යෙදුමෙන් කියවන්න

පරිපුණ‍්ණකත්‍ථෙරගාථාවණ‍්ණනා අට‍්ඨකථා

පරිපුණ‍්ණකත්‍ථෙරගාථාවණ‍්ණනා

පරිපුණ්ණක ස්ථවිරගාථා වර්ණනාව

න තථා මතං සතරසන‍්ති ආයස‍්මතො පරිපුණ‍්ණකත්‍ථෙරස‍්ස ගාථා. කා උප‍්පත‍්ති? අයම‍්පි පුරිමබුද‍්ධෙසු කතාධිකාරො ධම‍්මදස‍්සිස‍්ස භගවතො කාලෙ කුලගෙහෙ නිබ‍්බත‍්තිත්‍වා විඤ‍්ඤුතං පත‍්තො සත්‍ථරි පරිනිබ‍්බුතෙ සත්‍ථු චෙතියෙ පුප‍්ඵාදීහි උළාරං පූජං අකාසි. සො තෙන පුඤ‍්ඤකම‍්මෙන දෙවෙසු නිබ‍්බත‍්තිත්‍වා අපරාපරං පුඤ‍්ඤානි කත්‍වා සුගතීසුයෙව සංසරන‍්තො ඉමස‍්මිං බුද‍්ධුප‍්පාදෙ කපිලවත්‍ථුස‍්මිං සක්‍යරාජකුලෙ නිබ‍්බත‍්තිත්‍වා විඤ‍්ඤුතං පත‍්තො පරිපුණ‍්ණවිභවතාය පරිපුණ‍්ණකොති පඤ‍්ඤායිත්‍ථ. සො විභවසම‍්පන‍්නතාය සබ‍්බකාලං සතරසං නාම ආහාරං පරිභුඤ‍්ජන‍්තො සත්‍ථු මිස‍්සකාහාරපරිභොගං සුත්‍වා “තාව සුඛුමාලොපි භගවා නිබ‍්බානසුඛං අපෙක‍්ඛිත්‍වා යථා තථා යාපෙති, කස‍්මා මයං ආහාරගිද‍්ධා හුත්‍වා ආහාරසුද‍්ධිකා භවිස‍්සාම, නිබ‍්බානසුඛමෙව පන අම‍්හෙහි පරියෙසිතබ‍්බ”න‍්ති සංසාරෙ ජාතසංවෙගො ඝරාවාසං පහාය සත්‍ථු සන‍්තිකෙ පබ‍්බජිත්‍වා භගවතා කායගතාසතිකම‍්මට‍්ඨානෙ නියොජිතො තත්‍ථ පතිට‍්ඨාය පටිලද‍්ධඣානං පාදකං කත්‍වා විපස‍්සනාය කම‍්මං කරොන‍්තො විපස‍්සනං වඩ‍්ඪෙත්‍වා අරහත‍්තං පාපුණි. තෙන වුත‍්තං අපදානෙ (අප· ථෙර 1.15.5-9) –

“න තථාමතං සතරසං” ආයුෂ්මත් පරිපුණ්ණක තෙරුන් වහන්සේගේ ගාථාවයි. එහි උපත කෙසේද? උන්වහන්සේ ද පෙර බුදුවරු හමුවෙහි කරන ලද ප්‍රාර්ථනා ඇතිව ධම්ම දස්සි භාග්‍යවතුන් වහන්සේගේ කාලයෙහි සිටුගෙයක ඉපිද වියට පැමිණියහ. එම ශාස්තෲන් වහන්සේ පිරිනිවි කල්හි සෑදවූ බුදුසෑයට මල් ආදියෙන් මහත් වූ පූජාවක් ඔහු විසින් සිදු කරන ලදි. ඒ පින්කම හේතුවෙන් ඔහු දෙව් ලොව ඉපිද, තව තවත් පින් රැස් කරමින් කාම සුගතීන්හිම සැරිසරා, මේ බුද්ධෝත්පාද කාලයෙහි කපිල වස්තුවේ ශාක්‍ය රාජ කුලයෙහි ඉපිද, වියට පැමිණ, පිරිපුන් විභව සම්පත් ඇති බැවින් පරිපුණ්ණක නාමයෙන් ප්‍රකට විය. මහත් සම්පත් ඇති ඔහු සැම කල්හිම සතරස නම් ආහාරය අනුභව කළේය. තම කුලයෙන් පැවිදි වූ ශාස්තෲන් වහන්සේ මිශ්‍ර ආහාර වළඳන බව ඇසූ ඒ ශාක්‍ය කුමරු “ඉතාම සියුමැලි වුවත් භාග්‍යවතුන් වහන්සේ නිවන් සුව අපේක්ෂාවෙන් යම් සේ යැපෙන සේක් ද, මම කවර හෙයින් ආහාරයට ගිජුව පිරිසිදු ආහාර සොයන්නෙම් ද, අප විසින් නිවන් සුවය ම සෙවිය යුතුයි” යනුවෙන් සසර පිළිබඳව හටගත් සංවේගයෙන්, ගිහි සැප හැර බුදු සසුනේ පැවිදි විය. භාග්‍යවතුන් වහන්සේ විසින් කායගතාසති කමටහනෙහි යොදවන ලද පරිපුණ්ණක තෙරුන්, එතැන් පටන් තමා ලැබූ ධ්‍යානය පාදක කරගෙන, විදසුනට සිත යොමා විදසුන් වඩා රහත් ඵලයෙහි පිහිටියේය. අපදාන පාළියේදී උන්වහන්සේ මෙසේ පවසති.

“නිබ‍්බුතෙ ලොකනාථම‍්හි, ධම‍්මදස‍්සීනරාසභෙ; ආරොපෙසිං ධජත්‍ථම‍්භං, බුද‍්ධසෙට‍්ඨස‍්ස චෙතියෙ.

“ධම්මදස්සි බුදුරජාණන් වහන්සේ පිරිනිවි කල්හි ඒ බුද්ධ ශ්‍රේෂ්ඨයන් වහන්සේගේ සෑයෙහි කොඩි ගසක් නැංවූයෙමි.

“නිස‍්සෙණිං මාපයිත්‍වාන, ථූපසෙට‍්ඨං සමාරුහිං; ජාතිපුප‍්ඵං ගහෙත්‍වාන, ථූපම‍්හි අභිරොපයිං.

ඉණිමඟක් සාදවා උතුම් සෑයට නැගුණෙමි. දෑ සමන් මල් ගෙන එම උතුම් සෑයට පිදුවෙමි.

“අහො බුද‍්ධො අහො ධම‍්මො, අහො නො සත්‍ථු සම‍්පදා; දුග‍්ගතිං නාභිජානාමි, ථූපපූජායිදං ඵලං.

“බුදුහු ආශ්චර්යය, ධර්මය ආශ්චර්යය, අපගේ ශාස්තෲ සම්පත්තිය ද ආශ්චර්යය.” මේ පූජාව නිසා මම දුගතියක නූපන්නෙමි. ථූප පූජාවේ විපාකය මෙබඳුය.

“චතුන‍්නවුතිතො කප‍්පෙ, ථූපසීඛසනාමකා; සොළසාසිංසු රාජානො, චක‍්කවත‍්තී මහබ‍්බලා.

මෙයින් කල්ප අනූ හතරකට පෙර ථූපසිඛර නමින් මහ බලවත් සක්විති රජවරු සොළොස් දෙනෙක් ව උපන්නෙමි.

“කිලෙසා ඣාපිතා මය‍්හං…පෙ… කතං බුද‍්ධස‍්ස සාසන”න‍්ති.

දැන් මම සියලු කෙලෙස් දැවූයෙමි. -පෙ- බුද්ධානුශාසනය ඉටු කළෙමි.”

අරහත‍්තං පන පත්‍වා ධම‍්මෙ ගාරවබහුමානෙන පීතිවෙගවිස‍්සට‍්ඨං උදානං උදානෙන‍්තො “න තථා මතං සතරස”න‍්ති ගාථං අභාසි.

රහත් බවට පත්වූ උන්වහන්සේ ධර්ම ගෞරවයෙන් උපන් ප්‍රීති වේගයෙන් එම ප්‍රීතිය දසත පතුරුවමින් උදන් අනන සේක්; “න තථාමතං සතරසං” යනාදී ගාථාව වදාළ සේක.

තත්‍ථ න තථා මතං සතරසං, සුධන‍්නං යං මයජ‍්ජ පරිභුත‍්තන‍්ති තථාති තෙන පකාරෙන. මතන‍්ති අභිමතං. සතරසන‍්ති සතරසභොජනං “සතරසභොජනං නාම සතපාකසප‍්පිආදීහි අභිසඞ‍්ඛතං භොජන”න‍්ති වදන‍්ති. අථ වා අනෙකත්‍ථො සතසද‍්දො “සතසො සහස‍්සසො”තිආදීසු විය. තස‍්මා යං භොජනං අනෙකසූපං අනෙකබ්‍යඤ‍්ජනං, තං අනෙකරසතාය “සතරස”න‍්ති වුච‍්චති, නානාරසභොජනන‍්ති අත්‍ථො. සුධා එව අන‍්නං සුධාභොජනං දෙවානං ආහාරො. යං මයජ‍්ජ පරිභුත‍්තන‍්ති යං මයා අජ‍්ජ අනුභුත‍්තං. “යං මයා පරිභුත‍්ත”න‍්ති ච ඉදං “සතරසං සුධන‍්න”න‍්ති එත්‍ථාපි යොජෙතබ‍්බං. ඉදං වුත‍්තං හොති – යං මයා අජ‍්ජ එතරහි නිරොධසමාපත‍්තිසමාපජ‍්ජනවසෙන ඵලසමාපත‍්තිසමාපජ‍්ජනවසෙන ච අච‍්චන‍්තමෙව සන‍්තං පණීතං නිබ‍්බානසුඛං පරිභුඤ‍්ජියමානං, තං යථා මතං අභිමතං සම‍්භාවිතං තථා රාජකාලෙ මයා පරිභුත‍්තං සතරසභොජනං දෙවත‍්තභාවෙ පරිභුත‍්තං සුධන‍්නඤ‍්ච න මතං නාභිමතං. කස‍්මා? ඉදඤ‍්හි අරියනිසෙවිතං නිරාමිසං කිලෙසානං අවත්‍ථුභූතං, තං පන පුථුජ‍්ජනසෙවිතං සාමිසං කිලෙසානං වත්‍ථුභූතං, තං ඉමස‍්ස සඞ‍්ඛම‍්පි කලම‍්පි කලභාගම‍්පි න උපෙතීති. ඉදානි “යං මයජ‍්ජ පරිභුත‍්ත”න‍්ති වුත‍්තධම‍්මං දෙසෙන‍්තො අපරිමිතදස‍්සිනා ගොතමෙන, බුද‍්ධෙන සුදෙසිතො ධම‍්මො”ති ආහ. තස‍්සත්‍ථො – අපරිමිතං අපරිච‍්ඡින‍්නං උප‍්පාදවයාභාවතො සන‍්තං අසඞ‍්ඛතධාතුං සයම‍්භූඤාණෙන පස‍්සී, අපරිමිතස‍්ස අනන‍්තාපරිමෙය්‍යස‍්ස ඤෙය්‍යස‍්ස දස‍්සාවීති තෙන අපරිමිතදස‍්සිනා ගොතමගොත‍්තෙන සම‍්මාසම‍්බුද‍්ධෙන “ඛයං විරාගං අමතං පණීත”න‍්ති (ඛු· පා· 6.4; සු· නි· 227) ච “මදනිම‍්මදනො පිපාසවිනයො” (අ· නි· 4.34; ඉතිවු· 90) “සබ‍්බසඞ‍්ඛාරසමථො”ති (අ· නි· 5.140; 10.6) ච ආදිනා සුට‍්ඨු දෙසිතො ධම‍්මො, නිබ‍්බානං මයා අජ‍්ජ පරිභුත‍්තන‍්ති යොජනා.

එම ගාථාවේ “න තථාමතං සතරසං සුධන්නං යං මයජ්ජ පරිභුත්තං” යන පාඨයේ “තථා” යනු එසේ, ඒ ආකාරයෙන්, “අමතං” යනු අභිමත වූ, කැමති වූ “සතරසං” යනු සතරස නම් භෝජනයයි. එය සියවරක් පිසූ ගිතෙල් ආදියෙන් සැකසූ රසවත් ආහාරයකැයි කියැවේ. නැතිනම් “සත” ශබ්දය අනේකාර්ථයෙහි යෙදේ. සතසො සිය ආකාරයකින්, සහස්සො - දහස් ආකාරයකින් ආදිය මෙනි. එනිසා යම් ආහාරයක් නොයෙක් සිය ගණන් සූප ව්‍යංජන එක්කර නානාවිධ රසයෙන් යුතුව සාදනු ලැබේද එය “සතරස” නාමයෙන් හැඳින්වේ යැයි ද කියති. “නානාවිධ රස ඇති ආහාරය” යන අර්ථයයි. දෙවියන්ගේ ම ආහාරය සුධා භෝජනයයි. දෙවියන් වළඳනුයේ එයයි. “සුධන්නං” යනු එයයට. “යං මයං අජ්ජ පරිභුත්තං” යම් ආහාරයක් මවිසින් අද පරිභෝජනය කරන ලද ද ඒ මේ සතරස භෝජනයයි. සුධා ආහාරය ද මෙතැනට යෙදිය යුතුයි. මෙම ගාථාවේ අර්ථය මෙසේය. “මවිසින් දැන් නිරෝධ සමාපත්තියට සමවැදීම් වශයෙන් ද ඵල සමවතට සමවැදීම් වශයෙන් ද අතිශයින් ශාන්ත - ප්‍රණීත වූ නිවන් සුව කැමති සේ, අභිමත සේ, නුවණැත්තන් විසින් අගය කරන සේ අද විඳිනු ලැබෙත් නම් ද එබඳු වූ සුවයක්; පෙර රජව සිටියදී මා අනුභව කළ සතරස භෝජනයෙන් හෝ දේවාත්මභාවය ලබා සිටියදී අනුභව කළ සුධා භෝජනයෙන් හෝ නොලැබුණි. කුමක් නිසාද? මේ නිවන් සුවය ආර්යයන් විසින් සේවනය කරන ලද්දකි. නිරාමිෂ වූවකි. කෙලෙසුන් නොපවතින තැනකි. සතරස ආදී භෝජන පුහුදුන් පුද්ගලයන් විසින් සේවනය කරන ලදි. ආමිෂ සහිතය. කෙලෙසුන්ගෙන් ගහනය. ඒ ආහාර වළඳන සුවය, මේ නිවන් සුවයෙන් අඩක්වත්, දාසයෙන් කොටසක්වත්, සොළොස් කලාවෙන් කලාවක් වත් නො වටී. සම නොවේ. “දැන් අද මවිසින් යමක් වළඳන ලද ද” යනුවෙන් පැවසූ දහම අප්‍රමාණ වූ ඥාන සාගරයක් ඇති ගෞතම බුදුරජාණන් වහන්සේ විසින් දෙසූ දහමකැයි පවසයි. අප්‍රමාණ වූ, පිරිසිඳ වෙන් කර නොදැක්විය හැකි, ඉපදීම් - නැසීම් දෙකින් දුරු වූ, අනන්ත වූ, අසංඛත නම් නිර්වාණ ධාතුව සිය නුවණින් තමන් වහන්සේම දැක, අප්‍රමාණ අනන්ත ඥාන සාගරය අවබෝධ කරගත් බැවින් උන්වහන්සේ “අපරිමිත දස්සිනා ගොතමෙන” නම් වේ. ගෞතම ග්‍රෝතයේ උපන් සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් “ඛයං විරාගං අමතං පණීතං” යනාකාරයෙන් මද - ප්‍රමාද දුරු කරන, පිපාස දුරු කරන, සියලු සංස්කාර ධර්ම සන්සිඳුන ආදී වශයෙන් ශාස්තෲන් වහන්සේ මනාව දෙසන ලද ධර්මය අනුව විස්තර කෙරෙන නුවණ අද මවිසින් අවබෝධ කර ගන්නා ලදි.” යනුවෙන් අර්ථ දත යුතුයි.

පරිපුණ‍්ණකත්‍ථෙරගාථාවණ‍්ණනා නිට‍්ඨිතා.

පරිපුණ්ණක ථේරගාථා අර්ථ වර්ණනාව නිමියේය.