යෙදුමෙන් කියවන්න

පවිට‍්ඨත්‍ථෙරගාථාවණ‍්ණනා අට‍්ඨකථා

පවිට‍්ඨත්‍ථෙරගාථාවණ‍්ණනා

පවිට්ඨ ස්ථවිරගාථා වර්ණනාව

ඛන්‍ධා දිට‍්ඨා යථාභූතන‍්ති ආයස‍්මතො පවිට‍්ඨත්‍ථෙරස‍්ස ගාථා. කා උප‍්පත‍්ති? අයම‍්පි පුරිමබුද‍්ධෙසු කතාධිකාරො තත්‍ථ තත්‍ථ භවෙ විවට‍්ටූපනිස‍්සයං පුඤ‍්ඤං කරොන‍්තො අත්‍ථදස‍්සිස‍්ස භගවතො කාලෙ කෙසවො නාම තාපසො හුත්‍වා එකදිවසං සත්‍ථාරං උපසඞ‍්කමිත්‍වා ධම‍්මං සුත්‍වා පසන‍්නමානසො අභිවාදෙත්‍වා අඤ‍්ජලිං පග‍්ගය‍්හ පදක‍්ඛිණං කත්‍වා පක‍්කාමි. සො තෙන පුඤ‍්ඤකම‍්මෙන දෙවලොකෙ නිබ‍්බත‍්තිත්‍වා අපරාපරං පුඤ‍්ඤානි කත්‍වා දෙවමනුස‍්සෙසු සංසරන‍්තො ඉමස‍්මිං බුද‍්ධුප‍්පාදෙ මගධරට‍්ඨෙ බ්‍රාහ‍්මණකුලෙ උප‍්පජ‍්ජිත්‍වා අනුක‍්කමෙන විඤ‍්ඤුතං පත‍්තො නෙක‍්ඛම‍්මනින‍්නජ‍්ඣාසයතාය පරිබ‍්බාජකපබ‍්බජ‍්ජං පබ‍්බජිත්‍වා තත්‍ථ සික‍්ඛිතබ‍්බං සික‍්ඛිත්‍වා විචරන‍්තො උපතිස‍්සකොලිතානං බුද‍්ධසාසනෙ පබ‍්බජිතභාවං සුත්‍වා “තෙපි නාම මහාපඤ‍්ඤා තත්‍ථ පබ‍්බජිතා, තදෙව මඤ‍්ඤෙ සෙය්‍යො”ති සත්‍ථු සන‍්තිකං ගන‍්ත්‍වා ධම‍්මං සුත්‍වා පටිලද‍්ධසද‍්ධො පබ‍්බජි. තස‍්ස සත්‍ථා විපස‍්සනං ආචික‍්ඛි. සො විපස‍්සනං ආරභිත්‍වා නචිරස‍්සෙව අරහත‍්තං සච‍්ඡාකාසි. තෙන වුත‍්තං අපදානෙ (අප· ථෙර 1.14.55-59) –

“ඛන්‍ධා දිට්ඨා යථාභූතං” යනු ආයුෂ්මත් පවිට්ඨ තෙරුන්ගේ ගාථාවයි. එහි උපත කෙසේද? උන්වහන්සේ ද පෙර බුදුවරු හමුවෙහි කළ පැතුම් ඇතිව ඒ ඒ භවයන්හි දී නිවන් පතාගෙන පින් රැස් කරනුයේ අත්‍ථදස්සි නම් භාග්‍යවතුන් වහන්සේ ලොව පහළ වූ සමයේ දී කේසව නම් තාපසව උපන්නහ. එක් දිනක් කේසව තවුසා ශාස්තෲන් වහන්සේ වෙත පැමිණ, බණ අසා, පහන් සිතින් ඇඳිලි බැඳ වැඳගෙන ප්‍රදක්‍ෂිණා කොට වැඳ ගියේය. ඔහු ඒ පින්කම නිසා දෙව්ලොව ඉපිද තවත් පින්දහම් සිදුකරමින් කාම සුගතීන්හි ඉපිදෙමින් සසර සැරිසරා; අපගේ බුදුරජාණන් වහන්සේ ලොව පහළ වූ සමයෙහි මගධ රට බමුණු පවුලක ඉපිද, අනුක්‍රමයෙන් වියට පත්ව ගිහිගෙයින් නික්මීමේ කැමැත්තෙන් පිරිවැජි පැවිද්දෙන් පැවිදිව, එහි හදාළ යුතු දේ හදාරා හැසිරෙන කල්හි උපතිස්ස හා කෝලිත යන දෙදෙන බුදු සසුනේ පැවිදි වූ බව අසා, “ඔවුහු දෙපල මනා ප්‍රඥාවන්තයින්ය. ඔවුහු යම් සසුනක පැවිදි වී නම් එය උතුම් වන්නේ ය”යි සිතා ශාස්තෲන් වහන්සේ සමීපයට ගොස් බණ අසා ලැබූ ශ්‍රද්ධා ඇතිව බුදු සසුනේ පැවිදි විය. ශාස්තෲන් වහන්සේ ඔහුට විදසුන් භාවනා කමටහන දුන් සේක. විදසුන් වැඩීමෙහි නිරත වූ උන්වහන්සේ කල් නොයවාම රහත් වූහ. අපදාන පාළියේදී උන්වහන්සේ මෙසේ පැවසූහ -

“නාරදො ඉති මෙ නාමං, කෙසවො ඉති මං විදූ; කුසලාකුසලං එසං, අගමං බුද‍්ධසන‍්තිකං.

“නාරද යනු මගේ නාමයයි. කේසව යනු මා හඳුන්වන ග්‍රෝත්‍ර නාමයයි. ඒ මම කුසල් අකුසල් කුමක් ද? යි සොයමින් බුදුරදුන් සමීපයට පැමිණියෙමි.

“මෙත‍්තචිත‍්තො කාරුණිකො, අත්‍ථදස‍්සී මහාමුනි; අස‍්සාසයන‍්තො සත‍්තෙ සො, ධම‍්මං දෙසෙති චක‍්ඛුමා.

මෙත් සිතින් යුතු කාරුණික වූ පසැස් ඇති මහාමුනි වූ ඒ අත්‍ථදස්සි සර්වඥයන් වහන්සේ සත්ත්‍වයන් අස්වසමින් දහම් දෙසන සේක.

“සකං චිත‍්තං පසාදෙත්‍වා, සිරෙ කත්‍වාන අඤ‍්ජලිං; සත්‍ථාරං අභිවාදෙත්‍වා, පක‍්කාමිං පාචිනාමුඛො.

තම සිත පහදවා ගෙන මුදුනෙහි ඇඳිලි බැඳ මම, ශාස්තෲන් වහන්සේට වැඳ නැගෙනහිර දෙසට ගියෙමි.

“සත‍්තරසෙ කප‍්පසතෙ, රාජා ආසි මහීපති; අමිත‍්තතාපනො නාම, චක‍්කවත‍්තී මහබ‍්බලො.

මෙයින් කල්ප එක් දහස් හත්සීයකට පෙර අමිත්තතාපන නම් මහත් බල ඇති සක්විති රජුව උපන්නෙමි.

“කිලෙසා ඣාපිතා මය‍්හං…පෙ… කතං බුද‍්ධස‍්ස සාසන”න‍්ති.

දැන් මම සියලු කෙලෙස් දැවූයෙමි. -පෙ- බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව ඉටු කළෙමි.”

අරහත‍්තං පන පත්‍වා අඤ‍්ඤං බ්‍යාකරොන‍්තො –

රහත් බවට පත් වූ උන්වහන්සේ ඒ බව ප්‍රකාශ කරමින්

“ඛන්‍ධා දිට‍්ඨා යථාභූතං, භවා සබ‍්බෙ පදාලිතා; වික‍්ඛීණො ජාතිසංසාරො, නත්‍ථි දානි පුනබ‍්භවො”ති. – ගාථං අභාසි;

“ඛන්‍ධා දිට්ඨා යථාභූතං, භවා සබ්බෙ පදාළිතා, වික්ඛීණො ජාති සංසාරො, නත්‍ථිදානි පුනබ්භවො” - යන ගාථාව වදාළහ.

තත්‍ථ ඛන්‍ධාති පඤ‍්චුපාදානක‍්ඛන්‍ධා, තෙ හි විපස‍්සනුපලක‍්ඛණතො සාමඤ‍්ඤලක‍්ඛණතො ච ඤාතපරිඤ‍්ඤාදීහි පරිජානනවසෙන විපස‍්සිතබ‍්බා. දිට‍්ඨා යථාභූතන‍්ති විපස‍්සනාපඤ‍්ඤාසහිතාය මග‍්ගපඤ‍්ඤාය “ඉදං දුක‍්ඛ”න‍්තිආදිනා අවිපරීතතො දිට‍්ඨා. භවා සබ‍්බෙ පදාලිතාති කාමභවාදයො සබ‍්බෙ කම‍්මභවා උපපත‍්තිභවා ච මග‍්ගඤාණසත්‍ථෙන භින‍්නා විද‍්ධංසිතා. කිලෙසපදාලනෙනෙව හි කම‍්මොපපත‍්තිභවා පදාලිතා නාම හොන‍්ති. තෙනාහ “වික‍්ඛීණො ජාතිසංසාරො, නත්‍ථි දානි පුනබ‍්භවො”ති. තස‍්සත්‍ථො හෙට‍්ඨා වුත‍්තොයෙව.

එහි “ඛන්‍ධා” යනු පඤ්ච උපාදානස්කන්‍ධයන්ය. විදර්ශනාවට පැමිණීම් ලක්‍ෂණයෙන් ද ශ්‍රමණ බවේ ලක්‍ෂණ වශයෙන් ද තත්වාකාරයෙන් පිරිසිඳ දැනගැනීම් ආදී හාත්පසින් ම දැනගැනීම් වශයෙන් දැකිය යුතු හෙයින් දක්නා ලද “යථා භූතං” විදර්ශනා ප්‍රඥාව සහිත වූ මාර්ග ප්‍රඥාවෙන් “මේ දුකය......” ආදී වශයෙන් විපරීත නොවී තත්ත්‍වාකාරයෙන් ම දක්නා ලද, “භවා සබ්බෙ පදාලිතා” කාමාදී සියලු භවයන් ද උත්පත්ති භාවාදිය ද මාර්ග ඤාණය නම් සැතින් (ආයුධයෙන්) බිඳින ලදි. විධ්වංසනය කරන ලදි. කෙලෙසුන්ගෙන් පළා දැමීම ම මාර්ග ප්‍රඥාවෙන් කාම උප්පත්ති ආදී භව විනාශ කිරීම නම් වේ. එනිසා “වික්ඛීණො ජාති සංසාරො නත්‍ථිදානි පුනබ්භවො” යනුවෙන් කියන ලදි. ජාති නම් වූ සංසාරය (ඉපදීම) විශේෂයෙන් ක්‍ෂය කරන ලදි. දැන් පුනර්භවයක් නැත. මෙම අර්ථ ඉහත කියන ලද පරිදිම දත යුතුයි.

පවිට‍්ඨත්‍ථෙරගාථාවණ‍්ණනා නිට‍්ඨිතා.

පවිට්ඨ ථේරගාථා අර්ථ වර්ණනාව නිමියේය.