යෙදුමෙන් කියවන්න

විජයත්‍ථෙරගාථාවණ‍්ණනා අට‍්ඨකථා

විජයත්‍ථෙරගාථාවණ‍්ණනා

විජය ස්ථවිරගාථා වර්ණනාව

යස‍්සාසවා පරික‍්ඛීණාති ආයස‍්මතො විජයත්‍ථෙරස‍්ස ගාථා. කා උප‍්පත‍්ති? අයම‍්පි පුරිමබුද‍්ධෙසු කතාධිකාරො පියදස‍්සිස‍්ස භගවතො කාලෙ විභවසම‍්පන‍්නෙ කුලෙ නිබ‍්බත‍්තිත්‍වා විඤ‍්ඤුතං පත‍්තො සත්‍ථරි පරිනිබ‍්බුතෙ තස‍්ස ථූපස‍්ස රතනඛචිතං වෙදිකං කාරෙත්‍වා තත්‍ථ උළාරං වෙදිකාමහං කාරෙසි. සො තෙන පුඤ‍්ඤකම‍්මෙන අනෙකසතෙ අත‍්තභාවෙ මණිඔභාසෙන විචරි. එවං දෙවමනුස‍්සෙසු සංසරන‍්තො ඉමස‍්මිං බුද‍්ධුප‍්පාදෙ සාවත්‍ථියං බ්‍රාහ‍්මණකුලෙ නිබ‍්බත‍්ති, විජයොතිස‍්ස නාමං අහොසි. සො වයප‍්පත‍්තො බ්‍රාහ‍්මණවිජ‍්ජාසු නිප‍්ඵත‍්තිං ගතො තාපසපබ‍්බජ‍්ජං පබ‍්බජිත්‍වා අරඤ‍්ඤායතනෙ ඣානලාභී හුත්‍වා විහරන‍්තො බුද‍්ධුප‍්පාදං සුත්‍වා උප‍්පන‍්නප‍්පසාදො සත්‍ථු සන‍්තිකං උපසඞ‍්කමිත්‍වා සත්‍ථාරං වන්‍දිත්‍වා එකමන‍්තං නිසීදි. තස‍්ස සත්‍ථා ධම‍්මං දෙසෙසි. සො ධම‍්මං සුත්‍වා පබ‍්බජිත්‍වා විපස‍්සනං පට‍්ඨපෙත්‍වා නචිරස‍්සෙව අරහත‍්තං පාපුණි. තෙන වුත‍්තං අපදානෙ (අප· ථෙර 1.15.10-14) –

“යස්සාසවා පරික්ඛීණා” යනු ආයුෂ්මත් විජය තෙරුන් වහන්සේගේ ගාථාවයි. එහි උපත කෙසේද? විජය තෙරුන් ද පෙර බුදුවරු හමුවෙහි කළ ප්‍රාර්ථනා ඇත්තෙකි. පියදස්සි භාග්‍යවතුන් වහන්සේ ලොව පහළ වූ සමයෙහි ධනවත් කුලයක උපන් හෙතෙම, වියට පැමිණ; පිරිනිවි බුදුරදුන්ගේ සෑයට මාණික්‍යමය වූ වේදිකාවක් කරවා එය පූජා කිරීමට මහත් උත්සවයක් කළේය. ඒ පින්කම නිසා එහු නොයෙක් සිය ගණන් ආත්මභාවයන්හි මාණික්‍ය ලෝකයෙන් ශෝභාමත් වීය. මෙසේ දෙව් මිනිස් දෙගතියෙහි සැරිසරා අපගේ බුදුරජාණන් වහන්සේ ලොව පහළ වූ කල්හි සැවැත් නුවර බමුණු පවුලක ඉපිද, විජය නාමයෙන් ප්‍රකට විය. වියට පත් ඒ බමුණු කුමරු සියලු වෙදා දී විද්‍යාවන්හි පරතෙර ගියේය. තවුස් පැවිද්දෙන් පැවිදි වූ ඔහු ධ්‍යානලාභීව ආරණ්‍යයෙහි වාසය කොට, බුදුරදුන්ගේ පහලවීම අසා උපන් ප්‍රසාදයෙන් උන්වහන්සේ වෙතට පැමිණ, ශාස්තෲන් වහන්සේට වැඳ එකත් පසෙක සිටියේය. ශාස්තෲන් වහන්සේ ඔහුට දහම් දෙසූ සේක. ඒ ධර්ම දේශනාව අසා පැවිදිව විදසුන් වැඩූ විජය තෙරුන් නොබෝ කලකින්ම රහත් ඵලයෙහි පිහිටියහ. අපදාන පාළියේ මෙසේ උන්වහන්සේගේ චරිතාපදානය දැක්වේ.

“නිබ‍්බුතෙ ලොකනාථම‍්හි, පියදස‍්සීනරුත‍්තමෙ; පසන‍්නචිත‍්තො සුමනො, මුත‍්තාවෙදිමකාසහං.

“ලෝක නායක වූ පියදස්සි බුදුරජාණන් වහන්සේ පිරිනිවි කල්හි, මම පැහැදුණු සිතින් සතුටු වීයෙම් එම සෑයට රත්නමය වේදිකාවක් කළෙමි.

“මණීහි පරිවාරෙත්‍වා, අකාසිං වෙදිමුත‍්තමං; වෙදිකාය මහං කත්‍වා, තත්‍ථ කාලඞ‍්කතො අහං.

මැණික් පිරිවරාගෙන උතුම් වේදිකාවක් සෑදුවෙමි. ඒ වේදිකා පූජෝත්සවය කරවූ මම කලුරිය කළෙමි.

“යං යං යොනුපපජ‍්ජාමි, දෙවත‍්තං අථ මානුසං; මණී ධාරෙන‍්ති ආකාසෙ, පුඤ‍්ඤකම‍්මස‍්සිදං ඵලං.

දිව්‍යමය හෝ මනුෂ්‍යමය යම් යම් අත්බවෙක උපදිම් ද ඒ හේතුවෙන් අහසේ මිණිරුවන් මට පහළ විය. ඒ පින් විපාකය මෙබඳුය.

“සොළසිතො කප‍්පසතෙ, මණිප‍්පභාසනාමකා; ඡත‍්තිංසාසිංසු රාජානො, චක‍්කවත‍්තී මහබ‍්බලා.

මෙයින් එක් දහස් හයසියවන කල්පයේදී මනිප්පභාස නමින් මහබලැති සක්විති රජවරු තිස්හය දෙනෙක්ව උපන්නෙමි.

“කිලෙසා ඣාපිතා මය‍්හං…පෙ… කතං බුද‍්ධස‍්ස සාසන”න‍්ති.

දැන් මම සියලු කෙලෙස් දැවුයෙමි. -පෙ- බුදුරදුන්ගේ අනුශාසනාව ඉටු කළෙමි.”

අරහත‍්තං පන පත්‍වා අඤ‍්ඤං බ්‍යාකරොන‍්තො “යස‍්සාසවා පරික‍්ඛීණා”ති ගාථං අභාසි.

රහත් බවට පත්වූ විජය තෙරණුවෝ, සිය රහත්බව ප්‍රකාශ කරමින් “යස්සාසවා පරික්ඛීණා” යන ගාථාව වදාළ සේක.

තත්‍ථ යස‍්සාසවා පරික‍්ඛීණාති යස‍්ස උත‍්තමපුග‍්ගලස‍්ස කාමාසවාදයො චත‍්තාරො ආසවා සබ‍්බසො ඛීණා අරියමග‍්ගෙන ඛෙපිතා. ආහාරෙ ච අනිස‍්සිතොති යො ච ආහාරෙ තණ‍්හාදිට‍්ඨිනිස‍්සයෙහි අනිස‍්සිතො අගධිතො අනජ‍්ඣාපන‍්නො, නිදස‍්සනමත‍්තං, ආහාරසීසෙනෙත්‍ථ චත‍්තාරොපි පච‍්චයා ගහිතාති දට‍්ඨබ‍්බං. පච‍්චයපරියායො වා ඉධ ආහාර-සද‍්දො වෙදිතබ‍්බො. “සුඤ‍්ඤතො අනිමිත‍්තො චා”ති එත්‍ථ අප‍්පණිහිතවිමොක‍්ඛොපි ගහිතොයෙව, තීණිපි චෙතානි නිබ‍්බානස‍්සෙව නාමානි. නිබ‍්බානඤ‍්හි රාගාදීනං අභාවෙන සුඤ‍්ඤං, තෙහි විමුත‍්තඤ‍්චාති සුඤ‍්ඤතවිමොක‍්ඛො, තථා රාගාදිනිමිත‍්තාභාවෙන සඞ‍්ඛාරනිමිත‍්තාභාවෙන ච අනිමිත‍්තං , තෙහි විමුත‍්තඤ‍්චාති අනිමිත‍්තවිමොක‍්ඛො, රාගාදිපණිධීනං අභාවෙන අප‍්පණිහිතං, තෙහි විමුත‍්තඤ‍්චාති අප‍්පණිහිතො විමොක‍්ඛොති වුච‍්චති. ඵලසමාපත‍්තිවසෙන තං ආරම‍්මණං කත්‍වා විහරන‍්තස‍්ස අයම‍්පි තිවිධො විමොක‍්ඛො යස‍්ස ගොචරො, ආකාසෙව සකුන‍්තානං, පදං තස‍්ස දුරන‍්නයන‍්ති යථා ආකාසෙ ගච‍්ඡන‍්තානං සකුණානං “ඉමස‍්මිං ඨානෙ පාදෙහි අක‍්කමිත්‍වා ගතා, ඉදං ඨානං උරෙන පහරිත්‍වා ගතා, ඉදං සීසෙන, ඉදං පක‍්ඛෙහී”ති න සක‍්කා ඤාතුං, එවමෙව එවරූපස‍්ස භික‍්ඛුනො “නිරයපදාදීසු ඉමිනා නාම පදෙන ගතො”ති ඤාපෙතුඤ‍්ච න සක‍්කාති.

එම ගාථාවේ “යස්සාසවා පරික්ඛීණා” යනු යම් යම් උතුම් පුද්ගලයෙකුගේ කාමාශ්‍රවාදී සිවු ආශ්‍ර ධර්ම සියලුම ආකාරයෙන් ක්‍ෂය වූයේ ද ආර්ය මාර්ගයෙන් ක්‍ෂය කරන ලද්දේ ද, “ආහාරෙච අනිස්සිතො” යමෙක් ආහාරයෙහි තණ්හා, දෘෂ්ටියෙන් වෙලී නොමැති ද එහි ගිජු නොවූයේ ද ආහාරයේ ඇලී - ගැලී නොසිටී ද මෙහිදී ආහාරය ගන්නා ලද්දේ නිදසුන් වශයෙනි. ආහාර යන්නෙන් සිවුපස ම මෙතැනදී අදහස් කරන ලදි. සිවුපසයට සමාන වචනයක් ලෙස “ආහාර” ශබ්දය දත යුතුයි. “සුඤ්ඤතො අනිමිත්තොච” යන මෙහිදී අප්‍රණිහිත (ආශාවන්හි නොපිහිටි) විමෝක්‍ෂයම (නිවණම) ගන්නා ලදි. මෙහි නිවණට නම් තුනක් යෙදී ඇත. නිවණෙහි රාගාදිය නොමැති බැවින් ශූන්‍ය වේ. (සුඤ්ඤං යනු නිවණට නමකි). ඒ ශූන්‍ය විමුක්තිය ඇති බැවින් නිවන “ශූන්‍ය විමෝක්‍ෂයකි” එසේම රාගාදී නිමිති ද සංස්කාරාදී නිමිති ද නොමැති බැවින් නිවණ “අනිමිත්ත” (අනිමිත්තං) නම් වේ. නිමිති රහිත වූ විමුක්ති බැවින් “අනිමිත්ත විමෝක්‍ෂයකි.” එසේම නිවනෙහි රාගාදී ආශාවන්, ප්‍රාර්ථනා නොමැති බැවින් අප්පණිහිත නම් වේ. රාගාදී ආශාවන්හි නොපිහිටි මිදීම යන අරුතින් නිවණ “අප්‍රණිහිත විමෝක්‍ෂයකි”යි කියැවේ. ඵල සමවතට සමවැද, එය අරමුණු කරගෙන වාසය කරන උතුමන්ට මේ ත්‍රිවිධ විමෝක්‍ෂයෝම ගෝචර වෙති. “ආකාසෙව සකුන්තානං පදං තස්ස දුරන්නයං” අහසේ පියඹා යන කුරුල්ලන්ගේ පය මෙතැනදී පැකිලුණේය. මෙතැන හිස වැදුණේය. මෙතැන කුස වැදුණේය. පියාපත් මෙහි පිහිටියේය. ආදි වශයෙන් අහසේ ස්ථාන ලකුණු කළ නොහැක. එබඳු ස්ථාන පෙන්විය නොහැක. ඒ ආකාරයෙන් ම මෙම විමෝක්‍ෂයන්ගෙන් යුතු භික්‍ෂුව “නිරයාදියට මේ ආකාරයෙන් ගියේ යැ” යි දැක්වීමට, පෙන්වීමට නොහැක.

විජයත්‍ථෙරගාථාවණ‍්ණනා නිට‍්ඨිතා.

විජය ථේරගාථා අර්ථ වර්ණනාව නිමියේය.