නාගිතත්ථෙරගාථාවණ්ණනා අට්ඨකථා
නාගිතත්ථෙරගාථාවණ්ණනා
නාගිත ස්ථවිරගාථා වර්ණනාව
ඉතො බහිද්ධා පුථුඅඤ්ඤවාදිනන්ති ආයස්මතො නාගිතත්ථෙරස්ස ගාථා. කා උප්පත්ති? අයං කිර පදුමුත්තරස්ස භගවතො කාලෙ නාරදො නාම බ්රාහ්මණො හුත්වා එකදිවසං මාළකෙ නිසින්නො භගවන්තං භික්ඛුසඞ්ඝෙන පුරක්ඛතං ගච්ඡන්තං දිස්වා පසන්නමානසො තීහි ගාථාහි අභිත්ථවි. සො තෙන පුඤ්ඤකම්මෙන දෙවලොකෙ නිබ්බත්තිත්වා අපරාපරං පුඤ්ඤානි කත්වා දෙවමනුස්සෙසු සංසරන්තො ඉමස්මිං බුද්ධුප්පාදෙ කපිලවත්ථුනගරෙ සක්යරාජකුලෙ නිබ්බත්ති, නාගිතොතිස්ස නාමං අහොසි. සො භගවති කපිලවත්ථුස්මිං විහරන්තෙ මධුපිණ්ඩිකසුත්තං (ම· නි· 1.199 ආදයො) සුත්වා පටිලද්ධසද්ධො පබ්බජිත්වා විපස්සනං වඩ්ඪෙත්වා අරහත්තං පාපුණි. තෙන වුත්තං අපදානෙ (අප· ථෙර 1.14.47-54) –
“ඉතො බහිද්ධා පුථු අඤ්ඤවාදිනං” යනු ආයුෂ්මත් නාගිත තෙරුන් වහන්සේගේ ගාථාවයි. එම ගාථාවේ උපත කෙසේද? මෙතෙම පදුමුත්තර භාග්‍යවතුන් වහන්සේගේ කාලයේදී නාරද නම් බමුණෙක් ව, එක් දිනක් මිදුලෙහි සිටියේ, බික් සඟන පිරිවරා වැඩම කරන භාග්‍යවතුන් වහන්සේ දැක පැහැදුණු සිතින් ගාථා තුනකින් ස්තුති කළේය. ඒ පින්කමේ විපාක වශයෙන් ඔහු කාම සුගතීන්හිම සැරිසරා, තව තවත් පින් දහම් කරමින් සැප විඳ; මේ බුද්ධෝත්පාද කාලයෙහි කපිල වස්තුවේ රජ පවුලක උපන්නේය. නාගිත නම් වූ ඒ ශාක්‍ය කුමරු භාග්‍යවතුන් වහන්සේ කපිල වස්තුවෙහි වැඩ වසන කාලයේදී දේශිත මධුපිණ්ඩික සූත්‍රය අසා ලබන ලද ශ්‍රද්ධාවෙන් පැවිදිව විදසුන් වඩා රහත් විය. උන්වහන්සේ අපදාන පාළියේදී මෙසේ පවසති.
“විසාලමාළෙ ආසීනො, අද්දසං ලොකනායකං; ඛීණාසවං බලප්පත්තං, භික්ඛුසඞ්ඝපුරක්ඛතං.
“විශාල ලෙස පිපී පැතිර ගිය මල් ඇති වනයෙහි හුන් මම ලෝකනායක වූ, දක්ෂිණාසුවය වූ, බල (තථාගත බල) යන්ට පැමිණි, බික් සඟන පිරිවරාගත් බුදුරජාණන් වහන්සේ දුටුවෙමි.
“සතසහස්සා තෙවිජ්ජා, ඡළභිඤ්ඤා මහිද්ධිකා; පරිවාරෙන්ති සම්බුද්ධං, කො දිස්වා නප්පසීදති.
“ත්‍රිවිද්‍යා සහිත ෂඩ් අභිඥාලාභී, මහත් සෘද්ධි ඇති ලක්ෂයක් මහරහත්හු සම්මා සම්බුදු රජාණන් වහන්සේ පිරිවරාගෙන සිටිති. එය දුටු කවරෙක් නම් නොපහදී ද?
“ඤාණෙ උපනිධා යස්ස, න විජ්ජති සදෙවකෙ; අනන්තඤාණං සම්බුද්ධං, කො දිස්වා නප්පසීදති.
අනන්ත වූ ඤාණ සහිත ඒ සර්වඥයන් වහන්සේගේ නුවණ හා සැසඳිය හැකි උපමාවක් දෙවියන් සහිත ලෝකයේ නොමැත. ඒ බව දුටු කවරෙක් නම් නොපහදී ද?
“ධම්මකායඤ්ච දීපෙන්තං, කෙවලං රතනාකරං; විකප්පෙතුං න සක්කොන්ති, කො දිස්වා නප්පසීදති.
හුදෙක් රත්නාකරයක් මෙන් දක්වන දහම් කය, වෙනස් කිරීමට විකෘති කිරීමට කිසිවෙකු සමත් නොවේ. ඒ බව දුටු කවරෙක් නම් උන්වහන්සේ වෙත නො පහදී ද?”
“ඉමාහි තීහි ගාථාහි, නාරදොව්හයවච්ඡලො; පදුමුත්තරං ථවිත්වාන, සම්බුද්ධං අපරාජිතං.
යන මේ අදහස් සහිත ගාථා තුනකින් නාරදක සාරගච්ඡය නම් වූ මම පස්මරුන් දිනු පදුමුත්තර සම්බුදුරජාණන් වහන්සේට ස්තූති කළෙමි.
“තෙන චිත්තප්පසාදෙන, බුද්ධසන්ථවනෙන ච; කප්පානං සතසහස්සං, දුග්ගතිං නුපපජ්ජහං.
ඒ සිත් පැහැදවීම නිසාත් බුදුරජාණන් වහන්සේට ස්තූති කිරීම නිසාත් මම මේ දක්වා වූ කල්ප ලක්ෂය මුලුල්ලෙහිම සුමිත්ත නම් ක්ෂත්රිය සක්විති රජව සැප වින්දෙමි.
“ඉතො තිංසකප්පසතෙ, සුමිත්තො නාම ඛත්තියො; සත්තරතනසම්පන්නො, චක්කවත්තී මහබ්බලො.
“කිලෙසා ඣාපිතා මය්හං…පෙ… කතං බුද්ධස්ස සාසන”න්ති.
දැන් මවිසින් සියලු කෙලෙස් දවන ලදි. -පෙ- බුදුරජාණන් වහන්සේගේ අනුශාසනය ඉටු කළෙමි.”
අරහත්තං පන පත්වා සත්ථු අවිතථදෙසනතං ධම්මස්ස ච නිය්යානිකතං නිස්සාය සඤ්ජාතපීතිසොමනස්සො පීතිවෙගප්පවිස්සට්ඨං උදානං උදානෙන්තො –
රහත් බවට පත් වූ උන්වහන්සේ, ශාස්තෲන් වහන්සේ විසින් දෙසන ලද ධර්මයෙහි නෛර්‍ය්‍යාණික බව සිහිකිරීමෙන් හටගත් ප්‍රීතියෙන්, සතුටින් යුක්තව මෙසේ උදන් ඇනූසේක.
“ඉතො බහිද්ධා පුථුඅඤ්ඤවාදිනං, මග්ගො න නිබ්බානගමො යථා අයං; ඉතිස්සු සඞ්ඝං භගවානුසාසති, සත්ථා සයං පාණිතලෙව දස්සය”න්ති. – ගාථං අභාසි.
“ඉතො බහිද්ධා පුථු අඤ්ඤවාදිනං, මග්ගො න නිබ්බානගමො යථා අහං, ඉතිස්සු සඞ්ඝං භගවානුසාසතී, සත්ථා සයං පාණීතලෙව දස්සයං” - යන ගාථාව කීහ.
තත්ථ ඉතො බහිද්ධාති ඉමස්මා බුද්ධසාසනා බාහිරකෙ සමයෙ, තෙනාහ “පුථුඅඤ්ඤවාදින”න්ති, නානාතිත්ථියානන්ති අත්ථො. මග්ගො න නිබ්බානගමො යථා අයන්ති යථා අයං අරියො අට්ඨඞ්ගිකො මග්ගො එකංසෙන නිබ්බානං ගච්ඡතීති නිබ්බානගමො, නිබ්බානගාමී, එවං නිබ්බානගමො මග්ගො තිත්ථියසමයෙ නත්ථි අසම්මාසම්බුද්ධප්පවෙදිතත්තා අඤ්ඤතිත්ථියවාදස්ස. තෙනාහ භගවා –
මේ ගාථාවේ “ඉතො බහිද්ධා” යනු මේ බුදු සසුනින් බැහැර වූ අන් සමයන්හි එනිසා “පුථු අඤ්ඤවාදිනං” යි කියන ලදි. “නානාතීර්ථකයන්ට” යන අර්ථයයි. “මග්ගොන නිබ්බාණගමො යථා අයං” යනු යම්සේ මේ ආර්ය අෂ්ඨාංගික මාර්ගය ඒකාන්තයෙන්ම නිවන ලබා දෙන්නකි යි “නිබ්බාණගාමී” නම් වේ. මෙබඳු නිවන් දක්වන මාර්ගයක් අන්‍ය තීර්ථක සමයන්හි නොමැත. සම්මා සම්බුද්ධ නොවූවන් විසින් එම සමයන් ඇතිකළ බැවිනි. භාග්‍යවතුන් වහන්සේ මෙනිසාම -
“ඉධෙව , භික්ඛවෙ, සමණො, ඉධ දුතියො සමණො, ඉධ තතියො සමණො, ඉධ චතුත්ථො සමණො, සුඤ්ඤා පරප්පවාදා සමණෙභි අඤ්ඤෙහී”ති (දී· නි· 2.214; ම· නි· 1.139; අ· නි· 4.241).
“මහණෙනි! මෙම බුදු සසුනෙහි ම පළමු ශ්රමණයාත්, දෙවන ශ්රමණයාත්, තෙවැනි ශ්රමණයාත්, සිවුවන ශ්රමණයාත් සිටිති. අන්‍ය පර පාදයෝ (අනෙකුත් සමයන්) ශ්‍රමණයන්ගෙන් ශූන්‍යය” යනුවෙන් දේශනා කළහ.
ඉතීති එවං. අස්සූති නිපාතමත්තං. සඞ්ඝන්ති භික්ඛුසඞ්ඝං, උක්කට්ඨනිද්දෙසොයං යථා “සත්ථා දෙවමනුස්සාන”න්ති. සඞ්ඝන්ති වා සමූහං, වෙනෙය්යජනන්ති අධිප්පායො. භගවාති භාග්යවන්තතාදීහි කාරණෙහි භගවා, අයමෙත්ථ සඞ්ඛෙපො. විත්ථාරො පන පරමත්ථදීපනියං ඉතිවුත්තකවණ්ණනායං වුත්තනයෙන වෙදිතබ්බො. සත්ථාති දිට්ඨධම්මිකසම්පරායිකපරමත්ථෙහි යථාරහං අනුසාසතීති සත්ථා. සයන්ති සයමෙව. අයඤ්හෙත්ථ අත්ථො – “සීලාදික්ඛන්ධත්තයසඞ්ගහො සම්මාදිට්ඨිආදීනං අට්ඨන්නං අඞ්ගානං වසෙන අට්ඨඞ්ගිකො නිබ්බානගාමී අරියමග්ගො යථා මම සාසනෙ අත්ථි, එවං බාහිරකසමයෙ මග්ගො නාම නත්ථී”ති සීහනාදං නදන්තො අම්හාකං සත්ථා භගවා සයමෙව සයම්භූඤාණෙන ඤාතං, සයමෙව වා මහාකරුණාසඤ්චොදිතො හුත්වා අත්තනො දෙසනාවිලාසසම්පත්තියා හත්ථතලෙ ආමලකං විය දස්සෙන්තො භික්ඛුසඞ්ඝං වෙනෙය්යජනතං අනුසාසති ඔවදතීති.
“ඉති” යනු මෙසේ “සූ” යනු නිපාතයක් පමණි. “සඞ්ඝං” යනු භික්ෂු සංඝයා මෙය උසස් කර දැක්වීමකි. “දෙව් මිනිසුන්ගේ ශාස්තෘහුය” (සත්ථා දේවමනුස්සානං) යන්න මෙනි. “සංඝං” යනු සමූහයයි. හික්මී මගඵල උපදවාගත් යන අදහසයි. “භගවා” භාග්‍යවත් බව ආදී කරුණුවලින් “භගවා” නම් වේ. භාග්‍යවතුන් වහන්සේ මේ දැක්වූයේ සංක්ෂිප්ත වශයෙනි. සවිස්තරව පරමත්ථදීපනී ඉතිවුත්තක අටුවාවෙහි කියූ පරිදි දත යුතුයි. “සත්ථා” යනු මෙලොව හා පරලොව පරමාර්ථ පිළිබඳව සුදුසු සේ අනුශාසනා කරන හෙයින් “සත්ථා” නම් වන සේක. “සයං” තමාම. මෙම ගාථාවේ අර්ථය මෙසේය - “සීලාදී ස්කන්ධත්රය සංග්‍රහ කරන්නා වූ සම්මා දිට්ඨි ආදී අංග අටකින් යුතු බැවින් අෂ්ඨාංගික වූ නිවන වෙත යන ආර්ය මාර්ගයක් මගේ මේ බුදු සසුනෙහි වේ නම්; එවැනි මාර්ගයක් වෙනත් කිසිදු සමයක නොමැත.” යනුවෙන් සිංහනාද කරන අපගේ භාග්‍යවතුන් වහන්සේ, තමන් වහන්සේම ස්වයම්භූ ඥානයෙන් අවබෝධ කරගෙන, තමන් වහන්සේම මහා කරුණාවෙන් මෙහෙයවීමෙන් තම දේශනා විලාශ සම්පත්තියෙන් ද අපත් ඇඹුලක් මෙන් දක්වමින් භික්ෂු සංඝයාට හික්මීමට සහ නිර්වාණාවබෝධයට අනුශාසනා කරන සේක. අවවාද කරන සේක.
නාගිතත්ථෙරගාථාවණ්ණනා නිට්ඨිතා.
නාගිත ථේරගාථා අර්ථ වර්ණනාව නිමියේය.