යෙදුමෙන් කියවන්න

පඨමදෙවසභත්‍ථෙරගාථාවණ‍්ණනා අට‍්ඨකථා

පඨමදෙවසභත්‍ථෙරගාථාවණ‍්ණනා

දේවසභ ස්ථවිරගාථා වර්ණනාව

උත‍්තිණ‍්ණා පඞ‍්කපලිපාති ආයස‍්මතො දෙවසභත්‍ථෙරස‍්ස ගාථා. කා උප‍්පත‍්ති? සොපි පුරිමබුද‍්ධෙසු කතාධිකාරො තත්‍ථ තත්‍ථ භවෙ විවට‍්ටූපනිස‍්සයං පුඤ‍්ඤං උපචිනන‍්තො සිඛිස‍්ස භගවතො කාලෙ පාරාවතයොනියං නිබ‍්බත‍්තො එකදිවසං සත්‍ථාරං දිස‍්වා පසන‍්නමානසො පියාලඵලං උපනෙසි. සත්‍ථා තස‍්ස පසාදසංවඩ‍්ඪනත්‍ථං තං පරිභුඤ‍්ජි. සො තෙන අතිවිය පසන‍්නචිත‍්තො හුත්‍වා කාලෙන කාලං උපසඞ‍්කමිත්‍වා වන්‍දිත්‍වා චිත‍්තං පසාදෙති . සො තෙන පුඤ‍්ඤකම‍්මෙන දෙවලොකෙ නිබ‍්බත‍්තො අපරාපරං පුඤ‍්ඤානි කත්‍වා දෙවමනුස‍්සෙසු සංසරන‍්තො ඉමස‍්මිං බුද‍්ධුප‍්පාදෙ අඤ‍්ඤතරස‍්ස මණ‍්ඩලිකරඤ‍්ඤො පුත‍්තො හුත්‍වා නිබ‍්බත‍්තො තරුණකාලෙයෙව රජ‍්ජෙ පතිට‍්ඨිතො රජ‍්ජසුඛමනුභවන‍්තො වුද‍්ධො සත්‍ථාරං උපසඞ‍්කමි, තස‍්ස සත්‍ථා ධම‍්මං දෙසෙසි. සො ධම‍්මං සුත්‍වා පටිලද‍්ධසද‍්ධො සංවෙගජාතො රජ‍්ජං පහාය පබ‍්බජිත්‍වා විපස‍්සනාය කම‍්මං කරොන‍්තො නචිරස‍්සෙව අරහත‍්තං පාපුණි. තෙන වුත‍්තං අපදානෙ (අප· ථෙර 1.14.66-72) –

“උත්තිණ්ණා පඞ්ක පලිපා” යනු ආයුෂ්මත් දේවසහ තෙරුන්ගේ ගාථාවයි. එහි උපත කෙසේද? උන්වහන්සේ ද පෙර බුදුවරු හමුවෙහිදී ඒ ඒ භවයන්හිදී නිවන් පතාගෙන, සසරින් මිදීමට පින් රැස් කරගත්හ. සිඛි භාග්‍යවතුන් වහන්සේගේ කාලයේ දී පරවියකුව ඉපිද, එක් දිනක් ශාස්තෲන් වහන්සේ දැක පැහැදුණු සිතින් උන්වහන්සේට එක් පියල් ඵලයක් පූජා කළේය. ශාස්තෲන් වහන්සේ එම පරවියාගේ පැහැදීම වැඩි කිරීම සඳහා එම ඵලය වැළඳූ සේක. ඉන් දැඩි සතුටට පත් පහන් සිත් ඇති පරවියා වරින් වර උන්වහන්සේ වෙත පැමිණ වැඳ සිත පහදවා ගත්තේය. ඒ පින්කමේ විපාක වශයෙන් දෙව්ලොව ඉපිද, තව තවත් පින් දහම් සිදු කරමින් දෙව් මිනිසුන් අතරෙහි සැරිසරා අවුත්, මේ බුද්ධෝත්පාද කාලයේදී එක්තරා ප්‍රාදේශීය රජෙකුගේ පුතුව ඉපිද තරුණ අවස්ථාවෙහි ම පිය උරුමයෙන් රාජ්‍ය ලැබ, රජ සැප විඳිමින් ම ශාස්තෲන් වහන්සේ දැකීමට පැමිණියේය. ශාස්තෲන් වහන්සේ ඔහුට දහම් දෙසූ සේක. ධර්ම අසා ලැබූ ශ්‍රද්ධා ඇති ඒ රජ සංවේගයට පත්ව තම රජකම හැරදමා බුදු සසුනේ පැවිදි විය. විදසුන් වඩා නොබෝ දිනකින් ම කෙලෙස් නසා රහත්ඵලයෙහි පිහිටියේ ය. ඒ පිළිබඳව උන්වහන්සේ අපදාන පාළියේ දී මෙසේ පවසන ලදි -

“පාරාවතො තදා ආසිං, පරං අනුපරොධකො; පබ‍්භාරෙ සෙය්‍යං කප‍්පෙමි, අවිදූරෙ සිඛිසත්‍ථුනො.

බුදුරජාණන් වහන්සේට නුදුරින් වූ ගිරි ගුහාවක සයනය කළෙමි. ලෝකයේ අසහාය නායක වූ බුදුරජාණන් වහන්සේ උදේ ද හවස ද දුටුවෙමි.

“සායං පාතඤ‍්ච පස‍්සාමි, බුද‍්ධං ලොකග‍්ගනායකං; දෙය්‍යධම‍්මො ච මෙ නත්‍ථි, ද‍්විපදින්‍දස‍්ස තාදිනො.

දෙපා ඇත්තවුන්ට ප්‍රධාන වූ උන්වහන්සේට පිදිය යුතු කිසිවක් මා වෙත නොවිණි.

“පියාලඵලමාදාය , අගමං බුද‍්ධසන‍්තිකං; පටිග‍්ගහෙසි භගවා, ලොකජෙට‍්ඨො නරාසභො.

පියල් ගෙඩියක් ගෙන බුදුරදුන් සමීපයට ගිය මම එය උන්වහන්සේට පිදුවෙමි. ලෝක ජ්‍යෙෂ්ඨ වූ නර ශ්‍රේෂ්ඨ වූ භාග්‍යවතුන් වහන්සේ එය පිළිගත්හ.

“තතො පරං උපාදාය, පරිචාරිං විනායකං; තෙන චිත‍්තප‍්පසාදෙන, තත්‍ථ කාලඞ‍්කතො අහං.

පිළිගත් එම පියල් ගෙඩිය විනායකයන් වහන්සේ වැළඳූ සේක. එම සිත් පැහැදවීමෙන් ම මම කලුරිය කළෙමි.

“එකත‍්තිංසෙ ඉතො කප‍්පෙ, යං ඵලං අදදිං අහං; දුග‍්ගතිං නාභිජානාමි, ඵලදානස‍්සිදං ඵලං.

මම මෙයින් කල්ප තිස් එකකට පෙර යම් ඵල දානයක් දුන්නෙම් ද එදා සිට ම දුගතියක නූපන්නෙමි. ඵලදානයේ විපාකය මෙබඳුය.

“ඉතො පන‍්නරසෙ කප‍්පෙ, තයො ආසුං පියාලිනො; සත‍්තරතනසම‍්පන‍්නා, චක‍්කවත‍්තී මහබ‍්බලා.

මෙයින් කල්ප පහළොවකට පෙර මහත් බල ඇති පියාලි නම් වූ සක්විති රජවරු තිදෙනෙක් ව උපන්නෙමි.

“කිලෙසා ඣාපිතා මය‍්හං…පෙ… කතං බුද‍්ධස‍්ස සාසන”න‍්ති.

මවිසින් දැන් සියලු කෙලෙස් දැවූයෙමි. -පෙ- බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව ඉටු කළෙමි.”

අරහත‍්තං පන පත්‍වා පහීනකිලෙසපච‍්චවෙක‍්ඛණවසෙන උප‍්පන‍්නසොමනස‍්සො උදානං උදානෙන‍්තො –

රහත් බවට පත්ව ප්‍රහීණ කරන ලද කෙලෙස් පිළිබඳව සිහිපත් කිරීමෙන් උපන්නා වූ සතුටින් යුතුව උදන් අණන සේක්, උන්වහන්සේ මේ ගාථාව වදාළහ.

“උත‍්තිණ‍්ණා පඞ‍්කපලිපා, පාතාලා පරිවජ‍්ජිතා; මුත‍්තො ඔඝා ච ගන්‍ථා ච, සබ‍්බෙ මානා විසංහතා”ති. – ගාථං අභාසි;

“උත්තිණ්ණා පඞ්ක පලිපා පාතාලා පරිවජ්ජිතා, මුත්තො ඔඝා ච ගන්‍ථා ච සබ්බෙ මානා විසංහතා”

තත්‍ථ උත‍්තිණ‍්ණාති උත‍්තරිතා අතික‍්කන‍්තා. පඞ‍්කපලිපාති පඞ‍්කා ච පලිපා ච. පඞ‍්කො වුච‍්චති පකතිකද‍්දමො. “පලිපො”ති ගම‍්භීරපුථුලො මහාකද‍්දමො. ඉධ පන පඞ‍්කො වියාති පඞ‍්කො, කාමරාගො අසුචිභාවාපාදනෙන චිත‍්තස‍්ස මක‍්ඛනතො. පලිපො වියාති පලිපො, පුත‍්තදාරාදිවිසයො බහලො ඡන්‍දරාගො වුත‍්තනයෙන සම‍්මක‍්ඛනතො දුරුත‍්තරණතො ච. තෙ මයා අනාගාමිමග‍්ගෙන සබ‍්බසො අතික‍්කන‍්තාති ආහ “උත‍්තිණ‍්ණා පඞ‍්කපලිපා”ති. පාතාලාති පාතායාලන‍්ති පාතාලා, මහාසමුද‍්දෙ නින‍්නතරපදෙසා. කෙචි පන නාගභවනං “පාතාල”න‍්ති වදන‍්ති. ඉධ පන අගාහදුරවග‍්ගාහදුරුත‍්තරණට‍්ඨෙන පාතාලා වියාති පාතාලා, දිට‍්ඨියො. තෙ ච මයා පඨමමග‍්ගාධිගමෙනෙව සබ‍්බථා වජ‍්ජිතා සමුච‍්ඡින‍්නාති ආහ “පාතාලා පරිවජ‍්ජිතා”ති මුත‍්තො ඔඝා ච ගන්‍ථා චාති කාමොඝාදිඔඝතො අභිජ‍්ඣාකායගන්‍ථාදිගන්‍ථතො ච තෙන තෙන මග‍්ගෙන මුත‍්තො පරිමුත‍්තො, පුන අනභිකිරණඅගන්‍ථනවසෙන අතික‍්කන‍්තොති අත්‍ථො. සබ‍්බෙ මානා විසංහතාති නවවිධාපි මානා අග‍්ගමග‍්ගාධිගමෙන විසෙසතො සඞ‍්ඝාතං විනාසං ආපාදිතා සමුච‍්ඡින‍්නා “මානවිධා හතා”ති කෙචි පඨන‍්ති, මානකොට‍්ඨාසාති අත්‍ථො. “මානවිසා”ති අපරෙ, තෙසං පන මානවිසස‍්ස දුක‍්ඛස‍්ස ඵලතො මානවිසාති අත්‍ථො දට‍්ඨබ‍්බො.

මෙම ගාථාවෙහි “උත්තිණ්ණා” යනු එතෙර වූයෙමි. ඉක්මවූයෙමි. “පඞ්ක පලිපා” යනු මඩ ද මඩ වගුරු ද පංක යනු ස්වාභාවික මඩයි. පලිප යනු ගැඹුරු, පළල්, විශාල මඩ වගුරකි. මෙහි මඩ වැනි වූ කාමරාගය අදහස් විය. අශුචි ආදි දේ ඉපදීමෙන් සිතේ තැවරීමෙන් පලිපයක් වැනි වූයේ පලිපයයි. පුත්‍රදාරාදීන් කෙරේ බලවත් ඡන්ද රාගයෙන් ඇලීමයි. “මෙම මඩ තවරා ගැනීමෙන් ද නොමනා ලෙස කීම් කෙරීම් ද මවිසින් අනාගාමී මාර්ගයට පැමිණෙන විට සියලු ම ආකාරයෙන් ඉක්මවන ලදි” යනුවෙන් කියයි. ‘සංක හා පලිප නම් වූ කාම, ඡන්ද රාගාදිය තරණය කළෙමි.” “පාතාලා” යනු පහත, නිරයට පමුණුවයි යන අරුතින් “පාතාලා” යන්නෙන් අදහස් වන බව කියති. මෙහිදී අගාධයේ වැටී එතෙරවීමට අපහසු අර්ථයෙන් පාතාලයක් වැනි වූ හෙයින් පාතාල නම් වූ මිථ්‍යා දෘෂ්ටීහු ය. එම වැරදි පිළිගැනීම් ද මවිසින් පළමු සෝවාන් මාර්ගයට පැමිණෙත්ම සර්වප්‍රකාරයෙන් ම නැති කරන ලදි. මුලුමනින් ම සිඳ දැමුවෙමි. එනිසා “පාතාලා පරිවජ්ජිතා” පාතාල නම් මිසදිටු අදහස් දුරු කරන ලදැයි කියන ලදි. “මුත්තො ඔඝා ද ගන්‍ථා ච” යනු කාමාදී ඕඝයන්ගෙන් ද අභිධ්‍යාදී කාය ග්‍රන්‍ථා දී ගැටවලින් ද ඒ ඒ දෙයින් මිදුනෙමි. මැනවින් මිදුනෙමි. නැවත නොවිසිරුණු, ගැට-බැඳීම් නොමැති බැවින් ඉක්මවන ලදි යන අර්ථයයි. “සබ්බෙ මානා විසංහතා” යනු නවවිධ වූ මානයෝ ද අග්‍ර මාර්ගාවබෝධයෙන් විශේෂයෙන් විනාශ කරන ලදහ. මුලුමනින්ම සිඳ දමන ලදහ. ඇතමෙක් “මානවිධා හතා” යනුවෙන් මානවිධි නසනලදැයි කියති. “මාන කොට්ඨාස” යන අර්ථයයි. ඇතමෙක් “මාන විසා” යනුවෙන් අර්ථ ගනිති. ඔවුන්ට අනුව මාන විෂය වූ දුකෙහි විපාක වශයෙන් “මාන විස” යනුවෙන් අර්ථ දත යුතුයි.

(පඨම) දෙවසභත්‍ථෙරගාථාවණ‍්ණනා නිට‍්ඨිතා.

දේවසභ ථේරගාථා අර්ථ වර්ණනාව නිමියේය.