සාමිදත‍්තත්‍ථෙරගාථාවණ‍්ණනා අට‍්ඨකථා
සාමිදත‍්තත්‍ථෙරගාථාවණ‍්ණනා
සාමිදත්ත ස්ථවිරගාථා වර්ණනාව
පඤ‍්චක‍්ඛන්‍ධා පරිඤ‍්ඤාතාති ආයස‍්මතො සාමිදත‍්තත්‍ථෙරස‍්ස ගාථා. කා උප‍්පත‍්ති? අයම‍්පි පුරිමබුද‍්ධෙසු කතාධිකාරො අත්‍ථදස‍්සිස‍්ස භගවතො කාලෙ කුලගෙහෙ නිබ‍්බත‍්තිත්‍වා විඤ‍්ඤුතං පත‍්තො සත්‍ථරි පරිනිබ‍්බුතෙ තස‍්ස ථූපෙ පුප‍්ඵෙහි ඡත‍්තාතිඡත‍්තං කත්‍වා පූජං අකාසි. සො තෙන පුඤ‍්ඤකම‍්මෙන දෙවලොකෙ නිබ‍්බත‍්තිත්‍වා අපරාපරං පුඤ‍්ඤානි කත්‍වා දෙවමනුස‍්සෙසු සංසරන‍්තො ඉමස‍්මිං බුද‍්ධුප‍්පාදෙ රාජගහෙ අඤ‍්ඤතරස‍්ස බ්‍රාහ‍්මණස‍්ස පුත‍්තො හුත්‍වා නිබ‍්බත‍්ති, සාමිදත‍්තොතිස‍්ස නාමං අහොසි. සො අනුක‍්කමෙන විඤ‍්ඤුතං පත‍්තො බුද‍්ධානුභාවං සුත්‍වා උපාසකෙහි සද‍්ධිං විහාරං ගතො සත්‍ථාරං ධම‍්මං දෙසෙන‍්තං දිස‍්වා පසන‍්නමානසො එකමන‍්තං නිසීදි. සත්‍ථා තස‍්ස අජ‍්ඣාසයං ඔලොකෙත්‍වා තථා ධම‍්මං දෙසෙසි, යථා සද‍්ධං පටිලභි සංසාරෙ ච සංවෙගං. සො පටිලද‍්ධසද‍්ධො සංවෙගජාතො පබ‍්බජිත්‍වා ඤාණස‍්ස අපරිපක‍්කත‍්තා කතිපයකාලං අලසබහුලී විහාසි. පුන සත්‍ථාරා ධම‍්මදෙසනාය සමුත‍්තෙජිතො විපස‍්සනාය කම‍්මට‍්ඨානං ගහෙත්‍වා තත්‍ථ යුත‍්තප‍්පයුත‍්තො විහරන‍්තො නචිරෙනෙව අරහත‍්තං පාපුණි. තෙන වුත‍්තං අපදානෙ (අප· ථෙර 1.15.1-4) –
“පඤ්චක්ඛන්‍ධා පරිඤ්ඤාතා” යනු ආයුෂ්මත් සාමිදත්ත තෙරුන් වහන්සේගේ ගාථාවයි. එහි උපත කෙසේද? උන්වහන්සේ ද පෙර බුදුවරු හමුවෙහි කළ ප්‍රාර්ථනා ඇතිව, අත්‍ථදස්සි භාග්‍යවතුන් වහන්සේ පහළ වූ කාලයෙහි සිටුගෙයක උපන්හ. වැඩිවිය පත් ඒ සිටු කුමරු ශාස්තෲන් වහන්සේ පිරිනිවි කල්හි, උන්වහන්සේගේ සෑයට මලින් ඡත්‍රයක් මත ඡත්‍රයක් කරවා පූජා පැවැත්වීය. ඔහු ඒ පිනින් දෙව්ලොව ඉපිද, තව තවත් පින් රැස් කර දෙව් මිනිස් දෙගතියෙහි සැරිසරා අපගේ බුදුරජාණන් වහන්සේ ලොව පහළ වූ සමයේ රජගහ නුවර එක් බමුණු පුතෙක්ව උපන්නේය. ඔහු සාමිදත්ත නමින් ප්‍රකට විය. වැඩිවියට පත් ඒ සාමිදත්ත බමුණා, බුද්ධානුභාවය අසා උපාසකයන් සමග විහාරයට ගොස්, ශාස්තෲන් වහන්සේ ධර්ම දේශනා කරනු දැක පැහැදුණු සිතින් එකත් පසෙක සිටියේය. ශාස්තෲන් වහන්සේ ඔහුගේ සිත දැන ඒ අනුව දහම් දෙසූ සේක. ඉන් ඔහු සසර කළකිරී සසුනෙහි උපන් ශ්‍රද්ධා ඇති විය. ලැබූ ශ්‍රද්ධාවෙන් පැවිදි වූ සාමිදත්ත තෙරුන් ඤාණය මුහුකුරා නොගිය බැවින් දින කිහිපයක් ආශාවට වසඟව විසීය. නැවත ශාස්තෲන් වහන්සේ විසින් ධර්ම දේශනාවෙන් උත්සාහවත් කරන ලද උන්වහන්සේ විදසුන් කමටහන ගෙන එහි ම යෙදී වාසය කළ සේක්, නොබෝ දිනකින් ම රහත් බවට පත්වූහ. අපදාන පාළියේ උන්වහන්සේගේ චරිතය මෙසේ දක්වන ලදි.
“පරිනිබ‍්බුතෙ භගවති, අත්‍ථදස‍්සීනරුත‍්තමෙ; ඡත‍්තාතිඡත‍්තං කාරෙත්‍වා, ථූපම‍්හි අභිරොපයිං.
“භාග්‍යවත් වූ අත්‍ථදස්සි බුදුරදුන් පිරිනිවි කල්හි, උන්වහන්සේගේ ධාතු සෑම මතුයෙහි ඡත්‍රයක් මත ඡත්‍රයක් කරවා පූජා කළෙමි.
“කාලෙන කාලමාගන‍්ත්‍වා, නමස‍්සිං ලොකනායකං; පුප‍්ඵච‍්ඡදනං කත්‍වාන, ඡත‍්තම‍්හි අභිරොපයිං.
කලින් කල අවුත් එම සෑයට වන්දනාමාන කළෙමි. මල් වියනක් ද කරවා ඒ මත ඡත්‍රයක් නැංවූයෙමි.
“සත‍්තරසෙ කප‍්පසතෙ, දෙවරජ‍්ජමකාරයිං; මනුස‍්සත‍්තං න ගච‍්ඡාමි, ථූපපූජායිදං ඵලං.
මෙහි විපාක වශයෙන් කල්ප එක් දහස් හත් සීයක් ම දිව්‍ය රාජව සැප වින්දෙමි. මිනිස් බව ද ලැබුයෙමි. මේ ථූප පූජාවේ විපාකයයි.
“කිලෙසා ඣාපිතා මය‍්හං, භවා සබ‍්බෙ සමූහතා; නාගොව බන්‍ධනං ඡෙත්‍වා, විහරාමි අනාසවො.
දැන් මම සියලු කෙලෙස් දැවුයෙමි. සියලු භව නැසුයෙමි. බැඳුම් සිඳ දැමූ ඇත් රජෙකු මෙන් කෙලෙස් සිඳ දමා ආශ්‍රව රහිතව වෙසෙමි.
“ස‍්වාගතං වත මෙ ආසි, බුද‍්ධසෙට‍්ඨස‍්ස සන‍්තිකෙ; තිස‍්සො විජ‍්ජා අනුප‍්පත‍්තා, කතං බුද‍්ධස‍්ස සාසන”න‍්ති.
බුදුරජාණන් වහන්සේ වෙත මාගේ පැමිණීමෙන් යහපතක් ම විය. ත්‍රිවිද්‍යාවන් ලබා ගත් මම බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව ඉටු කළෙමි.”
සො අපරභාගෙ භික‍්ඛූහි “කිං තයා, ආවුසො, උත‍්තරිමනුස‍්සධම‍්මො අධිගතො”ති පුට‍්ඨො සාසනස‍්ස නිය්‍යානිකභාවං අත‍්තනො ච ධම‍්මානුධම‍්මප‍්පටිපත‍්තිං තෙසං පවෙදෙන‍්තො අඤ‍්ඤාබ්‍යාකරණවසෙන –
පසු කාලයේ දී උන්වහන්සේගෙන් සෙසු භික්‍ෂූහු, “ඇවැත්නි! කිම නුඹ වහන්සේ විසින් උතුරු මිනිස් දම් අවබෝධ කරගත්තෙහිද?” යි විමසූහ. එවිට සාමිදත්ත තෙරුන් වහන්සේ බුදු සසුනේ නෛර්‍ය්‍යාණිකභාවයත්, තමාගේ ධර්මානුධර්ම ප්‍රතිපත්තියත් ඔවුන්ට විදහා දක්වමින් සිය රහත් බව ප්‍රකාශ කරන සේක්; මේ ගාථාව වදාළහ.
“පඤ‍්චක‍්ඛන්‍ධා පරිඤ්ඤාතා, තිට්ඨන්ති ඡින්නමූලකා; වික‍්ඛීණො ජාතිසංසාරො, නත්‍ථි දානි පුනබ‍්භවො”ති. – ගාථං අභාසි;
“පඤ්චක්ඛන්‍ධා පරිඤ්ඤාතා තිට්ඨන්ති ඡින්නමූලකා, වික්ඛීණො ජාති සංසාරො නත්‍ථි දානි පුනබ්භවො”
තත්‍ථ පඤ‍්චක‍්ඛන්‍ධා පරිඤ‍්ඤාතාති මයා ඉමෙ පඤ‍්චුපාදානක‍්ඛන්‍ධා “ඉදං දුක‍්ඛං, එත‍්තකං දුක‍්ඛං, න තතො භිය්‍යො”ති තීහි පරිඤ‍්ඤාහි පරිච‍්ඡින්‍දිත්‍වා ඤාතා විදිතා පටිවිද‍්ධා. තිට‍්ඨන‍්ති ඡින‍්නමූලකාති තථා පරිඤ‍්ඤාතත‍්තායෙව මූලභූතස‍්ස සමුදයස‍්ස සබ‍්බසො පහීනත‍්තා තෙ ඉදානි යාව චරිමකචිත‍්තනිරොධො තිට‍්ඨන‍්ති ඡින‍්නමූලකා, චරිමකචිත‍්තනිරොධෙන පන අප‍්පටිසන්‍ධිකාව නිරුජ‍්ඣන‍්ති. තෙනාහ – “වික‍්ඛීණො ජාතිසංසාරො, නත්‍ථි දානි පුනබ‍්භවො”ති. තස‍්සත්‍ථො හෙට‍්ඨා වුත‍්තොයෙව.
මෙම ගාථාවෙහි “පඤ්චක්ඛන්‍ධා පරිඤ්ඤාතා” යනු මැනවින් මේ පංච උපාදානස්කන්‍ධ පිළිබඳ “මෙය දුකය, මෙපමණ දුක පවතී, මින් ඔබ්බට දුක නැත” යි යන ත්‍රිවිධ පිරිසිදු දැනීම් වලින් පිරිසිඳ දැන ගන්නා ලදි. දන්නා ලදි. අවබෝධ කරගන්නා ලදි. “තිට්ඨන්ති ඡින්න මූලකා” යනු එසේ පිරිසිඳ දත් බැවින් ඒ දුකට මූලය, හේතුව වූ තණ්හාව - ඇලීම සියලුම ආකාරයෙන් ප්‍රහීණ කරන ලදි. එම මූලයෝ අවසන් චිත්ත නිරෝධය දක්වා සිඳුණු මුල් ඇතිව සිටිති. අවසන් චිත්ත නිරෝධයත් සමග නැවත පිළිසිඳ ගැනීමක් නොමැතිව එම මූලයෝ නිරුද්ධ වෙති. එනිසා “ඉපදීම (ජාති) නම් වූ සංසාරය විශේෂයෙන් ක්‍ෂය කරන ලදි. දැන් පුනර්භවයක් නැත”යි කියන ලදි. මෙහි විස්තරාර්ථ ඉහත දැක්වූ පරිදි දත යුතුයි.
සාමිදත‍්තත්‍ථෙරගාථාවණ‍්ණනා නිට‍්ඨිතා.
සාමිදත්ත ථේරගාථා අර්ථ වර්ණනාව නිමියේය.
නවමවග‍්ගවණ‍්ණනා නිට‍්ඨිතා.
නව වන වර්ගයේ අර්ථ වර්ණනාව සමාප්තයි.