සීහත්ථෙරගාථාවණ්ණනා අට්ඨකථා
සීහත්ථෙරගාථාවණ්ණනා
සීහ ස්ථවිරගාථා වර්ණනාව
සීහප්පමත්තො විහරාති ආයස්මතො සීහත්ථෙරස්ස ගාථා. කා උප්පත්ති? සො කිර පුරිමබුද්ධෙසු කතාධිකාරො ඉතො අට්ඨාරසකප්පසතමත්ථකෙ අත්ථදස්සිස්ස භගවතො කාලෙ චන්දභාගාය නදියා තීරෙ කින්නරයොනියං නිබ්බත්තිත්වා පුප්ඵභක්ඛො පුප්ඵනිවසනො හුත්වා විහරන්තො ආකාසෙන ගච්ඡන්තං අත්ථදස්සිං භගවන්තං දිස්වා පසන්නචිත්තො පූජෙතුකාමො අඤ්ජලිං පග්ගය්හ අට්ඨාසි. භගවා තස්ස අජ්ඣාසයං ඤත්වා ආකාසතො ඔරුය්හ අඤ්ඤතරස්මිං රුක්ඛමූලෙ පල්ලඞ්කෙන නිසීදි. කින්නරො චන්දනසාරං ඝංසිත්වා චන්දනගන්ධෙන පුප්ඵෙහි ච පූජං කත්වා වන්දිත්වා පදක්ඛිණං කත්වා පක්කාමි. සො තෙන පුඤ්ඤකම්මෙන දෙවමනුස්සෙසු සංසරන්තො ඉමස්මිං බුද්ධුප්පාදෙ මල්ලරාජකුලෙ නිබ්බත්ති, තස්ස සීහොති නාමං අහොසි. සො භගවන්තං දිස්වා පසන්නමානසො වන්දිත්වා එකමන්තං නිසීදි. සත්ථා තස්ස අජ්ඣාසයං ඔලොකෙත්වා ධම්මං කථෙසි. සො ධම්මං සුත්වා පටිලද්ධසද්ධො පබ්බජිත්වා කම්මට්ඨානං ගහෙත්වා අරඤ්ඤෙ විහරති. තස්ස චිත්තං නානාරම්මණෙ විධාවති, එකග්ගං න හොති, සකත්ථං නිප්ඵාදෙතුං න සක්කොති. සත්ථා තං දිස්වා ආකාසෙ ඨත්වා –
“සීහප්පමත්තො විහර” යනු ආයුෂ්මත් සීහ තෙරුන්ගේ ගාථාවයි. එහි උපත කෙසේ ද? පෙර බුදුවරු හමුවෙහි කළ ප්‍රාර්ථනා ඇති මෙතෙම, මෙයින් කල්ප දහ අටකට පෙර දී පහළ වූ අත්ථදස්සි භාග්‍යවතුන් වහන්සේගේ දවස “චන්දභාගා” නම් නදී තෙර කිඳුරු යෝනියෙහි ඉපදුනේය. මල් ආහාර කොටගත්, මලින් කළ වස්ත්‍ර අඳින එම කිඳුරා දිනක් අහසින් වැඩම කරන අත්ථදස්සි භාග්‍යවතුන් වහන්සේ දැක පැහැදුණු සිතින් උන්වහන්සේ පුදනු කැමතිව ඇඳිලි බැඳගෙන සිටියේය. ඔහුගේ අදහස දත් බුදුරජාණන් වහන්සේ අහසින් බැස එක් ගසක් මුල පලක් බැඳ හුන්සේක. කිඳුරා සඳුන් තෙල් ගල්වා සඳුන් සුවඳැති මලින් පූජා කරවා, වැඳ භාග්‍යවතුන් වහන්සේ පැදකුණු කොට ගෞරව දක්වා පිටව ගියේය. එම පින්කමේ විපාක ලෙස ඔහු දෙව් මිනිස් දෙගතියෙහි ඉපදුණි. සීහ නමින් පතල වූ ඔහු භාග්‍යවතුන් වහන්සේ දැක පැහැදුණු සිතින් උන්වහන්සේට වැඳ එකත් පසෙක සිටියේ ය. ඔහුගේ අදහස් දත් බුදුරජාණන් වහන්සේ ධර්මදේශනා කළ සේක. දහම් ඇසූ සීහ ලබන ලද ශ්‍රද්ධාවෙන් සසුනේ පැවිදිව, කමටහන් ගෙන කැළයේ වාසය කරයි. නමුත් භාවනා කරන උන්වහන්සේගේ සිත නානා අරමුණුවල දිවයයි. එකඟ නොවේ. අපේක්ෂිත මගඵල උපදවා ගත නොහැකි වෙයි. මේ බව දුටු ශාස්තෲන් වහන්සේ අහසෙහි පෙනී සිට මෙම ගාථාවෙන් අවවාද කළ සේක.
“සීහප්පමත්තො විහර, රත්තින්දිවමතන්දිතො; භාවෙහි කුසලං ධම්මං, ජහ සීඝං සමුස්සය”න්ති. –
“සීහප්පමත්තො විහර රත්තිං දිවමතන්දිතො, භාවෙහි කුසලං ධම්මං ජහ සීඝං සමුස්සයං” - යනුවෙනි.
ගාථාය ඔවදි. සො ගාථාවසානෙ විපස්සනං වඩ්ඪෙත්වා අරහත්තං පාපුණි. තෙන වුත්තං අපදානෙ (අප· ථෙර 1.14.17-25) –
එම ගාථාව වදාරා අවසන් වත්ම සීහ තෙරණුවෝ විදසුන් වඩා රහත්වූහ. ඒ බව මෙසේ අපදාන පාළියේ දැක්වේ.
“චන්දභාගානදීතීරෙ, අහොසිං කින්නරො තදා; පුප්ඵභක්ඛො චහං ආසිං, පුප්ඵනිවසනො තථා.
“එකල්හි මම චන්ද්රභාග නදී තීරයේ වෙසෙන කිඳුරෙක් වීමි. මල් අනුභව කරන මම මලින් කළ වස්ත්‍ර හැන්දෙමි.
“අත්ථදස්සී තු භගවා, ලොකජෙට්ඨො නරාසභො; විපිනග්ගෙන නිය්යාසි, හංසරාජාව අම්බරෙ.
එකල්හි නර ශ්‍රේෂ්ඨ වූ ලොවට ජ්‍යෙෂ්ඨ වූ අත්ථදස්සී භාග්‍යවතුන් වහන්සේ අහසෙහි හංස රාජයකු මෙන් වන හිසින් වැඩම කළහ.
“නමො තෙ පුරිසාජඤ්ඤ, චිත්තං තෙ සුවිසොධිතං; පසන්නමුඛවණ්ණොසි, විප්පසන්නමුඛින්ද්රියො.
“පුරුෂ ශ්‍රේෂ්ඨයන් වහන්ස! ඔබ වහන්සේට නමස්කාර වේවා. ඔබ ප්‍රසන්න වූ විශෝධිත සිතක් ඇති උතුමකු වන සේක. අතිශය ප්‍රසන්න වූ මුහුණ හා ඉන්ද්‍රියන් ඇති සේක.”
“ඔරොහිත්වාන ආකාසා, භූරිපඤ්ඤො සුමෙධසො; සඞ්ඝාටිං පත්ථරිත්වාන, පල්ලඞ්කෙන උපාවිසි.
මහා ප්‍රාඥ වූ මනා නුවණැති සර්වඥයන් වහන්සේ අහසින් බැස සඟල සිවුර අතුරා රුකක් මුල පලක් බැඳ හුන් සේක.
“විලීනං චන්දනාදාය, අගමාසිං ජිනන්තිකං; පසන්නචිත්තො සුමනො, බුද්ධස්ස අභිරොපයිං.
සඳුන් සුණු (චූර්ණය) ගෙන බුදුරජාණන් වහන්සේ වෙත ගියෙමි. පහන් සිතින් - සතුටින් යුක්තව ඉන් බුදුන් පිදුවෙමි.
“අභිවාදෙත්වාන සම්බුද්ධං, ලොකජෙට්ඨං නරාසභං; පාමොජ්ජං ජනයිත්වාන, පක්කාමිං උත්තරාමුඛො.
ලෝක ජ්‍යෙෂ්ඨ වූ නර ශ්‍රේෂ්ඨ වූ බුදුරජාණන් වහන්සේට වැඳ, සතුටු සිතින් උතුරු දෙස බලා ගියෙමි.
“අට්ඨාරසෙ කප්පසතෙ, චන්දනං යං අපූජයිං; දුග්ගතිං නාභිජානාමි, බුද්ධපූජායිදං ඵලං.
මෙයින් එක් දහස් අටසිය වන කල්පයේ දී යම් සඳුන් පූජාවක් කළෙම් ද ඒ හේතුවෙන් මේ දක්වා ම දුගතියක නූපන්නෙමි. බුද්ධ පූජාවේ මේ විපාකයයි.
“චතුද්දසෙ කප්පසතෙ, ඉතො ආසිංසු තෙ තයො; රොහණී නාම නාමෙන, චක්කවත්තී මහබ්බලා.
මින් කල්ප එක්දහස් හාරසීයකට පෙර රෝහිත නම් මහ බල ඇති සක්විති රජවරු තිදෙනෙක්ව උපන්නෙමි.
“කිලෙසා ඣාපිතා මය්හං…පෙ… කතං බුද්ධස්ස සාසන”න්ති.
මවිසින් කෙලෙස් දවන ලදි. -පෙ- බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව ඉටුකළෙමි.”
යා පන භගවතා ඔවාදවසෙන වුත්තා “සීහප්පමත්තො”ති ගාථා, තත්ථ සීහාති තස්ස ථෙරස්ස ආලපනං. අප්පමත්තො විහරාති සතියා අවිප්පවාසෙන පමාදවිරහිතො සබ්බිරියාපථෙසු සතිසම්පජඤ්ඤයුත්තො හුත්වා විහරාහි. ඉදානි තං අප්පමාදවිහාරං සහ ඵලෙන සඞ්ඛෙපතො දස්සෙතුං “රත්තින්දිව”න්තිආදි වුත්තං. තස්සත්ථො – රත්තිභාගං දිවසභාගඤ්ච “චඞ්කමෙන නිසජ්ජාය ආවරණීයෙහි ධම්මෙහි චිත්තං පරිසොධෙතී”ති (සං· නි· 4.239; අ· නි· 3.16; විභ· 519) වුත්තනයෙන චතුසම්මප්පධානවසෙන අතන්දිතො අකුසීතො ආරද්ධවීරියො කුසලං සමථවිපස්සනාධම්මඤ්ච ලොකුත්තරධම්මඤ්ච භාවෙහි උප්පාදෙහි වඩ්ඪෙහි ච, එවං භාවෙත්වා ච ජහ සීඝං සමුස්සයන්ති තව සමුස්සයං අත්තභාවං පඨමං තාව තප්පටිබද්ධඡන්දරාගප්පහානෙන සීඝං නචිරස්සෙව පජහ, එවංභූතො ච පච්ඡා චරිමකචිත්තනිරොධෙන අනවසෙසතො ච පජහිස්සතීති. අරහත්තං පන පත්වා ථෙරො අඤ්ඤං බ්යාකරොන්තො තමෙව ගාථං පච්චුදාහාසීති.
සීහ තෙරුන්ට අවවාද වශයෙන් දෙසන ලද “සීහප්පමත්තො විහර” යන ගාථාවෙහි “සීහ” යනු තෙරුන්ට ඇමතීමයි. සීහය! “අප්පමත්තො විහර” සිහියෙන් යුක්තව අප්‍රමාදීව සියලු ඉරියවුවල සතිය පිහිටුවා විමසුම් නුවණින් වාසය කරව. දැන් ඒ අප්‍රමාදීව විහරණය විපාකයත් සමග සංක්ෂිප්තව දැක්වීමට, “රත්තින්දිවං” යනාදිය දෙසන ලදි. එහි අර්ථය මෙසේය. “රාත්‍රියේ ද දවාලෙහි ද සක්මනෙහි යෙදෙමින් වෙර වඩා සිත බැඳ තබන ධර්මවලින් සිත පිරිසිදු කර ගන්න”යි කියූ ආකාරයෙන් ම සතර සම්‍යක් ප්‍රධාන වීර්ය වැඩීම් වැඩීම් වශයෙන් නොමැලිව, නොකුසීතව අරඹන ලද වීර්ය වැඩීම් වශයෙන් වීර්යයෙන් කුසල් ද සමථ විදර්ශනා දී ධර්ම ද ලෝකෝත්තර ධර්මයද වඩන්න. උපදවා ගන්න. තමා තුළ දියුණු කර ගන්න. එසේ කුසල් වඩා “ජහ සීඝං සමුස්සයං” යනු නුඹගේ ආත්මභාවයෙහි, සිරුරෙහි බැඳී පවතින ඡන්දරාගය පළමුව වහා අත්හරින්න. දුරු කරන්න. කල්නොයවා ම බැහැරලන්න. එසේ ඇති කල්හි පසුව අවසන් සිත නිරුද්ධ වීමෙන් ඉතිරි නොවීම ම ස්කන්ධ රැස දුරු වන්නේය. අත් හරින්නේය.” රහත් බවට පත් වූ සීහ තෙරණුවෝ ඒ බව ප්‍රකාශ කරන සේක් එම අවවාද ගාථාව ම නැවත වදාළහ.
සීහත්ථෙරගාථාවණ්ණනා නිට්ඨිතා.
සීහ ථේරගාථා අර්ථ වර්ණනාව නිමියේය.