපග වූ යම් අමිත්‍රයෙක් වී ද ඒ අඥාන තෙමේ කාබුන් මරණින් මතු පරලොවැ කිනම් ගතිය (උපත) කට පැමිණියේ ද?

781. තස‍්සෙවාහං පාපකම‍්මස‍්ස සීසෙ තිට‍්ඨාමි මත්‍ථකෙ, සො ච පරවිසයං පත‍්තො මමෙව පරිචාරකො.

781. කළ පව්කම් ඇති ඒ ශ්‍රමණ ප්‍රේතයාගේ හිස මුදුනෙහි මම දැන් සිටිමි. හෙ ද ප්‍රේතලෝකයට පැමිණියේ මාගේ මෙහෙ කරුවෙක් විය.

782. යං භද‍්දන‍්ත හදන‍්තඤ‍්ඤෙ එතං මෙ හොති භොජනං, අහං ච ඛො යං හදාමි එතං සො උපජීවතී’ති.

782. වහන්ස, සෙස්සෝ යම් වස්කිසක් කෙරෙත් නම් ඒ වස් (මල) මගේ භෝජන වෙයි. මම් වනාහි යම් වස් කිසක් කෙරෙම් නම් ඒ වස් අනුභවයෙන් හේ ජීවත් වෙයි.

ගූථඛාදකපෙතවත්‍ථු අට‍්ඨමං.

ගුථඛාදක ප්‍රේතවස්තු යි.