යෙදුමෙන් කියවන්න

අජ‍්ජුනත්‍ථෙරගාථාවණ‍්ණනා අට‍්ඨකථා

අජ‍්ජුනත්‍ථෙරගාථාවණ‍්ණනා

අජ්ජුන ස්ථවිරගාථා වර්ණනාව

අසක‍්ඛිං වත අත‍්තානන‍්ති ආයස‍්මතො අජ‍්ජුනත්‍ථෙරස‍්ස ගාථා. කා උප‍්පත‍්ති? අයම‍්පි පුරිමබුද‍්ධෙසු කතාධිකාරො තත්‍ථ තත්‍ථ භවෙ විවට‍්ටූපනිස‍්සයං කුසලං උපචිනන‍්තො විපස‍්සිස‍්ස භගවතො කාලෙ සීහයොනියං නිබ‍්බත‍්තො එකදිවසං අරඤ‍්ඤෙ අඤ‍්ඤතරස‍්මිං රුක‍්ඛමූලෙ නිසින‍්නං සත්‍ථාරං දිස‍්වා “අයං ඛො ඉමස‍්මිං කාලෙ සබ‍්බසෙට‍්ඨො පුරිසසීහො”ති පසන‍්නමානසො සුපුප‍්ඵිතසාලසාඛං භඤ‍්ජිත්‍වා සත්‍ථාරං පූජෙසි. සො තෙන පුඤ‍්ඤකම‍්මෙන දෙවමනුස‍්සෙසු සංසරන‍්තො ඉමස‍්මිං බුද‍්ධුප‍්පාදෙ සාවත්‍ථියං සෙට‍්ඨිකුලෙ නිබ‍්බත‍්ති. අජ‍්ජුනොතිස‍්ස නාමං අහොසි. සො විඤ‍්ඤුතං පත‍්තො නිගණ‍්ඨෙහි කතපරිචයො හුත්‍වා “එවාහං අමතං අධිගමිස‍්සාමී”ති විවට‍්ටජ‍්ඣාසයතාය දහරකාලෙයෙව නිගණ‍්ඨෙසු පබ‍්බජිත්‍වා තත්‍ථ සාරං අලභන‍්තො සත්‍ථු යමකපාටිහාරියං දිස‍්වා පටිලද‍්ධසද‍්ධො සාසනෙ පබ‍්බජිත්‍වා විපස‍්සනං ආරභිත්‍වා නචිරස‍්සෙව අරහා අහොසි. තෙන වුත‍්තං අපදානෙ (අප· ථෙර 1.14.60-65) –

“අසක්ඛිං වත අත්තානං” යනු ආයුෂ්මත් අජ්ජුණ තෙරුන්ගේ ගාථාවයි. එහි උපත කෙසේද? පෙර බුදුවරු හමුවෙහිදී කළ ප්‍රාර්ථනා ඇතිව ඒ ඒ භවයන්හිදී නිවන්පතා ගෙන කුසල දහම් රැස් කරගත් අජ්ජුණ තෙරණුවෝ; විපස්සි භාග්‍යවතුන් වහන්සේගේ කාලයේදී සිංහයෙකුව උපන්හ. දිනක් එක් ගසක් මුල හුන් ශාස්තෲන් වහන්සේ දුටු එම සිංහයා, “මෙතෙම ඒකාන්තයෙන් මේ කැලයේ සිටින සියලු දෙනාටම ශ්‍රේෂ්ඨ වූ පුරුෂ සිංහයා වන්නේය”යි පැහැදුණු සිතින් පිපුණු සල් අත්තක් කඩා ඉන් ශාස්තෲන් වහන්සේ පූජා කළේය. ඒ පින්කම හේතුවෙන් තිරිසන් බවින් මිදී දෙව්ලොව ඉපිද කාම සුගතීන්හි ම සැරිසැරූ ඔහු; මේ බුද්ධෝත්පාද කාලයේ දී සැවැත් නුවර සිටු ගෙයක ඉපිද අජ්ජුණ නාමයෙන් ප්‍රකට විය. වැඩිවියට පත් වූ අජ්ජුණ නිගණ්ඨයන් සමීපයේ කළ පුහුණුවීම් ඇතිව “මම මෙසේ නිවණ අවබෝධ කරගන්නෙමි”යි නිවන් ප්‍රාර්ථනා කරගෙන, ළදරු කාලයේදී ම නිගණ්ඨයන් සමීපයේ පැවිදි විය. එහි හරයක් නොමැති බව දැක වෙසෙන කල්හි, ශාස්තෲන් වහන්සේගේ යමක මහා ප්‍රාතිහාර්ය දැක ලැබූ ශ්‍රද්ධාවෙන් සසුනේ පැවිදිව විදසුන් වඩා නොබෝ දිනකින් ම රහත් විය. උන්වහන්සේ සිය චරිතාපදානය අපදාන පාළියේ මෙසේ දැක්වේ.

“මිගරාජා තදා ආසිං, අභිජාතො සුකෙසරී; ගිරිදුග‍්ගං ගවෙසන‍්තො, අද‍්දසං ලොකනායකං.

“එකල්හි විශිෂ්ට ජන්ම ඇති මහා කෙසරු ඇති සිහරජෙක් වූයෙමි. ගිරිදුර්ගයක් සොයන්නෙම් බුදුරජාණන් වහන්සේ දිටිමි.

“අයං නු ඛො මහාවීරො, නිබ‍්බාපෙති මහාජනං; යංනූනාහං උපාසෙය්‍යං, දෙවදෙවං නරාසභං.

දැක මෙසේ සිතීමි. “මේ මහාවීරයන් වහන්සේ මහජනයා කෙළෙස් ගින්නෙන් නිවති. මම ඒ දේවතාතිදේව වූ නර ශ්‍රේෂ්ඨ වූ බුදුරජාණන් වහන්සේ වෙත පැමිණෙම් නම් යහපති.”

“සාඛං සාලස‍්ස භඤ‍්ජිත්‍වා, සකොසං පුප‍්ඵමාහරිං; උපගන‍්ත්‍වාන සම‍්බුද‍්ධං, අදාසිං පුප‍්ඵමුත‍්තමං.

මෙසේ සිතූ මම සල් අත්තක් බිඳ කෝෂය සහිත සල්මලක් ගෙනාවෙමි. බුදුරදුන් වෙත පැමිණ ඒ උතුම් මල පූජා කළෙමි.

“එකනවුතිතො කප‍්පෙ, යං පුප‍්ඵමභිරොපයිං; දුග‍්ගතිං නාභිජානාමි, පුප‍්ඵදානස‍්සිදං ඵලං.

මෙයින් කල්ප අනූ එකකට පෙර යම් උදාර වූ මල් පූජාවක් කළෙම් ද එහි විපාක වශයෙන් මේ දක්වා දුගතියක නූපන්නෙමි. මල් පූජාවේ විපාකය මෙබඳුය.

“ඉතො ච නවමෙ කප‍්පෙ, විරොචනසනාමකා; තයො ආසිංසු රාජානො, චක‍්කවත‍්තී මහබ‍්බලා.

මෙයින් නවවන කල්පයේ මහත් බල ඇති විරෝචන නම් සක්විති රජවරු තිදෙනෙක්ව උපන්නෙමි.

“කිලෙසා ඣාපිතා මය‍්හං…පෙ… කතං බුද‍්ධස‍්ස සාසන”න‍්ති.

දැන් මම සියලු කෙලෙස් දැවුයෙමි. -පෙ- බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව ඉටු කළෙමි.”

අරහත‍්තං පන පත්‍වා අනුත‍්තරසුඛාධිගමසම‍්භූතෙන පීතිවෙගෙන උදානං උදානෙන‍්තො –

රහත් බවට පත්ව, අනුත්තර වූ සුවයේ හෙවත් නිවනෙහි අවබෝධයෙන් හටගත් ප්‍රීති වේගයෙන් උදන් අනන සේක්; උන්වහන්සේ මේ ගාථාව වදාළ සේක.

“අසක‍්ඛිං වත අත‍්තානං, උද‍්ධාතුං උදකා ථලං; වුය‍්හමානො මහොඝෙව, සච‍්චානි පටිවිජ‍්ඣහ”න‍්ති. – ගාථං අභාසි;

“අසක්ඛිං වත අත්තානං, උද්ධාතුං උදකා ථලං, වුය්හමානො මහොඝෙව, සච්චානි පටිවිජ්ඣහ”

තත්‍ථ අසක‍්ඛින‍්ති සක‍්කොසිං. වතාති විම‍්හයෙ නිපාතො. අතිවිම‍්හයනීයඤ‍්හෙතං යදිදං සච‍්චපටිවෙධො. තෙනාහ –

එහි “අසක්ඛිං” යනු හැකි වූයෙමි. “වත” යනු විශ්මයාර්ථයේ නිපාතයකි. අති විෂ්මයට පත්වීමක් ලෙස සත්‍ය ප්‍රතිවේධය දැක්වේ. එනිසා මෙය කියන ලදි.

“තං කිංමඤ‍්ඤථ, භික‍්ඛවෙ, කතමං නු ඛො දුක‍්කරතරං වා දුරභිසම‍්භවතරං වා, යං සත‍්තධා භින‍්නස‍්ස වාලස‍්ස කොටියා කොටිං පටිවිජ‍්ඣෙය්‍යා”තිආදි (සං· නි· 5.1115)?

“මහණෙනි! නුඹලා කුමක් සිතවුද? අතිශය දුෂ්කර වූ ද අතිශයින් අමාරු වූ ද සත් කඩකඩ බිඳී සෙමර වල්ගයක කෙළවරින් කෙළවර ගැලපීමටත් වඩා දුෂ්කර වූ අවබෝධයකි.” යනාදී ලෙස චතුරාර්ය සත්‍යාවබෝධයේ දුෂ්කර බව කියන ලදී.

අත‍්තානන‍්ති නියකජ‍්ඣත‍්තං සන්‍ධාය වදති. යො හි පරො න හොති සො අත‍්තාති. උද‍්ධාතුන‍්ති උද‍්ධරිතුං, “උද‍්ධට”න‍්තිපි පාඨො. උදකාති සංසාරමහොඝසඞ‍්ඛාතා උදකා. ථලන‍්ති නිබ‍්බානථලං. වුය‍්හමානො මහොඝෙවාති මහණ‍්ණවෙ වුය‍්හමානො විය. ඉදං වුත‍්තං හොති – යථා නාම ගම‍්භීරවිත්‍ථතෙ අප‍්පතිට‍්ඨෙ මහති උදකොඝෙ වෙගසා වුය‍්හමානො පුරිසො කෙනචි අත්‍ථකාමෙන උපනීතං ඵියාරිත‍්තසම‍්පන‍්නං දළ‍්හනාවං ලභිත්‍වා සුඛෙනෙව තතො අත‍්තානං උද‍්ධරිතුං සක‍්කුණෙය්‍ය පාරං පාපුණෙය්‍ය, එවමෙවාහං සංසාරමහොඝෙ කිලෙසාභිසඞ‍්ඛාරවෙගෙන වුය‍්හමානො සත්‍ථාරා උපනීතං සමථවිපස‍්සනුපෙතං අරියමග‍්ගනාවං ලභිත්‍වා තතො අත‍්තානං උද‍්ධරිතුං නිබ‍්බානථලං පත‍්තුං අහො අසක‍්ඛින‍්ති. යථා පන අසක‍්ඛි, තං දස‍්සෙතුං “සච‍්චානි පටිවිජ‍්ඣහ”න‍්ති ආහ. යස‍්මා අහං දුක‍්ඛාදීනි චත‍්තාරි අරියසච‍්චානි පරිඤ‍්ඤාපහානසච‍්ඡිකිරියාභාවනාපටිවෙධෙන පටිවිජ‍්ඣිං අරියමග‍්ගඤාණෙන අඤ‍්ඤාසිං, තස‍්මා අසක‍්ඛිං වත අත‍්තානං උද‍්ධාතුං උදකා ථලන‍්ති යොජනා.

“අත්තානං” යනු තමාගේ ආධ්‍යාත්මය සඳහා කියන ලද්දකි. ඔහු වෙනත් අයෙකු නොවේ. තමාම ය. “උද්ධාතුං” යනු උඩට ගැනීමට “උද්ධටං” පාඨය ද යෙදේ. “උදකා” යනු සංසාර මහෝඝය නම් වූ ජලයයි. “ඵලං” නිවන නම් වූ ගොඩබිමයි. “වුය්හමානො මහොඝෙව” යනු මහා සාගරයට ගසාගෙන යන්නකු මෙන් මෙහි අදහස මෙසේය. - යම්සේ ගැඹුරු පැතිරුණු පිහිටක් නැති මහත් වූ සැඬ පහරක මහත් වේගයෙන් ගසාගෙන යන පුරුෂයකු දැක; කිසියම් වැඩ කැමති අයෙක් ළංකරන ලද, කිසිවකු නැති ශක්තිමත් නැවක් ලැබ, ඊට තමා සුවසේ නැගීමට දිය පහරින් උඩට ඒමට හැකිවේද, ගොඩබිමට පැමිණෙන්නේ ද මේ ආකාරයෙන්ම මම සසර නම් මහා සැඬ පහරෙහි කෙළෙස් ආදියෙන් ගසාගෙන යනු ලබන්නෙම්; ශාස්තෲන් වහන්සේ විසින් එළවන ලද සමථ විදර්ශනාදියෙන් අලංකෘත ආර්ය මාර්ගය නම් නැව දැක, ඊට තමාම නැගී නිවන නම් ගොඩබිමට (ක්‍ෂේමභූමියට) පැමිණීමට සමත් වූයෙමි. අහෝ! එය පුදුමයකි. යම්සේ එම හැකියාව ලැබුවේ ද එය දැක්වීමට “සච්චානි පවිවිජ්ඣහං” යනුවෙන් කියන ලදි. යම් සේ මම දුක්ඛාදි චතුරාර්ය සත්‍යය ධර්මය පිරිසිඳ දැන, ප්‍රහාණය කර, සාක්‍ෂාත් කර, වඩා අවබෝධ කරගත්තෙම් ද ආර්ය මාර්ග ඤාණයෙන් අවබෝධ කරගත්තෙම් ද එහෙයින් “මම ඒකාන්තයෙන් තමාම දියෙන් ගොඩ වී ගොඩබිමට පැමිණීමට හැකියාව ලැබුවෙමි.” යනුවෙන් පද පිළිවෙල දත යුතුයි.

අජ‍්ජුනත්‍ථෙරගාථාවණ‍්ණනා නිට‍්ඨිතා.

අජ්ජුණ ථේරගාථා අර්ථ වර්ණනාව නිමියේය.