යෙදුමෙන් කියවන්න

කස‍්සපත්‍ථෙරගාථාවණ‍්ණනා අට‍්ඨකථා

කස‍්සපත්‍ථෙරගාථාවණ‍්ණනා

කස්සප ස්ථවිරගාථා වර්ණනාව

යෙන යෙන සුභික‍්ඛානීති ආයස‍්මතො කස‍්සපත්‍ථෙරස‍්ස ගාථා. කා උප‍්පත‍්ති? අයං කිර පදුමුත‍්තරස‍්ස භගවතො කාලෙ බ්‍රාහ‍්මණකුලෙ නිබ‍්බත‍්තිත්‍වා තීසු වෙදෙසු අඤ‍්ඤෙසු ච බ්‍රාහ‍්මණසිප‍්පෙසු නිප‍්ඵත‍්තිං ගතො, සො එකදිවසං භගවන‍්තං දිස‍්වා පසන‍්නමානසො සුමනපුප‍්ඵෙහි පූජං අකාසි. කරොන‍්තො ච සත්‍ථු සමන‍්තතො උපරි ච පුප‍්ඵමුට‍්ඨියො ඛිපි. බුද‍්ධානුභාවෙන පුප‍්ඵානි පුප‍්ඵාසනාකාරෙන සත‍්තාහං අට‍්ඨංසු. සො තං අච‍්ඡරියං දිස‍්වා භිය්‍යොසොමත‍්තාය පසන‍්නමානසො අහොසි. අපරාපරං පුඤ‍්ඤානි කරොන‍්තො කප‍්පසතසහස‍්සං සුගතීසුයෙව සංසරන‍්තො ඉමස‍්මිං බුද‍්ධුප‍්පාදෙ සාවත්‍ථියං අඤ‍්ඤතරස‍්ස උදිච‍්චබ්‍රාහ‍්මණස‍්ස පුත‍්තො හුත්‍වා නිබ‍්බත‍්ති, කස‍්සපොතිස‍්ස නාමං අහොසි. තස‍්ස දහරකාලෙයෙව පිතා කාලමකාසි. මාතා තං පටිජග‍්ගති. සො එකදිවසං ජෙතවනං ගතො භගවතො ධම‍්මදෙසනං සුත්‍වා හෙතුසම‍්පන‍්නතාය තස‍්මිංයෙව ආසනෙ සොතාපන‍්නො හුත්‍වා මාතු සන‍්තිකං ගන‍්ත්‍වා අනුජානාපෙත්‍වා පබ‍්බජිතො සත්‍ථරි වුට‍්ඨවස‍්සෙ පවාරෙත්‍වා ජනපදචාරිකං පක‍්කන‍්තෙ සයම‍්පි සත්‍ථාරා සද‍්ධිං ගන‍්තුකාමො ආපුච‍්ඡිතුං මාතු සන‍්තිකං අගමාසි. මාතා විස‍්සජ‍්ජෙන‍්තී ඔවාදවසෙන –

“යෙන යෙන සුභික්ඛනී” යනු ආයුෂ්මත් කස්සප තෙරණුවන්ගේ ගාථාවයි. එහි උපත කෙසේ ද? මෙතෙම පදුමුත්තර භාග්‍යවතුන් වහන්සේගේ කාලයේ බමුණු පවුලක ඉපිද, ත්‍රිවේදයෙහි හා සෙසු බමුණු සිප් සතරෙහි කෙළවරට පත් විය. දිනක් ඔහු භාග්‍යවතුන් වහන්සේ දැක පැහැදුණු සිතින් සමන්මල් පූජා කළේය. ශාස්තෲන් වහන්සේගේ හාත්පස ද මත්තෙහි ද සමන් මල් මිටි දමන ලදි. ඒවා බුද්ධාන්භවයෙන් මල් වියනක් සේ නොමැලවී සත් දිනක් තිබුණි. එම අසිරිය දුටු බමුණ පුතු අතිශයින් පැහැදුණු සිත් ඇති විය. තව තවත් පින් දහම් කරමින් කල්ප ලක්‍ෂයක් පුරා කාම සුගතීන්හිම සැරිසරා මේ බුද්ධෝත්පාද කාලයේදී සැවැත් නුවර එක් උසස් බමුණකුට දාව පුතෙක් ව උපන්නේ ය. එකුමරු කස්සප නමින් ප්‍රකට විය. ඔහු කුඩා කාලයේ දීම පියා කළුරිය කළේය. මව දරුවා පෝෂණය කළාය. ඒ කුමරු දිනක් ජේතවනාරාමයට ගොස්, භාග්‍යවතුන් වහන්සේගේ ධර්‍මදේශනාවක් අසා හේතු සම්පත් ඇති බැවින් හුන් අසුනෙහි දීම සෝවාන් විය. මවගෙන් අවසරගෙන පසුව කස්සප කුමරු පැවිදි විය. ශාස්තෲන් වහන්සේ වස් වැස පවාරණය කොට, ජනපදචාරිකාවේ හැසිරෙන කල්හි තමා ද උන්වහන්සේ සමග යනු කැමතිව මවගේ කැමැත්ත ලබා ගැනීමට ඇය වෙත ගියේය. කස්සප හිමියන්ට එම අවසරය දෙන මෑණියෝ අවවාද වශයෙන් මෙම ගාථාව කීවාය.

“යෙන යෙන සුභික‍්ඛානි, සිවානි අභයානි ච; තෙන පුත‍්තක ගච‍්ඡස‍්සු, මා සොකාපහතො භවා”ති. – ගාථං අභාසි;

“යෙන යෙන සුභික්ඛානි, සිවානි අභයානි ච, තෙන පුත්තක ගච්ඡස්සු, මා සොකාපහතො භව.”

තත්‍ථ යෙන යෙනාති යත්‍ථ යත්‍ථ. භුම‍්මත්‍ථෙ හි එතං කරණවචනං, යස‍්මිං යස‍්මිං දිසාභාගෙති අත්‍ථො. සුභික‍්ඛානීති සුලභපිණ‍්ඩානි, රට‍්ඨානීති අධිප‍්පායො. සිවානීති ඛෙමානි අරොගානි. අභයානීති චොරභයාදීහි නිබ‍්භයානි, රොගදුබ‍්භික‍්ඛභයානි පන “සුභික‍්ඛානි, සිවානී”ති පදද‍්වයෙනෙව ගහිතානි. තෙනාති තත්‍ථ, තස‍්මිං තස‍්මිං දිසාභාගෙති අත්‍ථො. පුත‍්තකාති අනුකම‍්පන‍්තී තං ආලපති. මාති පටිසෙධත්‍ථෙ නිපාතො සොකාපහතොති වුත‍්තගුණරහිතානි රට‍්ඨානි ගන‍්ත්‍වා දුබ‍්භික‍්ඛභයාදිජනිතෙන සොකෙන උපහතො මා භව මාහොසීති අත්‍ථො. තං සුත්‍වා ථෙරො, “මම මාතා මය‍්හං සොකරහිතට‍්ඨානගමනං ආසීසති, හන්‍ද මයං සබ‍්බසො අච‍්චන‍්තමෙව සොකරහිතං ඨානං පත‍්තුං යුත‍්ත”න‍්ති උස‍්සාහජාතො විපස‍්සනං පට‍්ඨපෙත්‍වා නචිරස‍්සෙව අරහත‍්තං පාපුණි. තෙන වුත‍්තං අපදානෙ (අප· ථෙර 1.13.1-9) –

එම ගාථාවෙහි “යෙන යෙන” යනු යම් තැනෙක සත්තමී විභක්තියේ කරණ වචනයකි. යම් යම් දිශාවකට යන අර්ථයයි. “සුභික්ඛානී” යනු ආහාර පාන සුලභ වූ ප්‍රදේශ හා රටවල් යන අර්ථයයි. “සිවානී” බිය සැක නැති, රෝගාබාධ නැති ප්‍රදේශ “අභයානී” යනු සොරබිය ආදී භය කිසිවක් නොමැති ප්‍රදේශ නිර්භය තැන් රෝගාබාධ නැති දුර්භික්‍ෂ භය ඇති ප්‍රදේශ ‘සුභික්ඛ’ හා ‘සිවානි’ යන දෙපදයෙන් අදහස් කරන ලදි. “නෙන” යන්නා වූ ඒ ඒ දිශාවෙහි “පුත්තක” යනුවෙන් අනුකම්පාව නිසා කස්සප තෙරුන්ට පුතේ! යනුවෙන් ආමන්ත්‍රණය කරයි. “මා” යනු ප්‍රතිශේධනාර්ථයේ (වැලැක්වීමේ අර්ථයේ) නිපාතයකි. “සොකා පහතො” යනු ඉහත කී ලක්‍ෂණ නොමැති රටවලට, ප්‍රදේශවලට ම යන්න. දුර්භික්‍ෂ, භය ආදී සහිත ප්‍රදේශවලට ගොස් ශෝකයෙන් පීඩාවට පත්නොවන්න. මෙම මවගේ අවවාදය ඇසූ තෙරුන් වහන්සේ, “මගේ මව මා හට ශෝක රහිත තැනට යාමට ආශිර්වාද කරන්නීය. එනිසා මම සර්වප්‍රකාරයෙන් ම ශෝක රහිත වූ විශේෂයෙන් ම නිර්භය වූ ස්ථානයට (නිවණට) පත්වීම සුදුසුයැ”යි උත්සාහ වඩා විදසුනෙහි සිත පිහිටුවා නොබෝ කලකින් ම අරණ්‍යයෙහි වෙසෙමින් ම රහත් බවට පත්වූහ. අපදාන පාළියේ උන්වහන්සේ විසින් මෙසේ පවසන ලදි.

“අජ‍්ඣායකො මන‍්තධරො, තිණ‍්ණං වෙදාන පාරගූ; අබ‍්භොකාසෙ ඨිතො සන‍්තො, අද‍්දසං ලොකනායකං.

“වේද හදාරන, මන්ත්‍රධාරී වූ වේදත්‍රයේ පරතෙරට ගිය මම එළිමහනෙහි සිටියෙම්; වනයෙහි හැසිරෙන සිංහයකු වැනි වූ තැති නොගන්නා ව්‍යාඝ්‍රරාජයකු වැනි වූ මාතංග කුලයේ ත්‍රිමදගලිත හස්ති රාජයකු වැනි වූ මහර්ෂි වූ ලෝකනායකයන් වහන්සේ දුටුවෙමි.

“සීහං යථා වනචරං, බ්‍යග‍්ඝරාජංව නිත‍්තසං; තිධාපභින‍්නමාතඞ‍්ගං, කුඤ‍්ජරංව මහෙසිනං.

“සෙරෙයකං ගහෙත්‍වාන, ආකාසෙ උක‍්ඛිපිං අහං; බුද‍්ධස‍්ස ආනුභාවෙන, පරිවාරෙන‍්ති සබ‍්බසො.

ඒ මට සමන්මල් රැගෙන අහසෙහි දැමුවෙමි. බුදුරදුන්ගේ ආනුභාවයෙන් ඒ සියල්ල හාත්පසින් බුදුහු පිරිවරා ගැනුනි.

“අධිට‍්ඨහි මහාවීරො, සබ‍්බඤ‍්ඤූ ලොකනායකො; සමන‍්තා පුප‍්ඵච‍්ඡදනා, ඔකිරිංසු නරාසභං.

මහාවීර වූ ලෝකනායකයන් වහන්සේ අධිෂ්ඨාන කල කල් හි, ඒ නරශ්‍රේෂ්ඨයන් වහන්සේ පිරිවරා ගෙන සිටි මල් වියන් විසිරී ගියේය.

“තතො සා පුප‍්ඵකඤ‍්චුකා, අන‍්තොවණ‍්ටා බහිමුඛා; සත‍්තාහං ඡදනං කත්‍වා, තතො අන‍්තරධායථ.

අනතුරුව ඇතුලට පිවිසි නැටි ඇති පිටතට හැරුණු මල් ඇති ඒ මල් වියන සතියක් පුරාම බුදුරදුන්ට සෙවන දී එතැනින් අතුරුදහන් විය.

“තඤ‍්ච අච‍්ඡරියං දිස‍්වා, අබ‍්භුතං ලොමහංසනං; බුද‍්ධෙ චිත‍්තං පසාදෙසිං, සුගතෙ ලොකනායකෙ.

විශ්මය ජනක වූ ලොමුඩැහැගන්නා වූ ඒ අසිරිමත් සිදුවීම දුටු මම සුගත වූ ලෝකනායකයන් වහන්සේ කෙරෙහි සිත පැහැදුවූයෙමි.

“තෙන චිත‍්තප‍්පසාදෙන, සුක‍්කමූලෙන චොදිතො; කප‍්පානං සතසහස‍්සං, දුග‍්ගතිං නුපපජ‍්ජහං.

එසේ සිත් පැහැදවීමේ බලයෙන් මෙහෙය වූ මම කල්ප ලක්‍ෂයක් ම දුගතියක නූපන්නෙමි.

“පන‍්නරසසහස‍්සම‍්හි, කප‍්පානං පඤ‍්චවීසති; වීතමලාසනාමා ච, චක‍්කවත‍්තී මහබ‍්බලා.

මෙයින් එක්දහස් පන්සිය වන කල්පයේ දී චිණ්ණමාලාස නම් වූ මහ බලැති සක්විති රජවරු විසිපහක් ව සැප වින්දෙමි.

“කිලෙසා ඣාපිතා මය‍්හං…පෙ… කතං බුද‍්ධස‍්ස සාසන”න‍්ති.

ඒ මම දැන් සියලු කෙලෙස් දැවුයෙමි. -පෙ- බුද්ධානුශාසනය ඉටුකළෙමි.”

අරහත‍්තං පන පත්‍වා “ඉදමෙව මාතු වචනං අරහත‍්තප‍්පත‍්තියා අඞ‍්කුසං ජාත”න‍්ති තමෙව ගාථං පච‍්චුදාහාසි.

රහත් බවට පත් වූ කස්සප තෙරණුවෝ; “මේ මවගේ ප්‍රකාශය ම මාහට රහත්වීම සඳහා අංකුසයක් - පිහිටාධාරයක් වූයේය”යි එම ගාථාවම නැවත දේශනා කළහ.

කස‍්සපත්‍ථෙරගාථාවණ‍්ණනා නිට‍්ඨිතා.

කස්සප ථේරගාථා අර්ථ වර්ණනාව නිමියේය.