එරකත්ථෙරගාථාවණ්ණනා අට්ඨකථා
එරකත්ථෙරගාථාවණ්ණනා
එරක ස්ථවිරගාථා වර්ණනාව
දුක්ඛා කාමා එරකාති ආයස්මතො එරකත්ථෙරස්ස ගාථා. කා උප්පත්ති? අයම්පි පුරිමබුද්ධෙසු කතාධිකාරො තත්ථ තත්ථ භවෙ පුඤ්ඤානි උපචිනන්තො සිද්ධත්ථස්ස භගවතො කාලෙ කුලගෙහෙ නිබ්බත්තිත්වා විඤ්ඤුතං පත්තො එකදිවසං සත්ථාරං දිස්වා පසන්නමානසො සත්ථු කිඤ්චි දාතබ්බයුත්තකං අලභන්තො “හන්දාහං කායසාරං පුඤ්ඤං කරිස්සාමී”ති සත්ථු ගමනමග්ගං සොධෙත්වා සමං අකාසි. සත්ථා තෙන තථාකතං මග්ගං පටිපජ්ජි . සො තත්ථ භගවන්තං දිස්වා පසන්නමානසො වන්දිත්වා අඤ්ජලිං පග්ගය්හ පසන්නචිත්තො යාව දස්සනුපචාරසමතික්කමා බුද්ධාරම්මණං පීතිං අවිජහන්තො අට්ඨාසි. සො තෙන පුඤ්ඤකම්මෙන දෙවලොකෙ නිබ්බත්තො අපරාපරං පුඤ්ඤානි කත්වා සුගතීසුයෙව සංසරන්තො ඉමස්මිං බුද්ධුප්පාදෙ සාවත්ථියං සම්භාවනීයස්ස කුටුම්බියස්ස පුත්තො හුත්වා නිබ්බත්ති, එරකොතිස්ස නාමං අහොසි අභිරූපො දස්සනීයො පාසාදිකො ඉතිකත්තබ්බතාසු පරමෙන වෙය්යත්තියෙන සමන්නාගතො. තස්ස මාතාපිතරො කුලෙන රූපෙන ආචාරෙන වයෙන කොසල්ලෙන ච අනුච්ඡවිකං දාරිකං ආනෙත්වා විවාහකම්මං අකංසු . සො තාය සද්ධිං සංවාසෙන ගෙහෙ වසන්තො පච්ඡිමභවිකත්තා කෙනචිදෙව සංවෙගවත්ථුනා සංසාරෙ සංවිග්ගමානසො සත්ථු සන්තිකං ගන්ත්වා ධම්මං සුත්වා පටිලද්ධසද්ධො පබ්බජි, තස්ස සත්ථා කම්මට්ඨානං අදාසි. සො කම්මට්ඨානං ගහෙත්වා කතිපයදිවසාතික්කමෙන උක්කණ්ඨාභිභූතො විහාසි. අථ සත්ථා තස්ස චිත්තප්පවත්තිං ඤත්වා ඔවාදවසෙන “දුක්ඛා කාමා එරකා”ති ගාථං අභාසි. සො තං සුත්වා “අයුත්තං මයා කතං, යොහං එවරූපස්ස සත්ථු සන්තිකෙ කම්මට්ඨානං ගහෙත්වා තං විස්සජ්ජෙන්තො මිච්ඡාවිතක්කබහුලො විහාසි”න්ති සංවෙගජාතො විපස්සනාය යුත්තප්පයුත්තො නචිරස්සෙව අරහත්තං පාපුණි. තෙන වුත්තං අපදානෙ (අප· ථෙර 1.15.32-36) –
“දුක්ඛා කාමා එරකා” යන ගාථාව ආයුෂ්මත් ඒරක තෙරුන් විසින් පැවසූවකි. එහි නිදාන කෙසේද? පෙර බුදුවරු හමුවෙහි කළ ප්‍රාර්ථනා ඇතිව ඒ ඒ භවයන්හිදී පුණ්‍ය සම්භාර ධර්ම සම්පූර්ණ කරගෙන පැමිණි ඒරක තෙරුන් සිද්ධත්ථ භාග්‍යවතුන්ගේ කාලයෙහි සිටුගෙයක ඉපිද වැඩිවියට පත්ව; දිනක් ශාස්තෲන් වහන්සේ දැක, පැහැදුණු සිතින් උන්වහන්සේට පිදීමට කිසිවක් නො ලැබ “මම ඒකාන්තයෙන් ශරීර ශක්තියෙන් පින් කරන්නෙමි”යි උන්වහන්සේ වැඩම කරන මාවත සෝදා සම කළේය. ශාස්තෲන් වහන්සේ ඔහු විසින් සෑදූ ඒ මාවතෙහි වැඩි සේක. එය දුටු සිටු කුමරු පැහැදුණු සිතින් යුක්තව, ඇඳිලි බැඳගෙන සතුටු සිතින් බුදුරදුන්ගේ ශ්‍රී ශරීරය නොපෙනී යන තෙක්ම බුදු ගුණ මෙනෙහි කරමින් - එම ප්‍රීතියෙන්ම සිටියේය. ඒ පින්කම නිසා දෙව්ලොව උපන් හෙතෙම තව තවත් පින් දහම් සිදු කරමින් කාම සුගතීන්හි ම සැරිසරා අවුත් මේ බුද්ධෝත්පාද කාලයෙහි සැවැත් නුවර ඉතා සම්භාවනීය සිටුවරයෙකුගේ පුත්‍රයාව ඒරක නමින් ඉපදුණි. ඒරක සිටුපුතු රූප සම්පන්නය. දර්ශනීයය. දුටුවන් පහදවන සුලුය. කළයුතු නොකළයුතු දේ දැන කිරීමෙහි සමත්ය. උතුම් වූ ව්‍යක්ත භාවයෙන් පිරිපුන්ය. ඔහුගේ දෙමාපියෝ කුලයෙන්, රූපයෙන්, හැසිරීමෙන් හා වයසින් ඔහුට සුදුසු වූ දැරියක් ගෙනවුත් විවාහ කර දුන්හ. ඔහු ඇය සමග සහවාසයෙන් ගිහි සුව විඳින කල්හි පශ්චිමභවික බැවින් කිසියම් සංවේගාත්මක කරුණක් නිසා සසර කළකිරී ශාස්තෲන් වහන්සේ සමීපයට ගොස් ධර්මය අසා ලැබූ ශ්‍රද්ධාවෙන් පැවිදි විය. ශාස්තෲන් වහන්සේ ඔහුට කමටහන් දුන්සේක. කමටහන් ගත් නමුත් ඒරක තෙරුන් දින කිහිපයකට පසුව නැවත කාම වසඟ විය. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ඔහුගේ සිත දැන අවවාද කිරීම් වශයෙන් “දුක්ඛා කාමා ඒරකා” යන ගාථාව වදාළ සේක. එය ඇසූ තෙරුන් වහන්සේ “මවිසින් මෙබඳු උතුම් ශාස්තෲවරයකු හමුවේ කමටහන් ගෙන, එය අත්හැර දමා මිථ්‍යා විතර්කයන්ගෙන් යුතුව විසීමෙන් ඉතා නුසුදුසු වූවක් කරන ලදි” යනුවෙන් සංවේගයට පත්ව, වහාම විදසුන් භාවනාවෙහි සිත පිහිටුවා නොබෝ දිනකින් රහත් බවට පත්වූහ. උන්වහන්සේ සිය චරිතාපදානය මෙසේ දැක්වූහ.
“උත්තරිත්වාන නදිකං, වනං ගච්ඡති චක්ඛුමා; තමද්දසාසිං සම්බුද්ධං, සිද්ධත්ථං වරලක්ඛණං.
“පසැස් ඇති බුදුරජාණන් වහන්සේ කුඩා ගඟකින් එතෙර වී වනයට වැඩම කරන සේක. මම ඒ උතුම් ලකුණු ඇති සිද්ධාර්ථ බුදුරදුන් දුටුවෙමි.
“කුදාලපිටකමාදාය , සමං කත්වාන තං පථං; සත්ථාරං අභිවාදෙත්වා, සකං චිත්තං පසාදයිං.
උදැල්ල හා කුඩය ද ගෙන ඒ මාර්ගය සමකළ මම ශාස්තෲන් වහන්සේට වැඳ තම සිත පහදවා ගතිමි.
“චතුන්නවුතිතො කප්පෙ, යං කම්මමකරිං තදා; දුග්ගතිං නාභිජානාමි, මග්ගදානස්සිදං ඵලං.
මෙයින් කල්ප අනූ හතරකට පෙර යම් කර්මයක් සිදු කළෙම් ද එහි විපාක වශයෙන් මේ දක්වා දුගතියක නූපන්නෙමි. මාර්ග දානයේ විපාකය මෙබඳුය.
“සත්තපඤ්ඤාසකප්පම්හි, එකො ආසිං ජනාධිපො; නාමෙන සුප්පබුද්ධොති, නායකො සො නරිස්සරො.
මෙයින් කල්ප පනස් හතකට පෙර සුප්පබුද්ධ නාමයෙන් සක්විති රජව සැප වින්දෙමි.
“කිලෙසා ඣාපිතා මය්හං…පෙ… කතං බුද්ධස්ස සාසන”න්ති.
දැන් මම සියලු කෙලෙස් දැවුයෙමි. -පෙ- බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව ඉටු කළෙමි.”
අරහා පන හුත්වා අඤ්ඤං බ්යාකරොන්තො –
රහත් බවට පත්ව, ඒ බව ප්‍රකට කරමින් භාග්‍යවතුන් වහන්සේ වදාළ ගාථාවම උන්වහන්සේ නැවත මෙසේ දේශනා කළහ.
“දුක්ඛා කාමා එරක, න සුඛා කාමා එරක; යො කාමෙ කාමයති, දුක්ඛං සො කාමයති එරක; යො කාමෙ න කාමයති, දුක්ඛං සො න කාමයති එරකා”ති. –
“දුක්ඛා කාමා එරක!, න සුඛා කාමා එරක! යො කාමෙ කාමයති, දුක්ඛං සො කාමයති එරක!, යො කාමෙ න කාමයති එරක!, දුක්ඛං සො න කාමයති එරකා
තමෙව භගවතා වුත්තගාථං පච්චුදාහාසි.
තත්ථ දුක්ඛා කාමාති ඉමෙ වත්ථුකාමකිලෙසකාමා දුක්ඛවත්ථුතාය විපරිණාමදුක්ඛසංසාරදුක්ඛසභාවතො ච, දුක්ඛා දුක්ඛමා දුක්ඛනිබ්බත්තිකා. වුත්තඤ්හෙතං – “අප්පස්සාදා කාමා බහුදුක්ඛා බහුපායාසා, ආදීනවො එත්ථ භිය්යො”තිආදි (පාචි· 417; ම· නි· 1.234). එරකාති පඨමං තාව භගවා තං ආලපති, පච්ඡා පන ථෙරො අත්තානං නාමෙන කථෙසි. න සුඛා කාමාති කාමා නාමෙතෙ ජානන්තස්ස සුඛා න හොන්ති, අජානන්තස්ස පන සුඛතො උපට්ඨහන්ති. යථාහ – “යො සුඛං දුක්ඛතො අද්ද, දුක්ඛමද්දක්ඛි සල්ලතො”තිආදි (සං· නි· 4.253; ඉතිවු· 53; ථෙරගා· 986). යො කාමෙ කාමයති, දුක්ඛං සො කාමයතීති යො සත්තො කිලෙසකාමෙන වත්ථුකාමෙ කාමයති, තස්ස තං කාමනං සම්පති සපරිළාහතාය , ආයතිං අපායදුක්ඛහෙතුතාය ච වට්ටදුක්ඛහෙතුතාය ච දුක්ඛං. වත්ථුකාමා පන දුක්ඛස්ස වත්ථුභූතා. ඉති සො දුක්ඛසභාවං දුක්ඛනිමිත්තං දුක්ඛවත්ථුඤ්ච කාමයතීති වුත්තො. ඉතරං පටිපක්ඛවසෙන තමෙවත්ථං ඤාපෙතුං වුත්තං, තස්මා තස්සත්ථො වුත්තවිපරියායෙන වෙදිතබ්බො.
මේ ගාථාවෙහි “දුක්ඛා කාමා” යනු මේ වස්තු කාම, ක්ලේශ කාමාදිය දුක වස්තු කරගෙන ඇති බැවින්; විපරිණාම දුක; සංස්කාර දුක යන දුක් ස්වභාවයන්ගෙන් යුත් බැවින් දුකකි. කාමයෝ දුක් සහගතය. දුක නිපදවන සුලුය. එනිසා “කාමයන්ගේ අල්ප ආශ්වාද ඇත. බොහෝ දුක් ඇත. බොහෝ උවදුරු ඇත. කාමයේ ආදීනව බොහෝය” යනුවෙන් කියන ලදි. “එරක!” යනුවෙන් පළමුව තථාගතයන් වහන්සේ එම භික්ෂුවට අමතයි. පසුව තෙරුන් වහන්සේ ම තම නමින් තමා අමතයි. “න සුඛා කාමා” කාමයෝ නම් එය දන්නාහට සුවයක් නොවෙති. නොදන්නාහටම සුව ගෙන දෙති. එනිසා “යමෙක් සුවය දුක් වශයෙන් දකියි ද ඔහු දුක හුලක් වශයෙන් දකියි” ආදී වශයෙන් කියන ලදි. “යො කාමෙ කාමයති දුක්ඛං සො කාමයති” යම් සත්ත්වයෙක් කෙලෙස් කාමයන් හා වස්තු කාමයන් කැමති වේද, ඔහුට ඒ කාමුක සම්පත් නොලැබී යෑමෙන් අනාගතයේ අපා දුකට හේතු වශයෙන් ද සසර පැවතුම් දුකට හේතු වශයෙන් ද දුකම ගෙන දෙයි. වස්තු කාමයෝ දුකට වස්තු වූ බැවින් මෙසේ ඔහු දුක් ස්වබාව ඇති, දුක් නිමිති ඇති, දුක වස්තු කර ගත් දුකම කැමතිවේ යැයි කියන ලදි. එනිසා මෙහි අර්ථ කියන ලද ආකාරයෙන්ම දත යුතුයි. යමෙක් කාමයන් නොකැමතිවේද හෙතෙම දුක් නොකැමති වේ.
එරකත්ථෙරගාථාවණ්ණනා නිට්ඨිතා.
ඒරක ථේරගාථා අර්ථ වර්ණනාව නිමියේය.