යෙදුමෙන් කියවන්න

නීතත්‍ථෙරගාථාවණ‍්ණනා අට‍්ඨකථා

නීතත්‍ථෙරගාථාවණ‍්ණනා

නීත ස්ථවිරගාථා වර්ණනාව

සබ‍්බරත‍්තිං සුපිත්‍වානාති ආයස‍්මතො නීතත්‍ථෙරස‍්ස ගාථා. කා උප‍්පත‍්ති? අයං කිර පදුමුත‍්තරස‍්ස භගවතො කාලෙ සුනන්‍දො නාම බ්‍රාහ‍්මණො හුත්‍වා අනෙකසතෙ බ්‍රාහ‍්මණෙ මන‍්තෙ වාචෙන‍්තො වාජපෙය්‍යං නාම යඤ‍්ඤං යජි, භගවා තං බ්‍රාහ‍්මණං අනුකම‍්පන‍්තො යඤ‍්ඤට‍්ඨානං ගන‍්ත්‍වා ආකාසෙ චඞ‍්කමි. බ්‍රාහ‍්මණො සත්‍ථාරං දිස‍්වා පසන‍්නමානසො සිස‍්සෙහි පුප‍්ඵානි ආහරාපෙත්‍වා ආකාසෙ ඛිපිත්‍වා පූජං අකාසි. බුද‍්ධානුභාවෙන තං ඨානං සකලඤ‍්ච නගරං පුප‍්ඵපටවිතානිකං විය ඡාදිතං අහොසි. මහාජනො සත්‍ථරි උළාරං පීතිසොමනස‍්සං පටිසංවෙදෙසි. සුනන්‍දබ්‍රාහ‍්මණො තෙන කුසලමූලෙන දෙවමනුස‍්සෙසු සංසරන‍්තො ඉමස‍්මිං බුද‍්ධුප‍්පාදෙ සාවත්‍ථියං අඤ‍්ඤතරස‍්ස බ්‍රාහ‍්මණස‍්ස පුත‍්තො හුත්‍වා නිබ‍්බත‍්ති, නීතොතිස‍්ස නාමං අහොසි. සො විඤ‍්ඤුතං පත‍්තො “ඉමෙ සමණා සක්‍යපුත‍්තියා සුඛසීලා සුඛසමාචාරා සුභොජනානි භුඤ‍්ජිත්‍වා නිවාතෙසු සෙනාසනෙසු විහරන‍්ති, ඉමෙසු පබ‍්බජිත්‍වා සුඛෙන විහරිතුං සක‍්කා”ති සුඛාභිලාසාය පබ‍්බජිත්‍වාව සත්‍ථු සන‍්තිකෙ කම‍්මට‍්ඨානං ගහෙත්‍වා කතිපාහමෙව මනසිකරිත්‍වා තං ඡඩ‍්ඩෙත්‍වා යාවදත්‍ථං උදරාවදෙහකං භුඤ‍්ජිත්‍වා දිවසභාගං සඞ‍්ගණිකාරාමො තිරච‍්ඡානකථාය වීතිනාමෙති, රත‍්තිභාගෙපි ථිනමිද‍්ධාභිභූතො සබ‍්බරත‍්තිං සුපති. සත්‍ථා තස‍්ස හෙතුපරිපාකං ඔලොකෙත්‍වා ඔවාදං දෙන‍්තො –

“සබ්බරත්තිං සුපිත්‍වා න” යනු ආයුෂ්මත් නීත තෙරුන්ගේ ගාථාවයි. එහි උපත කෙසේද? මෙතෙම පදුමුත්තර භාග්‍යවතුන් වහන්සේගේ සමයෙහි සුනන්ද නම් බමුණකු වී නොයෙක් සිය ගණන් බමුණන්ට මන්ත්‍ර උගන්වයි. හේ “වාජපෙය්‍ය” නම් මහා යාගයක් කරයි. භාග්‍යවතුන් වහන්සේ ඒ බමුණාට අනුකම්පා කළ සේක; එම යාග ස්ථානයට ගොස් අහසෙහි සැරි සැරූහ. බමුණා ශාස්තෲන් වහන්සේ දුටු පමණින් ම සිත් පහදවා ගෙන, මල් ගෙන ඒමට සිසුන්ට දන්වා. මල් ගෙනා කල්හි ඒවා අහසෙහි දමා පූජා කළේය. බුද්ධානුභාවයෙන් එම මල් රැස එම ස්ථානය ද මුලු නගරයෙහි ද පැතිරී සිටින මල් වියනක් විය. ශාස්තෲන් වහන්සේ පිළිබඳව මහජනයා තුළ මහත් වූ ප්‍රීතියක් ඇතිවිය. එම කුසල කර්මයේ විපාක වශයෙන් දෙව් මිනිස් දෙගතියේ සැරි සැරූ සුනන්ද බ්‍රාහ්මණයා; අපගේ බුදුරජාණන් වහන්සේ පහළ වූ සමයෙහි සැවැත් නුවර එක් බමුණකුගේ පුතෙක් ව උපන්නේ ය. එවිට ඔහුගේ නම “නීත” නම් විය. නීත වැඩිවියට පැමිණ, “මේ ශ්‍රමණ ශාක්‍ය පුත්‍රයෝ සුව ස්වභාවයෙන්, සුව හැසිරීමෙන් ඉතා රසවත් ආහාර වළඳා, මනාව සෙවිලි කළ සෙනසුන්හි වෙසෙති. ඒනිසා මොවුහු වෙත පැවිදිවීමෙන් සුවසේ වාසය කිරීමට හැකිවේ” යැයි සිතා සැප විඳීමේ කැමැත්තෙන් පැවිදි විය. පැවිදිව ශාස්තෲන් වහන්සේගෙන් කමටහන් රැගෙන ගොස් කිහිප දිනක් එය සිහිපත් කර, පසුව එය හැර දමා, බඩ තදවන තෙක් ආහාර ගෙන මුලු දවසෙහි ම සමූහ සාකච්ඡාවේ නියැලෙමින්, තිරිසන් කථාවෙන් කල් යැවූ නීත තෙරුන් රාත්‍රියේ දී කය සිතමැලි භාවයෙන් (ථීන මිද්ධ) මැඩී මුලු රැයම නිදා ගත්හ. මෙසේ කල් යැවූ උන්වහන්සේගේ නුවණ මුහුකුරා යෑම පිළිබඳව සළකා බැලූ ශාස්තෲන් වහන්සේ මෙසේ අවවාද කළ සේක.

“සබ‍්බරත‍්තිං සුපිත්‍වාන, දිවා සඞ‍්ගණිකෙ රතො; කුදාස‍්සු නාම දුම‍්මෙධො, දුක‍්ඛස‍්සන‍්තං කරිස‍්සතී”ති. – ගාථං අභාසි;

“සබ්බරත්තිං සුපිත්‍වාන දිවා සංගණිකෙ රතො, කුදස්සු නාම දුම්මෙධො දුක්ඛස්සන්තං කරිස්සතී” - යනුවෙනි.

තත්‍ථ සබ‍්බරත‍්තින‍්ති සකලං රත‍්තිං. සුපිත්‍වානාති නිද‍්දායිත්‍වා, “රත‍්තියා පඨමං යාමං චඞ‍්කමෙන නිසජ‍්ජාය ආවරණීයෙහි ධම‍්මෙහි චිත‍්තං පරිසොධෙතී”තිආදිනා වුත‍්තං ජාගරියං අනනුයුඤ‍්ජිත්‍වා කෙවලං රත‍්තියා තීසුපි යාමෙසු නිද‍්දං ඔක‍්කමිත්‍වාති අත්‍ථො. දිවාති දිවසං, සකලං දිවසභාගන‍්ති අත්‍ථො. සඞ‍්ගණිකෙති තිරච‍්ඡානකථිකෙහි කායදළ‍්හිබහුලපුග‍්ගලෙහි සන‍්නිසජ‍්ජා සඞ‍්ගණිකො, තස‍්මිං රතො අභිරතො තත්‍ථ අවිගතච‍්ඡන්‍දො “සඞ‍්ගණිකෙ රතො”ති වුත‍්තො “සඞ‍්ගණිකාරතො”තිපි පාළි. කුදාස‍්සු නාමාති කුදා නාම. අස‍්සූති නිපාතමත‍්තං, කස‍්මිං නාම කාලෙති අත්‍ථො. දුම‍්මෙධොති නිප‍්පඤ‍්ඤො. දුක‍්ඛස‍්සාති වට‍්ටදුක‍්ඛස‍්ස. අන‍්තන‍්ති පරියොසානං. අච‍්චන‍්තමෙව අනුප‍්පාදං කදා නාම කරිස‍්සති, එදිසස‍්ස දුක‍්ඛස‍්සන‍්තකරණං නත්‍ථීති අත්‍ථො. “දුම‍්මෙධ දුක‍්ඛස‍්සන‍්තං කරිස‍්සසී”තිපි පාළි.

එහි “සබ්බරත්තිං” යනු මුලු රාත්‍රියෙහිම “සුපිත්‍වාන” නිදාගෙන, “රාත්‍රී පළමු යාමෙහි සක්මනට බැස සිත ආවරණය කරන දහම්වලින් සිත පිරිසිදු කරන්නේය” යනාදී ලෙස පැවසූ පරිදි නිදි වැරීමෙහි නොයෙදුණු. හුදෙක් රෑ තුන් යාමයෙහි ම නින්ද බැසගෙන යන අර්ථයයි. “දිවා” යනු දවල් කාලයයි. මුලු දවල් කාලයෙහි සමූහයා වෙත ඇලී සමූහ සාකච්ඡාවලින්, තිරිසන් කථාවෙන් යුක්තව කය දැඩි කර ගැනීම ම අපේක්‍ෂිත අන් භික්‍ෂූන් සමග හිඳියි. සමූහ සාකච්ඡාවෙහි ඇලී ගැලී, ඉන් ඉවත් වීමේ අකමැත්තෙන් සිටීම “සඞ්ගණිකෙ රතො” නම් වේ. පෙළෙහි “සඞ්ගණිකාරතො” යන්න ද යෙදේ. “කුදස්සු නාමා” යනු කවදා ද? ‘සු’ යනු නිපාතයක් පමණි. ‘කවර කාලයක ද?’ යන අර්ථයයි. “දුම්මෙධො” යනු මෝඩකමින් යුක්තව ‘දුක්ඛස්ස’ සසර පැවැත්ම ගෙනදෙන දුකෙහි “අන්තං” කෙළවර අවසානය. කෙළවරක් දැකීම කවදා නම් ඉටුවේද? මෙසේ කල්ගත කරන්නට දුකෙහි කෙළවර කිරීමක් නම් නැත. “දුම්මෙධ දුක්ඛස්සන්තං කරිස්සසී” යන පාඨය ද පෙළෙහි යෙදේ.

එවං පන සත්‍ථාරා ගාථාය කථිතාය ථෙරො සංවෙගජාතො විපස‍්සනං පට‍්ඨපෙත්‍වා නචිරස‍්සෙව අරහත‍්තං පාපුණි. තෙන වුත‍්තං අපදානෙ (අප· ථෙර 1.14.26-33) –

මෙසේ ශාස්තෲන් වහන්සේ විසින් වදාළ ගාථාවෙන් සංවේගයට පත් වූ නීත තෙරණුවෝ නොබෝ කලකින් ම රහත් ඵලයෙහි පිහිටියහ. උන්වහන්සේ ඒ බව මෙසේ අපදාන පාළියේ දක්වා ඇත.

“සුනන්‍දො නාම නාමෙන, බ්‍රාහ‍්මණො මන‍්තපාරගූ; අජ‍්ඣායකො යාචයොගො, වාජපෙය්‍යං අයාජයි.

“මන්ත්‍ර පාරගත වූ වේද හදාරන යාග කිරීමෙහි යෙදුණු, සුනන්ද නම් බමුණා වූ මම මහා යාගයක් කළෙමි.

“පදුමුත‍්තරො ලොකවිදූ, අග‍්ගො කාරුණිකො ඉසි; ජනතං අනුකම‍්පන‍්තො, අම‍්බරෙ චඞ‍්කමී තදා.

අග්‍ර කාරුණික වූ සෘෂි වූ ලොව මැනවින් වටහා ගත් පදුමුත්තර බුදුරජාණන් වහන්සේ ජනයාට අනුකම්පා කරමින්, එවිට අහසෙහි සක්මන් කළසේක.

“චඞ‍්කමිත්‍වාන සම‍්බුද‍්ධො, සබ‍්බඤ‍්ඤූ ලොකනායකො; මෙත‍්තාය අඵරි සත‍්තෙ, අප‍්පමාණෙ නිරූපධි.

උපධි විරහිත ලෝක නායක වූ සර්වඥයන් වහන්සේ අහසෙහි සක්මන් කරමින් අපමණ සත් වග කෙරෙහි මෙත් සිත පැතිර වූහ.

“වණ‍්ටෙ ඡෙත්‍වාන පුප‍්ඵානි, බ්‍රාහ‍්මණො මන‍්තපාරගූ; සබ‍්බෙ සිස‍්සෙ සමානෙත්‍වා, ආකාසෙ උක‍්ඛිපාපයි.

මන්ත්‍ර පාරගත බමුණා සිය සියලු සිසුන් ලවා මල් නටුවෙන් නෙළා රැස් කරවා අහසට දමා පූජා කළේය.

“යාවතා නගරං ආසි, පුප‍්ඵානං ඡදනං තදා; බුද‍්ධස‍්ස ආනුභාවෙන, සත‍්තාහං න විගච‍්ඡථ.

එවිට මුලු නගරයම වසාගෙන මල් වියනක් ලෙස එම මල් විසිරී ගියේය. ඉන් ඉවත් නොවී සතියක්ම බුද්ධානුභාවය නිසා මල් වියන පැවතුණි.

“තෙනෙව සුක‍්කමූලෙන, අනුභොත්‍වාන සම‍්පදා; සබ‍්බාසවෙ පරිඤ‍්ඤාය, තිණ‍්ණො ලොකෙ විසත‍්තිකං.

එම කුසල කර්මය නිසා සම්පත් අනුභව කළ මම දැන් සියලු ආශ්‍රව මැනවින් දැන ක්‍ෂය කිරීමෙන් ලොව විසත්තික නම් වූ නිවන අවබෝධ කළෙමි.

“එකාරසෙ කප‍්පසතෙ, පඤ‍්චතිංසාසු ඛත‍්තියා; අම‍්බරංසසනාමා තෙ, චක‍්කවත‍්තී මහබ‍්බලා.

එපමණම මෙයින් කල්ප එක් දහස් එක සියකට පෙර, මහ බලවත් සක්විති රජවරු තිස්පස් දෙනෙක් ව “අබ්භස” නමින් ප්‍රකට වූයෙමි.

“කිලෙසා ඣාපිතා මය‍්හං…පෙ… කතං බුද‍්ධස‍්ස සාසන”න‍්ති.

දැන් මම සියලු කෙලෙස් දැවුයෙමි. -පෙ- බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව ඉටු කළෙමි.”

අරහත‍්තං පන පත්‍වා ථෙරො අඤ‍්ඤං බ්‍යාකරොන‍්තො තමෙව ගාථං පච‍්චුදාහාසි.

රහත් වූ තෙරණුවෝ ඒ බව ප්‍රකාශ කරනු සඳහා වදාළ ගාථාව ම පැවසූහ.

නීතත්‍ථෙරගාථාවණ‍්ණනා නිට‍්ඨිතා.

නීත ථේරගාථා අර්ථ වර්ණනාව නිමියේය.