යෙදුමෙන් කියවන්න

මෙත‍්තජිත්‍ථෙරගාථාවණ‍්ණනා අට‍්ඨකථා

මෙත‍්තජිත්‍ථෙරගාථාවණ‍්ණනා

මෙත්තජි ස්ථවිරගාථා වර්ණනාව

නමො හි තස‍්ස භගවතොති ආයස‍්මතො මෙත‍්තජිත්‍ථෙරස‍්ස ගාථා. කා උප‍්පත‍්ති? සො කිර අනොමදස‍්සිස‍්ස භගවතො කාලෙ කුලගෙහෙ නිබ‍්බත‍්තිත්‍වා විඤ‍්ඤුතං පත‍්තො සාසනෙ අභිප‍්පසන‍්නො හුත්‍වා බොධිරුක‍්ඛස‍්ස ඉට‍්ඨකාහි වෙදිකං චිනිත්‍වා සුධාපරිකම‍්මං කාරෙසි. සත්‍ථා තස‍්ස අනුමොදනං අකාසි. සො තෙන පුඤ‍්ඤකම‍්මෙන දෙවලොකෙ නිබ‍්බත‍්තිත්‍වා අපරාපරං පුඤ‍්ඤානි කත්‍වා දෙවමනුස‍්සෙසු සංසරන‍්තො ඉමස‍්මිං බුද‍්ධුප‍්පාදෙ මගධරට‍්ඨෙ අඤ‍්ඤතරස‍්ස බ්‍රාහ‍්මණස‍්ස පුත‍්තො හුත්‍වා නිබ‍්බත‍්ති, මෙත‍්තජීතිස‍්ස නාමං අහොසි. සො වයප‍්පත‍්තො කාමෙසු ආදීනවං දිස‍්වා තාපසපබ‍්බජ‍්ජං පබ‍්බජිත්‍වා අරඤ‍්ඤෙ විහරන‍්තො බුද‍්ධුප‍්පාදං සුත්‍වා පුබ‍්බහෙතුනා චොදියමානො සත්‍ථු සන‍්තිකං ගන‍්ත්‍වා පවත‍්තිනිවත‍්තියො ආරබ‍්භ පඤ‍්හං පුච‍්ඡිත්‍වා සත්‍ථාරා පඤ‍්හෙ විස‍්සජ‍්ජිතෙ පටිලද‍්ධසද‍්ධො පබ‍්බජිත්‍වා විපස‍්සනං පට‍්ඨපෙත්‍වා අරහත‍්තං පාපුණි. තෙන වුත‍්තං අපදානෙ (අප· ථෙර 1.15.26-31) –

“නමො හි තස්ස භගවතො” යනු ආයුෂ්මත් මෙත්තජි තෙරුන් වහන්සේගේ ගාථාවයි. එහි නිදානය කෙසේද? හෙතෙම අනෝමදස්සි බුදුන් දවස සිටු කුමරෙක්ව ඉපිද, වැඩිවියට පත්ව, බුදු සසුනේ වෙසෙසින් පැහැදී බෝධි වෘක්‍ෂයට ගඩොලින් වේදිකාවක් කරවා සුදු පාටින් සායම් කළේය. ශාස්තෲන් වහන්සේ ඔහුට පුණ්‍යානුමෝදනා කළ සේක. ඒ පින්කම හේතුවෙන් දෙව්ලොව උපන් හෙතෙම ඒ ඒ භවයන්හිදී තව තවත් පින් දහම් සිදුකර දෙව් මිනිස් දෙගතියේ සැරිසරා, මේ බුද්ධෝත්පාද කාලයේ මගධ රට එක්තරා බමුණකුගේ පුතුව ඉපදී මෙත්තජි නාමයෙන් ප්‍රකට විය. වියට පත් ඔහු කාමයේ ආදීනව දැක තවුස් පැවිද්දෙන් පැවිදිව ආරණ්‍යයෙහි වාසය කරනුයේ බුදුරදුන්ගේ පහළවීම අසා, පූර්ව පුරුදුතාවයෙන් මෙහෙයවනු ලබන්නේ ශාස්තෲන් වහන්සේගේ සමීපයට අවුත් පැවැත්ම අරබයා ප්‍රශ්න විමසා, ශාස්තෲන් වහන්සේ එම ප්‍රශ්න විසඳූ කල්හි ලබන ලද ශ්‍රද්ධාවෙන් පැවිදිව, විදසුන් වඩා රහත් ඵලයෙහි පිහිටියේය. උන්වහන්සේ සිය චරිතාපදානය අපදාන පාළියේ මෙසේ දක්වා ඇත.

“අනොමදස‍්සීමුනිනො, බොධිවෙදිමකාසහං; සුධාය පිණ‍්ඩං දත්‍වාන, පාණිකම‍්මං අකාසහං.

“මම අනොමදස්සි බුදුරජාණන් වහන්සේගේ බෝධිය වටා වේදිකාවක් කරවීමි. එය වටා සුණු වලින් පරිකර්ම කොට අලංකාර කළෙමි.

“දිස‍්වා තං සුකතං කම‍්මං, අනොමදස‍්සී නරුත‍්තමො; භික‍්ඛුසඞ‍්ඝෙ ඨිතො සත්‍ථා, ඉමා ගාථා අභාසථ.

ශාස්තෲ වූ අනෝමදස්සි නර ශ්‍රේෂ්ඨයන් වහන්සේ මැනවින් කළ එම පින්කම දැක භික්‍ෂු සංඝයා මැද වැඩහිඳ මේ ගාථාව වදාළහ.

“ඉමිනා සුධකම‍්මෙන, චෙතනාපණිධීහි ච; සම‍්පත‍්තිං අනුභොත්‍වාන, දුක‍්ඛස‍්සන‍්තං කරිස‍්සති.

“මේ යහපත් පින්කම නිසාත් පිරිසිදු චිත්ත ප්‍රණිධිය නිසාත් සම්පත් අනුභව කොට දුක් කෙළවර කරන්නේ ය.”

“පසන‍්නමුඛවණ‍්ණොම‍්හි, එකග‍්ගො සුසමාහිතො; ධාරෙමි අන‍්තිමං දෙහං, සම‍්මාසම‍්බුද‍්ධසාසනෙ.

මම ප්‍රසන්න වූ මුව ඇත්තෙමි. එකඟ වූයෙමි. සන්සුන් සිත් ඇත්තෙමි. බුදුසසුනෙහි අවසන් දේහය දරමි.

“ඉතො කප‍්පසතෙ ආසිං, පරිපුණ‍්ණෙ අනූනකෙ; රාජා සබ‍්බඝනො නාම, චක‍්කවත‍්තී මහබ‍්බලො.

මෙයින් නොඅඩු වූ කල්ප සීයකට පෙර සබ්බෝසන නම් සක්විති රජව සැප වින්දෙමි.

“කිලෙසා ඣාපිතා මය‍්හං…පෙ… කතං බුද‍්ධස‍්ස සාසන”න‍්ති.

මවිසින් කෙලෙස් දවන ලදි. -පෙ- බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව ඉටු කළෙමි.”

අරහත‍්තං පන පත්‍වා සත්‍ථාරං ථොමෙන‍්තො –

රහත් බවට පත් වූ උන්වහන්සේ ශාස්තෲන් වහන්සේට ස්තුති කරමින් මේ ගාථාව වදාළ සේක.

“නමො හි තස‍්ස භගවතො, සක්‍යපුත‍්තස‍්ස සිරීමතො; තෙනායං අග‍්ගප‍්පත‍්තෙන, අග‍්ගධම‍්මො සුදෙසිතො”ති. – ගාථං අභාසි;

“නමො හි තස්ස භගවතො, සක්‍ය පුත්තස්ස සිරීමතො, තෙනායං අග්ගප්පත්තෙන, අග්ගො ධම්මො සුදෙසිතො”

තත්‍ථ නමොති නමක‍්කාරො. හීති නිපාතමත‍්තං. තස‍්සාති යො සො භගවා සමත‍්තිංසපාරමියො පූරෙත්‍වා සබ‍්බකිලෙසෙ භඤ‍්ජිත්‍වා අනුත‍්තරං සම‍්මාසම‍්බොධිං අභිසම‍්බුද‍්ධො, සක්‍යරාජස‍්ස පුත‍්තොති සක්‍යපුත‍්තො. අනඤ‍්ඤසාධාරණාය පුඤ‍්ඤසම‍්පත‍්තියා ච සම‍්භාවිතො උත‍්තමාය රූපකායසිරියා ධම‍්මකායසිරියා ච සමන‍්නාගතත‍්තා සිරීමා, තස‍්ස භගවතො සක්‍යපුත‍්තස‍්ස සිරීමතො නමො අත්‍ථු, තං නමාමීති අත්‍ථො. තෙනාති තෙන භගවතා. අයන‍්ති තස‍්ස ධම‍්මස‍්ස අත‍්තනො පච‍්චක‍්ඛතාය වදති. අග‍්ගප‍්පත‍්තෙනාති අග‍්ගං සබ‍්බඤ‍්ඤුතං, සබ‍්බෙහි වා ගුණෙහි අග‍්ගභාවං සෙට‍්ඨභාවං පත‍්තෙන. අග‍්ගධම‍්මොති අග‍්ගො උත‍්තමො නවවිධලොකුත‍්තරො ධම‍්මො සුට‍්ඨු අවිපරීතං දෙසිතො පවෙදිතොති.

මේ ගාථාවෙහි “නමො” යනු නමස්කාරයයි. “හී” යනු නිපාතයක් පමණි. “තස්ස” යනු යම් ඒ භාග්‍යවතුන් වහන්සේ කෙනෙක් සමතිංස පාරමී ධර්ම සම්පූර්ණ කර, සියලු කෙලෙස් බිඳ අනුත්තර වූ සම්‍යක් සම්බෝධියට පැමිණිසේක් ද අවබෝධ කළසේක් ද උන්වහන්සේට “සක්‍ය රාජස්ස පුත්තො” ශාක්‍ය රජුගේ පුතා “සක්‍ය පුත්ත” නම් වේ. වෙනත් අයෙකුට සමාන නොවූ පුණ්‍ය සම්පත්තියෙන් සම්භාවිත වූ උතුම් රූප සම්පත්තියෙන් ද ධර්මකාය සම්පත්තියෙන් ද යුතු වූ බැවින් “සිරිමා” ශ්‍රීමත් වූ ඒ භාග්‍යවත් අරහත් ශාක්‍ය පුත්‍ර වූ සිරිමතුන් වහන්සේට නමස්කාර වේවා! උන්වහන්සේට මම වඳිමි යන අර්ථයයි. “තෙන” ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් “අයං” ඒ ධර්මය තමා විසින් ප්‍රත්‍යක්‍ෂ කරගත් බැවින් මෙසේ පවසයි. “අග්ගප්ප ත්තෙන” අග්‍ර වූ සර්වඥභාවයට, සියලුම ගුණයන්හි අග්‍ර භාවයට - ශ්‍රේෂ්ඨභාවයට පත් වූ “අග්ගො ධම්මො” යනු අග්‍ර, උතුම් නවවිධ ලෝකෝත්තර ධර්මය මනාව, නොවෙනස් ව දෙසන ලදහ. වදාරන ලදහ.

මෙත‍්තජිත්‍ථෙරගාථාවණ‍්ණනා නිට‍්ඨිතා.

මෙත්තජි ථේරගාථා අර්ථ වර්ණනාව නිමියේය.