සමිතිගුත්තත්ථෙරගාථාවණ්ණනා අට්ඨකථා
සමිතිගුත්තත්ථෙරගාථාවණ්ණනා
සමිතිගුත්ත ස්ථවිරගාථා වර්ණනාව
යං මයා පකතං පාපන්ති ආයස්මතො සමිතිගුත්තත්ථෙරස්ස ගාථා. කා උප්පත්ති? සොපි පුරිමබුද්ධෙසු කතාධිකාරො තත්ථ තත්ථ භවෙ පුඤ්ඤානි උපචිනන්තො විපස්සිස්ස භගවතො කාලෙ කුලගෙහෙ නිබ්බත්තිත්වා විඤ්ඤුතං පත්තො භගවන්තං පස්සිත්වා පසන්නචිත්තො ජාතිසුමනපුප්ඵෙහි පූජං අකාසි. සො තෙන පුඤ්ඤකම්මෙන යත්ථ යත්ථ භවෙ නිබ්බත්ති, තත්ථ තත්ථ කුලරූපපරිවාරසම්පදාය අඤ්ඤෙ සත්තෙ අභිභවිත්වා අට්ඨාසි. එකස්මිං පන අත්තභාවෙ අඤ්ඤතරං පච්චෙකබුද්ධං පිණ්ඩාය චරන්තං දිස්වා “අයං මුණ්ඩකො කුට්ඨී මඤ්ඤෙ, තෙනායං පටිච්ඡාදෙත්වා විචරතී”ති නිට්ඨුභිත්වා පක්කාමි. සො තෙන කම්මෙන බහුං කාලං නිරයෙ පච්චිත්වා කස්සපස්ස භගවතො කාලෙ මනුස්සලොකෙ නිබ්බත්තො පරිබ්බාජකපබ්බජ්ජං උපගතො එකං සීලාචාරසම්පන්නං උපාසකං දිස්වා දොසන්තරො හුත්වා, “කුට්ඨරොගී භවෙය්යාසී”ති අක්කොසි, න්හානතිත්ථෙ ච මනුස්සෙහි ඨපිතානි න්හානචුණ්ණානි දූසෙසි. සො තෙන කම්මෙන පුන නිරයෙ නිබ්බත්තිත්වා බහූනි වස්සානි දුක්ඛං අනුභවිත්වා ඉමස්මිං බුද්ධුප්පාදෙ සාවත්ථියං අඤ්ඤතරස්ස බ්රාහ්මණස්ස පුත්තො හුත්වා නිබ්බත්ති, සමිතිගුත්තොතිස්ස නාමං අහොසි. සො වයප්පත්තො සත්ථු ධම්මදෙසනං සුත්වා පටිලද්ධසද්ධො පබ්බජිත්වා සුවිසුද්ධසීලො හුත්වා විහරති. තස්ස පුරිමකම්මනිස්සන්දෙන කුට්ඨරොගො උප්පජ්ජි, තෙන තස්ස සරීරාවයවා යෙභුය්යෙන ඡින්නභින්නා හුත්වා පග්ඝරන්ති. සො ගිලානසාලායං වසති. අථෙකදිවසං ධම්මසෙනාපති ගිලානපුච්ඡං ගන්ත්වා තත්ථ තත්ථ ගිලානෙ භික්ඛූ පුච්ඡන්තො තං භික්ඛුං දිස්වා “ආවුසො, යාවතා ඛන්ධප්පවත්ති නාම, සබ්බං දුක්ඛමෙව වෙදනා. ඛන්ධෙසු පන අසන්තෙසුයෙව නත්ථි දුක්ඛ”න්ති වෙදනානුපස්සනාකම්මට්ඨානං කථෙත්වා අගමාසි. සො ථෙරස්ස ඔවාදෙ ඨත්වා විපස්සනං වඩ්ඪෙත්වා ඡළභිඤ්ඤා සච්ඡාකාසි. තෙන වුත්තං අපදානෙ (අප· ථෙර 1.12.82-90) –
“යං මයා පකතං පාපං” යනු ආයුෂ්මත් සමිතිගුත්ත තෙරුන් වහන්සේගේ ගාථාවයි. එහි උපත කෙසේද? උන්වහන්සේ ද පෙර බුදුවරු හමුවෙහි දී කරන ලද ප්‍රාර්ථනා ඇතිව ඒ ඒ භවයන්හි දී පින් රැස්කරමින් සසර සැරිසැරූහ. විපස්සි භාග්‍යවතුන් වහන්සේගේ කාලයේ දී සිටුගෙයක උපන් හෙතෙම; වියට පත්ව භාග්‍යවතුන් වහන්සේ දැකීමෙන් පැහැදුණු සිත් ඇතිව දෑ සමන් මලින් පූජා පැවැත්වීය. එම සිටුතුමා ඒ පින්කමේ විපාක වශයෙන් උපනුපන් ආත්මභාවයන් හි කුලයෙන්, රූපයෙන්, පිරිවරින් යන සම්පත්වලින් අනෙකුත් පුද්ගලයන් අබිභවා සිටියේය. මෙබඳු එක් අත්බවක දී එක්තරා පසේ බුදුරජාණන් වහන්සේ කෙනෙකුන් පිඬු පිණිස හැසිරෙනු දැක. “මේ මුඩු මහණා අත් පා කොරවූවෙකියි සිතමි. මෙතෙම එය සඟවාගෙන හැසිරෙයි” යනුවෙන් දෝෂාරෝපණය කොට ගියේය. ඔහු ඒ අකුසල කර්මය නිසා නිරයේ පැසී බොහෝ දුක් විඳ; කාශ්‍යප භාග්‍යවතුන් වහන්සේගේ කාලයෙහි මනුෂ්‍යයෙක්ව ඉපිද පිරිවැජි පැවිද්දෙක් බවට පත්විය. හෙතෙම එක් දිනක් එක් සීලාචාර වූ උපාසකයකු දැක දොස් දක්වමින් “නුඹ කුෂ්ටරෝගියෙක් වන්නෙහිය” යැයි පරිභව කළේය. නාන තොට මිනිසුන් විසින් තබන ලද නොයෙක් සුවඳ ද්‍රව්‍ය විනාශ කළේය. මෙසේ රැස්කරගත් පාප කර්ම නිසා නැවත නිරයේ ඉපිද බොහෝ කාලයක් දුක් අනුභව කළේය. පසුව අපගේ බුදුරජාණන් වහන්සේ ලොව පහළ වූ සමයෙහි සැවැත්නුවර එක්තරා බ්‍රාහ්මණයකුගේ පුතෙකු ලෙස උපන්නේය. “සමිතිගුත්ත” නාමයෙන් ඔහු ප්‍රකට විය. වැඩිවිය පත් ඒ බමුණු පුතු ශාස්තෲන් වහන්සේගේ දම් දෙසුම අසා ලබන ලද ශ්‍රද්ධාවෙන් පැවිදිවිය. ඉතා පිරිසිදු සිල් ඇතිව වාසය කරන උන්වහන්සේට පෙර කරන ලද පාප කර්මය නිසා කුෂ්ඨ රෝගයක් උපන්නේය. ඉන් උන්වහන්සේගේ ශරීරාවයව සිඳී බිඳී වැගිරෙයි. මෙනිසා උන්වහන්සේ ගිලන් ශාලාවෙහි නිදාගත්හ. එක්දිනක් ධර්මසේනාපති සැරියුත් තෙරණුවෝ, ගිලන් බව විමසීමට ඒ ඒ තැනට ගොස්, ඒ ඒ ගිලන් වූ තෙරවරුන්ගෙන් සුවදුක් විමසමින් වැඩමවන සේක්! එම තෙරුන් දැක “ඇවැත්නි! මේ ස්කන්ධයන්ගේ පැවැත්ම සියලු දුක්වලට හේතුවයි. මේ වේදනාදී ස්කන්ධ ධර්ම නොපවතින කල්හි ම දුක නැතිවේ” යනුවෙන් වේදනා ව මූලික ව විදසුන් කමටහනක් දී වැඩිසේක. සමිතිගුත්ත තෙරණුවෝ එම අවවාදයෙහි පිහිටා විදසුන් වඩා ෂඩ් අභිඥා ලාභියෙක් වූහ. උන්වහන්සේ විසින් සිය චරිතාපදානය මෙසේ අපදාන පාළියේ දක්වන ලදි -
“ජායන්තස්ස විපස්සිස්ස, ආලොකො විපුලො අහු; පථවී ච පකම්පිත්ථ, සසාගරා සපබ්බතා.
“විපස්සි බුදුරජාණන් වහන්සේ ලොව පහළ වූ සමයෙහි සාගර හා පර්වත සහිත වූ පෘථිවිය කම්පා විය.
“නෙමිත්තා ච වියාකංසු, බුද්ධො ලොකෙ භවිස්සති; අග්ගො ච සබ්බසත්තානං, ජනතං උද්ධරිස්සති.
නිමිති කියන්නේ “සියලු සත්ත්වයන් අතරින් ශ්‍රේෂ්ඨ වූ සර්වඥයන් වහන්සේ ලොව පහළ වන්නේ ය. ජන සමූහයා සසර සයුරින් නගා සිටුවන්නේ ය.” යනුවෙන් ප්‍රකාශ කළහ.
“නෙමිත්තානං සුණිත්වාන, ජාතිපූජමකාසහං; එදිසා පූජනා නත්ථි, යාදිසා ජාතිපූජනා.
එම නිමිතිපාඨකයන්ගේ වචන ඇසූ මම බුදු උපත නිමිති කරගෙන ජාති පූජාව කළෙමි. ජාති පූජාව හා සමවූ වෙනත් පූජාවක් ලොවෙහි නැත.
“සඞ්ඛරිත්වාන කුසලං, සකං චිත්තං පසාදයිං; ජාතිපූජං කරිත්වාන, තත්ථ කාලඞ්කතො අහං.
කුසල් රැස් කරමින් මම එම පූජාව පිළිබඳව සිත පහදවා ගතිමි. ජාති පූජාව සිදුකළ මා කළුරිය කොට දිව්‍ය-මනුෂ්‍ය වූ කාම සුගතීන්හි ඉපිදෙමින්, සියලු සම්පත්තියෙන් සෙසු සත්ත්වයෝ අභිභවනය කළෙමි. ජාතිපූජාවේ විපකය මෙබඳුය.
“යං යං යොනුපපජ්ජාමි, දෙවත්තං අථ මානුසං; සබ්බෙ සත්තෙ අභිභොමි, ජාතිපූජායිදං ඵලං.
“ධාතියො මං උපට්ඨෙන්ති, මම චිත්තවසානුගා; න තා සක්කොන්ති කොපෙතුං, ජාතිපූජායිදං ඵලං.
මගේ සිත අනුවම කිරි මවුවරු මට උපස්ථාන කරති. ඔවුහු මගේ සිත කෝප නොකරති ජාති පූජාවේ විපාකය මෙබඳුය.
“එකනවුතිතො කප්පෙ, යං පූජමකරිං තදා; දුග්ගතිං නාභිජානාමි, ජාතිපූජායිදං ඵලං.
මෙයින් කල්ප අනූ එකකට පෙර යම් පින්කමක් කරන ලද්දෙම් ද එනිසා මම දුගතියක නූපන්නෙමි. මේ ජාති පූජාවේ විපාකයයි.
“සුපාරිචරියා නාම, චතුත්තිංස ජනාධිපා; ඉතො තතියකප්පම්හි, චක්කවත්තී මහබ්බලා.
මෙයින් කල්ප තුනකට පෙර මහබලවත් සුපරිචරිය නම් සක්විති රජවරු තිස් හතර දෙනෙක්ව උපන්නෙමි.
“කිලෙසා ඣාපිතා මය්හං…පෙ… කතං බුද්ධස්ස සාසන”න්ති.
මවිසින් සියලු කෙලෙස් දවන ලදි -පෙ- මම දැන් බුද්ධානුශාසනය ඉටු කළෙමි.”
ඡළභිඤ්ඤො පන හුත්වා පහීනකිලෙසපච්චවෙක්ඛණෙන එතරහි අනුභුය්යමානරොගවසෙන පුරිමජාතීසු අත්තනා කතං පාපකම්මං අනුස්සරිත්වා තස්ස ඉදානි සබ්බසො පහීනභාවං විභාවෙන්තො –
ෂට්අභිඥා ලාභීව ප්‍රහීණ කරන ලද කෙලෙස් ප්රත්යවේක්ෂා කිරීම් වශයෙන් දැන් විඳිනු ලබන රෝගය නිසා පෙර ජාතියකදී තමා විසින් කළ පාප කර්ම සිහිපත් කර, දැන් එම සියලු කර්ම හා පාපධර්ම ප්‍රහීණකළ බව දක්වමින් උන්වහන්සේ මේ ගාථාව වදාළහ.
“යං මයා පකතං පාපං, පුබ්බෙ අඤ්ඤාසු ජාතිසු; ඉධෙව තං වෙදනීයං, වත්ථු අඤ්ඤං න විජ්ජතී”ති. – ගාථං අභාසි;
“යං මයා පකතං පාපං, පුබ්බෙ අඤ්ඤාසු ජාතිසු, ඉධෙව තං වෙදනීයං, වත්ථු අඤ්ඤං න විජ්ජතී.”
තත්ථ පාපන්ති අකුසලං කම්මං. තඤ්හි ලාමකට්ඨෙන පාපන්ති වුච්චති. පුබ්බෙති පුරා. අඤ්ඤාසු ජාතිසූති ඉතො අඤ්ඤාසු ජාතීසු, අඤ්ඤෙසු අත්තභාවෙසු. අයඤ්හෙත්ථ අත්ථො – යදිපි මයා ඉමස්මිං අත්තභාවෙ න තාදිසං පාපං කතං අත්ථි, ඉදානි පන තස්ස සම්භවොයෙව නත්ථි. යං පන ඉතො අඤ්ඤාසු ජාතීසු කතං අත්ථි, ඉධෙව තං වෙදනීයං, තඤ්හි ඉධෙව ඉමස්මිංයෙව අත්තභාවෙ වෙදයිතබ්බං අනුභවිතබ්බං ඵලං, කස්මා? වත්ථු අඤ්ඤං න විජ්ජතීති තස්ස කම්මස්ස විපච්චනොකාසො අඤ්ඤො ඛන්ධප්පබන්ධො නත්ථි, ඉමෙ පන ඛන්ධා සබ්බසො උපාදානානං පහීනත්තා අනුපාදානො විය ජාතවෙදො චරිමකචිත්තනිරොධෙන අප්පටිසන්ධිකා නිරුජ්ඣන්තීති අඤ්ඤං බ්යාකාසි.
එහි “පාපං” යනු අකුසල කර්මයන්ය. ඒවා ලාමක වූ අර්ථයෙන් “පව්” යැයි කියති. “පුබ්බෙ” පෙර කාලයේදී “අඤ්ඤාසු ජාතිසු” මෙයින් අන්‍යවූ ජාතිවලදී අන්‍ය වූ වෙනත් ආත්මභාවවලදී මෙහි අර්ථය මෙසේ දතයුතුයි. “ඉදින් මම මේ ආත්මභාවයේ දී එබඳු වූ පාපයක් කරන ලද්දේ නම්, දැන් එහි හටගැනීමක් වත් නැත. මෙයින් අන්‍යවූ පෙර ආත්මභාවවලදී කරන ලද පාපයක් වේනම් දැන් මේ ආත්මභාවයේ දී ම එහි විපාක විඳිය යුතුයි. අනුභව කළයුතුයි. ඒ කුමක් නිසාද? මෙයින් අන්‍ය වූ උපතක් නොමැති බැවිණි. ඒ කර්මයේ විපාකදීමේ අවසරය ලබන වෙනත් ස්කන්ධ පංචකයක් “වත්ථු අඤ්ඤං න විජ්ජතී” නොමැති බැවිනි. මේ ස්කන්ධයෝ වනාහී සියලු ම උපාදාන කරගැනීම් - දැඩිව ගැනීමට ප්‍රහීණ කරන ලද බැවින්, දර - පරඬැල් ආදිය රහිත වූ ගින්නක් මෙන්, අවසන් (චුති) සිත නිරුද්ධවීමෙන් ප්‍රතිසන්ධියක් (නැවත ඉපදීමක්) නොමැතිව නිවීයන්නේය” යනුවෙන් තමන් වහන්සේ රහත් වූ බව ප්‍රකාශ කළ සේක.
සමිතිගුත්තත්ථෙරගාථාවණ්ණනා නිට්ඨිතා.
සමිති ගුත්ත ථේරගාථා අර්ථ වර්ණනාව නිමියේය.