සුනාගත්ථෙරගාථාවණ්ණනා අට්ඨකථා
සුනාගත්ථෙරගාථාවණ්ණනා
සුනාග ස්ථවිරගාථා වර්ණනාව
චිත්තනිමිත්තස්ස කොවිදොති ආයස්මතො සුනාගත්ථෙරස්ස ගාථා. කා උප්පත්ති? අයම්පි පුරිමබුද්ධෙසු කතාධිකාරො තත්ථ තත්ථ භවෙ විවට්ටූපනිස්සයං කුසලං උපචිනන්තො ඉතො එකත්තිංසෙ කප්පෙ සිඛිස්ස භගවතො කාලෙ බ්රාහ්මණකුලෙ නිබ්බත්තිත්වා වයප්පත්තො තිණ්ණං වෙදානං පාරගූ හුත්වා අරඤ්ඤායතනෙ අස්සමෙ වසන්තො තීණි බ්රාහ්මණසහස්සානි මන්තෙ වාචෙසි. අථෙකදිවසං තස්ස සත්ථාරං දිස්වා ලක්ඛණානි උපධාරෙත්වා ලක්ඛණමන්තෙ පරිවත්තෙන්තස්ස, “ඊදිසෙහි ලක්ඛණෙහි සමන්නාගතො අනන්තජිනො අනන්තඤාණො බුද්ධො භවිස්සතී”ති බුද්ධඤාණං ආරබ්භ උළාරො පසාදො උප්පජ්ජි. සො තෙන චිත්තප්පසාදෙන දෙවලොකෙ නිබ්බත්තො අපරාපරං දෙවමනුස්සෙසු සංසරන්තො ඉමස්මිං බුද්ධුප්පාදෙ නාලකගාමෙ අඤ්ඤතරස්ස බ්රාහ්මණස්ස පුත්තො හුත්වා නිබ්බත්ති, සුනාගොතිස්ස නාමං අහොසි. සො ධම්මසෙනාපතිස්ස ගිහිසහායො ථෙරස්ස සන්තිකං ගන්ත්වා ධම්මං සුත්වා දස්සනභූමියං පතිට්ඨිතො පබ්බජිත්වා විපස්සනං පට්ඨපෙත්වා අරහත්තං පාපුණි. තෙන වුත්තං අපදානෙ (අප· ථෙර 1.14.34-40) –
“චිත්තනිමිත්තස්ස කොවිදො” යනු ආයුෂ්මත් සුනාග තෙරුන් වහන්සේගේ ගාථාවයි. එහි උපත කෙසේද? පෙර බුදුවරු හමුවෙහි දී කළ ප්‍රාර්ථනා ඇති සුනාග තෙරණුවෝ ද ඒ ඒ භවයන්හි ඉපිද නිවන් පතාගෙන කුසල් රැස්කර ගත්හ. මෙයින් කල්ප තිස් එකකට පෙර පහළ වූ සිඛි බුදුරජාණන් වහන්සේගේ කාලයේ බමුණු ගෙදරක ඉපිදී වැඩිවිය පැමිණ, ත්‍රිවේද පාරගතව අරණ්‍ය ආශ්රමයක වාසය කරමින් බමුණු දරුවන් තුන්දාහකට මන්ත්‍ර ඉගැන්වූහ. එක් දිනක් එම බමුණා ශාස්තෲන් වහන්සේ දැක මහ පුරිස් ලකුණු විමසා බලා, “මෙබඳු අංග ලක්ෂණවලින් හෙබි මෙතෙම අනන්ත ජින නම් වේ. අනන්ත වූ ඤාණ සම්පත් ඇති බුද්ධ නම් උතුමන් වහන්සේ වන්නේයැ”යි බුදු නුවණ අරබයා මහත් වූ ශ්‍රද්ධාවක් උපදවා ගත්තේය. ඒ සිත් පැහැදවීම් කුසලයෙන් ඉන් චුතව දෙව් මිනිස් දෙගතියේ ඉපිද සැප විඳ, මේ බුද්ධොත්පාද කාලයෙහි නාලක ගම එක් බමුණකුගේ පුතුව උපන්නේය. සුනාග නම් වූ ඒ බමුණු කුමරු ධර්ම සේනාපති සැරියුත් තෙරණුවන්ගේ ගිහිකළ යහළුවෙකි. එනිසා ශාස්තෲන් වහන්සේ වෙත අවුත් ධර්මය අසා, සම්‍යක් දෘෂ්ටියෙහි පිහිටා පැවිදිව, නොබෝ දිනකින්ම විදසුන් වඩා රහත් විය. උන්වහන්සේ සිය චරිතය අපදාන පාළියේ මෙසේ දැක්වූහ.
“හිමවන්තස්සාවිදූරෙ, වසභො නාම පබ්බතො; තස්මිං පබ්බතපාදම්හි, අස්සමො ආසි මාපිතො.
“හිමවත සමීපයේ වසභ නම් පර්වතයක් විය. එම පර්වතය පාමුල මට අසපුවක් විය.
“තීණි සිස්සසහස්සානි, වාචෙසිං බ්රාහ්මණො තදා; සංහරිත්වාන තෙ සිස්සෙ, එකමන්තං උපාවිසිං.
එකල්හි මම බමුණෙක්ව තුන් දාහක් සිසුන්ට ඉගැන්වූයෙමි. සිසුන් සියලු දෙන රැස් කරවා විවේකස්ථානයක සිටියෙමි.
“එකමන්තං නිසීදිත්වා, බ්රාහ්මණො මන්තපාරගූ; බුද්ධවෙදං ගවෙසන්තො, ඤාණෙ චිත්තං පසාදයිං.
එසේ එකත්පසෙක සිටි මන්ත්‍ර පාරාගත වූ මම, බුද්ධ ධර්මය (බුද්ධ වේදය) විමසමින් බුද්ධ ඥානයෙහි සිත පැහැද වූයෙමි.
“තත්ථ චිත්තං පසාදෙත්වා, නිසීදිං පණ්ණසන්ථරෙ; පල්ලඞ්කං ආභුජිත්වාන, තත්ථ කාලඞ්කතො අහං.
එසේ සිත පහදවා ගත් මම පන් ඇතිරිල්ලක් මත හිඳ, පලක් බැඳගෙන ම කළුරිය කළෙමි.
“එකතිංසෙ ඉතො කප්පෙ, යං සඤ්ඤමලභිං තදා; දුග්ගතිං නාභිජානාමි, ඤාණසඤ්ඤායිදං ඵලං.
මෙයින් කල්ප තිස් එකකට පෙර මම යම් බුද්ධ ඥානය පිළිබඳ වූ සංඥාවක් මෙනෙහි කළෙම් ද මේ දක්වා දුගතියක නූපන්නෙමි. ඥාන සංඥාවෙහි විපාක මෙබඳුය.
“සත්තවීසති කප්පම්හි, රාජා සිරිධරො අහු; සත්තරතනසම්පන්නො, චක්කවත්තී මහබ්බලො.
මෙයින් විසිහත් වන කල්පයේදී සත් රුවනින් පිරි, මහ බලවත් සිරිධර නම් සක්විති රජව උපන්නෙමි.
“කිලෙසා ඣාපිතා මය්හං…පෙ… කතං බුද්ධස්ස සාසන”න්ති.
මවිසින් සියලු කෙලෙස් දවන ලදි. -පෙ- බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව ඉටු කළෙමි.”
අරහත්තං පන පත්වා භික්ඛූනං ධම්මදෙසනාපදෙසෙන අඤ්ඤං බ්යාකරොන්තො –
රහත් බවට පත්ව භික්ෂූන් වහන්සේලාට ධර්ම දේශනා කිරීම් වශයෙන් සිය රහත් බව ප්‍රකාශ කරන සුනාග තෙරණුවෝ මේ ගාථාව වදාළහ.
“චිත්තනිමිත්තස්ස කොවිදො, පවිවෙකරසං විජානිය; ඣායං නිපකො පතිස්සතො, අධිගච්ඡෙය්ය සුඛං නිරාමිස”න්ති. – ගාථං අභාසි.
“චිත්ත නිමිත්තස්ස කොවිදො, පවිවෙකරසං විජානිය, ඣායං නිපකො පතිස්සතො, අධිගච්ඡෙය්ය සුඛං නිරාමිසං” - යනුවෙනි.
තත්ථ චිත්තනිමිත්තස්ස කොවිදොති භාවනාචිත්තස්ස නිමිත්තග්ගහණෙ කුසලො, “ඉමස්මිං සමයෙ චිත්තං පග්ගහෙතබ්බං, ඉමස්මිං සම්පහංසිතබ්බං, ඉමස්මිං අජ්ඣුපෙක්ඛිතබ්බ”න්ති එවං පග්ගහණාදියොග්යස්ස චිත්තනිමිත්තස්ස ගහණෙ ඡෙකො. පවිවෙකරසං විජානියාති කායවිවෙකසංවඩ්ඪිතස්ස චිත්තවිවෙකස්ස රසං සඤ්ජානිත්වා, විවෙකසුඛං අනුභවිත්වාති අත්ථො. “පවිවෙකරසං පිත්වා”ති (ධ· ප· 205) හි වුත්තං. ඣායන්ති පඨමං ආරම්මණූපනිජ්ඣානෙන පච්ඡා ලක්ඛණූපනිජ්ඣානෙන ච ඣායන්තො. නිපකොති කම්මට්ඨානපරිහරණෙ කුසලො. පතිස්සතොති උපට්ඨිතස්සති. අධිගච්ඡෙය්ය සුඛං නිරාමිසන්ති එවං සමථනිමිත්තාදිකොසල්ලෙන ලබ්භෙ චිත්තවිවෙකසුඛෙ පතිට්ඨාය සතො සම්පජානො හුත්වා විපස්සනාඣානෙනෙව ඣායන්තො කාමාමිසවට්ටාමිසෙහි අසම්මිස්සතාය නිරාමිසං නිබ්බානසුඛං ඵලසුඛඤ්ච අධිගච්ඡෙය්ය සමුපගච්ඡෙය්යාති අත්ථො.
එහි “චිත්තනිමිත්තස්ස කොවිදො” යනු භාවනා සිතේ නිමිති ගැනීමෙහි දක්ෂ වූ “මෙ සමයේ සිත උත්සාහවත් කළ යුතුයි. මේ සිත සතුටු කළ යුතුයි. මේ සිත මැදහත්ව බැලිය යුතුයි.” යනාදී ලෙස උත්සාහ කිරීමාදියෙහි වූ සිත් නිමිති ගැනීමෙහි දක්ෂ වේ. “පවිවෙකරසං විජානීය” කාය විවේකයෙහි නියැලී එය වඩමින්; “චිත්ත විවේකයෙහි රසය හඳුනාගෙන, විවේක සුව අනුභව කොට” යන අර්ථයයි. “විවේක සුවය පානය කර” (පිවිත්වා) යනුවෙන් ද කියයි. “ඣායං” යනු පළමුව අරමුණු සිහිපත් කරමින් ද පසුව ලක්ෂණ සලකා බැලීමෙන් ද ධ්‍යාන වඩනුයේ. දැහැන් වඩන “නිපකො” යනු කමටහන් පරිහරණය - භාවිත කිරීමෙහි දක්ෂ වූ “පතිස්සතො” යනු පිහිට එළවූ සිහිය ඇති. “අධිගච්ඡෙය්ය සුඛං නිරාමිසං” යනු මෙසේ සමථ නිමිත්තාදියේ කුශලත්වයෙන් ලබන ලද චිත්ත විවේක සුවයෙහි පිහිටා, සිහි ඇතිව, මැනවින් නිමිත්තාදියේ කුශලත්වයෙන් ලබන ලද චිත්ත විවේක සුවයෙහි පිහිටා, සිහි ඇතිව, මැනවින් දැනගෙන විදර්ශනා ධ්‍යානයෙහි ද යෙදෙමින්. වඩමින් සිටියි. ඔහු කාමාමිෂයන් හා සසර පැවැත්මට හේතුවන ආමිෂාදියෙන් වෙන්ව නිරාමිෂ වූ නිවන් සුවය ද ඵල සුවය ද (මාර්ගඵල) ලබා ගන්නේ ය. නිවන් සැපයට එළඹෙන්නේ ය.
සුනාගත්ථෙරගාථාවණ්ණනා නිට්ඨිතා.
සුනාග ථේරගාථා අර්ථ වර්ණනාව නිමියේය.