යෙදුමෙන් කියවන්න

උග‍්ගත්‍ථෙරගාථාවණ‍්ණනා අට‍්ඨකථා

උග‍්ගත්‍ථෙරගාථාවණ‍්ණනා

උග්ග ස්ථවිරගාථා වර්ණනාව

යං මයා පකතං කම‍්මන‍්ති ආයස‍්මතො උග‍්ගත්‍ථෙරස‍්ස ගාථා. කා උප‍්පත‍්ති? අයම‍්පි පුරිමබුද‍්ධෙසු කතාධිකාරො තත්‍ථ තත්‍ථ භවෙ පුඤ‍්ඤානි කරොන‍්තො ඉතො එකතිංසෙ කප‍්පෙ සිඛිස‍්ස භගවතො කාලෙ කුලගෙහෙ නිබ‍්බත‍්තිත්‍වා විඤ‍්ඤුතං පත‍්තො එකදිවසං සිඛිං භගවන‍්තං පස‍්සිත්‍වා පසන‍්නමානසො කෙතකපුප‍්ඵෙහි පූජං අකාසි. සො තෙන පුඤ‍්ඤකම‍්මෙන දෙවලොකෙ නිබ‍්බත‍්තිත්‍වා අපරාපරං සුගතීසුයෙව සංසරන‍්තො ඉමස‍්මිං බුද‍්ධුප‍්පාදෙ කොසලරට‍්ඨෙ උග‍්ගනිගමෙ සෙට‍්ඨිපුත‍්තො හුත්‍වා නිබ‍්බත‍්ති, උග‍්ගොත්‍වෙවස‍්ස නාමං අහොසි. සො විඤ‍්ඤුතං පත‍්තො භගවති තස‍්මිං නිගමෙ භද‍්දාරාමෙ විහරන‍්තෙ විහාරං ගන‍්ත්‍වා සත්‍ථු සන‍්තිකෙ ධම‍්මං සුත්‍වා පටිලද‍්ධසද‍්ධො පබ‍්බජිත්‍වා විපස‍්සනාය කම‍්මං කරොන‍්තො නචිරස‍්සෙව අරහත‍්තං පාපුණි. තෙන වුත‍්තං අපදානෙ (අප· ථෙර 1.14.10-16) –

“යං මයා පකතං කම්මං” යනු ආයුෂ්මත් උග්ග තෙරුන් වහන්සේගේ ගාථාවයි. එහි උපත කෙසේද? මෙම තෙරණුවෝ ද පෙර බුදුවරු ඉදිරියේ දී කළ ප්‍රාර්ථනාව ඇතිව, ඒ ඒ භවයන්හි දී පින් දහම් සිදුකරගත් උතුමෙකි. මෙයින් කල්ප තිස් එකකට පෙර සිඛී නම් භාග්‍යවතුන් වහන්සේගේ කාලයෙහි සිටු ගෙයක ඉපිද, වැඩිවියට පත් වූ මෙතෙම; එක් දිනක් සිඛී භාග්‍යවතුන් වහන්සේ දැක පැහැදුණු සිතින් කේතකී මලක් පූජා කළේය. එම පින්කමේ විපාක වශයෙන් දෙව්ලොව ඉපිද, කාම සුගතීන් හිම ඉපිදෙමින් සසර සැරිසරා අවුත්, අපගේ බුදුරජාණන් වහන්සේ ලොව පහළ වූ සමයෙහි දී කොසොල් රට උග්ග නම් නියම් ගම සිටුපුතා වී උපන්නේ ය. ඔහුගේ නම ද “උග්ග” විය. වැඩිවියට පත් වූ උග්ග සිටුතුමා දිනක් භාග්‍යවතුන් වහන්සේ උග්ග නියම් ගම භද්‍රාරාමයේ වැඩවසන සමයෙහි එහි ගොස් ධර්‍මය අසා ලබන ලද ශ්‍රද්ධාව ඇතිව සසුනේ පැවිදි විය. උන්වහන්සේ විදසුන් කමටහන වඩා නොබෝ දිනකින් ම රහත්ඵලයෙහි පිහිටියහ. අපදාන පාළියේ මෙසේ උන්වහන්සේ සිය චරිත කථාව පවසති.

“විනතානදියා තීරෙ, පිලක‍්ඛු ඵලිතො අහු; තාහං රුක‍්ඛං ගවෙසන‍්තො, අද‍්දසං ලොකනායකං.

“විනතා නම් නදී තීරයේ පලගත් පුළිල ගසක් විය. මම ඒ ගස සොයා යන්නෙමි ලෝකනායක වූ බුදුරජාණන් වහන්සේ දුටුවෙමි.

“කෙතකං පුප‍්ඵිතං දිස‍්වා, වණ‍්ටෙ ඡෙත්‍වානහං තදා; බුද‍්ධස‍්ස අභිරොපෙසිං, සිඛිනො ලොකබන්‍ධුනො.

එකල්හි මම පිපුණු වැටකේ මලක් දැක, එය නටුවෙන් කඩාගෙන ලෝක බන්‍ධු වූ සිඛී බුදුරජාණන් වහන්සේට පිදුවෙමි.

“යෙන ඤාණෙන පත‍්තොසි, අච‍්චුතං අමතං පදං; තං ඤාණං අභිපූජෙමි, බුද‍්ධසෙට‍්ඨ මහාමුනි.

“මහාමුනීන්‍ද්‍රයන් වහන්ස! බුද්ධ ශ්‍රේෂ්ඨයන් වහන්ස! ඔබ වහන්සේ අච්‍යුත නම් වූ අමෘතපදය හෙවත් නිවණට යම් නුවණකින් පැමිණිසේක්ද ඒ උතුම් වූ නුවණට මේ මල පූජාවේවා!” යි ඒ බුදුරජාණන් වහන්සේගේ උතුම් වූ සර්වඥතා ඥානයට පූජා පැවැත් වූ මම පසුව පුළිල ගස වෙත ගියෙමි. මෙම පූජාව නිසා ඒ සඤ්ඤාව මට පහළවිය. ඤාණ පූජාවේ විපාකය මෙබඳුය.

“ඤාණම‍්හි පූජං කත්‍වාන, පිලක‍්ඛුමද‍්දසං අහං; පටිලද‍්ධොම‍්හි තං පඤ‍්ඤං, ඤාණපූජායිදං ඵලං.

“එකතිංසෙ ඉතො කප‍්පෙ, යං පුප‍්ඵමභිරොපයිං; දුග‍්ගතිං නාභිජානාමි, ඤාණපූජායිදං ඵලං.

මෙයින් කල්ප තිස් එකකට පෙර යම් බඳු වූ පුෂ්ප පූජාවක් කළෙම් ද එතැන් සිට මේ දක්වා දුගතියක නූපන්නෙමි. ඤාණ පූජාවේ විපාකය මෙබඳුය.

“ඉතො තෙරසකප‍්පම‍්හි, ද‍්වාදසාසුං ඵලුග‍්ගතා; සත‍්තරතනසම‍්පන‍්නා, චක‍්කවත‍්තී මහබ‍්බලා.

මීට කල්ප දහතුනකට පෙර සත්රුවනින් යුතු මහත් බලවත් බලුග්ගත නම් සක්විති රජවරු දොළොසක් ව උපන්නෙමි.

“කිලෙසා ඣාපිතා මය‍්හං…පෙ… කතං බුද‍්ධස‍්ස සාසන”න‍්ති.

මවිසින් සියලු කෙලෙස් දවන ලදි. -පෙ- බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව ඉටුකළෙමි.”

අරහත‍්තං පන පත්‍වා අත‍්තනො වට‍්ටූපච‍්ඡෙදදීපනෙන අඤ‍්ඤං බ්‍යාකරොන‍්තො –

රහත්බවට පත්ව තමන් වහන්සේ සසර පැවැත්ම සිඳ දැමූ බව ප්‍රකට කරමින් මෙම ගාථාව වදාළහ.

“යං මයා පකතං කම‍්මං, අප‍්පං වා යදි වා බහුං; සබ‍්බමෙතං පරික‍්ඛීණං, නත්‍ථි දානි පුනබ‍්භවො”ති. – ගාථං අභාසි;

“යං මයං පකතං කම්මං අප්පං වා යදිවා බහුං, සබ්බමෙතං පරික්ඛීණං නත්‍ථිදානි පුනබ්භවො” - යනුවෙනි.

තත්‍ථ යං මයා පකතං කම‍්මන‍්ති යං කම‍්මං තීහි කම‍්මද‍්වාරෙහි, ඡහි උප‍්පත‍්තිද‍්වාරෙහි, අට‍්ඨහි අසංවරද‍්වාරෙහි , අට‍්ඨහි ච සංවරද‍්වාරෙහි පාපාදිවසෙන දානාදිවසෙන චාති අනෙකෙහි පකාරෙහි අනාදිමති සංසාරෙ යං මයා කතං උපචිතං අභිනිබ‍්බත‍්තිතං විපාකකම‍්මං. අප‍්පං වා යදි වා බහුන‍්ති තඤ‍්ච වත්‍ථුචෙතනාපයොගකිලෙසාදීනං දුබ‍්බලභාවෙන අප‍්පං වා, තෙසං බලවභාවෙන අභිණ‍්හපවත‍්තියා ච බහුං වා. සබ‍්බමෙතං පරික‍්ඛීණන‍්ති සබ‍්බමෙව චෙතං කම‍්මං කම‍්මක‍්ඛයකරස‍්ස අග‍්ගමග‍්ගස‍්ස අධිගතත‍්තා පරික‍්ඛයං ගතං, කිලෙසවට‍්ටප‍්පහානෙන හි කම‍්මවට‍්ටං පහීනමෙව හොති විපාකවට‍්ටස‍්ස අනුප‍්පාදනතො. තෙනාහ “නත්‍ථි දානි පුනබ‍්භවො”ති. ආයතිං පුනබ‍්භවාභිනිබ‍්බත‍්ති මය‍්හං නත්‍ථීති අත්‍ථො. “සබ‍්බම‍්පෙත”න‍්තිපි පාඨො, සබ‍්බම‍්පි එතන‍්ති පදවිභාගො.

මෙම ගාථාවේ “යං මයා පකතං කම්මං” යනු මේ ක්‍රියාවක් තුන් දොරින් ද නවයක් වූ උත්පත්ති දොරටුවලින් ද අටක් වූ අසංවරයන්ගෙන් ද අටක් වූ සංවරයන්ගෙන් ද පාපාදී වශයෙන් ද දානාදී වශයෙන් ද නොයෙක් ආකාරවලින් මේ ඉමක් කොණක් නොපෙනෙන දිගු සසරතුළ මවිසින් කළ, රැස්කළ නිපදවාගත් විපාක ධර්‍ම. “අප්පං වා යදි වා බහු” යනු ඒ ධර්‍මයන් හි වස්තුව චේතනාව, ප්‍රයෝගය, කෙලෙස් ආදී වශයෙන් දුර්වල වූ බැවින් අල්ප වූ ද යන මේ “සබ්බමෙතං පරික්ඛීණං” සියලුම කර්ම ක්‍ෂය කළෙමි. අග්‍ර වූ ආර්ය මාර්ගය අවබෝධ කරගත් බැවින් ක්‍ෂය කළ යුතු ධර්‍ම ක්‍ෂය කරන ලද්දෙමි. සසර පැවැත්මට හේතුවන කෙලෙස් ප්‍රහාණය කළවිට කර්‍ම පැවැත්ම ප්‍රහීණ වූයේම වේ. විපාකයන් පැවැත්මක් නො උපදියි. එනිසා “නත්‍ථිදානි පුනබ්භවො” යි නැවත අනාගත පුනර්භවයක්, නැවත ඉපදීමක් මා හට නැතැයි කියන ලදි. “සබ්බ මෙවෙතං” යන පාඨය ද “සබ්බමෙතං” යන්න වෙනුවට යෙදීම සුදුසුය. එහි පද විභාගය “සබ්බමෙව එතං” යනුවේ. “මේ සියලුම කර්‍ම” යන අර්ථයයි.

උග‍්ගත්‍ථෙරගාථාවණ‍්ණනා නිට‍්ඨිතා.

උග්ග ථේරගාථා අර්ථ වර්ණනාව නිමියේය.

අට‍්ඨමවග‍්ගවණ‍්ණනා නිට‍්ඨිතා.

අටවැනි වර්ගයේ අර්ථ වර්ණනාව සමාප්තයි.